Tag: featured

  • හිටපු ජනපති මහින්දටත් මතක නැතිලු

    හිටපු ජනපති මහින්දටත් මතක නැතිලු

    ”ද නේෂන්’  පුවත්පතේ හිටපු මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස්‌ කෲර ලෙස වධ හිංසා පැමිණවීමේ සිද්ධියට අදාළව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට ලබා දුන් ප්‍රකාශයේදී … 

    සිද්ධිය වූ දින තමන්ට ලැබුණු දුරකථන ඇමතුම් සම්බන්ධයෙන් තමන්ට මතක නැති බව ඒ මහතා ප්‍රකාශ කර ඇතැයි නීතිපතිවරයා නියෝජනය කරමින් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ලක්‌මිණි ගිරිහාගම මෙනෙවිය ඊයේ (20) ගල්කිස්‌ස මහෙස්‌ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය වෙත කරුණු ඉදිරිපත් කළාය.

    ඉහත සිද්ධියට අදාළ නඩුව අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්‌ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සමග අධිකරණයේ පෙනී සිටි රජයේ අධිනීතිඥවරිය මෙම කරුණු අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබූ අතර සාක්‍ෂිකරුවන් මෙසේ මතක නෑ යනුවෙන් පැවසීම ඉදිරි විමර්ශනවලට බාධාවක්‌ බවද කියා සිටියාය.

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අසන ලද සෑම ප්‍රශ්නයකටම පාහේ මතක නෑ යන මතය දරනු ලැබූ බවද රජයේ අධිනීතිඥවරිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළ අතර සාක්‍ෂිකරුවන්ට මෙලෙස අමතකවීම සම්බන්ධයෙන් සොයා බලා විමර්ශනයක්‌ සිදු කරන ලෙස ද මෙහිදී මහෙස්‌ත්‍රාත්වරිය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියම කළාය.

    මේ අතර මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස්‌ දොම්පේ බදුවත්තේ රඳවා සිටි නිවාසයේ තොරතුරු වර්තමාන ආරක්‍ෂක ලේකම්වරයා ගෙන් ඉල්ලා ඇතත් ඊට පිළිතුරු ලැබී නොමැති බවද රජයේ නීතිඥවරිය අධිකරණයට දන්වා සිටියාය.

    ඇය සඳහන් කළේ තව දුරටත් ආරක්‍ෂක ලේකම්වරයාගෙන් ඊට පිළිතුරු අපේක්‍ෂාවෙන් පසුවන බවයි.

    මෙම සිද්ධියට අදාළව රක්‍ෂිත බන්ධනාගාර ගතකර ඇති හිටපු යුද හමුදා බුද්ධි අධ්‍යක්‍ෂ විශ්‍රාමික මේජර් ජනරාල් කුරුප්පු ආරච්චිගේ ධම්මික අමල් කරුණාසේකර මහතා ලබන 27 වැනිදා දක්‌වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද අධිකරණය මෙහිදී නියෝග කළේය.

  • මාතර රත්තරං කොල්ලයේ කොස්ගොඩ තාරක ඇතුළු තිදෙනා හඳුනා ගනී

    මාතර රත්තරං කොල්ලයේ කොස්ගොඩ තාරක ඇතුළු තිදෙනා හඳුනා ගනී

    මාතර නගරයේ ස්වර්ණාභරණ ආයතනයක් මංකොල්ල කෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පාතාල කල්ලි සාමාජිකයකු වූ කොස්ගොඩ තාරක ඇතුළු සාමාජිකයන් තිදෙනා ඊයේ  (20) මාතර අධිකරණයේ පැවැති හඳුනාගැනීමේ පෙරට්ටුවේදී එම නඩුවේ සාක්කිකරුවන් දෙදෙනකු විසින් හඳුනාගන්නා ලදී.
    මෙම හඳුනාගැනීමේ පෙරට්ටුව මාතර අතිරේක මහේස්ත්‍රාත් නිල්මිණි කේ. විතාරණ මහත්මියගේ නියෝග මත එහි වැඩබලන මහේස්ත්‍රාත් හා නීතිඥ ෂර්ලි ජයවීර මහතා ඉදිරියේ පැවැත්විණි.

    මෙම නඩුවේ සාක්ෂිකාරියක වූ එම ස්වර්ණාභරණ ආයතනයේ සේවිකාවට එම සැකකරුවන් කිසිවකු හඳුනාගැනීමට හැකි නොවීය.
    එහෙත් මාතර ‍පොලීසියේ අපරාධ විමර්ශන ඒකකයේ ‍පොලිස් පරීක්ෂක එච්.ජේ.කේ.එන්.එස්. විජේරාම මහතාට සහ එහි ‍පොලිස් කොස්තාපල් සංජීව මහතාට අදාළ සැකකරුවන් තිදෙනාට හඳුනාගැනීමට හැකියාව ලැබුණි.

    ඒ අනුව පාතාල නායක කොස්ගොඩ තාරක ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 24 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාතර අතිරේක මහේස්ත්‍රාත් නිල්මිණි කේ. විතාරණ මහත්මිය ඊයේ (20) නියෝග කළාය.

    මෙසේ රක්ෂිත බන්ධනාගාරගත වූයේ කොස්ගොඩ නානතොට නෙල්ලිගස් කැ‍ලේ පදිංචි ධර්මකීර්ති තාරක විජේසේකර හෙවත් කොස්ගොඩ තාරක සහ ඔහුගේ සොයුරකු වූ ධර්ම කීර්ති මධුක නිර්මාල් පෙරේරා, විජේසේකර නොහොත් කොස්ගොඩ මධුක සහ අනුරාධපුරදුටුවැව හිරන්දෙණිය ගෙදර අතුල කිත්සිරි කුමාර නොහොත් නාරම්මල මලා යන සැකකරුවන් තිදෙනාය.
    මීට පෙර මෙම හඳුනාගැනීමේ පෙරට්ටුව පැවැත්වීමට අවස්ථා කිහිපයකදීම නියමිත තිබුණද විවිධ හේතුන් නිසා කල් දැමුණද ඊයේ (20) දින පෙරවරුවේ මෙම හඳුනාගැනීමේ පෙරට්ටුව පැවැත්විණි.
    රක්ෂිත බන්ධනාගාරගත වූ කොස්ගොඩ තාරකගේ නායකත්වයෙන් වූ මෙම පාතාල කල්ලිය පසුගිය 22 දින මාතර නගරයේ ප්‍රසිද්ධ ස්වර්ණාභරණ ආයතනයකට කඩා වැදී ගිනි අවිපෙන්වා රන් ආභරණ මංකොල්ලකා තිබිණ.

    එම අවස්ථාවේ එම පාතාල කල්ලිය සමග ‍පොලිස් වෙඩි හුවමාරුවක් සිදුවූ අතර එම කල්ලියේ වෙඩි ප්‍රහාරයකින් ‍පොලිස් සැරයන් සුරංග ප්‍රදීප් වීරසිංහ මහතා මරුමුවට පත්වූ අතර තවත් ‍පොලිස් සැරයන්වරයකු හා කොස්තාපල්වරයකුද සිවිල් වැසියන් දෙදෙනකුටද බරපතළ තුවාල සිදුවිය.

  • කොළඹ නගරාධිපති නිළ කාමරයේ වසර 50කට අධික කලක් තිස්සේ පැවති ඓතිහාසික බුද්ධ ප්‍රතිමාව රෝසි ආ පසු අතුරුදහන් වෙයි

    කොළඹ නගරාධිපති නිළ කාමරයේ වසර 50කට අධික කලක් තිස්සේ පැවති ඓතිහාසික බුද්ධ ප්‍රතිමාව රෝසි ආ පසු අතුරුදහන් වෙයි

    කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියගේ නිල කාමරයේ තිබී ඉවත් කරන ලද ඓතිහාසික ලෝහමය බුද්ධ ප්‍රතිමා වහන්සේ අතුරුදන්ව ඇති බව කොළඹ මහ නගර සභාවේ ආරංචි මාර්ග පවසයි.

    රෝසි සේනානායක මහත්මිය නගරාධිපති ධුරයට පත්වීමෙන් පසු නිල කාමරයේ තිබූ පැරණි බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉවත් කර ඇතැයි පෙරේදා (19) අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වූ උත්සවයකදී ඕමල්පේ සෝභිත හිමියෝ පැවසූහ. කොළඹ මහ නගර සභාවේ තිබූ බුද්ධ ප්‍රතිමා වහන්සේ නැවත එම ස්‌ථානයේ තැන්පත් කළ බව රෝසි සේනානායක මහත්මිය තමාට එම අවස්‌ථාවේම දුරකථනයෙන් දැනුම් දුන් බව අගමැතිවරයා එහිදී සිය කතාවේදී කියා සිටියේය.

    එහෙත් ඊයේ (20) පෙරවරුව වන විටත් නගරාධිපති නිල කාමරයෙන් ඉවත් කළ බුද්ධ ප්‍රතිමා වහන්සේ සොයා ගැනීමට නොහැකිව සිටියදී ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය අංශය ඒ පිළිබඳව සොයා බැලීමට පැමිණ ඇත. එම අවස්‌ථාවේ නගරාධිපතිනිය කලබල වී ආණ්‌ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක නිල කාමරයේ තැන්පත් කර තිබූ බුද්ධ ප්‍රතිමා වහන්සේ නගරාධිපති නිල කාමරයේ තැන්පත් කර ජනාධිපති කාර්යාලය නොමග යෑවූ බව කොළඹ නගර සභා සේවකයෝ පැවසූහ.

    රෝසි සේනානායක මහත්මිය විසින් සිය නිල කාමරයේ දැනට තැන්පත් කර තිබෙන සුදු පැහැති බුද්ධ ප්‍රතිමා වහන්සේගේ සහ පැරණි බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ඡායාරූප  බැලුවහොත් එය වටහා ගැනීමට අපහසු නොවන බවද ඔවුහු කියති.

    ඓතිහාසික වටිනාකමක්‌ ඇති බුද්ධ ප්‍රතිමා වහන්සේ වසර 50 කට අධික කලක සිට නගරාධිපති නිල කාමරයේ තැන්පත් කර තිබී ඇත. එම කාලය තුළ සිරිසේන කුරේ, හුසේන් මොහොමඩ්, රත්නසිරි රාජපක්‍ෂ, කේ. ගනේෂලිංගම්, කරු ජයසූරිය, ඕමාර් කාමිල්, ප්‍රසන්න ගුණවර්ධන, උමේස්‌ ඉමිටියාස්‌, ඒ. ඡේ. එම්. මුසම්මිල් යන මහත්වරුන් නගරාධිපතිවරුන් ලෙස කටයුතු කළ ද ඒ කිසිවකුත් මෙම ප්‍රතිමා වහන්සේ ඉවත් කිරීමට හෝ වෙනස්‌ කිරීමට කටයුතු නොකළ බව සේවකයෝ පවසති.

  • දුම්රිය හරස් මාර්ග සංඥා නොතකන රියදුරන්ට  දඩය 25,000යි

    දුම්රිය හරස් මාර්ග සංඥා නොතකන රියදුරන්ට දඩය 25,000යි

    දුම්රිය හරස් මාර්ග විදුලි සංඥා නොතකමින් කටයුතු කරන රියැදුරන්ට රුපියල් 25,000ක මුදල් දඩයක් නියම කිරීමට නීති විධි විධාන මේ වන විටත් සකස් කර ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පෙරේදා දින (19) හික්කඩුවේදී පැවැසීය.

    අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙම කරුණු මාධ්‍යයට හෙළිකළේ දුම්රිය හරස් මාර්ග විදුලි සංඥා පද්ධති 10ක් දුම්රිය සේවාව සඳහා විවෘත කිරීමෙන් අනතුරුවය. ප්‍රධාන දුම්රිය හරස් මාර්ග ඇති ස්ථානවලට සී.සී.ටී.වී. කැමරා සවිකර මාර්ග නීති කඩන්නන් හඳුනාගැනීමට කටයුතු කරන බවද ඇමැතිවරයා පැවැසීය.

    මෙම ව්‍යාපෘතිය යටතේ දුම්රිය මාර්ග විදුලි සංඥා පද්ධති 200ක් ස්ථාපනය කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇත. මේ ව්‍යාපෘතිය සඳහා වැයවන මුළු වටිනාකම ඇ.ඩො. මිලියන 6.4ක් වන අතර, තනි දුම්රිය මාර්ග සඳහා විදුලි සීනු පද්ධති 175ක් සහ ද්විත්ව මාර්ග සඳහා විදුලි සීනු පද්ධති 25ක් ස්ථාපිත කිරීම ආරම්භ කර ඇත. මොරටුව විශ්වවිද්‍යාලයට අනුබද්ධ පෞද්ගලික සමාගමක් වන යුනි කන්සල්ටන්සි සර්විස්ආයතනය විසින් දුම්රිය දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි.

    ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතිය තුළ හරස් මාර්ග 1337ක් පවතින අතර, ඉන් හරස් මාර්ග 526ක් සඳහා නිසි ආරක්ෂාව සපයා ඇති අතර තවමත් අනාරක්ෂිත හෙවත් බම්බු ගේට්ටු මගින් ආරක්ෂාව සපයනු ලබන හරස් මාර්ග සංඛ්‍යාව 626කි. මෙම ව්‍යාපෘතිය නිමවීමත් සමගම එම අනාරක්ෂිත හරස් මාර්ග ගේට්ටු ප්‍රමාණය අවම කිරීමට හැකිවන බව ඇමැතිවරයා පැවැසීය.

  • ආණ්‌ඩුවේ දේශපාලන පක්‍ෂ කිහිපයක්‌ නව මැතිවරණ ක්‍රමයට විරෝධය

    ආණ්‌ඩුවේ දේශපාලන පක්‍ෂ කිහිපයක්‌ නව මැතිවරණ ක්‍රමයට විරෝධය

    ඇමැතිවරුන් වන රාවුෆ් හකීම්, මනෝ ගනේෂන්, රිෂාඩ් බදියුදීන් යන මහත්වරුන් ඇතුළු ආණ්‌ඩුවේ දේශපාලන පක්‍ෂ කිහිපයක්‌ නව මැතිවරණ ක්‍රමයට විරෝධය පළකර ඇති නිසා ඊට කිසි ලෙසකත් එකඟ නොවන බව අගමැතිවරයා දැනුම් දී තිබේ.

    එමෙන්ම එක්‌සත් ජාතික පක්‍ෂයේ මැති ඇමැතිවරුන් පිරිසක්‌ ද මෙම නව මැතිවරණ ක්‍රමයට අකැමැති බව පක්‍ෂ නායකත්වයට දැනුම් දී ඇත.

    පළාත් සභා මැතිවරණය පිළිබඳව අවසන් තීරණයක්‌ ගැනීමට ලබන 27 වැනිදා ඒ පිළිබඳ විශේෂ විවාදයක්‌ පැවැත්වීමට පාර්ලිමේන්තුවේ පක්‍ෂ නායකයන් විසින් තීරණය කරනු ලැබූහ.

    ආණ්‌ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයත්, ජාතික හෙළ උරුමයත් නව මැතිවරණ ක්‍රමය අවශ්‍ය බවට දැනටමත් ප්‍රකාශ කර ඇති අතර ඉක්‌මණින් මැතිවරණයක්‌ පැවැත්විය හැකි ක්‍රමයකට සහාය දක්‌වන බවට ඒකාබද්ධ විපක්‍ෂය දැනුම් දී ඇත.

    ඇමැතිවරුන් වන රාවුෆ් හකීම්, මනෝ ගනේෂන්, රිෂාඩ් බදියුදීන් යන මහත්වරුන් ඇතුළු ආණ්‌ඩුවේ දේශපාලන පක්‍ෂ කිහිපයක්‌ නව මැතිවරණ ක්‍රමයට විරෝධය පළකර ඇති නිසා ඊට කිසි ලෙසකත් එකඟ නොවන බව අගමැතිවරයා දැනුම් දී තිබේ.

    එමෙන්ම එක්‌සත් ජාතික පක්‍ෂයේ මැති ඇමැතිවරුන් පිරිසක්‌ ද මෙම නව මැතිවරණ ක්‍රමයට අකැමැති බව පක්‍ෂ නායකත්වයට දැනුම් දී ඇත.

    පළාත් සභා මැතිවරණය පිළිබඳව අවසන් තීරණයක්‌ ගැනීමට ලබන 27 වැනිදා ඒ පිළිබඳ විශේෂ විවාදයක්‌ පැවැත්වීමට පාර්ලිමේන්තුවේ පක්‍ෂ නායකයන් විසින් තීරණය කරනු ලැබූහ.

    ආණ්‌ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයත්, ජාතික හෙළ උරුමයත් නව මැතිවරණ ක්‍රමය අවශ්‍ය බවට දැනටමත් ප්‍රකාශ කර ඇති අතර ඉක්‌මණින් මැතිවරණයක්‌ පැවැත්විය හැකි ක්‍රමයකට සහාය දක්‌වන බවට ඒකාබද්ධ විපක්‍ෂය දැනුම් දී ඇත.

    ඒ අනුව ආණ්‌ඩුව Rජු රැකියා අවස්‌ථා හාරලක්‍ෂ තිස්‌දහසක්‌ බිහිකර ඇති අතර විදේශීය රැකියා සහ ස්‌වයං රැකියා ද සමග රැකියා ලක්‍ෂ 7 ක්‌ පමණ බිහිකර ඇතැයි අගමැතිවරයා කියා සිටියේය.

    2015 වසරේදී මෙරට රැකියා නියුක්‌තිකයන්ගේ ප්‍රමාණය මිලියන 7.8 ක්‌ වූ අතර එය 2017 අවසන් වන විට මිලියන 8.23 දක්‌වා ඉහළ ගොස්‌ ඇතැයි ද අගමැතිවරයා කීය.

    එම ප්‍රමාණයෙන් සෑහීමකට පත් නොවන බවත් ඉහළ ආදායම් ලබන රැකියා මෙරට බිහිකිරීම තම අභිප්‍රාය බවත් පැවසූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කඩාවැටී තිබූ ආර්ථිකය නැවත නඟාසිටුවීමට ආණ්‌ඩුව ක්‍රියා කළ නිසා මෙසේ රැකියා ලක්‍ෂ 07 ක්‌ පමණ බිහිකිරීමට හැකි වූ බවද ඉදිරියේදී රටේ ණය අඩුකර ගැනීමට ක්‍රියාකරන බවද වැඩිදුරටත් කියා සිටියේය.

  • 1 වැනිදා සිට දුම්රිය ගාස්තු 15%කින් වැඩිවේ

    1 වැනිදා සිට දුම්රිය ගාස්තු 15%කින් වැඩිවේ

    ඔක්තෝබර් 01 වැනිදා සිට දුම්රිය ගාස්තු 15% කින් වැඩිවන බව දුම්රිය සාමාන්‍යාධිකාරී මහානාම අබේවික‍්‍රම මහතා ‘දිවයින’ට ඊයේ (19 වැනිදා* පැවසීය.

    ඉන්ධන මිල ඉහළ යෑම හමුවේ සිදුවන පාඩුව වළක්වා ගැනීමට මෙලෙස දුම්රිය ගාස්තු ඉහළ දැමීමට සිදුවන බව කී ඒ මහතා ඊට අදාළ ගැසට් නිවේදනය ඉදිරි දින කිහිපයේදී ප‍්‍රකාශයට පත්කරන බවද සඳහන් කළේය.

    මීට පෙර දුම්රිය ගාස්තු සංශෝධනයක් සිදුව ඇත්තේ 2008 වසරේදී බවද ඒ මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

  • උසස් පෙළ ඇගයීම් වෙනුවෙන් පාසල් 37ක් වසා තැබේ

    උසස් පෙළ ඇගයීම් වෙනුවෙන් පාසල් 37ක් වසා තැබේ

    අපොස උසස් පෙළ විභාගයේ පළමු අදියරේ ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල් 37ක් ලබන 23වනදා සිට සැප්තැම්බර් 05වනදා දක්වා සම්පූර්ණයෙන්ම වසා තැබෙනවා.
    අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ 03වන පාසල් වාරය වෙනුවෙන් මෙම පාසල් සැප්තැම්බර් 06වනදා විවෘත කරන බවයි. සෙසු පාසල් 03වන වාරය සඳහා විවෘත කරන්නේ සැප්තැම්බර් 03වනදායි.
  • ඇමති කිරිඇල්ලගේ අරුම යහපාලනය… අහිංසක ග්‍රාමසේවිකාවක් රස්සාවෙන් දොට්ට දමයි

    ඇමති කිරිඇල්ලගේ අරුම යහපාලනය… අහිංසක ග්‍රාමසේවිකාවක් රස්සාවෙන් දොට්ට දමයි

    මහනුවර දිස්ත්‍රික්කයේ, හසලක ග්‍රාම සේවක නිලධාරිනියකගේ රැකියාව ඇමති ලක්ෂ්මන් කිරිඇල්ලගේ අණින් අත්හිටුවා ඇතැයි වාර්තා වේ. දියබුබුල වසමේ කොට්ඨාශ අංක 938 හි ග්‍රාම නිලධාරිනිය වශයෙන් කටයුතු කල ප්‍රියංගිකා සජීවනී ජයසිංහ නම් ග්‍රාම සේවා නිලධාරිනියගේ රැකියාව මේසේ අහිමි කොට ඇත.

    මේ සබැඳිව සේවයෙන් පහ කිරීමේ ලිපියක් හෝ ඇය හට ලබා දී නොමැති අතර, ආසන්න හේතුවක් වශයෙන් දක්වා ඇත්තේ ඇය සේවය පැහැර හැරීමක් පිලිබඳව හා කාර්යාලයේ නොසිටීමක් පිළිබඳව වුවද ඇය රාජකාරී දිනයන්හි මෙන්ම අමතර දිනවලද සේවය කර ඇති බව වාර්තා වල සඳහන් වේ. එසේම ඇය කිසි දිනක රාජකාරිය පැහැර හැර නොමැති බවද අප කල විමසුමකදී ගම් වැසියන් සඳහන් කලා

    ඇය සේවයෙන් පහ කිරීම පිළිබඳව  මහියංගන ප්‍රාදේශීය ලේකම් විසින් ඇය හට දැනුම් දී ඇති අතර, ඒ අවස්තාවේදී ඇය විමසා ඇත්තේ හේතුව කුමක්ද කියාය. එවිට ප්‍රාදේශීය ලේකම් පවසා ඇත්තේ එය ඉහලින් පැමිණි නියෝගයක් බවත්, ලිපියක් ඉදිරියේදී එවන බවත්ය. නමුත්, අැයගේ රැකියාව අහිමිකොට මේ වන විට මාස 03 ක් පමණ වන අතර, මේ වන තෙක් ඇයට කිසිඳු ලියවිල්ලක් හෝ යම් සාධාරණයක් ඉටු වී නොමැත.

    ගම්වාසීන් පවසන ආකාරයට එයට ආසන්නතම සිදුවීම වනුයේ ඇය හා අමනාපකම් ඇති ඥාතීන් විසින් ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල යටතේ සේවයේ නියුතු නිශ්ශංක නැමැත්තෙකු මාර්ගයෙන් මැයගේ රැකියාව අහිමි කොට ඇති බවයි. නිශ්ශංක නැමැත්තා අවස්තා කිහිපයකදී ඇයගේ දුරකථනය අමතා රැකියාව අහිමි කරන බවටද තර්ජනය කොට ඇත. මේ සබැඳිව ප්‍රදේශවාසීන් විසින් පෙත්සමක් ඉදිරිපත් කර ඇය නැවත රැකියාවට අනුයුක්ත කරන ලෙස ඉල්ලා ඇතත්, ඒ සියලු ලිපි ඇයගෙන් සඟවන බව දැනගන්නට ඇත.

    යහපාලනය මුවාවෙන් ඇමතිලා සහ හෙංචයියලා විසින් සිදුකරනු ලබන මෙවන් අකටයුතු කම් නැවතිය යුතුව ඇත.

  • එජාපයෙන් ජනාධිපති අපේක්ෂක කම දුන්නොත් අභියෝගය භාරගෙන ජයගන්නවාමයි

    එජාපයෙන් ජනාධිපති අපේක්ෂක කම දුන්නොත් අභියෝගය භාරගෙන ජයගන්නවාමයි

    ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට  තමන්ට බාර දිමට එක්සත් ජාතික පක්ෂයත්, විපක්ෂ නායකත්වයත් තීරණය කළහොත්  එම අභියෝගය බාර ගන්නා බවට හිටපු හමුදාපති  ෆීල්ඩ් මාර්ෂල් ඇමැති සරත් ෆොන්සේකා මහතා පැවසීය.

     එය පක්ෂය විසින් ගත යුතු තීරණයක්  බවත්  තිස් වසරක කුරිරු යුද්ධයෙන් රට බේරා ගත් තමා ඉදිරියටත් රට සහ රටේ  ජනතාව වෙනුවෙන් අවංකව කැප වෙන  බවත් ෆොන්සේකා මහතා සඳහන් කළේය.

    තම පක්ෂය ගන්නා තීරණයකට තමාද එකඟවන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

  • බොදුබලේ මහලේකම් ඥානසාර හිමිගේ සැත්කම අද

    බොදුබලේ මහලේකම් ඥානසාර හිමිගේ සැත්කම අද

    බොදුබල සේනා සංවිධානයේ මහ ‍ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සැත්කම අද (20දා) සිදු කරන බව ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහ‍ලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රභාත් වේරවත්ත මහතා ඊයේ (19) පැවැසීය.

    වකුගඩු ආශ්‍රිතව හටගත් ගලක් ඉවත් කිරීම සඳහා උන්වහන්සේට සිදු කිරීමට නියමිතව තිබූ ශල්‍යකර්මය හෘද ස්පන්දය නියමිත පරිදි සිදු නොවීම හේතුවෙන් පසුගියදා කල් දැමීමට සිදුවිය.

    මේ වනවිට උන්වහන්සේ ශල්‍යකර්මය සඳහා නිර්වින්දනය කිරීමට අවශ්‍ය තත්ත්වයකින් පසුවන බව නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා කියා සිටියේය.

    අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට වරදකරු වීම නිසා බරපතළ වැඩ සහිතව වසර 6ක සිරදඬුවමක් නියම වී සිටින ඥානසාර හිමියන් එම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කළ දිනට පෙර දිනයේදී රෝහල් ගත විය. නඩු තීන්දුව ලැබුණු දිනයේදී කිරීමට තිබූ මෙම ශල්‍ය කර්මය උන්වහන්සේ හෘද ස්පන්දනයේ ඇති වූ ගැටලුවක් හේතුවෙන් දිනෙන් දින කල් තැබිණි.

  • විජයකලාගේ මන්ත‍්‍රී ධුරය අහෝසි කල හැකි බවට නීතිපති කථානායකට උපදෙස් දෙයි

    විජයකලාගේ මන්ත‍්‍රී ධුරය අහෝසි කල හැකි බවට නීතිපති කථානායකට උපදෙස් දෙයි

    එල්. ටී. ටී. ඊ. සංවිධානය යළි අවශ්‍ය බවට ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශයක් කළේ යැයි කියන හිටපු රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන් මහත්මියයට අදාළව පාර්ලිමේන්තු ස්ථාවර නියෝග යටතේ පියවර ගත හැකි බවට නීතිපති දෙපාර්තමේන්තුව කථානායකවරයාට උපදෙස් දී ඇතැයි එම දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙක්  පැවසීය.

    විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරිය කළ බව කියන ප්‍රකාශය සම්බන්ධව පොලිසිය විසින් සිදුකර ඇති විමර්ශනවලට අදාළව ගත යුතු නීතිමය පියවර පිළිබඳ පරීක්‍ෂා කළ බවද නීතිපතිවරයා කථානායකවරයා වෙත දැනුම් දී ඇතැයි හෙතෙම කීවේය.

    විජයකලා මහේෂ්වරන් මහත්මිය ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමැතිවරිය ලෙස කටයුතු කරමින් යාපනයේ පැවැති ප්‍රසිද්ධ රැස්‌වීමකදී එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැඟිය යුතු බවට කළ ප්‍රකාශය සම්බන්ධව විවිධ පුද්ගලයන් සහ සංවිධාන පොලිසිය වෙත පැමිණිලි ඉදිරිපත් කර ඇත.

    ඒ අනුව මේ පිළිබඳ විමර්ශනය කිරීමට පත්කළ විශේෂ පොලිස්‌ කණ්‌ඩායමේ වාර්තාව පසුගියදා පොලිස්‌පතිවරයා විසින් නීතිපතිවරයා වෙත ඉදිරිපත් කරනු ලැබීය. ඒ අනුව මේ පිළිබඳ පරීක්‍ෂණ කිරීමට නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයාද ප්‍රමුඛ කණ්‌ඩායමක්‌ පත්කළ අතර පොලිසිය විසින් ඉදිරිපත් කළ විමර්ශන වාර්තා මෙම කණ්‌ඩායම විසින් අධ්‍යයනය කර ඇත.

    මේ සම්බන්ධව කථානායක කාර්යාලයෙන් අප කළ විමසීමේදී එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ප්‍රකාශ කළේ නීතිපතිවරයා විසින් මෙතෙක්‌ කථානායකවරයා වෙත විජයකලා මන්ත්‍රීවරිය පිළිබඳ වාර්තාවක්‌ එවා නැති බවයි.

    පොලිස්‌පතිවරයා විසින් මේ සම්බන්ධ පරීක්‍ෂණ වාර්තා නීතිපතිවරයා වෙත යවා ඇතත් මන්ත්‍රීවරිය කළ ප්‍රකාශයෙන් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව උල්ලංඝණය වී ඇතිද යන්න සම්බන්ධව නීතිපතිවරයා විසින් කථානායකවරයා වෙත දැනුම් දීමක්‌ කළ විට අවශ්‍ය පියවර ගත හැකි බවද හෙතෙම කීවේය.

    කෙසේ වෙතත් ශ්‍රී ලංකාව තුළ වෙනම රාජ්‍යයක්‌ පිහිටුවීමට කෙළින්ම හෝ අන්‍යාකාරයෙන් ආධාර අනුබල දීම අනුග්‍රහය දැක්‌වීම, ධෛර්යය දීම හෝ දේශනා කිරීම නොකරන බවට සෑම මන්ත්‍රීවරයකුම දිවුරුම් දෙන අතර එය උල්ලංඝණය කළොත් එම මන්ත්‍රීවරයාගේ හෝ මන්ත්‍රීවරියගේ මන්ත්‍රී ධුරය අහෝසි වන අතර වසර හතක්‌ නොඉක්‌මවන කාලයක්‌ සඳහා ප්‍රජා අයිතිවාසිකම්ද නොලැබේ.

  • ශ්‍රී ලංකා IMF ගිවිසුම අවසන්.. යළි දීර්ඝ නොකිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය

    ශ්‍රී ලංකා IMF ගිවිසුම අවසන්.. යළි දීර්ඝ නොකිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය

    ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගෙන තිබෙන ගිවිසුම මේ වසරේදී අවසන් වීමට නියමිත අතර එය යළි දීර්ඝ නොකිරීමට රජයේ අවධානය යොමුව තිබේ.   ගිවිසුම් කාලය අවසන් වීමෙන් පසු අංශ කිහිපයක් ඔස්සේ ජනතාවට සහන ලබාදීමට ද රජය තීරණය කර ඇත.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ශ්‍රී ලංකා රජය අත්සන් කර තිබෙන ගිවිසුම අනුව ජනතාවට සහන දීමේ සීමා පැනවී ඇති අතර වියදම් සීමා කොන්දේසිද දැනුම් දී තිබුණි. පැවැති මහින්ද රාජපක්ෂ රජය සමයේ 2013 වර්ෂයේදී මෙම ගිවිසුම අත්සන් කර තිබූ අතර එය මෙම වසරේදී අවසන් වීමට නියමිතය.

    ගිවිසුම් කාලය අවසන් වූ පසු දෙන සහන පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍යාංශයට උපදෙස් දී ඇත

  • පාකිස්ථාන් නව අගමැති ලෙස ඉම්රාන් ඛාන් දිව්රුම් දෙයි

    පාකිස්ථාන් නව අගමැති ලෙස ඉම්රාන් ඛාන් දිව්රුම් දෙයි

    පාකිස්තානයේ නව අගමැතිවරයා වශයෙන් එරට හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන් අද (18) පෙරවරුවේ ඉස්ලාමාබාද් නුවරදී දිවුරුම් දුන්නේය.

    දකුණු ආසියාවේ රටවල් අතුරින් න්‍යෂ්ඨික අවි වලින් බලසම්පන්න රටක් වන පාකිස්තානය මේ වන විට දිනෙන් දින පිරිහෙන අර්ථිකයකට මුහුණ දෙමින් මහත් වියවුල් සහගත තත්ත්වයකට පත්ව සිටින රටක් වශයෙන් අන්තර්ජාතික විචාරකයන්ගේ වර්ගීකරණයට පාත්‍රවී තිබේ. 

    එවන් රටක අභිමානය ගොඩනැංවීම ඉම්රාන් ඛාන්ගේ අභියෝගය වී තිබේ. 

    උග්‍ර ජාතිකවාදියකු වශයෙන් හැඳින්වෙන ඉම්රාන් ඛාන්, පසුගිය මාසයේදී පැවැති මැතිවරණයෙන් පහසු ජයක් ලබාගත්තේය. මිලියන 208 ක ජනගහනයකින් යුත් පාකිස්තානයේ නව නායකයා වශයෙන් අබිසෙස් ලබද්දී ඉම්රාන් ඛාන් ඇඳ සිටියේ සිය වීරයා වූත් පාකිස්තානය ස්ථාපිත කිරීමේ පුරෝගමියා වූත් මොහොමඞ් අලි ජින්නා නිතරම ඇඳි කළු පැහැති ෂර්වානියයි. 

    “මම සත්‍ය වශයෙන්ම පාකිස්තානය වෙනුවෙන් බැඳී සිටිමි” යයිද පාකිස්තානු ව්‍යවස්ථාව ආරක්‍ෂා කරමින් ඊට ගෞරව කරන බවද දිවුරුම් දීමේ ප්‍රකාශය කියවමින් ඉම්රාන් ඛාන් කියා සිටියේය. ඉම්රාන් ඛාන් දිවුරුම් දෙන අවස්ථාවේදී පාකිස්තානු ජනාධිපති මමූන් හුසේන් මහතා ඔහු අසළින් සිටියේය. පසුව පාකිස්තානු අගමැතිවරයාගේ නිල නිවසේ තණපිටියේදී ඔහුට හමුදා උත්තමාචාර පිරිනැමිණ. 

    ඉම්රාන් ඛාන්ගේ දිවුරුම් දීමේ උත්සවයට ඉන්දීය පිලේ හිටපු ටෙස්ට් ක්‍රීඩකයකු මෙන්ම මේ වන විට ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ කැබිනට් ඇමතිවරයකුද වන වන නව්ජෝත් සිං සිද්ධුද සහභාගි වී සිටියේය. සිද්ධු මහතා ඉස්ලාමාබාද් නුවරට ගියේ උතුරු පන්ජාබයෙන් ඉන්දු – පාකිස්තානු දේශ සීමාව හරහා යාමෙනි. 

    වසර 71  ක ඉතිහාසයක් ඇති පාකිස්තානයේ ඉම්රාන් ඛාන්ගේ දිවුරුම් දීම සැලකෙන්නේ ප්‍රජාත්‍රන්ත්‍රවාදීව තවත් අගමැතිවරයකුට බලය හිමිවූ දෙවැනි අවස්ථාව වශයෙනි. බොහෝ අවස්ථාවලදී සිදුවූයේ හමුදා කුමන්ත්‍රණ වලින් බලය ලබාගැනීමයි. යම් හෙයකින් ඉදිරි වසර පහක කාලය පුරා සිය බලය රැකගැනීමට ඉම්රන් ඛාන්ට හැකිවුවහොත් සිය ධූර කාලය නියමාකාරයෙන් සම්පූර්ණ කරන පළමුවැනි පාකිස්තානු නායකයා වශයෙන් ඉම්රාන් ඛාන් ඉතිහාසයට එක්වනු ඇත. 

  • පළාත් සභා පරණ මනාප ක්‍රමයටමයි

    පළාත් සභා පරණ මනාප ක්‍රමයටමයි

    ලබන වර්ෂය අවසන් වෙද්දී පැවැත්වීමට නියමිත පළාත් සභා සියල්ලෙහි මැතිවරණය පැරණි මනාප ක්‍රමය යටතේ පවත්වන ලෙස ලබන 24 දා පැවැත්වෙන සීමානිර්ණ වාර්තාව පිළිබඳ විවාදයේදී පක්ෂ ගණනාවක් ඉල්ලා සිටීමට තීරණය කර ඇත.
    2019 දෙසැම්බර් 31 දා ට පෙර පැවැත්වීමට නියමිත සියලු පළාත් සභා මැතිවරණ පැරණි ක්‍රමයට පැවැත්විය යුතු බව පක්ෂ නායකයන් බොහෝමයක ගේ අදහස බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා අප කළ විමසිමක දී සඳහන් කළේය.

    පළාත් සභා මැතිවරණය අලුත් ක්‍රමයට පැවැත්වීම සඳහා ලබන 24 දා පැවැත්වෙන සීමානිර්ණ කොමිෂන් සභා වාර්තාව තුනෙන් දෙකකින් සම්මත කර ගත යුතුය. එම නිසා පැරණි පනතට සංශෝධනයක් ගෙනවිත් මෙම මැතිවරණ පමණක් පැරණි මනාප ක්‍රමයට පවත්වා ඉන් පසු පැවැත්වෙන මැතිවරණ නව ක්‍රමයකට පැවැත්වීමට අවශ්‍ය කටයුතු කළ යුතු බවට මෙහිදී 16 කණ්ඩායම යෝජනා කරන බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

    පළාත් සභා මැතිවරණ (සංශෝධන) නව පනත අනුව සීමා නිර්ණ කොමිෂන් සභා වර්තාවද තුනෙන් දෙකක වැඩි ඡන්ද සංඛ්‍යවකින් සම්මත විය යුතු බවට වගන්තියක් පවතියි. එම නිසා පැරණි ක්‍රමයට මෙම ඡන්දය පවත්වා ඉදිරියේදී නව ක්‍රමයට මැතිවරණය පැවැත්වෙනු ඇතැයි ද ඒ මහතා කීවේය.

    ලබන 24 දා සීමානිර්ණ වාර්තාව පිළිබඳ විවාදය තුනෙන් දෙකකින් සම්මත කර ගැනීමට නොහැකි වුවහොත් පැරණි ක්‍රමයට මැතිවරණය පැවැත්වීමට සිදුවන අතර එහිදී සුළු සංශෝධනයක් පාර්ලිමේන්තුවට ගෙන බහුතර ඡන්දයෙන් සම්මත කර ගැනීම තුළ පැරණි ක්‍රමයට මැතිවරණය පැවැත්විය හැකිවේ. ඒ අනුව පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්වීමට බොහෝ ඉඩ කඩ ඇති බවත් එය ජනවාරි මාසයේදී පළමු සතියේදී පැවැත්වෙනු ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

    නැගෙනහිර, සබරගමුව හා උතුරු මැද පළාත් සභාවන්හි නිල කාලය ඉකුත් වසරේ අවසන් වූ අතර වයඹ, මධ්‍යම හා උතුරු පළාත් සභාවන් හි නිල කාලය ලබන මාසයේ දී අවසන් වේ. දකුණු පළාත් සභාවේ නිල කාලයද ලබන වසරේ මුල අවසන් වීමට නියමිතය. ජනවාරි මාසයේදී මැතිවරණය පැවැත්වුවහොත් 2018 ඡන්ද හිමි නාම‍ලේඛනය යටතේ මැතිවරණය පැවැත් වෙනු ඇත.

  • බස් සේවය හැමදාමත් අකුරට වැඩ කරනවානම් හොඳයි

    බස් සේවය හැමදාමත් අකුරට වැඩ කරනවානම් හොඳයි

    දින දෙකක් කෙරුණු වැඩවර්ජනය අවසන් කර පෞද්ගලික බස්රථවල සේවකයන් ඊයේ (17) මධ්‍යම රාති‍්‍රයේ සිට අකුරට වැඩ කිරීමට පටන්ගත් බව සමස්ත ලංකා පෞද්ගලික බස් සේවක සංගමය පවසයි. එහෙත් වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගයක් මාර්ගයේ හදුනාගත නොහැකි බවයි ක්‍ෂේත‍්‍ර චාරිකාවන්හි යෙදුණු  වාර්තාකරුවන් පැවසන අතර බස්රථවල සේවකයන් අකුරට වැඩකිරීම යනු කුමක් දැයි මගීන් ඔවුන්ගෙන් ප‍්‍රශ්න කර ඇත.
    ඒ අනුව මෙම වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගය සිදුවන්නේ කෙසේ දැයි  සමස්ත ලංකා පෞද්ගලික බස් සේවක සංගමයෙන්ද විමසා සිටි අතර එහි ප‍්‍රධාන සංවිධායක යූ කේ කුමාරරත්න රේණුක පැවසුවේ බස්රථවල සේවකයන්ට පවා ඒ පිළිබද පැහැදිලි වැටහීමක් නොමැති බවයි.
    මෙහිදී ප‍්‍රකාශ කෙරුණු සියළු කරුණු වෙනත් පාර්ශවයක් විසින් ඉටුකළ යුතු ඒවායි. එහෙත් අකුරට වැඩ කිරීමකදී එම වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගයට එළඹෙන අය විසින් ඉටුකරන දේ ද තිබෙනවා. බස් රථ සේවකයන් එලෙස කරන්නේ මොනවා දැයි  මෙහිදි වැඩිදුරටත් ප‍්‍රශ්න කල අතර ඊට පිළිතුරු දෙමින් යූ කේ කුමාරරත්න රේණුක පැවසුවේ ලොග් පත‍්‍රවල සටහන් තැබීම සහ නිල ඇදුමක් ලබාදී ඇත්නම් එය අනිවාර්යයෙන් ඇද සිටීම වැනි කරුණු බස් රථ සේවකයන් විසින් සිදුකරන බවයි. 
    කෙසේවෙතත් රටපුරා බස් ධාවනය මේ දක්වා සාමාන්‍ය පරිදි සිදුවන බව  නිරීක්‍ෂණය විය.
    ඒ අනුව සලකා බලන වාට මෙසේ බස් රථ අකුරට වැඩ කිරීම හෙඳ වඩක් ලෙස සැල කිය හැක.
  • හිටපු ඉන්දීය අගමැති වජ්පායී මහතාගේ අවසන් කටයුතු අද

    හිටපු ඉන්දීය අගමැති වජ්පායී මහතාගේ අවසන් කටයුතු අද

    ජුනි 11 වන දා සිට දිල්ලියේ AIMS රෝහලේ වෛද්‍ය ප‍්‍රතිකාර ගනිමින් සිටි අතල් බිහාරී වජ්පායි මහතා ඊයේ (16) සවස 5 ට පමණ හටගත් වකුගඩු හා හෘදය අකර්මන්‍ය වීමෙන් මිය ගොස් ඇත.

    අද දින පැවැත්වීමට නියමිත ‘අවමංගල්‍ය උපහාර’ එතුමන්ගේ රාජකාරී ස්ථානය වූ ක‍්‍රිෂ්ණ මෙනන් හි සහ භාරතීය ජනතා පක්ෂ මූලස්ථානයේත් දැක්වීමට නියමිත ය. ඉන් අනතුරුව  සවස 1 ට පක්ෂ මූලස්ථානයෙන් පිටත් වන අවමංගල්‍ය රථ පෙරහැර අවසන් වත් පිළිවෙත් රාෂ්ටී‍්‍රය ස්මෘති ස්ථාල් හි කටයුතු සම්පාදනය කර ඇත.

    මේ වන විටත් මුළු ඉන්දියාවේ ම සතියක ශෝක කාලයක් ප‍්‍රකාශ කර ඇත. බොහෝ ජන නායකයින් සිය ශෝකය ප්‍රකාශ කර ඇත.

    නිදහස් ඉන්දියාවේ තෙවරක්  අගමැති ධූරය හෙබවූ ඒ මහතා භාරතීය ජනතා පක්ෂය නිර්මාණය කිරීමට සහය දැක්වූ  පුරෝගාමියෙකු ද වෙයි. මෙතුමාගේ පාලන සමය තුළ ප‍්‍රථම වරට ඉන්දියාව න්‍යෂ්ටික අවි අත්හදා බැලීය. දක්ෂ කථිකයෙකු මෙන් ම කාව්‍ය රචකයෙකු වූ මෙතුමා මිය යන විට 93 වැනි වියේ පසු විය.