රිචඩ් පීරිස් සභාපති සේන යක්දෙහිගේට ලිංගික අතවර චෝදනා

රිචඩ් පීරිස් සභාපති සේන යක්දෙහිගේට ලිංගික අතවර චෝදනා
Spread the love

රිචඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ කාන්තා ව්‍යාපාරික විශ්ලේෂකවරියකට ලිංගික අතවර කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එහි සභාපති සේන යද්දෙහිගේට එරෙහිව කොල්ලුපිටිය පොලිසිය විදෙස් ගමන් තහනමක් ලබාගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

පොලිස් ආරංචි මාර්ග පැවසුවේ, කොළඹ ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි වින්දිත කාන්තාව විසින් පසුගිය මැයි මස 7 වනදා කොල්ලුපිටියේ තරු පන්තියේ හෝටලයකදී සභාපතිවරයා විසින් තමන්ට ලිංගික අතවර කළ බවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවයි.

පැමිණිලිකාරිය කියා සිටියේ සභාපතිවරයා විදේශගතව සිටියදී අවම වශයෙන් මාසයක කාලයක් ව්‍යාපාර විශ්ලේෂකවරියක් ලෙස තමා අන්තර්ජාලය හරහා සේවය කළ බවයි. මැයි 6 වැනිදා සමාගම තමාව සම්බන්ධ කර ගත් අතර, සභාපතිවරයා නැවත ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත්, මැයි 7 වැනිදා තමා හමුවීමට අවශ්‍ය බව සභාපතිවරා දැනුම් දුන් බව ඇය පැවසුවාය.

නියමිත ස්ථානයේදී ඔහුව හමුවීමේදී සභාපතිවරයා තමාට ලිංගික අතවර කළ බවට කාන්තාව චෝදනා කළාය. පසුව ඇය සිද්ධිය කොල්ලුපිටිය පොලිසියට වාර්තා කළ අතර පසුව ඇය කොටුව මහේස්ත්‍රාත්වරයාට දන්වා ඇත.

සිද්ධිය වූ දිනයේම සභාපතිවරයා රටින් පිටව ගිය බවද ආරංචි මාර්ග සඳහන් කළේය.