Tag: featured

  • ග්‍රාමීය කමිටු විසින් අනුමත වැඩිහිටි, ආබාධ සහිත සහ වකුගඩු රෝගීන් සදහාත් රු.5000 දීමනාව ගෙවයි

    ග්‍රාමීය කමිටු විසින් අනුමත වැඩිහිටි, ආබාධ සහිත සහ වකුගඩු රෝගීන් සදහාත් රු.5000 දීමනාව ගෙවයි

    දැනට ප්‍රතිලාභ ලබන සහ පොරොත්තු ලේඛණවල සිටි වැඩිහිටි, වකුගඩු රෝගී සහ ආබාධ සහිත පුද්ගලයින් සදහා රුපියල් 5,000 දීමනාව රජය විසින් ගෙවා අවසන් කර ඇත.

    එයට අමතරව මෙතෙක් එකී දීමනාවන් නොලද හෝ පොරොත්තු ලේඛණවල නොසිටි එහෙත් ග්‍රාමීය කමිටු මගින් අනුමත කරන ලද වැඩිහිටි, ආබාධ සහිත සහ වකුගඩු රෝගී පුද්ගලයින් සදහා ද මෙම රුපියල් 5,000 දීමනාව ගෙවීමට රජය කටයුතු කරමින් සිටියි.

    දැනට දීමනාව ලබමින් සිටින සහ පොරොත්තු ලේඛණවලට ඇතුළත්ව සිටි  වැඩිහිටියන් 574,387 කට අමතරව තවත් ග්‍රාමීය කමිටු විසින් අනුමත කරන ලද 61,615 දෙනෙකුට රුපියල් 5,000 හි වැඩිහිටි දීමනාව රජය විසින් ගෙවීමට කටයුතු කෙරේ.

    එලෙසම දැනට දීමනාව ලබන සහ පොරොත්තු ලේඛණවල සිටි ආබාධිත පුද්ගලයින් 109,494 කට අමතරව තවත් 14,195 දෙනෙකුට රුපියල්, 5,000 ක දීමනාව රජය විසින් ගෙවීමට තීරණය කර ඇත.

    තවදුරටත් දැනට දීමනා ලබමින් සිටි සහ පොරොත්තු ලේඛණවල සිටි වකුගඩු රෝගීන් 38,747 ට අමතරව තවත් 5,884 දෙනෙකුට රජය විසින් රුපියල් 5,000 හි වකුගඩු දීමනාව ගෙවීමට ද තීරණය කර ඇත.

    මෙලෙස අමතරව ගෙවන සියලු දීමනා අද දිනයේ දී (2020.04.15)  ග්‍රාම නිලධාරීන් මගින් අදාල  ප්‍රතිලාභීන්ගේ නිවසටම ගොස් ගෙවීම් සිදු කිරිමට සියළු කටයුතු සංවිධානය කර ඇති බව අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමේ ජනාධිපති කාර්යසාධන බලකාය විසින් නිවේදනය කරයි.

    මේ පිලිබදව කරුණු සොයා බැලීමේ විශේෂ සාකච්චාවක් අද දින කාන්තා  ළමා කටයුතු හා සමාජ ආරක්ෂණ අමාත්‍යශයේදී පැවැත්විණි.

    මෙම අවස්ථාවට කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ඒ.එස්.එම්.එස්.මහානාම,සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි , අමාත්‍යතුමීයගේ පෞද්ගලික ලේකම්කංචන ජයරත්න යන මහත්ම මහත්මීන් ඇතුලු නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.

  • Curfew Update:  අවදානම් කලාප හැර සෙසු ප්‍රදේශවල ඇදිරි නීතිය හෙට උදේ 6.00ට ඉවතට

    Curfew Update: අවදානම් කලාප හැර සෙසු ප්‍රදේශවල ඇදිරි නීතිය හෙට උදේ 6.00ට ඉවතට

    වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතී.

    සෙසු සියළු දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරි නීතිය හෙට, අප්‍රේල් 16 බ්‍රහස්පතින්දා  උදේ 6.00 ට ඉවත් කර සවස 4.00ට යළි පනවනු ඇත. එම දිස්ත්‍රික්කවලට සවස 4.00 ට යළි පැනවෙන ඇඳිරී නීතිය අප්‍රේල් 20 වන සඳුදා පෙ.ව 6.00 තෙක් බලපැවැත්වේ.

    20 වනදා උදේ 6.00න් පසු ඇඳිරි නීතිය ක්‍රියාත්මකවීම පිළිබඳව පසුව දැනුම් දෙනු ලැබේ.

    කොරෝනා වෛරසය ව්‍යාප්තිය නතර කරනු පිණිස ඇඳිරි නීතිය පැනවීම ඇතුළු  ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ හුදෙක් ජනතාවගේ යහපත වෙනුවෙනි. එබැවින් ඇඳිරි නීතිය පැනවීම නිසා ඇතිවන දුෂ්කරතා අවබෝධයෙන් සහ වගකීමෙන් යුතුව ඉවසා සිටින්නැයි රජය ජනතාවගෙන් ඉල්ලා සිටී.

    භාණ්ඩ මිලදී ගැනීම් ඉතාමත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍යයන්ට පමණක් සීමා කරන ලෙසත්, අනවශ්‍ය ගමන් බිමන් වලින් වළකින ලෙසත් අවධාරණය කෙරේ.

    ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වෙනත් භාණ්ඩ නිවසේ සිටම මිලදී ගත හැකි වන පරිදි අඛණ්ඩව සැපයීමට රජය සියලු විධිවිධාන සලසා ඇත.

    කවර දිස්ත්‍රික්කයක වුවද ගොවිතැන් වැඩ කරන සහ කුඩා තේවතු හා අපනයන භෝග නිෂ්පාදන ක්‍රියාවලියේ සහ ධීවර කර්මාන්තයේ නිරත ජනතාවට එකී වැඩ කිරීමට අවසර හිමි වේ.

    අත්‍යාවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.

    අත්‍යාවශ්‍ය සේවා කර්යක්ෂමව පවත්වාගෙන යනු පිණිස යොදා ඇති ක්‍රමවේද අවභාවිත කරන අයට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරනු ලැබේ.

    කවර හෝ දිස්ත්‍රික්කයක හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති ගම්මාන හුදකලා ප්‍රදේශ ලෙස තවදුරටත් සලකනු ලැබේ.  කවරකුට හෝ මේ ගම්මානවලට ඇතුළුවීම හෝ ඉන් පිටවීම හෝ නැවත දැනුම් දෙන තුරු සම්පූර්ණයෙන් තහනම් වේ.

  • Covid-19: අවදානම වැඩිම රටවල් මෙන්න – ලංකාව 16 – ඉන්දියාව 15

    Covid-19: අවදානම වැඩිම රටවල් මෙන්න – ලංකාව 16 – ඉන්දියාව 15

    Deep Knowledge Group නම් පර්යේෂණ ආයතනය විසින් පසුගිය අප්‍රේල් මස 12 වැනි දින නිකුත් කළ ‘කොවිඩ්-19 ගෝලීය අවධානම් දර්ශකය‘ අනුව කොවිඩ් 19 වෛරසයේ අවධානමට ලක්ව ඇති ලොව ප්‍රධාන රටවල් 20 අතර 16 වැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා.

    එහි පළමු ස්ථානය ඉතාලියත්, දෙවන ස්ථානය ඇමෙරිකා එක්සත් ජනපදයත්, තෙවන ස්ථානය මහා බ්‍රිතාන්‍යයත් නියෝජනය කරන අතර ඉන්දියාව 15 වැනි ස්ථානයේද ශ්‍රී ලංකාව 16 වැනි ස්ථානයේද, ඉන්දුනීසියාව 17 වැනි ස්ථානයේ ද සිටිනවා.

  • Covid-19 – GMOA නවතම තත්ත්ව වාර්තාව මෙන්න

    Covid-19 – GMOA නවතම තත්ත්ව වාර්තාව මෙන්න

    පරීක්ෂණ කටයුතු ප්‍රමාණවත් පරිදි පුළුල්ව සිදු නොකිරීම නිසා රට තුළ සිටින සැබෑ රෝගීන් පිළිබද තත්ත්වය තවමත් රට ඉදිරියේ අපැහැදිලියි

    කොවිඩ් -19 වෛරසය ශ‍්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීම පාලනය කර ගැනීම අරමුණු කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද (15) දින සිය සංගමයේ නවතම තත්ත්වය වාර්තාව ඉදිරිපත් කළා.

    කොවිඩ්-19 ගෝලීය වසංගතය ශ‍්‍රී ලංකාව ව්‍යාප්ත වීම පාලනය කිරීම අරමුණු කර ගනිමින් රට තුළ පරීක්ෂණ පහසුකම් වැඩි දියුණු කිරීම – යන ශීර්ෂය යටතේ නිකුත් කර ඇති එම වාර්තාව සම්පූර්ණයෙන් පහත පළ වෙනවා.

  • IPL දින නියමයක් නොමැතිව කල් යයි

    IPL දින නියමයක් නොමැතිව කල් යයි

    2020 ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගමාලාව (IPL) යළි දැනුම් දෙන තුරු අත්හිටුවීමට තීරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය සදහන් කරනවා. කොරෝනා වෛරසය ඉන්දියාව තුළ වේගයෙන් ව්‍යාප්ත වීම ඊට හේතුව බව සදහන්.

    ඊයේ (අඟහරුවාදා) සවස ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සෞරව් ගංගුලි, ලේකම් ජේ ෂා, භාණ්ඩාගාරික අරුන් ධුමාල්, අයිපීඑල් සභාපති බ්‍රිජේෂ් පටෙල් යන මහත්වරුන් සම්මන්ත්‍රණ ඇමතුමක් ලබා ගත් අතර ඒ අනුව මෙම තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය වී තිබෙනවා.

    එහෙත් ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලය මේ දක්වා මේ සම්බන්ධයෙන් නිල නිවේදනයක් නිකුත් කර නොමැති බවයි මාධ්‍ය වාර්තාවල සදහන් වන්නේ. ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ පාලක මණ්ඩලය රැස්වීමෙන් පසු විධිමත් නිවේදනයක් නිකුත් කිරීම සිදුවනු ඇති බවයි අපේක්ෂා කරන්නේ.

    ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගමාලාව (IPL) තරඟාවලිය මීට පෙර අපේ‍්‍රල් 15 වන දින දක්වා අත්හිටුවා තිබුණ  නමුත් ඉන්දියාවම වසා දැමු සීමාවන් මැයි 03වනදා දක්වා දීර්ඝ කිරීමට පියවර ගැනීමත් සමඟ IPL තරගාවලිය තවදුරටත් කල් දැමීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි ඉන්දිය මාධ්‍ය සදහන් කරන්නේ.

  • Covid-19 World hot Review: UAE ඉන්දිය කම්කරුවන් ගෙන්වා ගන්නා ලෙස ඉන්දිය අගමැතිගෙන් ඉල්ලයි

    Covid-19 World hot Review: UAE ඉන්දිය කම්කරුවන් ගෙන්වා ගන්නා ලෙස ඉන්දිය අගමැතිගෙන් ඉල්ලයි

    ලොව වටා කෙටියෙන්

    • 1930 ගණන්වල මහා අවපාතයෙන් පසු දැඩි පසුබෑමක් පුරෝකථනය කරමින් ගෝලීය ආර්ථිකය මේ වසරේදී සියයට 3 කින් හැකිලෙනු ඇතැයි අපේක්ෂා කරන බව ජාමූඅ පවසයි
    • රට තුළ වාර්තාගත දෛනික රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වීමත් සමඟ රුසියාවේ කොරෝනා වයිරස් රෝගීන් සංඛ්‍යාව 20,000 ඉක්මවා ගොස් තිබේ.
    • ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය විසින් සම්පාදනය කරන ලද දත්තවලට අනුව ලොව පුරා මිලියන 1.93 ක ජනතාවක් නව කිරීටක වෛරසය ඇති බවට තහවුරු වී තිබේ. 120,000 කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර 450,000 කට ආසන්න සංඛ්‍යාවක් සුවය ලබා ඇත.
    • ලෝක සෞඛ්‍ය සංවිධානය පුපුරා යාම වැළැක්වීම සඳහා සිය නවතම උපායමාර්ගික උපදෙස් නිකුත් කිරීමට නියමිත අතර, එමඟින් චලනය සඳහා වන සීමාවන් ඉවත් කිරීම සඳහා නිර්ණායක හයක් ඇතුළත් වේ.
    • ස්වීඩනය පවසන්නේ රට තුළ කොරොන වයිරස් මරණ සංඛ්‍යාව 1000 ඉක්මවා ඇති බවයි.

    Covid-19 ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව අද දින (14) ගෝලීය වශයෙන් 19,42,360 දෙනකු බවත් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 121,726 දෙනකු බවත් ජොන්ස් හොප්කින් විශ්වවිද්‍යාලයේ කොරෝනා වෛරස් සම්පත් මධ්‍යස්ථානයේ Johns Hopkins – CORONAVIRUS RESOURCE CENTER වාර්තාවල සදහන් වෙනවා.

    එම වාර්තාව අනුව ආසාදිතයින් 10,000ක සීමාව ඉක්මවා ගිය රටවල් පහත දැක්වෙනවා.

    582,634 US, 172,541 Spain, 159,516 Italy, 137,877 France, 130,383 Germany, 89,571 United Kingdom, 83,306 China, 74,877 Iran, 61,049 Turkey, 31,119 Belgium, 27,580 Netherlands, 25,807 Switzerland, 25,680 Canada, 23,830 Brazil, 21,102 Russia, 17,448 Portugal, 14,159 Austria, 11,868 Israel, 11,445 Sweden, 10,647 Ireland, 10,564 Korea, South,10,541 India

    වැඩිම මරණ සංඛ්‍යාව වන 23,649ක් එක්සත් ජනපදයෙන් වාර්තා වන අතර

    “මහා අවපාතයෙන් පසු දරුණුතම අවපාතය” විය හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුද පවසයි

    “දශකයකට පෙර මූල්‍ය අර්බුදය තුළ පැවති තත්ත්වය ඉක්මවා ගිය ගෝලීය අවපාතයෙන් පසු මේ වසරේ ගෝලීය ආර්ථිකය එහි දරුණුතම පසුබෑම අත්විඳීමට බොහෝ දුරට ඉඩ තිබේ” යැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ ගීතා ගෝපිනාත් පසුගිය දා පැවසුවාය.

    ජාමූඅ ගීතා ගෝපිනාත්

    ගීතා ගෝපිනාත් පවසන්නේ  මහා අවපාතයෙන් පසු මේ වසරේ ගෝලීය ආර්ථිකය එහි දරුණුතම අවපාතය අත්විඳීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි – රොයිටර්

    ස්පාඤ්ඤයේ මරණ සංඛ්‍යාව 18,000 ඉක්මවයි

    ස්පා .් in යේ කොරෝනා වයිරස් පූර්වාරක්ෂාව

    කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසුගිය පැය 24 තුළ ස්පාඤ්ඤයේ පුද්ගලයින් 567 දෙනකු මිය ගොස් ඇති අතර ඒ සමග මියගිය සමස්ත පිරිස 18,056 දක්වා වර්ධනය විය. නව ආසාදන සංඛ්‍යාව සියයට 1.8 කින් ඉහළ ගොස් රෝගීන් 172,541 ක් වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

    රුසියාව ආසාදිතයින් 20,000 ඉක්මවා යයි

    රුසියාවේ කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව21,102ක් වන අතර මරණ සංඛ්‍යාව 170 දක්වා ඉහළ ගොස් ඇත. පසුගිය පැය 24 තුළ තවත් 2,774 දෙනෙකු COVID-19 සඳහා ධනාත්මක පරීක්‍ෂණයක් සිදු කර ඇත.

    වැඩිහිටි මරණ අඩුවෙන් වාර්තා කළ බවට එක්සත් රාජධානියේ චෝදනා

    බ්‍රිතාන්‍යයේ විශාලතම සාත්තු නිවාස ප්‍රධානියෙකු පවසන්නේ වයෝවෘද්ධ පුද්ගලයින් අතර වාර්තා වූ කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාව නිල වශයෙන් වාර්තා වී ඇති ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බවයි.

    එක්සත් රාජධානියේ සත්කාරක නිවාස 8/1ක COVID-19 පැතිර ඇති බව රජය පවසයි. එහෙත් Home operator HC-One, සභාපති ඩේවිඩ් බෙහාන් David Behan පැවසුවේ තම සමාගම විසින් පාලනය කරන වැඩිහිටි නිවාස 232න් සියයට 66කට වඩා කොරෝනා අවදානමට ලක්ව ඇති බවයි. COVID-19 තහවුරු කිරීම හෝ සැක කිරීම හේතුවෙන් නිවැසියන් 311 දෙනෙකු මියගොස් ඇති බව ඔහු පවසයි.

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිරෝධායන පහසුකම් ප්‍රමාණවත් නොවන බව කේරළ මහඇමති පවසයි

    කොරෝනා වසංගතය මධ්‍යයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ) ඉන්දීය කම්කරුවන් නැවත සිය රට ගෙන්වා ගන්නා ලෙස ඉන්දීය කේරළ ප්‍රාන්තයේ මහ ඇමති අගමැති නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලා තිබේ.

    එක්සත් ජාතීන්ගේ වාර්තාවට අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ “ප්‍රමාණවත් හුදකලා හා නිරෝධායන පහසුකම්” පිළිබඳව පැමිණිලි රාශියක් ලැබෙමින් පවතින බව පිනරෙයි විජයන් අප්‍රේල් 9 වනදා යවන ලද ලිපියක සඳහන් වේ.

    2020 අප්‍රියෙල් 6 වන සඳුදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි ඉදිකිරීම් කම්කරුවන් දෙදෙනෙකු ලොව උසම ගොඩනැගිල්ල වන බර්ජ් කලීෆා සමඟ ජලාපවහන පද්ධතියක් පරීක්ෂා කරති. ඩුබායි, ඉන් එකක්

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉන්දීය කම්කරුවන් මිලියන තුනකට අධික සංඛ්‍යාවක් සිටිති

    ඉවසීම හොඳ ගුණාංගයක්: ඕස්ට්‍රේලියාව, නවසීලන්තය අගුලු දැමීම් සමඟ බැඳී සිටී

    කොරෝනා වෛරස් රෝගීන්ගේ තියුණු මන්දගාමිත්වය නොතකා පනවන ලද නීති හා නියෝග තව දුරටත් බලාත්මක කරන බව ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් පවසයි.

    “ඉවසීම මෙහි අපගේ ගුණවත්කම විය යුතුයි,” මොරිසන් පැවසීය.

    ඕස්ට්‍රේලියාව පසුගිය ඉරිදා සහ සඳුදා දිනවල නව ආසාදිතයින් 63 ක් තහවුරු කර ඇති එය පසුගිය දිනවලට සාපේක්ෂව අඩු අගයකි.

    ඕස්ට්‍රේලියාව සිඩ්නි
    සිඩ්නි ඔපෙරා හවුස් ඉදිරිපිට ඇති ප්ලාසා නගරය පාළුවට ගොස් ඇති අයුරු.

    නවසීලන්තයේ ආසාදිතයින් ද පහත වැටෙමින් පවතින අතර අඟහරුවාදා නව ආසාදිතයින් 08 දෙනකු පමණක් වාර්තා වී ඇත. එය සති තුනකට වඩා අඩු කාලයකි.

    “අපගේ ඉලක්කය වේලාසනින් ගොස් දැඩි ලෙස යා යුතුය. එවිට අපට විශ්වාසයෙන් යුතුව සීමාවන් ලිහිල් කළ හැකි තත්වයකට අප පිවිසෙනු ඇත” යනුවෙන් නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ද ආඩර්න් තවදුරටත් කියා සිටියේ අවම වශයෙන් තවත් සතියක්වත් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බවයි.

    රටවල් දෙකම විදේශිකයන්ට තම දේශසීමා වසා දමා ආපසු පැමිණෙන පදිංචිකරුවන්ට දින 14ක නිරෝධායන පැනවීය.

    අල් ජසීරා වාර්තා ඇසුරිණි – සැකසුම – තුෂාධවි

  • ලංකාවේ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 233 දක්වා ඉහළට


    අද දින (14) ශ්‍රීලංකාවෙන් කොවිඩ් -19 ආසාදිතයින් 14 දෙනකු වාර්තා වූ බවත් ඒ අනුව ශ්‍රී ලංකාවේ මුළු කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 233 දක්වා වර්ධනය වූ බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියයි. ඒ අනුව දැනට රෝහල්වල විමර්ශන යටතේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව 142කි. සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව 61ක් වන අතර මරණ සංඛ්‍යාව 07කි.

  • ගුවන් හමුදාවෙනුත් ගෙවතු වගාවට අතහිත

    ගුවන් හමුදාවෙනුත් ගෙවතු වගාවට අතහිත

    Covid -19 වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් රටපුරා ඇතිවී තිබෙන වසංගත තත්වය හමුවේ රජය විසින් ගෙවතු වගා මිලියනයක් බිහි කිරීමේ ”සෞභාග්‍යා” ගෙවතු වගා ව්‍යාපාතිය ආරම්භ කොට තිබේ.

    ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය, කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව සමග එක්ව ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ‘‘හරිත දනව්ව – නාගරික සහ ගෙවතු වගා” ව්‍යාපෘතිය 2020 අපේ‍්‍රල් මස 10 වන දින ආරම්භ කරනලදී.

    ශ්‍රී ලංකාවේ ස්වයංපෝෂිත ගෘහ ආර්ථිකයක් ඇති කිරීම සහ ”සෞභාග්‍යා” ජාතික අස්වනු වැඩසටහනේ නව සංකල්පයට අපේ රටේ තරුණ පරම්පරාව සම්බන්ධ කර ගැනීම මෙම ව්‍යාපෘතියේ පරමාර්ථයයි.

    මෙම වැඩසටහන ආරම්භ කරමින් ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී මයුරි ප‍්‍රභාවී ඩයස් මහත්මිය විසින් ගුවන් හමුදා සාමාජිකයන්ගේ ගොවතු වගාවන් සංවර්ධනය කරලීම උදෙසා කොළඹ ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී එයාර් වයිස් මාර්ෂල් සීබී ලැබ්රෝයි මහතාහට බීජ පැකට් 500 ක් ලබාදීම සිදුකළාය. මේ ආකාරයට සෑම ගුවන් හමුදා කඳවුරකටම බීජ පැකට් බෙදා දීම සිදුකරනු ලබයි.

    එසේම ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී මයුරි ප‍්‍රභාවී ඩයස් මහත්මිය විසින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කරමින් ගුවන් හමුදාධිපති නිළ නිවසේ ගෙවතු වගාවේ මෙම බීජ රෝපණය කරන ලදී.

  • මෝදි ජනතාවට ආචාර කරද්දී කොරෝනා ආසාදිතයින් 10,000ක් වෙයි

    මෝදි ජනතාවට ආචාර කරද්දී කොරෝනා ආසාදිතයින් 10,000ක් වෙයි

    ඉන්දියාවේ වෛරස් රෝගීන් 10,000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති නමුත් නගරවල පරීක්ෂණ ඉතා සීමිත බැවින් සැබෑ ආසාදිතයින් සංඛ්‍යාව ඉතා ඉහළ බව විශේෂඥයෝ පවසති

    ඉන්දියාව Covid-19 වසංගතයේ තීරණාත්මක කඩඉමක් කරා කරමින් සිටින අතරතුර වර්ධනය වෙමින් පවතින ආර්ථික හා සමාජයීය අර්බුදය සමනය කර ගැනීම සදහා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද (14) ජාතිය අමතමින්වි ඉන්දිය ජනතාවට සිය කෘතඥතාවය පළ කළ අතර අර්බුදයේ බලපෑම ගැන තමා දැන සිටින බව ද ප්‍රකාශ කළේය. ඒ සමග කොරෝන වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා මැයි 3 වනදා දක්වා රට පුරා අගුළු දැමීම දීර්ඝ කරන බව ද නිවේදනය කළේය.

    ඉන්දියාව මේ වන විට සක්‍රීය රෝගීන් 8,988 ක් සහ මරණ 339 ක් වාර්තා කර තිබේ.

    ඉන්දීය අගමැතිවරයා දැඩි තීන්දුවක් ගනිමින් පසුගිය මාර්තු මස 25 වැනිදා ඉන්දියාව ‘වසා දැමීමට‘ පියවර ගත් අතර එම තීරණය ඉන්දියාව පමණක් නොව ලෝකයම කම්පනයට පත් කළේය. කෝටි 130ක දැවැන්ත ජනගහණයකින් යුතු සෞඛ්‍ය හා සනීපාරක්ෂක පහසුකම් අවම ඉන්දියාව ‘කෙසේ හෝ ආරක්ෂා කරගත යුතු බව‘ බොහෝ දෙනකුගේ මතය විය.

    “ඔබ සියලු පුරවැසියන්ට මම ආචාර කරමි,” මෝඩි රූපවාහිනිය මගින් ජාතිය අමතමින් කියා සිටියේ වෛරසයට එරෙහි සටනට ඉන්දියානුවන් දැක්වූ සහයෝගයට ස්තූතිවන්ත වන බවයි.

    වසා දැමීම යටතේ, සිල්ලර බඩු සහ ෆාමසි වැනි අත්‍යවශ්‍ය ව්‍යාපාරවලට පමණක් විවෘතව සිටීමට අවසර ඇත. නගර ප්‍රවාහන සේවා හදිසි කාර්ය මණ්ඩලයට සහ විශේෂ ගමන් බලපත්‍ර ඇති අයට පමණක් සීමා වේ. සියලුම දුම්රිය හා ගුවන් ගමන් අත්හිටුවා ඇත.

    ඉදිරි සතිය තුළදී නීති රීති තවදුරටත් දැඩි කළ හැකි බව මෝඩි සදහන් කළ නමුත් ඔහු වැඩි විස්තර ලබා දුන්නේ නැත. රජය කඩිනමින් “මාර්ගෝපදේශ” නිකුත් කරන බව ඔහු පැවසීය.

    “මේවා අපගේ දුප්පත් හා සංක්‍රමණික කම්කරුවන්, දෛනික වැටුප් කම්කරුවන් සහ ගොවීන් ගැන සිතමින්”යැයි ඔහු පැවසීය.

    ෆෙඩරල් සහ ප්‍රාන්ත රජයන් විභව උණුසුම් ස්ථාන දෙස සමීපව බලා සිටින බවත්, ඕනෑම දිස්ත්‍රික්කයක සීමාවන් ලිහිල් කළ හැකිද යන්න තීරණය කිරීම සඳහා සතියකින් සෑම දිස්ත්‍රික්කයක්ම ඇගයීමට ලක් කරන බවත් ඔහු පැවසීය.

    රේඛාව

    ඉන්දියාවේ අගුලු දැමීමේ අධික ආර්ථික හා සමාජ පිරිවැය

    විශ්ලේෂණ පෙට්ටිය ඉන්දියාවේ මාර්ගගත වාර්තාකරු සෞතික් බිස්වාස් විසිනි

    ඉන්දියාව ඇගුළු දැමීම දැනටමත් ආර්ථිකය කඩාකප්පල් කිරීමට හා සමාජ පීඩාවන්ට හේතු වී තිබෙන අතර එය ආර්ථිකයට ඉමහත් හානියක් කර තිබේ. ස්වාධීන තක්සේරුවකට අනුව රැකියා විරහිතභාවය තියුණු ලෙස ඉහළ ගොස් තිබේ. 

    ලෝක බැංකුවට අනුව ඉන්දියාවේ දැනටමත් වේගයෙන් වර්ධනය වන ආර්ථිකය 2020-21 වන විට 1.5-2.8%ක් දක්වා තියුණු පසුබැසීමකට ලක්වනු ඇති බව අපේක්ෂා කෙරේ. ප්‍රධාන සේවා කර්මාන්තවල කොඳු නාරටිය වන සංක්‍රමණික කම්කරුවන් වසා දැමූ සේවා ස්ථානවලින් පලා ගොස් හෝ නගරවල අතරමං වී සිටිති. සමෘද්ධිමත් අවිධිමත් ආර්ථිකය ව්‍යාකූල වී ඇත.

    කොවිඩ් -19 නොවන දුප්පත් රෝගීන් සඳහා ආහාර, ඖෂධ සහ හදිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම දුෂ්කර වී තිබේ. අගුළු දැමීම ධනවත් පන්තියට වරප්‍රසාදයක් වී ඇති අතර එය දුප්පතුන්ට ශාපයක් වී තිබේ.

    ඉන්දියාව ආසාදන වැඩිවීමක් දක්නට ලැබෙන මොහොතක අගුලු දැමීම ඉවත් කිරීම සහ පරීක්ෂාවට ලක් කිරීමට උත්සාහ කිරීම අවදානම් විය හැකි බවට සැකයක් නැත. ඒ අතරම, ජනතාවගේ ආර්ථිකය සහ ජීවනෝපායන් සුරැකීම සඳහා ඉන්දියාවට අගුලු දැමීම ලිහිල් කිරීමට සිදුවනු ඇති බව ද පැහැදිලිය.

    සමහර ආර්ථික ක්‍රියාකාරකම් (ගොවිතැන, භාණ්ඩ ප්‍රවාහනය, තොග වෙළඳපොල, ප්‍රධාන ආර්ථික සේවා) සමාජ දුරස්ථභාවය සහ සනීපාරක්ෂක ප්‍රොටෝකෝල සමඟ නැවත විවෘත කළ යුතුය. මෙය ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න තනිකරම රඳා පවතින්නේ ප්‍රාන්තවල දක්ෂතාවය මත ය.

    ඉදිරිපත් කිරීමේ අළු රේඛාව

    ප්‍රාන්ත හතක් සහ ෆෙඩරල් පරිපාලනය කරන ලද එක් ප්‍රදේශයක් දැනටමත් අගුලු දැමීම දීර්ඝ කර ඇත. විරැකියාව ඉහළ යාමත්, සීමාවන් මධ්‍යයේ ව්‍යාපාර ක්‍රියාත්මක වීමට අරගල කිරීමත් සමඟ මෙම තීරණය විශාල ආර්ථික පිරිවැයක් දරයි.

    ඉන්දියාවේ ශ්‍රම බලකායෙන් අඩකට වඩා සේවය කරන ගොවිතැනට එය බලපානු ඇතැයි විශේෂඥයෝ බිය පළ කරති.

    මෙම සීමාවන් දැනටමත් ඉන්දියාවේ දුප්පතුන්ට හා නිවාස නොමැති අයට විනාශකාරී බලපෑමක් ඇති කර ඇති අතර නගර හරහා සංක්‍රමණික ශ්‍රමිකයන් සිය දහස් ගණනක් අතරමං වී ඇත.

    බිලියන 1.3 ක ජනගහනයක් සිටින ඉන්දියාවේ වෛරසය පැතිරීම ලොව පුරා සිටින විශේෂඥයෝ හොඳින් නිරීක්ෂණය කරති. ජනාකීර්ණ නගර සහ දුර්වල මහජන සෞඛ්‍ය පද්ධතියක් සහිත රට වසංගතයේ දරුණුතම බලපෑම් වලට විශේෂයෙන් ගොදුරු විය හැකි යැයි ඔවුහු බිය වෙති.

  • සාර්ථක ගෙවතු වගාවකට දැනගත යුතුම කරුණු කිහිපයක් මෙන්න

    සාර්ථක ගෙවතු වගාවකට දැනගත යුතුම කරුණු කිහිපයක් මෙන්න

    ‘ගෙවත්ත’ කියන්නෙ පෘථීවිතලයේ අප ජීවත්වන පුංචි පරිසර ඒකකයයි. එය නිවසට යාබදව පවතින, එදිනෙදා කටයුතුවලට භාවිතා කරන අප ජීවත් වන වටාපිටාවයි. ඒ නිසා විශාල ඉඩමක නිවස පිහිටා ඇති විට මුළු ඉඩමම ගෙවත්ත ලෙස සළකනු ලබන්නේ නැහැ.

    ගෙවතු වගාව සඳහා වඩාත් සුදුසු වන්නේ පර්චස් 20 කට වඩා අඩු භූමිප්‍රමාණයක්.

    නිවස ආශ‍්‍රිත භූමිභාගය එදිනෙදා අවශතා ඉටුවන පරිදි විවිධ බෝග වර්ග හා වෙනත් අත්‍යවශ්‍ය වූ අංග ඇතුළත්ව ක්‍රමානුකූලව සකස් කිරීමයි. බෝග වගා කිරීම මෙන්ම හැකියාව අනුව සතුන් ඇති කිරීමත් එයට ඇතුළත්ය.

    දේශගුණික කලාප අනුව වර්ගීකරණය

    1. තෙත් කලාපීය ගෙවතු

    වාර්ෂික වර්ෂාපතනය මිලි මිටර් 2500 වඩා වැඩිපුර ලැඛෙන ප්‍රදේශ තෙත් කලාපය ලෙස හැඳින්වෙනවා. තෙත් කලාපයට වැඩිපුර වැස්ස ලැඛෙන්නෙ නිරිතදිග මෝසමෙන්. තෙත් කලාපීය ගෙවතුවල වැඩි බෝග විවිධත්වයක් සහ වැඩි පැළ ගහණයක්දකින්න ලැඛෙනවා.

    2. වියළි කලාපීය ගෙවතු

    වාර්ෂික වර්ෂාපතනයමිලි මිටර් 1750 ට අඩුවෙන් ලැඛෙන ප්‍රදේශ වියළි කලාපය ලෙස හැඳින්වෙනවා. වියළි කලාපයට වැඩිපුර වැස්ස ලැඛෙන්නෙ ඊසානදිග මෝසමෙන් වියළි කලාපීය ගෙවතුවල අඩු බෝග විවිධත්ත්වයක් සහ අඩු පැළ ගහණයක් දැකිය හැකියි. වගා කිරීමට වඩාත් සුදුසු වන්නේ ස්වභාවයෙන්ම වියළි තත්ත්ව සඳහා ඔරොත්තු දෙන බෝග වර්ගයි.

    3. ගම/ නගරය/ භූමිය/ සමාජ පසුබිම අනුවර්ගීකරණය

    ග්‍රාමීය ගෙවතු

    නාගරීකරණය නොවූ ග්‍රාමීය ප්‍රදේශවල පිහිටි ගෙවතු ග්‍රාමීය ගෙවතු ලෙස හැඳින්වෙනවා.මේ ගෙවතු බොහෝවිට ප්‍රමාණයෙන් විශාලයි. බෝග වර්ග වැඩි ප්‍රමාණයක් දැකිය හැකි අතරම පහසුවෙන් සතුන් ද ඇති කළ හැකියි .

    අර්ධ නාගරික ගෙවතු

    වඩා නාගරීකරණය නොවූ ප්‍රදේශවල පිහිටි ගෙවතු අර්ධ නාගරික ගෙවතු ලෙස හැඳින්වෙනවා. ග්‍රාමීය ප්‍රදේශවල තරම්ම ඉඩකඩක් දකින්නට නොලැබුනත් නාගරික ගෙවතුවලට වඩාවැඩි ඉඩකඩක් බොහෝවිට දකින්නට ලැඛෙනවා.

    නාගරික ගෙවතු

    බොහෝ සෙයින් නාගරීකරණය වූ ප්‍රදේශවල දකින්නට ලැඛෙන ගෙවතු නාගරික ගෙවතු ලෙස හැඳින්වෙනවා. මේ ගෙවතුවල ප්‍රධානතම ලක්ෂණය වන්නේ ඉතා අඩු, සීමිත ඉඩකඩක් පැවතීමයි.  මහල් නිවාස, නිවාස සංකීර්ණ, ඉතා සීමිත ඉඩකඩක පිහිටි නිවාසවල ගෙවතු මේ යටතට ගැනෙනවා.

    ප්‍රතිලාභ

    පවුලේ සියලූදෙනාට ප්‍රියජනක සමබල ආහාර වේලක් සකස් කර ගැනීමට උදව් වෙනවා.

    වස විස නැති, රස ගුණයෙන් පිරි, පිරිසිදු එළවළු හා පලතුරු අවශ්‍ය වෙලාවට ලබාගත හැකියි.

    හොඳින් සැළසුම් කළ ගෙවත්තකින් ලැඛෙන ප්‍රධාන ප්‍රයෝජනයක් වන්නේ වෙළඳපොල ගනුදෙනුව ටිකෙන් ටික අඩුවීමයි. ඒ නිසාම, පවුලේ පෝෂණය මෙන්ම ආර්ථික තත්ත්වය ටිකෙන් ටික ඉහළ නැගෙනවා.

    සැලසුම් සහගත ගෙවත්ත කෘෂිකාර්මික දැනුම, කුසලතා හුරුව හා ආකල්ප පරපුරෙන් පරපුරටත්, අසල්වැසියන්ට නෑදෑයින්ටවගේම හිත මිතුරන්ටත් ලබාදෙන කෘෂි තක්සලාවක් ලෙස කටයුතු කරනවා.

    ගෙවත්තක විවිධ බෝග වගා කිරීමෙන්, සතුන් ඇති කිරීමෙන්, අලූත් කෘෂිකාර්මික ක්‍රම අත්හදා බැලීමෙන් අපට නිරන්තරයෙන් අත්දැකීම් ලැඛෙනව. එය අනාගතයේදී මහා පරිමාණ වාණිජ්‍ය වගාවක් හෝ සත්ත්ව පාලනය සඳහා යොමුවීමට කදිම අත්වැලක් සපයනවා.

    ගෙවත්තක තියෙන සමහර ශාක අපට දර විදියට පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසාම ඉන්ධන සඳහා මුදල් වැය වෙන්නේ නැහැ.

    හොඳින් සංවර්ධනය වූ ගෙවත්තක් නඩත්තුකරන කොට අපට ලැඛෙන විවේක කාලය සතුටින්ම ගත කරන්න පුළුවන්.

    හොඳ අරමුණක් තියෙන නිසා අනවශ්‍ය දේවල් කරන්න, කියන්න, හිතන්න යොමුවන්නේ නැහැ. හරියට භාවනාවක් වගේ සිතට වින්දනයක් සමඟ මානසික සුවයකුත් ගතට ව්‍යායාමයක් සමඟ නිරෝගී බවට අත්වැලක් ලැබීම මිල කරන්න බැරි තරම් වටිනවා.

    හොඳින් සංවර්ධනය වූ ගෙවත්තක් තියෙන නිවසක ජීවත්වන ලොකු කුඩා හැමෝම තමන්ගේ වටාපිටාවේ පරිසරය නිසා පුදුම සතුටක්, වින්දනයක් ලබනවා.

    ගෙවතු වගාවට නැඹුරු වන ඔබට මේ සියලූ අත්දැකීම් විඳගන්නට ලැබීම ජීවිත කාලය පුරාවටම ලබන අපූර්ව අත්දැකීමක් වේවි.

    ගෙවත්ත හා පෝෂණය

    දරුවන්ගේ සෞඛ්‍ය සම්පන්න වර්ධනයට මෙන්ම පවුලේ සියළු දෙනාගේම නිරෝගී පැවැත්ම සඳහා ප්‍රමාණවත් සමබල ආහාර වේලක් ලැබිය යුතුයි.

    සමබල ආහාර වේලක.- ශක්තිජනක ආහාර ( කාබෝහයිඩ්‍රේට්), මේද වර්ධක ආහාර ( ප්‍රෝටීන), ආරක්ෂක ආහාර (විටමින් සහ ඛණිජ ලවණ) යන කොටස් හතරම ඇතුළත් විය යුතුයි.

    මන්දපෝෂණය වළක්වා ගනිමින් සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට මඟ පාදා ගැනීම සඳහා සමබල ආහාර වේලක් සකස් කර ගැනීමට හැකිවන පරිදි ඔබේ ගෙවත්ත සැලසුම් කරගන්න.ඒ සදහා විවිධ පෝෂක සංඝටක අඩංගු විවිධ බෝග/ සත්ත්ව පාලනය ඔබේ ගෙවත්තට ඇතුළත් කරන්න.

    ඉදිරිපත් කිරීම – කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශන ඇසුරිනි

  • ජායා බච්චන්ට 72යි: අමිතාබ් – ජයා අමරණීය ඡායාරූප එකතුව මෙන්න

    ජායා බච්චන්ට 72යි: අමිතාබ් – ජයා අමරණීය ඡායාරූප එකතුව මෙන්න

    පසුගිය දා ‘අභිමාන්‘ බැලුවා. ඒක අති සුන්දර අත්දැකීමක්. අමිතාබ්ගේ යොවුන් වියේ අමරණීය සිනමා රංගනයෙන් මා කොතරම් සතුටට පත් වූවාද යන්න කියන්න වචන නැහැ.

    අභිමාන් චිත්‍රපයේ දී අමිතාබ් – ඡයා

    මේ අතර සුප්‍රකට Filmfare වෙබ් අඩවිය පසුගිය දා අමිතාබ්ගේ ඡායාරූප 17ක් පළ කරලා තිබුණා. ඒත් එහි විශේෂත්වයක් තිබුණා. ඒ සියලු ඡායාරූපවල අමිතාබ්ගේ ආදරණීය බිරිය, ‘ජය බච්චන්‘ හිටියා.

    අමිකාබ් – ජයා 45 වැනි විවාහා සංවත්සරයදා පුත් අභිෂේක් සහ ලේලිය ආශ්චර්යා සමග

    ජය බච්චන් කියන්නේ හින්දි සිනමාවේ සුවිශේෂ චරිතයක්. ඇය 60-70 දශකවල බොලිවුඩයේ සුපිරි තරුවක්. ඒ නිසාම ඇයට බොලිවුඩයේ සුපිරි තරුව වන අම්තාබ්ගේ ආදරණී පතිනිය වීමටත් භාග්‍යය හිමි වෙනවා. අදටත් නොනැසී පවතින අමිතාබ්ගේ කීර්තිය පිටුපස සිටින දැවැන්තම සෙවනැල්ල ජයා බවයි බොලිවුඩ් විචාරකයින් කියන්නේ.

    ජායාගේ කතාව එතැනින් අවසන් වන්නේ නැහැ. වත්මන් බොලිවුඩ් සිනමාවේ සුපිරි නළුවෙක් වන අභිෂේක් බච්චන් ඇගේ පුත්‍රයා. ඊටත් වඩා වැදගත්ම දේ… ලෝක රූප සුන්දරියක් පමණක් නොව බොලිවුඩයේ සුපිරි තරුවක් වන ආශ්චර්යා රායි ඇගේ ලේලිය. ඉතිං තවත් මොනවාද ?

    ජායා දැන් පසුවන්නේ 72වැනි වියේ. ඇය 72 වැනි වියට පා තැබුවේ පසුගිය 13 වැනිදා.

    1973දී ‘මහනගර්‘ හි රංගනයෙන් සිනමාවට පිවිසි ජයා බහදූර් හින්දි සිනමාවේ සදානුස්මරණීය චිත්‍රපට රැසකට සිය දායකත්වය ලබා දුන්නා. අති විශිෂ්ට නිළියක් වන ඇය ගුඩි, අභිමාන්, චුප්කේ චුප්කේ, මිලි, කොෂිෂ්, ෂෝලේ, සිල්සිලා වැනි චිත්‍රපටවල අපූර්ව රංගනයන් ලබා දුන්නා.

    ජය බච්චන් සැමවිටම අමිතාබ් බච්චන් සමඟ ඇති ප්‍රේම සම්බන්ධය නිසා ජනප්‍රියත්වයට පත් වුණා. වරක් අමිතාබ් මාධ්‍යකරුවන් සමග පැවසුවේ ‘ජායාගේ ඇස්වල බැල්මට තමා වශී වූ බවයි‘

    ඉතිං දශක ගණනාවක් රන් රස සේ ආදරයෙන් බැදී සිටින මේ යුවලගේ මේ සුවිශේෂී / දුර්ලභ ඡායාරූප ඔබේ ඇසට රසදුනක් වන බව සහතිකයි.

    ජය බච්චන්
    ජය බච්චන්
    ජය බච්චන්
    ජය බච්චන්
    ජය බච්චන්
    ජය බච්චන්
    ජය බච්චන්
    ජය බච්චන්
    ජය බච්චන්
    ජය බච්චන්
    ජය බච්චන්
    ජය බච්චන්
    ජය බච්චන්
    ජය බච්චන්
    ජය බච්චන්
    ජය බච්චන්
    ජය බච්චන්

    ඡායාරූප Filmfare ඇසුරිණි – සටහන – තුෂාධවි

  • Covid-19: කැද පානය – දුම් ඇල්ලීම ගැන ආයුර්වේද කොමසාරිස්ගේ මතය

    Covid-19: කැද පානය – දුම් ඇල්ලීම ගැන ආයුර්වේද කොමසාරිස්ගේ මතය

    කෝවිඩ්-19 රෝගය පාලනයට කැඳ පානය හෝ දුම් ඇල්ලීම වැනි අත්හදාබැලීම් මේ මොහොතේ යෝග්‍ය නොවන බව ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සභාවේ සභාපතිවරයා මෙන්ම ආයුර්වේද කොමසාරිස්වරයා ද වන චතුර කුමාරතුංග බීබීසී සිංහල සේවයට අවධාරණය කර ඇත.

    ආයුර්වේද කොමසාරිස්වරයා පෙන්වා දෙන්නේ කැඳ පානය නිසා නිරෝගී පුද්ගලයන්ගේ ප්‍රතිශක්තිය වර්ධනය වන නමුත් කොවිඩ්-19 රෝගී තත්ත්වය ඇතැම් කැඳ වර්ග නිසා උත්සන්න විය හැකි බවයි.

    කොරෝනාවෛරසය පාලනයට ආයුර්වේද ඖෂධ භාවිතය මේ දක්වා අවසර ලැබී නොමැති බැවින්, වඩාත් යෝග්‍ය වන්නේ වෛරසය ශරීර ගතව ඇතැයි සැක සහිත පුද්ගලයන් බටහිර වෛද්‍ය ක්‍රමය අනුව ප්‍රතිකාර කරන රජයේ රෝහලකට ඇතුළත් වීම බව ආයුර්වේද කොමසාරිස්වරයා වැඩිදුරටත් අවධාරණය කර ඇත.

    ඔබට මෙම සම්පූර්ණ හඩපටය https://www.bbc.com/sinhala/sri-lanka-52248523 ඔස්සේ නැරඹිය හැකියි.

  • Covid-19 යකෙක් නොව ‘රාක්ෂයෙක්’ – අලුත්ම සොයා ගැනීම් මෙන්න

    Covid-19 යකෙක් නොව ‘රාක්ෂයෙක්’ – අලුත්ම සොයා ගැනීම් මෙන්න

    රෝගියාගෙන් පරිසරයට පරිසරයට වෛරසය පැතිරීම පිළිබඳව සැලකිල්ලට ගත් විට, කොරෝනා ආසාදිත පුද්ගලයන් නිවස තුළ හුදකලා කොට සිදු කරන නිරෝධායනය රෝගය පාලනය කිරීමට කිසිදු ඵලදායී උපාය මාර්ගයක් නොවන බව මෙම පර්යේෂකයන් ගේ මතය වී ඇත.

    කොරෝනා වෛරසය පිළිබඳව චීනයේ වුහාන් හී ක්ෂේත්‍ර රෝහලක සිදු කරන ලද අධ්‍යයනයකින් හෙළිදරව් කර ගෙන ඇති වාර්තාවක්, ඇමැරිකානු රෝග නිවාරණය හා පාලනය කිරීමේ මධ්‍යස්ථානය විසින් පසුගිය සිකුරාදා ප්‍රකාශයට පත් කොට තිබේ.

    මෙම අධ්‍යයනයෙන් සොයා ගෙන ඇති නවතම කරුණු වලින් එකක් වන්නේ, නව කොරෝනා වෛරසය ආසාදිතයෙකු ගෙන් පිට වන වෛරස් අංශු මීටර 4 ක් දුරට විහිදෙන බවය. 

    අනෙක් කරුණ වන්නේ, මෙම වෛරසය ස්පර්ෂයෙන් මෙන්ම වාතයෙන් ද ආසාදනය වන බවය.
    රෝගීන්ගේ කිවිසුම් යාමෙන් හෝ හුස්ම පිට කිරීමෙන් පිටවන මෙම වෛරසය මීටර් 4 ක් දක්වා පියාසර කළ හැකි නමුත්, ඊටත් වඩා වැදගත් වන්නේ මෙසේ පිටවන ඉතා කුඩා අංශුවක් යමෙකුට මෙම රෝගය ආසාදනය කිරීමට තරම් ප්‍රමාණවත්වීමයි.

    පසු ගිය පෙබරවාරි 19 සිට මාර්තු 02 දක්වා අතරතුර කාලයේ චීනයේ වුහාන් රෝහලේ සිදු කොට ඇති මෙම පර්යේෂණයට, මෙම පර්යේෂකයන් විසින් එම රෝහලේ දැඩි සත්කාර ඒක්කයේ සිටි රෝගීන් 15 දෙනෙකු සහ සාමාන්‍ය ප්‍රතිකාර ඒකකයේ සිටි රෝගීන් 24 දෙනකු ගේ සාම්පල උපයෝගී කර ගෙන තිබේ.

    වුහාන් පිහිටි මෙම රෝහල චීන හමුදාව විසින් වෛරස් වසංගතය ආරම්භයේ දී දින 10 ක් තුළ ඉඳි කරන ලද රෝහල ය.

    අදාල චීන පර්යේෂකයන් විසින් එම රෝහලේ ගොඩනැගිලි වලින් , පරිගණන මූසික (Computer mouse ) , කසළ බඳුන්, රෝගීන්ගේ මුඛ ආවරණ, සාත්තු සේවකයන්ගේ ආරක්ෂක උපකරණ , කාමර වල වායු කුහර තුළ පිහිටි ද්‍රව්‍ය, කාමර තුළ පැවැති වාතය යන දෑ භාවිතා කොට ඇත‍

    අදාල පරිශ්‍රය තුළ පැවැති වායු ගෝලයේත්, එහි තිබූ වස්තූන්ගේ මතුපිටත්, මෙම වෛරසය පුළුල් ලෙස ව්‍යාප්ත වී තිබූ බවත්, ඒ හේතුව නිසාම හෙද කාර්‍ය මණ්ඩලය සහ අනෙකුත් සමීප සබඳතා වලට මෙම වෛරසය ආසාදනය වීමේ ඉහළ අවදානමක් ඇති බවත් මෙම පර්යේෂකයන්ගේ නිගමනය වී ඇත.

    අදා පරිශ්‍රය තුළ වඩාත්ම වෛරසය පැතිර තුබූ ප්‍රදේශය ලෙසට මෙම පර්යේෂකයන් පෙන්වා දී ඇත්තේ, දැඩි සත්කාර ඒකක වල සිටින රෝගීන් අසල ස්ථානය ය.

    මෙම වෛරසය වඩාත්ම පුළුල් ලෙස පැතිර තිබු වස්තුව පරිගණක මූසිකය බවත්, ඊට පසු මෙම වෛරසය වැඩිපුරම පැතිර තිබුණේ කසළ භාජණ , ඇඳන් සහ දොරවල්වල සවි කර තිබූ හැඬලය මත බවත් මෙම පර්යේෂකයන් පෙන්වා දී ඇත.

    හෙද කාර්‍ය මණ්ඩලය පලඳින පාවහන් වලින් අඩක ද මෙම වෛරසයේ අංශු මාත්‍ර තිබූ බව පෙන්වා දෙන මෙම අධ්‍යයන වාර්තාව,  රෝගීන් සිටින ස්ථානවලින් ඉවත්ව යෑමට පෙර පාවහන් විෂබීජ හරණයකට ලක් කිරීම අනිවාර්‍ය කළ යුතු බවට මෙම පර්යේෂකයන් නිර්දේශ කර ඇත.

    භාවිතා කිරීමෙන් පසුව මුඛ ආවරණ ඉවත විසි කිරීමට පෙර ඒවා ද විෂබීජ හරණය කළ යුතු බවට පර්යේෂකයන් විසින් උපදෙස් දී ඇත.

    පර්යේෂණයට භාජණය කළ රෝහල් පරිශ්‍රය තුළ තිබූ වාතයෙහි මෙම වෛරසය තිබූ බවත්, එම ප්‍රමාණය වෛද්‍යවරුන් සිටි ස්ථාන වලට වඩා රෝගීන්ගේ ඇඳන් අසල බෙහෙවින් පැවැති බවත් පර්යේෂකයන් පෙන්වා දී ඇත.

    මේ පර්යේෂණයේ දී කොරෝනා ආසාදිත රෝගීයාගේ සිට මීටර් 4 ක් එපිටින් මෙම වෛරසය සොයාගත් බවත්, ඒ අනුව මෙම වෛරසය මීටර් 4 ක උපරිම දුරක් සම්ප්‍රේෂණය වන බවත් පරේෂකයන් ගේ නිගමනය වී ඇත.

    රෝගියාගෙන් පරිසරයට පරිසරයට වෛරසය පැතිරීම පිළිබඳව සැලකිල්ලට ගත් විට, කොරෝනා ආසාදිත පුද්ගලයන් නිවස තුළ හුදකලා කොට සිදු කරන නිරෝධායනය රෝගය පාලනය කිරීමට කිසිදු ඵලදායී උපාය මාර්ගයක් නොවන බව මෙම පර්යේෂකයන් ගේ මතය වී ඇත.

    නව කොරෝනා වෛරසය පැතිරීමේ ප්‍රධානම ක්‍රමය වන්නේ රෝගියා කහින විට හෝ කිවිසුම් යවන විට සාපේක්ෂව නිපදවන විශාල ප්‍රමාණයක් වූ ජල බිඳිති ය.

    සුනිල් ගාමිණී – ප්‍රංශ ජනමාධ්‍ය ඇසුරෙන්

  • රවී ‌ගෙදර ඉඳන් කන්න ‌දෙන්න‌ෙ කාටද?

    රවී ‌ගෙදර ඉඳන් කන්න ‌දෙන්න‌ෙ කාටද?

    මේ සඳහා එක් වතාවකට අවම වශයෙන් ලක්ෂ 50ක පමණ වියදමක් දැරීමට ඒ මහතාට සිදුව ඇති අතර ජාලගත ‌මෙහෙයුමක් ඔස්සේ ‌මෙම ආහාර ‌කොළඹ දිස්ත්‍රික්කය පුරා ‌බෙදා හැරීමට පියවර ගෙන ඇත.

    ඇඳිරි නීතිය පැනවීම ‌හේතුවෙන් දැඩි අසීරුතාවට පත්ව සිටින ‌කොළඹ දිස්ත්‍රික් පැල්පත්වාසී ජනතාවට සහ තට්ටු නිවාසවල සිටින දුප්පත් ජනතාවට කොළඹ දිස්ත්‍රික් හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් දිනපතාම පාහේ ‌ පිසූ ආහාර ලබා දීමේ වැඩපිළිවෙළක් දියත් ‌කොට ඇත. මේ සඳහා එක් වතාවකට අවම වශයෙන් ලක්ෂ 50ක පමණ වියදමක් දැරීමට ඒ මහතාට සිදුව ඇති අතර ජාලගත ‌මෙහෙයුමක් ඔස්සේ ‌මෙම ආහාර ‌කොළඹ දිස්ත්‍රික්කය පුරා ‌බෙදා හැරීමට පියවර ගෙන ඇත.

  • Covid-19 ලෝක පුවත් විමසුම – ලෝකය පුරා උණුසුම් තත්ත්වයන් මෙන්න

    Covid-19 ලෝක පුවත් විමසුම – ලෝකය පුරා උණුසුම් තත්ත්වයන් මෙන්න

    අද දිනය (12) වන විට ගෝලීය වශයෙන් තහවුරු කරන ලද කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 17,93,224ක් බව ජෝන් හොප්කින් විශ්වවිද්‍යාලය විසින් නිකුත් කරන ලද නවතම වාර්තාව කියයි.

    එහි සදහන් වන්නේ අද දිනය තුළ නව ආසාදිතයින් 80,961ක් සහ මරණ 110,051ක් වාර්තා වූ බවයි. ගෝලීය වශයෙන් සුවය ලැබූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 373,570ක් බව ද එහි වැඩි දුරටත් සදහන් වේ.

    එක්සත් රාජධානියේ කොරෝනා මරණ සංඛ්‍යාව 10,000 ඉක්මවයි

    එක්සත් රාජධානියේ කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව 10,000 ඉක්මවා ගොස් ඇති අතර අද දිනය අවසන් වන විට නිල වාර්තාවල දැක්වෙන මරණ සංඛ්‍යාව 10,612 කි. 

    ඉතාලියේ හා ස්පාඤ්ඤයේ වෛරස් මරණ සංඛ්‍යාව පහත වැටීමත් සමඟ, එක්සත් රාජධානිය යුරෝපයේ වැඩිම වෛරස් මරණ ඇති රට බවට පත්වනු ඇතැයි යන බිය වැඩිවෙමින් පවතී. මේ අතර බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් රෝහලෙන් පිටව ගොස් ඇති අතර ඔහු COVID-19 යථා තත්ත්වයට පත්ව ඇති බව ඔහුගේ කාර්යාලය පවසයි.

    “ඔහුගේ වෛද්‍ය කණ්ඩායමේ උපදෙස් පරිදි අගමැතිවරයා වහාම සේවයට නොඑනු ඇත. ශාන්ත තෝමස් රෝහලේ සියලුම දෙනාටම තමාට දුන් අති විශිෂ්ඨ සත්කාරය පිළිබඳව ස්තූති කිරීමට ඔහු කැමතියි” යනුවෙන් ප්‍රකාශකයෙක් පැවසීය. 

     ‘මම ඔවුන්ට මගේ ජීවිතයට ණයගැතියි’: එක්සත් රාජධානියේ අගමැති ජොන්සන් වෛද්‍යවරුන්ට ප්‍රශංසා කරයි

    COVID-19 ආසාදනය වී දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ බොරිස් ජොන්සන් එයින් පිටවීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවයේ කාර්ය මණ්ඩලයට තම ගෞරයට හා ප්‍රණාමය පුද කළේය. ඔහු සදහන් කළේ තම ජීවිතය බේරාදීම පිළිබදව තමා ඔවුන්ට ණයගැති බවයි.

    “මට ඔවුන්ට ප්‍රමාණවත් තරම් ස්තූති කළ නොහැකිය. මගේ ජීවිතයට මම ඔවුන්ට ණයගැතියි” යැයි ජොන්සන් රෝහල් කාර්ය මණ්ඩලය ගැන පැවසීය. 

    මෙම අදහස් මාධ්‍යවේදීන්ට නිකුත් කළ අතර ඉරිදා ඔහුගේ කාර්යාලය විසින් ඒ බව තහවුරු කළේය.

    ජොන්සන්ගේ තත්ත්වය පිළිබඳ නවතම නිල යාවත්කාලීන කිරීම් වලදී ඩව්නිං වීදිය පැවසුවේ “ඔහු ඉතා හොඳ ප්‍රගතියක් ලබා ඇති” බවයි.

    බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් 2020 මාර්තු 17 වන අඟහරුවාදා ලන්ඩනයේ ඩව්නිං වීදිය 10 තුළ COVID-19 කිරීටක වෛරසය පැතිරීමත් සමඟ පවතින තත්වය පිළිබඳව මාධ්‍ය හමුවක් පවත්වයි.

    ආසාදිතයන් වෙනුවෙන් පාප්තුමා පාස්කු යාඥා කරයි

    කොරෝනා වෛරසය ආසාදනයෙන් ලොව පුරා මිය ගිය ලක්ෂයකට අධික පිරිස වෙනුවෙන් සහ ලක්ෂ 17ක් පමණ වන ආසාදිතයින් වෙනුවෙන් ශුද්ධ වූ පාප් වහන්සේ අද (12) ඉරිදා යාඥා මෙහෙය අතරතුර විශේෂ යාඥාවක් පැවැත් වූහ.

    “අද මගේ සිතුවිලි කොරොන වෛරසයට සෘජුවම ගොදුරු වූ බොහෝ දෙනා වෙත හැරී යයි: රෝගීන්, මියගිය අය සහ තම ආදරණීයයන් අහිමි වීම ගැන වැලපෙන පවුලේ සාමාජිකයන් වෙනුවෙන් මම යාඥා කරමි”පාප්තුමා බැතිමතුන්ගෙන් තොර ශාන්ත පීතර බැසිලිකාව වෙතින් සජීවී පණිවුඩයක් නිකුත් කරමින් පැවසීය. 

    වතිකානුවේ කිරීටක වෛරසය (COVID-19) පුපුරා යාම හේතුවෙන් මහජන සහභාගීත්වයක් නොමැතිව පාස්කු උත්සවයක් සඳහා ෆ්‍රැන්සිස් පාප් වහන්සේ නායකත්වය දෙයි.

    කොරෝනා එන්නතක් නැති නම් යළි අවදානම ඉහළට

    ලක්ෂයකට අධික පිරිසක් මරණයට පත් කළ කොවිඩ්-19 සදහා එන්නතක් සොයා ගැනීම සදහා ලොව පුරා විද්‍යාඥයෝ දැවැන්ත වෙහෙසක් ගනමින් සිටිති. එහෙත් එය තව දුරටත් ඈත බවයි විශේෂඥයින්ගේ අදහස වන්නේ.

    කොරෝනා වෛරසයට එරෙහිව එන්නතක් නිපදවීම ප්‍රමාද වීම හමුවේ චීනය සහ ඉතාලිය වැනි දරුණුතම බලපෑමට ලක් වූ සමහර රටවල මෑත දිනවල ආසාදන හා මරණ සමතලා වී ඇති නමුත් එන්නතක් නොමැති තත්ත්වය තුළ නව පිපිරුම් රැල්ලක අවදානම ආසන්න බව විශේෂඥයින් අනතුරු අගවා ඇත.

    නූතන එන්නත

    ජපන් අගමැතිට දැඩි විවේචන

    කොවිඩ්-19 වෛරසයේ ව්‍යාප්තියෙන් දැඩි සේ කම්පනයට පත්ව සිටින ජපානය මේ වන විට එය පාලනය කිරීමට දැඩි පියවර ගෙන තිබෙනවා. ඒ අතර සමාජ දුරස්ථභාවය සහ නිවසේ රැදී සිටීම ප්‍රධානයි.

    මේ තත්ත්වය ගැන ජනතාව දැනුවත් කිරීම සදහා ජපන් අගමැති ෂින්සෝ අබේ ට්විටර් පණිඩුවයක් සමග වීඩියෝවත් නිකුත් කර තිබෙනවා. මෙම වීඩියෝවේදී ජපන් අගමැති ජනතාවගෙන් ඉල්ලා සිටින්නේෙ “මට මගේ මිතුරන් හමුවිය නොහැකියි. මට බීම සාදයක් පැවැත්විය නොහැකයි. නමුත් මෙම ක්‍රියාවන් නිසැකවම බොහෝ ජීවිත බේරා ගැනීමට හැකියාවව ලැබෙනවා. ඒ නිසා ඔබ ඔබේ සුරතල් සුඛනයා සුරතල් කරන්න …. පොතක් කියවන්න” යැයි ෂින්සෝ අබේ පවසයි.

    ජපන් අගමැතිවරයාගේ ප්‍රකාශය කෙසේ වෙතත් වීඩියෝවේ ඔහු සිටින ආකාරය මේ වන විට ජපන් ජනතාවගේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. සුවපහසු සෝපාවක ඉතා පහසුවෙන් වාඩි වී කලු පැහැති සිය සුරතල් සුඛනයා සුරතල් කරමින් සිටින ජපන් අගමැතිවරයාගේ ක්‍රියාව ජපන් ජනතාව දකින්නේ අවස්ථාවාදී හා වගකීම් විරහිත ක්‍රියාවක් ලෙසයි.

    “මිනිසුන්ගේ පැවැත්ම සඳහා සටන් වදින මොහොතක, එවැනි සුඛෝපභෝගී වීඩියෝවක් පෙන්වීමට … කෙනෙකුට උදව් කිරීමට නොහැකි අතර, ‘ඔබ කවුදැයි ඔබ සිතන්නේද?’ යනුවෙන් එක් ට්විටර් පරිශීලකයෙක් අගමැතිවරයාගෙන් ප්‍රශ්න කර තිබුණා.

    බොහෝ ජපන් ජාතිකයින් කියා සිටියේ අගමැතිවරයාගේ ප්‍රකාශය හා වීඩියෝව කොරෝනා වෛරසය පැතිරීම මධ්‍යයේ ජීවත්වීමට අරගල කරන අයගේ දුක්ඛිත තත්වය නොසලකා හැර ඇති බවයි.

    ජනප්‍රිය ගායක හොෂිනෝ ද වීඩියෝ පටයේ භේදකාරී තිරයක දර්ශනය වන අතර සමාජ දුරස්ථභාවය වෙනුවෙන් පෙනී සිටින ගීතයක් රඟ දක්වයි. එය මෙසේ ය: “අපි බේරී නටමු, අපි එකිනෙකා, අපි කොහේ සිටියත්, අපි සියල්ලෝම එක ලෙස, අපි නිවසේදී ගායනා කරමු.

    安倍晋三@AbeShinzo

    友達と会えない。飲み会もできない。
    ただ、皆さんのこうした行動によって、多くの命が確実に救われています。そして、今この瞬間も、過酷を極める現場で奮闘して下さっている、医療従事者の皆さんの負担の軽減につながります。お一人お一人のご協力に、心より感謝申し上げます。

    Embedded video

    උතුරු කොරියාව දැඩි ප්‍රති-වෛරස් ක්‍රියාමාර්ග ඉල්ලා සිටී

    වේගයෙන් ව්‍යාප්ත වන කොරෝන වෛරසයේ “ආක්‍රමණය පරීක්ෂා කිරීම” සඳහා දැඩි පියවර ගන්නා ලෙස උතුරු කොරියාව ඉල්ලා සිටින බව රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

    කොරියානු මධ්‍යම ප්‍රවෘත්ති ඒජන්සිය පවසන්නේ ශ්‍රේෂ්ඨ නායක කිම් ජොන් උන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදී ඉහළ නිලධාරීන් “ලෝක ව්‍යාප්ත වසංගත රෝගයට සාර්ථකව මුහුණ දීම සඳහා, අපගේ ජනතාවගේ ජීවිතය හා ආරක්ෂාව ආරක්ෂා කිරීම සඳහා වඩාත් ජාතික පියවරයන් ගැනීම” පිළිබඳ ඒකාබද්ධ යෝජනාවක් සම්මත කළ බවයි. 

    කොරියාවේ කම්කරු පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ රැස්වීමකට උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සහභාගී වේ
    උතුරු කොරියානු නායක කිම් ජොන් උන් කොරියාවේ කම්කරු පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ රැස්වීමකදී

    කොරෝනා ආසාදිතයින් වැඩිම සංඛ්‍යාවක් හා මරණ වැඩිම සංඛ්‍යාවක් වාර්තා කර ඇති රටවල්

    එක්සත් ජනපදය – රෝගීන් 530,830 ක්, මරණ 20,646 ක් 
    ස්පාඤ්ඤය – 166,019 ක් , මරණ 16,972  ක්
    ඉතාලිය – රෝගීන් 152,271 ක්, මරණ 19,468 ක්
    ප්‍රංශය – රෝගීන් 130,730 ක්, මරණ 13,832 ක්
    ජර්මනිය – රෝගීන් 125,452 ක්, මරණ 2,871 ක්
    චීනය –  රෝගීන් 83,134 ක් , මරණ 3,343 ක්
    එක්සත් රාජධානිය – රෝගීන් 79,885 ක්, මරණ 10,612 ක්
    ඉරානය – රෝගීන් 71,686 ක්, මරණ 4,474 ක් 
    තුර්කිය – රෝගීන් 52,167 ක්, මරණ 1,101 ක්
    බෙල්ජියම – රෝගීන් 29,647 ක්, මරණ 3,600 ක්
    නෙදර්ලන්තය – රෝගීන් 25,746 ක්, මරණ 2,747 ක්
    ස්විට්සර්ලන්තය –  රෝගීන් 25,300 ක් , මරණ 1,081 ක්
    කැනඩාව – රෝගීන් 23,717 ක්, මරණ 654 ක්
    බ්‍රසීලය – රෝගීන් 21,042 ක්, මරණ 1,141 ක්
    පෘතුගාලය – රෝගීන් 16,585 ක්, මරණ 504 ක් 
    රුසියාව – රෝගීන් 15,770 ක්, මරණ 130 ක්
    ඔස්ට්‍රියාව – රෝගීන් 13,945 ක්, මරණ 350 ක්
    ඊස්රායලය – රෝගීන් 10,878 ක්, මරණ 101 ක්
    දකුණු කොරියාව – රෝගීන් 10,512 ක්, මරණ 214 ක්
    ස්වීඩනය – රෝගීන් 10,483 ක්, මරණ 899 ක්
    අයර්ලන්තය – රෝගීන් 8,928 ක්, මරණ 320 ක්
    ඉන්දියාව – රෝගීන් 8,504 ක්, මරණ 288 ක්
    ඉක්වදෝරය – රෝගීන් 7,257 ක්, මරණ 315 ක්
    චිලී – රෝගීන් 7,213 ක්, මරණ 73 ක්
    පේරු – රෝගීන් 6,848 ක්, මරණ 181 ක්
    ජපානය – රෝගීන් 6,748 ක්, මරණ 108 ක්
    නෝර්වේ – රෝගීන් 6,485 ක්, මරණ 124 ක්
    ඕස්ට්‍රේලියාව – රෝගීන් 6,315 ක්, මරණ 57 ක්
    ඩෙන්මාර්කය – රෝගීන් 6,369 ක්, මරණ 273 ක්
    පෝලන්තය – රෝගීන් 6,674 ක්, මරණ 232 ක්
    රුමේනියාව – රෝගීන් 6,300 ක්, මරණ 306 ක්
    චෙක් ජනරජය – රෝගීන් 5,905 ක්, මරණ 129 ක්
    පකිස්ථානය – රෝගීන් 5,170 ක්, මරණ 88 ක්
    මැලේසියාව – රෝගීන් 4,683 ක්, මරණ 76 ක්
    පිලිපීනය – රෝගීන් 4,648 ක්, මරණ 297 ක්
    මෙක්සිකෝව – රෝගීන් 4,219 ක්, මරණ 273 ක්
    ඉන්දුනීසියාව – රෝගීන් 4,241 ක්, මරණ 373 ක්
    සෞදි අරාබිය – රෝගීන් 4,033 ක්, මරණ 52 ක්
    එක්සත් අරාබි එමීර් – රෝගීන් 3,736 ක්, මරණ 20 ක්
    ලක්සම්බර්ග් – රෝගීන් 3,270 ක්, මරණ 62 ක්
    සර්බියාව – රෝගීන් 3,380 ක්, මරණ 74 ක්
    ෆින්ලන්තය – රෝගීන් 2,905 ක්, මරණ 49 ක්
    පැනමාව – රෝගීන් 3,234 ක්, මරණ 79 ක්
    ඩොමිනිකන් ජනරජය – රෝගීන් 2,759 ක්, මරණ 126 ක්
    කටාර් – රෝගීන් 2,728 ක්, මරණ 6 ක්
    කොලොම්බියාව – රෝගීන් 2,709 ක්, මරණ 100 ක්
    තායිලන්තය – රෝගීන් 2,551 ක්, මරණ 35 ක්
    යුක්රේනය – රෝගීන් 2,511 ක්, මරණ 73 ක්
    සිංගප්පූරුව – රෝගීන් 2,299 ක්, මරණ 8 ක්
    ග්‍රීසිය – රෝගීන් 2,081 ක්, මරණ 93 ක්
    දකුණු අප්‍රිකාව – රෝගීන් 2,028 ක්, මරණ 25 ක්
    බෙලාරුස් – රෝගීන් 2,226 ක්, මරණ 23 ක්
    ආර්ජන්ටිනාව – රෝගීන් 2,142 ක්, මරණ 89 ක්
    ඊජිප්තුව – රෝගීන් 1,939 ක්, මරණ 146 ක්
    ඇල්ජීරියාව – රෝගීන් 1,825 ක්, මරණ 275 ක්
    අයිස්ලන්තය – රෝගීන් 1,689 ක්, මරණ 7 ක්
    ක්‍රොඒෂියාව – රෝගීන් 1,534 ක්, මරණ 21 ක්
    මොරොක්කෝව – රෝගීන් 1,545 ක්, මරණ 111 ක්
    මෝල්ඩෝවා – රෝගීන් 1,560 ක්, මරණ 30 ක්
    නවසීලන්තය – රෝගීන් 1,330 ක්, මරණ 4 ක්
    ඉරාකය – රෝගීන් 1,318 ක්, මරණ 72 ක්
    එස්තෝනියාව – රෝගීන් 1,304 ක්, මරණ 24 ක්
    හංගේරියාව – රෝගීන් 1,410 ක්, මරණ 85 ක්
    ස්ලොවේනියාව – රෝගීන් 1,188 ක්, මරණ 50 ක්
    ලිතුවේනියාව – රෝගීන් 1,053 ක්, මරණ 23 ක්
    බහරේනය – රෝගීන් 1,040 ක්, මරණ 6 ක්
    කුවේට් -රෝගීන් 1,154, 1 මරණය
    අසර්බයිජානය – රෝගීන් 1,058 ක්, මරණ 11 ක්
    ආර්මේනියාව – රෝගීන් 977 ක්, මරණ 13 ක් 
    බොස්නියාව සහ හර්සගොවිනා – රෝගීන් 946 ක්, මරණ 37 ක්

    ජෝන් හොප්කින් විශ්වවිද්‍යාලයේ සහ අල් ජසීරා වාර්තා ඇසුරිණි

  • ලංකාවේ Covid-19 ආසාදිතයින් සංඛ්‍යාව 210 දක්වා ඉහළට

    ලංකාවේ Covid-19 ආසාදිතයින් සංඛ්‍යාව 210 දක්වා ඉහළට

    ශ‍්‍රී ලංකාව තුළ වාර්තා වන කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අද දින (12) 210 දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය සදහන් කරයි. එහි වැඩි දුරටත් සදහන් වන්නේ අද දින කොවිඩ් -19 ආසාදිතයින් 11ක් වාර්තා ව බවයි.

    මේ වන විට ප‍්‍රතිකාර ලබන කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 147ක් වන අතර දැනට රෝහල්වල විමර්ශන යටතේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව 154කි. සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව 56ක් වන අතර මරණ සංඛ්‍යාව 07කි.