Tag: featured

  • මේක සිංහල-බෞද්ධ සංස්කෘතියෙන් හැදී පෝෂණය වුණු රටක්! ඒ බහුතරයකගේ සංස්කෘතියට සියල්ලන් ගරු කළ යුතුයි

    මේක සිංහල-බෞද්ධ සංස්කෘතියෙන් හැදී පෝෂණය වුණු රටක්! ඒ බහුතරයකගේ සංස්කෘතියට සියල්ලන් ගරු කළ යුතුයි

    මේ රට සහ සිංහල-බෞද්ධ සංස්කෘතියේ ආභාෂය ලබමින් ගොඩනැගුනු, පෝෂණය වුණු රටක් බවත්, මේ රටට අරාබිය හෝ වෙනත් පිටසක්වලක සංස්කෘතියක් අනවශ්‍ය බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පවසයි.

    ඔහු මේ බව සඳහන් කර සිටියේ, ඊයේ පරිවර්ථන කේන්ද්‍රයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය හමුවක් අමතමිනි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා,

    “දැන් අද දේශපාලනයට එහා ගිය සියලු ජාතීන්ට, සියලු ආගමිකයින්ට එකට ජීවත් විය හැකි රටක් නිර්මාණය කිරීම සඳහායි ප්‍රමුඛත්වය දිය යුත්තේ. ජාතීන් අතර තිබෙන විශ්වාසය නැති වෙනවා නම්, ආගම් අතර බේද ඇතිවෙනවා නම් අප සියලු දෙනා ඉදිරියට පැමිණ ඒ ප්‍රශ්නය විසඳා ගත යුතුයි. ලෝකයේ යම් රටක 50% ක් ඉක්ම වූ ජාතියක් සිටිනවා නම්, ඔවුන් ක්‍රිස්තියානි නම්, ඔවුන් මුස්ලිම් නම්, ඔවුන් බෞද්ධ නම් ඒ අනුව ඒ රට ක්‍රිස්තියානි රටක්, මුස්ලිම් රටක්, බෞද්ධ රටක් ලෙස හඳුන්වන්නේ. ඒ අනුව ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක්.

    ඒ අනුව ගත්තාම ශ්‍රී ලංකාව වසර දහස් ගණනක ඉතිහාසයක් තිබෙන සිංහල බෞද්ධ සංස්කෘතියක් තිබෙන සිංහල බෞද්ධ රටක්. ඒ සංස්කෘතිය තුළ හින්දු ආභාෂය තිබෙනවා. සමහර තැන්වල ඉස්ලාම් ආභාෂය තිබෙනවා. නැගෙනහිර ප්‍රදේශයට ගියොත් ඒ සංස්කෘතික ආභාෂය පෙනෙනවා. ඒ සංස්කෘතික ආභාෂයට අපි ගරු කරනවා. හැබැයි අපේ නොවන අරාබිය වැනි පිටරටකින් පැමිණ මෙහෙ පැලකරන්න යන සංස්කෘතිකයට අපි කවුරුත් කැමති නැහැ. අපිට ඒකට ඉඩ දෙන්නත් බැහැ. ඔවුන්ට ආගම ඇඳහීමට අයිතිය අපි ගරු කරනවා.

    හැබැයි ඒක මේ රටේ සංස්කෘතිය ඇතුලේ ඉදන් සිදුවිය යුත්තක්. එහෙම නැතිව පිටරටකින්, පිට සක්වලකින් ගෙනාපු සංස්කෘතියක් මේ රටට ඔබ්බවන්න යනවා නම් අපි කවුරුත් ඒකට ඉඩ දෙන්න කැමති නැහැ. එහෙම වුනොත් වෙන්නේ එකිනෙකා අතර ගැටුම් ඇති වීමට යෑම. එම නිසා අපි සෑම දෙනාම සිහි තබා ගත යුතුයි මේ රටේ තිබෙන ඒ සිංහල සංස්කෘතියට ගරු කරමින් ජීවත් වීමට. එය තමා සිදුවිය යුත්තේ”.

  • යුද හමුදාවට අවුරුදු 14ක් තිස්සේ මස් කවන්න පුළුවන් ෆීලික්ස්ට විතරද..? ඇත්තටම මොකක්ද රහස..

    යුද හමුදාවට අවුරුදු 14ක් තිස්සේ මස් කවන්න පුළුවන් ෆීලික්ස්ට විතරද..? ඇත්තටම මොකක්ද රහස..

    යුද හමුදාව වෙනුවෙන් ආහාර සඳහා මස් වර්ග සැපයීමේ ටෙන්ඩර පසුගිය වසර 14 තුළම හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වන ෆීලික්ස් පෙරේරා මහතාගේ නමින් ඇති සමාගම විසින් ලබාගෙන ඇතැයි ඊයේ (09දා) පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් යොමුකළ ප්‍රශ්නයකට ආරක්‍ෂක රාජ්‍ය ආමත්‍ය රුවන් විජයවර්ධන මහතා ලබාදුන් පිළිතුරෙන් මේ බව අනාවරණය විය.

    පීලික්ස් පෙරේරා සහ පුද්ගලික සමාගම ලෙස සමාගමක් පිහිටුවා ගනිමින් වසර 14ක් පුරාවටම මස් සැපයීමේ ටෙන්ඩරය ලබාගෙන ඇති බවත්, තවදුරටත් මස් සපයමින් සිටින බවත් එහිදී අනාවරණය විය.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසා සිටියේ, “2005 වසරේ සිට වර්තමානය දක්වා යුද හමුදාවට මස් සපයපු  පුද්ගලයන් අතර මේ වසර 14 තුළම මස් සැපයීම් කරන කැබිනට් අමාත්‍යවරයෙකු ඉන්නවා. එතුමාගේ නමින්ම මේ සමාගම නම්කර තිබෙනවා. පීලික්ස් පෙරේරා සහ පුද්ගලික සමාගම ලෙස එය නම්කර තිබෙන්නේ.

    ඒ කියන්නේ පීලික්ස් පෙරේරා සහ පුද්ගලික සමාගම වසර 14ක් මේරටේ යුද හමුදාවට මස් සපයන ‍කොන්ත්‍රත්තුව අරගන්නවා. කැබිනට් අමාත්‍යවරයෙකු විදියට එතුමාගේ නමින්ම සමාගමක් හදලා මේ කොන්ත්‍රාත්තුව කරගෙන යනවා. අදටත් එය සිදුවෙනවා. පසුගිය කාලසීමාව තුළ මෙය කවුරුත් කියලා නැහැ.

    යුද හමුදාවට මස් සැපයීමේ තනි ටෙන්ඩරය කැබිනට් ඇමතිවරයෙකු ලබාගැනීමට කටයුතු කිරීම මොනතරම් ලොකු වරදක්ද? මෙය අපරාධයක්. මේ අපරාධය වෙනුවෙන් ක්‍රියාමාර්ග ගතයුතුයි. මොකද වාහනයක් ගත්තා කියලා පොඩි පොඩි දේවල්වලට මන්ත්‍රීවරුන් සිරභාරයට ගන්නවා. මෙය මහා බරපතළ සිද්ධියක්” යනුවෙනි.

    එයට පිළිතුරු දෙමින් ආරක්‍ෂ රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසා සිටියේ, “මේගැන පරීක්‍ෂණයක් පවත්වන්න පුළුවන්. ෆීලික්ස් පෙරේරා මහත්මයා දැන් පාර්ලිමේන්තුවේ නැහැ. පාර්ලිමේන්තුවේ ඉන්න කාලයෙත් ටෙන්ඩර් කරලා ලබාදීලා තියෙනවා කියලා හිතනවා.  ප්‍රසම්පාදන කටයුතු මගින් සැපයුම්කරුවන් තෝරාගෙන තිබෙනවා. කුකුළු මස්, එළු මස්, හරක් මස්, ඌරු මස් සැපයුම මේහරහා සිදුකරනවා. පරීක්‍ෂණයක් කරන්න පුළුවන්” යනුවෙනි.

  • කොණ්‌ඩය කපන්න ගියටිකට කාර් එකේ දොර කඩා බැංකුවෙන් ගත් ලක්‍ෂ 10ය උස්සලා!

    කොණ්‌ඩය කපන්න ගියටිකට කාර් එකේ දොර කඩා බැංකුවෙන් ගත් ලක්‍ෂ 10ය උස්සලා!

    ගම්පොළ පැරණි පාලම මත නවතා තිබූ මෝටර් රථයක දොර කඩා එහි තිබූ රුපියල් ලක්‍ෂ 10ක මුදලක් පැහැරගෙන ගොස් ඇතැයි ගම්පොළ පොලිසිය පවසයි.

     මෙම මෝටර් රථයේ පැමිණි අය වාහන ධාවනය නොකරන පැරණි පාලම මත සිය මෝටර් රථය නවතා කොණ්ඩය කැපීමට ගොස් සිටියදී මෙම මුදල් සොරා ගෙන ගොස් තිබේ.

     ගම්පොළ නගරයේ ඉල්ලවතුර මාර්ගයේ වාහන අලෙවිසැලක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයකු වන මෙම මෝටර් රථයේ හිමිකරු බැංකුවකින් ගත් මෙම මුදල රැගෙන පෙරේදා (08) සවස නිවස පිහිටි පුපුරැුස්ස ප‍්‍රදේශයට යමින් සිටියදි පැරණි පාලම මත මෙසේ මෝටර් රථය නවතා කොණ්ඩය කැපීමට ගොස් ඇති බව පොලිස් පරීක්‍ෂණවලින් අනාවරණය වී තිබේ.

     මොහු අලෙවි කළ වාහනයක් සඳහා මෙම මුදල බැංකුව වෙත ලැබී ඇති අතර එය තවත් අයකුට දීම සඳහා මෙසේ රැගෙන ගොස් ඇති බවද හෙළි වී ඇත.

     සිද්ධිය සැලවීමත් සමග ගම්පොළ කොට්ඨාස භාර පොලිස් අධිකාරි විකුම් ගිනිගේ මහතාගේ උපදෙස් මත පොලිස් අධිකාරි ෂ සී. ඩබ්ලිව්. රාජපක්‍ෂ ගම්පොළ මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප‍්‍ර. පො. ප. ආර්. ජයන්ත යන මහත්වරු මෙම ස්ථානයට පැමිණ පරීක්‍ෂණ ආරම්භ කිරීමට පියවර ගත් අතර ඇඟිලි සලකුණු අංශය ගෙන්වීමට පියවර ගනු ලැබීය.

    -දිවයින-

  • පිළිගන්න අකමැති වුවත් ඇත්තම කථාව.. මුස්ලිම් ගෙදරක පමණක් නොව සිංහල ගෙදරකද කඩුවක් තිබීම සාමාන්‍ය දෙයක් (Video)

    පිළිගන්න අකමැති වුවත් ඇත්තම කථාව.. මුස්ලිම් ගෙදරක පමණක් නොව සිංහල ගෙදරකද කඩුවක් තිබීම සාමාන්‍ය දෙයක් (Video)

    සෑම මුස්ලිම් ජාතිකයෙකුගෙන් නිවසකම කඩුවක් තිබෙන බව ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය නායක එන්.එම්. අමීන් මහතා සඳහන් කරයි.

    සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානය විසින් කොළඹදී කැදවි තිබූ මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ එම කඩු ආදිය තබාගෙන සිටින්නේ ආත්මාරක්ෂාවට බවත්, විශේෂයෙන්ම නිවෙස් වල සිටින ගැහැනු දරුවන් ආරක්ෂා කර ගැනීමට මෙම කඩු තබාගෙන සිටින බවත්ය.

    කඩුවක් නිවසේ තිබූ පරිදි පමණින් අත්අඩංගුවට ගැනීම සාධාරණ නැතැයි කී ඔහු ජනාධිපතිතුමන් ද මේ බව දන්වා ඇතැයි සඳහන් කළේය.

    ඔහුගේ ප‍්‍රකාශය අනුව පෙනී යන්නේ මෙරට තුල ජීවත් වන ලක්‍ෂ 20ක් පමණ වන මුස්ලිම් ජනතාවගේව නිවාස වල ආත්මාරක්‍ෂාව සදහා කඩු වැනි ආයුද තබාගෙන සිටින බවයි. ආරක්‍ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති ප‍්‍රමාණය ඒ හා සැසදීමේදී ඉතා සුළු ප‍්‍රමාණයකි.

    මේ වන විට යම් පාර්ශවයක් විසින් රටේ නිර්මාණය කළ තත්වය හමුවේ රටේ අනෙකුත් ජනවර්ගයන්ට මුස්ලිම් නිවෙස් වලින් කඩු හමුවීම අතිෂෝක්තියක් ලෙස මාධ්‍ය මඟින්ද උද්දිපනය කොට පෙන්නුවද, සත්‍යම කථාව නම් මුස්ලිම් නිවෙසක කඩුවක් තබා ගැනීම ඔවුන්ගේ පමණක් නොව අපගේද සංස්කෘතියේ හැටියට සාමාන්‍ය දෙයක් බවයි.

    මෙරට පාරම්පරික සිංහල-බෞද්ධ ගෙවල්වල තම නිදන කාමරයේ ඇඳයට, අල්මාරිය උඩ හෝ සාලයේ ප්‍රදර්ශනාත්මකව කඩුවක් තබා ගැනීම ආත්ම ආරක්ෂක ක්‍රියාමාර්ගයක පුරුද්දක් සහ සංස්කෘතික ලක්ෂණයක්ව තිබුණි.

    එම නිසා මෙවැනි මොහොතක පටු ජාතිවාදී, අන්තවාදී අරමුණු වලට ගිනි අවුලුවමින් මෙවැනි ඊනියා මාතෘකා මාධ්‍ය මඟින් ලබාදෙන ප්‍රචාරණයද තහනම් කළ යුතුය.

  • අද වටයත් සාර්ථකයිලු! ඊලඟ වටයත් සූදානම්ලු!

    අද වටයත් සාර්ථකයිලු! ඊලඟ වටයත් සූදානම්ලු!

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර හතරවැනි සාකච්ඡා වටය අද පැවැත්වෙනි.

    මෙම සාකච්ඡාවන් පැවැත්වුණේ කොළඹ 07 පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී ය.

    මෙම සාකච්ඡාවන්හි පස්වැනි සාකච්ඡා වටය මැයි මස 30 දා පැවැත්වෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

    අද පැවති සාකච්ඡාවද සාර්ථක බව ඔහු සඳහන් කළේය.

  • ශ්‍රී ලංකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබද මාලදිවයින් රජයේ කණගාටුව

    ශ්‍රී ලංකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබද මාලදිවයින් රජයේ කණගාටුව

    ශ්‍රී ලංකාවේ ඇතිවී තිබෙන වර්තමාන අර්බුධකාරී වාතාවරණය හමුවේ මෙරට ජනතාව පත්ව ඇති ශෝකජනක තත්ත්වය පිළිබදව සිය රජයේ කණගාටුව ප්‍රකාශ කරන බවත්, මෙරට ජනතාවගේ සුභසිද්ධිය වෙනු‍වෙන් තම රටේ පූර්ණ සහයෝගය දැක්වීමට මාලදියවයින් රජය වෙනුවෙන් තමා කැමැත්ත පල කරන බවත් මාලදිවයින් රජයේ තානාපති Omar Abdul Razzak මහතා පවසයි.

    ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය, විදුලිබල ක්ෂේත්‍රය මෙන්ම බලශක්ති අර්බුදය පිළිබදව සාකච්ඡා කිරීම පිණිස, පසුගියදා විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා එම අමාත්‍යාංශ පරිශ්‍රයේදී හමුවූ අවස්ථාවේ තානාපතිවරයා මෙම අදහස් පළකර තිබේ.

    කුරිරු ත්‍රස්ත ක්‍රියා හමුවේ අඩාලවී ඇති ශ්‍රී ලාංකික ජනජීවිත යතා තත්ත්වයට පත්කරගනිමින්, දෛනික ජන ජීවිත සුපුරු තත්ත්වයන්ට පත්කිරීමට අවශ්‍ය ආරක්ෂක සහ ආර්ථික තත්ත්වයන් නිසි පරිදි සැකසීමට ශ්‍රී ලාංකික රජයට අවශ්‍ය සහාය ලබාදීමට මාලදිවයින් රජය අපේක්ෂා කරන බවත්, ඒ වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ගයන් පිළිබදව ඉදිරියේ සාකච්ඡා කිරීමට අදහස් කරන බවත් පැවසූ තානාපතිවරයා, ඉදිරියේදී මෙවැනි අවාසනාවන්ත තත්ත්වයන් ඇතිවීමට ඇති ඉඩකඩ පාලනය කරමින්, ආරක්ෂක වාතාවරණය තරකළයුතු බවද පැවසීය.

    මෙරට විදුලි ක්ෂේත්‍රය පිළිබදව කරුණු විමසූ තානාපතිවරයා, ඉදිරියේදී ඇතිවිය හැකි බලශක්ති අර්බුදය වෙනුවෙන් ස්ථිර විසදුම් සෙවීමට උත්සුක වියයුතු බව පැවසීය. ශ්‍රී ලංකාව මේ වනවිට ආසියානු කලාපීය රටවල් අතරින් විදුලිබලය සැපයීම අතින් ප්‍රමුඛ ස්ථානයක සිටින බවත්, ඒ පිළිබදව තමා සතුටට පත්වන බවත් තානාපතිවරයා පැවසීය.

    ශ්‍රී ලංකාව මේ වනවිට බලශක්තිය සැපයීම, පුනර්ජනනීය බලශක්ති ක්‍රමෝපායන් වෙත යොමුකර ඇති අතර, එය පරිසර හිතකාමී මෙන්ම ලාභදායි වනබවද පැවසූ විෂයබාර අමාත්‍යවරයා, ඉදිරියේදී ඇතිවිය හැකියැයි අනුමාන කරනු ලබන බලශක්ති අර්බුදයටද එය ස්ථිරසාර විසදුමක් වනු ඇතැයි මාලදිවයින් තානාපතිවරයාට පැහැදිළි කළේය.

    මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර අතීතයේ පටන් පවතින ද්වීපාර්ශික මිත්‍ර සබදතා තවතවත් තහවුරු කරමින්, ශ්‍රී ලංකාවේ සිවිල් සහ ආරක්ෂක තත්ත්වයන්ටත්, විදුලිබල ක්ෂේත්‍රය සහ විශේෂයෙන් පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ උන්නතිය සදහාත් සිය රටේ පූර්ණ සහයෝගය ලබාදීමට තමා කටයුතු කරන බවට මාලදිවයින් තානාපතිවරයා මෙහිදී වැඩිදුරටත් විෂයබාර අමාත්‍යවරයාට පැවසීය.

  • නාගානන්දගේ තවත් පෙත්සමක් එසැනින් කුණු කූඩයට

    නාගානන්දගේ තවත් පෙත්සමක් එසැනින් කුණු කූඩයට

    බලය අවභාවිත කළ බවට චෝදනා කරමින් හිටපු අගවිනිසුරු නලින් පෙරේරා මහතා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු පිරිසකට එරෙහිව නාගානන්ද කොඩිතුවක්කු මහතා ගොනුකළ පෙත්සමක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහාධිකරණය නියම කර ඇත.

    කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් මෙම නියෝගය කර තිබේ. වසර තුනකට නීතිඥභාවය තහනමකට ලක් වී සිටින නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

    එහි වගඋත්තරකරුවන් ලෙස හිටපු අගවිනිසුරු නලීන් පෙරේරා, විජිත් මළල්ගොඩ, සිසිර ද ආබෲ, ප්‍රසන්න ජයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් සහ නීතිපතිවරයා නම් කර තිබුණි.

    නාගනන්ද කොඩිතුවක්කු මහතා අධිකරණය හමුවේ කියා තිබුණේ වගඋත්තරකාර විනිසුරුවරු සිය බලය අවභාවිතයට ලක් කරමින් තම නීතිඥ භාවය වසර 3කට තහනම් කිරීමට කටයුතු කළ බවයි.

    ඒ තුළින් වගඋත්තරකරුවන් එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳව ප්‍රඥප්ති පනත යටතේ වරදක් සිදුකර ඇති බවද නාගනන්ද කොඩිතුවක්කු මහතා සිය පෙත්සමෙන් පෙන්වා දුන්නේය.

    පෙත්සම කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරි කැඳවු අවස්ථාවේදී මූලික විරෝධතා මතු කළ නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ නීතිඥවරයා පෙත්සමේ පාදක වන කරුණ අධිකරණ කටයුත්තක් බැවින් ඒ පිළිබඳ විභාගයක් පැවැත්වීමට මෙම අධිකරණයට බලයක් නොමැති බව තර්ක කළේය.

    එම මූලික විරෝධතාව පිළිගත් මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා මෙම පෙත්සම විභාග කිරීමට අධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් එය කිසිඳු විභාගයකට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට තීන්දු කළේය.

  • පාතාල නායක කංජිපානි ඉම්රාන් අධිකරණයට

    පාතාල නායක කංජිපානි ඉම්රාන් අධිකරණයට

    ඩුබායිහි සිට මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව දැනට රැඳවුම් නියෝග මත පොලිසිය භාරයේ රඳවා සිටින පාතාල කල්ලි නායකයෙකු වන කංජිපානි ඉම්රාන් ඇතුළු සැකකරුවන් තුන්දෙනෙකු නිරීක්ෂණය සඳහා අද(08) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

    කොළඹ අපරාධ කොට්ඨාශය විසින් මෙම සැකකරුවන් තුන්දෙනා අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා සිල්වා මහත්මිය හමුවට පමණූවනු ලැබීය.

    මෙහිදී පොලිසිය අධිකරණයට දන්වා සිටියේ ආරක්ෂක ලේකම්වරයාගෙන් ලබාගත් රැඳවුම් නියෝග මත මෙම සැකකරුවන් තුන් දෙනා දින 90 ක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාගෙන ඇති බවයි.

    මෙහි කංජිපානි ඉම්රාන් නමැත්තාට මිනීමැරීම, මිනි මැරීමට කුමන්ත්‍රණය කිරීම සහ ආධාර අනුබල දීම පිළිබඳව විවිධ අධිකරණවල නඩු 27 ක් පමණ පවතින බවද පොලීසිය අධිකරණයට දැනුම් දුන් අතර මොවුන් සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවද කියා සිටියේය.

    ඒ අනුව අදාළ සැකකරුවන් තුන්දෙනාගෙන් තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දුන් විනිසුරුවරිය ඔවුන් නැවත නිරීක්ෂණය සඳහා ජුනි මස 12 වනදා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ද කොළඹ අපරාධ කොට්ඨාශයට නියෝග කළේය.

  • ජනපති පුතු දහම්ගේ විවාහ මංගල්‍යය හෙට! සියල්ල සූදානම්! කොළඹ ආරක්ෂාව තර කරයි!

    ජනපති පුතු දහම්ගේ විවාහ මංගල්‍යය හෙට! සියල්ල සූදානම්! කොළඹ ආරක්ෂාව තර කරයි!

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ එකම පුත්‍ර රත්නය වන දහම් සිරිසේන මහතාගේ විවාහ මංගල උත්සවය කොළඹ හිල්ටන් හෝටලයේ දී හෙට(09) දිනයේ පැවැත්වෙයි.

    කොළඹ ෂැංග‍්‍රිලා හෝටලයේ දී මෙම විවාහ මංගල උත්සවය පැවැත්වීමට නියමිතව තිබුණ ද පාස්කු ඉරිදා දිනයේ එම හෝටලයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු මේ වනවිටත් හෝටලය වසා දමා ඇති නිසා විවාහ උත්සවය හිල්ටන් හෝටලය වෙත මාරු කර තිබේ.

    ප්‍රසිද්ධ ව්‍යාපාරික අතුරලිය වීරරත්න මහතාගේ දියණිය වන නිපුනි වීරරත්න සමඟ දහම් සිරිසේන මහතා විවාහ වීමට නියමිතය.

    හිල්ටන් හෝටලය හා ආසන්න කොළඹ ප‍්‍රදේශයන්ට මේ වන විටත් දැඩි ආරක්‍ෂාවක් යොදවා ඇත.

    නොසිතූ මොහොතක එල්ල වූ රටම කම්පා කළ පාස්කු ප්‍රහාරයත් සමඟ මුළු රටේම ජනතාව තිගැස්සුනු අතර එම නිසා පෙර සැලසුම් කළ උත්සව ගණනාවක් අවලංගු කළහ.

    මෙම වසරේ ඉදිරි කාලයේදී නැකැත් සම්බන්දයෙන් ප‍්‍ර‍්‍රශ්නයක් ඇති නිසා යොදාගත් නැකැත් වේලාවන්වලදීම විවාහය ඉතා චාම්ව සිදු කිරීමට ඔවුන් තීරණය කර ඇතැයි වාර්තාවේ.

  • පාර්ලිමේන්තුවට දැඩි තර්ජනයක්.. බුද්ධි අංශ අනතුරු අගවයි..

    පාර්ලිමේන්තුවට දැඩි තර්ජනයක්.. බුද්ධි අංශ අනතුරු අගවයි..

    බුද්ධි වාර්තා අනුව පාර්ලිමේන්තුවට දැඩි තර්ජනයක් එල්ල වී ඇති බව කතානායක කරු ජයසූරිය මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශයක් කරමිනි. එම සම්පුර්ණ ප‍්‍රකාශය මෙහි දැක්වෙයි.

    දිවයිනේ පවත්නා වත්මන් ආරක්ෂක තත්ත්වය මෙන්ම බුද්ධි වාර්තා අනුව පාර්ලිමේන්තුවට දැඩි තර්ජනයක් එල්ල වී ඇති හෙයින්,පාර්ලිමේන්තු සංකීර්ණය තුළ ගරු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සහතික කිරීම පිණිස, එහි ආරක්ෂක කටයුතු තවදුරටත් දැඩිකිරීම අත්‍යවශ්‍ය බව පාර්ලිමේන්තුවේ ආරක්ෂක කටයුතු සමාලෝචනය කිරීම සඳහා 2019-04-23 දින ආරක්ෂක ප්‍රධානීන් සමඟ පැවැති රැස්වීමේ දී දැඩි අවධාරණයෙන් යුතුව තීරණය කරන ලද බව දන්වනු කැමැත්තෙමි.

    ඊට අනුකූලව, පාර්ලිමේන්තුවේ ආරක්‍ෂක විධිවිධාන දැඩිකිරීම සඳහා කඩිනම් පියවර ගත යුතු බවට මා විසින් වේත්‍රධාරීවරයා වෙත නියෝග කරන ලද අතර ඒ සම්බන්ධයෙන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම පිණිස, ම’විසින් නිකුත් කරන ලද, අංක එස්ඒ/ඒ/07 හා 2019-05-02 දිනැති ලිපිය,

    · තැපැල් මඟින් එවීමටත්,
    · විද්‍යුත් තැපෑල මඟින් එවීමටත්,

    කටයුතු කර ඇති අතර අද දින සභා ගර්භයේ දී, සියලුම මන්ත්‍රීවරුන්ගේ සභා මේසය මත තැබීමට ද, පියවර ගෙන අති බව දන්වනු කැමැත්තෙමි.

    නව ආරක්‍ෂක වැඩපිළිවෙළ සම්බන්ධව 2019-05-06 දින පැවැති රැස්වීමේ දී, පාර්ලිමේන්තුවේ සියලුම පක්‍ෂ නායකවරුන් දැනුවත් කරන ලද අතර ඊට පක්‍ෂනායකවරුන් විසින් පූර්ණ එකඟතාවය පළ කරන ලදී.

    මෙම ආරක්‍ෂක විධිවිධාන ක්‍රියාත්මක කිරීමේ දී, වේත්‍රධාරීවරයා සහ ආරක්‍ෂක නිලධාරීන් වෙත දැනට පවතින තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට පත්වන තෙක් පූර්ණ සහයෝගය ලබාදෙන ලෙස සි‍යලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිමි.

  • අධ්‍යාපන අමාත්‍යංශයේ ලොක්කෙක් ඉස්ලාම් අන්තවාදීන්ට කඩේ ගිහින්

    අධ්‍යාපන අමාත්‍යංශයේ ලොක්කෙක් ඉස්ලාම් අන්තවාදීන්ට කඩේ ගිහින්

    ඉස්ලාම් අන්තවාදීන්ගේ මතවාදයන් මුහුණු පොත ඔස්සේ ප‍්‍රවර්ධනය කිරීමට අනුබල දුන් බව කියන අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියෙක් පොලිසිය විසින් පෙරේදා (06) අත්අඩංගුවට ගනු ලැබ ඇත.

    අමාත්‍යාංශයේ ‘ළඟම පාසල හොඳම පාසල’ ව්‍යාපෘතියේ සේවය කරන මුස්ලිම් ජාතික මෙම නිලධාරියාට අයත් පරිගණකයක් ඇතුළු තවත් උපාංග කිහිපයක් ද පොලිසිය භාරයට ගෙන තිබේ. දින කිහිපයක් තිස්සේ මෙම නිලධාරියා සම්බන්ධයෙන් කළ සොයා බැලීමකින් පසු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇතැයි අමාත්‍යාංශ ආරංචි මාර්ග පැවසීය.

  • තව්හිද් ජමාත් ත‍්‍රස්තයින්ගේ රු.බිලියන 7.5ක් රාජසන්තකයි!

    තව්හිද් ජමාත් ත‍්‍රස්තයින්ගේ රු.බිලියන 7.5ක් රාජසන්තකයි!

    තව්හිද් ජමාත් ත‍්‍රස්ත සංවිධානයේ සාමාජිකයන්ට අයත් රුපියල් කෝටි 750 කට අධික වටිනාකමින් යුත් මුදල් සහ දේපළ රාජසන්තක කිරීමට අවශ්‍ය කටයුතු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් මේවනවිට සිදුකරනු ලබයි.

    එම ත‍්‍රස්තවාදීන්ට අයත් රුපියල් කෝටි 700 ක් වටිනා ඉඩම් සහ දේපළ රුපියල් ලක්‍ෂ 1400 කට අධික මුදලක් සහ කෝටි ගණන් වටිනා රන් ආභරණ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට සොයාගෙන තිබේ.

    එම දේපළ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු අවසන් වනතෙක් අත්පත් කර ගැනීමට හෝ පරිහරණය කිරීමට නොහැකිවන ආකාරයට තහනම් නියෝගයක් ලබාගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටී. මෙසේ රාජසන්තක කිරීමට නියමිතව තිබෙන දේපළ අතර ෂැංග‍්‍රිලා හෝටලයේ බෝම්බය පුපුරවාගෙන සියදිවි හානිකරගත් මොහොමඞ් ඉන්සාම්ට අයත් වැල්ලම්පිටියේ පිහිටි තඹ කර්මාන්ත ශාලාව, දෙමටගොඩ පිහිටි සුවිසල් නිවස සහ තවත් ඉඩකඩම් විශාල ප‍්‍රමාණයක් ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

    එමෙන්ම මොවුන්ට අයත් බැංකු ගිණුම් රැුසක ඇති රුපියල් කෝටි ගණනක මුදල්, මැණික් සහ රන් ආභරණ මේ වනවිට සොයාගෙන තිබේ. මේ අතර තව්හිද් ජමාත් ත‍්‍රස්තයින්ගේ නායකයාව සිටි මොහොමඞ් සහරාන් ඔහුගේ සොහොයුරු මොහොමඞ් රිල්වාන් මෙන්ම මරාගෙන මැරෙන ප‍්‍රහාරය එල්ල කර දිවි හානි කරගත් ත‍්‍රස්තවාදීන් අට දෙනෙකුට අයත් රුපියල් කෝටි ගණන් වටිනා චංචල සහ නිශ්චල දේපළ මේ වනවිට සොයාගෙන ඇත.

    මෙම දේපළ සම්බන්ධයෙන් සිදුකෙරෙන නීතිමය කටයුතු අවසන් කිරීමෙන් පසු අධිකරණ නියෝගයක් ලබාගෙන ඒවා රජසන්තක කිරීමට කටයුතු කරන බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

  • පියෙකු ලෙස සහ අමාත්‍යවරයෙකු ලෙස රවී දුන් ආදර්ශය

    පියෙකු ලෙස සහ අමාත්‍යවරයෙකු ලෙස රවී දුන් ආදර්ශය

    පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ දිවයිනේ පාසල් සිසුන්ට දැඩි ආරක්ෂාවක් සැපයියයුතු බැවින්, ඒ සදහා සහායක් වශයෙන් තමාගේ ආරක්ෂාව තමා විසින් සපයා ගනිමින්, තම ඇමති ආරක්ෂක නිලධාරීන්ද ඒ සදහා අනුයුක්ත කිරීමට තමා අදහස් කර ඇතැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහාත අවධාරණය කරයි.

    ම්ලේච්ඡ ත්‍රස්තවාදී ක්‍රියා හමුවේ දින ගණනාවක් වසා තැබූ පාසල්, අද නැවතත් ආරම්භ කිරීමට රජය විසින් තීරණය කර ඇති බව පවසන අමාත්‍යවරයා, පාසල් දරුවන් ත්‍රස්තවාදීන්ගේ ඉලක්ක වීමට ඉඩ ඇතැයිද පවසයි. ඒ නිසා පාසල් නැවත ආරම්භ කිරීමට ප්‍රථම පාසල් සහ අදාළ භූමිය විශේෂ ආරක්ෂක සෝදිසියකට භාජනය කළයුතු අතර පාසල් ආරම්භ කිරීමෙන් පසුවද දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සුවිශේෂී ආරක්ෂක වැඩපිළිවෙලක් අනුගමනය කළයුතුයැයි අමාත්‍යවරයා පවසයි.

    රටේ පවතින අර්බුධකාරී වාතාවරණය හමුවේ සමස්ථ දිවයිනේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ නිලධාරීන් දිවා රෑ නොබලා රාජකාරියේ යෙදී සිටින අතර දීපව්‍යාප්ත පාසල් ජාලයේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂාව සැපයීමේදී ඊට සහායක් වශයෙන් තම ආරක්ෂාව සදහා රජය විසින් ලබාදී ඇති ඇමති ආරක්ෂක අංශ නිලධාරීන්ද ලබාදීමට තමා කටයුතු කරන බව අමාත්‍ය කරුණානායක මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.

  • දේශපාලඥයින් තමයි රට කෑවේ..මාත් ඒකේ කොටස්කාරයෙක්

    දේශපාලඥයින් තමයි රට කෑවේ..මාත් ඒකේ කොටස්කාරයෙක්

    වර්තමානයේ රට තුළ මතුව ඇති තත්ත්වයට තමා ඇතුළු සියලු දේශපාලනඥයින් වගකිව යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

    නඩු කටයුත්තක් සඳහා පැමිණි අවස්ථාවේදී මාධ්‍යවෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

    මේ වෙලාවේදී එක්ව කටයුතු කළ යුතු බවත්, ඉන් පසුව ස්ථීර සාර විසඳුමක් සෙවිය යුතු බවත් මන්ත්‍රීවරයා පැවසීය.

    එකිනෙකාට චෝදනා කර ගනිමින් බැන ගෙන මෙම කාර්ය නිසි ලෙස සිදු කළ නොහැකි බවත්, 2010 සිට වර්ධනය වී ඇති මෙම ගැටළුව වත්මන් ආණ්ඩුවේ ඇති නොසැලකිල්ල හේතුවෙන් සිදුව ඇති බව ද මන්ත්‍රීවරයා කියා සිටියේය.

    ඇඟිලි දික් කර ගෙන වැඩක් නොමැති බවත්, වත්මන් තත්ත්වය මැඩ පැවැත් වීමට සියලු දෙනා එක් වන බව ද පැවසීය. දේශපාලඥයින් අසාර්ථක බවත් කියා සිටි මන්ත්‍රීවරයා, වසර 70 තුළම දේශපාලඥයින් තමයි රට කෑවේ යනුවෙන් ද කියා සිටිමින් තමා ද එහි කොටස්කරුවෙක් බව පැවසීය.

  • අති දරුණු ගණයේ අපරාධ 23ක් ගැන මාකඳුරේ මඳුෂ් තොරතුරු වමාරයි

    අති දරුණු ගණයේ අපරාධ 23ක් ගැන මාකඳුරේ මඳුෂ් තොරතුරු වමාරයි

    පසුගිය කාලසීමාවේ රටපුරා සිදුවුණු සාහසික මිනිස් ඝාතන, මහා පරිමාණ කොල්ලකෑම්, හෙරොයින් ජාවාරම්, දරුණු ගණයේ අපරාධ සිද්ධීන් 23 ක් සම්බන්ධයෙන් මාකඳුරේ මධුෂ් නමැති පාතාල නායකයාගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව නොනවත්වා ප‍්‍රශ්න කිරීම් සිදුකරමින් සිටී. මේ අතර මාකඳුරේ මධුෂ්ගේ ප‍්‍රධානත්වයෙන් සිදුකළ මහා පරිමාණ හෙරොයින් ජාවාරම් සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ සහය ලබාගැනීමට කටයුතු කරන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

    මධුෂ්ට එරෙහිව එල්ලවී තිබෙන දරුණු ගණයේ අපරාධ සිද්ධීන් රැසක් සම්බන්ධයෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කිරීමට අවශ්‍ය නිසා ඔහු රැඳවුම් නියෝග මත තබාගෙන ප‍්‍රශ්න කිරීම් සිදුකරන බවද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

    කළුතර බන්ධනාගාර බස්රථයකට ප‍්‍රහාර එල්ල කර පාතාල නායකයකුව සිටි රණාලේ සමයං ඇතුළු හත්දෙනකු ඝාතනය කිරීම, පිළියන්දල පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසකට ප‍්‍රහාර එල්ල කිරීම, කොස් මල්ලී නමැති පාතාල සාමාජිකයා ඝාතනය කර අලූත්කඬේ අධිකරණය අසලට ඔහුගේ හිස ගෙනත් දැමීම ඇතුළු කොළඹට ආසන්න ප‍්‍රදේශවල සිදුවූ මිනිස් ඝාතන සම්බන්ධයෙන් මධුෂ්ගෙන් ප‍්‍රශ්න කරන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

    මහරගම ප‍්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටි 700 කට අධික වටිනාකමින් යුත් දියමන්ති සහ මැණික් කොල්ලකෑම ඇතුළු ව්‍යාපාරික ස්ථාන රැසක් කොල්ලකෑම සම්බන්ධයෙන් මධුෂ්ගෙන් ප‍්‍රශ්න කිරීම, පසුගිය වසර කිහිපය තුළදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් වරින් වර අත්අඩංගුවට ගත් හෙරොයින් ටොන් එකකට ආසන්න ප‍්‍රමාණයක් එවා තිබුණේ මාකඳුරේ මධුෂ් බව හෙළිකරගෙන තිබේ. මධුෂ්ගේ හෙරොයින් ජාලය කි‍්‍රයාත්මක වූ ආකාරය පිළිබඳ පුළුල් විමර්ශනයක් ආරම්භ කරන බව පොලිස් ආරංචි මාර්ග කියා සිටී.

  • 1-5 පන්ති සදහා පාසැල් ආරම්භය කල් දමයි..

    1-5 පන්ති සදහා පාසැල් ආරම්භය කල් දමයි..

    රට පුරා සියළු පාසැල්වල 01 ශ්‍රේණියේ සිට 05 ශ්‍රේණිය දක්වා දෙවැනි වාරය සදහා ආරම්භ කිරීම යලිත් කල් දමා තිබේ.

    ඒ අනුව එම පන්ති සදහා මැයි මස 13 වන දින දෙවැනි වාරය ආරම්භ කෙරේ.

    06 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය තෙක් පන්ති සදහා පමණක් අධ්‍යන කටයුතු 06 වන සදුදා දිනයේ ආරම්භ කරන බව රජය පවසයි.