Spread the love

සුපිරි බොලිවුඩ් නළුවෙකු වන දිලිප් කුමාර් අද (07) උදෑසන මිය ගිය බව ඉන්දිය මාධ්‍ය වාර්තා කළා. මිය යන විට ඔහු 98 වැනි වියේ පසු වුණා.

ඉන්දියාවේ වඩාත්ම ජනාදරයට පත් ‘පරාජිත පෙම්වතා‘ වශයෙන් සැලකෙන දිලිප් මොහොමඩ් යූසුෆ් ඛාන් නමින් 1922 දී උපත ලැබුවා. ඒ වර්තමාන පාකිස්තානයේ පෙෂාවර් හිදීයි.

දිලිප් 1940 ගණන්වලදී බොලිවුඩයට සම්බන්ධ වූ අතර එහි දී ඔහුගේ නම දිලිප් කුමාර් ලෙස වෙනස් වුණා.

‘‘මිනිත්තු කිහිපයකට පෙර සිදු වූ අපගේ ආදරණීය දිලිප් සාබ්ගේ අභාවය පිළිබඳව දැඩි හදවතකින් හා දැඩි ශෝකයකින් යුතුව මම නිවේදනය කරමි‘‘ යැයි නෑදෑයෙකු වන ෆයිසාල් ෆාරුකි අද අලුයම දිලිප්ගේ ට්විටර් ගිනුම හරහා නිවේදනය කළා.

දිලිප් සහ සාරා ඛානු

දිලිප් මිය යන විට ජීවත් වුණේ 1960 සහ 1970 දශකවල බොලිවුඩයේ ප්‍රමුඛ පෙළේ නිළියක් වන ඔහුගේ බිරිඳ සයිරා බානු සමගයි.

දිලිප්ගේ පළමු චිත්‍රපටය වන “ජ්වාර් භාටා” 1944 දී තිරගත වුණා. ඔහුගේ පෙරළිකාර භූමිකාව 1949 දී තිරගත වූ “ඇන්ඩස්” හි දැකගත හැකි වුණ අතර ඒ සමග ඔහු තරුවක් බවට පත් වුණා.

බිමල් රෝයි විසින් සරත් චන්ද්‍ර චට්ටෝපාධ්‍යාගේ නවකතාව වන “දේව්දාස්” ඇසුරින් කළ සිනමාපටය දිලිප්ව සුපිරි තරුවක් බවට පත් කළා.

“බොලිවුඩ් සිනමාවේ යුගයක් අවසන් වුණා. ඉන්දියානු සිනමාවේ ඉතිහාසය ලියන සෑම අවස්ථාවකම එය ‘දිලිප් කුමාර් ඉදිරියේ සහ දිලිප් කුමාර්ට පසුව විය යුතුය’ යනුවෙන් නළු අමිතාබ් බච්චන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියා.

දිලිප් කුමාර් වරක් පැවසුවේ වසර ගණනාවක සිට ඛේදජනක චරිත නිරූපණය කිරීමෙන් පසුව තමාට බරක් දැනුණු බවයි. 1950 දශකයේ අග භාගයේදී ඔහු “මධුමති”, “ආන්” සහ “නය ඩාවර්” වැනි ආදර චිත්‍රපටවල රඟපාමින් වඩාත් උද්යෝගිමත් චරිත නිරූපණය කිරීමට සවිඥානිකව උත්සාහයක් ගත්තා.

ඔහු මිය යන මොහොත තෙක්ම තම සුපිරි පෞරුෂය රැක ගත්තා.

“දිලිප් කුමාර් ජි සිනමා පුරාවෘත්තයක් ලෙස සිහිපත් කරනු ඇත. ඔහුට අසමසම දීප්තියක් ලැබුණි. මේ නිසා පරම්පරා ගණනාවක් පුරා ප්‍රේක්ෂකයින් ආකර්ෂණය විය” දිලිප්ගේ අභාවය ආසා ශෝකයට පත් අගමැති නරේන්ද්‍ර මෝදි පැවසුවා.