ජායා බච්චන්ට 72යි: අමිතාබ් – ජයා අමරණීය ඡායාරූප එකතුව මෙන්න

ජායා බච්චන්ට 72යි: අමිතාබ් – ජයා අමරණීය ඡායාරූප එකතුව මෙන්න
Spread the love

පසුගිය දා ‘අභිමාන්‘ බැලුවා. ඒක අති සුන්දර අත්දැකීමක්. අමිතාබ්ගේ යොවුන් වියේ අමරණීය සිනමා රංගනයෙන් මා කොතරම් සතුටට පත් වූවාද යන්න කියන්න වචන නැහැ.

අභිමාන් චිත්‍රපයේ දී අමිතාබ් – ඡයා

මේ අතර සුප්‍රකට Filmfare වෙබ් අඩවිය පසුගිය දා අමිතාබ්ගේ ඡායාරූප 17ක් පළ කරලා තිබුණා. ඒත් එහි විශේෂත්වයක් තිබුණා. ඒ සියලු ඡායාරූපවල අමිතාබ්ගේ ආදරණීය බිරිය, ‘ජය බච්චන්‘ හිටියා.

අමිකාබ් – ජයා 45 වැනි විවාහා සංවත්සරයදා පුත් අභිෂේක් සහ ලේලිය ආශ්චර්යා සමග

ජය බච්චන් කියන්නේ හින්දි සිනමාවේ සුවිශේෂ චරිතයක්. ඇය 60-70 දශකවල බොලිවුඩයේ සුපිරි තරුවක්. ඒ නිසාම ඇයට බොලිවුඩයේ සුපිරි තරුව වන අම්තාබ්ගේ ආදරණී පතිනිය වීමටත් භාග්‍යය හිමි වෙනවා. අදටත් නොනැසී පවතින අමිතාබ්ගේ කීර්තිය පිටුපස සිටින දැවැන්තම සෙවනැල්ල ජයා බවයි බොලිවුඩ් විචාරකයින් කියන්නේ.

ජායාගේ කතාව එතැනින් අවසන් වන්නේ නැහැ. වත්මන් බොලිවුඩ් සිනමාවේ සුපිරි නළුවෙක් වන අභිෂේක් බච්චන් ඇගේ පුත්‍රයා. ඊටත් වඩා වැදගත්ම දේ… ලෝක රූප සුන්දරියක් පමණක් නොව බොලිවුඩයේ සුපිරි තරුවක් වන ආශ්චර්යා රායි ඇගේ ලේලිය. ඉතිං තවත් මොනවාද ?

ජායා දැන් පසුවන්නේ 72වැනි වියේ. ඇය 72 වැනි වියට පා තැබුවේ පසුගිය 13 වැනිදා.

1973දී ‘මහනගර්‘ හි රංගනයෙන් සිනමාවට පිවිසි ජයා බහදූර් හින්දි සිනමාවේ සදානුස්මරණීය චිත්‍රපට රැසකට සිය දායකත්වය ලබා දුන්නා. අති විශිෂ්ට නිළියක් වන ඇය ගුඩි, අභිමාන්, චුප්කේ චුප්කේ, මිලි, කොෂිෂ්, ෂෝලේ, සිල්සිලා වැනි චිත්‍රපටවල අපූර්ව රංගනයන් ලබා දුන්නා.

ජය බච්චන් සැමවිටම අමිතාබ් බච්චන් සමඟ ඇති ප්‍රේම සම්බන්ධය නිසා ජනප්‍රියත්වයට පත් වුණා. වරක් අමිතාබ් මාධ්‍යකරුවන් සමග පැවසුවේ ‘ජායාගේ ඇස්වල බැල්මට තමා වශී වූ බවයි‘

ඉතිං දශක ගණනාවක් රන් රස සේ ආදරයෙන් බැදී සිටින මේ යුවලගේ මේ සුවිශේෂී / දුර්ලභ ඡායාරූප ඔබේ ඇසට රසදුනක් වන බව සහතිකයි.

ජය බච්චන්
ජය බච්චන්
ජය බච්චන්
ජය බච්චන්
ජය බච්චන්
ජය බච්චන්
ජය බච්චන්
ජය බච්චන්
ජය බච්චන්
ජය බච්චන්
ජය බච්චන්
ජය බච්චන්
ජය බච්චන්
ජය බච්චන්
ජය බච්චන්
ජය බච්චන්
ජය බච්චන්

ඡායාරූප Filmfare ඇසුරිණි – සටහන – තුෂාධවි