Tag: featured

  • ලෝක ජනගහනයෙන් 1/4ක නායකත්වය ජනපති මෛතී‍්‍රට

    ලෝක ජනගහනයෙන් 1/4ක නායකත්වය ජනපති මෛතී‍්‍රට

    ලෝක ජනගහනයෙන් හතරෙන් එකක් නියෝජනය කරන බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුවේ සභාපතිත්වය අද (31) ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාට පිරිනැමෙනවා. ඒ, නේපාලයේ කත්මන්ඩු නුවර පැවැත්වෙන 04වන බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුවේ සමාප්තිය සටහන් කරමින්.
    රටවල් 07ක් බිම්ස්ටෙක් සමුළුව නියෝජනය කරනවා. ශී‍්‍ර ලංකාව හැරුණු විට එහි සෙසු සාමාජික රටවල් වන්නේ ඉන්දියාව, බංග්ලාදේශය, තායිලන්තය, මියන්මාරය, භූතානය සහ නේපාලයයි. මෙම රටවල් ලෝක ආර්ථිකයට සපයන දායකත්වය වාර්ෂිකව අමෙරිකානු ඩොලර් බිලියන 750ක් පමණ වනවා.
  • පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ තීරණයන් ගැනීම සඳහා පක්ෂ නායකයන්ට බාරදෙයි

    පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ තීරණයන් ගැනීම සඳහා පක්ෂ නායකයන්ට බාරදෙයි

    පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ තීරණයන් ගැනීම සඳහා පත් කෙරුණු සීමානිර්ණ සමාලෝචන කමිටුවේ පියවර පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගේ බහුතර එකඟතාවය මත ගැනීමට සැලසුම් කර ඇත.

    පාර්ලිමේන්තුවේදී පළාත් සභා මැතිවරණ සීමානිර්ණ වාර්තාව පරාජයට පත්වීමෙන් පසු කථානායක කරු ජයසූරිය මහතා පත් කළ සීමානිර්ණ සමාලෝචන කමිටුවක් පත් කළ අතර, එහි සභාපතිත්වය දරනුයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාය.
    දැනට සම්මත කර තිබෙන පනත අනුව පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා සංශෝධන දෙකක් ගෙනවිත් උප‍ලේඛන අනුමත කරගත යුතුව පවතී. මේ පසුබිම යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට දැනට නීතියක් නොමැතිය යන්න කමිටු සාමාජිකයන්ගේ මතය වේ.

    මේ අතර කුමන තත්ත්වයක් යටතේ වුවද පළාත් සභා ඡන්දය කල් දැමීමට අදහසක් නැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විටත් පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් වෙත දැනුම් දී තිබේ. පාර්ලිමේන්තු පක්ෂ නායක තීරණය අනුව පළාත් සභා මැතිවරණය ගැන තීරණය පාර්ලිමේන්තුවට දැනුම්දීමට ද නියමිතව ඇත.

  • මහේන්ද්‍රන් සිංගප්පූරුවෙන් පිටුවහල් කරන්න උදර්පන නීතිය යටතේ සියලූ පියවර ගත් බව නීතිපති උසාවියට දන්වයි

    මහේන්ද්‍රන් සිංගප්පූරුවෙන් පිටුවහල් කරන්න උදර්පන නීතිය යටතේ සියලූ පියවර ගත් බව නීතිපති උසාවියට දන්වයි

    මහ බැංකු බැඳුම්කර වෙන්දේසිවලදී අයුතු ලෙස මුල්‍ය ලාභයක් ලබා ගැනීම සඳහා පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමට මහ බැංකුව සතු රහස්‍ය තොරතුරු ලබාදීම ඇතුළු චෝදනා යටතේ පවරා ඇති නඩුවේ පළමුවැනි සැකකරු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා සිංගප්පූරුවෙන් ශ‍්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා (පිටුවහල් කර ගැනීම සඳහා) උදර්පන නීතිය යටතේ සියලූ පියවර ගෙන ඇතැයි නීතිපතිවරයා ඊයේ (30) කොටුව මහෙස්ත‍්‍රාත් අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවියට දැනුම් දුන්නේය.

    අර්ජුන ඇලෝසියස්‌ මහතා ඇතුළු තිදෙනකුට හා පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමට එරෙහිව අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කර තිබූ නඩුව කැඳවූ අවස්‌ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය ඒ බව අධිකරණයට දැනුම් දුන්නාය.

    අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට කරන ලද දැනුම්දීම නොතකා කටයුතු කිරීම නිසා පසුගිය අප්‍රේල් 19 වැනිදා ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදන නිකුත් කළ සැකකරු මේ වනවිට සිංගප්පූරුවේ සිටින බවත් ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට රටවල් 192 ක බලාත්මක කර ඇති උධර්පන නීතිය අනුව කටයුතු කර ඇතැයි ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය එහිදී අධිකරණයට පෙන්වා දුන්නාය.

    එම සැකකරු අධිකරණය හමුවට ගෙන්වා ගැනීමට ගෙන ඇති පියවර පිළිබඳව කරුණු දක්‌වන ලෙසට පෙර නඩු දිනයේදී (පසුගිය 23 වැනිදා) අධිකරණය විසින් කරන ලද නියෝගය අනුව නීතිපති දෙපාර්තමේන්තුව එම කරුණු අධිකරණයට පෙන්වා දුන්නේය.

    එමෙන්ම සැකකාර හිටපු මහ බැංකු අධිපතිවරයා විසින් ජාත්‍යන්තර පොලිසිය හරහා ඉල්ලා තිබූ සියලු ලේඛන ඔහු වෙත යෑවීමට අවශ්‍ය නෛතික උපදෙස්‌ අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය එහිදී අධිකරණයට දැනුම් දුන්නාය. එම නඩුවේ දෙවන හා සිවුවන සැකකරුවන් වන අර්ජුන් ඇලෝසියස්‌ හා කසුන් පලිසේන යන දෙදෙනා 13 වැනිදා දක්‌වා තවදුරටත් රක්‌ෂිත බන්ධනාගාරගත කිරීමට ද මහෙස්‌ත්‍රාත්වරිය එහිදී නියෝග කළාය.

    එමෙන්ම එම සැකකරු අත්අඩංගුවට ගැනීමට අධිකරණය විසින් නිකුත් කර ඇති වරෙන්තු නියෝග ක්‍රියාත්මක කිරීමට අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව ජාත්‍යන්තර පොලිසිය හරහා අවශ්‍ය පියවර ගෙන ඇති බව ද එහිදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය පෙන්වා දුන්නාය. සැකකරු ඉල්ලා ඇති ඔහුට එරෙහිව ගොනු වී ඇති චෝදනා ඒවා සනාථ කිරීමට අධිකරණයට ඉදිරිපත් කර ඇති පැමිණිල්ලේ සාක්‌ෂි වරෙන්තු පිටපත් ඇතුළු ලේඛන සැකකරු වෙත මුදාහැරීමේ නීතිමය බාධාවක්‌ නොමැති බව පෙරේදා (29දා) ජාත්‍යන්තර පොලිසිය වෙත දන්වා යෑවීමට අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇතැයි ද ඇය පෙන්වා දුන්නාය.

    ඩබ්ලිව්. එම්. මෙන්ඩිස්‌ සමාගමෙන් අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉල්ලා ඇති විගණන වාර්තා සකස්‌ කිරීමට අවශ්‍ය අනුමැතිය හා එම වාර්තා සඳහා ඩබ්ලිව්. එම්. මෙන්ඩිස්‌ සමාගමේ අධ්‍යක්‌ෂවරයකු වන අර්ජුන් ඇලෝසියස්‌ මහතාගේ අත්සන් ලබා ගැනීමට අවසර ලබා දෙන ලෙස නීතිඥ චන්දන පෙරේරා මහතා එහිදී අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේය. 

    ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබා දෙන ලෙස ද මහෙස්‌ත්‍රාත්වරිය එහිදී බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළාය.

    රජයේ අධිනීතිඥ සහන්‍යා නාරංජනාත් මෙනවිය, රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ලක්‌මිණි ගිරිහාගම මෙනවිය, රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ උදාර කරුණාතිලක මහතා ඇතුළු නීතිඥ මණ්‌ඩලයක්‌ සමඟ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය පැමිණිල්ල නියෝජනය කළාය.

    නීතිඥ සජිත් ජයවර්ධන, නීතිඥ ජීවන්ත ජයතිලක ඇතුළු නීතිඥ මණ්‌ඩලයක්‌ විත්තිය නියෝජනය කළේය.

  • මයිකල් ජැක්සන්ගෙන් Pop Punkලට ලැබුණු මෙඩ්ල් එකේ රහස් කතාව මෙන්න

    මයිකල් ජැක්සන්ගෙන් Pop Punkලට ලැබුණු මෙඩ්ල් එකේ රහස් කතාව මෙන්න

    පොප් ලෝකේ රජ්ජුරුවො එහෙමත් නැත්නම් මයිකල් ජැක්සන් ලඟ ඉතාමත් රහසිගත මෙඩ්ල්ස් තුනක් තිබිල තියෙනව.මේ තුනෙන් එකක් ලඟ තියෙන ඕන කෙනෙකුට මියුසික් ගැන ඉතාබලගතු රහස් බලයක් ලැබෙනව කියලයි කටකතාව පැතිරිලා තියෙන්නෙ.ඉතිං ජැක්සන්ගෙන් මේ මෙඩ්ල් තුන ගන්න අපි නොදන්නව වුනාට ලොකෙ පුරා ගොඩ දෙනෙක් පට්ට ගේම් දීල තියෙනව.මේ මෙඩ්ල්ස් තුන රැකගන්න මයිකල් ජැක්සන්ට  පට්ට කට්ටක් කන්න වෙලා තියෙනවා.මේ නිසා ජැක්සන් අනන්ත හරිහැර වලට භාජනය වෙලා තියෙනවා.

    බේරෙන්න බැරිම තැන ජැක්සන් මේ මෙඩ්ල්ස් තුන කාට කාට හරි දෙන්න තීරණය කරල තියෙනවා.පළවෙනි මෙඩ්ල් එක Peter Gene Hernandez ටත් දෙවැනි එක දකුණු කොරියාවෙ Park jag-sang ටත් හිමිවෙලා තියෙන අතරේ තමන්ගෙ ජීවිතේ අවසාන කාලය ගෙවමින් ඉන්න ජැක්සන් තුන්වෙනි මෙඩ්ල් එක දකුණු ආසියාතික රටකට දෙන්න තීරණය කරල තියෙනවා.නමුත් අවාසනාවකට ඊට කලින් මයිකල් ජැක්සන් කියන ඒ පොප් ලොකෙ රජු අප අතරින් සමුගත්තා.

    ඒ කොහොම වුනත් තමන්ගෙ පුධානිය වෙනුවෙන් ජැක්සන්ගෙ සහයිකාවක් වුන ඒජන්ට් කැල්ගීර තමන්ගෙ බොස් වෙනුවෙන් ඒ භාරධූර වගකීම භාරගෙන ඒ මෙඩ්ල් එකේ අයිතිකාරය හොයාගෙන රටවල් ගානක් පීර අන්තිමේ ශ්‍රී ලංකාව කියන අපේ මේ සුන්දර රටට පය තිබ්බා…ඇයට තිබුනෙ එකම ප්‍රශ්නයයි ඒ කවුද සේ මෙඩ්ල් එකේ හැබෑ හිමිකාරය කියල හොයාගන්න එකයි.ඒ වෙනුවෙන් ඈ රෑදවල් නොබල වැඩ කලා එහි ප්‍රකිඵලයක් විදිහට අන්තමේදී එක්දතා දවසක රෑක ඒ විශේෂ පුද්ගලයින් දෙන්න හම්බුනා.

    ඔන්න ඔය විදිහට තමයි Pop Punk ලට මයිකල් ජැක්සන්ගෙ ඒ බලගතු රහසිගත මෙඩ්ල් එක හම්බුනේ කියල ඒ ගොල්ලො කියන්නෙ…

    බොරුවක් කියල හිතෙනවනම් ඔන්න ඔය පහල තියෙන ලින්ක් එක කිලික් කරල බලන්නකෝ… 

    https://www.youtube.com/watch?v=72TvDDcDhT4&t=33s

  • බුදු දහමට නිගා දෙන නාට්‍ය නිෂ්පාදකයා ඉවත් කළ යුතුයි

    බුදු දහමට නිගා දෙන නාට්‍ය නිෂ්පාදකයා ඉවත් කළ යුතුයි

    සංහිඳියා කාර්යාංශය මූලිකත්වය ගෙන නිෂ්පාදනය කර ඇති බුදු දහමට නිගා වන නාට්‍යවල නම් වෙනස් කිරීමට අදාළ නිෂ්පාදකවරයා කටයුතු නොකරන්නේ නම් ඔහු එම නාට්‍යයෙන් ඉවත් කළ යුතු බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ (24) පැවැසීය.

    කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ලක්බිම මේ පිළිබඳව කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මෙම අදහස් පැවැසීය.

    සංහිඳියා යන වචනයේ තේරුමත් නොදැන මෙවැනි නාට්‍ය නිපදවීම සුදුසු නැහැ. මේ වගේ නාට්‍ය නිෂ්පාදනය කරලා සංහිඳියාව ගොඩනගන්න බැහැ. ඒ නිසා මෙම නාට්‍ය වහාම නතර කළ යුතු බව ඇමැතිවරයා පැවැසීය.

  • මලල කී‍්‍රඩා අවසන් බලාපොරොත්තුව අද තරග බිමේ

    මලල කී‍්‍රඩා අවසන් බලාපොරොත්තුව අද තරග බිමේ

    ශී‍්‍ර ලංකා අවසන් මලල කි‍්‍රඩා බලාපොරොත්තුව වන පිරිමි මීටර් 400×4 සහාය දිවීමේ කණ්ඩායම අද (30) එම ඉසව්වේ අවසන් තරගයට එක් වනවා.
    එම තරගය ශී‍්‍ර ලංකා වේලාවෙන් අද පස්වරු 6.10ට ආරම්භ වීමට නියමිතයි. 
    මෙම ඉසව්වේදී ශී‍්‍ර ලංකාව නියෝජනය කරන්නේ කාලිංග කුමාරගේ, අරුණ දර්ශන, පසිදු කොඩිකාර සහ අජිත් පේ‍්‍රමකුමාරයි. අවසන් තරගයට එක්ව සිටින මීටර් 400×4 සහාය දිවීම් කණ්ඩායම් අතර කාල ගණනය අනුව ශී‍්‍ර ලංකාව පසුවන්නේ 4 වන ස්ථානයේයි. 
    මලල කී‍්‍රඩා පදක්කම් බලාපොරොත්තු රැසක් සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙවර ආසියානු කී‍්‍රඩා උළෙලට එක් වුවද ඉන් කිසිදු පදක්කමක් දිනා ගැනීමට ශී‍්‍ර ලාංකික මලල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට හැකි වූයේ නැහැ. 
    කෙසේ වෙතත් කාලිංග කුමාරගේ ප‍්‍රමුඛ මීටර් 400×4 සහාය දිවීමේ කණ්ඩායම අද පැවැත්වෙන අවසන් තරගය පිළිබදව සිටින්නේ දැඩි බලාපොරොත්තුවකින්.
    මේ අතර ආසියානු කී‍්‍රඩා උළලේ රග්බි තරග අද සිට ආරම්භ වන අතර ශී‍්‍ර ලංකාවද අද තරග බිමට පිවිසෙනවා. ශී‍්‍ර ලංකාව මෙහිදී තරග වදින්නේ සී කාණ්ඩයෙන්. ප‍්‍රබල දකුණු කොරියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ ඇෆ්ගනිස්තානය එම කාණ්ඩයට ඇතුළත්ව සිටිනවා. 
    සුදර්ශන මුතුතන්ති‍්‍රගේ නායකත්වයෙන් තරග වදින ශී‍්‍ර ලංකා රග්බි කණ්ඩායම අද දිනයේදී තරග දෙකකට සහභාගා වීමට නියමිත අතර පළමු තරග එක්සත් අරාබි එමීර් රාජ්‍ය්‍ය සමගත් දෙවන තරගය දකුණු කොරියාව සමගත් පැවැත් වෙනවා. 
  • විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ ගැසට් නිවේදනය

    විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ ගැසට් නිවේදනය

    විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමට අදාල ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
    එම ගැසට් නිවේදනය පහතින් දැක්වෙයි.
  • යුද හමුදාව දුම්රිය රියදුරු පුහුණුව ඉල්ලයි

    යුද හමුදාව දුම්රිය රියදුරු පුහුණුව ඉල්ලයි

    දුම්රිය එන්ජින් රියදුරු පුහුණුව ලබාදීමට අවශ්‍ය කටයුතු සලසන ලෙස යුද හමුදාව ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්‌ කර ඇත.

    රටේ ඇති වන හදිසි තත්ත්වයකට මුහුණ දීමට යුද හමුදාව ඕනෑම අවස්‌ථාවක සූදානමින් සිටින බවත්, එහි එක්‌ පියවරක්‌ ලෙස මෙම ඉල්ලීම සිදුකර ඇති බවත් යුද හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු ඊයේ (29 )  පැවසීය.

    වැඩවර්ජන පමණක්‌ ඉලක්‌ක කරගෙන මෙම ඉල්ලීම සිදුකර නොමැති බවත්, දුම්රිය එන්ජින් රියෑදුරු පුහුණුවට අමතරව නියාමක පුහුණුව ලබාදෙන ලෙසට ද ඉල්ලීමක්‌ කර ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    මේ පිළිබඳව කළ විමසීමකදී ආරක්‍ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක්‌ සඳහන් කළේ යුද හමුදාවේ එම ඉල්ලීම පිළිබඳව අධ්‍යයනය කරමින් සිටින බවය.

  • දළදා සමිඳුන්ට නමස්‌කාර කළ නැඳුන්ගමුවේ රාජා ගමට එන්න පිටත් වෙයි

    දළදා සමිඳුන්ට නමස්‌කාර කළ නැඳුන්ගමුවේ රාජා ගමට එන්න පිටත් වෙයි

    මහනුවර වාර්ෂික ඇසළ මංගල්‍යයේ අවසන් රන්දොaලි පෙරහැරට සහභාගි වෙමින් සිය පින්බර කාර්යභාරය නිමා කළ නැඳුන්ගමුවේ රාජා ඇතා ඊයේ (28 ) පෙරවරුවේ දළදා සමිඳුන්ට නමස්‌කාර කිරීමෙන් පසුව යුද හමුදා ආරක්‍ෂාව ඇතිව පෙරළා ගම්පහ හාම්පුතු කරා ගමන් ආරම්භ කළේය.
     
     නැඳුන්ගමුවේ රාජා ශ්‍රී දළදා මාළිගාව අසලින් පිටත්වීම සහ මහනුවරින් ගමන් ආරම්භ කරන අයුරු දැක බලා ගැනීමට විශාල පිරිසක්‌ පැමිණ සිටියහ.
     
     නැඳුන්ගමුවේ රාජා ඇතාට සුබ පැතීමට එක්‌වූ පිරිස්‌ අතර දියඩවන නිලමේ ප්‍රදීප් නිලංග දැල මහතාද විය.

  • පාර්ලිමේන්තුවේ හිටපු මහ ‍ලේකම්ට සිතාසි

    පාර්ලිමේන්තුවේ හිටපු මහ ‍ලේකම්ට සිතාසි

    වත්කම් බැරකම් හෙළි නොකිරීමේ චෝදනාව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ විත්තියේ සාක්ෂිකරුවකු ලෙස නම් කොට ඇති පාර්ලිමේන්තුවේ හිටපු මහ ‍ලේකම් ධම්මික කිතුල්ගොඩ මහතාට ලබන නොවැම්බර් 13 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි යැවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (28) නියෝග කළේය.

    ධම්මික කිතුල්ගොඩ මහතාව විත්ති පාර්ශ්වයේ සාක්ෂිකරුවකු ලෙස කැඳවීමට අපේක්ෂා කරන බව පෙන්වා දෙමින් සැකකාර ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිරෝෂන් සිරිවර්ධන මහතා කළ කරුණු දැක්වීම සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.

    කැබිනට් අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ 2010 වසරේ සිට 2014 වසර දක්වා වූ වසර පහක කාලයක් සඳහා වත්කම්, බැරකම් හෙළි නොකිරීමේ චෝදනා යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ෂේවියර් ප්‍රනාන්දු මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පහක් ගොනුකර තිබුණි.

    අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් (නීති) ගංගා හෙයියන්තුඩුව මහත්මිය පැමිණිල්ල මෙහෙයවූ අතර නීතිඥ කිංකිණි විලත්ගමුව, ඉන්දික ගිරාගම ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග නීතිඥ නිරෝෂන් සිරිවර්ධන මහතා විත්තිය නියෝජනය කළේය.

  • රෝසිගේ නිල නිවස පිරිසිදු කිරීමට ලක්‍ෂ 85 ක්

    රෝසිගේ නිල නිවස පිරිසිදු කිරීමට ලක්‍ෂ 85 ක්

    නගරාධිපති නිල නිවසේ පවිත‍්‍රතා සේවාව රුපියල් අසූපන් ලක්‍ෂයක කොන්ත‍්‍රාත්තුවකට දෙවසරක කාලයක් සඳහා පෞද්ගලික සමාගමකට පැවරීමට කොළඹ මහනගර සභාව තීරණය කර ඇත.

    නගර සභාවේ මුදල් පිළිබඳ ස්‌ථාවර කමිටුව හා මහා සභාව මෙම මුදල් වෙන් කිරීමට අනුමැතිය ලබාදී තිබේ.

    කොළඹ නගරසභාවේ පමණ ඉක්‌මවා කම්කරුවන් ඇතුළු කනිෂ්ඨ සේවකයන් සිටියදී නිල නිවසේ පවිත්‍රතා කටයුතු පෞද්ගලික අංශයට පැවරීම පිළිබඳව සේවකයෝ විමතිය පළ කරති. කොළඹ මහනගර සභාවට රුපියල් මිලියන 2000 ක ස්‌ථාවර තැන්පතුවක්‌ පවතින අතරම රුපියල් මිලියන 750 ක බැංකු අයිරාවක්‌ද පවතී.

    නගරාධිපති නිල නිවසේ පවිත්‍රතා කටයුතුවලට අදාළ මීට පෙර කොන්ත්‍රාත්තුව ලබාදී ඇත්තේ මාසයකට රුපියල් දෙලක්‍ෂ පනස්‌දහසක මුදලකටය. ඒ යටතේ සේවකයන් 7 දෙනකු සේවයෙහි යොදවා තිබූ අතර නව ටෙන්ඩරයට අනුව සේවකයන් 9 දෙනකු යොදවනු ඇත.

    කොන්ත්‍රාත්තුවට අදාළ ගිවිසුම ඉදිරියේදී අත්සන් කිරීමට නියමිතය.

  • ඇමති අර්ජුනගේ සභාපති අයියා හොරු සමඟ හෙළුවෙන්! පරීක්ෂණ යටගහන්න කප්පම් මාෆියාවක්!

    ඇමති අර්ජුනගේ සභාපති අයියා හොරු සමඟ හෙළුවෙන්! පරීක්ෂණ යටගහන්න කප්පම් මාෆියාවක්!

    මහින්දානන්ද අලුත්ගමගේගේ සමීපතමයකු යැයි කියන පුද්ගලයකුට අයත් හලාවත ඉන්ධන පිරුවුම්හලක අක්‍රමිකතා සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ යටපත් කිරීම සදහා තෙල් සංස්ථාවේ සභාපති ලෙස කටයුතු කරන ඛනිජතෙල් අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ වැඩිමහල් සොහොයුරෙකු වන ධම්මික රණතුංග විසින් කටයුතු කරමින් සිටින බවට වාර්තා වේ.

    සංස්ථාවේ සේවකයින් පවසන්නේ නිශාන්ත රණතුංගගේ මැදිහත් වීම මත එම බලපෑම සභාපතිවරයා විසින් කරන බවයි. හලාවත ඉන්ධන පිරුවුම්හල තෙල් සංස්ථාවට අයත් වූවකි. එය මහින්දානන්ද අලුත්ගමගේ සමීප හිතවතා අත්පත් කරගෙන ඇත්තේ නීත්‍යානුකූල ලෙස නොවේ. ඒ ගැන පරීක්ෂණ කිරීම සදහා විෂයභාර ඇමති අර්ජුන රණතුංග යටතේ ක්‍රියාත්මක විමර්ශන ඒකකය පසුගියදා එම ඉන්ධන පිරුවුම් හලට ගොස් ඇත.

    ඒ වන විටත් එහි තිබූ ඉන්ධන පොම්ප අටෙන් හයක්ම සකසා තිබුනේ අඩුවෙන් තෙල් ගැසීමට හැකි අයුරුනි. කිරුම් මිනුම් දෙපාර්තමේන්තුවේ මුද්‍රා පවා එම පොම්පවල නොවීය. ටෙස්ට් රන් පවා කර තිබෙනේ නැත.

    කෙසේ වෙතත් සභාපතිවරයාගේ රියදුරා මෙම ඉන්ධන හලට නිතර යන එන අතර මත්පැන් බෝතල්ද ලබා ගෙන තිබේ. ඊට අදාල දර්ශන සි සි ටී වී වල දක්නට තිබේ. ඒ අනුව අමාත්‍යාංශයේ නිලධාරීන් සමග එක්ව සංස්ථාවේ විමර්ශන නිලධාරීන් එම ඉන්ධන හල සීල් කිරීමට තීරනය කර ඇතත් නිශාන්ත රණතුංග මහින්දානන්ද අලුත් ගමගේ ඉල්ලීම මත කුප්‍රකට ධම්මික රණතුංග විසින් එය අත් හිටුවා තිබේ.

    එසේම එම පරීක්ෂණය කල අමත්‍යාංශ නිලධාර්න්ට හා ඊට සහභාගි වූ සංස්ථාවේ නිලධාරීන්ට විරුද්ධව එම ඉන්ධනහල වැටලුවේ ඇයිදයි අසමින් ප්‍රති විමර්ශනයක් අරඹා තිබේ.

    එ අනුව ගුණතිලක යන අයගේ වැඩ තහනම් කිරීමට මෙම කුප්‍රකට සභාපතිවරයා කටයුතු කර ඇත. ඔහු වෙනුවෙන් පෙනී සිටිමින් වැඩ වර්ජනයකට යාමට වත්තීය සමිති ක්‍රියා කරමින් සිටී. මහින්දානන්ද අලුත්ගමගේ සහ නිශාන්ත රණතුංග සමීප මිතුරෝය. පොහොට්ටුවේ න්‍යාය පත්‍රය අනුව යමින් දම්මික රණතුංග හරහා නිශාන්ත රණතුංග තෙල් සංස්ථාවේ කටයුතු කඩාකප්පල් කරමින් ආණ්ඩුව අපහසුතාවයට පත් කරමින් සිටින බවද තෙල් සේවකයෝ චෝදනා කරති.

  • රාජ්‍ය සේවයේ පවතින වැටුප් විෂමතා නිවැරදි කිරීම සම්බන්ධයෙන් වන නිර්දේශ ඔක්තෝබර් මස 30 වැනිදාට පෙර ලබාදෙන ලෙස ජනපති නියම කරයි

    රාජ්‍ය සේවයේ පවතින වැටුප් විෂමතා නිවැරදි කිරීම සම්බන්ධයෙන් වන නිර්දේශ ඔක්තෝබර් මස 30 වැනිදාට පෙර ලබාදෙන ලෙස ජනපති නියම කරයි

    රාජ්‍ය සේවයේ පවතින වැටුප් විෂමතා නිවැරදි කිරීම සම්බන්ධයෙන් වන නිර්දේශ ඔක්තෝබර් මස 30 වැනිදාට පෙර ලබා දෙන ලෙස ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා රාජ්‍ය සේවයේ වැටුප් සමාලෝචන විශේෂ ජනාධිපති කොමිසම වෙත ඊයේ (27 ) දැනුම් දුන්නේය. 

    ඒ තුළින් ඉදිරි අයවැය යෝජනා සම්පාදනයේදී ම`ග පෙන්වීමක් ලබාගත හැකි බවත් රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාව ඉවත් කිරීමට විධිමත් ක‍්‍රමවේදයක් හරහා සුදුසු නිර්දේශයන් කොමිසම මගින් ලබා ගැනීමට හැකි වනු ඇති බවත් ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේය.

    රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන චක්‍රලේඛ හා විධිවිධාන සම්බන්ධයෙන් හා රාජ්‍ය අංශයේ වැටුප් ආශ්‍රිත ඇති ගැටලු හා විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් පත් කළ අදාළ ජනාධිපති කොමිසම ජනාධිපති කාර්යාලයේදී ඊයේ (27) පළමු වරට රැස්‌වූ අවස්‌ථාවේදී ජනාධිපතිවරයා ඒ බව දන්වා සිටියේය.

    එස්‌. රනුග්ගේ මහතා සභාපතිවරයා වශයෙන් ද එච්. පී. සුමනසිංහ මහතා ලේකම්වරයා වශයෙන් ද පත් කොට ඇති එම විශේෂ කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් ලෙස කේ. එල්. එල්. විඡේරත්න, ටී. පී. කොල්ලුරේ, සී. පී. සිරිවර්ධන, සුධර්මා කරුණාරත්න, ජනක සුගතදාස, ධාරණි එස්‌. විඡේතිලක, ලලිත් ආර්. ද සිල්වා, පී. එස්‌. එදිරිසිංහ, ඒ. ආර්. දේශප්‍රිය, බී. පී. පී. එස්‌. අබේගුණරත්න, වෛද්‍ය පාලිත අබේකෝන්, පී. තංගමයිල්, එස්‌. ඩී. ජයකොඩි, එම්. සී. වික්‍රමසේකර යන මහත්ම මහත්මීහු කටයුතු කරති.

    රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන වැටුප් චක්‍රලේඛ විධිවිධාන කෙරෙහි අවධානය යොමු කරමින් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ අධීක්‌ෂණ කළමනාකරණ සේවයට යෝජිත වැටුප් පරිමාණය ලබාදීමේදී ඇති වන බලපෑම් අධ්‍යයනය කිරීම සඳහා සහ එහිදී මතු වන ගැටලු විසඳීම සඳහා ක්‍රමවේද යෝජනා කිරීම.

    මෑතකදී වැටුප් හා දීමනා වැඩි කරන ලෙස ඉල්ලීම් ඉදිරිපත් කරන ලද දුම්රිය සේවය, සෞඛ්‍ය, උසස්‌ අධ්‍යාපන හා අධ්‍යාපන, තැපැල් සේවය යන ක්‌ෂේත්‍ර සඳහා දැනට ක්‍රියාත්මක වන වැටුප් චක්‍රලේඛ මගින් වැටුප් විෂමතාවක්‌ සිදු වී ඇත්නම් එය අවම කිරීම සඳහා විසඳුම් යෝජනා කිරීම. 

    දීප ව්‍යාප්aත සේවාවන්ට අදාළ වැටුප් මෙන්ම කරනු ලැබ ඇති වැටුප් වැඩි කිරීම හේතුවෙන් දැනට පැන නැගී ඇතැයි හඳුනාගෙන ඇති වැටුප් විෂමතාවන් අවම කිරීමට නිර්දේශ ඉදිරිපත් කිරීම 

    සමාන වගකීම් දරන්නා වූ හෝ සමාන සුදුසුකම් සහිත වන්නා වූ හෝ වෘත්තිකයන් විසින් රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයන්හිදී ලබා ගන්නා වූ වැටුප් හා වේතනයන් සහ දීමනා අතර ඇති විෂමතාවන් අවම කිරීම පිණිස මඟ පෙන්වන වැටුප් හා වේතන ව්‍යqහයක්‌ පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම විශේෂ වැටුප් කොමිෂන් සභාවේ කාර්යයන් හා නියමයන් වේ.

    ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් සහ නිලධාරීන් මීට එක්‌ව සිටියහ.

  • ඤාණසාර හිමිට සමාව ඉල්ලා බුද්ධ ශාසන ඇමැති ජනපති හමුවට

    ඤාණසාර හිමිට සමාව ඉල්ලා බුද්ධ ශාසන ඇමැති ජනපති හමුවට

    බොදුබල සේනා සංවිධානයේ මහ‍ලේකම් ගලගොඩඅත්තේ ඤාණසාර හිමිට ‍පොදු සමාවක් ලබාදීමට හැකියාව ඇතිදැයි  විමසීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග පෞද්ගලිකව සාකච්ඡා කරන බව බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම මහතා ඊයේ (26) පැවැසීය.

    නඩු දෙකකට වරදකරු වී සිටින ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ මේ වනවිට රෝගාතුරව රෝහල්ගත කර සිටිති. සියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශ්වයද ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සම්බන්ධයෙන් සිය මතය ජනාධිපතිවරයා වෙත  මීට පෙර ලිඛිතව දන්වා තිබූ අතර තවත් නිකාය කිහිපයකින්ම උන්වහන්සේට එරෙහිව පනවා ඇති දඬුවම  පිළිබඳව ජනාධිපතිවරයාට වාචිකව දැනුම්දීම් කර ඇති බව වාර්තාවේ.

    ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් මේ රටට ඉතා අත්‍යවශ්‍ය භික්ෂුන් වහන්සේ නමක් බවත් ඒ  නිසා එලඹෙන අඟහරුවාදා පැවැත්වෙන කැබිනට් රැස්වීමෙන් පසුව ජනාධිපතිවරයා සමග තමා මේ පිළිබඳව කතා  කරන බවද අමාත්‍ය ගාමිණී ජයවික්‍රම මහතා පැවැසීය.

  • ගෝඨා ඇතුළු 07කට ලබන 10 වැනිදා ස්ථිර ති‍්‍රපුද්ගල මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතිසි

    ගෝඨා ඇතුළු 07කට ලබන 10 වැනිදා ස්ථිර ති‍්‍රපුද්ගල මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතිසි

    හිටපු ආරක්‍ෂක ලේකම්වරයකු වන ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත්දෙනකුට ලබන 10 වැනිදා ස්ථිර ති‍්‍රපුද්ගල මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතිසි යැවීමට විශේෂ ති‍්‍රපුද්ගල විනිසුරු මඬුල්ල ඊයේ (27) නියෝග කළේය. 

    තංගල්ල වීරකැටිය මැදමුලන ඞී. ඒ. රාජපක්‍ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයේ මුදල් අවභාවිත කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ නඩුවක් සලකා බැලූ විනිසුරු මඬුල්ල එම නියෝගය කළේය. මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් එම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වා ඉදිරිපත් කළ වාර්තාවක් සලකා බැලූ නීතිපතිවරයා අගවිනිසුරුවරයාගේ අනුමැතිය ඇතිව ස්ථිර ති‍්‍රපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේදී එම නඩුව පවරා තිබුණි.

    තංගල්ල වීරකැටිය මැදමුලන ඩී. ඒ. රාජපක්‍ෂ අනුස්‌මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයේ මුදල් අවභාවිත කළේ යෑයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ නඩුවක්‌ සලකා බැලූ විනිසුරු මඬුල්ල එම නියෝගය කළේය. මූල්‍ය අපරාධ විමර්ශන කොට්‌ඨාසය විසින් එම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වා ඉදිරිපත් කළ වාර්තාවක්‌ සලකා බැලූ නීතිපතිවරයා අගවිනිසුරුවරයාගේ අනුමැතිය ඇතිව ස්‌ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේදී එම නඩුව පවරා තිබුණි.

    හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ, ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්‌ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රසාද් හර්ෂාන් ද සිල්වා, එම සංස්‌ථාවේ හිටපු සාමාන්‍යාධිකාරි භද්‍රd උදුලාවතී කමලදාස ඇතුළු හත් දෙනකු එම නඩුවේ විත්තිකරුවන් ලෙස නම්කොට තිබුණි.

  • හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභයට එරෙහිව නඩු පවරයි

    හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභයට එරෙහිව නඩු පවරයි

    හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා අලූතින් පිහිටවූ ස්ථිර ති‍්‍රපුද්ගල මහාධිකරණය හමුවේ අද (24) නඩු පවරනු ලැබුවා. ඒ, මැදමුලන ඩි ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රාජ්‍ය මුදල් රුපියල් මිලියන 81.3ක් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව යටතේයි. හිටපු ආරක්ෂක ලේකම්වරයාට අමතරව තවත් 06දෙනෙකුට මෙම චෝදනාව යටතේ නීතිපතිවරයා අද නඩු පැවරූ බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ.
    මෙය මහා පරිමාණ දුෂණ හා වංචා සම්බන්ධයෙන් වන නඩුකටයුතු විභාග කිරීමට ඉකුත් දා අලූතින් පිහිටවූ ස්ථිර ති‍්‍රපුද්ගල මහාධිකරණය හමුවට ඉදිරිපත් වූ දෙවන නඩුව වනවා. එම නඩුව සැප්තැම්බර් මස 10වන දින යළි කැඳවීමට නියමිතයි. 
    එදින විත්තිකරුට සිතාසි නිකුත් කරන්නේද නැද්ද යන්න පිළිබඳ තීරණයක් ලබා දීමට නියමිතයි.