T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ගැන මතභේද

T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ගැන මතභේද
Spread the love

මෙම වසරේ ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී පැවැත්වීමට නියමිත විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ කාලසටහන කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ඉතා ඉහළ අවදානමකට ලක්ව ඇතැයි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන ප්‍රධානී කෙවින් රොබට්ස් Kevin Roberts මහතා පසුගිය සිකුරාදා වීඩියෝ දුරකථන සංවාදයකදී පැවසුවා.

අන්තර්ජාතික ක්‍රිකට් සභාව පසුගිය බ්‍රහස්පතින්දා කළ ප්‍රකාශයකට පිළිතුරු වශයෙනුයි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන ප්‍රධානියා මේ බව පවසා සිටියේ.

විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ඔක්තෝබර් 18 සිට නොවැම්බර් 15 දක්වා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කරන බව ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුව පසුගිය සිකුරාදා ප්‍රකාශ කළ අතර ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සදහා ලබන ජුනි 10 වනදා අන්තර්ජාතික ක්‍රිකට් සමුළුව යළි රැස්වීමට නියමිතව තිබෙනවා.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන ප්‍රධානී කෙවින් රොබට්ස් මහතා මෙසේ ප්‍රකාශ කළා.

“එය ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී පැවැත්විය හැකි යැයි අපි බලාපොරොත්තුවෙන් සිටියා. නමුත් එය සිදුවීමේ අපේක්ෂාව පිළිබඳව ඉතා ඉහළ අවදානමක් ඇති බව ඔබට පැවසිය යුතුයි. මෙම වසරේදී එය පැවැත්වෙන්නේ නැතිනම්, ඊළඟ වසරේ (2021) පෙබරවාරි-මාර්තු හෝ ඔක්තෝබර්-නොවැම්බර් යන කාලය තුළ පැවැත්වීමේ අවස්ථාව තිබෙනවා. වසර කිහිපයක් පුරා අන්තර්ජාතික තරගාවලි ඕස්ටේ්‍රලියාවේදී පැවැත්වීම සම්බන්ධයෙන් අනුමැතිය හිමිවී තියෙනවා. එබැවින් අන්තර්ජාතික ක්‍රිකට් සභාව සමඟ ගනුදෙනු කිරීම සම්බන්ධයෙන් සංකීර්ණතා රාශියක් තියෙනවා” යයිද කෙවින් රොබට්සන් මහතා වැඩි දුරටත් පැවසුවා.