Tag: featured

  • මුදල් ඇමති බැසිල් රාජපක්ෂට අයත් රාජ්‍ය ආයතන ගැසට් කරයි – සම්පූර්ණ පුවත මෙන්න !

    මුදල් ඇමති බැසිල් රාජපක්ෂට අයත් රාජ්‍ය ආයතන ගැසට් කරයි – සම්පූර්ණ පුවත මෙන්න !

    මුදල් අමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දුන් බැසිල් රාජපක්ෂ මහතාට අයත් රාජ්‍ය ආයතන ගැසට් කිරීමට ජනපතිවරයා (07 දා) පියවර ගෙන තිබෙනවා. ඊයේ (07) නිකුත් කළ අංක 2235/45 දරන අති විශේෂ ගැසට් පත්‍රය යටතේ මුදල් අමාත්‍යාංශයට අයත්වන විෂයපථය සහ රාජ්‍ය ආයතන ගැසට් කර තිබෙනවා.

    බැසිල් රාජපක්ෂ මහතාට අයත් මුදල් අමාත්‍යාංශයේ නව විෂයපථය වන්නේ, ‘සාර්ව ආර්ථික ප්‍රතිපත්ති, වාර්ෂික අයවැය හා විසර්ජන පනත් සම්බන්ධ වගකීම්, රාජ්‍ය මුල්‍ය කළමනාකරණය, දේශීය හා විදේශීය ඉතුරු කිරීම් හා ආයෝජන, රාජ්‍ය ණය බැංකු, මුල්‍ය හා රක්ෂණ කටයුතු ජාත්‍යන්තර මුල්‍ය සහයෝගීතා, සමාජ ආරක්ෂණ සහ ආර්ථික සංවර්ධන කටයුතු මෙහෙයවීමය‘‘

    එම අමාත්‍යාංශයට අයත් වන දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා ආයතන සම්බන්ධ සම්පූර්ණ ගැසට් නිවේදනය පහත පළ වෙනවා.

    NEW-GASET

    භාණ්ඩාගාර කටයුතු

    *මහා භාණ්ඩාගාරය
    *රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව
    *ජාතික අයවැය දෙපාර්තමේන්තුව
    *කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව
    *විදේශ සම්පත් දෙපාර්තමේන්තුව
    *රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව
    *භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව
    *රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව
    *වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව
    *තොරතුරු තාක්ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුව
    *නීති කටයුතු දෙපාර්තමේන්තුව
    *කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුව
    *සංවර්ධන මුල්‍ය දෙපාර්තමේන්තුව

    02. රාජ්‍ය ආදායම් කළමනාකරණ කටයුතු‍

    *දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
    *ශ්‍රී ලංකා රේගුව
    *සුරාබදු දෙපාර්තමේන්තුව
    *ජාතික ලොතරැයි මණ්ඩලය
    *ජාතික ලොතරැයි මණ්ඩලය 
    *සංවර්ධන ලොතරැයි මණ්ඩලය
    *ආනයනය හා අපනයන පාලන දෙපාර්තමේන්තුව

    03. බැංකු මුල්‍ය හා ප්‍රාග්ධන වෙළෙඳපොළ ප්‍රතිපත්ති හා නියාමන කටයුතු

    *ශ්‍රී ලංකා මහබැංකුව
    *සියලුම රාජ්‍ය බැංකු, මුල්‍ය, රක්ෂණ හා ඒවායේ පාලිත සමාගම් රක්ෂිත මණ්ඩලය
    *ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය
    *ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හා එහි පාලිත සමාගම් සහ අනුබද්ධ සමාගම්
    *ණය තොරතුරු කාර්යාංශය
    *සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව
    *ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසම
    *ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව

    04.අරමුදල් ප්‍රතිපාදන

    *ලෝහෝර් ආර්යා අරමුදල
    *වර්ජන, කෝලහාල, සිවිල් කලබල හා ත්‍රස්තාවදය පිළිබඳ අරමුදල
    *ජාතික රක්ෂණ භාර අරමුදල
    *සේවා නියුක්තිකයින්ගේ භාරකාර අරමුදල
    *ශ්‍රම වාසනා අරමුදල
    *ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදල
    *වකුගඩු අරමුදල
    *තේ ශක්ති අරමුදල
    *කප්රුක අරමුදල
    *රාජ්‍ය සේවා විශ්‍රාමිකයින්ගේ භාර අරමුදල
    *බුද්ධ ශාසන අරමුදල
    *බෞද්ධ පුනරුද අරමුදල
    *සීමාසහිත නිපුණතා සංවර්ධන අරමුදල
    *දේශීය ණය සහ සංවර්ධන අරමුදල
    *නිමැයුම්කරුවන්ගේ අරමුදල
    *තුරුසවිය අරමුදල
    *මධ්‍යම සංස්කෘතික අරමුදල

    05.ඈවර කිරීමට හෝ වෙනත් ආයතන සමඟ ඒකාබද්ධ කිරීමට නියමිත ආයතන

    *විදුලි සංදේශ දෙපාර්තමේන්තුව
    *වනජීවි භාරය
    *ශ්‍රී ලංකා ජනමාධ්‍ය අභ්‍යාස ආයතනය
    *අභ්‍යන්තර වෙළෙඳ දෙපාර්තමේන්තුව
    *මාංශ භෝග හා ධාන්‍ය පර්යේෂණ සහ නිෂ්පාදන අධිකාරිය
    *සීමාසහිත ජනතා ෆර්ටිලයිසර් එන්ටර්ප්‍රයිසස් 
    *දරුවන් සුරකිමු ජාතික භාර අරමුදල

  • බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

    බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

    ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය අග්‍රාමාත්‍යවරයා යටතට

    බැසිල් රාජපක්ෂ මහතා අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ නව මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.

    අමාත්‍යාංශ විෂය පථ සංශෝධනයත් සමග අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබීය.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පත් කළ මන්ත්‍රී, ජයන්ත කැටගොඩ මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, බැසිල් රාජපක්ෂ මහතාගේ නම පක්ෂයේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා විසින් මැතිවරණ කොමිසමට ලිඛිතව දැනුම් දෙනු ලැබිණ.

    ඒ අනුව මැතිවරණ කොමිසම ඊයේ (07), බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තෝරා පත්කරගත් බව ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කළේය.

    2007 වසරේ ජාතික ලැයිස්තුවෙන් පත් කළ මන්ත්‍රීවරයෙකු ලෙස බැසිල් රාජපක්ෂ මහතා පළමු වරට පාර්ලිමේන්තුවට පිවිසියේය. අනතුරුව 2010 වසරේ පැවති මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග වැද පාර්ලිමේන්තුවට පිවිසි බැසිල් රාජපක්ෂ මහතා ආර්ථික සංවර්ධන අමාත්‍ය ධුරය හෙබවීය. කොවිඩ් වසංගතය හමුවේ රජය ගෙන යන ක්‍රියාකාරකම් රැසකට මූලිකත්වය දුන් බැසිල් රාජපක්ෂ මහතා කොවිඩ් මර්දන කමිටුවේ සාමාජිකයෙකු ලෙස විශාල මෙහෙවරක් ඉටු කළේය.  “ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ” සහ “දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත ශ්‍රී ලංකාවක් ඇති කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ” ප්‍රධානී ලෙස ද  බැසිල් මහතා කටයුතු කරයි.

    අමාත්‍ය නාමල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, පුෂ්පා රාජපක්ෂ  යන මහත්ම මහත්මීහූ මේ අවස්ථාවට එක්ව සිටියහ.

  • කොරෝනා පාවිච්චි කරමින් තමන්ගේ බැරිකම් වහගන්න ඉඩ දෙන්න බැහැ – ටිල්වින් සිල්වා

    කොරෝනා පාවිච්චි කරමින් තමන්ගේ බැරිකම් වහගන්න ඉඩ දෙන්න බැහැ – ටිල්වින් සිල්වා

    අපි ආණ්ඩුවට යෝජනා කරනවා නිසි වැඩපිළිවෙළක් හදලා කොරෝනා මර්දනය කරන්න ක්‍රියා කරන්න කියලා. මාස දෙක තුනක් ඇතුළත මර්දනය කිරීමේ සැලැස්මක් සකස් කරන්න කියලා. එහෙම නොකර කොරෝනා මර්දනයක් නොකර සාමාන්‍ය ජීවිතයට යන්නත් ඉඩ නොදී දෙකම තියාගෙන යන්න එපා කියලා අවධාරණය කරනවා. කොරෝනා මර්දන සැලැස්මකට අපි ඔක්කකොම එකතු වෙලා කැපකිරීම් කරලා මේක ඉවර කරමු. එහෙම නැතිව කොරෝනා පාවිච්චි කරමින් තමන්ගේ බැරිකම් වහගන්න ඉඩ දෙන්න බැහැ. මේ දේවල් කරලා සටන් නවත්වන්න බැහැ කියලා අපි ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයාට කියනවා” යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අවධාරණය කරයි.

    ඔහු මේ බව සඳහන් කර සිටියේ අද (07) පස්වරුවේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිණි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා…

    “වර්තමාන ආණ්ඩුව නිරෝධායන නීතිය කොරෝනා මර්දනය කිරීමට පාවිච්චි කරනව වෙනුවට අපේ රටේ ජනතාවගේ අරගල මර්දනය කරන්න පටන් ගෙන තිබෙනවා. පොලිස් මූලස්ථානය ඊයේ (06) නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍යමය අවදානමක් තිබෙන නිසා උද්ඝෝෂණ, රැස්වීම්, තහනම් කරන බව සඳහන් කළා. හදිසියේ ඊයේ මේ වගේ මතක් වුණේ ඇයි? කොරෝනා මර්දනයට අදාල නිරෝදායන නීති ගණනාවක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ආණ්ඩුවේ සංඛ්‍යා ලේඛණ ගත්තාම කොරෝනා ආසාධිතයන් මේ ආසන්න කාලයේ ලොකු වෙනසක් සිදුවී නැහැ. එහෙනම් මේ නිවේදනයේ යටි අරමුණ සෞඛ්‍ය අවදානමක් ඇති බව කියමින් ජනතා විරෝධතා නතර කිරීම බව පැහැදිලියි. සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් පොලීසිය නිකුත් කළ නිවේදනයේ තියෙන්නේ නිරෝධායන නීති කඩන අයට විරුද්ධව පොලීසිය ක්‍රියා කරනවා කියලා.

    මෙවැනි නිවේදනයක් හදිසියේ ප්‍රචාරය කරන්න ආණ්ඩුවට බලපෑ කරුණු කිහිපයක් තියෙනවා. නිදහස් අධ්‍යාපනයේ මළ ගම සනිටුහන් කරන, අධ්‍යාපනය මිලිටරිකරණය කරන කොතලාවල විශ්වවිද්‍යාල පනත පාර්ලිමේන්තුවට ගෙනත් සම්මත කරගන්න සූදානම් කර තිබෙනවා. අධ්‍යාපනය පෞද්ගලීකරණය පටන් ගත්තේ රනිල් වික්‍රමසිංහ මහත්තයා තරුණ කටයුතු හා අධ්‍යාපන ඇමතිව සිටි කාලයේ. ඊට විරුද්ධව වරින් වර ශිෂ්‍යයෝ, ගුරුවරු, දෙමාපියන් ගෙනගිය උද්ඝෝෂණ නිසා පරාජයට පත්කළා. මේ ආණ්ඩුවත් විශාල බලයක් පාවිච්චි කරලා හදිසියේ මේ පනත සම්මත කර ගන්න කටයුතු කරනවා. රටක දරුවන්ගේ අනාගතයට බලපාන පනතක් සම්බන්ධයෙන් සාමාන්‍ය පුරවැසියන්ට දැන ගන්න අයිතියක් නැද්ද? ඒ ගැන සමාජයේ සංවාදයක් ඇතිවී නැහැ. ඒ කිසිවකට ඉඩ නොදී තක්කඩි විදිහට හදිසියේ සම්මත කරගන්න ආණ්ඩුව ලැහැස්තියි. නමුත් මීට විරුද්ධව නිදහස් අධ්‍යාපනයට ආදරය කරන අය, තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපන අයිතිය ගැන හිතන අය විරෝධය පළකරන බව දන්නවා. ඒ නිසා මේ පනතට එරෙහිව එන විරෝධය මර්දනය කරන්න පොලිස් මූලස්ථානයෙන් මාධ්‍ය නිවේදන දානවා. තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපන අයිතිය සම්බන්ධ පනතක් ගැන හඬක් නගන එක අපරාධයක් වෙන්නේ කොහොමද? රනිල් වික්‍රමසිංහ මහත්තයලා, රාජපක්‍ෂ මහත්වරුන් වටේ ඉන්න ඉහළම පංතියේ ජාවාරම්කාර පැලැන්තියට මේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නැහැ. නමුත් සාමාන්‍ය ජනතාවගේ දරුවෝ උසස් අධ්‍යාපනය ලබන්නේ නිදහස් අධ්‍යාපනය නිසා. එය විනාශ කරන එක ලේසියෙන් නැවත හරවන්න බැහැ.

    අනෙක් පැත්තෙන් පොහොර ප්‍රශ්නය නිසා ගොවි උද්ඝෝෂණ මාලාවක් යනවා. බඩුමිල වැඩිවීමට එරෙහිව උද්ඝෝෂණ මාලාවක් යනවා. ඒවා කෘතිම ඒවා හරි බලෙන් කරන ඒවා හරි නෙවෙයි. ජනතාවට ඇත්ත ප්‍රශ්නයක් තියෙනවා. කොරෝනා හැදිලා මැරෙනවාද, බඩගින්නේ ඉඳලා මැරෙනවාද කියලා ජනතාවට තෝරා ගන්න ප්‍රශ්නයක් තියෙනවා. පොහොර නැත්තං අස්වැන්න ලැබෙන්නේ නැහැ. අස්වැන්න නැත්නම් ආහාර ලැබෙන්නේ නැහැ. ඒ නිසා ගොවීන්ට කොරෝනා නතර කරනකං බලාගෙන ඉන්න බැහැ. කොතලාවල පනතත් එහෙමයි. එය පාර්ලිමේන්තුවට ගේනවා. මේවාට විරුද්ධව හඬ නැගීමට ශුද්ධ වූ අයිතියක් ජනතාවට තියෙනවා. ඒ අයිතිය තක්කඩි විදිහට පැහැර ගන්න කොරෝනා මර්දන නීති පාවිච්චි කරනවා. කොරෝනා මර්දනය කිරීමේ අරමුණකුත් ආණ්ඩුවට නැහැ. කොරෝනා ප්‍රශ්නය පවත්වාගෙන යන්නේ හිඟන්නාගේ තුවාළය වගේ. තමන්ගේ බැරිකං ඔක්කොම වහගන්නේ කොරෝනා පෙන්නලා. ඒ තුළ ආණ්ඩුව රටට කරන්න පුළුවන් සියලුම හතුරුකං කරනවා. පෝට් සිටි පනත සම්මත කරගත්තේ කොරෝනා අස්සේ. රටකට කළ හැකි ඉතාම හානිදායක දේවල් ජනතාව ගෙවල් තුළ කොටු කරලා ආණ්ඩුව කරගෙන යනවා.

    ජනතා විමුක්ති පෙරමුණ ඉතා වගකීම් සම්පන්න දේශපාලන පක්‍ෂයක් බව ජනතාවට පැහැදිලිව කියන්න ඕනෑ. කොරෝනා මර්දනය කරන්න අපට දෙන්න පුළුවන් උපරිම සහයෝගය අපි දෙමින් ඉන්නවා. ඒ අතර ආණ්ඩුව කොරෝනා නීති රකින්නෙත් නැහැ, තමන්ගේ සියලුම දුෂ්ඨ ක්‍රියාමාර්ග අනුගමනය කරමින් ඉන්නවා. සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්තුමාවත් තමන්ගේ පටු අරමුණුවලට ආණ්ඩුව පාවිච්චි කරමින් ඉන්නවා. අපි එතුමාට කියන්නේ ආණ්ඩුවේ පටු අරමුණුවලට පාවිච්චි වෙන්න එපා කියලා. පහුගිය කාලයේ ආණ්ඩුව ගත්ත විකාර තීන්දු ගොඩක් තියෙනවා. පහුගිය කාලයේ පැනවූ සංචරණ සීමා වරින් වර වෙනස් කර පුද්ගලික අංශයට වැඩ කරගෙන යන්න අවසර දුන්නා. රාජ්‍ය අංශයටත් අවසර දුන්නා. අත්‍යාවශ්‍ය සේවා කියලත් අවසර දුන්නා. සංචරණ සීමාවක් තිබුණේ නැහැ. ශවේන්ද්‍ර සිල්වා මහත්තයලා පොළවල් අරින්නත් තීන්දුවක් ගත්තා. සති පොළවල් ඇරලා සංචරණ සීමා තියන්නේ කොහොමද? මේ ක්‍රියාමාර්ගවලින් සංචරණ සීමා හාස්‍යයට ලක්කරලා තියෙන්නේ. ඒ වගේම පහුගිය දවස්වල බාර් ඇරියා. ආණ්ඩුවට බදු ආදායම් ලබාගන්න බාර් ඇරියහම සෙනග පිරෙන්නේ කොහොමද කියලා අපි දන්නවා. අනෙක් පැත්තෙන් ස්පා අරින්න අවසර දුන්නා. සම්බාහන මධ්‍යස්ථානවල මීටරය සීමාවෙන් කරන්න පුළුවන්ද? ඒ සම්බාහන වැඩේ කරන්නේ කොස්සකින්ද? සම්බාහන මධ්‍යස්ථාන විවෘත කරලා අපට කියනවා කොරෝනා නීතිය රකින්නලු. එහෙම විකාර තින්දු ගන්න ආණ්ඩුවක් මේක. මේවට සමහර නිලධාරී මහත්වරුත් දායක වෙනවා.

    කිසි සැලැස්මක් නැතිව බස්නාහරි පළාතේ එන්නත් ලබා දෙන්න හමුදා කඳවුරු කිහිපයක් යොදා ගත්තා. කිසිම සැලැස්මක් නැහැ. මේ මධ්‍යස්ථානවල සෙනග රැස් කකා හිටියේ කොහොමද කියලා සියලුම නාළිකාවල පෙන්නුවා. මීටරයේ දුර තියෙන්නේ කොහොමද? හමුදා නිලධාරීනුත් තල්ලු කරගෙන පිරිස එන්නේ. මේවා තමයි ඇත්ත පොකුරු. එහෙම කියාගෙන ගොවි උද්ඝෝෂණයකට ටික වෙලාවකට එකතු වුණාම නිරෝධායන නීති යටතේ අත්අඩංගුවට ගන්නවා. පනාගොඩ, නාරාහේන්පිට, කළුතර, ගම්පහ දිස්ත්‍රික්කවලත් සෙනග රැස්කකා ඉන්නවා. සෙනග රැස්කරලා අනෙක් පැත්තෙන් ජනතාවට කියනවා, අයිතිවාසිකම් වෙනුවෙන් පාරට බහින්න එපා කියලා. උද්ඝෝෂණය කරන අය කොරෝනා නිරෝධායන නීතිවලට අදාළව කටයුතු කරන බව අපි දකිනවා. ආණ්ඩුවට විරුද්ධව එන උද්ඝෝෂණ මර්දනය කරන්න කොරෝනා නීති පාවිච්චි කිරීම ඉතාමත්ම පහත් අසමත් උත්සාහයක්. ආර්ථික පැත්තෙන්, දේශපාලන පැත්තෙන්, පරිපාලන පැත්තෙන් වගේම කොරෝනා මර්දනය කිරීමෙන්, අධ්‍යාපනය ලබාදීමෙන් මේ හැම දේකින්ම ආණ්ඩුව අසමත්. ඒ නිසා හැම පැත්තෙන්ම ආණ්ඩුවට විරෝධයක් තියෙනවා. ආණ්ඩුවට උත්තර නැහැ. තමන්ගේ සාධාරණ අයිතිවාසිකම් වෙනුවෙන් වගකීම් සහගතව අරගල කරන අය මර්දනය කරන්න ආණ්ඩුව දිගටම කටයුතු කරනවා.

    වැලිමඩ බොරලන්දේ ගොවි උද්ඝෝෂණයට සහභාගි වුණු ගොවි නායකයින් අත්අඩංගුවට ගත්තා. ඊට නායකත්වය දෙන්න ගිය නාමල් කරුණාරත්න සහෝදරයා, සමන්ත විද්‍යාරත්න සහෝදරයා වගේම භක්‍ෂූන් වහන්සේ නමක් අත්අඩංගුවට ගත්තා. උසාවියෙන් ඒ අයට ඇප දුන්නා. ඒ වගේම පෙරටුගාමී පක්‍ෂයේ විරෝධතාකරුවෙකු අත්අඩංගුවට ගත්තා කියලා තොරතුරක් ආවා. එකිනෙකා අත්අඩංගුවට ගනිමින් බය වද්දන ක්‍රියාවලියක් ආණ්ඩුව අනුගමනය කරනවා. එක්තරා කාලයක හදිසි නීතිය පාවිච්චි කරමින් කළ කටයුතු තවත් කාලයක ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත පාවිච්චි කරමින්ද අද කොරෝනා නීතිය පාවිච්චි කරමින් සිදුකරමින් යනවා. ආණ්ඩුවට ඡන්දය දීපු 69 ලක්‍ෂයක් බලාපොරොත්තු වුණේ මේවා නෙවෙයි. විනයගරුක රටක් හදන්න. සාධාරණ සමාජයක් හදන්න. තමන්ගේ නිදහස් අයිතීන් ක්‍රියාත්මක කරන්න. දැන් ආණ්ඩුව ජනතාවගේ හඬ මර්දනය කිරීමට අමතරව ඔවුන්ගේ හඬ රටට අරගෙන යන මාධ්‍ය බය වද්දන්නත් කටයුතු කරමින් ඉන්නවා. ආණ්ඩුවට අපි කියන්නේ මේ වැඩේට ලැහැස්ති වෙන්න එපා. ඔය පාරේ ගිය කිසි කෙනෙක් ජයග්‍රහණය කර නැහැ. ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයාට වඩා 5/6ක බලයක් තිබුණු ජේ.ආර්. ජයවර්ධන මහත්තයා ඉතිහාසයේ කුණු කූඩයට විසිවෙලා ගියා. ඒ නිසා ආණ්ඩුවට අපි අවධාරණය කරනවා මේ වැඩේ නවත්වන්න කියලා.

    ඒ අතරේ අපි ආණ්ඩුවට යෝජනා කරනවා නිසි වැඩපිළිවෙළක් හදලා කොරෝනා මර්දනය කරන්න ක්‍රියා කරන්න කියලා. මාස දෙක තුනක් ඇතුළත මර්දනය කිරීමේ සැලැස්මක් සකස් කරන්න කියලා. එහෙම නොකර කොරෝනා මර්දනයක් නොකර සාමාන්‍ය ජීවිතයට යන්නත් ඉඩ නොදී දෙකම තියාගෙන යන්න එපා කියලා අවධාරණය කරනවා. කොරෝනා මර්දන සැලැස්මකට අපි ඔක්කකොම එකතු වෙලා කැපකිරීම් කරලා මේක ඉවර කරමු. එහෙම නැතිව කොරෝනා පාවිච්චි කරමින් තමන්ගේ බැරිකම් වහගන්න ඉඩ දෙන්න බැහැ. මේ දේවල් කරලා සටන් නවත්වන්න බැහැ කියලා අපි ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයාට කියනවා. ලංකාවෙවත් ලෝකයේ කිසිම රටකවත් මර්දනකාරි පියවරවලින් ජනතා අරගල නවත්වන්න බැහැ කියලා ඔප්පු කර තියෙනවා. මර්දනයෙන් තව තවත් ජනතාව සටන් බිම්වලට ගේනවා. අලුතින් සටන් බිම් නිර්මාණය කරනවා. ආණ්ඩුවේ මර්දනය නිසා ප්‍රජාතන්ත්‍රවාදය රැකීමේ සටන් බිමක් තව පැත්තකින් නිර්මාණය කර තිබෙනවා. ආණ්ඩුව නැති සටන් බිම් නිර්මාණය කර ගැනීමක් කරන්නේ. මර්දනකාරීත්වයෙන් ප්‍රශ්න යට කරන්න බැහැ. බය වද්දන්න බැහැ. අනෙක් පැත්තෙන් අපි ආණ්ඩුවට කොහොමත් කියනවා කාව බය වැද්දුවත් ජනතා විමුක්ති පෙරමුණේ අපිව බය වද්දලා මේ ක්‍රියාමාර්ග නවත්වන්න බැහැ කියලා. අපි සාධාරණ හේතුන් මත ගන්න ක්‍රියාමාර්ග ඉදිරියට ගෙනයනවා. ආණ්ඩුවට තියෙන්නේ මර්දනකාරී ක්‍රියාමාර්ග ආපසු ගන්න එක.

    අපි දැනුත් ආණ්ඩුවට අවධාරණය කරන්නේ හෙට ගේන්න යන කොතලාවල විශ්වවිද්‍යාල පනත ආපහු හරවන්න කියලා. පොහොර ඉල්ලා කෑ ගහන ජනතාවට සුදුසු පොහොර වර්ගයක් ලබා දෙන්න කියලා. තෙල් මිල වැඩිවී බඩුමිල වැඩිවීම නිසා සටන් කරන ජනතාවට සහනයක් ලබාදෙන්න. එහෙම නොකර ලැජ්ජාව නිසා සරම උස්සලා මුහුණ වසාගන්න එපා කියලා ආණ්ඩුවට කියනවා. එහෙම වුණොත් හෙළුව තමයි පේන්නේ. ආණ්ඩුව කරමින් ඉන්නේ ඒ වැඩේ. කොරෝනා නීති කඩන්න එපා කියන එකට රට එකඟ වෙලා ඉන්නේ. හැබැයි කොරෝනා නීති කඩන්නෙත් ආණ්ඩුව නම්, කොරෝනා නීති රකින්න ඉඩ නොදෙන්නේ ආණ්ඩුව නම් ජනතාවගේ හඬට ඇහුම්කන් දීම මිස ඒ හඬ යටපත් කරන්න ලැහැස්ති වෙන්න එපා කියලා අවධාරණය කරනවා. කොහොම වුණත් මේ ආණ්ඩුව කොළේ ඉරාගෙන ඉන්නේ. යන්න වෙනවා. මේ ක්‍රියාමාර්ගවලින් ඒක ඉක්මන් කර ගැනීමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා ජනතාවගේ ප්‍රශ්න විසඳනවා මිස මර්දනයට ලැහැස්ති වෙන්න එපා කියලා බරපතල ලෙස ආණ්ඩුවට අවධාරණය කරනවා.”

    මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්…

    “මේ අරගලවල අපි ඉන්නේ පිටිපස්සේ නෙවෙයි, පෙරමුණේ. අපි නායකත්වය දෙමින් යන්නේ. ඒක අපේ වගකීම. පොහොර ප්‍රශ්නයේදී ලංකාවට කෘෂිරසායන ගේන්නේ ජේ.වී.පී. එක නෙවෙයි. මේ ධනපති ආණ්ඩුවේ කොටස්කරුවෝ. තමන් ආවහම රසායනික පොහොර නොමිලේ දෙනවා කීවෙත් අපි නෙවෙයි. ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා. අපි කියන්නේ කාබනික සහ ජෛව පොහොරවලට අපි යන්න ඕනෑ. එක විටම එයට යන්න බැහැ. ක්‍රමානුකූල සැලැස්මක් ඕනෑ. ආණ්ඩුව කරලා තියෙන්නේ කලිසම වහන්න කලින් සරම ගලවන එක. කලිසම මහන්න මැෂිමන්ට් දීලත් නැතිව සරම ගලවලා. මේක කරන්න ඕනෑ පිළිවෙළකට, සැලැස්මකට, පියවරෙන් පියවර. රසායනික පොහොර අඩු කරමින් කාබනික පොහොර වර්ධනය කරමින් ඒ අත්දැකීම් පාවිච්චි කර නැවත සමාලෝචනයක යෙදී ක්‍රියා කරන්න ඕනෑ. අවසානයේ වසර 10 හෝ 15ක කාලයකට පසුව සම්පූර්ණයෙන් නතර කරන්න පියවර ගත යුතුයි. ආණ්ඩුව දවසෙන් ඒක නතර කරලා. ඒ නවත්වන්නේ පොහොර ගේන්න ඩොලර් නැති නිසා. ඒ ඔක්කොම ඇතුළේ සහල් මෙ.ටොන් ලක්‍ෂයක් ගේන්න ආණ්ඩුව ක්‍රියා කරනවා. මේ ගේන්න යන්නේ කාබනික පොහොර දාන වගා කළ ගොයම්වල අස්වැන්නද? ආණ්ඩුවේ ප්‍රතිපත්තිවල දෙබිඩිකම තියෙන්නේ.

    අපි ඉතා පැහැදිලිව කාබනික පොහොර සහ ජෛව පොහොර වෙනුවෙන් පෙනී ඉන්නවා. හැබැයි එය කළ යුතු වන්නේ අපේ ආහාර සුරක්‍ෂිතතාවය විනාශ කරමින් නෙවෙයි. මේ තත්වයෙන් ගියොත් අපිට තිබුණු ආහාර සුරක්‍ෂිතතාව මුළුමනින්ම නැති වෙනවා. රටකට ඒක අතිශය බරපතල තත්වයක්. ඒනිසා අපි දැනුත් ආණ්ඩුවට කියන්නේ සැලැස්මක් හදන්න කියලා. විශේෂඥ දැනුම තියෙන අය අපි ළඟත් ඉන්නවා. ඒ කවුරුත් එකතු වෙලා සැලැස්මක් ඇතිව ක්‍රියාත්මක කළ යුතුයි. මේ ගත්තු ක්‍රමය වැරදියි. ඒනිසා දැන් වගාවන්ට සුදුසු පොහොර ප්‍රමාණයක් ආණ්ඩුව ලබාදිය යුතුයි. රසායනික පොහොර දෙන්න කියලා අපි බල කරන්නේ නැහැ. අපේ එහෙම සටන් පාඨයක නැහැ. ඉතා පැහැදිලිවම තියෙන්නේ “වගාවට සුදුසු පොහොර”දෙන්න කියලා.”

  • සුපිරි බොලිවුඩ් නළු ‘දිලිප් කුමාර් ගැන‘ සුපිරිම හෙළිදරව්ව

    සුපිරි බොලිවුඩ් නළු ‘දිලිප් කුමාර් ගැන‘ සුපිරිම හෙළිදරව්ව

    දිලිප් කුමාර් ‘ යනු බොලිඩුව් සිනමාවේ පුරාවෘත්තයක් වන අතර ඔහුට ලංකාවේ බොලිවුඩ් රසිකයින් අතර ද ඇත්තේ ඉතා ඉහළ පිළිගැනීමකි.

    1944 දී තිරගත වූ Jwar Bhata සිට Saudagar (1991) දක්වා පුරා අඩසියවසකට ආසන්න කාලයක් බොලිවුඩයේ සුපිරිම තරුවක් වූ දිලිප් කුමාර් සිය සුපිරි රංගනයෙන් දායක වූ සුපිරි චිත්‍රපට සියල්ල ගැන ඔබ නොදන්නා බව නම් අපට සහතිකය.

    ඉතිං… මේ සුපිරි නළුවා ගැන සියල්ල දැන ගැනීමට ඔබ සූදානම් නම් දැන් එයට සූදානම් වන්න.

    සුපිරි බොලිවුඩ් නළුවෙකු වන දිලිප් කුමාර්ගේ ජීවිතය ඔහුගේ සමහර චිත්‍රපටවල කතාවට නොදෙවැනි එකක් නොවේ. හිටපු පලතුරු වෙළෙන්දෙක් ඉන්දියාවේ ශ්‍රේෂ්ඨතම නළුවා බවට පත්වීම ඇත්තෙන්ම ආශ්චර්යයකි. 

    922 දෙසැම්බර් 11 වන දින පෙෂාවර් හි උපත ලැබූ දිලිප්ගේ මුල් නම යූසුෆ් ඛාන් විය. ඔහුගේ පියා වූ ලාලා ගුලාම් පලතුරු වතු හිමියෙක් විය. නමුත් දිලිප් කුඩා අවධියේදීම, එනම් 1930 ගණන්වලදී ලාලා පවුල පූනේ වෙත සංක්‍රමණය විය.

    දිලිප්ගේ සිනමා ආගමනය ද විස්මිත සිදුවීමක් විය. පූනේහි හමුදා ආපන ශාලාවේදී දේවිකා රාණි නම් ප්‍රකට නිළියක් ඔහුව හදුනා ගත් අතර ඇය ඔහුට මුම්බායි වෙත පැමිණෙන ලෙස ආරාධනා කළාය. දේවිකා රාණිගේ ඉල්ලීම පිට බොලිවුඩයට පැමිණි දිලිප්ට ඉතා ඉක්මනින් ම වාසනාව උදාවිය. 1944 දී Jwar Bhata හි රගපෑමට දේවිකා දිලිප්ට අවස්ථාව ලබා දුන්නාය. 

    මේ සමග යූසුෆ් ඛාන් හින්දි නමක් වන ‘දිලිප් කුමාර්‘ බවට පත් වූ අතර එම නම හින්දි සිනමාවේ ප්‍රචලිත වීමට පෙර ඔහු ක්‍රමවේදය නළුවෙකු method actor වූ අතර සෑම චරිතයක්ම ඔහුගේ දක්ෂතා අභියෝගයට ලක් කිරීමට වග බලා ගත්තේය. 

    අධික ලෙස රිදී තිරයට නිරාවරණය වීමෙන් ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාරය විනාශ විය හැකි බව ඔහු දැන සිටියේය. එනිසා ඔහු පැමිණි සෑම චිත්‍රපටයකටම අත්සන් නොකළේය. එම තීන්දුව ඔහුට සදාකාලික වාසනාව උදා කළේය.

    දිලිප්ගේ සැබෑ ජීවිතය ද සිනමාපටයකට දෙවැනි නොවීය. ඔහු දශක 04ක් ගතවන තෙක්ම තනිකඩ ජීවිතයක් ගත කළේ ඔහුගේ සිහින පෙම්වතිය වූ ‘කමිනි කෞෂාල්‘ නිසාය. ඇය ඒ වන විට විවාහ වී සිටි නිසා ඔහුගේ ජීවිතයේ පළමු මහා ආදරය අත් කරගත නොහැකි විය. 

    දිලිප් කුමාර්ගේ අමතක නොවන රංගනය

    එහෙත් බොලිවුඩයේ ඕපාදූප කතා බොහෝ විය. ඔහු එවකට බොලිවුඩයේ සුපිරි තාරකාවක් වූ මධුබාලා සමග රහසිගතව විවාහ ගිවිසගෙන සිටි බව කියනු ලැබේ. අවසානයේ ඔහු 1966 දී සයිරා බානු සමඟ විවාහ විය. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 44 ක් වූ අතර ඇයගේ වයස අවුරුදු 22 කි. 

    දිලිප් කුමාර් නම් මෙම අසහාය නළුවා විසින් ‘හොදම නළුවාට‘ පිදෙන ‘ෆිල්ම් ෆෙයාර් සම්මානය‘ Filmfare Awards for Best Actor 08 වරක් දිනා ගෙන ඇත. ඒ Daag, Azaad, Devdas, Naya Daur, Kohinoor, Leader, Ram Aur Shyam, Shakti වෙනුවෙනි.

    ඔහුගේ අනෙකුත් ෆිල්ම් ෆෙයාර් කුසලාන අතර 1994 දී ලබා දුන් ජීවිත කාලය සඳහා වූ සම්මානය Lifetime Achievement Award සහ 2004 දී සිනමාවට කළ දායකත්වය වෙනුවෙන් විශේෂ සම්මානයක් Special Award for contribution to cinema ද ඇතුළත් ය. 

    ඔහුගේ උදාර වෘත්තිය සහ ඔහු විසින් නිර්මාණය කරන ලද විශිෂ්ටතම නිර්මාණ දෙස අපි බලමු

    දිලිප් කුමාර්ගේ අමතක නොවන රංගනය

    ජාවර් භාටා Jwar Bhata 1944) – අධ්‍යක්ෂ අමියා චක්‍රවර්ති. දේවිකා රාණිගේ ඉල්ලීම පරිදි නවක දිලීප් කුමාර් රංගනයෙන් දායක වූ විට ඔහු පුරාවෘත්තයක් බිහි කිරීමට උදව් කිරීමට සූදානම් බව දැන සිටියේ නැත. චිත්‍රපටය එතරම් සාර්ථක නොවූ නමුත් සිනිඳු, හොඳ පෙනුමක් ඇති තාරකාව ජනතාව සහ චිත්‍රපට නිෂ්පාදකයින්ගේ අවධානයට ලක් විය. එවකට සුපිරි තරුවක් වන අශෝක් කුමාර්ට අවසානයේ තරඟකරුවෙකු සිටියේය.

    දිලිප් කුමාර්ගේ අමතක නොවන රංගනය

    ඇන්ඩස් Andaz 1949 – මෙය සමහර විට පළමු බ්ලොක්බස්ටර් බහු තරුව blockbuster multi-starrer, විය හැකිය. නැගී එන සුපිරි තරු දෙකක් වන දිලිප් කුමාර් සහ රාජ් කපූර් සහ මාකී රැජින නර්ගිස් ප්‍රේම ත්‍රිකෝණයක එකට එක්වීම ඊට හේතුවයි. 

    එය දැන් බොළඳ බවක් පෙනෙන්නට තිබුණත් අධ්‍යක්ෂ මෙහබූබ් ඛාන් එහි කාලය සඳහා ඉතා නවීන චිත්‍රපටයක් කළේය. ගැහැනු ළමයින් පිරිමි ළමයින් සමඟ විවෘතව ආලවන්ත හැඟීම් පෑමේ කන්‍යාරාමයේ උගත් ඉංග්‍රීසි කතා කරන පරම්පරාවට එය කැඩපතක් ලෙස සලකනු ලැබීය.

    දිලිප් කුමාර්ගේ අමතක නොවන රංගනය

    ජෝගන් Jogan (1950) – ෂාරුක් ඛාන්ගේ රසිකයන් ජෝගන් දෙස බලා සිටිය යුතුය. නර්ගිස් ජෝගන්ගේ චරිතයක් රඟපූවාය. දිලිප් මේ මොහොතේ ජීවත් වන අදේවවාදියෙකු ලෙස රඟපායි (භූමික ලුහුබැඳීම් හා සැප සම්පත් අත්හැර දෙවියන් වෙනුවෙන් කැපවී සිටින) දිලිප්ගේ නරුමත්වය නර්ගිස්ගේ ඇදහිල්ල හා ගැටෙන අතර එහි ප්‍රතිඵලය වීරයා සහ වීරවරිය එකිනෙකා දෙස දැවෙන තීව්‍රතාවයකින් බලන නමුත් සතුටුදායක අවසානයක් නැත.

    දිලිප් කුමාර්ගේ අමතක නොවන රංගනය

    ඩීඩර් Deedar (1951) – ඛේදවාචකය නව රජෙකු සොයා ගත්තේය. අශෝක් නම් වෛද්‍යවරයා විසින් සුවපත් කරන අන්ධ ගායකයෙකු ලෙස දිලිප් රඟපායි. කතාවේ ඇති පෙරළිය නම් ඔවුන් දෙදෙනාම එකම ගැහැණු ළමයාට (නර්ගිස්) ආදරය කිරීමයි. ඇය ඔහුගේ ළමා වියේ පෙම්වතිය වන අතර ඇය ඔහුව මතක තබා නොගනී. ඔහුගේ යථා තත්වයට පත් වූ දර්ශනය ඇගේ මතකයන් යථා තත්වයට පත් කිරීමට උපකාරී වනු ඇතැයි ඔහු නිෂ්ඵල ලෙස බලාපොරොත්තු වන නමුත් කනගාටුවට කරුණක් එය සිදු නොවේ. කෝපයට පත් ඔහු සිය ශෝකයෙන් අන්ධ වෙයි.

    දිලිප් කුමාර්ගේ අමතක නොවන රංගනය

    සැන්ග්ඩිල් Sangdil (1952) – මෙම චිත්‍රපටය චාලට් බ්‍රොන්ටේගේ ‘ජේන් අයර්‘ Jane Eyre නම් සම්භාව්‍ය නවකතාවේ අනුවර්තනයකි. දිලිප් කතාවේ සංවේදී වීරයා වන රෙවෙස්ටර් මහතා ලෙස රඟපායි. චාලට් ඇගේ සහෝදරියන් සමඟ මෙම ගීතය සහ නර්තන නැරඹීමට කැමති වනු ඇත. නළු නිළියන් දෙදෙනා එකිනෙකා වෙනුවෙන් සාදන ලද බව පෙනේ.

    දිලිප් කුමාර්ගේ අමතක නොවන රංගනය

    පාද මාවත Foot Path  (1953) – මෙය දිලිප් කුමාර් කළ වඩාත්ම යථාර්ථවාදී චිත්‍රපටය විය හැකිය. මාක්ස්වාදී නැඹුරුවක් ඇති අධ්‍යක්ෂ සියා සර්හාඩි, වීරයා කළු අලෙවිකරුවෙකු black marketeer වන social noir film ගැන සිහින මැව්වේය. ඔහු අවසානයේදී හදවතේ වෙනසක් ඇති අතර සියල්ල පොලිසියට පාපොච්චාරණය කරයි. චිත්‍රපටයේ පැටවුම් යථාර්ථවාදය brooding realism දිලිප් මීට පෙර හෝ පසුව කළ දෙයට පටහැනිය.

    දිලිප් කුමාර්ගේ අමතක නොවන රංගනය

    ආන් Aan (1953) – මෙය අධ්‍යක්ෂක මෙහබූබ් ඛාන්ගේ වර්ණවලින් සාදන ලද ත්‍රාසජනක වික්‍රමය වන අතර එය බටහිර ප්‍රේක්ෂකයින්ට පවා විස්මයක් ලබා දුන්නේය. නිෂ්පාදන අගයන් අනුව එකල පැවති මිල අධිකම චිත්‍රපටවලින් එකක් වන එය, ප්‍රේක්ෂකයින් මවිතයට පත් කළේය. දිලිප් කුමාර් සුපිරි තරුවක් බවට පත් වීමට ආන් හේතු විය.

    දිලිප් කුමාර්ගේ අමතක නොවන රංගනය

    අමර් Amar  (1954) – සමහර විට එය අධ්‍යක්ෂකවරයකු ලෙස මෙහබූබ් ඛාන්ගේ හොඳම චිත්‍රපටය මෙය විය හැකිය. එහිදී ඔහු පෙන්වා දුන්නේ මිනිසා කළු හා සුදු නොවන නමුත් අළු පැහැයෙන් යුක්ත බවය. අහිංසක යුවතියක දූෂණය කළ මිනිසෙකුගේ කම්පනය, අමනාපය, ව්‍යාකූලත්වය, වරදකාරිත්වය සහ පසුතැවීම දිලිප්ගේ දෑස්, ඔහුගේ පුරුදු මගින් පෙන්නුම් කරයි. ඔහු තම අපරාධය සමථයකට පත් කිරීමට උත්සාහ කරයි. මධුබාලා ඔහුගේ පෙම්වතිය ලෙස රඟපාන අතර එය වසා දැමීමට උදව් කරයි. නිම්මි ඉතා හදවතින්ම ආදරය කළ පිරිමියෙකු විසින් දූෂණය කරන ලද ගමේ දැරිය ලෙස රඟපෑවාය.

    දිලිප් කුමාර්ගේ අමතක නොවන රංගනය

    අසාද් Azaad (1955)– කලින් සඳහන් කළ පරිදි, මනෝචිකිත්සකයින්ට දිලිප් කුමාර් සැහැල්ලු චරිත නිරූපණය කිරීමට අවශ්‍ය වූ අතර එහි ප්‍රතිඵලය වූයේ මෙම කඩිනම් වික්‍රමයයි. ඛේදජනක වීරයා රොබින් හුඩ් චරිතයක් බවට පරිවර්තනය වූ අතර ඔහු වෙස්වළා ගැනීමේ දක්ෂයෙකි. ඔහු දුෂ්ඨයා අභිබවා යෑමට හා (මීනා කුමාරි) වීරවරිය ආකර්ෂණය කර ගැනීම සඳහා රැවටිලිකාරකම හා ආකර්ශනීය බව යොදා ගනී.

    දිලිප් කුමාර්ගේ අමතක නොවන රංගනය

    දේව්දාස් Devdas (1955) – දේව්දාස් මීට පෙර නිපදවා ඇති නමුත් සරත්බාබුගේ කතාව එහි නිශ්චිත කතාව සඳහා බලා සිටියේ යුගයේ දක්ෂතම නළු-අධ්‍යක්ෂක යුගලය හමුවන තෙක්ය. බිමල් රෝයි සහ දිලිප් කුමාර් දෙවිවරුන්ට මංගල්යයක් ලබා දුන් අතර, දේව්දාස්ගේ ශෝකය සමඟ එක් වූ විට නරඹන්නන්ට ඔවුන්ගේ සුළු සුළු වේදනාවන් හා දුක් වේදනා අමතක කර දැමීය හැකිවිය. දිලිප් කුමාර් අනපේක්ෂිත ආදරයෙන් පෙලඹුණු මිනිසෙකු ලෙස පරිපූර්ණ බේබද්දෙකු බවට පත්විය. චිත්‍රපටය පුරාම ඔහුගේ දෑස් අඳුරු වී ඇති අතර ඔහුගේ නිශ්ශබ්දතාව විචිත්‍රවත් ය. ඔහු චරිතයේ සමට යට වී ඇති අතර මානසික අවපීඩනයෙන් මිදීම සඳහා ඔහුට ලන්ඩනයට ගොස් හාර්ලි වීදියේ මනෝචිකිත්සකයින්ගෙන් උපදෙස් ලබා ගත යුතු යැයි කියනු ලැබේ.

    දිලිප් කුමාර්ගේ අමතක නොවන රංගනය

    නය ඩාවර් Naya Daur (1957) – මිනිසාට එදිරිව යන්ත්‍ර Man Vs Machine මෙම පුරෝගාමී චිත්‍රපටයේ තේමාව වූ අතර එය ප්‍රගතියේ මිල පිළිබඳව ඔබ ප්‍රශ්න කළේය. අධ්‍යක්ෂ බී.ආර්. චොප්රාගේ සමාජවාදී නූල මෙම මානවවාදී නාට්‍යයට කවදාවත් නොතිබුණි. දිලිප් සිය ෆයර්බ්‍රෑන්ඩ් වීරවරිය වන විජයන්තිමාලා සමඟ කෝපයෙන් ආලවන්ත හැඟීම් පාමින් පරිපූර්ණත්වයට පත් විය. ඕ.පී.නෙයාර් සිය සංගීතයෙන් සුවිශේෂී ලකුණක් ලබා දුන් අතර මෙම චිත්‍රපටයට මාං කෙ සාත් තුම්හාරා යන වෙළඳ ලකුණ ලබා දුන්නේය. පුදුමයට කරුණක් නම්, මෙය දිලිප් කුමාර් සමඟ ඔහුගේ එකම චිත්‍රපටය බව වාර්තා වේ. චිත්‍රපටයේ මූලික කතාව සහ මෝස්තර පසුව ලගානාවේ අෂුටොෂ් ගෝවරිකර් විසින් පිටපත් කරන ලදී.

    දිලිප් කුමාර්ගේ අමතක නොවන රංගනය

    මධුමති Madhumati  (1958) – බිමල් රෝයි සම්භාව්‍යය පුනරුත්පත්තිය යන තේමාව විශිෂ්ට ලෙස භාවිතා කරයි. අධ්‍යක්‍ෂවරයා විසින් නිර්මාණය කරන ලද විචිත්‍රත්වය සහ දිලිප් සහ විජයන්තිමාලාගේ විශිෂ්ට රංගනයන් නිසා ඔබ චිත්‍රපටය රස විඳින්නීය. රෝයි මෘදු අවසානයක් කරා යාමට තීරණය කළ අතර තරු තරණය කළ පෙම්වතුන් අවසානයේ දී එක්සත් විය, එමඟින් නරඹන්නන්ගේ සිත් තැවුලට පත් ස්නායු වලට යම් සහනයක් ලබා දුන්නේය.

    දිලිප් කුමාර්ගේ අමතක නොවන රංගනය

    යාහුඩි Yahudi (1958)– මෙය බිමල් රෝයි චිත්‍රපටයක් යැයි ඔබට විශ්වාස කළ නොහැකිය. එය ඔහු පෙර හෝ පසුව කළ දෙයින් බොහෝ දුරස් වී ඇත. ආරම්භය ඔබට බෙන් හර් ගැන මතක් කර දෙන අතර චිත්‍රපට දෙකම රෝමවරුන් විසින් යුදෙව්වන්ට එරෙහිව නඩු පැවරීමේ තේමාව බෙදා ගනී. නමුත් මූලික වශයෙන් ක්‍රිස්තුස්ගේ ඉගැන්වීම් පිළිබඳ බෙන් හූර් මෙන් නොව, මෙහි කථාව රෝමානු කුමාරයෙකු වටාය. රෝමානු කුමාරයා යුදෙව් ගැහැනු ළමයෙකු සමඟ ආදරයෙන් බැඳී ඇගේ ආදරය දිනා ගැනීම සඳහා යුදෙව්වෙකු ලෙස වෙස්වලා ගනී. ආගම යනු උපතේ අහම්බයක් පමණක් බවත්, මනුෂ්‍යත්වය ආගමික දෝෂයන් ඉක්මවා යන බවත් බිමල් සියුම් ලෙස පෙන්වා දුන්නේය. මාකස් කුමරු ලෙස දිලිප් කුමාර් ඒත්තු ගන්වන අතර මීනා කුමාරි ඔහුගේ විනාශකාරී පෙම්වතා වන හන්නා ලෙස ඔහුට සහාය දක්වයි.

    දිලිප් කුමාර්ගේ අමතක නොවන රංගනය

    කොහිනූර් Kohinoor (1960) – මෙම විකට චිත්‍රපටය තුළ ඔහු කළ ක්‍රියා නිසා බස්ටර් කීටන් ලැජ්ජාවට පත් විය හැකිය. දිලිප් සහ මීනා කුමාරි පිළිවෙලින් කුමරු හා කුමරිය ලෙස රඟපෑවේය. එයට නෞෂාඩ්ගේ විශිෂ්ට සංගීතය තිබුණි.  Madhuban mein Radhika naache re (දිලිප් කුමාර් ගීතයට සත්‍යතාව ලබා දීම සඳහා ගිටාරය වාදනය කිරීමට ඉගෙන ගත් බව වාර්තා වේ) සහ Do sitaron ka zameen par hai milan වැනි ගීත අද පවා අපව පාලනය කරයි.

    දිලිප් කුමාර්ගේ අමතක නොවන රංගනය

    මෝගල්-ඊ-අසාම් Mughal-E-Azam (1960) – කේ අසිෆ් විසින් අධ්‍යක්ෂණය කරන ලද මෝගල්-ඊ-අසාම් බොලිවුඩයේ ශ්‍රේෂ්ඨතම වීර කාව්‍යයයි. අනෙක් සියල්ල සාපේක්ෂව සුදුමැලි වේ. චිත්‍රපටය නිම කිරීමට දශකයකට වැඩි කාලයක් ගත විය. එය මුල සිටම මතභේදයන්ගෙන් පිරී ගියේය. නර්ගිස්, සප්රු සහ චන්ද්‍රමෝහන්ගේ මුල් නළු නිළියන් මධුබාලා, දිලිප් කුමාර් සහ ප්‍රිතිවිරාජ් කපූර්ට අවස්ථාව ලබා දුන්හ. චිත්‍රපටයේ පෙම්වතුන් ලෙස රඟපාන මදුබාලා සහ දිලිප් කුමාර් සැබෑ ජීවිතයේ ඉතා ප්‍රසිද්ධියේ විරසකව සිටි අතර චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුර එකිනෙකා සමඟ කතාබහ කිරීමක් පවා සිදු නොවීය. මෙනිසා එහි අතිෂය ශුංගාරාත්මක අවස්ථා රැසක් රූගත කර ඇත්තේ තාරකා අතර වචනයක් හුවමාරු නොවී යැයි කියනු ලැබේ. එය ඉන්දියානු සිනමා ඉතිහාසයේ වඩාත්ම ආදර දර්ශන වලින් එකක් ලෙස පැවතීම බොලිවුඩයට ආශ්චර්යයකි.

    දිලිප් කුමාර්ගේ අමතක නොවන රංගනය

    ගුන්ගා ජුම්නා Gunga Jumna (1961) – එහි අධ්‍යක්ෂවරයා නිටින් බෝස් වුවද දිලිප් කුමාර් විසින්ම මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ බව බොහෝ දෙනාගේ විශ්වාසයයි. මෙම චිත්‍රපටය මදර් ඉන්දියා වෙතින් මූලබීජය ලබා ගත් අතර දීවාර් සහ තවත් බොහෝ චිත්‍රපට සඳහා පූර්වගාමියා විය.  නෞෂාඩ් සහ ෂකීල් බඩයුනි පිළිවෙලින් සංගීතයේ සහ පද රචනයේ රසය රඳවා ගත්හ.

    දිලිප් කුමාර්ගේ අමතක නොවන රංගනය

    ලීඩර් Leader (1964) – මෙම චිත්‍රපටය දූෂිත දේශපාලනඥයන් පිළිබඳ විවේචනයක් වූ අතර එතැන් සිට කිසිවක් වෙනස් වී නැති බව කෙනෙකුට පෙනේ. මෙය දිලිප් කුමාර්ගේ ඉහළම කාර්ය සාධනය විය හැකි නමුත් ඔහු අපගේ අවධානය නැති කර නොගනී. ඔහු හාස්‍යය මගින් අනෙක් සියල්ලන් අභිබවා ගියේය. එය තරුණයෙකු තම පරමාදර්ශ සහ අරමුණු සොයා ගැනීම පිළිබඳ කතාවක් වන අතර දිලිප්ගේ හැසිරීම විකාරයේ සිට උත්කෘෂ්ටභාවය දක්වා වෙනස් වේ.

    දිලිප් කුමාර්ගේ අමතක නොවන රංගනය

    Ram Aur Shyam (1967) – මෙය සමහර විට දිලිප් කුමාර් ඒකල තාරකාවක් ලෙස ලැබූ අවසාන විශාලතම චිත්‍රපටය විය හැකි අතර ඔහු චිත්‍රපටයේ ද්විත්ව භූමිකාවක් රඟපෑවාට වඩා සුදුසු වන්නේ කුමක් ද? විවිධ චරිත දෙකක් චරිත නිරූපණය කිරීමට ඔහුට හැකිවීම ඔහුගේ ගෞරවයයි. මූලික වශයෙන් එය උපතේදී වෙන් වූ නිවුන් දරුවන්ගේ කතාවයි. රාම් ඔහුගේ මස්සිනා විසින් බොහෝ දුරට අපයෝජනයට ලක් කරන අතර ශ්‍යාම් නාගරික බුද්ධිමත් මිනිසෙකු ලෙස වැඩෙයි. දෙදෙනා අහම්බෙන් ස්ථාන හුවමාරු කර ගන්නා විට දේවල් නිවැරදිව සකසා ඇත. මෙම සූත්‍රය කෙතරම් සාර්ථකද යත් එය Seeta Aur Geeta (1972), Chaalbaaz (1989) and Kishan Kanhaiya (1990) ලෙස නැවත ප්‍රතිනිර්මාණය කරන ලදී.

    දිලිප් කුමාර්ගේ අමතක නොවන රංගනය

    ආද්මි Aadmi (1968) – ද්‍රවිඩ චිත්‍රපටයක් වන අලයාමානිAalayamani (1962) හි ප්‍රතිමූර්තියක් වන මෙම තනු නිර්මාණයට විශාල මාත්‍රාවලින් පළිගැනීම, ඊර්ෂ්‍යාව, දුක්විඳීම සහ මිදීම ඇතුළත් විය. මනෝජ් කුමාර්ට තම පරමාදර්ශී දිලිප් සමඟ රඟපෑමට ලැබුණු පළමු අවස්ථාව මෙය වන අතර බොහෝ දර්ශනවල ඔහු බොහෝ සෙයින් භීතියට පත්වේ. වහීඩා රහ්මාන් ඔවුන්ගේ ඒකාබද්ධ ආදර උනන්දුව නිසා හැකි සහය ලබා දෙයි. 

    දිලිප් කුමාර්ගේ අමතක නොවන රංගනය

    දස්තාන් Dastaan (1972) – බී.ආර්. චොප්රාට (1951) දිලිප් සමඟ මෙම චිත්‍රපටය සෑදීමට අවශ්‍ය වූ නමුත් එය කළ නොහැකි විය. එබැවින් එය අශෝක් කුමාර් වෙත ගිය අතර එහි ප්‍රතිඵලය වූයේ අෆ්සානා (1951) ය. සමහර විට නළුවාගේ හදවතේ වෙනසක් ඇති වී අධ්‍යක්ෂකවරයාගේ සිත් දිනා ගැනීමට තීරණය කර ඇති අතර චොප්රා තමාගේම තිරපිටපත නැවත ඉදිරිපත් කිරීමට ගියේය. කතාවේ සුළු වෙනස්කම් සිදුවිය. කලින් චිත්‍රපටය වඩා ආදර ත්‍රිකෝණයක් love triangle වූ අතර දෙවැන්න හිච්කොක් ත්‍රාසජනක චිත්‍රපටයක්  (Hitchcock thriller) විය. දිලිප් සුදු සහ අළු පැහැයෙන් යුත් සෙවන සහිත චරිත (white and the grey shaded characters) නිරූපණය කරන අයුරු ඔබට දැකගත හැකිය.

    දිලිප් කුමාර්ගේ අමතක නොවන රංගනය

    සැගිනා Sagina  (1974) – බෙංගාලි ලේඛකයෙකු සහ සමාජක්‍රියාකාරිකයෙකු වන ගෝර් කිෂෝර් ගොෂ්ගේ Gour Kishore Ghosh සහ තවත් ක්‍රියාකාරික සගයකුගේ විස්තරය පදනම් කරගෙන නිර්මිත සජින යනු බෙංගාලි චිත්‍රපටයක් වන සගිනා මහතෝ Sagina Mahato (1971) හි හින්දි ප්‍රතිමූර්තියයි. මෙම චිත්‍රපට දෙකටම සුපිරි තරු යුවළක් වූ දිලිප් සහ සයිරා බානු රංගනයෙන් දායක වූහ. චිත්‍රපටය නිකුත් වන විට දිලිප් 50 වැනි වියේ සිටි නමුත් ඔහුගේ රංගනය වයස්ගත වීමේ සලකුණක් පෙන්නුම් කළේ නැත. පීඩිතයන්ගේ නායකයා වීමට අහම්බෙන් පාලනය වන නිදහස් ආත්මයක් සහිත මිනිසෙකු නිරූපණය කිරීම ඔහුගේ හොඳම රංගනයකි.

    දිලිප් කුමාර්ගේ අමතක නොවන රංගනය

    ශක්ති Shakti (1982) – මෙය රමේෂ් සිපීගේ හොඳම චිත්‍රපටයයි. එය වර්තමාන සුපිරි තරුවක් වන අමිතාබ් බච්චන් සිය පරමාදර්ශය වන දිලිප් කුමාර් සමඟ මුහුණට මුහුණ ලා ගෙන ආවේය. පුතාට තම පොලිස් පියාගේ නොසැලෙන දැඩි බව ග්‍රහණය කර ගැනීමට නොහැකි වන අතර අපරාධවලට යොමු වේ. පුතා අල්ලා ගැනීමට පියා බැඳී සිටින අතර, වෙනස්කම් තිබියදීත් ඔවුන් අතර බැඳීමක් පවතී. අමිතාබ් දිලිප්ගේ උකුලේ මිය යන අවසාන දර්ශනය විශිෂ්ට කෘතියක් ලෙස පවතී. පියෙකුගේ වේදනාව, ඔහුගේ කෝපය සහ මොහොතකට ප්‍රීතිය ඔබට දැනිය හැකිය. මිය ගියද, ඔහුගේ පුතා අවසානයේදී ඔවුන්ගේ වෙනස්කම් සමථයකට පත් කළේය.

    දිලිප් කුමාර්ගේ අමතක නොවන රංගනය

    මාෂාල් Mashaal (1984) – යෂ් චොප්රා විසින් අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපටයකි. ඒ වන විට 60 හැවිරිදි වියේ පසුවූ දිලිප් කුමාර්, තම කෝපය ආයුධයක් බවට හරවන වේදනාවෙන් පෙළෙන මිනිසෙකුගේ අඩු කාර්ය සාධනයක් ලබා දුන්නේය.

    දිලිප් කුමාර්ගේ අමතක නොවන රංගනය

    කර්මය Karma (1986)– සුභාෂ් ගයි විසින් සිතූ පරිදි කර්මය ෂෝලේ (1975) විය. දිලිප් කුමාර් පොලිස් නිලධාරියෙකු ලෙස රඟපෑ අතර ඔහුගේ පවුල දුෂ්ටයන් විසින් මරා දමනු ලැබේ. එබැවින් ඔහුගෙන් පළිගැනීම සඳහා වැරදිකරුවන් තිදෙනෙකු (අනිල් කපූර්, ජැකී ෂ්රොෆ් සහ නසිරුදින් ෂා) කුලියට ගනී. එය දුර්ලභ චිත්‍රපටයක් වූ අතර දිලිප් නූටන් සමඟ යුගලනය විය.

    දිලිප් කුමාර්ගේ අමතක නොවන රංගනය

    සෞදගර් Saudagar (1991) – මූලික කුමන්ත්‍රණය ගෙන එය වඩාත් චමත්කාරජනක කර එය සෞදගර් බවට පත් කළේය. ප්‍රවීණයන් වන රාජ් කුමාර් සහ දිලිප් එකිනෙකාට එරෙහිව සටන් වැදුණු අතර රසිකයින්ගේ බලාපොරොත්තු සුන් වූයේ නැත. සුපිරි තරු දෙකම රසිකයින්ගේ උපරිම විශ්වාසය දිනා ගත්තේය. 

    ෆිල්ම් ෆෙයාර් ඇසුරිණි – සකස් කළේ – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • Untitled post 37698

    සුපිරි බොලිවුඩ් නළුවෙකු වන දිලිප් කුමාර් අද (07) උදෑසන මිය ගිය බව ඉන්දිය මාධ්‍ය වාර්තා කළා. මිය යන විට ඔහු 98 වැනි වියේ පසු වුණා.

    ඉන්දියාවේ වඩාත්ම ජනාදරයට පත් ‘පරාජිත පෙම්වතා‘ වශයෙන් සැලකෙන දිලිප් මොහොමඩ් යූසුෆ් ඛාන් නමින් 1922 දී උපත ලැබුවා. ඒ වර්තමාන පාකිස්තානයේ පෙෂාවර් හිදීයි.

    දිලිප් 1940 ගණන්වලදී බොලිවුඩයට සම්බන්ධ වූ අතර එහි දී ඔහුගේ නම දිලිප් කුමාර් ලෙස වෙනස් වුණා.

    ‘‘මිනිත්තු කිහිපයකට පෙර සිදු වූ අපගේ ආදරණීය දිලිප් සාබ්ගේ අභාවය පිළිබඳව දැඩි හදවතකින් හා දැඩි ශෝකයකින් යුතුව මම නිවේදනය කරමි‘‘ යැයි නෑදෑයෙකු වන ෆයිසාල් ෆාරුකි අද අලුයම දිලිප්ගේ ට්විටර් ගිනුම හරහා නිවේදනය කළා.

    දිලිප් සහ සාරා ඛානු

    දිලිප් මිය යන විට ජීවත් වුණේ 1960 සහ 1970 දශකවල බොලිවුඩයේ ප්‍රමුඛ පෙළේ නිළියක් වන ඔහුගේ බිරිඳ සයිරා බානු සමගයි.

    දිලිප්ගේ පළමු චිත්‍රපටය වන “ජ්වාර් භාටා” 1944 දී තිරගත වුණා. ඔහුගේ පෙරළිකාර භූමිකාව 1949 දී තිරගත වූ “ඇන්ඩස්” හි දැකගත හැකි වුණ අතර ඒ සමග ඔහු තරුවක් බවට පත් වුණා.

    බිමල් රෝයි විසින් සරත් චන්ද්‍ර චට්ටෝපාධ්‍යාගේ නවකතාව වන “දේව්දාස්” ඇසුරින් කළ සිනමාපටය දිලිප්ව සුපිරි තරුවක් බවට පත් කළා.

    “බොලිවුඩ් සිනමාවේ යුගයක් අවසන් වුණා. ඉන්දියානු සිනමාවේ ඉතිහාසය ලියන සෑම අවස්ථාවකම එය ‘දිලිප් කුමාර් ඉදිරියේ සහ දිලිප් කුමාර්ට පසුව විය යුතුය’ යනුවෙන් නළු අමිතාබ් බච්චන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියා.

    දිලිප් කුමාර් වරක් පැවසුවේ වසර ගණනාවක සිට ඛේදජනක චරිත නිරූපණය කිරීමෙන් පසුව තමාට බරක් දැනුණු බවයි. 1950 දශකයේ අග භාගයේදී ඔහු “මධුමති”, “ආන්” සහ “නය ඩාවර්” වැනි ආදර චිත්‍රපටවල රඟපාමින් වඩාත් උද්යෝගිමත් චරිත නිරූපණය කිරීමට සවිඥානිකව උත්සාහයක් ගත්තා.

    ඔහු මිය යන මොහොත තෙක්ම තම සුපිරි පෞරුෂය රැක ගත්තා.

    “දිලිප් කුමාර් ජි සිනමා පුරාවෘත්තයක් ලෙස සිහිපත් කරනු ඇත. ඔහුට අසමසම දීප්තියක් ලැබුණි. මේ නිසා පරම්පරා ගණනාවක් පුරා ප්‍රේක්ෂකයින් ආකර්ෂණය විය” දිලිප්ගේ අභාවය ආසා ශෝකයට පත් අගමැති නරේන්ද්‍ර මෝදි පැවසුවා.

  • බැසිල් මන්ත්‍රී වෙන්න කලින් ‘අමාත්‍යවරයෙක්‘ වෙයි !

    බැසිල් මන්ත්‍රී වෙන්න කලින් ‘අමාත්‍යවරයෙක්‘ වෙයි !

    හෙට (08) මන්ත්‍රීවරයෙකු වශයෙන් දිවුරුම් දීමට නියමිත බැසිල් රාජපක්ෂ මහතා ඊට පෙර අමාත්‍යවරයෙකු වශයෙන් දිවුරුම් දීමට නියමිත බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවැසීය.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වශයෙන් පාර්ලිමේන්තුවේදී හෙට (8) දිවුරුම් දෙන බැසිල් රාජපක්ෂ මහතාට ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ නවවැනි ආසනය සූදානම් කර ඇතැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවැසීය.

    බැසිල් රාජපක්ෂ මහතා මන්ත්‍රීවරයකු වශයෙන් දිවුරුම්දීමට ප්‍රථම ඇමතිවරයකු වශයෙන් දිවුරුම් දෙන හෙයින් ඔහුට ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ 09 වැනි අසුන පනවන බවද ඔහුගේ වම් පස ඇත්තේ ජනාධිපතිවරයාට වෙන් කෙරුණු ආසනය බවත් ඔහුට දකුණු පස ආසනය සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට වෙන් කර ඇති ආසනය බවත් ප්‍රනාන්දු මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

  • ශ්‍රී ලන්කන් පාඩුව රු. මිලියන 372,015ක්

    ශ්‍රී ලන්කන් පාඩුව රු. මිලියන 372,015ක්

    සීමාසහිත ශ්‍රී ලන්කන් ගුවන් සේවා සමාගම ලාභ ලබන තත්ත්වයට පත්කිරීමට අදාළ පූර්ණ ව්‍යාපාරික සැලැස්මක් සකසා මාසයක් ඇතුළත් කෝප් කාරක සභාවට ඉදිරිපත් කරන ලෙස කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මාහාචාර්ය චරිත හේරත් මහතා,එම සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතාට ඊයේ (06) දැනුම් දුන්නේය.

    එමෙන්ම පවතින තත්ත්වය පිළිබඳව අධ්‍යයනය කර අමාත්‍යාංශ මට්ටමින්ද වාර්තාවක් මසක් ඇතුළත ලබා දෙන ලෙස කාරක සභාව ,සංචාරක අමාත්‍යාංශයේ ලේකම්වරයාට නිර්දේශ කළේය. විශේෂඥ කමිටුවක් පත්කර පුළුල් අධ්‍යයනයක් සිදුකර කඩිනමින් වාර්තාවක් ලබා දෙන ලෙසද කාරක සභාව  නිර්දේශ කළේය.

    සීමාසහිත ශ්‍රී ලන්කන් ගුවන් සේවා සමාගමේ 2021 මාර්තු 31 දිනට, එය නැවත රජයට පවරා ගැනීමේ දින සිට සමුච්චිත අලාභය රුපියල් මිලියන 372,015 ක් බව කෝප් කාරක සභාවේදී අණාවරණය විය.

    2020/21වර්ෂයේ බදුවලට පසු එම සමාගමේ මුළු අලාභය රුපියල් මිලියන 45,674 ක් බවත්, මෙහෙයුම් අලාභය ද වැඩි වී තිබෙන බවත් බව කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මාහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය.

    ඊට කොවිඩ් 19 වසංගතයේ බලපෑම මෙන්ම, ගුවන් යානා ඉන්ධන පිරිවැය , ගුවන් යානා මෙහෙයුම් කල්බදු පිරිවැය  සහ අනෙකුත් මෙහෙයුම් කල්බදු පිරිවැය සහ අනෙකුත් මෙහෙයුම් වල වියදම්වල ඉහළ යාම බලපා තිබේ.

    සමාගමේ අහිතකර ප්‍රාග්ධන තත්ත්වය 2021මාර්තු 31 දිනවන විට බරපතල තත්ත්වයකට පත්ව තිබෙන බවත්, එහෙයින් භාණ්ඩාගාරයේ සහයක් නොමැතිව සමාගමේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයකට මුහුණ දී සිටින බවත් කාරක සභාව නිරීක්ෂණය කළේය.

    සීමාසහිත ශ්‍රී ලන්කන් ගුවන් සේවා සමාගමේ වර්තමාන කාර්‍ය සාධනය පිළිබඳ පරීක්ෂා කිරීමට මෙම කාරක සභා රැස්වීම කැඳවා තිබූ අතර, ඊට  කැබිනට් අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍යවරුන් වන අජිත් නිවාඩ් කබ්‍රාල්, ඩී.වී චානක ,ඉන්දික අනුරුද්ධ යන මහත්වරුද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාවුෆ් හකීම්, පාඨලී චම්පික රණවක, ඉරාන් වික්‍රමරත්න, හර්ෂ ද සිල්වා, එස්.එම් මරික්කාර්, ජගත් පුෂ්පකුමාර, ජයන්ත සමරවීර, ප්‍රේමනාත් සී.දොලවත්ත, එස්. රාසමාණික්කම්, යන මහත්වරු සභභාගී වූහ.

    2020 වසරේදී භාණ්ඩාගාරය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක අතිරේක ප්‍රාග්ධන යෙදවීමක් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබූ අතර , ඉන් ඇමෙරිකානු ඩොලර් මිලියන 240 ක  මුදලක් මේ වනවිටත් සමාගම වෙත නිකුත් කර ඇති බව කාරක සභාවේ නිරීක්ෂණය විය. එම මුදල් භාවිත කර ඇති ආකාරය සම්බන්ධව ද කාරක සභාව විශේෂ අවධානයක් යොමු කළේය.

    සීමාසහිත ශ්‍රී ලන්කන් ගුවන් සේවා සමාගමේ 2021 මාර්තු 31 දිනට සේවයේ යෙදී සිටින ඉහළ කළමණාකරණයේ නිලධාරියෙකු රුපියල් මිලියන 3.1 ක මාසික වැටුපක්ද , ගුවන් නියමුවන් 82 දෙනෙකු රුපියල් මිලියන 02 කට වැඩි මාසික වැටුපක් ද , තවත් ගුවන් නියමුවන් 142 දෙනෙකු, ගුවන් යානා ඉංජිනේරුවන් 12 දෙනෙකු, ඉංජිනේරු අංශයේ කළමණාකරුවන් 09 දෙනෙකු හා ඉහළ කළමණාකරණයේ නිලධාරින් 03 දෙනෙකු රුපියල් මිලියනයත්, මිලියන 02 අතර මාසික වැටුපක් ලබන බවද කාරක සභාවේ නිරීක්ෂණයට ලක්විය.

    මෙම සේවය ජාතික ගුවන් සේවයක් ලෙස පවත්වා ගැනීමේ අවශ්‍යතාවද කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දුන්නේය.

    එමෙන්ම සීමාසහිත ශ්‍රී ලන්කන් ගුවන් සේවා සමාගමේ දෛනික පාඩුව රුපියල් මිලියන 84 ක් බව කාරක සභාවේදී  හෙළි වූ අතර, එතරම් ජාතික ධනයක් වැය කරන මෙම සමාගම ලාභ ලබන තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් ක්‍රමවත් සැලැස්මක් අවශ්‍ය බවද කාරක සභාව පෙන්වා දුන්නේය.

    සීමාසහිත ශ්‍රී ලන්කන් ගුවන් සේවා සමාගම 2019/20 හා 2020/21 වසරවලදී එහි පිරිවැය ඇමෙරිකානු ඩොලර් මිලියන 66.9 ක් අඩු කර ගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් කාරක සභාව එම සමාගම ප්‍රශංසාවට ලක් කළේය.

  • නීතිය අනුව බැසිල් රාජපක්ෂට ‘පාර්ලිමේන්තු යන්න බෑ’ ලූ: බම්බුව තමයි !

    නීතිය අනුව බැසිල් රාජපක්ෂට ‘පාර්ලිමේන්තු යන්න බෑ’ ලූ: බම්බුව තමයි !

    බම්බුව තමයි!

    ලංකාවේ නීතිය අනුව බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විය නොහැකි බවට සමාජ මාධ්‍ය සටහන් කිහිපයක් ම  දුටිමි. අතීතය අමතක කිරීම තරම් ම අතීතය නොදැන සිටීම ද යහපත් නැත. එබැවින් ලියමි.  

    තමන්ගේ ජාතික ලැයිස්තුවට පිටින් දේශපාලන පක්ෂයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කළ වැදගත්ම  අවස්ථාව කළුතර රත්නසිරි වික්‍රමනායක ය. අනාගත ආයෝජනය චම්පික රණවක ය. නින්දිතම අවස්ථාව කරුණා ය.  විහිළුව සරත් ෆොන්සේකා ය. සුක්ෂම අවස්ථාව ඩලස් ය.  බැසිල් ගේ පත් කිරීම ඔය එකක් තරම් වත් ලංකා දේශපාලනයේ තවම සුවිශේෂ වන්නේ නැත!

    2004 මහා මැතිවරණයට පොදුජන එක්සත් පෙරමුණ බාර දුන් නාම යෝජනා පත්‍රයක හෝ 99 ඒ වගන්තිය යටතේ බාරදුන් ජාතික ලැයිස්තුව ට හෝ රත්නසිරි වික්‍රමනායක ගේ හෝ විජේදාස රාජපක්ෂ ගේ නම තිබුණේ නැත. නමුත්, ඔවුන් දෙදෙනා පසුව ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස පත් කරනු ලැබීය.  එයට මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය වෙනුවෙන් සුනන්ද දේශප්‍රිය අභියාචනාධිකරණයේ නඩුවක් දැම්මේය.  පසුව මේ නඩුව ඉල්ලා අස්කර ගත්තේය.  ජනදාස පීරිස් ඉල්ලා අස් නොවන්නට චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට තමන්ගේ දිගු කාලීන දේශපාලන හිතවතා හා ලෙස අගමැති රත්නසිරි පත් කර ගන්නට ලැබෙන්නේ නැත. විජේදාසට ජාතික ලැයිස්තුව ලැබුණේ මේ වැඩේට අවශ්‍ය නීති තර්කය හැදූ නිසා යැයි මම සිතමි.

    2007  සැප්තෑම්බර් එජනිස පත්කල මන්ත්‍රී අන්වර් ඉස්මයිල් මන්ත්‍රීවරයා අභාවයට පත් වූ අතර එම පුරප්පාඩුවට පත්වුයේ බැසිල් රාජපක්ෂ ය.  කතාව හැමෝම දන්නා බැවින් විස්තර නොකරමි.  

    1999 දී පොදුජන පෙරමුණ (පුටුව) 99 ඒ වගන්ති ප්‍රකාරව මැතිවරණ කොමසාරිස්ට බාරදුන් ජාතික ලැයිස්තුව සංශෝධනය කළේය.  මුල් ලැයිස්තුවේ බැටී වීරකෝන් ගේ නම තිබූ අතර, දෙවැන්නේ බැටී ගේ නම තිබුණේ නැත.  බැටී වීරකෝන් කීර්තිමත් නීතිවේදියා නඩු දැම්මේය.  වැඩක් වුණේ නැත.

    2015 මහා මැතිවරණයට සරත් ෆොන්සේකා ‘පන්දම‘ ලකුණින් ඡන්දය ඉල්ලා පරාජයට පත් විය. 2016 දී එම්.කේ.ඩී.එස්.ගුණවර්ධන මිය ගිය පසුව (එජාප තම ලැයිස්තුවේ සිටි අසාත් සාලි වෙනුවට),  වෙනත් පක්ෂයකින් තමන්ට විරුද්ධව ඡන්දය ඉල්ලු සරත් ෆොන්සේකා ගේ නම මැතිවරණ කොමිසමට යැව්වේය.  කොමිසම ඒ නම ගැසට් කර සරත් ෆොන්සේකා මන්ත්‍රී කළේය.  විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය එදා එජාප මහ ලේකම් කබීර් හෂීම් ට විරුද්ධව අංක 54/2016 මානව හිමිකම් නඩුව දැම්මේය. නඩුව විභාගයට නොගෙන ම විසි විය. 

    ජාතික ලැයිස්තුවේ නම නොතිබුණු ඩලස් අලහප්පෙරුම 2005 පාර්ලිමේන්තුවට ගෙන ආ හැටි දැන් කවුරුත් කථා කරන්නේ නැත.  ඇමති ලක්ෂමන් කදිරගාමර් ඝාතනයෙන් පසුව ඩලස් පාර්ලිමේන්තුවට ආ හැටි තමයි හොඳම එක! ඒක හොඳටම කළේ මහින්ද රාජපක්ෂ ය.   

    2008 වසන්ත සමරසිංහ ජාතික ලැයිස්තුවෙන් ඉවත් වූ විට එයට පත් වූවේ හොර පාස්පෝට් එකකින් ලන්ඩන් ගොස් ආපසු ලංකාවට පැමිණ සිටි විනයාගමූර්ති මුරලිදරන් (කරුණා අම්මාන්) ය. කරුණා කළ ජාතික මෙහෙවර නිසාදෝ එදා ඔහුගේ පාර්ලිමේන්තු ආගමනය ගැන කවුරුවත් කථා කළේ නැත.

    හෙළ උරුමය මගින් මැතිවරණයට ඉදිරිපත් කළේ භික්ෂුන් වහන්සේලා පමණී.  2006 පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පාර්ලිමේන්තුවෙන් ඉවත් වී චම්පික රණවකට පාර්ලිමේන්තුවට ඒමේ අවස්ථාව සලසා දුන්නේය. චම්පික ඒ මැතිවරණයට තරඟ කළේ හෝ ජාතික ලැයිස්තුවේ නම තිබුනේ හෝ නැත.

    මුස්ලිම් කොන්ග්‍රසයේ ජාතික ලැයිස්තු පත් කිරීම් හරිම අපූරුය. මාතෘකාවට කෙළින්ම සම්බන්ධ නැතත් සල්මාන්, අයි.කුද්දුස්, පුෂ්පකුමාර පමණක් නොව අසිත පෙරේරා ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වූ හැටි විචිත්‍ර කතාය.   ලැයිස්තුව තවත් දිගය! අවශ්‍ය කෙනෙකුට සොයා ගත හැකිය.

    අගමැති රත්නසිරි, කරුණා අම්මාන්, ඩලස්, චම්පික, විජේදාස පාර්ලිමේන්තුවේ කැපි පෙනුනු චරිත ය.

    බැසිල් රාජපක්ෂගේ පත්වීම ඒ සියල්ලට වඩා අවශේෂ හෝ සුවිශේෂ වන්නේ පත්වීමේ නීත්‍යානුකූල භාවය නිසා නම් නොවේ.  විපක්ෂය එය බාර ගන්නා ආකාරය අනුවය.

    රජිත් කීර්ති තෙන්නකෝන් 

  • A/L සමත් ‘රෝහල් කම්කරුවන්‘ ද වෛද්‍යවරුන් ලෙස බඳවා ගනු !

    A/L සමත් ‘රෝහල් කම්කරුවන්‘ ද වෛද්‍යවරුන් ලෙස බඳවා ගනු !

    උසස් පෙළ අසමත් අයට වෛද්‍ය පත්ව්ම් ලබාදිය හැකිනම් උසස් පෙළ සමත් රෝහල් උපස්ථායක වරුන් කම්කරු මහතුන් වෛද්‍යවරුන් ලෙස බඳවා ගත යුතු බව‘ මහජන යුතුකම් කේන්ද්‍රය පවසයි.

    මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මහජන යුතුකම් කේන්ද්‍ර යේ කැඳවුම්කරු වසන්ත අල්විස් මහතා කියන්නේ තමන්ගේ රෝගවලට ප්‍රතිකාර ලබා ගැනීමට සිංගප්පූරුවට යන දේශපාලනඥයින් සහ ඉහළ නිලධාරීන්ගේ මෙම අනීතික ක්‍රියාවලට එරෙහිව ජනතාව පියවර ගත යුතු බවයි.

    එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වේ.

    යහපාලන ආණ්ඩුවේ සෞඛ්‍ය ආමාත්‍ය රාජිත සේනාරත්න විසින් පත්කරන ලද  වෛද්‍ය සභා විසින් අනුමත නොකරන ලද බෙලරුසියාවේ සහ තවත් රටවල් කිහිපයක පිහිටි උසස් පෙළ අසමතුන් බදවා ගන්නා වෛද්‍ය පීඨ මේ වන විට වත්මන් සෞඛ්‍ය ඇමැති පවිත්‍රාගේ වෛද්‍ය සභාව විසින් අනුමත කරමින් සිටින බව අපහට දැනගන්නට ඇත.

    පසුගියදා පැවති කැබිනට් රැස්වීමකදී ප්‍රසන්න රණතුංග ඇමතිවරයා ද මේ බව ජනාධිපතිවරයා දැනුවත් කිරීමෙන් පසුව  උසස් පෙළ අසමතුන් බඳවා ගන්නා අදාළ බෙලරුසියාවේ වෛද්‍ය පීඨ වල ඉගෙන ගන්නා සිසුන්ට සාධාරණයක් කරන ලෙස  ජනාධිපතිවරයා නියෝග කර ඇති බව පුවත්පත් වාර්තා කර ඇත. 

    මේ රට ගමන් කරමින් සිටින්නේ කොයිබට ද ?

    උසස් පෙළ අසමත්   මෙරට ප්‍රභූන්ගේ  පවුල්වල දරුවන්ට වෛද්‍ය උපාධිය ලබා දීම සඳහා මේ රටේ සමස්ත සෞඛ්‍ය සේවය බිලි දිය යුතු ද ? ඒ අනුව මෙරට උගතුන් රට හැර යනු ඇති අතර උසස් පෙළ අසමත් වෛද්‍යවරුන්ගෙන් මෙරට රෝහල් සම්පූර්ණ වනු ඇත සමස්ත සෞඛ්‍ය සේවාව බිඳ වැටෙනු ඇත. 

    හෙට දවසේ ඔබට හෝ ඔබේ දරුවාට, ඔබගේ ළඟම ඥාතියා හට රජයේ  රෝහලකදී යම්කිසි අසාධාරණයක් සිදු වුවහොත් එයට අදාළ ඇමතිවරුන් වගකිව යුතුව ඇත. උසස් පෙළ අසමතුන් වෛද්‍යවරුන් ලෙස  ලියාපදිංචි කරන ඇමතිවරුන් තමන්ට ප්‍රතිකාර ලබා ගැනීමට යන්නේ ඕස්ට්‍රේලියාවට හෝ හෝ සිංගප්පූරුවට ය. 

    උසස් පෙළ අසමතුන්ට මෙරට වෛද්‍යවරු ලෙස ලියා පදිංචි කරන ලෙස ජනාධිපතිවරයාට පවසන ඇමතිවරුන් ප්‍රතිකාර ලබන්නේ  මෙරට රෝහල් පද්ධතියෙන් නොව සිංගප්පූරුවේ හෝ ඕස්ට්‍රේලියාවේ දී ය. මක්නිසාදයත්  ඔවුන්ගේ අනුහසින් මෙරට ඇතැම්  වෛද්‍යවරුන් උසස් පෙළ අසමතුන් බව ඔවුන් දන්නා බැවිනි. 

    අප මීට පෙර ද උසස් පෙළ අසමත් අය ට වෛද්‍ය පත්වීම් ලබාදීම සම්බන්ධයෙන් ලිඛිත ඔප්පු කළ හැකි සාක්ෂි සමඟ මාධ්‍ය දැනුවත් කළත් කලත් එයින් යම්කිසි මට්ටමින් හෝ උසස් පෙළ අසමතුන් බදවා ගන්නා බව පළ කරන ලද්දේ දිවයින පුවත්පත පමණි. එසේම මෙරට සෞඛ්‍ය සේවය බිඳවැටෙන මෙවැනි ප්‍රතිපත්තිමය තීරණ වලට නිහඬව සිටින උගතුන් ගෙන් ද ඇසිය යුත්තේ රට ගිනිගත් පසු වීණා වාදනය කරමින් සිටිනවාද යන්නයි ?

     අපොස උසස් පෙළ අසමත් වෛද්‍ය උපාධිය ඇති අය වෙත  වෛද්‍යවරුන් ලෙස සේවය කිරීමට  බලතල ලබා දෙන්නේ නම් උසස් පෙළ සමත් හෙද සේවාවේ නියුතු අයවලුන්ට  හෙද උපාධිය ලබා දීමට  කටයුතු කළ නොහැක්කේ මන්ද  ?

    හැත්තෑ තුන් වසරක්  මේ රට විනාශ කළේ දේශපාලනඥයින් පමණක් නොව  දේශපාලනඥයින්ගේ අමනෝඥ තීරණවලට  අනුබල දුන් රාජ්‍ය නිලධාරීන් ද මෙයට ඍජුව වගකිව යුතුව ඇත. 

    උසස්පෙළ අසමතුන් වෛද්‍යවරුන් ලෙස ලියා පදිංචි කරන්නේ නම් මෙරට විශ්වවිද්‍යාලයකට යා නොහැකි වූ උසස් පෙළ සමත් හෙද හෙදියන්ට ද කඩිනමින් හෙද උපාධියක් ලබා දිය යුතුව ඇත. උසස් පෙළ සමත් ව රෝහල්  කම්කරු සේවයෙන් නියුතු මහත්ම මහත්මීන්ට ද  මේ අනුව වෛද්‍ය උපාධිය හෝ හෙද උපාධිය ලබා දිය යුතුව ඇත.

  • Lambda variant: බිහිසුණුම කොරෝනා වෛරසයේ අවදානම ගැන සෞඛ්‍ය අංශ දැඩි අවධානයෙන්

    Lambda variant: බිහිසුණුම කොරෝනා වෛරසයේ අවදානම ගැන සෞඛ්‍ය අංශ දැඩි අවධානයෙන්

    වර්තමානයේ භාවිතා කරන කොවිඩ් එන්නත්වලට පවා ප්‍රතිචාර නොදක්වන කොරෝනා වයිරසයේ ලැම්බඩා ප්‍රභේදය (Lambda variant) රටවල් 30ක පමණ ව්‍යාප්ත වී ඇති බැවින් ශ්‍රී ලංකාව ඒ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කර ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සදහන් කළේය.

    ලැම්බඩා සහ අනෙකුත් සියලුම කොවිඩ් ප්‍රභේදයන්ගෙන් ආරක්ෂා වීම සඳහා මුහුණු ආවරණ පැළඳීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම ඇතුළු සියලු පූර්වාරක්ෂාවන් ගන්නා ලෙස ඔහු සෞඛ්‍ය බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

    COVID19 පාලන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුදර්ශනි ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය ඩේලි මිරර් පුවත්පත සමග අද (06) දින ප්‍රකාශ කර ඇත්තේ ලැම්බඩා ප්‍රභේදය වෙනත් රටවල ව්‍යාප්ත වීම හේතුවෙන් මේ දක්වා නව පූර්වෝපායන් කිසිවක් සදහා උපදෙස් දී නොමැති බවයි.

    කොවිඩ් ව්‍යාප්තිය හමුවේ පනවන ලද සංචරණ සීමා මේ සතියේ තවදුරටත් ලිහිල් කරන ලද නමුත් දැනටමත් ක්‍රියාත්මක සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි ලෙස පිළිපැදිය යුතු යැයි ඇය මහජනතාවගෙන් ඉල්ලා සිටියාය.

    මේ අතර සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ සෞඛ්‍ය බලධාරීන් තවමත් ලැම්බඩා ප්‍රභේදය පිළිබඳ තොරතුරු එක්රැස් කරමින් සිටින බවයි.

    කෙසේ වෙතත්, කිසියම් ප්‍රභේදයක් පැතිරීම වැළැක්වීම සඳහා මහජනතාව පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම වැදගත් බව ද ඔහු පැවසීය.

    “එය කුමන ප්‍රභේදයක් වුවත් කමක් නැහැ. පැතිරීම වැළැක්වීම සඳහා සාමාන්‍ය කෝවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම වැදගත්‘ ඔහු පැවසීය.

    ශ්‍රී ලංකාවේ සිදු කෙරෙන ජානමය අනුක්‍රමණය මඟින් වෛරසය රට තුළට ඇතුළු වුවහොත් එය හඳුනාගත හැකි බව පැවසූ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වාර්තාවලට අනුව, ලැම්බඩා ප්‍රභේදය නොහොත් සී.37 පළමු වරට 2020 අගෝස්තු මාසයේදී පේරු රාජ්‍ය යේදී අනාවරණය වූ බවත් පැවසීය.

    විදේශ මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේ ජුනි මැද භාගය වන විට දකුණු ඇමරිකාවේ, විශේෂයෙන් ඉහළ ව්‍යාප්තියක් ඇති රටවල් 30 කට අධික සංඛ්‍යාවක මෙම ප්‍රභේදය අනාවරණය වී ඇති බවයි.

    ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ ප්‍රභේදයේ විකෘති මගින් සම්ප්‍රේෂණය වීමේ හැකියාව වැඩි කිරීමට හෝ ප්‍රතිදේහ උදාසීන කිරීමට ඇති ප්‍රතිරෝධය වැඩි කිරීමට ඉඩ ඇති බවයි. 

  • 15 හැවිරිදි දැරිය අපයෝජනය කළ ‘නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්’ රිමාන්ඩ්

    15 හැවිරිදි දැරිය අපයෝජනය කළ ‘නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්’ රිමාන්ඩ්

    අන්තර්ජාලය හරහා අලෙවි කළ බව කියන 15 හැවිරිදි දැරියක සමඟ ලිංගික සම්බන්ධකම් පැවැත්වීමෙන් පසු ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණයක් සිදුකළ බවට එල්ල වූ චෝදනාව මත අත්අඩංගුවට ගත් වැලිසර නාවික හමුදා කඳවුරේ හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ජූලි 19 වන දින දක්වා රිමාන්ඩ් භාරයට පත් කර තිබෙනවා.

    සැකකාර විශේෂඥ වෛද්‍යවරයා ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් තනතුර ද දරන බවයි පොලිසිය අධිකරණයට වාර්තා කළේ.

    සැකකරු උසාවියට ​​ඉදිරිපත් කරමින් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය කියා සිටියේ වෘත්තියෙන් වෛද්‍යවරයෙකු වන සැකකරු කොල්ලුපිටිය ලිබර්ටි ප්ලාසා ගොඩනැගිල්ලේ දී දැරිය මුණගැසී ඇයව ගල්කිස්ස ප්‍රදේශයේ හෝටලයකට ගෙන ගොස් ඇති බවයි.ෙ

    සැකකරුවන් ගණනාවක් සම්බන්ධ සංවිධානාත්මක ලිංගික සූරාකෑමේ ජාවාරමකට අදාළ නඩුවේ 32 වන සැකකරු ලෙස ඔහු නම් කර තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් වැඩි දෙනෙක් වයස අවුරුදු 40 ත් 50 ත් අතර අය බව පොලිසිය අධිකරණයට වාර්තා කළා.

    සැකකරු, දණ්ඩ නීති සංග්‍රහයේ 363 (ඉ) වගන්තිය යටතේ වරදක් කර ඇති බවට පොලිසිය චෝදනා කර තිබෙනවා. වයස අවුරුදු 16 ට අඩු කාන්තාවක් සමඟ ලිංගික සංසර්ගය යනු ස්ත්‍රියගේ කැමැත්ත ඇතිව හෝ රහිතව සිදු කළ දූෂණයක් වශයෙන් ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය අනුව සැලකෙනවා.

    වෛද්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි විත්තියේ නීතිඥවරයා තම සේවාදායකයා බාල වයස්කාර දැරිය සමඟ ලිංගික සංසර්ගයේ යෙදී ඇති බවට වූ චෝදනාව ප්‍රතික්ෂේප කළා. කෙසේ වෙතත්, විත්තියේ නීතිඥවරයා තම සේවාදායකයා විසින් දැරිය මවුන්ට් ලැවීනියා හි හෝටල් කාමරයකදී මුණගැසී ඇති බව පිළිගත් අතර, ඇය බාල වයස්කරියක බව දැනගත් මොහොතේම ඔහු කාමරයෙන් පිටව ගිය බවයි නීතිඥවරයා අධිකරණයට ප්‍රකාශ කළේ. 

    ලිංගික කාරණා සඳහා දැරිය යොදා ගැනීම සම්බන්ධයෙන් තම සේවාදායකයා අදාළ බලධාරීන්ට පැමිණිල්ලක් නොකළ බව විත්තියේ නීතිඥවරයා පිළිගත්තා. 

    මෙම අවස්ථාවේදී පොලිසිය චෝදනා කළේ සැකකරු වගකිවයුතු රජයේ සේවකයෙකු ලෙස තම රාජකාරිය නොසලකා හැර ඇති බවයි.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් ස්වේච්ඡා ප්‍රකාශයක් කිරීමට ජූලි 9 වන දින කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලොචනා අබේවික්‍රම මහත්මිය විසින් සැකකරුට අවසර ලබා දී තිබෙනවා.

    මේ අතර, ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන්ට ප්‍රචාරය ලබා දෙන බව කියන වෙබ් අඩවි හතරක් තහනම් කරන ලෙස පොලිසිය කළ ඉල්ලීම අතිරේක මහේස්ත්‍රාත්වරිය විසින් ප්‍රතික්ෂේප කළා. උසාවි නියෝගයක් ලබා නොගෙන වෙබ් අඩවි තහනම් කිරීමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට බලය ඇති බව අතිරේක මහේස්ත්‍රාත්වරිය සදහන් කළා.

    මේ අතර, දැරිය ගණිකා වෘත්තියේ යෙදවීම සඳහා ප්‍රවාහන පහසුකම් සැපයීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් ත්‍රිරෝද රථ රියදුරෙකු අතිරේක මහේස්ත්‍රාත්වරිය විසින් ජූලි 19 දක්වා රිමාන්ඩ් කරනු ලැබුවා.

    දැරියගේ මව, මාලදිවයිනේ හිටපු මුදල් අමාත්‍ය මොහොමඩ් අෂ්මාලි, මිහින්තලේ ප්‍රදේශීය සභාවේ උප සභාපති, හෝටලයේ කළමනාකරු සහ මැණික් ව්‍යාපාරිකයෙකු ඇතුළු සැකකරුවන් 32 දෙනෙකු පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය විසින් දැනටමත් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

  • කොවිඩ් මර්දනයට මුවා වී ආණ්ඩුවෙන් ‘උද්ඝෝෂණවලට පොල්ලක්‘

    කොවිඩ් මර්දනයට මුවා වී ආණ්ඩුවෙන් ‘උද්ඝෝෂණවලට පොල්ලක්‘

    මහජනතාව වැඩි වශයෙන් ඒකරාශී වන පොදු රැස්වීම්, උද්ඝෝෂණ වැනි ක්‍රියාකාරකම් හේතුවෙන් කොවිඩ් පැතිරයෑමේ අවදානමක් ඇති බැවින් නැවත දැනුම්දෙන තුරු එවැනි උද්ඝෝෂණ හා මහජන ඒකරාශීවීම් සිදුනොකළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දී ඇතැයි පොලිස් මූලස්ථානය අද (05) දින නිකුත් කළ නිවේදනයක සදහන් වේ.

    පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමුකරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මෙම ඉල්ලීම කර ඇතැයි ද එම නිරෝධායන නියෝගවලට අදාළව මින් ඉදිරියට පොලීසිය ක්‍රියාකරනු ඇති බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වේ.

  • ආණ්ඩුවේ වැඩපිළිවෙළ ගැන ‘ඇල්ලේ ගුණවංශ හිමියෝ‘ කළ අන්දෝලනාත්මක ප්‍රකාශය

    ආණ්ඩුවේ වැඩපිළිවෙළ ගැන ‘ඇල්ලේ ගුණවංශ හිමියෝ‘ කළ අන්දෝලනාත්මක ප්‍රකාශය

    දේශපාලකයින්ට රට භාරදී සිදුවෙන විනාශය දැන් අවසන් කළයුතුව ඇති බවත් ආණ්ඩුව දැන් හැසිරෙන ආකාරය තමා කිසිසේත් අගය නොකරන බවත් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ පවසති.

    අද (05) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ගුණවංශ හිමියෝ වැඩි දුරටත් කියා සිටියේ දේශපාලනයෙන් සහ ජාතිවාදයෙන් තොර දෙවෙනි නිදහස් සටන ආරම්භ කිරීම සඳහා සියලු දෙනා අත්වැල් බැදගත යුතු බවයි.

    ගුණවංශ හිමියෝ මෙසේද පැවසූහ. “ජාති වශයෙන් අපි බෙදිලා ඉන්නකම් අපිට නිදහසක් නෑ. අපි බෙදිලා ඉන්න තරමට ජාත්‍යන්තර බලවේග අපේ රට ඇතුළට ඇවිල්ලා අපේ රටේ සම්පත් මංකොල්ලයක නිරත වෙනවා. බටහිර අධිරාජ්‍යවාදීන් මේ වෙනකොට අපේ රටේ ඛණිජ සම්පත් මංකොල්ලයක නිරතවෙමින් සිටිනවා. මට කනගාටු පොස්පේට් නිධිය තියාගෙන පොහොර නෑ කියලා කෑගහන එක ගැනයි. ආණ්ඩුව දැන් හැසිරෙන ආකාරය මං අගය කරන්නේ නෑ. අපි මේ රට අතට ගන්න ඕනේ දැන්. දේශපාලකයින්ට රට භාරදීලා විනාශ වුණා ඇති දැන්. ආයතන 20ක් විතර විකුණන්න යනවා. දෙමළ ජනතාවටත් මම එකතු වෙන්න කියන්නේ, කන්කසන්තුරේ ඉඩම් ටික අලෙවි කිරීම සඳහා යෝජනාවලියකට ඇතුල් කරලා තියෙනවා. දේශපාලනයෙන් සහ ජාතිවාදයෙන් තොර දෙවෙනි නිදහස් සටන ආරම්භ කිරීම සඳහා අපි අත්වැල් බැඳගත යුතු යැයි ද උන් වහන්සේ වැඩි දුරටත් පැවසූහ.

  • බැසිල් වෙනුවෙන් කැටගොඩ පුටුව දෙයි – දිවුරුම් දීමත් තීන්දුයි

    බැසිල් වෙනුවෙන් කැටගොඩ පුටුව දෙයි – දිවුරුම් දීමත් තීන්දුයි

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට ඉඩදී ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා අද (05) මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ අනුව පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරයට සදහා බැසිල් රාජපක්ෂ මහතා නම්කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද මැතිවරණ කොමිෂමෙන් ඉල්ලා සිටියා.

    එම ඉල්ලීම කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පැවසුවේ 8 වැනිදා බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දෙන බවයි.

    මේ අනුව, හෙට (07) දිනය තුළ මැතිවරණ කොමිෂන් සභාව රැස්වී බැසිල් රාජපක්ෂ මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ගැසට් කිරීමට නියමිතව ඇති බවයි එහි ප්‍රකාශකයෙකු සදහන් කළේ.

  • ජනතාවගේ සෑම අරගලයකටම නායකත්වය දීමටත් ඒවා දිනා දීමටත් අප සූදානම් – JVP නායක අනුර දිසානායක

    ජනතාවගේ සෑම අරගලයකටම නායකත්වය දීමටත් ඒවා දිනා දීමටත් අප සූදානම් – JVP නායක අනුර දිසානායක

    “ආණ්ඩුව මේ දියත් කර තිබෙන මර්දනය වහාම නතර කළ යුතුයි. දැන් මේ විරෝධතාවන්ට නායකත්වය දුන් පිරිසට කටඋත්තර ලබා දීම සඳහා 07වැනිදා උදේ 9.00ට පොලීසියට පැමිණෙන ලෙසට නියෝග ලබා දී තිබෙනවා. මේ කරන්න හදන්නේ බියවැද්දීමයි. විරෝධතාවයන් මර්දනය කිරීමයි. ඒ නිසා අපි ආණ්ඩුවට කියන්නේ විරෝධතාවයන් මර්දනය කිරීමෙන්, එයට මැදිහත් වන අය බිය ගැන්වීමෙන් මේ විරෝධයන් යටපත් කිරීමට උත්සාහ ගන්නේනම් එය අසාර්ථකම උත්සාහයක් බව අපි අවධාරණය කරනවා. ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා දරන ප්‍රයත්නය වහා නතර කළ යුතුයි. එම ජනතාවගේ සාධාරණ ඉල්ලීම්වලට වහා විසඳුම් ලබා දිය යුතු බව අවධාරණය කරනවා. එම මර්දනීය ක්‍රියාමාර්ගවලට කවුරුන් බිය වුවත් මේ ජනතාවගේ සෑම අරගලයකටම නායකත්වය දීමටත් ඒවා දිනා දීමටත් අප සූදානම්.” යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක සඳහන් කරයි.

    ඔහු මේ බව පැවසූවේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී අද (05) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිණි.

    එහිදී වැඩිදුරටත් ඔහු දැක්වූ අදහස්,

    “පොහොර ලබා දෙන ඉල්ලා උද්ඝෝෂණය කළ ගොවීන් ගණනාවක් මේ වන විට ආණ්ඩු විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා. දැන් ඊට අමතරව සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාත්න, ජවිපෙ හිටපු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න සහෝදරවරුන්, ගල්ඒදණ්ඩ විජිතාරාමයේ විහාරාධිපති වීරකැටියේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ඇතුළු පිරිසක් පොලීසියෙන් අත්අඩංගුවට ගැනීමට සූදානමක් තිබෙනවා. මෙම මර්දනීය ක්‍රියාමාර්ගය පිළිබඳව සමාජයට පැහැදිලි කිරීමක් කළ යුතුයි.

    මේ වනවිට රට පුරා සියලු ජන කණ්ඩයම්වල විරෝධයක් මේ ආණ්ඩුවට එරෙහිව නැගෙමින් තිබෙනවා. ගොවි ජනතාව, ධීවර ජනතාව, විශ්වවිද්‍යාල දුවා දරුවන් තමන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කරමින් සිටිනවා. ජීවත්වීමට නොහැකි වීම නිසා පොදු ජනතාව තමන්ගේ විරෝධය පළ කරමින් සිටිනවා. මේ උද්ඝෝෂණ පැන නගින්නේ හුදෙකලාව නෙමෙයි. ආණ්ඩුව ජනතාවගේ මූලික අවශ්‍යතා ඉටු කිරීමට අසමත් වීම නිසයි. මේ වන විට මෙම උද්ඝෝෂණයන්හි මධ්‍යස්ථානයන් වී තිබෙන්නේ ගොවි ජනපදයි. පහුගිය කාලය පුරාවටම එප්පාවල, අනුරාධපුරය, වැලිමඩ, ඇඹිලිපිටිය ආදී ගොවි ජනපද ගණනාවක ආණ්ඩුවට විරෝධය එල්ල වෙමින් තිබෙනවා.

    ඔවුන්ගේ ප්‍රධානම ගැටලුව වී තිබෙන්නේ තමන්ගේ කෘෂිකර්මාන්තය කරගැනීමට අවශ්‍ය යෙදවුම් නිසි කලට ලබා දීමට ආණඩුව අසමත් වීම නිසයි. මෙය ගොවි ජනතාවගේ ජීවිතය පිළිබඳ ප්‍රශ්නයක්. වැලිමඩ ප්‍රදේශයේ ගොවීන්ගේ ප්‍රධානම ආදායම් මාර්ගය වී තිබෙන්නේ අර්තාපල් වගාවයි. බිම් සකස් කර, බීජ අල ගෙනැවිත් තිබෙන නමුත් ඒවා සිටුවීමට අවශ්‍ය යෙදවුම් ලබා දීමට ආණ්ඩුව අසමත් වී තිබෙනවා. දඹුල්ල ප්‍රදේශයේ එළවළු ගොවීන් තමන්ගේ බටු අස්වනු විනාශ කරමින් සිටිනවා. ඒ අවශ්‍ය වන කෘමිනාශක ලබා දෙන්න ආණ්ඩුව කටයුතු නොකළ නිසයි. ගොවි ජනතාවගේ ඇස් ඉදිරිපිට ඔවුන්ගේ වගාවන් විනාශ වෙමින් යනවා. අස්වැන්න ප්‍රමාණවත් තරමින් ඔවුන්ට ලබා ගැනීමට නොහැකි වී තිබෙනවා. එළවළු අස්වනු පණුවන් විසින් විනාශ කරමින් තිබෙනවා. ගොවි ජනතාවගේ ජීවිතය සමග ගැටගැසුණු ප්‍රධානතම ආර්ථිකය තුළ ඔවුන් ව්‍යසනයකට මුහුණපා තිබෙනවා.

    ආණ්ඩුව රසායනික යෙදවුම් නතර කර කාබනික යෙදවුම්වලට මාරු වීමට තීරණයක් ගනු ලැබුවා. ඒ පිළිබඳව කිසිවෙකුගේ විරෝධයක් නැහැ. එසේ නම් ආණ්ඩුව කාබනික යෙදවුම් නිසි කලට නිසි ප්‍රමාණයට ලබා දිය යුතුව තිබෙනවා. නමුත් ආණ්ඩුව එසේ කිරීමට අසමත් වුණා. ගොවීන්ට තමන්ගේ වගාවන් ඇස් ඉදිරිපිට විනාශ වෙමින් තිබෙනු දකින්නට සිදුවුණා. ඔවුන්ගේ එකම ආදායම් මාර්ගය එයයි. තමන්ගේ ජීවිතයේ දහසකුත් එකක් වියදම් පියවා ගැනීම සඳහා ඔවුනට තිබෙන්නේ කෘෂිකර්මාන්තයෙන් ලැබෙන ආදායම පමණයි. කෘෂිකර්මාන්තයේ නියැලෙන සියලු දෙනා පීඩාවට ලක්ව තිබෙනවා. තමන්ගේ ජීවනෝපාය තමන්ගේ ඇස් ඉදිරිපිට විනාශ වෙමින් තිබියෙදී ඔවුන් කළ යුත්තේ කුමක්ද?

    ඔවුන් පාරට බැස පළ කරන්නේ ඔවුන්ගේ කැකෑරෙන වේදනාවයි. එහෙම නැතුව ගෙදර ඇඳේ වකුටු වෙලා සිදු වන විනාශය නෑසූ කන් ඇතිව සිටීමට ඔවුනට නොහැකියි. ඔවුන් ඊට සූදානම් නැහැ. ඔවුනට හඬ නැගීමට යුක්ති සහගත අයිතියක් තිබෙනවා. ඒ පීඩාවට පත්වන ජනතාවගේ දුක් ගැනවිල්ලට අප විසින් ඇහුම්කන් දිය යුතුයි. ඒවාට විසඳුම් ලබා දිය යුතුයි. අප දේශපාලනය කරන්නේ ඒ වෙනුවෙන්. එය අපේ අත්හළ නොහැකි වගකීමක්. බදුල්ල දිස්ත්‍රික්කයේ අපේ පක්ෂයේ සංවිධායක සමන්ත විද්‍යාරත්න සහෝදරයා නායත්වය දුන්නේ ඒ වගකීම වෙනුවෙන්. ඔහු ඊට මැදිහත්වීම වැරදිද? ඒ වගේම ගොවි ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන්ම පිහිටුවා තිබෙන සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයට නායකත්වය දෙන නාමල් කරුණාරත්න සහෝදරයා සිටිනවා. ඔහු එම උද්ඝෝෂණයන්ට මැදිහත්වීම වැරදි වෙන්නේ කොහොමද? පන්සලේ නායක ස්වාමීන් වහන්සේ තමන්ගේ ගමේ ජනතාවට සිදුවී තිබෙන මේ අසාධාරණය දකිනවා. උන් වහන්සේ පෙරට එන්නේ ඒ නිසයි. දැන් ආණ්ඩුව ඔවුන් අත්අඩංගුවට ගෙන මර්දනය කිරීම සඳහා උත්සාහ දරනවා. ජනාධිපතිවරයාටත් මේ ආණ්ඩුවටත් අපි කියන්නේ ඔවුන් හිතනවානම් තමන්ට සුපුරුදු මර්දනීය ක්‍රියාමාර්ග මගින් ජනතාවගේ සාධාරණ විරෝධතා යටපත් කරන්න, ඒක ජනාධිපතිවරයා දකින දවල් හීනයක් විතරයි. මේ උද්ඝෝෂණ නතර කළ හැක්කේ මේ පීඩාවන්ට විසඳුම් ලබා දීමෙන් පමණයි.

    ආණ්ඩුව මේ දියත් කර තිබෙන මර්දනය වහාම නතර කළ යුතුයි. දැන් මේ විරෝධතාවන්ට නායකත්වය දුන් පිරිසට කටඋත්තර ලබා දීම සඳහා 07වැනිදා උදේ 9.00ට පොලීසියට පැමිණෙන ලෙසට නියෝග ලබා දී තිබෙනවා. මේ කරන්න හදන්නේ බියවැද්දීමයි. විරෝධතාවයන් මර්දනය කිරීමයි. ඒ නිසා අපි ආණ්ඩුවට කියන්නේ විරෝධතාවයන් මර්දනය කිරීමෙන්, එයට මැදිහත් වන අය බිය ගැන්වීමෙන් මේ විරෝධයන් යටපත් කිරීමට උත්සාහ ගන්නේනම් එය අසාර්ථකම උත්සාහයක් බව අපි අවධාරණය කරනවා. ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා දරන ප්‍රයත්නය වහා නතර කළ යුතුයි. එම ජනතාවගේ සාධාරණ ඉල්ලීම්වලට වහා විසඳුම් ලබා දිය යුතු බව අවධාරණය කරනවා. එම මර්දනීය ක්‍රියාමාර්ගවලට කවුරුන් බිය වුවත් මේ ජනතාවගේ සෑම අරගලයකටම නායකත්වය දීමටත් ඒවා දිනා දීමටත් අප සූදානම්.

    මේ උද්ඝෝෂණවලට මැදිහත් වූ කිසිවෙක් තමන්ගේ පෞද්ගලික වුවමනාවක් වෙනුවෙන් මැදිහත් වූවන් නෙමෙයි. ඔවුන් මැදිහත් වුණේ පොදු ජනතාවගේ සාධාරණ වුවමනාකම් දිනාගන්නයි. 2005-2015 කාලයේ විරෝධතාකරුවන්ට වෙඩි තබා ඝාතනය කරනු ලැබුවා. රතුපස්වලදී, වැලිසරදී, හලාවතදී එය අපි දැක්කා. ගෝඨාභය ආරක්ෂක ලේකම්වරයා ලෙස සිටියෙදී තමන්ගේ බැටෑලින් යොදවා සාමකාමී උද්ඝෝෂණකරුවන් ඝාතනය කළා. ආණ්ඩුවේ කරුණු එළිදරව් කළ මාධ්‍ය ආයතන ගිනි තිබ්බා. බෝම්බ ගැහුවා. මාධ්‍යවේදීන් පැහැරගෙන ගියා, අතපය කැඩුවා. සමහරුන් ඝාතනය කළා. එවැනි කළු ඉතිහාසයක් මේ පාලකයින්ට තිබෙනවා. මේ උත්සාහ දරමින් සිටින්නේ ඒ කළු ඉතිහාසයට පණපොවන්නනම් ගෝඨාභය ජනාධිපතිවරයාට අපි කියන්නේ ඔබ එම සූදානම වහා හකුළා ගත යුතුයි. ඒ වගේම අපි මේ රටේ පොදු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සාමකාමී උද්ඝෝෂණ මර්දනය කිරීම සඳහා ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ගවලට එරෙහිව ඔබේ හඬ අවදි කරන ලෙසයි. ඊට එරෙහිව පෙරට එන ලෙසයි.”

    මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්…

    “මා ජනාධිපතිවරයාට කියනවා දැන් පුළුවන්නම් ඔබ ගම සමඟ පිළිසඳර කරන්න කියලා. බොරලන්දට, එප්පාවලට, ඇඹිලිපිටියට, ගොවිජනපදවලට ගිහින් ගම සමඟ පිළිසඳර කරන්න. තමන් තෝරාගන්නා ලද පිරිසක් සමඟ කරන නාඩගම වෙනුවට ඇත්ත ගොවියන් සමඟ ඒක කරන්න. එතකොට ජනාධිපතිවරයාට තේරුම් ගන්න පුළුවන්වෙවි ඇත්ත ප්‍රශ්නය මොකක්ද කියලා. ඔව් අපි පක්ෂයක් හැටියට ගොවිජනතාව පත්වී තිබෙන අසීරුතාවයන්ට එරෙහිව නැගෙන විරෝධයට නායකත්වය දෙනවා. ඒ ප්‍රශ්න විසඳීම සඳහා බලකරනවා. ඇයි ඒ? දේශපාලන ව්‍යාපාරයක් ලෙස අපිට වගකීමක් තිබෙනවා එම ජනතාවගේ පීඩාවට එරෙහිව මැදිහත් වෙන්න. ගොවිජනතාව පෝස්ටරයක් ඇඳල දෙන්න කිව්වොත් අපි ඇඳල දෙනවා. පෝස්ටර් ගහල දෙන්න කිව්වොත් ඒක කරනවා. අපි ඔවුන් සමඟ උද්ඝෝෂණ කරනවා. මොකක්ද ඒකේ තියෙන වරද? පීඩාවට ලක්වෙන ජනතාව සමඟ වැඩ කරන එක තමයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය. නමුත් මෙය අපේ පක්ෂයේ සාමාජිකයින් පමණක් මුහුණ දී තිබෙන පීඩාවක් පමණක් නෙවෙයි. ආණ්ඩුව මේක පක්ෂයකට ලඝු කරන්න උත්සහ කරාට මේක තමයි ඇත්ත පොදු ජනතාවගේ පීඩාව.

    ආණ්ඩුවේ තර්කයට අනුව පොහොර සමාගම්වලින් ලොකුම කප්පම අරන් තියෙන්නේ ගෝටාභය රාජපක්ෂ. මොකද ඔහු තමයි පසුගිය ජනාධිපතිවරණයේදී පොහොර නොමිලයේ දෙනවා කිව්වා. ඒ නිසා ජවිපෙ පොහොර සමාගම් වෙනුවෙන් පෙනී ඉන්නවා කියන එක ලාබම ප්‍රතිඋත්තර බැඳීමක්. විකාර කතාවක්. පසුගිය ජනාධිපතිවරණයේදීත් අපි කිව්වේ පොහොර සහනාධාරය වැඩි කරන්නේ නැහැ කියලා. ඒක තමයි අපේ ප්‍රතිපත්තිය. මේ ආණ්ඩු බීජ සම්පත විනාශ කරනකොට රසායනික යෙදවුම්වලින් අපේ පස විනාශ කරනවිට අපේ රටේ නව කෘෂිකර්ම ප්‍රතිපත්තියක් ගැන අදහස් ප්‍රකාශ කරපු දේශපාලන ව්‍යාපාරයක් තමයි ජවිපෙ. අපි පෙනී ඉන්නේ රසායනික යෙදවුම්වල ප්‍රතිශතය අඩුකරමින් කාබනික යෙදවුම් ප්‍රතිශතය වැඩිකිරීමේ ප්‍රතිපත්තියට. හැමදාමත් කොම්පැනිකාරයින්ගේ වුවමනාවට ප්‍රතිපත්ති හැදුවේ මේ ආණ්ඩු. කොම්පැනිකාරයින්ගේ අල්ලේ නැට වුනේ ඒ දේශපාලන ව්‍යාපාර. ඒ නිසා අපිට එම චෝදනා කිරීම තරම් බංකොළොත්කමක් තව නැහැ.

    මේ ආණ්ඩුව බලයට ආවේම සිංහල බෞද්ධයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී ඉන්න ආණ්ඩුවක් ලෙසින්. නමුත් මෙම පාලනය දිනපතා ඔප්පු කරමින් ඉන්නවා ඔවුන් මොනතරම් වංචනික ලෙස සිංහල බෞද්ධ ජනතාවගේ අධ්‍යාත්මය හොරාකෑවද කියලා. ඒ නිසා තමයි මේ ආණ්ඩුවට පංසල දෙවැනි තැනට දාලා සම්බාහන මධ්‍යස්ථානය පළමු තැනට එන්නේ. බාර් එක මුල් තැනට එන්නේ. කොවිඩ් තුන්වැනි රැල්ල ආරම්භයේ සිට මේ ආණ්ඩුව ගනු ලැබූ ක්‍රියාමාර්ග එක පැත්තනින් දුර්වලයි; අනෙක් පැත්තෙන් පරස්පරයි; අනෙක් පැත්තෙන් අසාර්ථකයි. ඒ වගේම ගත් තීන්දු අතහැරලා තිබෙනවා. එහි ප්‍රතිඵලය ලෙස ලෝකයේ ඕනෑම තැනක කොවිඩ් අලුත් ප්‍රභේදයක් හැදුනොත් සතියක් දෙකක් ඇතුළත එය ලංකාවෙන් හමුවෙනවා. ඒ නිසා අපිට පේන දේ තමයි ආණ්ඩුව කොවිඩ් මර්දනය අත්හැරලා වෙන වෙන දේවල් ගැන හිතමින් ඉන්න බවයි. මේ ආණ්ඩුව කොවිඩ් මර්දනය සම්බන්ධයෙන් දක්වන අවධානය අතිශය දුර්වලයි වගේම අතිශය විනාශකාරී මගකට පාර කපමින් තිබෙනවා.

    මහබැංකු බැඳුම්කර වංචාව සිදුවූ පසු ඊට එරෙහි අවි අමෝරාගත් ප්‍රධාන කණ්ඩායම වුනේ මේ ආණ්ඩුවේ කණ්ඩායමයි. ඒ අය කිව්වේ කේපී ගෙනාවා වගේ මහබැංකු හොරු කුදලගෙන එනවා කියලා. ඒ වෙලාවේ ආණ්ඩුවේ අජිත් පී පෙරේරා ඇතුළු කණ්ඩායම කෝප් වාර්තාවට ෆුට්නෝට් දමමින් අර්ජුන මහේන්ද්‍රන්ලා, අලෝසියස්ලා, රනිල් වික්‍රමසිංහලා ආරක්ෂා කරන්න කටයුතු කළා. එදා මහබැංකු හොරුන්ගේ සතුරා බවට පත්වෙලා හිටියේ රාජපක්ෂ කණ්ඩායම. මිතුරන් වුනේ රනිල් වික්‍රමසිංහලා. අද අර්ජුන මහේන්ද්‍රන්ලාගේ, ඇලෝසියස්ලාගේ මිතුරන් බවට රාජපක්ෂලා පත්වෙලා. ඒ නිසා තමයි අද ඔවුන්ගේ සීල් තබන ලද අරක්කු ව්‍යාපාරවලට බදු සහන ලබාදෙන්නේ. ඒ විතරක් නෙවෙයි කෝටි 150ක් බදු ආණ්ඩුවට අහිමි කරගෙන සීල් තබන ලද මෙන්ඩිස් සමාගමට නැවත බිස්නස් එකට අවසර දෙනවා. ඒ නිසා රාජපක්ෂලා හැමවෙලාවෙම දූෂිතයින්ගේ මිතුරෝ. දූෂිතයින්ගේ ආරක්ෂකයෝ.”

  • ‘පාසල් ආරම්භ කරන තුරු හෝ අසභ්‍ය වෙබ් අඩවි අවහිර කරන්න‘ – අධිකරණයෙන් ඉල්ලීමක්

    ‘පාසල් ආරම්භ කරන තුරු හෝ අසභ්‍ය වෙබ් අඩවි අවහිර කරන්න‘ – අධිකරණයෙන් ඉල්ලීමක්

    අවම වශයෙන් පාසල් ආරම්භ වන තුරුවත් ළමුන් අසභ්‍ය වෙබ් අඩවිවලට පිවිසීම අවහිර කළ හැකි වැඩපිළිවෙළක් සකස් කරන ලෙස කොළඹ අතිරේක මහෛ්ස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා පොලිස් කාන්තා හා ළමා කාර්යාංශයේ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියාය.

    වර්තමානයේ පාසල් වසාදමා ඇති පසුබිමක අධ්‍යාපන කටයුතු අන්තර්ජාලය හරහා සිදුවන හෙයින් දරුවන්ට පහසුවෙන්ම අසභ්‍ය වෙබ් අඩවි කරා පිවිසීමට හැකියාව තිබෙන බව ද අබේවික්‍රම මහත්මිය සඳහන් කළාය.

    මහේස්ත්‍රාත්වරියගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා ළමා කාර්යාංශයේ නිලධාරීන් අධිකරණය හමුවේ සඳහන් කළේ මේ පිළිබඳව විදුලි සංදේශ නියාමන කොමිසම සමග සාකච්ඡා කර සුදුසු වැඩපිළිවෙලක් සැකසීමට පියවර ගන්නා බවයි.

    15 වියැති බාලවයස්කාර දැරියක් ලිංගික කටයුතු සඳහා අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (05) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර අවස්ථාවේදී මහෙස්ත්‍රාත්වරිය ඒ බව පෙන්වා දුන්නාය.

    ජංගම දුරකථන හෝ පරිගණක ළමුන් අතට පත්වීම වැළැක්විය නොහැකි බවද පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් පෙන්වා දුන්නේ දෙමව්පියන් රාජකාරී සඳහා නිවසින් බැහැරව සිටින අවස්ථාවේ දරුවන් අධ්‍යාපන කටයුතු සඳහා මෙම උපකරණ පරිහරණය කරන බවත් මෙවැනි අවස්ථාවක දරුවන්ට පහසුවෙන්ම අසභ්‍ය වෙබ් අඩවි කරා පිවිසීමට හැකියාව තිබෙන බවයි.

    බාලවයස්කාර දැරියක් ගණිකා වෘත්තියේ යෙදවීම සඳහා දැන්වීම් පළ කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගන්නා ලද වෙබ් අඩවියක හිමිකරුට හා මූල්‍ය කළමනාකරුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරිය සැකකරුවන්ට එල්ලවී තිබෙන චෝදනාවේ බරපතළ භාවය සහ ඔවුන් ඇප මත මුදා හරිනු ලැබූවොත් මතුවිය හැකි මහජන කැළඹීම සැලකිල්ලට ගෙන ඔවුන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව ද කීවාය. ඒ අනුව සැකකරුවන් විමර්ශන කටයුතු අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් නියෝග කළාය.

    එමෙන්ම බාල වයස්කාර දැරියක් පිළිබඳව අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළ කර ගණිකා වෘත්තිය සඳහා යෙදවූ බව කියන සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති එම දැරියගේ මව ඇප මත මුදාහරින ලෙස ඇයගේ නීතිඥවරු විසින් කරන ලද ඉල්ලීම ද මහේස්ත්‍රාත්වරිය ප්‍රතික්ෂේප කළාය.