SLFPයට උප සභාපතිවරු 11ක් : ප්‍රතිසංවිධානය අරඹමින් ඊයේ සිදුවු තනතුරු වෙනස මෙන්න…

SLFPයට උප සභාපතිවරු 11ක් : ප්‍රතිසංවිධානය අරඹමින් ඊයේ සිදුවු තනතුරු වෙනස මෙන්න…
Spread the love

(03) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී තනතුරු කිහිපයක වෙනස් කම් සිදුව තිබේ. 

මෙම තනතුරු පත් කර ඇත්තේ තාවකාලික පත්වීම් ලෙසය.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තාවකාලික මහලේකම්වරයා වශයෙන් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පත් කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තාවකාලික ජාතික සංවිධායකවරයා වශයෙන් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පත් කර තිබෙන අතර ශ්‍රීලනිප තාවකාලික භාණ්ඩාගාරික වශයෙන් එස්. බී. දිසානායක මහතා පත් කර ඇත. 

එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපදේශක මණ්ඩලයට හිටපු ජනපතිවරුන් හා හිටපු අගමැතිවරුන් පත්කර ගැනීමට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.

ඒ අනුව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හා හිටපු ජනපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියත්, හිටපු අග්‍රාමාත්‍ය දී.මූ. ජයරත්න මහතාත් නිදහස් පක්ෂයේ උපදේශක මණ්ඩලයට පත්කරගෙන ඇත.

පක්ෂයේ සභාපති ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා තවදුරටත් කටයුතු කරනු ඇත.

මේ අතර පක්ෂයේ උප සභාපතිවරු ලෙස ඒ. එච්.එම්. ෆවුසි, සරත් අමුණුගම, මහින්ද අමරවීර, දයාසිරි ජයසේකර, රෙජිනෝල්ඩ් කුරේ, පියසේන ගමගේ, විජිත් විජයමුණිද ද සොයිසා, මහින්ද සමරසිංහ, ඩිලාන් පෙරේරා, දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල්ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් යන අයත් නව උපලේකම්වරු ලෙස රංජිත් සියඹලාපිටිය, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය, ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක, නියෝජ්‍ය අමාත්‍ය ලසිත් අලගියවන්න, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, සුමේධා ජී ජයසේන යන අයත් පත් කර තිබේ.

තාවකාලික නව නිලධාරී මණ්ඩලයක් පත් කරගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී රැස් වුණි.

පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු ආරම්භ කරමින් තාවකාලික නිලධාරී මණ්ඩලයක් පත් කර ගැනිමට පසුගිය 17 වනදා රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබිණි.