Tag: featured

  • ජූලි අග දක්වා ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටිය වසා දැමේ: සියලු තරගාවලි කල් යයි

    ජූලි අග දක්වා ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටිය වසා දැමේ: සියලු තරගාවලි කල් යයි

    කොවිඩ් 19 වෛරසය ගෝලීය වසංගතයක් වීම හේතුවෙන් ජූනි මස අග දක්වා සියලු තරගාවලි කල් දැමීමට තීරණය කළ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේය.

    2021 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරග සහ වසර 2023 එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරග ද ඊට ඇතුළත් බවයි ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය සදහන් කළේ.

    මේ අනුව අප්‍රේල් මස 16 සිට 21 දක්වා පැවැත්වීමට නියමිතව ක්වේට්හි සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබුණු විස්සයි20 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ආසියානු කලාපයීය ‘ඒ’ කොටසේ තරගාවලිය, ජූනි මස 26 සිට ජූලි 2 දක්වා මැලේසියාවේ පැවැත්වීමට සූදානම් කළ ආසියානු කලාපයීය ‘බී’ කොටසේ තරගාවලිය, දකුණු අප්‍රිකාවේ සත්කාරකත්වයෙන් අප්‍රේල් මස 27 සිට මැයි මස 3 දක්වා පැවැත්වීමට නියමිතව තිබුණු අප්‍රිකානු කලාපයීය තරගාවලිය සහ ස්පාඤ්ඤයේ සත්කාරකත්වයෙන් මැයි මස 16 සිට 22 දක්වා පැවැත්වීමට නියමිත වූ යුරෝපා කලාපයීය ‘ඒ’ කොටසේ තරගාවලියත්, ජූනි මස 10 සිට 16 දක්වා බෙල්ජියමේ පැවැත්වීමට නියමිත වූ යුරෝපා කලාපයේ ‘සී’ කොටසේ තරගාවලියත්, ෆින්ලන්තයේදී ජූනි මස 24 සිට 30 දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබුණු යුරෝපා කලාපයීය ‘බී’ කොටසේ සුදුසුකම් ලැබිමේ තරගාවලියත් මෙසේ කල් දැමීමට නියමිතය.

    මීට අමතරව 2023 එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා අප්‍රේල් මස 20 සිට 27 දක්වාත් පැවැත්වීමට නියමිතව තිබුණු නැමීබියානු කලාපීය තරගාවලිය සහ ජූනි මස 9 සිට 16 දක්වාත් පැවැත්වීමට නියමිතව තිබූ පැපුවා නිව්ගිනියා කලාපයීය තරගාවලි ද කල් දැමීමට ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය තීරණය තර තිබේ.

  • Covid 19 : මානසික සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු පියවර

    Covid 19 : මානසික සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු පියවර

    EMMA RUSSELL

    කොරෝනාවෛරසය ලෝකය අවිනිශ්චිතතාවකට ඇද දමා ඇති අතර, මෙම වසංගතය පිළිබඳ පුවත් නිතර ඇසීමෙන් හෝ දැකීමෙන් ඔබට මානසික ව්‍යාකූලතා ඇති විය හැකිය. මේ සියල්ල පුද්ගලයන්ගේ මානසික සෞඛ්‍යය නිසි ලෙස පවත්වාගෙන යාමට බලපානු ඇත. දැනටමත් සාංකාව සහ ඕසීඩී (Obsessive-Compulsive Disorder) වැනි රෝගී තත්වයන්ගෙන් පීඩා විඳින පුද්ගලයෙකුට නම් මෙවැනි අවස්ථාවකදී මානසික සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීම දැඩි අභියෝගයක් වනු ඇත.

    කොරෝනාවෛරසය පැතිරී යන අවස්ථාවේදී ඔබේ මානසික සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ උපදෙස් මාලාව සමාජ මාධ්‍යවල විශාල වශයෙන් සංසරණය වනු දක්නට ලැබිණි.

    Scott Bryan@scottygb

    This is actually valuable advice, and I reckon applies to Twitter as well.

    View image on Twitter

    විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙන මෙම කාලය ඇතුළත මානසික සෞඛ්‍යය පවත්වාගත යුතු ආකාරය පිළිබඳව ජාතික රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය සහ කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මධුභාෂිණී දයාබණ්ඩාර බීබීසී සිංහල සේවය සමග සාකච්ඡාවක නිරත විණි.

    ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මධුභාෂිණී දයාබණ්ඩාර
    Image captionජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මධුභාෂිණී දයාබණ්ඩාර

    “මෙවැනි අවස්ථාවක කණ්ඩායම් තුනක පුද්ගලයන්ගේ මානසික සෞඛ්‍යට බලපෑම් එල්ල වෙනවා,”

    1. සාමාන්‍ය ජනතාව.
    2. කොවිඩ් 19 වැළඳුණ රෝගියෙකු සමග සම්බන්ධ වීමෙන් රෝගය වැළඳීමේ අවදානමක සිටින පුද්ගලයන්.
    3. වෙනත් මානසික රෝගවලින් පීඩා විඳින පුද්ගලයන්.

    “මේ දිනවල පවතින ඇඳිරි නීතිය නිසා ගෙදරට ම වෙලා ඉන්න සිදුවීමෙන් සහ වෙන දා ඇසුරු කරන පුද්ගලයන්ගෙන් ඈත් වී සිටින්න සිදු වීමෙන් මානසික සුවයට යම් බලපෑම් ඇති වී තිබෙන තත්ත්වයක් ද දකින්න පුළුවන්. ඒ වගේ ම රෝගය වැළඳීමේ අවදානමක් ඇති පුද්ගලයන් සිය දෙමාපියන් සහ වැඩිහිටි පුද්ගලයන්ගෙන් ඈත් වී ජීවත් වීමට සිදු වීමත් මනසට දැඩි ලෙස බලපා තිබෙනවා,” වෛද්‍යවරිය පැවසීය.

    සමාජ මාධ්‍ය ජාල සහ පුවත්වලින් ඈත් වී සිටිය යුතු ද?

    පුවත් පිළිබඳ සැලකිලිමත් වීම සාමාන්‍ය දෙයක් විය හැකි නමුත් එයින් බොහෝ දෙනෙකු තුළ පවතින මානසික සෞඛ්‍ය ගැටලු උග්‍ර අතට හැරීමට ද පුළුවන.

    කොරෝනාවෛරසය සම්බන්ධයෙන් පළවන පුවත් නිරන්තරයෙන් නැරඹීමෙන් සහ කියවීමෙන් දැඩි මානසික පීඩනයකට මුහුණ දෙන බව පිළියන්දල පදිංචි සමාධි දළුවත්ත බීබීසී සිංහල සේවයට පැවසුවාය.

    “මට පොඩි දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මගේ අම්මාත් අපි එක්ක ජීවත් වෙන්නේ. මේ නිව්ස් කියෙව්වට පස්සේ මට පාලනය කර ගන්න බැරි තරම් බයක් දැනෙනවා. ඒ නිසා ගෙදර අයටත් පරිස්සම් වෙන්න කියලා ඕනෑවට වඩා කෑ ගහනවා,” ඇය පැවසීය.

    bbc

    “සාමාන්‍යයෙන් මම කලබල කෙනෙක් වුණාට ඉස්සර මේ තරම් බයක් ඇති වෙලා නැහැ. හැබැයි දැන්නම් පාලනය කර ගන්න අමාරුයි.”

    කෙසේනමුත්, පුවත් සහ සමාජ මාධ්‍ය ජාල වෙබ් අඩවිවලින් වැඩි කාලයක් ඈත් වී සිටීමෙන් සිය මනස යම් තාක් දුරකට “සන්සුන්” වූ බව ද ඇය පැවසීය.

    මේ අතර, කොරෝනාවෛරසය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලවල ව්‍යාජ පුවත් බොහොමයක් ද සංසරණය වෙමින් පවතී. සෑම අවස්ථාවක ම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය, පොලිසිය, ලෝක සෞඛ්‍ය සංවිධානය සහ වෙනත් වගකිව යුතු ආයතන නිකුත් කරන පුවත් සහ දැන්වීම් පමණක් අනුගමනය කළ යුතු බවට රජය නිරන්තරයෙන් නිවේදන නිකුත් කරමින් සිටී.

    ප්‍රියයන්ගෙන් ඈත් වී සිටීම

    “මම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රැකියාවක නිරත වෙන්නේ. අපි මනසින් සෑහෙන ශක්තිමත්ව ඉන්න පුළුවන් උපරිම උත්සහ කරනවා. නමුත් විශාල බයක් තියෙනවා මගෙන් ගෙදර අයට මේ ලෙඩේ බෝවෙයි කියලා,” කොළඹ ජාතික රෝහලේ සේවයේ නියුතු නම හෙළි කිරීමට අකමැති කාන්තාවක පැවසීය.

    “විශේෂයෙන් මගේ වයසක දෙමාපියන්ට මේ වෛරස් එක බෝ වෙයි කියන බය නිසා මම ඔවුන්ගෙන් ඈත් වෙලා ඉන්නේ. ඒක මනසට හරි අමාරු දෙයක්. නමුත් හරි අමාරුවෙන් හිත හදාගන්න උත්සහ කරනවා. පුළුවන් උපරිම විදිහට ආරක්ෂා වෙනවා,” ඇය තවදුරටත් පැවසුවාය.

    EMMA RUSSELL

    ඔබේ අත් සෝදන්න – නමුත් ඕනාවට වඩා නොකරන්න

    ඕසීඩී (Obsessive-Compulsive Disorder) යනු, සුලබව දැකිය හැකි නිදන්ගත මානසික රෝගී තත්ත්වයක් වන අතර, මෙහිදී යම් ක්‍රියාවක් අනිවාර්යයෙන් ඉටුකළ යුතු යැයි නැගෙන සිතුවිල්ල පාලනය කළ නොහැකි මට්ටමකට පැමිණෙනු දැකිය හැකිය.

    කොරෝනාවෛරසය පැතිරීම වළක්වා ගැනීම සඳහා අනුගමනය කළ යුතු පියවර අතර, නිතර දෑත් සේදීම වැනි ක්‍රියාවන් ඕසීඩී වැනි මානසික රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන පුද්ගලයන්ට දැඩි ලෙස බලපා තිබේ.

    ඕසීඩී මානසික රෝගය සමග දිවි ගෙවීම පිළිබඳ සිය අත්දැකීම් ‘Because We Are Bad’ නම් ග්‍රන්ථයෙන් හෙළි කළ ලිලී බේලි පවසන්නේ වෛරසයක් ආසාදනය වේ යැයි ඇති බිය සිය මානසික රෝගී තත්ත්වයේ එක් අංගයක් බවය.

    මෙම මානසික රෝගී තත්ත්වයෙන් මිදුණු පුද්ගලයන්ට අත් සේදීම පිළිබඳ උපදෙසින් නැවත බලපෑම් එල්ල විය හැකි බව ඇය පවසයි.

    “මම මග හැර සිටි හැසිරීම් රටා කිහිපයක් දැන් නැවත සිදුකළ යුතු වීම ඇත්තෙන් ම දුෂ්කර ක්‍රියාවක්.”

    “මම අවවාදය තදින් අනුගමනය කරනවා. නමුත්, මට සබන් සහ සනීපාරක්ෂක දියර භාවිතය ඇබ්බැහි වීමකට සමාන කරන්න පුළුවන්,” ලිලී බේලි පැවසීය.

    ඕසීඩී මානසික රෝගයෙන් පීඩා විඳින බොහෝ දෙනෙකුට නිවසින් පිටව යෑම වඩාත් පහසු වන හෙයින් ස්වයං හුදකලා වීම අභියෝගයක් වනු ඇති බව ඇය පෙන්වා දෙයි.

    ගම්පහ ප්‍රදේශයේ දිවි ගෙවන සුනිලා විජේවීර පැවසුවේ, කොරෝනාවෛරසය පැතිරීම වළක්වා ගැනීම සඳහා අනුගමනය කළ යුතු සනීපාරක්ෂක පියවරවලින් ඕනෑවට වඩා සිය මනසට බලපෑම් එල්ල වන බවය.

    “මගේ විතරක් නෙමෙයි, පවුලේ අය අත් සෝදන එක ගැනත් මම ඕනෑවට වඩා සැලකිලිමත් වෙනවා. ගෙදර කවුරුහරි එළියට ගිහින් ආවා ම මම ඒ අයගේ ඇඳුම්, භාණ්ඩ ඔක්කොම පිහනවා, සෝදනවා. මමත් සෑහෙන වාරයක් අත් සෝදනවා,” සුනිලා පැවසුවාය.

    එසේ නම්, අපගේ මානසික සෞඛ්‍යය ආරක්ෂා කර ගන්නේ කෙසේ ද?

    මෙම කාලය තුළ යම් පුද්ගලයෙකු මානසික සුවය පවත්වාගෙන යාම සඳහා අනුගමනය කළ යුතු පියවර පිළිබඳ විශේෂඥ මනෝ වෛද්‍ය මධුභාෂිණී දයාබණ්ඩාර පැහැදිලි කලාය.

    • ඔබට හොඳ හැඟීමක් ඇති නොවන දේවල් කියවීමට හෝ නැරඹීමට වැය කරන කාලය සීමා කරන්න.
    • අන් අය සමග සම්බන්ධ වීම සඳහා සමාජ මාධ්‍ය ජාලවල සැරිසරන්න, නමුත් කොරෝනාවෛරසය ගැන කියවීම සීමා කරන්න.
    • දරුවන් සිටී නම් ඔවුන් සමග වැඩිපුර කාලයක් ගත කරන්න.
    • සිය සැමියා, භාර්යාව, දෙමාපියන් හෝ පවුලේ අය සමග වැඩිපුර කාලයක් ගත කරන්න.
    • ආතතිය, පීඩනය අවම කර ගැනීම සඳහා හාස්‍ය උත්පාදක දේ කියවන්න, නරඹන්න.
    • තමන්ට කාලයක සිට මඟ හැරුණු දෙයකට නැවත යොමු වෙන්න.
    • පොත් කියවීම්, අත්කම්, මැහුම් ගෙතුම්, ගෙවතු වගාව වැනි දේට යොමුවන්න.
    • එකිනෙකා අතර නියමිත පරතරය තබාගෙන, නිවසින් පිටත, නිවස තුළ හෝ ගෙමිදුලේ ව්‍යායාම්වල නිරත වන්න. මෙමගින් මොළය තුළ රසායන ද්‍රව්‍යයක් වර්ධනය වන අතර, එය මානසික සෞඛ්‍ය පවත්වාගෙන යාමට බලපායි.
    • සංගීතයට සවන්දෙන්න. ගායනය, වාදනය, නර්තනය සහ චිත්‍ර සඳහා යොමු වන්න.
    • බොහෝ කලකින් කතා නොකළ මිතුරෙකුට දුරකතන ඇමතුමක් දෙන්න.
    • වැරදි පුවත් නොබලා, වගකිව යුතු මාධ්‍ය ආයතනවල පුවත් පමණක් නරඹන්න, කියවන්න.
    • හැකි සෑම විට ම සමබර ආහාර වේලක් ලබා ගන්න.
    • අන් අයට පිහිට වන්න.
    EMMA RUSSELL

    “මේ වන විටත් මානසික රෝගවලින් පෙළෙන පුද්ගලයන්ට මෙවැනි කාලයක් තුළ සිය රෝගී තත්ත්වය උත්සන්න වීමේ ඉඩකඩ තිබෙනවා. මෙම සතියේ සිට (මාර්තු 30) ඔවුන්ට අවශ්‍ය බෙහෙත් වර්ග තැපැල් කිරීමට කොළඹ ජාතික රෝහලේ මානසික රෝග අංශය ක්‍රියා කරමින් ඉන්නවා.”

    “ඒ වගේ ම මේ කොරෝනාවෛරසය වැළඳුණ කෙනෙකු, එය රහසක් වශයෙන් තියාගෙන ඉන්න අවශ්‍ය නැහැ. එය හෙළි කිරීමෙන් සමාජයට යහපතක් වන අතර, අන් අය තමන්ට උදව් කරන්න ඉදිරිපත් වීම තුළින් මානසික සහනයක් ද ලැබෙනවා,” යැයි වෛද්‍යවරිය තවදුරටත් පැවසුවාය.

    මහජනතාව නිවැරදිව හා විද්‍යාත්මකව දැනුවත් කළ යුතු නිසා මෙම විද්‍යාත්මක ලිපිය බී.බී.සී සන්දේශය වෙබ් අඩවියෙන් සම්පූර්ණයෙන්ම උපුටා ගෙන පළ කරන ලදි. ශීර්ෂපාඨය සහ මුල් ඡායාරූපය පමණක් වෙනස්කර ඇත- ප්‍රධාන සංස්කාරක

  • Update: ඇඳිරි නීතිය පිළිබඳ නිවේදනය

    Update: ඇඳිරි නීතිය පිළිබඳ නිවේදනය

    කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතී.

    සෙසු සියළු දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය අද උදේ 6.00ට ලිහිල් කෙරුණු අතර, අද දහවල් 2.00ට යළි පනවනු ලැබේ. මේ දිස්ත්‍රික්කවල යළි පැනවූ ඇඳිරි නීතිය අප්‍රේල් 06, සඳුදා උදේ 6.00 දක්වා ක්‍රියාත්මකව පවතී.

    මේ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය එදිනම, එනම් අප්‍රේල් 06 සඳුදා දහවල් 2.00 සිට යළි ක්‍රියාත්මක කෙරේ.

    අත්‍යාවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.

    අත්‍යාවශ්‍ය සේවා කර්යක්ෂමව පවත්වාගෙන යනු පිණිස යොදා ඇති ක්‍රමවේද අවභාවිත කරන අයට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරනු ලැබේ.

    ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වෙනත් භාණ්ඩ නිවසේ සිටම මිලදී ගත හැකි වන පරිදි නොකඩවා සැපයීමට රජය සියලු විධිවිධාන සලසා ඇත.

    කවර දිස්ත්‍රික්කයක වුවද ගොවිතැන් වැඩ කරන සහ කුඩා තේවතු හා අපනයන භෝග නිෂ්පාදන ක්‍රියාවලියේ නිරත ජනතාවට එකී වැඩ කිරීමට අවසර ඇත.

    කොරෝනා වෛරසය ව්‍යාප්තිය නතර කිරීමට ඉවහල් වන ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ හුදෙක් ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා බැවින් එකී ක්‍රියාමාර්ග සහ උපදෙස් වගකීමෙන් පිළිපදින ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටී.

    කළුතර සහ මහනුවර දිස්ත්‍රික්කවල  හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති ගම්මාන හුදකලා ප්‍රදේශ ලෙස තවදුරටත් සලකනු ලැබේ.  කවරකුට හෝ මේ ගම්මානවලට ඇතුළුවීම හෝ ඉන් පිටවීම හෝ නැවත දැනුම් දෙන තුරු සම්පූර්ණයෙන් තහනම් වේ.

  • මුහුණු ආවරණ පැළදීම සහ කොරෝනා අවධානම අතර සම්බන්ධය හෙළිවෙයි

    මුහුණු ආවරණ පැළදීම සහ කොරෝනා අවධානම අතර සම්බන්ධය හෙළිවෙයි

    ඔබ අසනීප වී හෝ අසනීපව සිටින අයෙකු රැකබලා නොගන්නේ නම් මුහුණු ආවරණ පැළඳ නොගන්නා ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරයි

    කොවිඩ් 19 ආසාදිත පුද්ගලයෙකු හෝ කොවිඩ් 19 ආසාදිතයෙකු රැක බලා ගන්නා පුද්ගලයෙකු හැර අන් පුද්ගලයින් මුහුණු ආවරණ පැළදීම අනවශ්‍ය බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරීන් ඊයේ (30) යළිත් අවධාරණය කළා.

    “මහජනයා විසින් මුහුණු ආවරණ පැළඳීමෙන් කොරෝනා වෛරසය ආසාදනය වීම හා සම්බන්ධයෙන් කිසිදු වාසියක් ඇති බවට නිශ්චිත සාක්ෂි නොමැත. එහෙත් මුහුණු ආවරණ නිසි ප්‍රමිතියට නොමැති වීම හෝ නිසි ලෙස නොපැළදීම නිසා සෞඛ්‍ය හානි සිදුවන බවට සාක්ෂි තිබේ.” ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි අවස්ථා වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ  වෛද්‍ය මයික් රයන් ඊයේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවති මාධ්‍ය හමුකදි පැවසීය.

    මුහුණු ආවරණ සහ වෙනත් වෛද්‍ය සැපයුම් පිළිබඳව රයන් පැවසුවේ “අපට විශාල ගෝලීය හිඟයක් පවතින බව පිළිගත යුතුව තිබේ. මේ වන විට කොරෝන වෛරසයෙන් වැඩිපුරම අවදානමට ලක්ව ඇත්තේ සෑම දිනකම නිරන්තරයෙන්ම වෛරසයට නිරාවරණය වන ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයින්ය. ඔවුන්ට මුහුණු ආවරණ නොමැති බවට සිතීම බිහිසුණුය‘‘

    වඩාත් අවශ්‍ය අය සඳහා මුහුණු ආවරණ භාවිතා කිරීමට අපි ප්‍රමුඛත්වය දෙන්නෙමු. ඔවුන් නම් කොරෝනා ආසාදිතයින් සමග කටයුතු කරන සෞඛ්‍ය සේවකයින්ය

    ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ බෝවන රෝග වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය මාරියා වැන් කෙර්කොව් ද සඳුදා පැවති සාකච්ඡාවේදී කියා සිටියේ “වඩාත් අවශ්‍ය අය සඳහා මුහුණු ආවරණ භාවිතා කිරීමට අපි ප්‍රමුඛත්වය දෙන්නෙමු. ඔවුන් නම් කොරෝනා ආසාදිතයින් සමග කටයුතු කරන සෞඛ්‍ය සේවකයින්ය. ප්‍රජාව තුළ සිටින ඔබට කොරෝනා ආසාදනය වී නොමැති නම් අපි ඔබට මුහුණු අවරණ පැළදීම නිර්දේශ නොකරමු. එහෙත් ඔබ ආසාදිතයෙක් වුවහොත් මුහුණු ආවරණ පැළදීම අනිවාර්යයෙන් කළ යුතුය” වැන් කෙර්කොව් පැවසීය.

    “අපි මුහුණු ආවරණ පැළදීම නිර්දේශ කරන්නේ අසනීපව සිටින පුද්ගලයින් සහ අසනීපව සිටින නිවසේ සිටින පුද්ගලයින් රැකබලා ගන්නා පුද්ගලයින් සඳහා ය.”

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරීන් පසුගිය සතියේ පැවති මාධ්‍ය හමුවකදී අනතුරු ඇඟවූයේ වෛද්‍යවරුන් සඳහා පුද්ගලික ආරක්ෂක ආම්පන්න හෝ පීපීඊ ඇතුළු වෛද්‍ය සැපයුම්වල “සැලකිය යුතු හිඟයක්” ගෝලීය වශයෙන් පවතින බවයි.

    “මුහුණු ආවරණ, අත්වැසුම්, නිල ඇදුම් ඇතුළුව අපගේ පෙරටුගාමී සේවකයින් සඳහා සැලකිය යුතු PPE හිඟයකට මුහුණ දී සිටින අතර අපගේ සෞඛ්‍ය සේවකයින් ආරක්ෂා කිරීම මෙම PPE භාවිතය සඳහා ප්‍රමුඛතාවය විය යුතුයි.” වැන් කෙර්කොව් පසුගිය සතියේ පැවසීය.

    ඔබ සෞඛ්‍ය සේවා සපයන්නෙකු නොවේ නම් මුහුණු ආවරණ පැළඳීමෙන් ඔබට කොරෝන ආසාදනය වීමේ අවදානම වැඩි කර ගත හැකිය”

    ඔබ සෞඛ්‍ය සේවා සපයන්නෙකු නොවේ නම් මුහුණු ආවරණ පැළඳීමෙන් ඔබට කොරෝන ආසාදනය වීමේ අවදානම වැඩි කර ගත හැකිය”

    මේ අතර එක්සත් ජනපද ශල්‍ය වෛද්‍ය ජෙනරාල් වෛද්‍ය ජෙරොම් ඇඩම්ස් නව කොරෝන වෛරසය වැළැක්වීම සදහා මුහුණු ආවරණ මිලදී ගැනීම නැවැත්වීම පමණක් නොව, මුහුණු ආවරණ නිසි ලෙස පැළඳ නොගන්නේ නම් කොරෝන ආසාදනය වීමේ අවදානම වැඩි කරන බවට අනතුරු අඟවයි.

    “ඔබ සෞඛ්‍ය සේවා සපයන්නෙකු නොවේ නම් මුහුණු ආවරණ පැළඳීමෙන් ඔබට කොරෝන ආසාදනය වීමේ අවදානම වැඩි කර ගත හැකිය” යනුවෙන් ඇඩම්ස් සඳුදා පැවසීය.‍

    ‘‘මුහුණු ආවරණ නිසි ලෙස අඳින්නේ කෙසේදැයි නොදන්නා අය මේ අවධානමට ඍජුව ගොදුරුවේ. ඇත්ත වශයෙන්ම එවැනි පුද්ගලයින් අතර කොරෝන වයිරස් පැතිරීම වැඩි විය හැකිය” යනුවෙන් ඇඩම්ස් පැවසීය.

    “අපි නිසැකවම ප්‍රජාවන් තුළ වැඩි ව්‍යාප්තියක් දකිනවා. ආරක්ෂිතව සිටීමට මිනිසුන්ට කළ හැකි දේවල් තිබෙනවා. එය කිසිසේත් මුහුණු ආවරණයක් මිලදී ගැනීම හෝ කුමක් හෝ මුහුණු ආවරණයක් ලෙස යොදා ගැනීම නොවෙයි. ඔවුන් අවධානම වැඩි කරනවා මිස එය පාලනයට දායක වෙන්නේ නැහැ. ඒ නිසා මම අවධාරණය කරන්නේ ඔබ ආසාදිතයෙක් හෝ ආසාදිතයින් සමග කටයුතු කරන සෞඛ්‍ය සේවකයෙක් නොවේ නම් මුහුණු ආවරණ පැළදීම අනවශ්‍ය සහ ඔබ සහ සෙසු අය අනතුරේ හෙළන කටයුත්තක්. ඔවුන් නොකළ යුතු දේ සහ එකක් ඔවුන් සාමාන්‍ය ජනතාව තුළ නොකළ යුතු දේ එළියට ගොස් වෙස් මුහුණු මිලදී ගැනීමකි‘‘

    ඔබේ නිසි ලෙස පිරිසිදු නොකළ දෑතින් ඔබේ ඇස්, නාසය සහ මුඛය ස්පර්ශ කිරීමෙන් වළකින්න

    මුහුණු ආවරණ පැළදීම වෙනුවට ඔහු ට්වීට් කර ඇත්තේ ‘‘ඔබ සහ ඔබ අවට සිටින අය නිරෝගීව තබා ගැනීමට නිතරම අත් සේදීම කරන්න. ඔබේ නිසි ලෙස පිරිසිදු නොකළ දෑතින් ඔබේ ඇස්, නාසය සහ මුඛය ස්පර්ශ කිරීමෙන් වළකින්න“ යනුවෙනුයි.

  • ඉහළ අවදානමක් සහිත කලාපවල ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම

    ඉහළ අවදානමක් සහිත කලාපවල ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම

    කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතී.

    සෙසු සියළු දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරී නීතිය හෙට, අප්‍රේල් 01 බදාදා උදෑසන 6.00ට ඉවත් කොට දහවල් 2.00ට යළි පනවනු ලැබේ.

    අත්‍යාවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.

    අත්‍යාවශ්‍ය සේවා කර්යක්ෂමව පවත්වාගෙන යනු පිණිස යොදා ඇති ක්‍රමවේද අවභාවිත කරන අයට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරනු ලැබේ.

    කොරෝනා වෛරසය ව්‍යාප්තිය නතර කිරීමට ඉවහල් වන ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ හුදෙක් ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා බැවින් එකී ක්‍රියාමාර්ග සහ උපදෙස් වගකීමෙන් පිළිපදින ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටී.කළුතර දිස්ත්‍රික්කයේ අටුළුගම සහ මහනුවර දිස්ත්‍රික්කයේ අකුරණ ගම්මාන සම්පූර්ණයෙන්ම හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇත. කවරකුට හෝ මේ ගම්මාන දෙකට ඇතුළුවීම හෝ ඉන් පිටවීම හෝ නැවත දැනුම් දෙන තුරු සම්පූර්ණයෙන් තහනම්

  • කොරෝනා අවධානම පාලනයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් රජයට දැඩි නිර්දේශ

    කොරෝනා අවධානම පාලනයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් රජයට දැඩි නිර්දේශ

    ශ‍්‍රී ලංකාව තුළ නව කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීමේ අරමුණීන් පනවනු ලැබ ඇති ඇඳිරි නීතීය විටින් විට ලිහිල් කිරීම වහාම නැවැත්විය යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරයි.

    ඇඳිරි නිතීය විටින් විට ඉවත් කරන මෙරට ඇතැම් ප‍්‍රදේශවල සමාජ දුරස්ථකරණය සියයට 50කට වඩා අඩු මට්ටමකට පහත වැටී තිබීම ඉතාමත් භයානක තත්ත්වයක් බවත්, සමාජ දුරස්ථකරණය සියයට 80කට වඩා වැඩි මට්ටමේ පවත්වා ගැනීම සදහා ගත යුතු සියලු ක්‍රියාමාර්ග දිවයින පුරා ම කි‍්‍රයාවට නැංගවිය යුතුව ඇති බවත් එම සංගමය පවසයි.

    කොවිඞ් 19 රෝග තත්ත්වය රට තුළ පාලනය කිරිම සදහා තමන් විසින් පෙන්වා දි ඇති කරුණු තවදුරටත් ප‍්‍රමාද නොකොට කි‍්‍රයාත්මක කිරිම ඉතාමත් වැදගත් බව ද මෙහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටියි.

    ශ‍්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී සිටින තත්ත්වය පැහැදිලි කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද (31) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන්ම පහත පළවේ.

  • Update: Covid 19 ආසාදිතයින් සංඛ්‍යාව 142 දක්වා ඉහළට

    Update: Covid 19 ආසාදිතයින් සංඛ්‍යාව 142 දක්වා ඉහළට

    නව කොරෝනා වයිරසය ආසාදිත වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව අද දින (31) 142ක් දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි. අද (31) දිනයේදී කොරෝනා ආසාදනය වු පුද්ගලයින් 20 දෙනකු වාර්තා වීම සමග ඊයේ (30) 122ක් වූ අගය මේ ආකාරයෙන් ඉහළ ගොස් තිබේ.

    මෙතෙක් නව කොරෝනා ආසාදිතයින් වැඩිම පිරිසක් වාර්තා වූ දිනය අද බවයි සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය වැඩි දුරටත් පැවසුවේ.

    මේ වන විට ශ‍්‍රී ලංකාවෙන් නව කොරෝනා ආසාදිත මරණ 02ක් වාර්තා වී තිබෙනවා.

    අද දින විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනය කළේ ශ‍්‍රී ලංකාව දැඩි අවධානම් තත්ත්වයක් කරා වේගයෙන් ළගා වෙමින් සිටින බවයි.

  • ජවිපෙ බොරදියේ මාළු බෑමට ගත් උත්සාහයක් වතුරේ යයි

    ජවිපෙ බොරදියේ මාළු බෑමට ගත් උත්සාහයක් වතුරේ යයි

    බොඩිං වලට සීමා වී සිටි නිදහස් වෙළද කලාප සේවක සේවිකාවන් නිවෙස්වලට පිටත්කර හැරීමේ රජයේ වැඩ පිළිවෙල යටතේ වැඩි වශයෙන් නිවෙස්වලට පිටව ගොස් ඇත්තේ එම වෙළද කළාප වල ස්ථිර සේවක සේවිකාවන් නොවන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    ඔහු පෙන්වා දෙන්නේ ඇදිරි නීතිය පැනවූ විට මෙම නිදහස් වෙළද කලාපවල  ස්ථිර සේවක සේවිකාවන්ගෙන් බහුතරය නිවෙස්වලට පිටත්ව ගොස් සිටි බවයි.

    නිදහස් වෙළද කළාප වල දැනට පවත්වාගෙන යනු ලබන අත්‍යවශ්‍ය කර්මානත ශාලා හැර වසා දමා ඇති

    සංඛ්‍යාව 5144 කි. ඉන් 986 දෙනෙකු කටුනායක නිදහස් වෙළද කලාපයේ කර්මාන්ත ශාලා වල ස්ථිර සේවක සේවිකාවෝ වෙති. කටුනායක නිදහස් වෙළද කළාපයේ පිටත පිහිටි කර්මාන්ත ශාලාවල සේවක සේවිකාවන් ඇදිරි නීතිය නිසා නිවෙස් වලට යාමට නොහැකිට අසරණව ඇතැයි පසුගියදා වාර්තා විය.

    ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි විෂය භාර ඇමති ප්‍රසන්න රණතුංග මහතා එම සේවක සේවිකාවක් ගම්බිම් වලට පිටත් කර යැවීම සදහා වැඩ පිළිවෙලක් සකස් කළේය. ඒ ආයෝජන මණ්ඩලය, හමුදාව, පොලිසිය හා සෞඛ්‍ය අංශ ඒකාබද්ධවයි. කටුනායක, බියගම, මීරිගම, මල්වතු හිරිපිටිය, මල්වත්ත, හොරණ, හා සීතාවක නිදහස් වෙළද කළාප වල ක්‍රියාත්මක වැඩ සටහනින් පුද්ගලයන් 10,100ක් ගම්බිම් බලා පිටත්ව ගොස් තිබේ.

    කටුනායක නිදහස් වෙළද කළාපයේ පසුගිය 27 වෙනිදා ක්‍රියාත්මක වූ වැඩ සටහනින් නිවෙස් බලා ගොස් ඇති පුද්ගලයින් කර්මාන්ත ශාලා වල සේවක සේවිකාවන් 195 දෙනෙකු මෙලෙස ගම්බිම් බලා පිටත්ව ගොස් ඇති අතර මිනිස් බල සැපයුම් සමාගම් වල සේවක සේවිකාවෝ 1520ක් ද පිටව ගොස් ඇත.

    වැඩිහිටියන්, සේවා සපයන පවුල් වල සාමාජිකයන් හා පිටස්තර පුද්ගලයන් ඇතුළු 2253 ක්ද මෙලෙස පිටව ගොස් ඇති අතර මේ පිටව ‍ගිය පිරිස අතර කුඩා දරුවන් 190 ක්ද වූහ. ඒ අනුව බස් රථ 122 කින් පුද්ගලයන් 5144 දෙනෙකු 27 වන දින ගම්බිම් බලා ගොස් තිබේ. පසුගිය 28 වන දින බියගම නිදහස් වෙළද කළාපයේ  ක්‍රියාත්මක වූ වැඩ සටහනින්  ගම්බිම් වලට යැවූ පිරිස 3264 කි.

    ඉන් බියගම නිදහස් වෙළද කළාපයේ ස්ථිර සේවක සේවිකාවන් ගනන 600කි. කළාපයේ පිටත වෙනත් කර්මාන්ත ශාලා සේවක සේවිකාවන් 700 දෙනෙකුද මේ අතර වූහ. ඊට අමතරව මිනිස් බල සැපයුම් ආයතන වල සේවක සේවිකාවන් 1400ක්, සේවා සපයන පවුල්වල සාමාජිකයන් 489 ක් මෙන්ම දරුවන් 75ක්ද ඒ අතර වූහ. බස්රථ 66 ක් හා වෑන් රථ 02 කින් මෙම පිරිස ගම් බිම් වලට පිටත්  කර හැරිණි.

    මීරිගම වතුපිටිවල, මල්වත්ත, නිදහස් වෙළද කලාප වල පිටත් කර හැරුණු සංඛ්‍යාව 450කි. ඉන් 420 මෙම කළාපයේ ස්ථීර සේවකයන් වෙති. හොරණ නිදහස් වෙළද කළාපයෙන් මෙලෙස පිටත් කර හැරුණු පිරිස 962කි. එහි සිටියේ හොරණ නිදහස් වෙළද කළාපයේ ස්ථීර සේවක සේවිකාවන් 32 දෙනෙකු පමණි. කළාපයෙන් බාහිර කර්මාන්ත ශාලාවල සේවක සේවිකාවන් 606 දෙනෙක් හා මිනිස් බල සැපයුම් සමාගමේ සේවක සේවිකාවන් 279ක්ද ‍මෙමගින් ගම්බිම් බලා ගියහ. සීතාවක නිදහස් වෙළද කළාපයේ හා එම කළාපය ආශ්‍රිතව සිටි 280 දෙනෙකුද මෙම වැඩ සටහන මගින් සිය ප්‍රවාහන පහසුකම් සලසාගෙන තිබේ.

    ජනතා විමුක්ති පෙරමුණ පවසා තිබුනේ  කටුනායනක  පමණක් ඇදිරි නීතිය නිසා බෝඩිං වල සිරවී සිටින පිරිස නිදහස් වෙළද කළාප සේවක සේවිකාවන් ගනන 20,000 අධික බවයි. එහෙත්  මෙම වැඩ සටහනින් මේ වන විට ගම්බිම් බලා ගොස් ඇත්තේ 10,100 ක පිරිසකි. ඉනුත් බහුතරය නිදහස් වෙළද කළාපයේ පිහිටි කර්මාන්තශාලාවල ස්ථීර සේවක සේවිකාවෝ නොවෙති.

    කෙසේ වෙතත් රජය ආයෝජණ මණ්ඩලය, හමුදාව, පොලිසිය හා සෞඛ්‍ය අංශ එක්ව ගෙන ගිය වැඩ පිළිවෙල නිසා ජනාතා විමුක්ති පෙරමුණ බොරදියෙන් මාලු බෑමට ගත් උත්සාහය ව්‍යවර්ථ වූ බවද ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

  • චීන නිෂ්පාදන ප්‍රතික්ෂේප කිරීමේ රැල්ලක් යුරෝපාය පුරා පැතිර යයි?

    චීන නිෂ්පාදන ප්‍රතික්ෂේප කිරීමේ රැල්ලක් යුරෝපාය පුරා පැතිර යයි?

    කොරෝන වෛරස් රෝගයට එරෙහිව සටන් කිරීම සඳහා නිර්මාණය කරන ලද චීන නිෂ්පාදිත උපකරණ යුරෝපීය ආණ්ඩු ගණනාවක් විසින් ප්‍රතික්ෂේප කර තිබේ. ඊට හේතු වශයෙන් ස්පාඤ්ඤය, තුර්කියේ සහ නෙදර්ලන්තයේ බලධාරීන් දක්වා ඇත්තේ දහස් ගණන් පරීක්ෂණ කට්ටල සහ වෛද්‍ය මුහුණු ආවරණ ප්‍රමිතියෙන් අඩු හෝ දෝෂ සහිත බව හදුනා ගත් බවයි.

    චීන නිෂ්පාදිත උපකරණ දෝෂ සහිත යැයි වාර්තා කරන රටවල් අතර නෙදර්ලන්තය ද සිටී

    උපකරණවල ඇති වැරැද්ද කුමක්ද?

    මුහුණු ආවරණ 600,000 ක් නැවත කැඳවූ බව නෙදර්ලන්ත සෞඛ්‍ය අමාත්‍යංශය පසුගිය සෙනසුරාදා නිවේදනය කළේය. මෙම උපකරණ මාර්තු 21 වන දින චීන නිෂ්පාදකයෙකුගෙන් පැමිණ ඇති අතර ඒ වන විටත් මුල්පෙළ වෛද්‍ය කණ්ඩායම් වෙත බෙදා දී තිබුණි.

    නෙදර්ලන්ත නිලධාරීන් පැවසුවේ මුහුණු ආවරණ නොගැලපෙන බවත් ගුණාත්මක සහතිකයක් තිබුණද ඒවායේ පෙරහන් අපේක්ෂිත පරිදි ක්‍රියාත්මක නොවන බවත්ය.

    “ඉතිරි නැව්ගත කිරීම වහාම අත්හිටුවා ඇති අතර ආනයනය කළ කිසිවක් බෙදා හැර නැත” යනුවෙන් ප්‍රකාශයක් කියැවිණි.

    “දැන් මෙම නැව්වලින් ආනයනය කළ කිසිවක් භාවිතා නොකිරීමට තීරණය කර ඇත.”

    චීන සමාගමකින් ඇණවුම් කරන ලද කට්ටල පරීක්ෂා කිරීමේදී ස්පාඤ්ඤ රජයට ද නෙදර්ලන්තයට සමාන ගැටළු ඇති විය.

    වෛරසය මැඩපැවැත්වීම සඳහා පරීක්ෂණ කට්ටල සිය දහස් ගණනක් මිල දී ගත් බව නිවේදනය කළ නමුත් ඊළඟ දිනවලදී හෙළි වූයේ අදාළ උපකරණ මගින් 60,000 කට ආසන්න රෝගින් පිරිසකට කොරෝන ආසාදන තිබේද යන්න නිවැරදිව නිශ්චය කළ නොහැකි වූ බවයි.

    ස්පාඤ්ඤයේ චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ මෙම කට්ටල පිටුපස ඇති සමාගම වන ‘ෂෙන්ෂෙන්‘ තම නිෂ්පාදන විකිණීම සඳහා චීන වෛද්‍ය බලධාරීන්ගෙන් නිල බලපත්‍රයක් ලබා ගෙන නොමැති බවයි.

    චීන රජය සහ ‘අලිබබා‘ විසින් පරිත්‍යාග කරන ලද වෙනම ද්‍රව්‍යවල ෂෙන්සෙන් බයෝසි වෙතින් ලබා ගත් නිෂ්පාදන ඇතුළත් නොවන බව ද චීන රජය පැහැදිලි කළේය.

    පරීක්ෂණ වලින් 350,000ක් පමණ හොඳින් ක්‍රියාත්මක වන බව පැවසුවද, චීන සමාගම්වලින් ඇණවුම් කරන ලද සමහර පරීක්ෂණ කට්ටල ප්‍රමාණවත් තරම් නිවැරදි නොවන බව තුර්කිය ද මේ අතර නිවේදනය කළේය.

    දෝෂ සහිත උපකරණ පිළිබඳ චෝදනා පැමිණෙන්නේ චීනය කොරෝනා පුපුරා යාමෙන් එහි බලපෑම තවදුරටත් වර්ධනය කර ගත හැකි බවට විචාරකයින් අනතුරු ඇඟවීමෙන් පසුව ය.

    පසුගිය සතියේ බ්ලොග් සටනක යුරෝපා සංගම් ප්‍රධාන තානාපති ජොසෙප් බොරෙල් අනතුරු ඇගයීමක් ද සමග සටහන් කළේ පරිත්‍යාගශීලී දේශපාලනය ඇතුළු භූ දේශපාලනික වුවමනා එපාකම් චීනය සමග බද්ධ වී ඇති බවය.

    “එක්සත් ජනපදය මෙන් නොව එය වගකිවයුතු සහ විශ්වාසදායක හවුල්කරුවෙකු යන පණිවුඩය චීනය ආක්‍රමණශීලී ලෙස ඉවත් කරයි. කරුණු වලින් සන්නද්ධව, යුරෝපයේ විරුද්ධවාදීන්ට එරෙහිව අප ආරක්ෂා කළ යුතුය.”ඔහු වැඩි දුරටත් සදහන් කළේය.

    බී.බී.සී වාර්තාවක් ඇසුරිණි

  • Covid 19 හමුවේ දුප්පතුන් සහ දුප්පත් රටවලට යනඑන මං නැති වෙයි – ලෝක බැංකුව

    Covid 19 හමුවේ දුප්පතුන් සහ දුප්පත් රටවලට යනඑන මං නැති වෙයි – ලෝක බැංකුව

    සාරාංශය

    1. ලෝක බැංකුව පවසන්නේ ආසියා පැසිෆික් කලාපයේ “සැලකිය යුතු ආර්ථික බිදවැටීමක් සිදුවීම වැළැක්විය නොහැකි” බවයි
    2. ලොව ධනවත්ම ගුවන් සමාගමක් වන ඇමරිකානු එයාර්ලයින්ස් පවසන්නේ එය රජයේ ආධාර වශයෙන් ඩොලර් බිලියන 12 ක් (ඩොලර් බිලියන 9.7 ක්) සඳහා අයදුම් කරන බවයි.
    3. ජනාධිපති ට්‍රම්ප් පවසන්නේ එක්සත් ජනපදයට ඉල්ලුම සපුරාලීමට ප්‍රමාණවත් තරම් සෞඛ්‍ය පහසුකම් ඇති බවයි
    4. නිව් යෝර්ක් ආණ්ඩුකාර ඇන්ඩෘෘ කියෝමෝ පවසන්නේ කොරෝන මරණ සංඛ්‍යාව “පුදුමාකාර” බවයිො
    5. කොරෝන වෛරසය මගින් ලොව පුරා පුද්ගලයින් 33,000 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි

    චීනයේ කර්මාන්තශාලා ක්‍රියාකාරකම් ඉහළට

    මේ මාසයේ සිය කර්මාන්තශාලා වල ක්‍රියාකාරකම් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව චීනය වාර්තා කිරීමත් සමඟ අඟහරුවාදා ලෝක ආර්ථිකයට සුබ ආරංචියක් ලැබුණි. පෙබරවාරි මාසයේ දී, චීනය වසා දැමීම හේතුවෙන් කර්මාන්තශාලා නිෂ්පාදනය වාර්තාගත අවම මට්ටමකට පැමිණියේය.

    එහෙත් චීනයේ ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය National Bureau of Statistics (NBS)  කියා සිටියේ කර්මාන්තශාලා නිෂ්පාදනය මැනීම සඳහා භාවිතා කරන දර්ශකය පසුගිය මාසයේ 35.7 ට සාපේක්ෂව මාර්තු මාසයේ දී 52 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

    ලකුණු 50 ට වඩා ඉහළින් කියවීමෙන් පෙන්නුම් කරන්නේ මාසික වර්ධනයයි. 50 ට අඩු සංකෝචනය නිරූපණය කරයි.

    කෙසේ වෙතත්, විශ්ලේෂකයින් අනතුරු අඟවන්නේ සංඛ්‍යාලේඛන ගැන ඕනෑවට වඩා කලබල නොවිය යුතු බවයි. කොරෝනා වයිරසයේ වේගවත් ගෝලීය ව්‍යාප්තිය විදේශ ඉල්ලුම පහත වැටීමත් සමඟ චීන ආර්ථිකය තව දුරටත් දැඩි පීඩනයකට ලක් කරනු ඇති බවයි ඔවුන් අනතුරු අගවන්නේ.

    කොරෝන වෛරසය හමුවේ සිංගප්පූරුව

    දුප්පතුන් තවත් දුප්පත් වනු ඇත’ – ලෝක බැංකුව

    කරිෂ්මා වාස්වානි, ආසියාවේ ව්‍යාපාරික වාර්තාකරු

    කොරොන වෛරසය ඔවුන්ගේ අනාගත වර්ධනය කෙරෙහි ඇති කරන බලපෑම සැලකිල්ලට ගනිමින් නැගෙනහිර ආසියානු රටවල් මේ වසරේදී කෙසේ කටයුතු කරනු ඇත්ද යන්න පිළිබඳව ලෝක බැංකුව සිය ආර්ථික දැක්ම නිකුත් කර තිබේ.

    දෘෂ්ටිය දරුණු ය. වෛරසය සංචාරක, වෙළඳ හා වෙළඳ භාණ්ඩ මත පදනම් වූ ආර්ථිකයන්ට තර්ජනය කර ඇත. ඊටත් වඩා භයානක දෙය නම් එය ආසියාවේ වඩාත්ම අවදානමට ලක්විය හැකි මිලියන ගණනකගේ ජීවනෝපායන් අවදානමට ලක් කිරීමයි.

    දුප්පතුන් දුප්පත් වනු ඇති අතර ධනවත් රටවල් පවා ව්‍යාපාර හා කුටුම්භවල රැඳී සිටීමට අරගල කරනු ඇත.

    වසංගතය නරක අතට හැරෙන්නේ නැත්නම්, වෛරසයේ බලපෑම හමුවේ කලාපීය ආර්ථිකයන් පසුගිය වසරේ වාර්තා කළ 6.1%ක වර්ධනය මේ වසරේ, 2020 දී 2.3% දක්වා හැකිලෙනු ඇතැයි බැංකුව පවසයි. නමුත් එය එසේ නම්, අපි මේ වසරේ 0.1% ක වර්ධනයක් දෙස බලමු. එය කලාපය පුරා සමාන චිත්‍රයකි.

    ඊටත් වඩා භයානක දෙය නම් කොරෝන ව්‍යාප්තිය කලාපීය දරිද්‍රතාවයට බරපතල ලෙස බලපෑමයි. එය සෘජුවම රෝගාබාධ හා වක්‍රව අහිමි වූ ආදායම් හරහා සිදුවේ. වෛරසය හේතුවෙන් 2020 දී මිලියන 24 කට ආසන්න පිරිසක් දරිද්‍රතාවයට පත්වනු ඇතැයි බැංකුව පුරෝකථනය කරයි. 

    ආසියාව (සහ විශේෂයෙන් චීනය ) පසුගිය දශකය තුළ ලෝකයේ ආර්ථික එන්ජිම විය. කොරෝන වෛරසයඑහි වර්ධනය නතර කර ඇත. මේ සමග ප්‍රතිසාධනය දිගු හා දුෂ්කර මාර්ගයක් වනු ඇති බව ද ලෝක බැංකුව පවසයි.

    By CNN World.

  • අපේ ළගම ඥාතීනුත් කොරෝනා අවධානමට මුහුණ දෙයි

    අපේ ළගම ඥාතීනුත් කොරෝනා අවධානමට මුහුණ දෙයි

    covid 19 වයිරසය මගින් මිහිතලය පුරා මානව ප්‍රජාව දහස් ගණනින් මරණයට පත්වෙමින් පවතින අතරවාරයේ මිහිතලයට එල්ල විය හැකි තවත් අනතුරක් පිළිබඳව මෙම ලිපිය මගින් පෙන්නුම් කෙරේ.

    ගෝරිල්ලා

    මිනිසාගේ ළඟ ම ජීවීන් ලෙස සැලකෙන දියුණු වානර කුලයේ සතුන් (great apes) කොරෝනාවෛරසයට ගොදුරු වීමෙන් වළක්වා ගනිමින් එම ජීවීන් රැක ගැනීම සඳහා ඉක්මන් පියවර ගත යුතු බවට පරිසර විද්‍යාඥයෝ අනතුරු අඟවති.

    ‘Nature’ විද්‍යා සඟරාවට සපයන ලිපියක් මගින් කරුණු පැහැදිලි කරන එම විද්‍යාඥයන් කණ්ඩායම ගොරිල්ලන්, චිම්පන්සීන් සහ ඔරන්උටන් වැනි වනජීවීන්ට Covid -19 වෛරසය ආසාදනය වීම වළක්වා ගැනීමට අලුත් ක්‍රියාමාර්ග ගතයුතුව ඇති බව පෙන්වා දෙති.

    එම දියුණු වානර වර්ගයාගේ පැවැත්ම සම්බන්ධයෙන් එම සතුන්ගේ වාසභූමි වැනසීම සහ දඩයමට ගොදුරුවීම හේතුවී තිබුණත්, දැන් ඔවුන්ට තවත් අලුත් තර්ජනයකට මුහුණ දීමට සිදුවී ඇත.

    එනම් Covid -19 කොරෝනාවෛරසයයි.

    එය දියුණු වානර ජීවීන්ටත් බෝවීමට ඉඩකඩ ඇති බවට විද්‍යාඥයෝ කනස්සල්ල පළකරති.

    විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ, දැනට පැතිර යමින් පවතින වෛරසය, දියුණු වානර කුලයේ ජීවීන්ට දරුණු අන්තරායක් එල්ල කරන බවය.

    ගොරිල්ලන්, චිම්පන්සීන් සහ ඔරන්උටන් වැනි දියුණු වානර ජීවීන් වර්ග තුන අතර ආසාදනය නිසා වැළඳෙන දැනට හඳුනාගනු ලැබ ඇති ව්‍යාධීන් ඇතැම් දියුණු වානර කුලයේ සතුන්ට තර්ජනයක් බවත් ප්‍රකාශයට පත්කරනු ලැබ ඇත.

    චිම්පන්සී

    ”අපි දන්නේ නැහැ-මේ වෛරසය වානරයන්ට බලපාන්නේ කොහොම ද? කියල. ඒත් අපි කලින් පරෙස්සම් වීමේ පූර්වෝපායික මූලධර්ම අනුගමනය කරන්න ඕන.කොරෝනා වෛරසය එම ජීවීන්ට ආසාදනය වීමේ අනතුර එමගින් අවම කරගන්න පුළුවන් ”එක්සත් රාජධානියේ ‘ලිවර්පූල් ජෝන් මුවර්ස්’ සරසවියේ මහාචාර්ය සර්ජ් විච් (Prof Serge Wich) පවසයි.

    ”ඒකෙ තේරුම සංචාරකයන් පැමිණීම නතර කරන්න ඕන කියන එකයි. රටවල් කිහිපයක් ඒ සඳහා දැනටමත් පියවර අරගෙන තියෙනව. දියුණු වානරයන් සම්බන්ධයෙන් දැනට සිදුකෙරෙන පර්යේෂණ අඩුකරන්න අවශ්‍යයි. දියුණු වානරයන් අතරට මිනිසුන් සමීප වීමට හේතුවෙන ක්‍රියාකාරකම් නතර කළ යුතුයි. වෛරසය මිනිසාගෙන් දියුණු වානරයන්ටත් බෝවීමේ විශාල ඉඩකඩක් තියෙන නිසා ”

    බොහෝ වයිරස් වර්ග, බැක්ටීරියා සහ පිළිල (parasites) ආදිය අපේ දියුණු වානර ජීවීන් අතර ඔවුන්ට අනතුරකින් තොරව පැතිර යන අතරවාරයේ, ඉන් ඇතැම් ඒවා රෝගාබාධවලට හේතුවෙන බව දැනගන්නට ඇත.

    චිම්පන්සීන් සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවට හේතුවෙන වෛරසයට ගොදුරු විය හැකි බව කලින් සිදුකරනු ලැබ ඇති පර්යේෂණ මගින් පෙන්නුම් කෙරේ.

    මේ අතර අප්‍රිකානු රටවල් කිහිපයක පැතිරගිය ඉබෝලා (Ebola) වෛරසයට ගොදුරුවීමෙන් චිම්පන්සීන් සහ ගොරිල්ලන් දහස් ගණනක් මරණයට පත්වන්නට ඇතැයි සැළකේ.

    පවතින අනතුර තක්සේරු කිරීම සඳහා දියුණු වානර ජනාවාසවල සියලු ව්‍යාපෘතීන් පිලිබඳ සවිස්තරාත්මක තොරතුරු අවශ්‍ය කරන බව මහාචාර්ය විච් පවසයි.

    ‘ටපනුලි ඔරන්උටන්’ (Tapanuli orangutan)

    ”සංඛ්‍යාව අතින් ඉතා සුළුතරයක් වෙන ‘ටපනුලි ඔරන්උටන්’ (Tapanuli orangutan) දියුණු වානරයන් අතර වයිරසයක් පැතිර ගියහොත්, එම ජීවීන් මිහිතලයෙන් සහමුලින්ම වඳ වීයාමේ අවදානමක් පවතිනවා ” මහාචාර්යවරයා පෙන්වා දෙයි.

    ‘ටපනුලි ඔරන්උටන්’ (Tapanuli orangutan) වානරයා ඉන්දුනීසියාවේ ‘සුමාත්‍රා’ දූපතේ එක් කලාපයකට පමණක් සීමා වූ දුර්ලභ සත්ව විශේෂයකි.

    එම වානර වර්ගයාගෙන් දැනට වනයට ඉතිරිව ඇත්තේ අටසීයක් පමණ සංඛ්‍යාවකි. මහාචාර්ය සර්ජ් විච් එම වානරයන් වඳවෙමින් ඇති සත්ත්ව කොට්ඨාසයක් බව 2017 වසරේ තහවුරු කරන ලද විද්‍යාඥයන් අතරින් එක් ප්‍රාඥයෙකි.

    අප ජීවත්වන වත්මන් මිහිතලයේ දියුණු වානර වර්ග හතරක් ජීවත් වෙති. එනම්; ගොරිල්ලා (අප්‍රිකාව) ඔරන්උටන් (ගිනිකොන ආසියාව) බෝනොබෝස් (අප්‍රිකාව) සහ චිම්පන්සි (අප්‍රිකාව) යන ජීවීන් වර්ග හතරය.

    මානව වර්ගයා දියුණු වානර වර්ගයාගේ සමීපතමයෝ වෙති.මෙයින් වර්ෂ දශලක්ෂ ගණනකට පෙර එකම වානර වර්ගයකින් පරිණාමය වූවෝ වෙති.

    BY BBC.com

  • හැරී – මේගන් යුවළ ඇමෙරිකාවේ පදංචියට පැමිණෙයි

    හැරී – මේගන් යුවළ ඇමෙරිකාවේ පදංචියට පැමිණෙයි

    බ්‍රිතාන්‍ය රජ පවුලේ හැරී කුමරු සහ ඔහුගේ බිරිඳ මේගන් ගේ ආරක්ෂාව වෙනුවෙන් වැයවන මුදල දැරීමට එක්සත් ජනපදය සුදානම් නැති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

    ඔහු මෙම ප්‍රකාශය කළේ හැරී කුමරු සහ මේගන් පදිංචිය සඳහා කැනඩාවේ සිට එක්සත් ජනපදයට පැමිණි බවට වාර්තා පළ වෙමින් තිබියදී ය.

    ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ ඔහු “රැජිනගේ සහ එක්සත් රාජධානියේ මිතුරෙකු සහ ප්‍රසාදිතයෙකු” වන බවය; නමුත් “ඔවුන් ගෙවිය යුතුයි!” යනුවෙන් ද සඳහන් කර ඇත

    මහජන මුදලින් ආරක්ෂාව ලබා ගැනීමට කිසිදු සැලසුමක් නොතිබුණු බව හැරී යුවළ පැවසූහ.

    කොරෝනාවෛරසය ව්‍යාප්තවෙමින් පවතිද්දී හැරී යුවළ කැලිෆෝනියාවේ පවතින, මේගන් ට අයත් නිවසේ පදිංචියට පැමිණ ඇති බවට වාර්තා වේ.

    එම යුවල ජ්‍යෙෂ්ඨ රාජකීය තත්ත්වයෙන් ඉවත්වීම මාර්තු 31වනදා නිල වශයෙන් සිදුවන අතර ඉන් පසුව ඔවුන් රැජින නියෝජනය කරමින් රාජකාරී නොකරනු ඇත.

    නමුත් මෙම විධිවිධාන වසරකින් යළි විමර්ශනය කෙරෙනු ඇත.

    ප්‍රකාශකයෙකු හරහා ඉරිදා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ “එක්සත් ජනපද ආණ්ඩුවෙන් ආරක්‍ෂක පහසුකම් ඉල්ලා සිටීමේ සැලසුමක් ආදිපාදවරයා සහ ආදිපාදවරිය සතුව නොතිබුණු අතර පෞද්ගලික වියදමින් ආරක්ෂාව සලසාගෙන තිබූ” බවය.

    සිය පුතු ආචි සමඟ මෙම වසරේ වැඩි කාලයක් හැරී යුවල ජීවත් වුයේ කැනඩාවේ ය. ඔවුන් කැනඩාවට පැමිණියේ නත්තල් නිවාඩු සමයේ වැන්කුවර් දූපත් හි සති හයක සංචාරයක් අවසාන කරමිනි.

    “රාජකීය තත්ත්වය වෙනස් කිරීම” හේතුවෙන් හැරී පවුලට ආරක්ෂාව සැපයීම නතර කරන බව කැනඩා රජය පසුගිය මාසයේ දී නිවේදනය කළේය. දැන් ජනාධිපති ට්‍රම්ප් ද ඒ මග ගෙන තිබේ.

    පසුගිය සතියේ හැරී යුවල ලොස් ඇන්ජලීස් නුවරට පැමිණ සිටි බව එක්සත් ජනපද මාධ්‍ය සඳහන් කරයි. මේගන් හැදී වැඩුණේ ලොස් ඇන්ජලීස් නුවර ය. ඇයගේ මව මේ වන විට ජීවත් වන්නේ එම නුවරය.

    ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ට්විටර් පණිවිඩය නිකුත් වූයේ එක්සත් ජනපදය පුරා නව කොරෝනාවෛරසය ව්‍යාප්ත වෙමින් පවතින අතරවාරයේ ය.

    මේ වනවිට කොවිඩ් – 19 ආසාදිතයන් 135,499ක් එක්සත් ජනපදයෙන් වාර්තා වී තිබේ. මිය ගිය පුද්ගල සංඛ්‍යාව 2,381කි.

    කැලිෆෝනියාවේ කොරෝනාවෛරස ආසාදිතයන්ගේ ගණන දිනෙන් දින ඉහළ යමින් පවතින අතර එම ප්‍රාන්තයේ පමණක් 5,565 දෙනෙකුට කොවිඩ් – 19 කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු කර ගෙන තිබේ. එහි 121 දෙනෙකු මරණයට පත් විය.

    මේ හේතුව නිසා කැලිෆෝනියාවේ වැසියන් නිවසට වී සිටිය යුතු බවට නියෝගයක් එහි ආණ්ඩුකාරවරයා විසින් නිකුත් කරනු ලැබීය. නිවසින් බැහැරව යාමේ අවසරය ඇත්තේ අත්‍යවශ්‍ය සේවා සපයන්නන් හට පමණි. එක්සත් ජනපදය තුළ ඉහළම සීමා පැනවීම් සහ තහනම් නියෝග නිකුත් කර ඇත්තේ කැලිෆෝනියාවට ය.

    හැරී කුමරුගේ පියා වන චාල්ස් කුමාරයාට නව කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බව මෙම සතිය මුල දී වාර්තා විය. නමුත් ඔහු “යහපත් සෞඛ්‍ය තත්වයෙන්” පසුවන බව බැකිංහම් මාලිගාව නිවේදනය කළේය.

    71 හැවිරිදි චාල්ස් කුමරුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වීමෙන් අනතුරුව දියත් වූ දින හතක ස්වයං නිරෝධායනය අවසාන කර ඇත.

    චාල්ස් කුමරු
    කොරෝනාවෛරසය ආසාදිත වූ චාල්ස් කුමරු ස්වයං හුදෙකලාව අවසන් කළ බව නිවේදනය කෙරිණි.

    ඔහු රජයේ නියෝග අනුගමනය කරමින් සිටින බව මාලිගාව නිවේදනය කළේය.

    රජයේ නියමයට අනුව, රෝග ලක්ෂණ මතු පුද්ගලයා දින හතක් වෙන් වී සිටිය යුතු අතර ඔහු සමඟ වාසය කරන අනෙකුත් පුද්ගලයන් සති දෙකක් හුදෙකලා වී සිටිය යුතුය.

    BY BBC.COM

  • පීඩාවට පත් ජනතාවට තවත් මූල්‍යමය  සහ ද්‍රව්‍යමය සහන රැසක්

    පීඩාවට පත් ජනතාවට තවත් මූල්‍යමය සහ ද්‍රව්‍යමය සහන රැසක්

    නව කොරෝනා වෛරසය ව්‍යාප්තිය හමුවේ පීඩාවට පත් අඩු ආදායම්ලාභී සහ අවදානමට ලක්විය හැකි පවුල් සහ පුද්ගලයන් සඳහා තවත් මූල්‍යමය සහ ද්‍රව්‍යමය සහන රැසක් ප්‍රදානය කෙරේ.

    එකවර ලැබෙන දීමනාවක් ලෙස රුපියල් 5,000/-ක් ගෙවීමෙන් ඔවුන් මුහුණපා සිටින ආර්ථික දුෂ්කරතා සමනය වනු ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අත්‍යාවශ්‍ය සේවා යථා පරිදි පවත්වාගෙන යාමට ස්ථාපිත ජනාධිපති කාර්ය සාධක බලකායට උපදෙස් දී ඇත.

    ජනාධිපතිතුමා ප්‍රකාශයට පත් කළ සහන සහ ඒවා ක්‍රියාත්මක කරන ආකාරය පැහැදිළි කරන චක්‍ර ලේඛයක් ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාගේ අත්සනින් අද නිකුත් කරනු ලැබීය. එය මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශයේ සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පලාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරුන්, සියලුම දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත යොමු කර තිබේ. නව කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ ප්‍රමුඛතා වැඩසටහන අවසන් වූ බව ප්‍රකාශයට පත් කරන තෙක් මේ සහන සමූහය අඛණ්ඩව ක්‍රියාත්මක කෙරේ.

    නව කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ ප්‍රමුඛතා වැඩසටහනේ අත්‍යාවශ්‍ය අංගයක් වන්නේ සමස්ත ජන ජීවිතය අඛණ්ඩව පවත්වාගෙන යාම බව ජනාධිපති ලේකම්වරයා සිය චක්‍ර ලේඛයෙන් කියා සිටී. වෛරස ව්‍යාප්තිය හමුවේ අවතැන් වූ එදිනෙදා ආර්ථික ක්‍රියාවලියට සම්බන්ධ ජන කොටස්වල ජන ජීවිතය ප්‍රධාන ව්‍යුහයට එක් කර ගැනීම අවශ්‍යයෙන්ම කළයුතු බව ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් හඳුනාගෙන තිබේ.

    අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහන මිලට නිවෙස් වෙත ලබාදීමට සියලු පියවර ගන්නැයි දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත උපදෙස් දෙන ලෙස ජනාධිපතිතුමා තමාට නියෝග කළ  බව ආචාර්ය ජයසුන්දර මහතා තම චක්‍රලේඛයේ සඳහන් කරයි.

    ජනාධිපති ලේකම්වරයා අද නිකුත් කළ චක්‍රලේඛයේ ඇතුළත් සහන සහ ඒවා ලැබීමට සුදුසුකම් ඇති අය මෙසේය,

    1. වැඩිහිටි දීමනා ලාභී 416,764 දෙනාට සහ වැඩිහිටියන් ලෙස හඳුනා ගනු ලැබ, පොරොත්තු ලේඛනගතව සිටින 142,345 කට රුපියල් 5000/- ගෙවනු ලැබේ.
    2. ආබාධිත දීමනාලාභී 84,071 සහ ආබාධිත ලෙස හඳුනාගනු ලැබ, පොරොත්තු ලේඛනයේ සිටින 35,229ක් දෙනාට ද රුපියල් 5,000/- දීමනාව හිමි වේ.
    3. ගොවි රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ ලියාපදිංචි 160,675 වන ගොවීහු ද රුපියල් 5,000/- දීමනාව හිමිකර ගනිති.
    4. වකුගඩු රෝගී දිමනා ලාභී 25,320ක් සහ පොරොත්තු ලේඛනයේ සිටින 13,850 ක් දෙනාට ද රුපියල් 5,000/- දීමනාව ගෙවනු ලැබේ.
    5. ගර්භනී මාතාවන් සහ මන්ද පෝෂිත දරුවන් සඳහා ත්‍රිපෝෂ සහ වෙනත් පෝෂණ ද්‍රව්‍ය නිවෙස් වෙත ඝෘජුවම සපයනු ලැබේ.
    6. සමෘද්ධි හිමිකම්ලාභී 1,798,655ක් දෙනාට සහ පොරොත්තු ලේඛනගත පවුල් 600,339 දෙනාට රුපියල් 5,000/- දීමනාව සමෘද්ධි බැංකුව / සමෘද්ධි අධිකාරිය මගින් ගෙවනු ඇත.
    7. 645,179ක් වන විශ්‍රාමික රජයේ සේවකයනට විශ්‍රාම වැටුප ගෙවනු ලැබේ.
    8. 1,500,000ක් වන රජයේ සේවකයන්ගේ අප්‍රේල් මස වැටුප ගෙවන අතර වැටුප මත ණය මුදල් අය කිරීම නැවත දන්වන තුරු අත්හිටුවා ඇත.
    9. ත්‍රිරෝද රථ, ට්‍රක් රථ, පාසල් බස් සහ වෑන් රථ සහ ස්වයං රැකියා සඳහා භාවිත මෝටර් රථ හිමියන් ඇතුළු ස්වයං රැකියාවල නිරත 1,500,000ක් දෙනාට කල් බදු වාරික සඳහා සහන සැලසේ
    10. උද්ගතව ඇති තත්ත්වය හමුවේ ආර්ථික අපහසුතා නිසා සේවක වැටුප් ගෙවීමට නොහැකි පෞද්ගලික ව්‍යාපාරවලට ද සහන හිමි වෙයි.

    ඉහත වර්ගීකරණයට අයත් නොවන නමුත් අවදානමට මුහුණ පා සිටින්නවුන් ලෙස හඳුනා ගන්නා අයට ද සමාන සහන සැලසේ. එය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, සමාජ සේවා  සංවර්ධන, සමෘද්ධී සංවර්ධන, කෘෂිකර්ම පර්යේෂණ සංවර්ධන සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ අධීක්ෂණය යටතේ සිදු කෙරේ.

    දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය පුද්ගලයන් වෙත ඝෘජුවම බෙදාදීමට ක්‍රියා කළ යුතු බව ජනාධිපති ලේකම්වරයාගේ චක්‍රලේඛයේ සඳහන් වෙයි. මේ ක්‍රියාදාමයේ දී ගොවීනට සාධාරණ මිලක් ලැබෙන පරිදි අතරමැදියන්ගෙන් තොරව සතොස, සමූපකාර වෙළඳ සැල් සහ පෞද්ගලික වෙළෙඳ ජාලයන් හවුල්කර ගන්නා ලෙස දැනුම් දී ඇත.

    එසේම අදාළ නිලධාරීන් ජනාධිපති කාර්ය සාධක බලකායේ උපදෙස් හා මගපෙන්වීම යටතේ ක්‍රියාකළ යුතු බව ජනාධිපති ලේකම්වරයා පවසයි.  

  • Covid 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විතයේ මාධ්‍ය හමුව සම්පූර්ණයෙන්

    Covid 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විතයේ මාධ්‍ය හමුව සම්පූර්ණයෙන්

    කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මූලස්ථානයේ අද (30) දින පැවැති මාධ්‍ය හමුවේදී සෞඛ්‍ය ඇමතිනී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය, යුද්ධ හමුදාපති ශවේන්ද සිල්වා මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා දැක් වූ අදහස් සම්පූර්ණයෙන් පහත පළ වේ.

    COVID 19Edit

  • උපත් සහ මරණ ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් අනවශ්‍ය කලබලයක් එපා

    උපත් සහ මරණ ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් අනවශ්‍ය කලබලයක් එපා

    උපත් සහ මරණ ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් අනවශ්‍ය කලබලයක් ඇති කර නොගන්නා ලෙස රෙජිස්ටාර් ජනරාල් එන්.සී විතානගේ මහතා අද (30) දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටියා. එම මාධ්‍ය නිවේදනය මෙසේයි.

  • ජාතික ලිංගාශ්‍රිත රෝග – ඒඩ්ස් මර්දන  සේවා සැපයීම සඳහා  විශේෂ වැඩපිළිවෙළක්

    ජාතික ලිංගාශ්‍රිත රෝග – ඒඩ්ස් මර්දන සේවා සැපයීම සඳහා විශේෂ වැඩපිළිවෙළක්

    ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ  සායනවලින් ප්‍රතිකාර ලබාගන්නා  පුද්ගලයින්ට අවශ්‍ය සේවා සැපයීම සඳහා  විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතැයි ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළාය.
     
    එම නිවේදනයේ සදහන් වන්නේ කොළඹ පිහිටි මධ්‍යම සායනය මගින් සඳුදා සිට සෙනසුරාදා දක්වා පෙරවරු 8 සිට මධ්‍යහ්න 12 දක්වා ඖෂධ නිකුත් කිරීම හා සේවා ලබා දීම සිදු කෙරෙන බවත් නියමිත සායන සඳහා පැමිණිමට අපහසු පුද්ගලයින්ට  එම අවස්ථාවේදී තමන්ට ළගම සායනික ස්ථානයට ගොස්  ඖෂධ ලබාගත හැකි බවත් හෙට්ටිආරච්චි මහත්මිය සදහන් කළාය.
     
    දිවයිනපුරා පිහිටි ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ  සායනවල දුරකතන අංක ආයතනයේ වෙබ් අඩවිය වන  WWW.aidscontrol.gov.lk  වෙත පිවිසීමෙන් ලබාගත හැකි බවද  සදහන් කළ හෙට්ටිආරච්චි මහත්මිය සායන සඳහා පැමිණෙන පුද්ගලයින්ට  සිය ජංගම දුරකතනයට එවනු ලැබූ කෙටි පණිවිඩය  පොලීසියට පෙන්වීමෙන් ඇදිරිනීතිය පවත්නා අවස්ථාවේදී ඇදිරිනිතී බලපත්‍රය ලෙස භාවිත කළ හැකි බවත් සදහන් කළාය.