Tag: featured

  • ඔව්, අමෙරිකාවේදී මට නඩු වැටුනා තමයි – ඇමෙරිකාවේ ගෙවල් පැත්තේ ගිහින් ආපු ගෝඨා කියයි

    ඔව්, අමෙරිකාවේදී මට නඩු වැටුනා තමයි – ඇමෙරිකාවේ ගෙවල් පැත්තේ ගිහින් ආපු ගෝඨා කියයි

    තමන් ආරක්ෂක ලේකම්වරයා වශයෙන් සිටින කාලයේ දී අත්අඩංගුවට ගත් මාධ්‍යවේදියෙක් හා තවත් පුද්ගලයෙකු විසින් තමා එයට වගකිව යුතු බවත් එයට යම් මුදලක් ලබා දිය යුතු බව සඳහන් කරමින් සිවිල් නඩුවක් දමා ඇති බවත් අමෙරිකානු ජාතික ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ගෙදර සිට අවුරුදු සැමරීම සඳහා ලංකාවට පැමිණි අවස්ථාවේදී කටුනායක ගුවන්තොටුපලේදී පැවසීය.

    අමෙරිකාවේ නීතිය අනුව පුද්ගලික ආයතනයක් මඟින් මේ සම්බන්ධයෙන් සිතාසි ලබා දිය යුතු වුවත් එවැනි ක්‍රියාවලියක් සිදු නොවු බව ද සඳහන් කළ ගෝඨාභය මහතා, මේ වන විට අමෙරිකාවේ සිටින සිය නීතිඥවරුන් මෙම නඩුව නිශ්ප්‍රභා කර ගැනීමට අදාළ කටයුතු කරමින් සිටින බව ද පැවසීය.

    කෙසේ වෙතත් මෙම තත්ත්වය තුළ ලාංකීය හා අමෙරිකානු ජනතාවගෙන් තමාට ඉතා විශාල සහයෝගයක් ලැබුණු බවත්, එය හුදෙක් නඩුවක් නොව දේශපාලනමය ක්‍රියාවලියක් බව ද ගෝඨාභය මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

    ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය හා සම්බන්ධ කර ගනිමින් මෙය සිදු කර ඇති බවත්, මෙයට ජාත්‍යන්තරයේ ඇති එල්.ටී.ටී.ඊ හිතවාදී ඩයස්පෝරා සහ ලංකාවේ ඇතැම් පිරිස් සහය දක්වා ඇති බවත්, කැලිෆෝනියාවේ කොන්සල් ජනරාල් කාර්යාලය දක්වා මෙය ගෙන ගොස් ඇති බව ද ඔහු සඳහන් කළේය.

  • පොහොට්ටු-ශ්‍රීලනිප සාකච්ඡාවලට GL බාධාවක් (Video)

    පොහොට්ටු-ශ්‍රීලනිප සාකච්ඡාවලට GL බාධාවක් (Video)

    ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඕනෑම මැතිවරණයකට පුළුල් පෙරමුණක් ලෙස සන්ධාන ගත වීම සඳහා ශ්‍රිලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව තවදුරටත් සාකච්ඡා කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා පවසයි.

    තිස්සමාහාරාම රජමහා විහාරයේ (11) පැවති අළුත් සහල් මංගල්‍යයට එක්විමෙන් අනතුරුව මාධ්‍යවේදින් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

    තුන් වන දිනයටත් ඊයේ පොහොට්ටුව හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර පැවති බවත් ඒවා අසාර්ථක ද යන්න මාධ්‍යවේදීන් මෙහෙදී විමසා සිටියේය. එහිදී කියා මන්ත්‍රීවරයා කියා සිටියේ, ලබන 10 වන දිනත් සාකච්ඡා පැවැත්වෙන බැවින් එවැනි අසාර්ථකත්වයක් නොමැති බවයි.

    ජනාධිපතිවරණය හෝ පැවැත් වීමට නියමිත ඕනෑම මැතිවරණයක් ඉලක්ක කර ගනිමින් මෙම සාකච්ඡා පැවැත් වෙන බවත්, පෙරමුණක් ලෙස ඉදිරියට යෑමට බලාපොරොත්තු වන බව ද මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

    ජී.එල්.පීරිස් මහතා කළ කථාව ඉතාම බාධාවක් බවත්, ඉවසීමෙන් යුතුව ඉදිරියට යන බවත් එකතු වුවහොත් ජයග්‍රහණය කරන බවත්, නැතිනම් පරාජය විය හැකි බවත් මන්ත්‍රීවරයා පැවසීය.

  • ඒකාබද්ධයෙන් මංගලට විශ්වාසභංගයක්‌

    ඒකාබද්ධයෙන් මංගලට විශ්වාසභංගයක්‌

    මුදල් ඇමැති මංගල සමරවීර මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක්‌ ගෙන ඒමට ඒකාබද්ධ විපක්‍ෂය තීරණය කර ඇත.

    පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ ආංශික අධීක්‍ෂණ කාරක සභා වාර්තාවෙන් මුදල් අමාත්‍යාංශයට එල්ල කර ඇති චෝදනා සහ සත්‍ය කරුණු වසන්කර ව්‍යාජ අයවැය ලේඛනයක්‌ ඉදිරිපත් කිරීම යන චෝදනා මත මෙම විශ්වාසභංග යෝජනාව විෂය භාර ඇමැති මංගල සමරවීර මහතාට එරෙහිව ගෙන එන බව ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (11) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.

    බොරැල්ල පරිවර්තන කේන්ද්‍රයේ පැවැති මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ සිංහල අලුත් අවුරුද්දේ වැඩ අල්ලන නැකතේදී විශ්වාසභංග යෝජනාව සකස්‌ කරන බවය.

    ආණ්‌ඩුවේ නොහැකියාව වසා ගනිමින් සත්‍ය කරුණු සගවා ව්‍යාජ අයවැයක්‌ මුදල් ඇමැති මංගල සමරවීර මහතා විසින් පසුගිය මාර්තු 05 වැනිදා ඉදිරිපත් කළ බවද බන්දුල ගුණවර්ධන මහතා කීවේය.

    අයවැය නොවැම්බර් කියෑවීමේ විවාදයට පෙර මෙම මුදල් පිළිබඳ ආංශික අධීක්‍ෂණ කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බව කී බන්දුල ගුණවර්ධන මහතා ආර්ථික දත්ත සගවමින් පාර්ලිමේන්තුවට තොරතුරු සපයා ඇති බවට එම වාර්තාවේ සඳහන් කර ඇතැයිද කීය.

    අයවැය පිළිබඳ අපක්‍ෂපාතී විග්‍රහයක්‌ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ලබා ගන්නා ලෙසටද අදාළ වාර්තාවෙන් නිර්දේශ කර ඇතැයි කී මන්ත්‍රීවරයා මේ අනුව පසුගිය කාලයේ සිදුකර තිබෙන්නේ ව්‍යාජ අයවැය ලේඛනයකට අදාළ විවාදයක්‌ බවද කීය.

     මෙම කරුණු සලකා විෂයභාර ඇමැති මංගල සමරවීර මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්‌ ගෙන එන බවද බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

  • පාර්ලිමේන්තුවේ 2/3ක් ජනපතිට විරුද්ධ වෙයි?

    පාර්ලිමේන්තුවේ 2/3ක් ජනපතිට විරුද්ධ වෙයි?

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපති ධුර කාලය ආරම්භ වන සහ අවසන් වන දිනයන් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට සූදානම් වීම ගැන එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දැඩි විරෝධය පළ කර ඇත.

    ඔවුන්ගේ මතය වී ඇත්තේ 19 සංශෝධනය අනුව ජනාධිපතිවරයාගේ ධුර කාලය 2020 ජනවාරි 08 අවසන් වන බවයි.මේ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම පදනම් විරහිත යැයිද ඔවුහු කියා සිටිති.

    ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වන්නේ 2020 ජනවාරි මස 08 වෙනිදා ද එසේත් නැතිනම් 2020 ජූනි මස 21 වැනිදා දැයි ගැටළුවක් ඇතැයි ශ්‍රීලනිප මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසූ අතර ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට ද සූදානම් බවද ඔහු සඳහන් කළේය.

    ශ‍්‍රීලනිපයේ මතය වී ඇත්තේ ජනාධිපතිවරයාගේ ධුර කාලය ආරම්භ වන්නේ කතානායක වරයා 19 වන සංශෝධනයට අත්සන් තැබූ දින සිට බවයි. එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්ව කටයුතු කරන මන්ත්‍රී පිරිස පාර්ලිමේන්තුවේ 2/3 වඩා වැඩි පිරිසක් වන අතර ජනාධිපතිවරයාට මෙය ඉතා අභියෝගාත්මක හා අහිතකරම තත්ත්වයක් වනු ඇත.

  • අතින්ම කැපිල්ල අද (වීඩියෝ)

    අතින්ම කැපිල්ල අද (වීඩියෝ)

    අද(10) දිනයෙන් පසු යළිත් විදුලි කප්පාදු කිරීමක් සිදු නොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතා ඊයේ යළිත් අවධාරණය කළේය.

    මේ අතර රාජ්‍ය හා පෞද්ගලික අංශයේ විදුලි ජනක යන්ත්‍ර වලින් 25%ක ප්‍රමාණයක් විදුලිය ලබාගතහොත් පවතින විදුලි කප්පාදුව අවසන් කළ හැකි බව ලංකා විදුලි බල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේය.

  • කුඩු කිලෝඑකක් සමඟ පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

    කුඩු කිලෝඑකක් සමඟ පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

    හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ එකක ප්‍රමාණයක් ළඟ තබාගෙන සිටීමට සැකකරුවකුට ආධාර අනුබල දුන්නේයැයි සැකපිට මීගමුවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හෙවත් පොහොට්ටු පක්ෂයේ නාගරික මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    සිද්ධියට සම්බන්ධ පළමු සැකකරු පසුගිය 23 වනදා හෙරොයින් කිලෝ එකක් සමග අත්අඩංගුවට ගත් අතර ඔහුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීමකින් සැකකාර මන්ත්‍රිවරයාද අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගමුව මාදම්පේ ප්‍රදේශයේ සැඟවී සිටියදී ය.

    මොවුන් දෙදෙනා අධිකරණවට ඉදිරිපත් කර රැදවුම් නියෝග ලබාගෙන තව දුරටත් ප‍්‍රශ්න කිරීමට නියමිතය.

  • තුට්ටු දෙකේ පඩත්තලයට සන්නගෙන් සුපිරි පිළිතුරක්!

    තුට්ටු දෙකේ පඩත්තලයට සන්නගෙන් සුපිරි පිළිතුරක්!

    අනෙකාගේ අධෝ මුඛයෙන් පිටවන අසූචි බෙට්ට හෝ විකුණා ට්‍රෙන්ඩින්, රේටින්ස් වලින් ගාණන් හම්බ කර ගැනීමට අවස්ථාවක් ඇත්නම් එය වුවද නොපැකිලිව, නිර්ලැජ්ජිතව කරන්නට මේ සිරිලක ඉරාජ් නම් එකෙක් ඇත.

    එහෙව් එකා විසින් මීට දින කිහිපයකට පෙර චරිත ඝාතනයට ලක්කළ මෙරට ප්‍රවීන, කීර්තිමත් දේශකයෙකු සහ සිංහල ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල මහතා ඒ සම්බන්ධයෙන් තම ෆේස් බුක් පිටුව හරහා මෙම පඩත්තලයාට අපූරු සටහනක් තබා තිබුණි.

    Iraj Weeraratneට;

    ආදරය තැවරුණු රෝමාන්තික සිංදු අසමින් අමරදේව, නන්දා මාලිනි, වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ, සෝමතිලක ජයමහ යනාදී මිහිරැතියන්ගේ හඬින් භාවනා කරමින් සිටි කාලයක, 
    .
    ‘අප්පච්චි අහන්නෙ මළ ගෙවල්වල අඬන සිංදු. කිසි ගෝ එකක් වයිබ් එකක් නෑ.’

    කියා ඉරාජ් නම් තරුණ සංගීත ශිල්පියෙකුගේ ගීත අසන්නට මට පාර කීවේ මගේ පුතාලා දෙන්නා ය. ඔවුන් දෙදෙනා ඉරාජ්ට වඩා ටිකක් වයසින් අඩු ය. කුඩා කල සිට බටහිර ගීත ඇසූ දෙපුතුන් ඉරාජ් නම් ලාංකීය තරුණයෙකු ඊළඟ ජෙනරේෂන් එකේ හීරෝ ලෙස සැලකීම මා විස්මපත් කළ සිදුවීමක් විය. ඒ මීට දශක එකහමාරකට පමණ පෙර ය.

    සුදර්ශියේ පැවති වසන්ත දුග්ගන්නාරාළගේ ප්‍රාසාංගික වැඩකදී හමු වූ ඉරාජ්ට මම දෙපුතුන්ගේ සංගීත ලෝකයේ හීරෝ ඔහු බව කීවෙමි. පසුදින ඉරාජ් ඔහුගේ මිතුරු රනිඳු සමග මත්තෙගොඩ ආවේ ය. එදින ගත් ඡායාරූපයක් මෑතදී ඇල්බමයක තිබී හමු වී මම පුතාට පෙන්වීමි. ‘පොඩි කාලෙ’ 🤣 පුතා කීවේ ය. බත්තරමුල්ල මගේ ව්‍යාපෘති කාර්යාලයට ඉරාජ් කීප වතාවක් පැමිණ ඇත. අදත් කොළඹ නගරාශ්‍රිත අවන්හලකදී, ප්‍රාසාංගිකයකදී හෝ සාප්පු සවාරියකදී අහඹු දැක්මකින් පමණක් මා අසලට එන ඉරාජ් සිනාමුසු මුහුණින් ආචාර කොට සුහදශීලී කතාවකට සැරසි නිහතමානියෙකි. මගේ පසුගිය උපන් දිනයකදී ඔහු අවසන් වරට මට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කළේ ය.

    Kasun Chamara ඔස්ට්‍රේලියාවේ ජීවත් වන සංගීත අභිවෘද්ධිකාමියෙකි. ඔහු මගේ මහනුවර පන්තියේ ශිෂ්‍යයෙකි. සංගීත ලෝකයට පිවිසීමට ඔහු කොළඹ එන්නට සූදානම් වූ විට මම කොළඹ ගොස් කසුන් කල්හාර හෝ ඉරාජ් වීරරත්න හමු වන මෙන් පැවසුවෙමි. ශිල්පීන් දෙදෙනාටම ඒ මොහොතේම කතා කොට කසුන් චාමර දුරකතනයෙන් සම්බන්ධ කළෙමි. ඒ බව කසුන් චාමර ඊයේ පෙරේදා තැප්‍රොබේනයට පැමිණ සිහිගැන්වී ය. කසුන් කල්හාර ඇකඩමියෙන් ශිල්ප හැදෑරූ කසුන් චාමර ඉනික්බිතිව ඉන්දියාවට ගොස් ඒ. ආර්. රහමන් සංගීත පාසලට ඇතුළත් විය.

    ඉතිං මේ හදිසියේ මං ඉරාජ්ට ලියන්නේ ඇයි? ඒ, සුරත නිසා බව නොතේරෙන බබ්බු ෆේස්බුක් එකේ නැත.

    පළමුව ඔබ තැප්‍රොබේනියන් එකත් මාත් යොදාගෙන වීඩියෝවක් කර සිදු කර දුන් ප්‍රමෝෂන් කැම්පේන් එකට ස්තුතිවන්ත වෙමි. ඒත් ඔබ වික්ටර් රත්නායකට කළ වැඩේ ඔහු මා තරම් සැහැල්ලුවෙන් භාරගත්තේ නැත. වීඩියෝවක් කර ඔබ බුක්ති වින්දේ ඔබේ ප්‍රකාශන නිදහස විය යුතු ය. ඒ වෙනුවෙන් මගේ සතදෙක ලියා තැබීම මගේ ප්‍රකාශන නිදහස ය. ඒ අනුව කලාව හා කැලෑව තෝරා බේරාගැනීම ගැන මේ මොහොතේ කියමි. ශක්තිකට වුණත් කිව යුත්තේ එයම ය. කොලිටි නැති වැඩ කර අදහස් ප්‍රකාශ කිරීමේ හා ප්‍රකාශන නිදහස වෙනුවෙන් පෙනී සිටින්නන්ගේ පෞරුෂ දීන කරන්න එපා.

    සුරත වීඩියෝව සඳහා වස්සාන සිහිනය කෘතිය, එහි පිටකවරය සහ මගේ අම්මා පොතේ සම්පූර්ණ ඡේදයක් අනවසරයෙන් යොදාගැනීම මගේ අයිතීන් මංකොල්ලකෑමකි. නීතිමය පිවිසීමකින් මට ඔබට විරුද්ධව නඩු පැවරිය හැකි ය. රටේ රාජ්‍ය නායකයාගේ කටහඬ ඔබ යොදාගෙන ඇත්තේ අවසර ගෙනදැයි මම නොදනිමි. අශිෂ්ට ලෙස මහමඟ දී ඔබේ හොම්බට දෙකක් අනිනවා ද ශිෂ්ට ලෙස නීතියේ සහය පතනවා දැයි මා තවම තීරණය කොට නැත. එය එසේ තිබියදීත් මම ඔබේ රයිට්ස් වෙනුවෙන් ටැලන්ට්ස් වෙනුවෙන් පෙනී සිටිමි. ඒත් තමන්ට ඇති රයිට් එක කොලිටි විදිහට පාවිච්චි කිරීමට නොදන්නාකම ඔබේ ටැලන්ට් එකට කරන්නේ මහ විනාසයකි. මට නොතේරෙන්නේ මා උපහාසයට ලක් කිරීමට මීට වඩා නිර්මාණාත්මක වීඩියෝවක් කරගන්නට ඔබට බැරි වුණේ මන්ද යන්නයි. කාලෙකට පෙර මියුසික් ෆීල්ඩ් එකේ හීරෝ කෙනෙක් වීමේ පෙරනිමිති පෙන්නූ ඔබ දැන් මියුසික් වීඩියෝස් කරන්නේ ද ඔබේ අසික්කිත නොයිස් ටීවී යූටියුබ් චැනල් එක වටා රොක් වී සිටින අසහනකාරී ඕඩියන්ස් එකටම වීම සෝචනීය ය.

    එක්කෝ හිරගේක ලැගලා හැදියං. නැත්නම් සංගීත කලාවේ අසූචි තවරන එක නවත්තපං. ජරා වැඩ නොකර ලස්සනට ජීවත් වෙන්න උඹට පුළුවන්. මට පුදුම සමන්තභද්‍ර බුදුන් වහන්සේ තමන්ගේ දායක සංගීතකාරයාට මේ ඩිංග කියන්නේ නැත්තේ ඇයි කියලා ය. රේටිංග්ස්, වීව්ස් වෙනුවෙන් මිනිස් මාංශ කරද්දීත්; අනේ මේ බුදුන් පවා තමන්ට දායක නම් ඕන ගූ ගොඩක් වළඳන කැත! ☝🤣

    ප.ලි. – උඹේ වීඩියෝවට රිප්ලයි ලිවීමෙන් සිද්ද වෙන්නේ ද උඹට වීව්ස් වැඩි වීම පමණක් බව දනිමි.

  • අවුරුදු 22 අක්කවයි, 14 නංගීවයි දෙන්නාම අඹු කමට තියාගෙන

    අවුරුදු 22 අක්කවයි, 14 නංගීවයි දෙන්නාම අඹු කමට තියාගෙන

    ඇල්පිටිය, වතුරුවිලකන්ද ප්‍රදේශයේ වයස අවුරුදු 13 යි මාස 11 ක බාලවයස්‌කාර සිය නෑණා දූෂණය කළේ යෑයි ඇල්පිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලද දූෂණයට ලක්‌වූ බව කියන දැරියගේ අක්‌කාගේ සැමියා 10 වැනි දින දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට ඇල්පිටිය මහෙස්‌ත්‍රාත් ගයාන් මීගහගේ මහතා 6 දා නියෝග කළේය.

    සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කර ප්‍රගතිය වැඩිදුර වාර්තාවක්‌ මගින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහෙස්‌ත්‍රාත්වරයා ඇල්පිටිය පොලිසියට දැනුම් දුන්නේය. දූෂණයට පත් දැරියගේ මව ඇල්පිටිය පොලිසියට කරනලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

    ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක 8 වන ශේ්‍රණියේ අධ්‍යාපනය ලබන දැරියගේ වැඩිමහල් සොයුරිය සමග සැකකරු විවාහවී සිටින අතර සැකකරුට හා දැරියගේ 22 හැවිරිදි සහෝදරියට දරුවෙකුද සිටින බව පොලිස්‌ පරීක්‍ෂණවලදී තහවුරු වී තිබේ. සැකකරු මීට වසරකට පමණ පෙර සිට වරින් වර තමන් සමග යාළු වන ලෙස දැරියට බලකර තිබෙන බවත් මීට මාස 6 කට පමණ පෙර දැරිය තමන් සමග යාළු නොවුණ හොත් සිය අක්‌කා දික්‌කසාද කරන බවට තර්ජනය කර තිබෙන බවත් පොලිස්‌ පරීක්‍ෂණවලදී තහවුරු වී තිබේ. පසුව දැරිය සැකකරුට යම් එකඟතාවක්‌ දක්‌වා ඇති බවත් මාස 5 ක පමණ කාලයක සිට දැරිය සැකකරු විසින් වරින් වර දූෂණය කර තිබෙන බවත් පොලිස්‌ පරීක්‍ෂණවලදී තහවුරු වී තිබේ.

    තමා අවස්‌ථා කීපයකදීම සිය මස්‌සිනා විසින් කුරුඳු කැලයට රැගෙන ගොස්‌ දූෂණයට ලක්‌ කළ බවද පොලිස්‌ ප්‍රශ්න කිරීම් හමුවේ දැරිය විසින් ප්‍රකාශ කර තිබේ. දූෂණයට ලක්‌ වූ බව කියන දැරිය වෛද්‍ය වාර්තාවක්‌ ලබා ගැනීම සඳහා ඇල්පිටිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී කේ. ආර්. මුණසිංහ මහතා වෙත ඉදිරිපත් කර තිබෙන අතර දැරිය බරපතළ ලෙස දූෂණයට ලක්‌ව තිබෙන බව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් නිකුත් කරන ලද වෛද්‍ය වාර්තාවේ සඳහන් වේ.

    ඇල්පිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්‌ථානාධිපති ජනක සම්පත්, කාන්තා උප පොලිස්‌ පරීක්‍ෂිකා මංජුලා යන මහත්ම මහත්මීන්ගේ මෙහෙයවීම මත උප පොලිස්‌ පරීක්‍ෂක සනත් මෙන්ඩිස්‌ සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් නඩු කටයුතු මෙහෙයවීය.

  • ගමේ ගිය ගෝඨාට අල්ලපු ගෙදර ඇන්ටි ලියුම් දෙන්න ඇවිත් (Photos)

    ගමේ ගිය ගෝඨාට අල්ලපු ගෙදර ඇන්ටි ලියුම් දෙන්න ඇවිත් (Photos)

    ශ්‍රී ලාංකිකයෙකු මෙන්ම අමෙරිකානු ජාතිකයෙකුද වන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නව වසර උදාවීමට ප්‍රථම තම ජීවිතයේ වැඩි කලක් පදිංචි සිට දිවි ගෙවාදැමූ සිය රට වන අමෙරිකාවේ ගම් බිම් බලා ගිය අවස්ථාවේදී නොසිතූ අකරතැබ්බයකට මුහුණ පා ඇත. ලංකාවේ මීලඟ ජනාධිපති වීමේ අරමුණින් තරඟ වැදීම සඳහා තම අමෙරිකානු ජාතික පුරවැසිභාවය ඉවත්කර ගැනීම සඳහා ඔහු උත්සහ දරද්දී වසර කිහිපයකට පෙර ඔහු මෙරට ආරක්ෂක ලේකම්ධුරය දරමින් මිග්යානා වංචාවට චෝදනා ලැබ සිටියදී මෙරටදී ඔහු විසින් තම පියා ඝාතනයට ලක්කළ බවට මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දියණිය විසින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදයේ අධිකරණයක නඩුවක් ගොනුකර ඇති බවට වාර්තා වෙයි.

    එසේම අමෙරිකානු ජාතික ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට ආරක්ෂක ලේකම්වරයාව සිටියදී කැනේඩියානු ජාතික දෙමළ පුද්ගලයෙකුට ත්‍රස්ත විමර්ශන ඒකකය හරහා කෲර වදහිංසා පමුණුවන ලද බවටද තවත් පුද්ගලයෙකු නඩු ගොනු කොට ඇත. මෙම නඩු වලට අදාළ සිතාසි අමෙරිකානු ෆෙඩරල් රජයේ නීති අංශ මගින් ගෝඨාභය රාජපක්ෂ මහතාට භාර දෙන ජායාරූප එරට මාධ්‍ය ආයතනයක් විසින් අන්තර්ජාලයට නිකුත් කොට තිබුණි. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය සහ ප්‍රචාරණ කටයුතු භාරව වැඩකරන දෙරණ මාධ්‍ය ආයතනයේ සභාපති දිලිත් ජයවීර මහතාද මේ දිනවල ඔහු සමඟ ඇමරිකාවේ සිටින අතර “සත්‍යය ප්‍රථමයෙන්” යැයි කියමින් වාර්තාකරන ඔහුගේ දෙරණ මාධ්‍ය ආයතනය මඟින් මේ සම්බන්ධයෙන් ප්‍රවෘත්තියක් නිකුත් කරමින් පවසා ඇත්තේ “ගෝඨාභයට සිතාසි දෙන එම ජායාරූපය බොරුවක් බවයි”

    මේ වන විට ගෝඨාභය වෙනුවෙන් රෙදි නැතිව කඩේ යන දෙරණේ එම ප්‍රවෘත්තියට උපහාසාත්මක පිළිතුරු දෙමින් සමාජජාල වල පලවන්නේ “ඔව් දෙරණ, පහුගිය දවස් ටිකේ ගෙදර හිටියේ නැති නිසා රෙජිස්ටර් පෝස්ට් ඇවිත් එකතු වෙච්ච ලියුම් ටික අල්ලපු ගෙදර ඇන්ට් ඇවිත් භාරදෙන සරල සිදුවීමක ඡායාරූපයක්..” ලෙසටය.

    අමෙරිකාවේ තම ගම් පියසට ගිය ගෝඨාභය රාජපක්ෂ මහතා තම පවුල සමඟ කාලය ගත කරන අතරේ තම අනුගාමිකයින්ටද එසේ සිදුකරන ලෙසට තම ෆේස්බුක් පිටුව හරහා ලබාදුන් ආදර්ශමත් උපදෙස
  • එම්.එච්. ජයවර්ධන ශුරීන් දායාද කළ සොඳුරු විශිෂ්ට නිර්මාණ එකතුව (වීඩියෝ)

    එම්.එච්. ජයවර්ධන ශුරීන් දායාද කළ සොඳුරු විශිෂ්ට නිර්මාණ එකතුව (වීඩියෝ)

    මධුර ගී තනු රැසකින් යුගයක් රසාලිප්ත කළ සංගීතඥ එච්. එම්. ජයවර්ධනයන් ඊයේ (08දා) පෙරවරුවේ කලූබෝවිල රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී අභාවප‍්‍රාප්ත විය.

    මිය යන විට හැට නව වැනි වියෙහි පසු වූ එච්. එම්. ජයවර්ධන මහතා 1950.03.17 දින සියඹලාණ්ඩුවේදී උපත ලැබීය. ඔහු පස්සර මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවේය. 

    දිවංගත ජනප‍්‍රිය ගායිකා විශාරද මාලිනී බුලත්සිංහල එච්.එම්.ගේ බිරිය වූවාය. තරුණ පරපුරේ ගායන ශිල්පී කසුන් කල්හාර එච්. එම්. – මාලනී යුවළගේ පුතණුවන්ය.

    එච්. එම්. තනු නිර්මාණය කරමින් සංගීතය සැපයූ ගීත සියල්ල අතිශයින් ජනප‍්‍රිය විය. 

    ඔබයි රම්‍ය සඳ කිරණ ගණ අන්ධකාරේ, පෙම් ලොවදී දුටු ඔහුමද මේ, නවාතැන්පොළ ඔබයි ඔබගේ සිනාවයි, කඩමණ්ඩියේ දොළ අයිනේ, පිළිම නෙළා නැති විරුවන්, පේ‍්‍රමය නම් රාගයෙන් තොර, පූජාසනයේ ඔබ හිඳුවා, රජ මැඳුරක ඉපදී සිටියා නම්, හිමි සණරාමර, ඔබට මා ආදරය කළ බව මෙතරම්, අහසින් තරුවක් කඩා වැටෙනවා, දෙවොලේ නොකැළැල්, මළ පොතේ අකුරු බෑ කී මිනිහා, ඈ යන්න ගියා මැකිලා, මිනිසෙකු පිට නැගි අසරුවෙකි, ළා දලූ බෝපත්, නුඹේ සිතට පුන් ස`ද පායලා වගේ, රත්තරන් නෙත් දෙකින්, ඔබ හා මෙමා වැනි අතිවිශාල ගීත සංඛ්‍යාවක තනු හා සංගීතය නිර්මාණය කළ එච්. එම්. චිත‍්‍රපට දොළහක පමණ සංගීතය නිර්මාණය කළේය.

    ඔහු දක්ෂ බටනළා වාදකයකු මෙන්ම ගායකයකු ද වේ. ඉතා නිහඬ ජීවිතයක් ගත කළ එච්. එම්. කලක සිට රෝගාතුරව සිටියේය. ඔහුගේ අසනීප තත්ත්වය වැඩි වීම නිසා මීට දින කිහිපයකට පෙර කලූබෝවිල රෝහලට ඇතුළත් කරනු ලැබීය. ඔහුගේ වියෝව සිදු වූයේ එහි ප‍්‍රතිකාර ලබමින් සිටියදීය.

    අවසන් කටයුතු හෙට (10 වැනිදා) සවස බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය. දේහය දැනට බොරැල්ල ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර ඇත.

    https://youtu.be/Hbs31F-5x_U
  • අලුත් අවුරුද්දට පොලිසියට බැලූන් 25000 ක්

    අලුත් අවුරුද්දට පොලිසියට බැලූන් 25000 ක්

    සිංහල හින්දු අලූත් අවුරුදු සමය තුළ බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා ගුවන් මගින් ගෙන්වන ලද මුඛලයිසර් (ස්වසන වායු බැලූන්) 25,000 ක් හෙට (09) සිට දිවයිනේ සියලූම පොලිස් ස්ථාන වෙත බෙදාහරින බව රථවාහන පාලනය හා මාර්ග ආරක්‍ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අද (08) පැවසීය.

    සිංහල හින්දු අවුරුදු සමය තුළ බීමත් රියැදුරන් සහ රථවාහන වැරැුදි සම්බන්ධයෙන් නීතිය කි‍්‍රයාත්මක කිරීම සඳහා අමතර පොලිස් නිලධාරීන් 8,000 ක් යොදවන බවත් ඔවුන් අද සිට අපේ‍්‍රල් 20 දක්වා සිය මෙහෙයුම් සිදුකරන බවත් ඊයේ පොලිස් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී අජිත් රෝහණ මහතා පැවසීය.

    මෙම අමතර යොදන පොලිස් නිලධාරීන් අතරින් සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් දුර ගමන් සේවා බස්රථවල ද රාජකාරි සඳහා යෙදවීමට කටයුතු කරන බව ඔහු කීය. මේ වනවිට දුර ගමන් සේවා බස්රථ රියැදුරන් එක් අතකින් ජංගම දුරකථනය භාවිත කරමින් අනෙක් අතින් සුක්කානම හසුරවන බවට ජනතාවගෙන් පැමිණිලි ලැබී ඇති බවත් එවැනි රියැදුරන් සම්බන්ධයෙන් ළඟම පිහිටි පොලිස් ස්ථානය වෙත දන්වා සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් යොදවා නීතිය කි‍්‍රයාත්මක කරවන බවත් හෙතෙම කීය. මීට අමතරව ඇතැම් දුර ගමන් බස්රථ ආහාර ගැනීමට නවත්වන ස්ථානවලදී රියැදුරන්ට මත්පැන් ලබාදෙන බවට ද චෝදනා එල්ලවන බවත් එවැනි රියැදුරන් ලිළිබඳව ද සිවිල් ඇඳුමෙන් බස් රථයේ සිටින පොලිස් නිලධාරීන්ට ළඟම පොලිසියට වාර්තා කරන ලෙස උපදෙස් දී තිබෙන බවත් අජිත් රෝහණ මහතා කීය.

    මේ වනවිට අධික ශබ්දය සහිත නලා සහ විවිධ වර්ණයන්ගෙන් යුත් විදුලි බුබුළු බස්රථ හා ඇතැම් වාහනවල සවිකර ධාවනය කරන බවත් වාහනවල එවැනි නීති විරෝධී දේ සවිකර තිබේ නම් ඒවා ඉවත් කර ගැනීමට ජුනි 30 දා තෙක් කාලය ලබාදී ඉන්පසු එම වාහනවල රියැදුරන්ට සහ හිමිකරුවන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කරන බවත් ඒ මහතා කියා සිටියේය.

  • විදුලි බිල වැඩි වෙන්නේ නැහැ.. ඉදිරියේදී බිල අඩු වෙනවා – රවීගෙන් සහතිකයක්

    විදුලි බිල වැඩි වෙන්නේ නැහැ.. ඉදිරියේදී බිල අඩු වෙනවා – රවීගෙන් සහතිකයක්

    ඉදිරියේදී යළි කිසිඳු ලෙසකින් විදුලිය කප්පාදු නොකරන බවත්, විදුලි බිල වැඩිනොකර බවත්, ගෘහස්ත පාර්භෝගික ජනතාවගේ විදුලිබිල ඉදිරියේදී අඩු කිරීමට සැලසුම් සකස්කරමින් යන බවත් විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.

    පාරිභෝගියා දුක් වෙන බවත්, තමා හා අදාළ කේෂ්ත්‍රයන් පෞද්ගලිකව සමාව අයැඳ සිටින බව ද පැවසු අමාත්‍යවරයා මෙහිදී කිසිසේත්ම විදුලි බිල වැඩි කිරීමට ඉඩක් නොමැති බව ද පැවසීය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍ය රවී කරුණානායක මහතා මෙසේ පැවසීය.

    “අපි කිසිසේත්ම ගෘහස්ථ මට්ටමේ විදුලිබිල වැඩි කරන්න දෙන්නේ නැහැ. මම බාරගත්ත දවසේ පටන්ම මම කියන්නේ විදුලි බිල වැඩි කරන්න දෙන්නේ නැහැ කියලා. මෙතෙක් කාලයක් විදුලිබල මණ්ඩලය රැකගෙන ගිහින් තිබෙන්නේ ගෘහස්ථ අංශය නිසා. මට අවශ්‍ය වන්නේ අවම මිලක් යටතේ විදුලිය නිපදවලා, එහි වාසිය අහිංසක ජනතාවට ලබා දෙන්නයි.

    පුළුවන් නම් විදුලි බිල 2021 වන විට අඩු කරන්න උත්සාහ කරනවා. කෙසේ නමුත් ගෘහස්ත මට්ටමට කිසිසේත්ම විදුලි බිල වැඩි කරන්නේ නැහැ.මම වගකීමෙන් කියන්න පුළුවන් අප්‍රේල් මස 10 න් පස්සේ මෙම විදුලි කප්පාදුව ඇති වෙන්නේ නැහැ කියලා.

    හදිසි විදුලිය මිලදීගැනීම් අපි ප්‍රතික්ෂේප කළා. ඉංජිනේරු වෘත්තීය සමිතියෙනුත් අපිට කිව්වා හදිසි විදුලිය මිලදී ගැනීම් අවශ්‍ය නැහැ කියලා. ඇත්ත වශයෙන්ම ඒ අවස්ථාවේ අපට හදිසි විදුලිය මිලදී ගැනීම් අවශ්‍යතාවක් තිබුණේ නැහැ.

    නමුත් අපේ නොරොච්චෝල බාලාගාරයෙයි, බාජ් එකයි කැඩීමෙන් තමයි නැවත එම ප්‍රශ්නය ඇති වුණේ. අපි ඉදිරියට රිසව් මාජින් ( සංචිත ආන්තිකය) 10% සිට 25% දක්වා වැඩි කරනවා. ඒ තුළින් අද සිට වෙසක් වෙනකල් කිසිම ගැටළුවක් ඇති නොවන පරිදි විදුලිය සපයන්න පුළුවන්. ඉන්පසුව අපි කැබිනට් අනුමැතිය ඇතිව මිල අවම අමතර විදුලිය මිලදී ගැනීම් එකතු කරනවා මෙගාවොට් 500ක්.

    අද ලංවිම නිපදවන ඒකකයට වඩා අවම මිලක් යටතේ අපට එය ගන්න හැකියාව තිබෙනවා. එහි එක් ඒකකයක් වෙනුවෙන් රු. 25.00 ක් පමණ වැය වෙනවා. නමුත් කැළණිතිස්සෙන් නිපදවන ඒකකයත් රු. 37. 00 ක් පමණ වෙනවා. අපේ මිත්‍යාවක් තිබෙනවා ලංවිමෙන් ගත්තම අඩුයි, පුද්ගලික අංශයෙන් විදුලිය ගත්තම මිල වැඩියි කියලා.

    එහි සත්‍යතාව තිබෙන්නේ 80% ක් වගේ ප්‍රතිශතයක්. මේ වැඩපිළිවෙල තව ඉදිරියට ගිහින් එල්.එන්.ජී . වලින් ඒකකයක් රු. 21.00ට වගේ මිලදී ගන්න සැලසුම් කරලා තිබෙනවා. මේ ආකාරයෙන් තමයි දැනට සිදුවන විදුලි කප්පාදුව තාවකාලිකව අපි නවත්තන්නේ. පසුගිය දිනවල මාධ්‍ය තුළින් අපේ පාවෙන බලාගාර ගැන කතා කරලා තිබුණා. වසර 15 ක් තිස්සේ කොළඹ තිබෙන බාජ් එකකින් අවම මිලක් යටතේ මෙගාවොට් 100 ක් පමණ ලබාගත්තා.

    මට තේරෙන්නේ නැත්තේ ඇයි දැන් මේ මිල අවම මිලකට මිලදීගෙන විදුලි ගැටළුව විසදන්න යද්දි, යම් පිරිසකට බාජ් එක ගැටළුවක් වුනේ කියලා. මේවා තමයි මාෆියා කියන්නේ.

  • නැකත ආවම අපේක්ෂකයා කියන්නම් – මහින්ද

    නැකත ආවම අපේක්ෂකයා කියන්නම් – මහින්ද

    විපක්‍ෂය විසින් මීලග ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්‍ෂකයා කවුරුන්දැයි ප‍්‍රකාශයට පත් කරන්න නැකතක් ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

    මැයි 01 වැනිදා එය ප‍්‍රකාශ නොකරන බවද ඔහු සදහන් කලේය.

    රාජපක්‍ෂ මහතා මේ බව කියා සිටියේ වැලිවේරියේදී පැවති දිවංගත ජෙයරාජ් ප‍්‍රනාන්දු පුල්ලේ මහතාගේ 09 වැනි ගුණානුස්මරණ උත්සවයෙන් පසු මාධ්‍ය අමතමිනි.

  • තිලංග නැවතත් කොළඹ විශ්ව විද්‍යාලයට..?(Video)

    තිලංග නැවතත් කොළඹ විශ්ව විද්‍යාලයට..?(Video)

    කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධි අධ්‍යන පීඨයේ නව ශ්‍රවනාගාරය විවෘත කිරීමේ උලෙළ පසුගිය 04 වනදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු අමාත්‍යවරුන් කිහිපදෙනෙකු හා පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීන් ප්‍රමුඛ කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධි අධ්‍යන පීඨයේ පශ්චාත් උපාධි ලැබූ විද්වතුන්ගේ හා ආචාර්ය, මහාචාර්ය වරුන්ගේ සභභාගීත්වයෙන් පැවැත්විණි.

    මෙහිදී කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් අධ්‍යාපනය ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාට සමරු ඵලකයක් ප්‍රදානය කිරීමද සිදුවිය. උත්සවයෙන් අනතුරුව අදහස් දැක්වූ ඒ මහතාද විශ්වවිද්‍යාලයේම මුදලින් මෙවන් ශ්‍රවනාගාරයක් ඉදිකරලීමට සමත්වීම පිලිබඳව තමන් අතිශයින්ම සතුටු වන බව ප්‍රකාශ කර සිටියේ ය.

  • තොටගමුවේ රාහුල හිමිගෙ නමක් මම අහලත් නෑ.. ඉසුර කියා නම දැම්මේ මං එපා කියද්දි.. ඉසුර අමුතුම කතාවක් කියයි

    තොටගමුවේ රාහුල හිමිගෙ නමක් මම අහලත් නෑ.. ඉසුර කියා නම දැම්මේ මං එපා කියද්දි.. ඉසුර අමුතුම කතාවක් කියයි

    කොට්ටේ මාදිවෙල රාහුල විද්‍යාලයේ නම ඉසුර විද්‍යාලය ලෙස වෙනස් කිරීම සම්බන්ධයෙන් තමන් කිසිවක් දැන නොසිටි බව බස්නාහිර මහ ඇමති ඉසුර දේවප‍්‍රිය පවසයි.

    පාසලේ විදුහල්පතිතුමා ඇතුළු පිරිස ඉසුර විද්‍යාලය ලෙස නම යෝජනා කරද්දී තමන් විරුද්ද වූ නමුත් ඔවුන් ඒ නොතකා එකී නම දැමූ බවත් ඔහු සදහන් කලේය.

    ‘තොටගමුවේ ශ‍්‍රී රාහුල හිමියන්ගෙ නමක් තියෙනව කියල මම නම් අහලත් නෑ. පාසලේ නම වෙනස් කරන එක දෙමවුපියන්ගෙ වැඩක්. ආදි ශිෂ්‍යයන්ගෙ වැඩක්. මේකට කොහෙත්ම මගේ සම්බන්ධයක් නෑ’ යයිද මහ ඇමතිවරයා කියා සිටියේ උත්සව සභාවක් අමතමිනි.

  • නාමල් මඟුල් කන්න ලෑස්තියි

    නාමල් මඟුල් කන්න ලෑස්තියි

    විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයා වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ මංගල්‍ය උත්සවය මේ වසරේදී පැවැත්වීමට යම් සූදානමක් ඇති බවට එම පවුලට සමීප ආරංචි මාර්ග වාර්තා කරයි.

    ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරික පවුලක දියණියක් නාමල් රාජපක්ෂ මහතාගේ අතගන්නා මනාලිය වනු ඇතැයිද එම ආරංචි මාර්ග කියයි.

    මෙම මංගල උත්සවය මූලික චාරිත‍්‍ර සිය ගම්මානය වන මැදමුලනේදී සිදු කිරීමටත් ඉන් අනතුරුව කොළඹ දී වෙනම උත්සවයක් පැවැත්වීමටත් සූදානම් වී ඇති බවටද තොරතුරු වාර්තා වේ.

    නාමල් රාජපක්‍ෂ මහතාට මෙම අප්‍රෙල් මස 10 වැනිදාට වයස අවුරුදු 33 සම්පුර්ණ වෙයි.