ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ඉන්දීය මාධ්‍යවේදිනී මීරා ශ්‍රිනිවාසන් මහත්මියට තොරතුරු ලබාදුන් කැබිනට් ඇමැතිවරුන් සිව්දෙනා කවුදැයි අනාවරණය කරගැනීමට ඔස්‌ටේ්‍රලියානු රජය මෙරටට ලබාදුන් අධිතාක්‍ෂණික විද්යුත් උපාංගවලින් හැකිවන බව ඉහළ පෙළේ ආරංචි මාර්ග ඊයේ (19) පැවසීය.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ජංගම දුරකථන පණිවුඩ ගැන සෙවීමට මේ උපාංග භාවිත කර තිබුණි.
මේ වන විට එම ඉන්දීය මාධ්‍යවේදීනිය සබඳකම් පවත්වන පාර්ශව ගැන තොරතුරු රජයට ලැබී ඇත.
මෙයට පෙර ජනාධිපතිවරයා නිව්යෝර්ක් යැමට පෙර නතර වී සිටින හෝටලය සහ කාමර අංකයද වෙනත් පාර්ශවයකට ලැබී තිබූ බව අනාවරණය විය. මීරා ශ්‍රී නිවාසන් හින්දු පුවත්පතේ පළකළ ප්‍රකාශය ඉතා භයානක බව අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාද දන්වා තිබිණි.
මෙය වෙනත් රටක සිදු වූවානම් ඇය අත්අඩංගුවට ගැනීමක් හෝ රටින් පිටුවහල් කිරීමත් සිදුවන බවද ආරක්‍ෂක ආරංචි මාර්ග පැවසීය.
Tag: featured
-

හින්දු පුවත්පතට තොරතුරු දුන් ඇමැතීන් අල්ලන්න අධිතාක්‍ෂණ උපාංග
-

ඉසුරට ඉසුරක් වුවත් කොළඹට අවැඩක් උන ඉසුර දේවප්‍රිය
දැනට අවුරුදු තුනකට කලින් ඉසුර දේවප්‍රිය කියන්නෙ කොළඹ පළාත් සභාවෙ කොනක හිටපු මෛත්‍රී කෙනෙක් කියල ටික දෙනෙක් දැනන් හිටියට වැඩි දෙනෙක් දැනගෙන හිටියෙ නෑ… ඒත් 2015 ආණ්ඩු වෙනසින් පස්සෙ චන්ද්‍රිකාගෙ වන්දිභට්ටයෙක් වුණ ඉසුරට මහ ඇමති පුටුව හම්බෙද්දි අනිත් මෛත්‍රීලට,රටේ මිනිස්සුන්ට වඩා පුදුම වෙන්න ඇත්තෙ ඉසුර කියල කිව්වොත් ඒක වැරදි නෑ කියල අපි හැමෝම දන්නවා.. මොකද ඉසුර වගේම කිසිම කෙනෙක් ඉසුරට ඒ වගේ භාරධූර තානාන්තරයක් හම්බෙයි කියල හීනෙකින් වත් හිතුවෙ නෑ.ගාමිනී තිලකසිරිල වගේ පරිනත දේශපාලනඥයින් බයි පාස් කරල ඉසුරට මේ තානාන්තරය හම්බුනේ ඉසුරව බළල් අතක් කරගන්න කියල අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.
මේ අවුරුදු තුනටම ඉසුර ගැන පළවුනේ අර පාරවල් වල හයිකරපු උත්තල දර්පණ විවෘත කරන්න ගිය ඒව විතරක් වුනාට මෑතකදී ඉසුර ගැන රටම කතාකරන්න පටං ගත්තා.ඒ පළාත් සභාවෙ පුටුවකට ලක්ෂ 6 කට වඩා වැඩියෙන් දාපු එකටයි පළාත් සභාව සුවඳ කරන්න පට්ට ගානක් වියදම් කරල එයාර්ෆෙරෙෂ්නර් හයි කරන්න හදපු නිසයි.කොහොම හරි මාධ්‍ය විසින් මේ කතාව එළිදරවු කරාට පස්සෙ ඉසුර හිමීට ඒ ප්‍රශ්න වලින් ලිස්සලා ගිහින් සමහර මාධ්‍යෙව්දීන්ව මුදලට අරං දැං මේ වෙනකොට ෂේප් න්‍යායෙන් නොකර සද්ද ඉන්නවා කියල ආරංචියි.
ඉසුරගෙ ලක්ෂ 6 පුටුව ගැන කතාකරන්න නෙමෙයි මේ හදන්නෙ ඊට වඩා ලොකු කතාවක් මේ දවස් වල තිරය පිටුපස කැරකෙනව කියල ලැබුණු ආරංචියක් කියන්නයි.පළාත් සභාවෙ ඉන්න අනිත් ජේෂ්ඨ ඇමති වරුන් හා මන්ත්‍රී වරුන් පවසන ආකාරයට ඉසුර මේ දිනවල ශ්‍රීලනපයේ හා පොහොට්ටුවේ දෙපැත්තටම කකුල් දෙක තියිගෙනළු ඉන්නෙ.ඉසුර ශ්‍රීලනිපය වෙනුවෙන් පණ වුනත් දෙනවා යැයි ජනපතිට පවසමින් හොර රහසේ පොහොට්ටුව සමඟ වැඩ කරමින් යන වා යැයි බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍ය රන්ජිත් සෝමවංශ මහතා සිය සමීපතමයන් සමඟ පවසා ඇත.ඔහු විසින් එහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ ” ජනාධිපති තුමන් කටුස්සගෙ කරේ රත්තරං බඳිද්දි කටුස්සට පාට මාරු කරන්න උපන් හැකියාවක් තියෙනව කියල අමතක කරලා” යනුවෙනි.
ඒ කෙසේ වෙතත් ගතවූ අවුරුදු 3න ඇතුලත ඉසුරගෙන් කොළඹට වූ සෙතක් නොමැති බව ඕන අඳබාලයෙකුට උවත් තේරෙන අතර මෙම අවුරුදු තුන ඇතුලත ඉසුරට නම් ඉසුරින් පිරි ජීවිතයක් ලැබී ඇති බව පෙනී යයි.
-

ජ.වි.පෙ. ගෙනා 20 වැනි සංශෝදනය ස්වාභාවිකවම මැරිලා
ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය ස්වාභාවික මරණයට පත්ව ඇති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා කීවේය. ජනාධිපතිවරණයත් කල් දැමීම ඉලක්ක කරගෙන ඉදිරිපත් කළ මෙම සංශෝධනයේ අඩංගු කරුණු තිහකටම ජනමත විචාරණයකින් අනුමැතිය ලබාගත යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා.
ඒ අනුව 20 වන සංශෝධන යෝජනාව ස්වභාවිකව මරණයට පත්වී ඇති බව පැහැදිලියි. මොකද මැතිවරණ නොපවත්වන මේ රජය ජනමත විචාරණයකට යන්නේ නෑ. ඒක ස්ථීරයි, යැයිද පීරිස් මහතා කීවේය.
-

සංගීත ක්ෂේත්‍රයේ පළමු මහාචාර්යවරිය, මහාචාර්ය අමරා රණතුංග මහත්මිය දැයෙන් සමුගනී
සංගීත ක්ෂේත්‍රයේ පළමු මහාචාර්යවරිය වන ප්‍රවීන ගායන ශිල්පිනි මහාචාර්ය අමරා රණතුංග මහත්මිය ඊයේ(15) ඇති වූ හදිස්සි රෝගී තත්ත්වයක් නිසා අභාවප්‍රාප්ත වී ඇත. ඇය මිය යන විට ඇය 79 වන වියේ පසු වූවාය.
-

අර්ජුනගේ පවුල් පාලනයෙන් බැට කන ලංකා ඛණිජ තෙල් සංස්ථාවට ගමගේගේ පවුල් පාලනයෙනුත් බැට
ලංකා ඛනිජ තෙල් සංස්ථාව විශාල වශයෙන් ලාභ ලබන නිෂ්පාදනයක් වන තාර ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදේ.ඒ 60/70 වර්ගයේ හා 80/100 වර්ගයේ වශයෙනි. මේ වන විට රටේ අවශ්‍යතාවයට වැඩි වශයෙන් ගෙන්වනු ලබන්නේ 80/100 වර්ගයේ තාරය.
පුද්ගලික අංශයෙන් මෙම තාර ආනයනය කලත් පාරිභෝගිකයන් විසින් ගුණාත්මක භාවයෙන් වැඩි තාර ලෙස විශ්වාස කරනුයේ ලංකා ඛණිජ තෙල් සංස්ථාව විසින් ආනයනය කරනු ලබන 80/100 වර්ගයේ තාර වන අතර ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ මේ වන විට තාර ගෙන්වීමට සිදුකරනු ලබන ප්‍රසම්පාදන කටයුතු තෙල් ඇමති අර්ජුන රණතුංගගේ හා නි. ඇමති අනෝමා ගමගේගේ දේශපාලන බලයෙන් අත් හිටුවා ඇත්තේ අනෝමා ගමගේගේ සැමියා වු ඇමති දයා ගමගේගේ ව්‍යාපාරය හරහා 80/100 වර්ගයේ තාර ගෙන්වීමට බලපත්‍රය ලබා ගනිමිනි.
අර්ජුන රණතුංග ඇමතිවරයා පවුල් පාලනයෙන් තෙල් සංස්ථාවේ දුෂණ වංචා සිදු කරමින් තම මඩිය තර කරගන්නා විට නි. ඇමති අනෝමා ගමගේට ඇයගේ ව්‍යාපාර වලින් ලාභ ඉපැයීමට තාර ගෙන්වීමේ ඒකාධිකාරය ලභාදී ඇත්තේ තෙල් සංස්ථාව ඇමති හා නි. ඇමතිගේ පවුලේ බූදලයක් ලෙස තබා ගනිමිනි. රටේ ජනතාවගේ බදු මුදල් වලින් නඩත්තු වන රටේ ජාතික සම්පතක අනාගතය තම පවුල් වල සුඛ විවරණයට යොදා ගනිමින් ලංකා ඛණිජ තෙල් නීතීගත සංස්ථාවත් සමග රටම වළ පල්ලට ඇදගෙන යන්නට තෙල් ඇමති අර්ජුන හා නි. ඇමති අනෝමා කටයුතු කරන්නේ යහපාලන මූලධර්ම අමු අමුවේ මරා දමමින් වීම කණගාටුවට කරුණක් බව ඛණිජ තෙල් සේවකයෝ පවසයි…
-

ලංකා ඉතිහාසයේ හිටපු ලොකුම හොරා නීතීඥ සංගමේ සභාපති UR de Silva ම තමයි
නීතීඥ සංගමයේ වත්මන් සභාපති නීතීඥ යූ ආර් ද සිල්වා මහතා ලංකා ඉතිහාසය තුල සිටි දූෂිතම නිළධාරියා ලෙස නීති සංගමයේ හිටපු සභාපති වරයෙකු වන උපුල් ජයසූරිය විසින් ප්‍රකාශ කරයි.
ඔහු ඒ බව පැවසුවේ පසුගිය දිනක රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාවක් අතරතුරේ අමාත්‍යවරයාට දුරකතන ඇමතුමක් ලබාදෙමින් වීම විශේෂත්වයකි.නීතීඥ සංගමයට 2016 වසරේ පපචුවල් ට්‍රෙෂරීස් ආයතනයෙන් මිලියන දෙකහමාරක චෙක්පතක් ලබා ගැනීම සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මහතා විසින් සීඅයිඩීය වෙත පැමිණිලි කර ඇති අවස්ථාවක එම මිලියන දෙකහමාර ලබාගෙන ඇත්තේ මෙම ඡෝදනා කරන උපුල් ජයසූරිය මහතාගේ කාලයේ එතුමන් විසින් සංවිධානය කල වැඩකට බව එම ඇමතුමේදීම උපුල් ජයසූරිය විසින් පිළිගැනීමද විශේෂත්වයකි.
උපුල් ජයසූරියට ආයෝජන මණ්ඩලය සම්බන්ධවද ඡෝදනා 241ක් තිබූවත් ඔහු විසින් වත්මන් නීතීඥ සංගමේ සංභාපති යූආර් ද සිලිවා මහතාට එල්ල කරන මෙම ඡෝදනාව සුළුපටු නොවන අතර යූආර් ද සිල්වා මහතා මේ වන විටත් මේ පිළිබඳ කිසිවක් ප්‍රකාශ කර නොමැත.
-

භාරකාර ආණ්ඩුවක් ගැන රජය සාකච්ඡා කර නෑ
භාරකාර ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ කිසිදු සාකච්ඡාවක් රජයේ පාර්ශ්වය මේ වන තෙක් පවත්වා නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය.
පවතින ආණ්ඩුව එළඹෙන 2020 වනතෙක් කිසිදු වෙනසකින් තොරව පවතින බවත් අවශ්‍ය නම් ඕනෑම කෙනෙකුට තම ආණ්ඩුව සමග එකඟ විය හැකි බවත් හෙතෙම කීවේය.
අද බොහෝ දෙනා නව ආණ්ඩුව පිළිබඳව විවිධ අදහස් ඉදිරිපත් කරනවා. ඕනෑම කෙනෙකුට ඕනෑම අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් ප්‍රධාන පක්ෂ දෙක එකතු වී පිහිටුවා ඇති වත්මන් ආණ්ඩුව වෙනස් වන්නේ නැහැ යැයි ඇමැතිවරයා පැවැසීය.
-

අධිවේගී දුම්රිය මැදිරි නිෂ්පාදන සමාගමෙන් රාජ්‍ය ඇමැතිවරයෙක් 10%l කොමිස් හිඟාකාලා
යූරෝ මිලියන 488 ක් වැය කර ශ‍්‍රී ලංකා ඉතාලි සහයෝගිතා ව්‍යාපාරයක් ලෙස අධිවේගී දුම්රිය මැදිරි නිෂ්පාදනය කිරීමේ ආයෝජන ව්‍යාපෘතිය ආරම්භ කිරීමේදී තමාට සියයට 10 ක කොමිස් මුදලක් අවශ්‍ය බව රාජ්‍ය ඇමැතිවරයෙක් ඉල්ලා ඇතැයි සිලෝන් හයිස්පීඞ් රේල්වේ ලිමිටඞ් සමාගමේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නික්ලස් ශ‍්‍රීමාල් මහතා පැවැසීය.
රාජ්‍ය ඇමැතිවරයා ඉතාලියට ගොස් තම සමාගම සමග කටයුතු කරන එරට සමාගමේ නියෝජිතයන් හමුවී මෙම මුදල ඉල්ලා ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
කෙසේ වෙතත් මෙම ආයෝජන ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්‌ඩලයෙන් අනුමැතිය ඉල්ලා වසර දෙකක් ගතව ඇති බවත් තවම ඒ සඳහා කිසිදු ප්‍රතිචාරයක් ආයෝජන මණ්‌ඩලය දක්‌වා නැතැයිද ඒ මහතා පැවසීය.
හෙතෙම මේ බැව් පැවසුවේ පෙරේදා (13 කොළඹ පැවැති මාධ්‍ය හමුවකදීය. -

මිල සූත‍්‍රය වැඩක් නෑ; ඕන කමක් තියෙනවා නම් බදු අඩු කරලා තෙල් මිල අඩු කරන්න පුළුවන්
ඛනිජ තෙල් සූත‍්‍රයක් තිබුණත් රජයට අවශ්‍ය නම් ඛනිජ තෙල් මත රජය පනවා ඇති බදු අඩු කර ඛනිජ තෙල් මිල ගණන් අඩු කළ හැකි යැයි ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කීවේය.
පුංචි බොරැුල්ලේ වජිරාශ‍්‍රම බෞද්ධ මධ්‍යස්ථානයේදී ඊයේ (14) උදේ පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදී බන්දුල ගුණවර්ධන මන්ත‍්‍රීවරයා මේ බව කීවේය. පාර්ලිමේන්තු මන්ත‍්‍රී සිසිර ජයකොඩි මහතාද මේ අවස්ථාවට එක්ව සිටියේය.
තෙල් මිල ප‍්‍රශ්නය ගැන තවදුරටත් කතා කළ බන්දුල ගුණවර්ධන මන්ත‍්‍රීවරයා මෙසේද කීවේය.
මහින්ද රාජපක්‍ෂ රජය යටතේ රට භාර දෙනවිට 2014 අගදී තෙල් බැරලයක් ලෝක වෙළෙඳපළේ ඇමෙරිකානු ඩොලර් 105 ක් වුණා. එහෙම තියෙද්දී එදා පෙට‍්‍රල් ලීටරයක් අලෙවි කළේ රු.150 කටයි. ඞීසල් ලීටරයක් අලෙවි කළේ රු.111 ටයි. භූමිතෙල් ලීටරයක් අලෙවිකළේ රු.80 ටයි. මේවා තමයි සත්‍ය මිල ගණන්. දැන් අද මේ මිල සූත‍්‍රය එනවිට ලෝක වෙළෙඳපොළේ තෙල් බැරලයක් රු.80 යි. මෙහෙම එදා ඩොලර් 100 ටත් වැඩිය තිබූ තෙල් මිල දැන් ඩොලර් 80 ට බැහැල තියෙද්දීත් පෙට‍්‍රල් ලීටරයක් රු.155 යි. ඞීසල් ලීටරයක් රු.123 යි. භූමිතෙල් විතරක් රු.70 ට දෙනව. මේ අනුව ඉතාම පැහැදිලිව රටට හෙළිදරව් වෙනව මහින්ද රාජපක්‍ෂ යුගයේ ලෝක ඛනිජ තෙල් අර්බුදය තිබියදීවත් මෙවැනි මිල පීඩාවක් මහජනයා මත පැටෙව්වේ නැහැ කියල. 2012, 2013 සහ 2014 යන වසරවල තෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 100 ට වඩා වැඩියි. 2015, 2016 සහ 2017 යන වසරවල ලෝක වෙළෙඳපොළේ ඛනිජ තෙල් මිල ගණන් අඩුවුනා. අසාමාන්‍ය ලෙස ඛනිජ තෙල් මිල ගණන් අඩු වුණා. 2016 දී ඛනිජ තෙල් බැරලයක මිල ඩොලර් 45 දක්වා අඩුවුණා. එය 2016 දී තිබුණෙ ඇමෙරිකානු ඩොලර් 105 ටයි. මේ වාසිය මේ ආණ්ඩුව මහජනතාවට දුන්නද? නැහැ. මේ නිසා කෙතරම් මුදල් ප‍්‍රමාණයක් රටට ඉතුරු වුණාද? සාමාන්‍යයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 5 ක් විතර ඛනිජ තෙල් ආනයනය කරන්න ගියා. මේ රජය යටතේ ඛනිජ තෙල් වියදම ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5 කින් පමණ එනම් හරි අඩකින් පමණ මිල අඩුවෙලා තියෙනවා. ඒ අනුව මහින්ද රාජපක්‍ෂ රජය යටතේ ඛනිජ තෙල් ආනයන වියදමක් සමඟ සාපේක්‍ෂව සැසඳීමේදී 2015, 2016 සහ 2017 යන වර්ෂ තුනේදී රටින් පිටට නොගොස් ඉතුරු වූ මුදල් ප‍්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 5.3 ක් පමණ අතිවිශාල මුදලක්. ඒ ඉතුරු වූ මුදලින් ගොඩක් දේවල් කරන්න තිබුණා. දැන් හම්බන්තොට වරායට ගියේ ඩොලර් මිලියන 1100 යි. නොරොච්චෝලෙ විදුලි බලාගාරයට ඩොලර් මිලියන 900 යි. කොළඹ ගාල්ල අධිවේගී මාර්ගයට ඩොලර් මිලියන 740 යි. මාතර දක්වා එම අධිවේගී මාර්ගය දිගුකිරීමට ගිය වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 152 යි. උතුරු නැගෙනහිර මාර්ග ප‍්‍රතිසංස්කරණයට මිලියන 700 යි. කටුනායක අධිවේගී මාර්ගයට ඩොලර් මිලියන 385 යි. මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළට ඩොලර් මිලියන 240 යි. මේ සියලූම මහා පරිමාණ ව්‍යාපෘති වලට ගිය වියදම ඇමෙරිකානු ඩොලර් බිලියන 4.2 යි. ඛනිජ තෙල් වියදම් අඩුවීමෙන් ආණ්ඩුවට ඉතුරු වුණා. ඇමෙරිකානු ඩොලර් බිලියන 5.3 ක්. මේක තමයි ඇත්ත කතාව.
මේ සියල්ල විනාශ වුණේ රුපියල රැුකගැනීම සඳහා දිගින් දිගටම දේශීය වෙළෙඳපොළට මුදාහැරියා. මේ වසරේදී විතරක් රුපියල මස්ත බාල්දු වීම නවතා ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 700 කට වඩා මේ වන විට යොදල තියෙනව. මේ මුදල කොළඹ ගාල්ල අධිවේගී මාර්ගයක් අලූතින් හදන්න වැය වන තරම් වූ මුදලක්. මෙහෙම කරල රුපියල රැුකගන්න බැහැ. සමස්ත මුදල් ක‍්‍රමය, බැංකු ක‍්‍රමය පිළිබඳ විශ්වාසය අද පළුදු වෙලා. මේ දිනවල දකුණේ ගෙන්ගෙට යනව විදේශ රැුකියාවල නියුතු අයගෙ ගෙවල් වලින් ඩොලර් එකතු කරන්න. මෙසේ රුපියලේ අගය විශාල ලෙස කඩාවැටීම නිසා විදේශ විනිමය කළු කඩය ඉතා විශාල ලෙස සක‍්‍රීය වෙලා තියෙනවා. මේ දැවැන්ත ආර්ථික අර්බුදය නිසා තෙල් මිලේ ප‍්‍රශ්නයට විසඳුමක් දෙන්න නොහැකිවී තිබෙනවා. හේතුව ලෝක වෙළෙඳපොළේ තෙල් මිල වැඩිවීමේ වේගයටත් වඩා වැඩි වේගයකින් අපේ රුපියල කඩා වැටිල තියෙනවා.
මේ ආණ්ඩුවේ අය මේ තියන මිල සූත‍්‍රය නොදන්නව නෙවෙයි. මේ අයට ඒ මිල සූත‍්‍රයෙන් ගැලවෙන්න බෑ. හේතුව ආණ්ඩු කිරීම සඳහා කොන්දේසි පනවල තියෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින්. රවි කරුණානායක හිටපු මුදල් ඇමැතිවරයාට සිදුවුණා 2015 වසරෙදී සියයට 9.3 රුපියල අවප‍්‍රමාණය වන විට, රටේ ගෙවුම් ශේෂ අර්බුදය උග‍්‍ර වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමක් අත්සන් කරන්න. ඒ ගිවිසුමට අනුව ඉදිරි වර්ෂ තුන සඳහා කි‍්‍රයාත්මක කළ යුතු කොන්දේසි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කළා. මූල්‍ය අරමුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 ක් වූ එම ණය මුදලේ වාරික වරින් වර මුදාහැරීමේදී ඔවුන්ගේ කොන්දේසි මේ රජය ඉටුකළාද කියල වරින් වර මේ රටට ඇවිත් අධීක්‍ෂණය කරනවා. ඒ අනුව ඔවුන් කිව්ව ඛනිජ තෙල් සඳහා අනිවාර්යයෙන්ම මිල සූත‍්‍රයක් හඳුන්වා දියයුතුයි කියල. ඒ නිසා දැන් අලූත් තීරණයක් ගන්න බෑ, මේ ඇත්ත රටට කියන්න ඕන. නිලධාරීන්ට දොස් කියා වැඩක් නෑ. ඛනිජ තෙල් මිල සූත‍්‍ර තීරණය කරන්නේ රජය විසිනුයි. එනම් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට එකඟවී තියෙනව මිල සූත‍්‍රය අනුව ඛනිජ තෙල් මිල ගණන් තීරණය කරන බවට. නිලධාරීන් කරන්නේ රජය තීරණය කළ සූත‍්‍රයට ඉලක්කම් ඇතුළත් කිරීම පමණයි. රජයට අනන්‍යතාවය තිබුණත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගෙන තිබෙන එකඟතා අනුව මිල සූත‍්‍රය කි‍්‍රයාත්මක නොකර සිටීමට බැරි තත්ත්වයක් උදාවෙලා තිබෙනවා.
-

ජනපති විසින් ආයෝජන මණ්ඩලයෙන් එලවූ උපුල් ජයසූරිය 2016 ප’පචුවල් එකෙනුත් ලක්ෂ විසිපහක් ගත් බව පිළිගනී
පසුගිය දිනකදී නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විසින් කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී නීතීඥ උපුල් ජයසූරිය නීතීඥ සංගමයේ සභාපතිව සිටි සමයේ බැඳුම්කර වංඡාවට සෘජුවම හවුල් පපචුවල් ට්‍රෙෂරර්ස් ආයතනයෙන් ලක්ෂ විසිපහක චෙක්පතක් බලා ගැනීම ගැන මාධ්‍යෙව්දියකු යොමු කල ප්‍රශ්නයට පිළිතුරු දීම සඳහා රන්ජන් රාමනායක මහතා එවෙලේ මෙම උපුල් ජයසූරියට දුරකනයෙන් අමතන ලදී.
එම අවස්ථාවේදී ස්පීකර් ෆෝන් දාන්නට එපා කියූ උපුල් ජයසූරිය රන්ජන් නියෝජ්‍ය ඇමතිතුමාට කියා සිටියේ ඔහු සභාපතිව සිටියදී ඔහු විසින් සංවිධානය කල ඉවෙන්ට් එකකට මෙම ලක්ෂ විසි පහ ලබාගත් බවයි.(අදාල වීඩියෝව පහතින් ඇත)මෙම උපුල් ජයසූරිය නම් තැනැත්තාව පසුගිය කාලයේ ජනපති තුමන් විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති කමින්ද ඉවත් කරන ලද්දේ මොහුට විරුද්ධව ආයෝජන මණ්ඩලයේ පමණක් ඡෝදනා 241ක් පමණ ඇති හෙයින් බව වෙබ් මාධ්‍ය වාර්ථා බොහොමයක සඳහන්ව තිබූ අතර.මෙම උපුල් ජයසූරිය සමස්ථ නීති වෘත්තිකයින්ටම මහත් කැළලක් බව අප සමඟ අදහස් පවසා සිටි නීතීඥ වරු බොහොමයක් පවසා සිටියේය.
-

බඩගෝස්‌තරවාදී දේශපාලනය නිසා මම ඉන්නේ කලකිරිලා
වත්මන් ජරාජීර්ණ දේශපාලනය පිළිබඳව තමා ඉන්නේ කලකිරීමෙන් යෑයි වනජීවී නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා ඊයේ (12 ) ප්‍රකාශ කළේය.
ඒකාබද්ධ විපක්‍ෂය මේ මොහොතේ සභාග ආණ්‌ඩු පිහිටුවීම පිළිබඳව කතිකාවතක සිටියත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ වන තුරුත් ඒ පිළිබඳව කිසිවක් ප්‍රකාශ කර නැතැයි ද හෙතෙම සඳහන් කළේය.
බඩගෝස්‌තරවාදී දේශපාලනය නිසා සභාග ආණ්‌ඩු පිහිටුවීමට කතා කළත් කිසිවකු රටේ සැබෑ ප්‍රශ්න තේරුම්ගෙන ක්‍රියාකරන ආකාරයක් පෙනෙන්නට නැතැයි ද ඔහු කීවේය.
කෙසේ වෙතත් රට ගැන නොසිතා කරන ක්‍රියා සහ දේශපාලනඥයන්ගේ බලය වෙනුවෙන් ගන්නා තීන්දු තීරණ පිළිබඳව කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි බව ද කී තෙවරප්පෙරුම මහතා ජනතාව නිවැරදි තීන්දු තීරණ ගන්නේ නම් කිසිදා පසුතැවිලි ඇති නොවන බව ද කියා සිටියේය.
වත්මන් ජරාජීර්ණ දේශපාලන වටාපිටාව පිළිබඳව තමා අතිශයින්ම කලකිරී සිටින බවත් බොහෝ මැති ඇමැතීන් ද තමාගේ මතය පිළිගන්නා බවත් කී හෙතෙම අද මේ පවතින දේශපාලන වටපිටාව පිළිබඳව කිසිවකු තෘප්තිමත් නොවන බව ද සඳහන් කළේය.
කෙසේ වෙතත් පවතින තත්ත්වය වෙනස් කර රට යහමඟට ගැනීමේ වගකීම දේශපාලනඥයා වැඩි වශයෙන් භාරගත යුතු බවත් රටේ ජනතාව ඒ වෙනුවෙන් ඉදිරියේදී බුද්ධිමත් තීන්දු තීරණ ගත යුතුව ඇතැයි නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා වැඩිදුරටත් කියා සිටියේය. -

නව අගවිනිසුරු ලෙස නලින් පෙරේරා දිවුරුම් දෙයි
ශී‍්‍ර ලංකාවේ නව අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නලින් පෙරේරා මහතා ඊයේ (12) පස්වරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.
අගවිනිසුරු පි‍්‍රයසාද් ඩෙප් මහතා එම ධුරයෙන් විශ‍්‍රාම යෑම හේතුවෙන් පුරප්පාඩු වූ ධුරය සඳහා මෙලෙස නලින් පෙරේරා මහතා පත් කරනු ලැබී ය.
මහෙස්ත‍්‍රාත්වරයෙක් ලෙස අධිකරණ ක්‍ෂේත‍්‍රයට සම්බන්ධ වී ක‍්‍රමානුකූලව උසස්වීම් ලැබූ නලින් පෙරේරා මහතා අගවිනිසුරු ලෙස පත්වන විට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් ලෙස කටයුතු කරනු ලැබී ය.==============================================================
ශේ්‍්‍රෂ්ඨාධිකරණ විනිසුරු නලින් පෙරේරා මහතා මීළ`ග අගවිනිසුරුවරයා ලෙස පත් කිරීමට ඊයේ (12 ) රැුස්වූ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කළේය.
අභිනවයෙන් පත්වූ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සභාවේ සාමාජිකයන් ඊයේ රැස් වූයේ ප්‍රථම වරටය. ඒ අගවිනිසුරු ධුරය සඳහා සුදුස්‌සෙකු අනුමත කිරීමටය.
එහිදී ජනාධිපතිවරයා විසින් නව අගවිනිසුරු ධුරය සඳහා නලින් පෙරේරා මහතාගේ නම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත යෝජනා කර ඇත. ජනාධිපතිවරයාගේ නාමයෝජනාව වී තිබෙන්නේ දැනට ශේ්‍රෂ්ඨාධිකරණයේ විනිසුරු නලින් පෙරේරා මහතා අගවිනිසුරු ලෙස පත්කිරීමටය.
ඒ අනුව ශ්‍රී ලංකාවේ 46 වැනි අගවිනිසුරු ලෙස හෙතෙම පත්වනු ඇත.
ආණ්‌ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සිය නිගමනය ඊයේ ම ජනාධිපතිවරයා වෙත දන්වා යවා ඇති අතර ඉන්පසු ජනාධිපතිවරයා විසින් පත් කිරීම සිදු කරනු ලබයි.
වසර තුනකට වරක් අලුතින් පත් කෙරෙන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්ථා සභාව දහනවවැනි ව්‍යවස්‌ථා සංශෝධනය යටතේ ස්‌ථාපිත කර තිබේ. අගමැති, කථානායක, විපක්‍ෂ නායක නිලබලයෙන් සාමාජිකත්වයට පත්වන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සභාවට ජනපති, අගමැති සහ විපක්‍ෂනායකවරයාගේ නියෝජිතයන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙක් සහ සුළු පක්‍ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පත්වෙති. ඊට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන සිවිල් සමාජ ක්‍රියාකාරීන් තිදෙනකු ද වශයෙන් සාමාජිකයන් දස දෙනකුගෙන් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සමන්විත වෙයි.
නලින් පෙරේරා මහතා මහෙස්‌ත්‍රාත්වරයකු, දිසා විනිසුරුවරයකු, මහාධිකරණ හා අභියාචනාධිකාර විනිසුරුවරයකු ලෙස පියවරෙන් පියවර ශේ්‍රෂ්ඨාධිකරණය දක්‌වා පැමිණ අගවිනිසුරු ධුරයට පත්වීම විශේෂත්වයකි.
ඊයේ රාත්‍රියේදී හතළිස් හයවැනි අගවිනිසුරු ලෙස මහාඅධිකරණ විදිසුරු ලෙස නලින් පෙරේරා මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ලෙස දිවුරුම් දුන්නේය. -

ඥානසාර හිමිවයි මාවයි සමාන කරන්න එපා… – මාගල්කන්දේ සුදත්ත හිමිට රන්ජන් දුන් පිළිතුර
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සහ රංජන් රාමනායක මහතාට ඇත්තේ එක හා සමාන ඡොදනා බව පසුගියදිනකදී මාගල්කන්දේ සුදන්ත හිමි විසින් පවසා ඇති බවත් ඒ පිළිබඳව රංජන් රාමනායක මහතා දක්වන්නේ කුමන අදහසක්ද යන්න මාධ්‍ය සාකච්ඡාවක් අතරතුරදී මාධ්‍යෙව්දීන් ඇසූ ප්‍රශ්නයකට රන්ජන් රාමානායක මහතා විසින් මෙසේ කියා සිටියේය…
-

ඤාණසාර හිමිට නිදහස ඉල්ලා ජනපතිට ලිපියක්
වසර හයක සිරදඬුවමකට ලක්ව මේ වන විට බන්ධනාගාර රෝහලේ සිටින බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලා බොදුබල සේනා සංවිධානය ජනාධිපතිවරයාට ලිපියක් යවා ඇත.
එම සංවිධානය මෙම ලිපිය මගින් වැඩිදුරටත් පවසන්නේ ඤාණසාර හිමියන්ට ලබාදී ඇති දඬුවම කිසිසේත්ම සාධාරණ හා යුක්ති සහගත නොවන බැවින් ජනාධිපතිවරයා සතු බලතල භාවිත කරමින් උන්වහන්සේ නිදහස් කරන ලෙසය.
-

නව අගවිනිසුරු ගැන තීරණයට නව ව්‍යවස්‌ථාදායක සභාව අද රැස්‌වෙයි
නව අග්‍රවිනිශ්චයකාරවරයා පත් කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා නව ව්‍යවස්‌ථාදායක සභාව අද (12) පළමුවරට රැස්‌වන බව කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (11) ප්‍රකාශ කළේය.
ආණ්‌ඩුව ව්‍යවස්‌ථාදායක සභාව සඳහා පත් කළ සාමාජිකයන් දස දෙනාගේ නාම ලේඛනය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඊයේ ඉදිරිපත් කළ අවස්‌ථාවේදී කථානායකවරයා මේ බව ප්‍රකාශ කළේය.
නව ව්‍යවස්‌ථාදායක සභාවට අදාළ සිවිල් පුරවැසියන් තිදෙනාගේ නම් පෙරේදා පැවැති පක්‍ෂනායක රැස්‌වීමේ දී ඉදිරිපත් කර තිබූ අතර ඊයේ පාර්ලිමේන්තුවේදී ඔවුන් ද ඇතුළුව නව ව්‍යවස්‌ථාදායක සභාවේ සාමාජිකයන් දස දෙනා සඳහා අනුමැතිය හිමි විය.
සාමාජිකයන් දස දෙනාගෙන් යුත් ව්‍යවස්‌ථාදායක සභාවට අගමැති කථානායක සහ විපක්‍ෂ නායක නිල බලයෙන් පත් වෙති.
ඊට අමතර ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස මහින්ද සමරසිංහ, විපක්‍ෂ නායකවරයාගේ නියෝජිතයා ලෙස චමල් රාජපක්‍ෂ සහ අගමැතිවරයාගේ නියෝජිතයා ලෙස තලතා අතුකෝරළ යන මහත්ම මහත්මීන් නව ව්‍යවස්‌ථාදායක සභාව නියෝජනය කරති.
සුළු පක්‍ෂ නියෝජනය ලෙස බිමල් රත්නායක මහතාද සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් ලෙස ආචාර්ය ජයන්ත ධනපාල, නීතිඥ ජාවුඩ් යූසුµa සහ නාගනාදන් සෙල්වකුමාරන් යන මහත්වරුන් පත් කර තිබේ.
ව්‍යවස්‌ථාදායක සභාවට පත් කරන ලද සාමාජිකයන්ට ඒ සම්බන්ධයෙන් පත් කිරීම් ලිපි නිකුත් කර ඇති බවද කථානායකවරයා පැවැසීය.
දිනේෂ් ගුණවර්ධන මහතා – ව්‍යවස්‌ථාදායක සභාවේ රීති පිළිබඳව අපි කවුරුවත් දන්නේ නැහැ. ව්‍යවස්‌ථාදායක සභාව සම්බන්ධයෙන් විශ්වාසය පළුදු වී ඇති බවට පුවත්පත් වාර්තා පළ වෙනවා. ව්‍යවස්‌ථාදායක සභාව මගින් මෙතෙක් කළ පත් කිරීම් වැරැදි බවට තොරතුරු හෙළි වෙනවා. නව පත් කිරීම් සම්බන්ධයෙන් මොන තීරණයද යොදා ගත්තේ?
සභානායක -දිනේෂ් ගුණවර්ධන මහතා පක්‍ෂනායක රැස්‌වීමේදී මේ පිළිබඳව කිසිම විරුද්ධත්වයක් දැක්‌වූයේ නැහැ. මහින්ද මහත්තයාගේ කාලයේ 18 වැනි සංශෝධනය ගෙනවිත් ජනාධිපතිට ඕනෑ විදියට හැම දෙයක්‌ම කළා. අපි 19 ගෙනාව. අද ජනාධිපති එවන නමට වුණත් විරුද්ධ වෙන්න පුළුවන්. මහින්දගේ සපත්තුවට යට වෙලා හිටපු අයව අපි බේරා ගත්තා.
වාසුදේව නානායක්‌කාර මහතා – ව්‍යවස්‌ථාදායක සභාවේ කටයුතු ගැන පාර්ලිමේන්තුවට බලය හිමිවිය යුතුයි කිව්වා. ඒත් ඉතින් අපට බලයක් නැහැනේ. මේ කමිටුවේ ක්‍රියාකාරිත්වය සිදු වන ආකාරය අපි දැනගත යුතුයි. පාර්ලිමේන්තුව ඒ ගැන දන්නෙ නැහැ.
අජිත් පී. පෙරේරා මහතා – පාර්ලිමේන්තුවට වගකිව යුතුයි කියලා කිව්වට වග නොකියන ස්‌වරූපයක් තිබෙනවා. ඒක අපි හදා ගන්න ඕනෑ.
විජයදාස රාජපක්‍ෂ මහතා – ව්‍යවස්‌ථාදායක සභාව මගින් කොමිෂන් සභාවලට සාමාජිකයන් පත් කිරීමේදී විශ්‍රාමිකයන් පත් කිරීමෙන් වැඩක් සිදු වෙන්නෙ නැහැ. ඔවුන් කාටවත් වග කියන්නේ නැහැ. කොමිෂන්වල සංයුතිය පිළිබඳව අපි මීට වඩා අවධානය යොමු කළ යුතුයි. -

රංජන් පර්මිට් එක විකුණපු සල්ලි වලට කරපු දේ මාධ්‍යට හෙළිකරයි – පුළුවන්නම් අනිත් අයත් කරල පෙන්නන්න යැයි අභියෝගයක්
නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා විසින් තමන් වෙත මෛත්‍රී වරප්‍රසාදයක් ලෙස ලැබුණු වාහන පර්මිට් එක විකුණා ලබාගත් මුදල් සියල්ල වියදම් කල ආකාරය සහ මෙම වාහන බලපත්‍ර විකිණීම සම්බන්ධයෙන් වන කරුණු කාරණා ඊයේ මාදිවෙල ඔහුගේ නිලනිවසේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකකදී පහත පරිදි කියා සිටියේය.
වීඩායෝව පහතින්