මැති ඇමැතිවරුන්ගේ වැටුප් වැඩි කිරීම පසුගිය මස (ජුලි) 17 දා පැවති පක්ෂ නායක රැස්වීමේදී ඒකමතිකව අනුමත වූ බව සභානායක, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති ලක්ෂමන් කිරිඇල්ල මහතා පැවසයි.
එම රැස්වීමට පැමිණ සිටි ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරු ද ඊට අනුමැතිය ලබාදුන් බව හෙතෙම සඳහන් කළේය.
මැති ඇමැතිවරුන්ගේ වැටුප් වැඩි කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධව මාධ්‍ය කළ විමසීමකදී මේ බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කියා සිටියේය.
Tag: featured
-

වැටුප් වැඩි වනවාට පක්ෂවල නායකයෝ ඒකමතිකව එකඟ වුනා
-

“ආවා” එපා… යාපනය ග්‍රාමසේවක වරු වර්ජනයක
ආවා ක්‍රියාකාරකම් හේතුවෙන් යාපනය කෝපායි බලප්‍රදේශයේ සියලුම ග්‍රාමසේවක වරුන් ක්ෂේත්‍ර රාජකාරි කටයුතු වලින් ඉවත්ව (01) උදෑසන සිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රාජකාරි කටයුතු වල නිරතව සිටිති.
පසුගිය 29 වනදා යාපනයේ නිවාස 4කට පහරදීමක් සිදු වූ අතර එම පහරදීම සිදු වූ නිවාසවලින් එක් නිවසක ග්‍රාමසේවක කාර්යාලයක්ද පවත්වාගෙන ගොස් තිබූ අතර අදාල පහරදීමේදී ග්‍රාමසේවක කාර්යාලයේ බඩු බාහිරාදිය සියල්ලක්ම විනාශ කොට තිබුණි.
අදාල ප්‍රහාරයට විරෝධය පෑමක් වශයෙන් හා ආවා ක්‍රියාකාරකම් මැඩලීමට පොලීසිය ඉක්මන් පියවර ගත යුතු බව පවසමින්ද 01 උදෑසන සිට කෝපායි බල ප්‍රදේශයේ ක්ෂේස්ත්‍ර රාජකාරි කටයුතු සිදුකරන සියලුම ග්‍රාමසේවක නිලධාරීවරුන් නල්ලූර් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිට රාජකාරි කටයුතු සිදු කරනු ලැබීය.
මේ අනුව ග්‍රාමසේවක නිලධාරීන් ගම්මාන වෙතට අද දිනයේදී නොපැමිණීම හේතුවෙන් ගම්වාසීන් රැසකට දුෂ්කරතා සඳහා මුහුණ පෑමට සිදුවූහ.
-

ගාමිණි සෙනරත් ඇතුළු 4කට විශේෂ මහාධිකරණය හමුවේ පෙනී සිටින්න සිතාසි
රජයට අයත් රුපියල් මිලියන 500 ක මුදලක් සාපරාධි සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු අධිචෝදනා 24 ක් යටතේ පවරා ඇති නඩුවේ විත්තිකරුවන් වන හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ගාමිණි සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් සිවුදෙනකුට ලබන 24 වැනිදා විශේෂ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි යෑවීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඊයේ (01) නියෝග කළහ.
බරපතළ වංචා හා දූෂණ සම්බන්ධයෙන් පවරනු ලබන නඩු විභාග කිරීම සඳහා ස්ථාපිත කළ විශේෂ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරුවරයා ලෙස කටයුතු කරන මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝaන් මහාධිකරණ විනිසුරු සම්පත් විජයරත්න හා මහාධිකරණ විනිසුරු චම්පා ජානකි රාජරත්න මහත්මිය එම නියෝගය කළාය.
2014-2-01 හා 2015-01-20 කාලය අතරතුරදී ලිට්ට්‍රො ගෑස් සමාගම විසින් කැන්විල් හෝල්ඩින්ස් පුද්ගලික සමාගමට ලබාදුන් රුපියල් මිලියන 500 මුදලක් සෙලන්කෝ හොටෙල් ඇන්ඩ් ස්පා පුද්ගලික සමාගමට යොදවා ගැනීමෙන් පොදු දේපළ පනත යටතේ හා ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය හැකි වැරදි සිදුකර ඇතැයි නීතිපතිවරයා අධිචෝදනා ගොනු කර තිබුණි. ගාමිණි සේදර සෙනරත්, පියදාස කුඩාවාලගේ, නීල් බණ්ඩාර හපුහින්න හා ලසන්ත බණ්ඩාර යන විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර ඇති එම අධිචෝදනා සනාථ කිරීමට පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂිකරුවන් 63 දෙනකු හා ලේඛන සාක්ෂි 92 ක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවද නීතිපතිවරයා විනිසුරු මඩුල්ලට දන්වා තිබුණි.
-

මහරගමට බයිසිකලයෙන් ආ අයට එරෙහි පෙත්සම අකුලා ගනී…
ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී මෝටර් සයිකලය ලකුණින් තරග කර මහරගම නගර සභාව සඳහා තේරීපත් වූ නාගරික මන්ත්‍රීවරුන් 23 දෙනාගේ ධුර අහෝසි කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කෙරුණු රීට් පෙත්සම ඉවත් කර ගෙන ඇත.මහරගම ප්‍රදේශයේ ඡන්ද දායකයෙකු වන චන්ද්‍රසේන පෙරේරා විසින් අදාළ පෙත්සම ගොනු කර තිබූ අතර මෙම පෙත්සමේ සඳහන් ඇතැම් වගඋත්තරකරුවන් මේ වනවිට ඉල්ලා අස්වී ඇති බැවින් පෙත්සම පවත්වාගෙන යාමේ දී ගැටළු මතුවන බැවින් එය ඉල්ලා අස්කර ගන්නා බව ඔහු විසින් අධිකරණයට දන්වා ඇත. -

රටපුරා වෛද්‍ය සායන 12,000ක්
වත්මන් රජයට වසර තුනක් සම්පූර්ණ වන අගෝස්තු 15දා සිට වසරක කාලයක් තුළ රටපුරා සෑම දිස්ත්‍රික්කයක් ම ආවරණය වන පරිදි වෛද්‍ය සායන 12,000ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇතැයි සමාජ සුභසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පවසයි.ඒ අනුව සෑම දිස්ත්‍රික්කයකම සියලු ම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ආවරණය වන පරිදි මසකට වෛද්‍ය සායන 1000ක් බැගින් වසරකට වෛද්‍ය සායන 12,000ක් රටපුරා පැවැත්වීමට නියමිතය. මෙම වැඩපිළිවෙළ දයාවේ මෙහෙවර නමින් නම් කොට ඇත.මෙම වෛද්‍ය සායනවලදී ආයුර්වේද වෛද්‍ය ක්‍රමය හා බටහිර වෛද්‍ය ක්‍රමයට සියලු ම රෝග පරීක්ෂාව, අවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය ලබාදීම, ඇස් පරික්ෂාව, ඇස් කණ්නාඩි ලබාදීම සහ අක්ෂි කාච ලබාදීම ආදී වැඩසටහන් ගණනාවක් ම ඇතුළත් වේ.මෙම ජංගම වෛද්‍ය සායන ක්‍රියාත්මක වීම හරහා දිස්ත්‍රික් රෝහල්වලට දෛනිකව පැමිණෙන රෝගීන්ගේ ප්‍රමාණය බොහෝ ලෙස අඩුකරගැනීම ද මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ තවත් එක් පරමාර්ථයකි.පසුගිය දා සමාජ සුභසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශයේ පැවැති ප්‍රගති සමාලෝචන රැසක්වීමකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කොට තිබේ. -

වෛද්‍යවරයකුගෙන් පගාව ගන්න ගිය කම්කරු නිලධාරීහු 2 කට වැඩ වරදී…
වෛද්‍යවරයකුගෙන් රුපියල් නවදහසක අල්ලසක් ලබා ගැනීමට උත්සාහ කළ කම්කරු කොමසාරිස් කාර්යාල නිලධාරීන් දෙදෙනකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් ඊයේ (30) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නුවරඑළිය කම්කරු කොමසාරිස් කාර්යාලයට අනුයුක්තව රාජකාරි කළ ජ්‍යෙෂ්ඨ කම්කරු නිලධාරියෙකු සහ කල්මුණේ කම්කරු කොමසාරිස් කාර්යාලයේ කම්කරු නිලධාරියෙකි.
කම්කරු අධිකරණයේ පවරන ලද නඩුවකට වාසි වන අයුරින් සාක්ෂි ලබාදීම සඳහා මෙම වෛද්‍යවරයාගෙන් කම්කරු නිලධාරියා රුපියල් අටදහසක මුදලක් ද, ජ්‍යෙෂ්ඨ කම්කරු නිලධාරියා රුපියල් දහසක මුදලක් ඉල්ලා තිබේ.
නානුඔය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන වෛද්‍යවරයා මේ සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට පැමිණිලි කර ඇත.
ඒ අනුව ක්‍රියාත්මක වූ එහි විමර්ශන නිලධාරීන් සැකකරුවන් දෙදෙනා නුවරඑළිය කම්කරු අධිකරණය අසලදී අදා අල්ලස් මුදල වෛද්‍යවරයාගෙන් ලබා ගනිද්දීම අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසමේ විමර්ශන අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (31) නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
-

නීති විරෝධී ප්‍රදේශවල සරුංගල් යවන්න එපා… එය දඬුවම් ලැබිය හැකි වරදක්
නීති විරෝධී ප්‍රදේශවල සරුංගල් යැවීම දඬුවම් ලැබිය හැකි වරදක් බව සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂක විසින් ජනතාවට දැනුම් දී ඇත.ගුවන් තොටුපොළ ආශ්රිත ප්‍රදේශවල සරුංගල් යැවීම නීති විරෝධී හා දඩුවම් ලැබිය හැකි ක්‍රියාවක් බවයි මෙහිදී ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම පවසන්නේ.ගුවන් යානාවල සරුංගල් ගැටීම තුළින් අනතුරු සිදුවිය හැකි බව සිවිල් ගුවන්සේවා අධ්යක්ෂ ජනරාල් එච්. එම්. සී. නිමල්සිරි පෙන්වා දෙනවා.සිවිල් ගුවන්සේවා අධ්යක්ෂ ජනරාල් එච්. එම්. සී. නිමල්සිරි වැඩි දුරටත් සඳහන් කළේ “මේ සරුංගල් යවන තංගුස්..නයිලෝන් වැනි නූල්වල ගුවන් යානයක් පැටළුනොත් තනි වස්තුවක් හැටියට පහළට වැටෙන්න පුළුවන් අවධානමක් තියෙනවා. සියලු ගුවන් තොටුපළවල් අවට කිලෝමීටර් 5ක් පමණ දුරක් ඇතුළත අඩි 300ක් ඉහළට කිසිම යානයක් වස්තුවක් අවසරයකින් තොරව යවන්න බෑ. ඒ අනුව අපි දරුවන්ට වගේම සරුංගල් යවන සියලු දෙනාට කියනවා ගුවන් තොටුපළවල් 14ම අවට සරුංගල් යැවීම නවත්වන්න කියලා.” යනුවෙනි. -

ජීඑල් ගෙන් මැතිවරණ කොමිසමට නඩු
පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ හැකියාව තිබියදී එය මගහරින මැතිවරණ කොමිෂන් සභාවට එරෙහිව ශේ්‍රෂ්ඨාධිකරණය හමුවේ නඩු පැවරීමට කඩිනමින් කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඊයේ (30) පැවැසීය.
ශේ්‍රෂ්ඨාධිකරණයේ සැසිය මේ සතියේ අවසන් වනබවත් එහි අලුත් සැසිය අගෝස්තු මාසයේ ආරම්භ වීමත් සමග නඩු පැවරීමට සිදුකරන බවත් ඊයේ ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පීරිස් මහතා කියා සිටියේය.
හෙතෙම එහිදී වැඩිදුරටත් මෙසේද කීය.
මේ වන විට සබරගමුව, උතුරුමැද, නැගෙනහිර පළාත් සභාවල කාලය ඉකුත්වී මාස 9 ක් ගතවී තිබෙනවා. ලබන ඔක්තෝබර් මාසයේ මධ්‍යම, වයඹ සහ උතුරු පළාත් සභාවල කාලය අවසන් වෙනවා. එහෙම වුණොත් පළාත් සභා නවයෙන් පළාත් සභා 6 ක කාලය අවසන්වීම නිසා මන්ත්‍රීවරුන් නැතිව ජනතා ප්‍රශ්න ගොඩගැහෙනවා.
රජය කොහොමත් මැතිවරණ පවත්වන්න බයයි. ඒත් පාර්ලිමේන්තුවෙන් කියනකම් මැතිවරණය තියන්න මැතිවරණ කොමිසමට බැහැ කියලා මැතිවරණ කොමසාරිස්වරයා කළ ප්‍රකාශයට අපිට එකඟ වන්න බැහැ. ඒ ප්‍රකාශය සම්පූර්ණයෙන් වැරදියි.
1988 වසරේ ඇති කළ පළාත් සභා පනත 2017 නව පනතකින් අහෝසි කළා. නමුත් අලුත් පනත නිසියාකාරව කළේ නැහැ. එය අතරමැදදි කඩාකප්පල් කළා. ඒ නිසා තාමත් පැරැණි ක්‍රමය වලංගුයි. අලුත් ක්‍රමයක් නීත්‍යනුකූලව සිදුවී නැත්නම් එතන හිඩැසක් තියෙනවා. ඒ හිඩැස නිසා ජනතාවට තිබෙන ඡන්ද බලය නැති කරන්න කාටවත් බැහැ. ඒ නිසා පැරණි ක්‍රමයට (මනාප) ඡන්දය පවත්වන ලෙස මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලීමක් කිරීමටයි ශේ්‍රෂ්ඨාධිකරණය හමුවේ නඩු පවරන්නේ.
සීමා නීර්ණ වාර්තාව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකින් සම්මත කර ජනාධිපතිවරයා වෙත මාසයක් ඇතුළත ඉදිරිපත් කළ යුතුව තිබුණා. එය අදවන තුරු ඉටුකර නැහැ. අලුත් නීතිය සම්මත වීමට නම් සිදුකළ යුතු පියවර හයක් සම්මත විය යුතුයි. මේ වන තෙක් සීමා නීර්ණ වාර්තාව ඇමැතිවරයාට ලබාදීම සහ ඔහු විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කාරණා දෙක පමණයි ඉටුකර තිබෙන්නේ.
-

ලසන්ත වික්රමතුංගගේ දියණිය අහිංසා වික්‍රමතුංගගෙන් සී.අයි.ඩී.යට ප්‍රකාශයක්
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළව ඕස්ට්‍රේලියාවේ වෙසෙන ඒ මහතාගේ දියණියගෙන් නැවත වරක් ප්‍රකාශයක් ලබාගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධ නඩුව මේ වන විට ගල්කිස්ස අධිකරණයේ විභාග වෙමින් පවතියි. ඒ මහතාගේ දියණිය මේ වන විට ඕස්ට්‍රේලියාවේ, මෙල්බන් නුවර පදිංචිව සිටින අතර නඩුවේදී අනාවරණය වූ කරුණු සම්බන්ධයෙන් ඇගෙන් නැවත වරක් ප්‍රකාශයක් ලබාගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදීම සම්බන්ධයෙන් නැවත වරක් යම් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඉකුත් දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දිවයිනෙන් පිටත්ව ගොස් තිබුණි.
ඒ මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමෙන් පසු ලසන්ත වික්‍රමතුංග මහතාගේ එකම දියණිය වූ අහිංසා වික්‍රමතුංග මහත්මියගෙන්ද මෙම නිලධාරීන් විසින් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි බි.ඒ. තිසේරා හා වාණිජ මංකොල්ල අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා යන නිලධාරීන් විසින් මෙම ප්‍රකාශ ලබාගැනීම සිදුකර තිබෙන බව පොලිස් ආරංචිමාර්ග පවසයි.
-

හිටපු ඇමැතිගේ ගෙදර හොර අරක්කු තැබෑරුමක්
හිටපු ඇමැතිවරයකුට අයත් කොළඹ 7 ප්‍රදේශයේ සුවිසල් නිවසක් කුලියට ගෙන පවත්වාගෙන ගිය ප්‍රසිද්ධ කැරොකේ සමාජ ශාලාවක බලපත්‍ර නොමැතිව අලෙවි කිරීමට සුදානම් කර තිබූ බියර් කෑන් 121 කොළඹ නගරය සුරාබදු ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (30) සොයාගන්නා ලදී. කොළඹ නගරයේ ප්‍රසිද්ධ බාලිකා පාසලක් ආසන්නයේ පවත්වාගෙන යන මෙම කැරොකේ සමාජ ශාලාවේ සේවකයකු මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලදැයි කොළඹ නගරයේ සුරාබදු ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක චානක නානායක්කාර මහතා පැවැසීය.
මෙම සමාජ ශාලාවට ගිය වසරේදී මත්පැන් බලපත්‍රයක් නිකුත් කර තිබුණත් මහජන විරෝධයක් නිසා මේ වසරේ මත්පැන් බලපත්‍රයක් නිකුත් කර නොතිබූ බව සුරාබදු නිලධාරීහු කියති.
මේ සමාජ ශාලාවේ හිමිකරු චීන ජාතිකයකු බව කියන සුරාබදු අංශ මේ වසරේ මත්පැන් බලපත්‍රයක් නොමැති නිසා බලපත්‍ර සහිත මත්පැන් අලෙවිසැල් වලින් මිලදී ගෙන ඒවා මෙහි රහසිගතව සඟවා ගෙන අලෙවි කර තිබූ බවට තොරතුරු හෙළිකර ගෙන ඇත.
මෙම සමාජ ශාලාව චීන ජාතිකයන්ට පමණක් විවෘත කෙරුණු එකක් බවත් ලංකාවේ විවිධ ව්‍යාපෘතිවල සේවය කරන චීන ජාතිකයන් මෙහි නිතර පැමිණෙන බවත් කියති.
අත්අඩංගුවට ගනු ලැබූ සේවකයා සුරාබදු ඇප මත දැනට මුදා හැර ඇත.සැකකරු සහ බියර් තොගය මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
-

ගුරුවරු දෙදෙනා එකතු වී 16 හැවිරිදි සිසුවිය අතරවරයට ලක් කල හැටි
මීට දින කිහිපයකට පෙර නිර්ණාමික පෙත්සමක් හා අසභ්‍ය වීඩියෝ පට කිහිපයක් මොණරාගල පොලිස් අධිකාරී සුජිත් වෙදමුල්ල මහතාට ලැබුණි. පොලිස් අධිකාරීවරයා ඒ පිළිබඳ විමර්ශන ආරම්භ කළ අතර ඒ සමඟ කාලයත් සමඟ වැළලී යන්නට තිබූ තවත් එක ඛේදවාචකයක් පිළිබඳ තොරතුරු හෙළිදරව් විය.
එසේ පොලිස් අධිකාරීවරයාට ලැබී තිබුණු ඇතැම් වීඩියෝ දර්ශන මේ වන විට අන්තර්ජාලයට පවා මුදාහැර තිබූ බව වාර්තා විය.
එම දර්ශනවල අඩංගු වූයේ 16 හැවිරිදි ශිෂ්‍යාවක් ටියුෂන් පන්ති ගුරුවරයෙකු විසින් ලිංගික අපයෝජනයකට ලක්කරන දර්ශනයි.
රජයේ පාසලක ගුරු වෘත්තියේ ද නියැලෙන එම ටියුෂන් ගුරුවරයා මෙම දැරියට හමුවන්නේ ඉතිහාසය විෂයට ඇය සහභාගි වූ උපකාරක පන්තියේදීය.
ඇය තමාට මුහුණ පාන්නට සිදුවූ එම අමිහිරි අත්දැකීම පිිළිබඳ පොලිසිය ඉදිරියේ පවසා තිබුණේ මෙලෙසිනි.
“දවසක් සර් කිව්වා, කතාවක් කියන්න තියෙනවා හම්බෙමු කියලා. මට බැහැ කියන්න බැරි නිසා එයාගේ කාර් එකේ නැග්ගා. මාව අරන් ගියේ එයාගේ ගෙදරට. නෝනලා නැහැ පොළොන්නරුවේ ගියා කිව්වා.“
“ඊට පස්සේ මම ඇහුවා මොකක්ද කතාව කියලා. මගේ ළඟට ඇවිත් ඇඟපත අතගානකොට මම කිව්වා එපා කියලා. ඊට පස්සේ එයා බලහත්කාරයෙන් කාමරයට අරන් මගේ අකමැත්තෙන්ම මාව දූෂණය කළා.“
“ඊට පස්සේ කිව්වා නෝනා දික්කසාද කරලා ඔයා බඳිනවා කියලා. හැබැයි අවුරුදු 5 ක් විතර යයි කියලත් කිව්වා. ඊට පස්සෙත් SMS වලින් ගනුදෙනු කළා. ඒත් මාස එකහමාරක් විතර යනකොට SMS බ්ලොක් කරලා තිබුණා.“
“ඔහොම මම අසරණ වෙලා ඉන්නකොට ක්ලාස් එකේ ඉංජිනේරු තාක්ෂණ සර්ගෙන් කෝල් එකක් ආවා. ඉතිහාසය සර් බැඳලා, එයාට කරදර කරන්න එපා, ඒ නිසා මාව බාරගන්න කැමතියි කියලා. මම එයාව හම්බෙන්න මොණරාගල සුපර් මාකට් එකක් ළඟට ගියා.“
“ඊට පස්සේ එයා මාව ත්‍රීවිල් එකක දාගෙන හෝටලයකට ගිහින් ලිංගිකව හැසිරුණා. ඒ වෙලාවේ එයා සෙල්ෆි ගැහුවා. වීඩියෝ කළාදැයි කියලා මම දන්නේ නැහැ. ලිංගික හැසිරිමෙන් පසු මට රෝස පාට පෙත්තක් බොන්න දුන්නා. බය වෙන්න එපා මම ඔයාව බඳිනවා කියලා පොරොන්දු වුණා. මේ විදිහට අපි දවස් කීපයක් ඇසුරු කළා. ඊට පස්සේ ආරංචි වුණා, මාත් එක්ක ඉද්දි ගත්ත ෆොටෝ ෆේස්බුක් එකේ දාලා කියලා.“
ඒ අනුව අත්අඩංගුවට පත්වූ ගුරුවරුන් දෙදෙනා මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු අගෝස්තු මස 7 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි. -

Macquarie Group හි ප්‍රධාන විධායක ධූරය පළමු වරට ලාංකික කතකට
ඔස්ට්‍රේලියාවේ (Macquarie Group) මුල්‍ය සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ධුරයට පළමු වතාවට ශ්‍රි ලංකාවේ කාන්තාවක් පත් කර තිබේ.ඒ ෂිමාරා වික්රමණායක මහත්මියයි.එම මුල්‍ය සමාගමේ ප්‍රධාන විධායක නිළධාරි ධුරයට පළමුවර කාන්තා නියෝජනය මෙය විමද විශේෂත්වයකි.(Macquarie Group) මුල්‍ය සමාගමේ සේවකයික් 14 000කට වැඩි සංඛාවක් සේවය කරන අතර රටවල් 25ක ශාකා පිහිටා ඇත. -

ජනපති මෛත්‍රී මඩු දේවස්ථානයට ගොස් ආශිර්වාද ලබා ගනී
ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා (29) පෙරවරුවේ මඩු දේවස්ථානය වෙත ගොස් ආශිර්වාද ලබා ගත්තේ ය.
මන්නාරම රදගුරු එමානුවෙල් ෆර්නෑන්ඩු සහ පරිපාලක පියතුමා වන එමිලියානුන්පිල්ලෙයි පියතුමන්ලා විසින් මෙහිදී ජනාධිපතිතුමා පිළිගත් අතර, කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වහන්සේ ප්රමුඛ පියතුමන්ලා ආගමික වතාවත් සිදු කොට ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළහ.
ජනාධිපතිතුමා වෙත විශේෂ සමරු තිළිණයක් ද පිළිගැන්වූ අතර ජනාධිපතිතුමා අතින් ද සමරු තිළිණ පිළිගැන්විණි.
ආගමික වතාවත්වලින් අනතුරුව දේවස්ථානය අවට නිරික්ෂණ චාරිකාවක ද නිරත වූ ජනාධිපතිතුමා එහි සංවර්ධන කටයුතු පිළිබඳව සොයා බැලීය.
සිංහල, දෙමළ, මුස්ලිම් විශාල ජනතාවක් අද දින දේවස්ථානය වෙත පැමිණ සිටි අතර ඔවුන්ගේ තොරතුරු විමසමින් සුහද කතා බහක නිරතවීමට ද ජනාධිපතිතුමා අමතක නොකළේය.
-

අද මධ්‍යම රාත්‍රියේ සිට යකඩ යක්කු වර්ජනයක
රජය පොරොන්දු වූ වැටුප් වැඩිවීම වහාම ලබාදෙන ලෙස ඉල්ලමින් දුම්රිය රියැදුරු, දුම්රිය ස්ථානාධිපතිවරුන්, දුම්රිය නියාමකවරුන්, දුම්රිය පාලකවරුන් ඇතුළු ප්‍රධාන දුම්රිය වෘත්තීය සමිති 11 ක් අද (30) මධ්‍යම රාත්‍රියේ සිට දීපව්‍යාප්ත වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇත.
මෙම වර්ජනය හේතුවෙන් රටපුරා දුම්රිය ධාවන කටයුතු දැඩි ලෙස අඩාල වන බව දුම්රිය නියාමක සංගමයේ ලේකම් ජානක ප්‍රනාන්දු මහතා පැවැසීය.
අදාළ දුම්රිය සේවකයන්ගේ වැටුප් තල රාජ්‍ය සේවයේ එම් දෙක (M2) වැටුප් තලය දක්වා ඉහළ දමන ලෙස ඉල්ලමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කෙරේ. පසුගිය 2017 වසරේ දෙසැම්බර් මාසයේදීද අදාළ දුම්රිය වෘත්තීය සමිති ඉහත ඉල්ලීම මුල්කර ගනිමින් දින 7 ක අඛණ්ඩ වර්ජනයක් ක්‍රියාත්මක කළේය.
ඉන්පසු කැබිනට් මණ්ඩලය දුම්රිය සේවකයන්ගේ ඉහත ඉල්ලීම විසඳීම සඳහා ආචාර්ය සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් අනුකමිටුවක් පත් කළේය. එම කමිටුව දුම්රිය සේවාව සංවෘත සේවාවක් බවට පත්කරමින් ඉහත දුම්රිය සේවකයන්ගේ වැටුප් තල වෙනස් කිරීමට එකඟතාව පළකර තිබුණි. එම පොරොන්දුව මත දුම්රිය සේවකයන් දින 7 ක අඛණ්ඩ වර්ජනය අතහැර දැමීය.
කෙසේ වෙතත් අදාළ අනුකමිටුව දුම්රිය සේවකයන් වෙත ලබාදුන් එකඟතාව මාස 8 ක කාලයක් ගතව ඇතත් මතෛක් ඉටුකර නොමැති අතර මේ සඳහා කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යුතු කැබිනට් පත්‍රිකාද ඉදිරිපත් කර නොමැති බව දුම්රිය නියාමක සංගමයේ ලේකම් ජානක ප්‍රනාන්දු මහතා පැවැසීය.
ආණ්ඩුව අදාළ එකඟතාව මතෛක් ඉටු නොකිරීමට එරෙහිව සහ සිය වැටුප් තලය ලබාගැනීම වෙනුවෙන් අදාළ වර්ජනය ක්‍රියාත්මක කරන බව ජානක ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවැසීය
-

දැරියක දූෂණය කළැයි සැකපිට ඇල්ලූ සැකකරු පොලිසියේදී වස බීලා
බාල වයස්කාර දැරියක දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට වැලිකන්ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පොලිස් සිරමැදිරියේ රඳවා සිටි සැකකරුවකු සිකුරාදා (28) රාත්‍රියේ වස වර්ගයක් පානය කිරීම නිසා රෝගාතුරවී රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
තිස් දෙහැවිරිදි සැකකරු පුත්තලම ප්‍රදේශයේ පදිංචි විවාහක අයෙකු බව පොලිසිය සිදුකළ විමර්ශනවලදී හෙළිවී ඇත. පුත්තලම පොලිස් වසමේ සිදුකර ඇතැයි කියන අපරාධයට සම්බන්ධ සැකකරු වැලිකන්ද ප්‍රදේශයට පැමිණ සැඟවී සිටියදී වැලිකන්ද පොලිසියට ලැබුණු තොරතුරක් මත ඉකුත් 28 වැනි දින අත්අඩංගුවට ගෙන පසුදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියදී මෙසේ වස පානය කර තිබෙන බව විමර්ශන කටයුතු සිදුකරන පොලිස් නිලධාරීහු පැවැසූහ.
මේ වන විට පොළොන්නරුව මහ රෝහලේ ප්‍රතිකාර ලබන රෝගියාගේ තත්ත්වය අසාධ්‍ය නැතැයි වෛද්‍යවරු කීහ.
පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලක්සි විඡේසේන මහතාගේ උපදෙස් පරිදි පොලිස් අධිකාරි තිස්ස ලාල් ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.
-

උසස්පෙළ උපකාරක පන්ති සහ දේශන අනිද්දා මධ්‍යම රාත්‍රියෙන් අවසන්
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති, දේශන සහ සම්මන්ත්රණ අනිද්දා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සදහන් කළේ, මෙය කඩ කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් අවධාරණය කරමිනි.අගෝස්තු මස 06 වැනිදා ආරම්භ වන මෙවර උසස් පෙළ විභාගය සැප්තැම්බර් 01 වෙනිදා අවසන් වේ.ඒ, සඳහා පෙනී සිටින පාසල් සහ පෞද්ගලික අයැදුම්කරුවන් සංඛ්‍යාව 321,469 කි.මේ අතර ශිෂ්‍යත්ව විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම ද අගෝස්තු පළමු වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළයුතු වේ.අගෝස්තු මස 05 වැනිදා පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින අපේක්ෂකයින් සංඛ්‍යාව 355,326කි.