Tag: featured
-

මාරක රිය අනතුර කල දොස්තර නෝනා මත්පැන් බිව් බවට සමාජ ශාලාවෙනුත් සාක්ෂි දෙද්දී ඉස්පිරිතාලෙන් බීල නෑ කියයි
පසුගියදා බොරලැස්ගමුව, වික්‍රමරත්න මාවතේදී සිදුවූ මාරක රිය අනතුරකින් පොලිස් පරීක්ෂකවරයෙක් ජිවිතක්ෂයට පත්වුනා. විශේෂඥ වෛද්‍යවරියක් බීමතින් අපරික්‍ෂාකාරීව රිය පැදවීම නිසා මෙම අනතුර සිදුවූ බවයි අනාවරණය කරගෙන තිබුනේ. ඒ අනුව අනතුරට සම්බන්ධ සුඛෝපභෝගී රථය පැදවූ විශේෂඥ වෛද්‍ය ටිරානි කාවින්ද්‍යා මෙම මස 09 වැනිදා දක්‌වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කර තිබුණද ඇය තවමත් කළුබෝවිල මහ රෝහලේ 11 වැනි වාට්‌ටුවේ බන්ධනාගාර නිලධාරිනියන්ගේ රැකවල් මැද ප්‍රතිකාර ලබන බව සඳහන්. කෙසේ වෙතත් අනතුරින් ඇයට කිසිදු තුවාලයක් සිදුවී නොමැති බවත්, බන්ධනාගාරගත නොවී කෙලින්ම උසාවියට ඉදිරිපත් වීමේ අරමුණින් ඇය රෝහලේ සිටින බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.මේ අතර අනතුර සිදුවන අවස්ථාවේ අදාළ වෛද්‍යවරිය බීමතින් නොසිටි බවට කළුබෝවිල රෝහල් වෛද්‍යවරුන් නිකුත් කර ඇති වාර්තාව අසත්‍ය බවත් මේ හේතුවෙන් රෝහලේ ක්‍රියාකාරීත්මය සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදයත් ඇතිවී ඇති බවත් සඳහන්. කෙසේ වෙතත් පොලිසිය විසින් අදාළ වෛද්‍යවරියට ඇල්කෝ ලයිසරයක් (බැලුමක්) පිම්බීමට දී ඇති අතර, එහිදී ඇය බීමත්ව සිටි බව තහවුරු වී ඇති අතර වෛද්‍යවරිය ගිය බව කියන ගල්කිස්‌ස රාත්‍රි සමාජ ශාලාවේ වේටර්වරයකුගෙන් ලබා ගත් කටඋත්තරයකදී ඇය මත්පැන් පානය කළ බව ප්‍රකාශ කර තිබෙනවා.මෙම වෛද්‍යවරිය කොහුවල දෙස සිට බොරලැස්‌ගමුව දෙසට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් සිය සුඛෝපභෝගී මෝටර් රථය ධාවනය කරන අවස්ථාවේදී ඉදිරියෙන් පැමිණෙන පොලිස් පරීක්‍ෂකවරයාගේ රථයේ ගැටෙන ආකාරය අසල වෙළෙඳසලක තිබූ ආරක්ෂිත කැමරාවල ඉතා පැහැදිලිව සටහන් වී තිබුණා.අනතුරින් බරපතළ තුවාල ලැබූ පොලිස් පරීක්ෂකවරයාගේ බිරිඳ සහ දරු දෙදෙනා තවමත් ප්‍රතිකාර ලබන අතර බොරලැස්‌ගමුව පොලිස් ස්‌ථානාධිපති පොලිස් පරීක්‍ෂක ප්‍රියන්ත සිල්වා මහතාගේ උපදෙස් මත නිලධාරීන් කණ්‌ඩායමක් සහ කළුබෝවිල රෝහල් පොලිසියේ පොලිස් කොස්‌තාපල්වරුන් දෙදෙනෙකු මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා. -

ඥනසාර හිමිට නිදහස ඉල්ලා ජාතික සංවිධාන රැසක් අද කැළණිය සිට කොටුවට පා ගමනින්
සිරගත කර සිටින බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් නිදහස් කර ගැනීම වෙනුවෙන් රජයට බල කිරීම සඳහා මහා සංඝරත්නය ඇතුළු ගිහියන් විසින් අද (04 ) පෙරවරු 11.00 ට කැලණිය රජමහා විහාරස්‌ථානයේ සිට කොළඹ කොටුව දක්‌වා දැවැන්ත පා ගමනක් සංවිධානය කර ඇත.
ඒ අනුව කැලණිය රජමහා විහාරස්‌ථානයේ සිට කොළඹ කොටුව බෝධිය තෙක් මෙම පා ගමන පැවැත්වෙන අතර කොටුව බෝධිය අසලදී සත්‍යග්‍රහයක් සිදුකිරීමටද නියමිතය.
බොදු බල සේනා සංවිධානය ඇතුළු ජාතික සංවිධාන රැසක් මෙම පා ගමන හා සත්‍යග්‍රහය සංවිධානය කර ඇති අතර ඒ සඳහා භික්‍ෂූන් වහන්සේලා විශාල පිරිසක්‌ද එක්‌වීමට නියමිතය.
-

ආණ්ඩුවෙන් ඉවත් වෙන්න යයි මහින්ද ශ්‍රීලනිපයෙන් ඉල්ලයි
වත්මන් ආණ්ඩුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉවත්වීමට සුදුසු කාලය එළඹ ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.ඔහු පෙන්වාදෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඒ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගනු ඇති බවයි.ගණේමුල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති ආගමික උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය. -

පහේ ශිෂ්‍යාධාරය රු.250 කින් වැඩිකරන්න කැබිනට් අනුමැතිය
පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් සුදුසුකම් ලබන අඩු ආදායම්ලාභී සිසුන් වෙනුවෙන් ලබාදෙන ශිෂ්‍යාධාරය රුපියල් 500 සිට රුපියල් 750 දක්‌වා වැඩිකිරීමට කැබිනට් මණ්‌ඩල අනුමැතිය ලැබුණු බව අධ්‍යාපන ඇමැති අකිල විරාඡ් කාරියවසම් මහතා ඊයේ (03 ) පැවැසීය.
මීට අමතරව විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා ලබාදෙන ශිෂ්‍යාධාරය මෙන්ම ශිෂ්‍යාධාර සංඛ්‍යාවද වැඩි කිරීමට අනුමැතිය ලැබුණු බවද ඇමැතිවරයා කීවේය.
කැබිනට් මණ්‌ඩල අනුමැතියට අනුව අඩුආදායම්ලාභී දරුවන් පහළොස්‌දහසකට මාසිකව රුපියල් 750 බැගින් උසස් පෙළ දක්‌වා ශිෂ්‍යාධාරය හිමිවෙයි. මෙම ශිෂ්‍ය සංඛ්‍යාව තිස්‌දහස දක්‌වා වැඩි කිරීමට අමාත්‍යාංශය ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය ලැබී නැත.
-

අනේ කාලේ වනේ වාසේ !!! මෙහෙමත් නීතීඥ මහත්+හොරෙක්
ඔබට මතකද පසුගිය දවසක ETI තැන්පත්කරුවන් විසින් කොළඹ මහනගර සභාව වටලලා විරෝධතාවයක් පැවැත්වූවා.කොළඹ වෝඩ් පෙදෙසෙහි පිහිටි ඊ.ටී.අයි. මූල්‍ය ආයතනයේ ප්‍රධාන කාර්යාලය ළඟින් තමයි මුලින්ම මේ විරෝධතාවය පටන්ගත්තෙ.ඊට පස්සෙ විරෝධතාකරුවන් පා ගමනින් කොළඹ මහ නගර සභාව පැත්තට ඇවිත් මහනගර සභා භූමියට ඇතුල් වෙන්න හදද්දි එතන ලොකු කලබගෑනියක් වුනා කියලත් ඔබට මතක ඇති.ඒ වෙලාවේ ඒ ඇතිවූ කලබගෑනිය නවත්තන්න කුරුදුවත්ත පොලීසියට ලොකු ගේමක් දෙන්න වුනා කියල රූපවාහිනී මාධ්‍ය වල පුවුත්පත් වල අපි දැක්කා මතකයිනේ…
මේ කියන්න හදන්නෙ ඒ විරෝධතාවය ගැන නම් නෙමෙයි… මේ කියන්නෙ ඒ විරෝධතාවය පිටිපස්සෙ අගතියට පත්වෙච්ච විරෝධතාකරුවන්ට ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනවා යයි කියා ඔවුන්ගෙන් මුදල් ගෙන එම විරෝධතාකරුවන්ව මෙලෙස කොළඹ මහනගර සභාව අසල විරෝධතාවයක් කරන්න යයි පොළඹවා ඔවුන් විරෝධය පලකරන වෙලාවේ අනෙක් පාර්ශවයෙන් මුදල් ලබාගෙන ඉතාමත් නිර්ධය ලෙස නීතියේ දෙව්දුවව දූෂණය කල තවත් එක් නීතීඥ වරයෙකු වන උපුල් ජයසූරිය ගැනයි…
උපුල් ජයසූරිය ගැන ආයි අමුතුවෙන් කියන්න දෙයක් නෑ නෙ… ඔව් ඔව් ඒ ඩයල් එකම තමයි, අර BOI එකේ හිටපු ඒක කාපු චෙයාමන් කාරය,මේ මනුස්සය ගැන අම්මපා පොත් සීයක් ලිව්වත් මදිද කොහෙද බලන්න දවස ගානෙ මොකක්ම හරි මෙයාගෙ මගෝඩි වැඩක් එළියට එනවාමයිනෙ.
මෙන්න මේකයි අද කතන්දරේ,
ඔය උඩ කියපු විරෝධතාවය ETI කාර්යාලයේ පටං අරං ඊට පස්සෙ කොළඹ මහනගර සභාවට එන්න, එහෙම ඇවිත් ETI මූල්‍ය ආයතනයේ අධ්‍යක්ෂිකා ලෙසත් ඊට අමතරව කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරියක් ලෙසත් දිළිදුකම පිටුදැකීමේ කමිටුවේ සාමාජිකාවක් ලෙසත් කටයුතු කරන දීපා එදිරිසිංහට විරුද්ධව ඕගොල්ලන්ගෙ විරෝධය මහනගරසභා භූමියේ පළ කරන්න කියල නීති උපදෙස් දීල තියෙන්නෙ මේ උපුල් ජයසූරිය තමයි.
ඒ අනුව මෙම දීපා එදිරිසිංහ නම් තැනැත්තිය ETI තැන්පත්කරුවන්ගේ බිලියන ගණනාවක මුදල් වංචා කර ඇති බව පවසමින් කොළඹ මහනගරසභා භූමිය අසල විරෝ්ධතාකරුවන් පොරකමින් සිටියදී… කුරුඳුවත්ත පොලීසියටද තත්වය පාලනය කරගනීමට අපොහොසත්ව තිබියදී මරනානන්සෙට බය වුන දීපා දඩි බිඩි ගාල උපුල් ජයසූරියට කෝල් එකක් දීල ඇයව නගරසභාවෙන් එළියට පන්නල දෙන්න කියල කියල තියෙනවා… ඒ වෙනුවෙන් ලොකු මුදලක්, ඒ කියන්නෙ අර බෙල්ල මුලට ගිලල ඉන්න අහිංසකයින්ට වඩා වැඩි ගානක් දෙන්නම් කියල තමයි කියල තියෙන්නේ….
සල්ලි වෙනුවෙන් ඕනෑම කක්කි ගොඩක් රස කර කර කන්න පුළුවං උපුල් ජයසූරියට ඉතිං මේක ස්විප් එකක් ඇදුන වගේනේ මෙන්න කොල්ල සුටුස් ගාල ඇවිත් එයාගෙ වාහනේම නග්ගගෙන අර අහිංසක අගතියට පත් ETI තැම්පත්කරුවන්ට පස්ස පෙන්නලා දීපවත් දාගෙන නගර සභාවෙන් මාරුවෙලා.
අගතියට පත් ETI තැම්පත්කරුවන් වෙනුවෙන් පෙනී සිටිනවා කියාත් විශාල මුදලක් අයකරගෙන ඇති මෙම උපුල් ජයසූරිය නම් කසඩ මිනිසා ඒ අහිංසකයිව අන්ත අසරණ කර ඔවුන්ව පාවා දී තමන්ගේ කල්ල මරට ගැනීට කල මෙම අසික්කිත වැඩේ ඇස් පනා පිට දුටු ඔවුන්ගේ කටින් නෙද්දකින් මේ තිරිසනාට හෙන හතම ගහපං දෙයියනේ කියල නොකිව්වනානම් අරුමයක් නෙ නේද?
මීට පෙර ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය කාබාසිනියා කර දැමූ මෙම උපුල් ජයසූරිය එහිදී ලිංගික අල්ලස් ගෙන ආයෝජන සහන ලබා දීමේ සිද්ධි ගැන වෙබ් මාධ්‍ය වාර්ථා කිරීම් ඇති බැවින් මෙම දීපා එදිරිසිංහ නම් අයගෙන්ද මුදල් වලට අමතරව ලිංගික අල්ලස් ගැනීමක්ද කිරීමට ඉඩ ඇති බව එම අගතියටපත් තැන්පත් කරුවන්ගේ මුවින් එවේලේ පිටවී ඇති බවට ආරංචි ලැබේ….
තොරතුරු සපයා ගත්තේ VOC.sinhala අඩවියෙනි
-

දුම්රිය දෝෂය නිවැරදි කළ ජනිත්ට ප්‍රවාහන අමාත්‍යාංශයෙන් කැඳවීමක්
පසුගිය සැප්තැම්බර් 19 වැනි දා සවස යාපනය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ අංක 4021 දරණ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ගල්ගමුව දුම්රිය ස්ථානයට ආසන්නව මහගල්කඩවල කැලෑබද ප්‍රදේශයකදී කාර්මික දෝෂයකට ලක්වී තිබියදී එය නිවැරදි කිරීමට දුම්රිය කාර්මික ශිල්පියාට නොහැකි වූ බව ද එම දෝෂය නිවැරදි කර යථා තත්වයට පත්කිරීමට හැකි වූයේ එම දුම්රියේ ගමන් කළ සිසුවෙකුට බව ද පසුගියදා මාධ්‍යවල පළවුණා.මෙලෙස එම දුම්රිය දෝෂය නිවැරදි කර ඇති බවට පැවසුනේ මොරටුව ජර්මානු කාර්මික ආයතනයේ අධ්‍යාපනය ලබා මේ වන විට පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් වැඩිදුර අධ්‍යාපනය හදාරන ජනිත් දිමන්ත විතානආරච්චි සිසුවායි.මේ පිළිබඳ දැනුවත් වූ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා එම සිසුවා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය වෙත කැඳවා ප්‍රවාහන අමාත්‍යාංශයේත්, දුම්රිය දෙපාර්තමේන්තුවේත් ගෞරවය පුදකිරීමටත් අදාල සිදුවීම පිළිබද ප්‍රශංසාව පුදකරමින් ඇගයීමේ ලිපියක් ලබාදීමටත් අමාත්‍යවරයා කටයුතු කර තිබෙනවා.මෙම අවස්ථාවට විද්‍යා හා තාක්ෂණ, පරීක්ෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය සරත් අමුණුගම ද දුම්රිය දෙපාර්තමේන්තු නිළධාරීන් ද සහභාගි වුණා.එම අවස්ථාවට එක්වෙමින් අදාළ සිසුවා සඳහන් කර ඇත්තේ,‘‘මම මගේ මව ඇතුළු ඥාතීන් කිහිපදෙනෙකු සමඟ අනුරාධපුරයේ සිට පැමිණෙන අතරමගදී මේ සිදුවීම වුණා. මම ඒ අවස්ථාවේ නිදාගෙනයි සිටියේ. මගේ මව මා අවදි කර පුතාට පුළුවන් නම් මොකද වී තිබෙන්නේ බලන්නැයි කිව්වා. ඒ වන විට වෙනත් දුම්රිය එංජිමක් මගින් ගල්ගමුව දුම්රිය ස්ථානය දක්වා ගෙන ගොස් එතැන සිට කොළඹ කොටුව දක්වා ගමන් කිරීම සඳහා මගීන්ට ගමන් පහසුකම් සලසන බව දුම්රිය නිලධාරීන් මගීන්ට දැනුම් දෙමින් සිටියා. මම ඒ අනුව ගොස් දුම්රිය කාර්මික ශිල්පීන්ගේ අවසරයෙන් දුම්රිය පරීක්‍ෂා කරන විට එහි තිබූ දෝෂය හඳුනාගෙන නිවැරදි කළා. ඒ සම්බන්ධයෙන් දැන් ඇමතිතුමාටත් සියලූ කරුණු පැහැදිලි කර දුන්නා.මට මේ තුළින් ප‍්‍රචාරයක් ලබාගැනීමට හෝ කිසිවෙකු අපහසුතාවට පත්කිරීමට අවශ්‍ය වුණේ නැහැ.මෙය මුහුණු පොතේ පළවූ බව මා දැනගත්තේත් පසුවයි. අද ඇමතිවරයා මා ගෙන්වා ඇගයීම ගැන සතුටුවෙනවා. එතුමාට ස්තුතිවන්ත වෙනවා. මගේ උපාධියේ කටයුතු අවසන් කර නව නිර්මාණ කරමින් රටට ලෝකයට සේවයක් කිරීමට බලාපොරොත්තු වෙනවා.’’ යනුවෙනි. -

රංගන ශිල්පී සුනිල් ප්‍රේමකුමාර දිවි සැරිය නිම කරයි
ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන සුනිල් ප්‍රේමකුමාර මහතා ද අභාවප්‍රාප්ත වී තිබේ.අද(02) උදෑසන කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වෙයි.මියයන විට 62 වන වියේ පසු වූ සුනිල් ප්‍රේමකුමාර මහතා ටෙලිනාට්‍ය රැසකට රංගනයෙන් දායක වී තිබේ. -

මන්නාරම් සතොස ගබඩා භූමියේ දැනට සොයාගත් ඇටසැකිලි 148 අතුරින් කුඩා ළමා ඇට සැකිලි 17ක්
අද (02) උදෑසන වන විට මිනිස් ඇටසැකිළි 148 ක් හමු වී ඇතැයි මන්නාරමේ සතොස ගබඩාව අසලින් සොයාගත් සමූහ මිනී වළේ කැණීම් කටයුතු බාරව සිටින මහාචාර්ය රාජ් සෝමදේව පැවසයි.මෙම මිනිස් ඇටසැකිළි 148 හමු වී ඇත්තේ සතොස තොග ගබඩාව අසල වූ සමූහ මිනී වළේ මීටර් 12 ක් දිග මීටර් 8 ක් පළල වූ කොටසකින් බවත් දැනට හමු වී ඇති මෙම මිනිස් ඇට සැකිළි 148 අතර කුඩා ළමයින් 17 දෙනෙකුගේ ඇටසැකිළි අයත් බවද කැණීම් බාර නිලධාරීන් කියා සිටියි.කැණීම් බාර නිලධාරීන් තවදුරටත් කියා සිටින්නේ මෙම සමූහ මිනී වළේ කැණීම් කටයුතු අවසන් කිරීම සඳහා ගතවන කාලය පිළිබඳව ස්ථිර යමක් ප්‍රකාශ කිරීමට තවමත් නොහැකි බවයි. -

දුම්රිය ගාස්තු වැඩිවීම 15%කින් කියල කොලේ වහල රු.100 ටිකට් එකට රු.135ක් අයකරයි
දුම්රිය ගාස්තුව සියයට 15 කට වඩා වැඩි ප්‍රතිශතයකින් ඉහළ දමා ඇති බවට දුම්රිය මගීහු ඊයේ (1) චෝදනා කළහ.
සමස්ත දුම්රිය ගාස්තුව සියයට 15 කින් ඊයේ (1) සිට ඉහළ දැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණු අතර ඒ අනුව නව දුම්රිය ගාස්තුව දුම්රිය ස්ථාන වෙතින් ඊයේ (1) අය කරන්නට වූහ.
මෙහිදී තමන්ගෙන් අයකරන ලද පැරණි දුම්රිය ගාස්තුවට සියයට 15 ක් ගණනය කර දුම්රිය මගීහු නව දුම්රිය ගාස්තුව අනුමාන කරගෙන සිටි නමුත් එම මුදලට වඩා වැඩි මුදලක් තම ටිකට් පත් සඳහා දුම්රිය ස්ථාන වෙතින් අයකර ඇති බව ඇතැම් දුම්රිය මගීහු පැවැසූහ. උදාහරණයක් ලෙස ගාල්ල සිට කොළඹ කොටුවට මීට පෙර තිබූ රුපියල් 100 ක දුම්රිය ගාස්තුව නව දුම්රිය ගාස්තු වැඩිවීමත් සමග රුපියල් 135 ක් වී තිබේ. නමුත් සියයට 15 න් දුම්රිය ගාස්තුව වැඩි කරන්නේ නම් එම දුම්රිය ගාස්තුව රුපියල් 115 ක් විය යුතු බව ඇතැම් දුම්රිය මගීහු පැවැසූහ. මගීහු මේ පිළිබඳව දුම්රිය ස්ථානාධිපතිවරුන් සමගද තර්ක කර තිබේ.
කෙසේ වෙතත් මෙම දුම්රිය ගාස්තු වැඩිවීමේදී කිසිදු දෝෂයක් සිදුවී නොමැති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඔවුන් පෙන්වා දෙන පරිදි දුම්රිය ගාස්තුව අය කරන්නේ දුම්රිය කලාප වශයෙන් බවත් ඒ අනුව බලන විට ඇතැම් දුම්රිය ගාස්තු සියයට 15 කට වඩා වැඩිවෙන බවත් එම දෙපාර්තමේන්තු ප්‍රධානියකු පැවැසීය.
එලෙසම දුම්රිය ගාස්තුවේ සියයට 15 ක වැඩිවීම ගණනය කරන්නේ දුම්රිය කලාපවල සමස්ත ගාස්තුවේ මධ්‍ය අගයට සියයට 15 ක් ලෙස බවත් ඔහු කීවේය. එමෙන්ම දුම්රිය ගාස්තුව ගණනය කිරීමේදී ආසන්න ඉහළ රුපියල් 5 ට වටයන නිසාද ඇතැම් ගාස්තුවල වැඩිවීමක් පෙන්නුම් කෙරේ. එමෙන්ම දුම්රිය ස්ථාන අතර පවතින දුරද ඇතැම් ගාස්තුවල බැලූ බැල්මට වෙනසක් පෙන්වීමට හේතුවන බවද ඔහු කීවේය.
දුම්රිය ගාස්තුව සියයට 15 න් ඉහළ දමන බවට දුම්රිය දෙපාර්තමේන්තුව ජනතාව වෙත පැවැසීම නිසා මෙම ගැටලුව ඇතිවී ඇති බව පැවැසූ ඒ මහතා දුම්රිය ගාස්තුව කලාප වශයෙන් සහ ගාස්තුවේ සමස්ත මධ්‍ය අගයෙන් සියයට 15 ක් වැඩිකරන බව පැවැසුවා නම් මගී ජනතාවට මෙවැනි මැසිවිලි නැගීමට හේතුවක් ඇති නොවන බවද ඔහු කීවේය.
වසර 10 කට පසුව ඉහළ ගිය මෙම දුම්රිය ගාස්තුව තවමත් පවතින්නේ සියලු බස් ගාස්තුවලට වඩා පහළ අගයක බව පැවැසූ ඒ මහතා ඒ නිසා නව ගාස්තු වැඩිවීමෙන් මගී ජනතාවට අසාධාරණයක් සිදුවී නොමැති බවද පැවැසීය. -

පක්‍ෂ සම්මේලනයේදී පොහොට්ටුවේ නායකත්වය මහින්දට භාර දෙන්න ජීඑල් තීරණය කරයි
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය භාරගන්නා ලෙස පක්‍ෂයේ ජාතික මහා සම්මේලනයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ආරාධනය කරන බව පක්‍ෂයේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය.
පක්‍ෂයට වසර දෙකක් සපිරෙන ලබන මාසයේදී (නොවැම්බර්) පැවැත්වීමට නියමිත ජාතික මහා සම්මේලනයේදී මෙම කෙරෙන ආරාධනය මහින්ද රාජපක්ෂ මහතා පිළිගනු ඇතැයි පාක්‍ෂිකයන්ගේ දැඩි අපේක්‍ෂාව හා රටේ බලාපොරොත්තුව බවද හෙතෙම සඳහන් කළේය.
මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ව්‍යවස්‌ථාව සකස් කර ඇති අතර තරුණ හා කාන්තා පෙරමුණු සඳහා වෙන වෙනම ව්‍යවස්‌ථාව සකස් කර ඇති බවත් හෙතෙම කීවේය.
පක්‍ෂ ජාතික මහා සම්මේලනයට පෙර ශාඛා සමිති භික්‌ෂු සංවිධාන, වෘත්තීය සංවිධාන, ගොවි සමිති, කලාකරුවන්ගේ සංවිධාන ඇතුළු සංවිධාන ජාලය පිහිටුවා අවසන් කිරීමටත් තීරණය කර තිබේ.
බත්තරමුල්ල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ මූලස්‌ථානයේදී ඊයේ (01 ) පැවැති මාධ්‍ය හමුවේදී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා මෙම කරුණු අනාවරණය කළේය.
-

BOI හිටපු සභාපති නීතීඥ උපුල් ජයසූරිය, තරු හෝටල්වල සැප ඇඳන් වල ඉඳන් කාන්තාවන්ට ආයෝජන සහන දීපු හැටි
ඔබට මතක ඇති උපුල් ජයසූරිය කියන කළු කබාය අස්සෙ හැංගුන පට්ට චංඡාකාරයගෙ මජර වැඩ ගැන මීට කලින් කතා කරා…(මතක නැති අය ජේජ් එකේ පළවෙනි කමෙන්ට් එකෙන් ආයි මතක් කර ගන්නකෝ….) එදා විස්තරේ දිග වැඩි වුන හින්ද මඟින් නැවැත්තුවා අද ඉතුරු ටික.මේ තමයි රහම හරිය ඈ…
ඔන්න මේ උපුල් ජයසූරිය ගැන රටේ ඇත්තො හිතන් ඉන්නෙ යහපාලනය ගේන්න පට්ට විදිහට දාඩිය කදුළු හෙළුව රට වෙනුවෙන් පණ උනත් දෙන්න දෙවැණි නොවෙන පට්ට පොරක් කියලනේ,එහෙම හිතං හිටපු සහ ඉන්න අයගෙ දෑස පලාගෙන කඳුළැලි එන සීන් එකක් තමයි තියෙන්නෙ.මොකද මේ උපුල් ජයසූරිය කියන්නෙ ජනතා මුදල් කාබාසීනියා කරල ඒවයෙන් ආතල් ගන්න කම්බ නීල හොරෙක්, නොම්බර එකේ ලිංගික අසහනකාරයෙක් කියල දැන් දැන් ඔප්පු වෙමින් යනවා.
නරියට කුකුල් කොටුව භාරදුන්න වගේ යහපාලනේ ගේන්න ඒ වෙලාව ලෙසටම සහයෝගය දැක්වීම නිසා ඊට වඩා හෙඳ සුදුසුකම් තියෙන ගොඩදෙනෙක් හිටියත් උපුල්ට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති පට්ටන්තරේ හම්බෙනවා.ඔන්න ඉතිං අර ජම්මෙට වඩා මොකක්ද ලොකුයි කියන්නා වගේ මවාගෙන හිටපු හොඳ යහපත් දේශප්‍රේමියා ඇතුලෙ හිටපු නරිය හිමීට එළියට එන්න ගන්නවා.මේක මුලින්ම කරන්නෙ හොඳ ආයෝජකයින් තෝරල අරගෙන ඔවුන්ට බොරු වංඡා චෝදනා දාල නඩු හදනවා.ඊට පස්සෙ ඒ නඩු වලට කතාකරන්න උපුල්ගෙ පුද්ගලික නීති ආයතනයට දෙන්න කියල තමන්ගෙ නිළ බලය යොදාගෙන තර්ජනය කරනවා.ඒ විදිහට උපුල්ම හදපු බොරු වංඡා නඩුවට කතා කරන්න උපුල්ගෙ නීති ආයතනය අර අහිංසක ආයෝජකයගෙන් කෝටි ගණනින් අය කරනවා.. ආයෝජන මණ්ඩලෙන් නඩුව දැමීමත් ඒ නඩු කතා කරන්න උපුල් ජයසූරියට කෝටි ගණනින් ගෙවන්න සිදු වීමත් නිසා ලංකාව ඇතැර ගිය ආයෝජකයො 26 දෙනෙක් මේ වනවිටත් වාර්තා වෙනව කියල වෙබ් මාධ්‍ය වාර්ථා ගණනාවක සඳහන් වෙලා තිබුණා…
ඒත් කාන්තාවන් සම්බන්ධයෙන් උපුල් මීට හාත්පසින්ම වෙනස් ක්‍රියාපටිපාටියක් අනුගමනය කරල ආයෝජන සහන ගොඩාක් ඒ කාන්තාවන්ට ලබාදීල කියල තමයි ආරංචි වෙන්නෙ.ඒ ඉතිං කොහොමද කියල අලුතින් කියන්න දෙයක් නෑනේ…. එක්කො අදාල ආයෝජනය ගේන කෙනා එක්ක එහෙමත් නැත්නම් එයා උපුල් වෙනුවෙන් එවන කාම ධේනුව එක්ක සුපිරි හෝටලයක එක පාරක් පැන්නම දෙතුන්පාරක් බම්ප් වෙන සැපම සැප ඇඳක් උඩ තියල තමයි මේ ආයෝජන සහන දෙන්නෙ.. කොහොම කොහෙම හරි ඒ විදිහට සහන වෙනුවට ලිංගික අල්ලස් දෙන්න අකමැති වුණ ආයෝජකයොත් ලංකාව දාල ගිහින් කියල තමයි වෙබ් මාධ්‍ය වාර්ථා වල වැඩිදුරටත් සඳහන් වෙන්නෙ.
ඉතිං හත්දෙයියනේ ලංකාවට ආයෝජයකයො එන්නෙ නෑ … ලංකාවෙ ආයෝජනය කරන්නෑ කිය කිය ජනාධිපතියි අගමැතියි විදේශ ඇමතියි මුදල් ඇමතියි ඔළුව හත්පොලේ ගහන් විලාප තිබ්බට වැඩක් තියෙනවෑ උපුල් ජයසිංහ අපේ රටට එන ආයෝජකයින්ට කරපු මේ නරුම අසික්කිත වැඩේ නිසා ඒ ආයෝජකයො උන්ගෙ හත්මුතු පරම්පාරෙ ඉන්න එකෙක්ටවත් අඩුම ගානෙ උන් දන්න කියන හතුරෙකුවටත් ලංකාව දිහා බලාගෙන කෑම කටක් කන්න තියා ලංකාව දිහා බලාගෙන කොමඩ් එකක වත් වාඩිවෙන්න එපා කියනව මිසක්කා…
මේව ආරංචි වුනාට පස්සෙ ජනාධිපති තුමන් උපුල් ජයසූරියව ආයෝජන මණ්ඩලේ සභාපති කමින් ඉවත් කරාට ඒ වෙද්දි සමස්ථයක් විදිහට ලංකාවට වැදිල තියෙන කලු පැල්ලම මකන්න පුළුවං කමක් තියෙනවද ? තියෙනවනම් ඒ එකම විදිහ උපුල් ජයසූරිය කියන මේ ජනතා ද්‍රෝහීයාව / රාජ්‍ය ද්‍රෝහියාව එල්ලුම්ගස් යැවීම නොවේද ?
lanka gossip today / lankaCnews.lk ඇසුරෙන්,
-

බන්ධනාගාර 3 කට STF ආරක්‌ෂාව
වැලිකඩ, කොළඹ රිමාන්ඞ් සහ මැගසින් යන බන්ධනාගාර තුනෙහි ආරක්ෂාව හා පරීක්ෂා කිරීමේ කටයුතු සඳහා ලබන ඔක්තෝබර් මාසයේ සිට පොලිස් විශේෂ කාර්ය බළකාය යෙදවීමට බන්ධනාගාර අමාත්‍යාංශය තීරණය කර තිබේ.
බන්ධනාගාර තුළ සිදුවන ජාවාරම් හා තහනම් ක්‍රියා මැඬ පැවැත්වීම සඳහා මෙම තීරණය ගෙන ඇත.
මේ පිළිබඳව අමාත්‍යාංශය මගින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට දැනුම් දීමට පියවර ගෙන තිබෙන බව බන්ධනාගාර මූලස්‌ථානයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
මෙහිදී විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ගේ සහායට අලුතින් පිහිටු වූ බන්ධනාගාර පොලිසියේ නිලධාරීන්ද යෙදවීමට නියමිතව ඇත.
අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්‌කරණ ඇමැතිනී තලතා අතුකෝරළ මහත්මියගේ නියෝගයකට අනුව බන්ධනාගාර බුද්ධි ආරක්‌ෂක ඒකකය විසුරුවා හැරීමෙන් පසු නව බන්ධනාගාර පොලිසිය පිහිටුවනු ලැබීය.
-

නියෝමාල් රංගජීවට ඇප
අභියාචනාධිකරණය විසින් නියම කළ ඇප කොන්දේසිවලට අනුව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රියන්ත ලියනගේ ඊයේ (27) නියෝග කළා. ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් මත සහ රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට අතිරේක මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළ බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ.වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 27 දෙනෙකු 2012 වසරේ දී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටියා. කෙසේවෙතත් නඩුවේ දෙවන සැකකරු වන හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ලමාහේවාට ඇප හිමිවුයේ නැහැ. -

ගායන ශිල්පී දමිත් අසංක අත්අඩංගුවට
මානසික විකෘතියකින් හැසිරීම නිසා කුඩාඔය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඊයේ (27) වැල්ලවාය අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද ජනප්‍රිය ගායක දමිත් අසංක යන අය ඔක්තෝබර් මස 9 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස වැල්ලවාය දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් මහේෂ් වාකිස්ට මහතා නියෝග කළේය.
සැකකරු ඇතිලිවැව ප්‍රදේශයේ විහාරස්ථානයකින් සිවුරක් ගෙන සිවුර පොරවාගෙන විකෘති මනසකින් යුක්තව සිටින බවට ප්‍රදේශයේ ස්වාමින් වහන්සේ නමක් හා ඔහුගේ ඥාතීන් කුඩා ඔය පොලීසියට දැනුම්දීමෙන් අනතුරුව කුඩාඔය පොලීසිය මගින් දමිත් අසංකව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
සැකකරු කිසියම් මානසික ආබාධයකින් පෙළෙන හෙයින් ඔහු මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකුට ඉදිරිපත් කරන ලෙස පොලීසිය මහේස්ත්‍රාත්තුමාගෙන් ඉල්ලා සිටියේය.
ඒ අනුව සැකකරු මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකුට ඉදිරිපත් කොට ඔක්තෝබර් 9 දින වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද පොලීසියට නියෝග කළේය.
කුඩාඔය පොලීසියේ ස්ථානාධිපති ප්‍රභාත් දිසානායක මහතා පරීක්ෂණ පවත්වයි.
-

ඩීඅයිජී නාලක අද රස පරීක්‍ෂක හමුවට
ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමේ කුමන්ත‍්‍රණය සම්බන්ධයෙන් විමර්ශන සඳහා අවශ්‍ය කටහඬ පරීක්‍ෂාවක් ලබා ගැනීමට අද (28 ) පෙරවරු 10.00 ට රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුවට ඉදිරිපත් වන ලෙස කොටුව මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ත‍්‍රස්ත විමර්ශන ඒකකය භාරව සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාට ඊයේ (27 ) නියෝග කළාය.
එම නියෝගය නාලක ද සිල්වා මහතාට සහ රජයේ රස පරීක්‍ෂකවරයාට භාරදීමට පියවර ගන්නා ලෙස මහෙස්‌ත්‍රාත්වරිය එහිදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නාය.
එම කුමන්ත්‍රණය සම්බන්ධයෙන් කරුණු අනාවරණය කළ දූෂණ විරෝධී බළකායේ අධ්‍යක්‍ෂ නාමල් කුමාර මහතාගේ නිවස අසල සිටියදී සැකපිට අත්අඩංගුවට ගත් මර්සලී තෝමස් නමැති ඉන්දීය ජාතිකයාද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් මහෙස්‌ත්‍රාත්වරියගේ නිරීක්‍ෂණය සඳහා ඉදිරිපත් කරනු ලැබීය. එම පුද්ගලයා භාරයේ තිබී අත්අඩංගුවට ගත් ජංගම දුරකථනයක් හා දත්ත ගබඩා කාඩ් පතක් රජයේ රස පරීක්‍ෂකවරයා වෙත ඉදිරිපත් කර වාර්තාවක් කැඳවීමට මහෙස්‌ත්‍රාත්වරිය එහිදී නියෝග කළාය.
මෙම ඉන්දියානු ජාතිකයා ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත යටතේ මාස 3 ක කාලයක් රඳවාගෙන විමර්ශනය කිරීමට ආරක්‍ෂක ලේකම්වරයා විසින් මේ වන විට නියෝගයක් නිකුත් කර ඇති බවද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් එහිදී අධිකරණයට දැනුම් දුන්නේය.
එම නිරීක්‍ෂණයෙන් අනතුරුව එම පුද්ගලයා නැවත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයට පත් කිරීමටද මහෙස්‌ත්‍රාත්වරිය එහිදී නියෝග කළාය.
-

ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩල ඉතිහාසය තුල සිටි දූෂිතම සභාපතිවරයා ලෙස කිරුළ පලන් උපුල් ජයසූරිය මලික් සමරවික්‍රම එක්ක ගහපු ගේම්…
වත්මන් ආණ්ඩුවේ ඩීල් දාන්නයි කොමිස් කෙළින්නයි ප්‍රසිද්ධම අමාත්‍යවරයා කවුද ඇහුවොත් ඒ ඉතිං එකෙන්ම මලික් සමරවික්‍රම කියල යාන්තන් ඇටෙන් පොත්තෙන් එළියට ආව පොඩි එකත් දන්න බව අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.අද මේ හෙලිකරන්න යන්නෙ අන්න ඒ කොමිස් පප්පගෙ ඇඟේ එල්ලිල ඉන්න මැක්කෙක්ගෙ දහදුරා වැඩ ගැනයි.නමින් උපුල් ජයසූරිය වන මෙයා වෘත්තියෙන් නීතීඥයෙක්.ආයෝජන මණ්ඩයේ හිටපු සභාපතිත් මෙයාම තමයි.මෙයාට මේ වන විට නඩු 241 ක් තියෙනව කියල ආයෝජනය මණ්ඩලය මාධ්‍ය වෙත නිකුත් කර ඇති ලිපියක සඳහන් වෙනවා. ඒ අනුව ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයාව හිටපු දවස් වල සිදුකරන ලද විවිධ දූෂණ ක්‍රියා හේතුවෙන් දැනට සක්‍රීය තත්වයේ පවතින නඩු 41 ක් පිළිබඳ වෙබ් මාධ්‍ය මගින් කරුණු හෙළිකරයි කියන බයට වෙබ් මාධ්‍යෙව්දීන් බොහෝ දෙනෙක්ව මිලට ගන්න මෙයා සමත් වෙලා තිබුනත් සල්ලි වලට කිසිදා නොනැමෙන අපි නීතීඥ ලෝගුවට මුවා වෙලා ජාතික ධනය මංකොල්ල කන උපුල් ජයසූරිය වන් මිනිසුන්ගේ ඇත්ත මුහුණ සමාජයට ඉදිරියේ හෙළිකිරීමට ඇප කැප වන බව ආඩම්බරයෙන් කියා සිටීමට කැමැත්තෙමු.
උපුල් ජයසූරියගේ කතාවස්තුව ඉතා කෙටියෙන් මෙහෙමයි,
මේ වන විට ලංකාවේ ආර්ථිකය මරණාසන්නව වැටී සිටින බව අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.එහෙම වෙන්න එක හේතුවක් තමයි කාලක පටං ඒ කියන්නෙ උපුල් ජයසූරිය ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයාව හිටපු කාලයේ ඉඳන් සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව අතර සිදුවන මහා මුදල් කොල්ලය. මේ මහා මුදල් මංකොල්ලයේ මහා මොලකරු වෙන කවුරුත් නෙමෙයි අපි කතාකරන උපුල් ජයසූරිය බවට සැක පහල තියෙනවා.සැකයක් කියල කිව්වට සැකයක්ම නෙමේ ඒක ඇත්ත කියල මේ ගැන ටිකක් හොයල බැලුවොත් ඕන කෙනෙක්ට තේරෙයි.
මලික් සමරවික්‍රමගෙයි ඔහුගේ ගජයෙක් වන සිංගප්පූරු ජාතික ශ්‍රි රාම්ගෙයි ව්‍යාපාරික ගණුදෙනු වල ප්‍රතිඵලයක් විදිහට ශ්‍රි ලංකාව වෙතින් ආයෝජනය කරනු ලබන මලික් සමරවික්‍රමගේ කොමිස් මුදල් සිංගප්පූරුවේ ශ්‍රි රාම් ඉන්ඩ්‍රස්ට්‍රීස් ඇන්ඩ් ප්‍රොපටීස් ආයතනය වෙත යොමුකරන බව මීට කලින් අතේ මාට්ටු වෙලා තිබුන කියල ඔබට මතක ඇතිනේ.මලික් සමරවික්‍රම යටතේ තියෙන මහපොල ශිෂ්‍යත්ව අරමුදලෙන් රුපියල් මිලියන 10000 ක කොටස් ශ්‍රි රාම් ඉන්ඩස්ට්‍රීස් ආයතනය වෙත නිසි ක්‍රමවේදයකින් තොරව පවරලා කියල ඒ තොරතුරු වල සඳහන් වුණා කියලත් මතකයිනේ.
අන්න ඒ ගනුදෙනුව පිටුපස්සෙ නීති උපදේශකයා වශයෙන් පෙනී ඉඳල තියෙන්නෙ එවකට ආයෝජන මණ්ඩල සභාපතිවරයාව හිටපු උපුල් ජයසූරිය බවට තොරතුරු අනාවරණය වෙලා තියෙනවා. 2015 මැයි මස සිට 2018 අගොස්තු මස දක්වා මේ අයතා ගනුදෙනුවේ මූලික මැදිහත්කරු වශයෙන් පෙනී ඉඳල තියෙන්නේ උපුල් ජයසූරිය වන අතර, ඒ වෙනුවෙන් ඔහු රුපියල් කෝටි 3 කට ආසන්න මුදලක් ලබාගෙන ඇති බවටද තොරතුරු අනාවරණය වෙලා තියෙනවා.
ශ්‍රි ලංකාවෙන් සිංගප්පූරුව වෙත යැවෙන මෙම කොමිස් මුදල් ශ්‍රී රාම් ප්‍රොපටීස් ආයතනය මගින් හම්බන්තොට, අනුරාධපුර සහ ගම්පහ ප්‍රදේශයන්වල අඹ, පොල් සහ අඹුටන් වගාවන් වෙනුවෙන් ආයෝජනය කරල තියල තමයි ආරංචිය.එ් ආයේජන මුදල රුපියල් මිලියන 76.5 ක් වන අතර, ඒ සඳහා එවකට ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් නීතිඥ උපුල් ජයසූරිය අනිවාර්යයෙන් මැදිහත් වෙලා තියෙනව කියල Merbok MDF Lanka (pvt) ආයතනය වෙතින් පෙත්සමක් ඉදිරිපත් කරමින් සඳහන් කරල තියෙනවා. එම පෙත්සමට අදාල නඩුව, ගොනු අංක C.A.(writ) 49/2106 දරණ අංක යටතේ මේ වන විට විභාග වෙමින් පවතිනවා.
ඒ අනුව ශ්‍රී ලංකාවෙන් සිංගප්පූරු ආයතනය වෙත රුපියල් මිලියන 1000 කට අධික මුදලක් අයතා අන්දමින් ලබාදී ඇති අතර, එම මුදලින් රුපියල් මිලියන 76.5 ක මුදලක් පමණක් මෙරටට ආයෝජනය කර ඉතිරි මුදල් මිලියන 963.5 ක මුදල් අවභාවිතාවක් සහ වංචාවක් සිදුකර ඇති බවත් එම නඩුවේ කරුණු අනුව සඳහන් වෙනවා.
මේ ආකාරයට ශ්‍රී ලංකා රජයට සහ ජනතා බදු මුදලින් මිලියට ගණනක වංචාවක් සිදුකර ඇති වගඋත්තරකාර මලික් සමරවික්‍රම අමාත්‍යවරයා සහ නීතිඥ උපුල් ජයසූරිය හිටපු ආයෝජන මණ්ඩල සභාපතිවරයාගේ ඉදිරි ක්‍රියාකලාපයන් පිළිබඳව ජනතාව විමසිල්ලෙන් බලා සිටින බැව් සඳහන් කල යුතුය.
උපුල් ජයසූරියට එරෙහිව දැනට ඇති නඩු 241න් දැනට සක්‍රීයව පවතින නඩු 41න් වැඩි කොටසක් විවිධ සමාගම් විසින් හිටපු සභාපතිවරයා වන උපුල් ජයසූරියට එරෙහිව පවරා ඇති නඩු වන අතර,නඩු කිහිපයක් පවරා ඇත්තේ හිටපු සභාපතිවරයා වගඋත්තර කරුවෙකු කරමින් ආයෝජන මණ්ඩලයට එරෙහිව බව සඳහන් වන අතර ආයෝජන මණ්ඩලයේ සිදුවූ දූෂණ සහ අක්‍රමිකතාවන් හේතුවෙන් එය වසන් කිරීමට මොහු ඉල්ලා අස්වූ බව තතු දන්නෝ පවසයි.
මේ පිළිබඳව මාධ්‍ය වෙතින් කරුණු අනාවරණය වූ පසු ඔහු යම් යම් මාධ්‍යවේදීන් හට මුදල් ගෙවා තම නඩු කටයුතු වෙනත් දිශාවකට හැරවීමට කටයුතු කර ඇති බවත් එසේම එම නඩු යට ගැසීම සඳහා විවිධ පාර්ශව හරහා පැමිණිලි පාර්ශවයට බලපෑම් කිරල තියෙනව කියලත් වාර්තා වෙනවා. කෙසේ නමුත් ඔහුගේ දූෂණ සහ අක්‍රමිකතා හේතුවෙන් ආයෝජන මණ්ඩලයට සිදු වූ පාඩුව අයකර ගැනීමට කිසිඳු ආකාරයේ නීතිමය කටයුත්තක් නොපවතින බැවින් වින්දිතයන්ට නඩු කටයුතු කඩිනම් කර තමන් හට සිදු වූ පාඩුව හෝ අයකර දෙන ලෙසට නීතියෙන් ඉදිරියේ ඉල්ලා සිට ඇත.
කරුණු කාරනා මෙහෙම ගලාගෙන යද්දි ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩල ඉතිහාසය තුල සිටි දූෂිතම සභාපතිවරයා වන්නේ උපුල් ජයසූරිය බව එඩ්නා චොකෝ පුද්ගලික සමාගමේ මෙහෙයුම් අධ්‍යක්ෂ කමල් බුවනෙක මහතා කියා සිටීමත් සමඟ උපුල් ජයසූරිය යන්තමින් විලි වසාගෙන හිටිය රෙදි කෑල්ලත් ගැලවෙලා වැටුනා.
ඔහු පැවසූ ආකාරයටම පහතින්,
“අපි අතීතයේ සිට මේ රටට විවිධ ආයෝජන හරහා මුදල් ගෙන ආ සමාගමක්. අපි ආයෝජන මණ්ඩලය සමග සුහදව කටයුතු කර තිබෙනවා. ඒ සුහද බව හරහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අප ගැන දැඩි විශ්වාසයක් ඇති වී තිබුනා. නමුත් මෑත කාලයේ සිටි සභාපතිවරු අතරින් නීතිඥ උපුල් ජයසූරිය සමග එවැනි සුහද බවක් ඇති වූයේ නැහැ. එයට හේතුව ඔහුට නිරතුරුව අවශ්‍යව තිබුනේ ඔහුගේ පෞද්ගලික ලාභයක් මිස රටට සෙතක් ඇති වන අයුරින් කටයුතු කිරීම නොවේ.
කිහිප අවස්තාවල ඔහු අප සමග එවැනි අයතා ගනුදෙනුවකට යෝජනා කලත්, අප සමාගමේ ඇති කීර්තිමත් ඉතිහාසය සහ රටේ ආර්ථිකයට සෘජුව දායක වූ සමාගමක් බැවින් අප එකහෙලාම ඔහුගේ යෝජනාව බැහැල කලා. එතැන් පටන් ඔහු විවිධ පුද්ගලයන් මාර්ගයෙන් අපට බලපෑම් කරන්න කටයුතු කලා. අපට ආයෝජන අවස්තා ලබා දුන්නේ නැහැ. නමුත් අප සමාගමේ ඉතිහාසය දෙස බලන ඕනම අයෙකුට බලන්න පුලුවන් අප රටේ ආර්ථිකයට දායක වූ ආකාරය කොහොමද කියල.
කෙසේ නමුත් රටේ වාසනාවකට මෙන් ඔහු ආයෝජන මණ්ඩලයෙන් ඉල්ලා අස්වුනා. නමුත් අපි සමාගම් සහ පුද්ගලයින් කිහිප දෙනෙක් එක්ව ඔහුට විරුද්ධව නඩු පවරන්න කටයුතු කලා. අපගේ සමාගමේ කීර්ති නාමයට ඔහු නිසා සිදු වූ හානියට අපි වන්දි ඉල්ලා නඩු පවරන්න කටයුතු කලා C.A. (wirt) 465\2015 පැමිණිල්ල යටතේ ජනාධිපති නීතිඥ ලක්ෂ්මන් පෙරේරා සහ නීතිඥ සඳමාල් රාජපක්ෂ යන අයගේ මෙහෙයවීමෙන් එම නඩු ක්‍රියාත්මක වනවා. අපට විවිධ ආකාරයෙන් බලපෑම් එල්ල වුනා මේ හිටපු දූෂිත සභාපතිවරයා නීතිඥයෙකු බැවින්. නමුත් අප උත්සාහය අත්හැරියේ නැහැ. උපුල් ජයසූරිය වැනි පුද්ගලයින් මෙවන් තනතුරු වලට පත්කරන අයටත් මේවට වගකියන්න සිදු වෙනවා. මේ වැනි දේ වලින් වෙන්නෙ රටට සහ ජනතාවට හානියක්.”
ඔන්න ඔහොමයි උපුල් ජයසූරිය කියන පුද්ගලය කළු ලෝගුව පොරවගෙන ඒ ලෝගුවේම පිහිටෙන් නීතියේ දෙව්දුවව හිත්පිත් නැති විදිහට දූෂණය කරල බේරිල ඉන්නෙ. මේ උපුල් ගැන කියනවනම් ඊලග කෑල්ල තවත් රසවත් ඒ මෙයා ගත්තු ලිංගික අල්ලස් ගැන හෙළිදරව්වක්…. කෙටියෙන් කියන්න හිතුවට මේ විස්තරෙත් සෑහෙන දිග වුන නිසා උපුල් ජයසූරිය ලිංගික අල්ලස් ගත්තු ගැටි ඊලග ලිපියකින් ඔබ වෙත ගෙන එන්නම්.



lanka gossip today / lankaCnews.lk කරුණු කාරණා සැපයූවාට ස්තූතියි!!!