කැබිනට් මණ්ඩලයට ඕනෑම යෝජනාවක් ගෙන ඒමට හැකියාව තිබුණද එහි සියලු දෙනාගේ එකඟතාවය මත ගන්නා තීණ්දුව අවසන් තීන්දුව බව අගමැතිවරයා වැඩිදුරටත් කියා සිටී.
Tag: featured
-

ජාත්‍යන්තර තරුණ දිනය අදට යෙදී ඇත
ජාත්‍යන්තර තරුණ දිනය අදට (12) යෙදී තිබේ.තරුණ තරුණියන් සඳහා සුරක්ෂිත පරිසරයක් හා වටපිටාවක් නිර්මාණය කිරීම යන්න මෙවර එහි තේමාව වන අතර ජාත්‍යන්තර තරුණ දිනය පිළිබඳ ජාතික වැඩසටහන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණ රංග ශාලාවේ දී අද පැවැත් වේ.1999 වසරේ දී ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ යෝජනාවකට අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය 2000 වසරේ සිට ජාත්‍යන්තර තරුණ දිනය ප්‍රකාශයට පත් කර ඇත. -

මහින්ද හොර රහසේ සාකච්ඡා පවත්වා වැඩේ නා ගනී
ආණ්ඩුවේ සුළු පක්ෂ නියෝජිතයන් පිරිසක් සමග ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු සංකීර්ණයේදී රහස් සාකච්ඡා කිහිපයක් පවත්වා ඇත.
පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඉකුත් සතියේ බ්‍රහස්පතින්දා (09) මෙම සාකච්ඡා පවත්වා ඇති අතර ආණ්ඩුව නියෝජනය කරන ප්‍රධාන සුළු පක්ෂ නායකයන් වෙන වෙනම හමුවී සාකච්ඡා කිරීමට මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා කටයුතු යොදා තිබේ.
ආණ්ඩුවේ සංයුතිය වෙනස් කොට ඉදිරියේදී අයවැය පරාජය කිරීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කොට තිබෙන බව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරයකු සඳහන් කළේය.
සුළු ජාතික පක්ෂ ඒකාබද්ධ විපක්ෂය සමග සම්බන්ධ කර ගැනීම තුළ අයවැය පරාජය කොට ආණ්ඩුව අස්ථාවර කිරීමටත් ඉන් පසු ආණ්ඩුව විසුරුවා හැරීමේ යෝජනාවක් සම්මත කර ගැනීමත් අරමුණු කර ගනිමින් මෙම සාකච්ඡා පැවැත්වෙන බවද ඒ මන්ත්‍රීවරයා කීවේය
මුලින් සුළු ජාතික පක්ෂ සමග සාකච්ඡා කොට ඉන් පසුව අනෙකුත් පක්ස හා වෙන වෙනම මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කිරීමටත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා බලාපොරොත්තු වන බවද එම මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළ අතර ඒ කෙසේ වෙතත් එම සාකච්ඡා මුළු මනින්ම අසාර්ථක වූ බව ඔහු විසින් වැඩිදුරටත් කිසා සිටින ලදී.
-

සැප්තැම්බර් 01 සිට හැඳුනුම්පත් අයැදුම්පතටත් ගාස්තුවක්
ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමේ ගාස්තු සැප්තැම්බර් මස 01 වැනිදා සිට ඉහළ දැමීමට අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.
ඊට අදාළව පසුගිය 7 වැනිදා විශේෂ ගැසට් නිවේදනයක්ද නිකුත් කර ඇති අතර ඒ අනුව පළමු වරට ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමේදී ඊට අදාළ අයැදුම්පත සමඟ රුපියල් 100ක් ගෙවිය යුතු වෙයි.
එමෙන්ම ජාතික හැඳුනුම්පතක අනු පිටපතක් ලබා ගැනීමේදී රුපියල් 500ක්ද වලංගු කාලය ඉකුත් වූ ජාතික හැඳුනුම්පත් වෙනුවට නව ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමේදී රුපියල් 100ක්ද එවැනි නව ජාතික හැඳුනුම්පතක අනුපිටපතක් වෙනුවෙන් රුපියල් 250ක්ද අය කෙරේ.
-

දුම්රිය වැටුප් වැඩි කළොත් සමාන්තර සේවා 35 ක ප්‍රශ්න ඇති වෙනවා
දුම්රිය සේවකයන්ගේ වැටුප් වැඩි කළහොත් ඊට සමාන්තර සේවාවන් තල 35 ක සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට සිදුවන බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පැවැසීය.
වර්ජනය කළ පමණින් වැටුප් වැඩි කිරීමට රජය බැඳී නොමැති බවත්, එසේ වැඩි කළහොත් ඒ සඳහා වැය කරන මුදල් ලබා ගැනීමට සිදුවන්නේ ජනතා බදු මුදල් වැඩි කිරීමෙන් බවත් ඇමැතිවරයා සඳහන් කළේය.
මන්ත්‍රීවරුන්ගේ මෙන්ම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම නොව මේ මොහොතේ කළ යුත්තේ රට සංවර්ධනය කිරීම බවත්, වර්ජනවලට බයේ රජය වැඩ කළහොත් සිදුවන්නේ රට තවත් විනාශයට ඇදී යැම බවත් ඇමැතිවරයා කීවේය.
එම නිසා කොළඹට පැමිණ අහිංසක ජනතාව සහ වැඩ නිම කර නිවසට යැමට පැමිණි ජනතාව කොළඹ අතරමං කරමින් දුම්රිය වෘත්තීය සමිති ක්‍ෂණිකව ගත් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය රටේ සියලු ජනතාව පිළිකුළෙන් හෙළා දකින බවත් ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. -

සිංගප්පූරු ගිවිසුමට ජනපතිගෙන් කමිටුවක්
ශ්‍රී ලංකා සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් අධ්‍යයනය කර වාර්තාවක් සකස් කිරීම සඳහා විද්වත් කමිටුවක් පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කර ඇත. ජාත්‍යන්තර වෙළෙඳ නීතිය හා විදේශ ප්‍රතිපත්ති යන විෂයයන් සම්බන්ධයෙන් ප්‍රවීණයන් පස් දෙනකු මෙම කමිටුවට ඇතුළත් වනු ඇත.
මේ අතර පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවලින්ද මෙම ගිවිසුමට සම්බන්ධ වූ නිරීක්ෂණ ලිඛිතව ලබා ගැනීමට ජනාධිපතිවරයා අපේක්ෂා කරන බවද සඳහන් වේ. විද්වත් කමිටුවේ අධ්‍යයන වාර්තාව හා දේශපාලන පක්ෂවල නිරීක්ෂණ සියල්ල අධ්‍යයනය කර මෙම ගිවිසුම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිය ස්ථාවරය ප්‍රකාශයට පත් කරනු ඇති බවද සඳහන්ය. මේ අතර මෙම ගිවිසුම අත්සන් කිරීමට පෙරමුණ ගෙන ක්‍රියා කළ ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු ඇමැති මලික් සමරවික්‍රම ගිවිසුම ප්‍රමාද වීම ගැන සිය විරෝධය දක්වා ඇති බව සඳහන්ය.
මෙම ගිවිසුම අධ්‍යයනය සඳහා පත් කරනු ලබන විද්වත් කමිටුවට සාමාජිකයින් නම් කිරීම ඉදිරි සතියේදී සිදු කෙරෙනු ඇති බවද කමිටුව පත් කර දෙසතියකින් ඔවුන්ගේ අධ්‍යයන වාර්තාව ලබා ගැනීමට අපේක්ෂා කරන බවද සඳහන් වේ.
-

විපක්‍ෂ නායක සම්බන්ධන්ම තමයි; කථානායක පාර්ලිමේන්තුවට දැනුම් දෙයි
ව්‍යවස්‌ථානුකූලව හා සම්ප්‍රදායානුකූලව විපක්‍ෂ නායක ධුරයේ වෙනසක් කළ නොහැකි නිසා ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා තවදුරටත් විපක්‍ෂ නායකයා ලෙස තීරණය කරන බව කථානායක කරු ජයසූරිය මහතා ඊයේ (10 ) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුවේ සම්ප්‍ර්‍රදායට අනුව අතීතයේ සිට විපක්‍ෂ නායකයා ලෙස පිළිගත්තේ ආණ්‌ඩුවට සම්බන්ධ නැති පාර්ලිමේන්තුවේ වැඩිම මන්ත්‍රී සංඛ්‍යාවක් සිටින පක්ෂයේ නායකයා බවද කථානායකවරයා සිය තීරණය ප්‍රකාශ කරමින් පැවසුවේය.
මන්ත්‍රීවරුන් 70 දෙනකු සිටින තම කණ්‌ඩායමට පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරය හිමිවිය යුතු බවද ඒ අනුව දිනේෂ් ගුණවර්ධන මහතාට විපක්‌ෂ නායක ධුරය ලබාදෙන ලෙසද ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් අටදෙනකු කථානායකවරයාගෙන් ලිඛිතව කරන ලද ඉල්ලීමට ප්‍රතිචාර දක්‌වමින් කරු ජයසූරිය මහතා ඊයේ (10) සිය තීරණය සභාවට දැනුම් දුන්නේය.
පාර්ලිමේන්තුවේ කටයුතු ඊයේ (10) ආරම්භ වූ මොහොතේ දී විපක්‍ෂ නායක ධුරය සම්බන්ධ සිය තීරණය ප්‍රකාශ කරමින් කථානායකවරයා මෙසේද කීවේය.
2015 අගෝස්‌තු මස 15 වැනි දින පවත්වනු ලැබූ මහ මැතිවරණයේ දී එක්‌සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තේරීපත්වූ මන්ත්‍රීවරයන් අටදෙනකුගේ අත්සනින් යුක්‌තව, විරුද්ධ පාර්ශ්වයේ සිටින මුළු මන්ත්‍රී සංඛ්‍යාව 93 ක් බවත්, එයින් මන්ත්‍රීවරුන් 70 දෙනකු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ නායක ධුරය පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා වෙත ලබාදෙන ලෙස 2018 අගෝස්‌තු මස 01 වැනි දින මා වෙත ඉදිරිපත් කරන ලද ඉල්ලීමට අනුව වර්තමාන අටවැනි පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ නායක ධුරය පිළිබඳව මතුවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් ගැඹුරු අධ්‍යයනයකින් අනතුරුව මාගේ තීරණය අවසාන වශයෙන් ප්‍රකාශ කිරීමට අදහස් කරමි.
තවද එම ඉල්ලීමේ සඳහන් පාර්ලිsමේන්තු විවාද සඳහා කාලය ලබාදීම සහ කාරක සභා නියෝජනය පිළිබඳවද සලකා බැලූ අතර ඒ සම්බන්ධයෙන් ද මාගේ තීරණය දැනුම්දීමට අදහස් කරමි.
2018 අගෝස්‌තු මස 07 වැනි අඟහරුවාදා පුරා පැය ගණනාවක් විරුද්ධ පාර්ශ්වයේ නායක ධුරය පිළිබඳව පක්‍ෂ විපක්‍ෂ බොහෝ මන්ත්‍රීවරයන් විසින් මතු කරන ලද සියලු අදහස්‌ද, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව පුළුල් දැනුමක් ඇති අනෙකුත් විද්aවතුන්ගේ අදහස්‌ද, ලෝකයේ අනෙකුත් පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ද, පොදු රාජ්‍ය මණ්‌ඩලීය පාර්ලිමේන්තු රටවල සහ අන්තර් පාර්ලිමේන්තු සංගම් නියෝජනය කරන රටවල පිළිගත් සම්ප්‍රදායන්ද ඉතාමත් ගැඹුරින් අධ්‍යයනය කර මාගේ අදහස් මෙලෙස ප්‍රකාශ කරමි.
විරුද්ධ පාර්ශ්වයේ නායක ධුරය පාර්ලිමේන්තු ඉතිහාසය මුළුල්ලේම පවත්වාගෙන එනු ලබන සම්ප්‍රදායන් හා පරිචයන්ට අනුකූලව අපගේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් සහ ස්‌ථාවර නියෝගවලින් පිළිගෙන ඇති අභිමානවත් ධුරයකි. තවද අප රටට ආවේණික වෙස්‌ට්‌මිනිස්‌ටර් ආණ්‌ඩුක්‍රම සම්ප්‍රදායට සමගාමීව විරුද්ධ පාර්ශ්වයේ නායක ධුරය ව්‍යවස්‌ථාදායකයටම අනන්‍ය වූ සහ පාර්ලිමේන්තු ක්‍රමයේ අත්‍යවශ්‍ය ධුරයක් ලෙස සඳහන් කළ හැකියි.
අපගේ පාර්ලිමේන්තු ඉතිහාසය ගැන සලකා බැලීමේදී විරුද්ධ පාර්ශ්වයේ නායක ධුරය සඳහා ආණ්‌ඩුවට සම්බන්ධ නොවන වැඩිම මන්ත්‍රී සංඛ්‍යාවක් සිටින මහ මැතිවරණයට තරග කළ පිළිගත් දේශපාලන පක්‍ෂයක හෝ සන්ධානයක පාර්ලිමේන්තු නායකත්වය දරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කථානායකවරයා විසින් පිළිගෙන සභාවට ප්‍රකාශයට පත් කිරීමේ සම්ප්‍රදාය ඉතා පැහැදිලි සහ නිශ්චිත වූවක් බව මීට පෙර අවස්‌ථාවන් අධ්‍යයනයේදී මොනවට පැහැදිලි වේ.
අපගේ පාර්ලිමේන්තු ඉතිහාසය තුළ විරුද්ධ පාර්ශ්වයේ නායක ධුරය සඳහා කථානායකවරයා විසින් හඳුනාගනු ලැබුවේ මහ මැතිවරණයකදී තරග කරන ලද පිළිගත් දේශපාලන පක්‍ෂ අතුරින් ආණ්‌ඩු පාර්ශ්වයට අයත් නොවන බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් සිටින පක්‌ෂයේ හෝ සන්ධානයේ පාර්ලිමේන්තු කණ්‌ඩායමේ නායකයා වන බවයි.
මෙම සම්ප්‍රදාය මහා බ්‍රිතාන්‍යය, ඔස්‌ටේ්‍රලියාව, කැනඩාව වැනි ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ක්‍රමය ක්‍රියාත්මකව පවතින රටවලද එලෙසම පවත්වාගෙන යනු ලබයි. අප අසල්වැසි ඉන්දියාවේ ද අවම ආසන සංඛ්‍යාවක් ලබා ගැනීමේ සීමාවට යටත්වන නමුත් විරුද්ධ පාර්ශ්වයේ නායකයා වශයෙන් තෝරා පත්කර ගනු ලබන්නේ ආණ්‌ඩු පාර්ශ්වයට අයත් නොවන අනෙකුත් පක්‍ෂ අතුරින් බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් සිටින පක්ෂයේ නායකයා ය.
ඒ අනුව විරුද්ධ පාර්ශ්වයේ නායකයා පත්කර ගැනීමේ ක්‍රමවේදය අප රටේ පැවති සම්ප්‍රදායත්, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ක්‍රමය අනුගමනය කරනු ලබන අනෙකුත් රටවල සම්ප්‍රදායත් සලකා බැලීමේදී ඒ පිළිබඳව කිසිදු මතභේදයක් නොමැති බව මා විසින් කරන ලද අධ්‍යයනයන් අනුව සඳහන් කිරීමට පුළුවන.
ඊළඟ කරුණ වන්නේ එම සම්ප්‍රදායට අනුගතව වර්තමාන පාර්ලිමේන්තුව තුළ පක්‍ෂ බෙදීම සහ සංයුතිය අනුව එම සිද්ධාන්තය අප අදාළ කරගන්නේ කෙසේද යන්න විමර්ශනශීලීව සලකා බැලීමය.
වර්තමාන තත්ත්වය පිළිබඳව නිසි අවබෝධයක් ලබා ගැනීමට මත්තෙන් 2015 ජනවාරි මස 08 වැනි දින පවත්වන ලද ජනාධිපතිවරණයෙන් අනතුරුව හත්වැනි පාර්ලිමේන්තුවේ ආණ්‌ඩු පාර්ශ්වය සහ විරුද්ධ පාර්ශ්වය නිර්මාණය වී තිබූ ආකාරය පිළිබඳව අප සලකා බැලිය යුතුමය.
රනිල් වික්‍රමසිංහ මහතා, එකී පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දීමෙන් අනතුරුව එක්‌සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ මන්ත්‍රීවරයන් කණ්‌ඩායමක් ආණ්‌ඩු පාර්ශ්වය වශයෙන් ආණ්‌ඩු පාර්ශ්වයේ අසුන් ගන්නා ලද අතර එතෙක් ආණ්‌ඩු පාර්ශ්වයේ අසුන්ගෙන සිටි එක්‌සත් ජනතා නිදහස් සන්ධානයේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාව විරුද්ධ පාර්ශ්වයේ අසුන් ගත්හ.
එම අලුත් වාතාවරණය අනුව විරුද්ධ පාර්ශ්වයේ නායකයා ලෙස හඳුනාගත යුත්තේ කවුරුන්ද යන්න තීරණය කිරීමේදී විරුද්ධ පාර්ශ්වයේ අසුන්ගත් බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් සිටින එක්‌සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා විරුද්ධ පාර්ශ්වයේ නායක ධුරය සඳහා පාර්ලිමේන්තුවේ පිළිගත් සම්ප්‍රදායන්ට අනුකූලව මාගේ පූර්වගාමී කථානායකවරයා විසින් පිළිගන්නා ලදී.
නිමල් සිරිපාල ද සිල්වා මහතා විරුද්ධ පාර්ශ්වයේ නායක ධුරය දරන ලද එම කාලසීමාව තුළදී එක්‌සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරයන් පිරිසක් අමාත්‍යවරයන් වශයෙන් ජනාධිපතිවරයා ඉදිරියේදී දිවුරුම් දෙන ලද අතර සම්ප්‍රදායානුකූලව ඔවුන්ටද ආණ්‌ඩු පාර්ශ්වයේ අසුන් වෙන්කරන ලදී.
එසේම, මීට ඉහතදී පැවති රජයන්වලදීද විරුද්ධ පාර්ශ්වයේ ඇතැම් මන්ත්‍රීවරයන් විවිධ අමාත්‍ය ධූරයන් භාරගෙන ආණ්‌ඩු පාර්ශ්වයේ අසුන් ගත් අවස්‌ථාද, ආණ්‌ඩු පාර්ශ්වයේ අමාත්‍යවරයන් අමාත්‍ය ධුරවලින් ඉවත් වී විරුද්ධ පාර්ශ්වයේ අසුන්ගත් අවස්‌ථාද තිබෙන බව කවුරුත් දන්නා සත්‍යයකි.
ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ දහනව වැනි සංශෝධනයේ 46 ව්‍යවස්‌ථාවේ (4) සහ (5) අනු ව්‍යවස්‌ථා ප්‍රකාරව ජාතික ආණ්‌ඩුවක් පිහිටුවීම පිණිස 2015 සැප්තැම්බර් මස 03 වැනිදින පාර්ලිමේන්තුවේ ස්‌ථාවර නියෝග 47 (1) (ඇ) විධි විධානවලට අනුව නමින් සිය ඡන්දය භාවිතා කරමින් පක්‍ෂව මන්ත්‍රීවරයන් 143 ක් සහ විපක්‌ෂව 16 ක් වශයෙන් සම්මත කරන ලද යෝජනා සම්මතයට අනුකූලව දැනට බලාත්මකව පවතින ජාතික ආණ්‌ඩුවේ එක්‌සත් ජනතා නිදහස් සන්ධානය හවුල්කාර පක්‌ෂයක් වීම නිසා වර්තමාන පාර්ලිමේන්තුවේ මෙම තත්ත්වය වෙනස් වී තිබෙන ආකාරය පිළිබඳව සලකා බැලීම අත්‍යවශ්‍ය සාධකයක් බවට පත්වී තිබේ.
ඒ අනුව, එක්‌සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරයන් පිරිසක් අමාත්‍ය ධුර දරමින් ආණ්‌ඩුවේ හවුල්කාර පක්‍ෂයක් ලෙස මේ වන විටත් කටයුතු කරමින් සිටින බැවින් එක්‌සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් විරුද්ධ පාර්ශ්වයේ අසුන්ගෙන සිටින මන්ත්‍රීවරයන් සංඛ්‍යාව විරුද්ධ පාර්ශ්වයේ වෙනම පක්‌ෂයක් ලෙස පිළිගැනීමට ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුකූලව 2015 සැප්තැම්බර් මස 03 වැනිදා වැඩි ඡන්දයෙන් සම්මත කරන ලද එකී යෝජනා සම්මතය අනුව හැකියාවක් මා හට නොමැත.
එබැවින් අතීතයේ සිටම අඛණ්‌ඩව පැවැති පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුකූලව ආණ්‌ඩුවට සම්බන්ධ නොවන පාර්ලිමේන්තුවේ වැඩිම මන්ත්‍රී සංඛ්‍යාවක් සිටින පක්ෂයේ නායකයා පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ නායකයා ලෙස කථානායකවරයා විසින් පිළිගනු ලැබීම චිරාත් කාලයක සිට පැවති සම්ප්‍රදායයි.
ඊට අනුකූලව වර්තමාන අටවැනි පාර්ලිමේන්තුවේ ආණ්‌ඩුවට සම්බන්ධ නොවන විපක්‌ෂයේ අසුන්ගෙන සිටින වැඩිම මන්ත්‍රී සංඛ්‍යාවක් සිටින ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්‌ෂයේ නායකයා වන පාර්ලිමේන්තු මන්ත්‍රී රාජවරෝදියම් සම්බන්ධන් මහතා පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ නායකයා ලෙස මා විසින් පිළිගන්නා ලද බව 2015 සැප්තැම්බර් මස 03 වැනි දින මෙම ගරු සභාවට ප්‍රකාශ කරන ලද බව දන්වනු කැමැත්තෙමි.
කරුණු මෙසේ හෙයින්, පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ නායක ධුරය සම්බන්ධයෙන් මේ අවස්‌ථාවේදී වෙනසක් කිරීමට ව්‍යවස්‌ථානුකූලවත්, සම්ප්‍රදායානුකූලවත් මේ උත්තරීතර සභාවේ කථානායකවරයා ලෙස මට හැකියාවක් නොපවතින බව මාගේ අවසාන තීරණය ලෙස මෙයින් ප්‍රකාශයට පත්කරමි.
කෙසේ වෙතත්, ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුකූලව පිහිටුවන ලද ජාතික ආණ්‌ඩුවේ හවුල්කාර පක්‌ෂය ලෙස දැනට කටයුතු කරන එක්‌සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් විරුද්ධ පාර්ශ්වයේ අසුන්ගෙන සිටින මන්ත්‍රීවරයන්ට පාර්ලිමේන්තුව තුළ වාද විවාදවලට සහභාගි වීමේදී සාධාරණ කාල වේලාවක් වෙන්කර දීමටත්, දැනට පාර්ලිමේන්තුවේ ස්‌ථාපිත කර තිබෙන සියලුම කාරක සභාවලට සාධාරණ ලෙස නියෝජනයක් ලබාදීමටත්, අවශ්‍ය සෑම පියවරක් ගනිමින් එම මන්ත්‍රීවරයන්ගේ අයිතීන් ආරක්‌ෂා කරන බව මම මෙහිලා විශේෂයෙන් අවධාරණය කරමි.
-

කරුණානිධිගේ මරණයට මුලතිව් ජනයා රතිඤ්ඤා දල්වා සතුට පළකරයි
තමිල්නාඩු හිටපු මහ ඇමැති මුත්තුවේල් කරුණානිධි මහතා ජීවිතක්‍ෂයට පත්වීමෙන් අනතුරුව මුලතිව් ජනතාව රතිඤ්ඤා පත්තු කරමින් සතුටු වූ බව මුලතිව් ප්‍රදේශවාසීහූ පවසති.
ඔවුන් පවසා සිටියේ උතුරේ බහුතර පිරිසක් කරුණානිධි මහතා මියයැමේ පුවත ඇසීමෙන් සතුටට පත්වූ බවයි.
අවසන් යුද සමයේ මුලතිව් ප්‍රදේශයේ ජනතාව දුකට පත්වූ අවස්‌ථාවේ මුලතිව් ජනතාව හා උතුරේ ජනතාව වෙනුවෙන් කරුණානිධි මහතා කිසිදු සහයක් නොදැක්‌වීම හා දමිළ ජනතාව වෙනුවෙන් කිසිදු හිතවාදී ප්‍රකාශයක් නොකිරීම හේතුවෙන් මොහු සම්බන්ධයෙන් දෙමළ ජනතාව තුළ ප්‍රසාදයක් නොපවතින බව මුලතිව් ජනතාව පැවැසූහ.
මුලතිව් ජනතාව වැඩිදුරටත් පැවසුවේ එල්ටීටීඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ මවට අසනීපයක් වූ අවස්‌ථාවේ තමිල්නාඩුවේ තබා ඇයට ප්‍රතිකාර ලබාදීමටද කරුණානිධි ප්‍රතික්‍ෂේප කොට තිබීමේ කාරණාව හේතුවෙන්ද දෙමළ ජනතාව තුළ මොහු සම්බන්ධයෙන් පැහැදීමක් නොතිබූ බවයි.
මුත්තුවේල් කරුණානිධි මහතා පස් වතාවක් තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය තනතුරට පත්වූ අයෙක් වන අතර ඉන්දීය දේශපාලනය තුළ ප්‍රබල චරිතයක් විය.
-

ලක්‍ෂපති කෝච්චි ඩ‍්‍රයිවර්ලාගේ හිඟන වැඩ වර්ජනය
පෙරේදා සවස 3.00 ට කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව අරඹන ලද හිඟන දුම්රිය වැඩවර්ජනය නිසා මහ මඟ අනාථ වූ අසරණ මිනිසුන්ගේ සාපය දුම්රිය එන්ජින් ඩ‍්‍රයිවර්ලා ලෙස හඳුන්වන නීච කාලකණ්ණින් පිටුපස ආත්මයක් ආත්මයක් ගාණේ ඇදී එනු ඇත්තේ එන්ජිම පිටුපස ඇදී එන කෝච්චි පෙට්ටි මෙනි.
පොදු මගී ප‍්‍රවාහන මාධ්‍යයක් වන දුම්රියේ යන මිලියන කිහිපයක් වූ මගී ජනයාගෙන් සියයට හැත්තෑ පහකටත් වඩා සීසන්කාරයෝ ය. මිනිසුන් දුම්රිය සීසන් ගන්නේ ඒවා ලංගම බස් සීසන් ටිකට්වලට වඩා මිලෙන් ්අඩු නිසාය. මේ සීසන් ටිකට්පත මිනිසුන්ගේ දුප්පත්කමේ සලකුණකි. දුම්රිය එන්ජින් ඩ‍්‍රයිවර්ලා විසින් මේ දුප්පත් සලකුණට පයින් ගසන ලද්දේ රේල් පාරටම වැටෙන්නටය. ලංකා ඉතිහාසය විසින් පහල කරන ලද තඹ සල්ලි භාගයක් තරම්වත් නොවටිනා, මස් බරට පමණක් වටිනා ප‍්‍රවාහන ඇමැතිතුමකු මේ මොහොතේදී අපට සිටී. ඔහු නිමල් සිරිපාල ද සිල්වාය. ඔහු ප‍්‍රවාහන ඇමැති බවට පත්වීමෙන් පසු දුම්රිය ස්ට‍්‍රයික් කිහිපයක් සිදු වූ නමුදු ඒවා සමථයට පත් කරනු තබා එසේ කිරීමට කල්පනා කරනු පිණිසවත් මොළයක් ඔහුට නොවීය. පෙරේදා පටන්ගත් වර්ජනයේ අරමුණ එන්ජින් ඩ‍්‍රයිවර්ලාගේ වැටුප් විෂමතා නැති කර ගැනීමය. ඒ නිමිත්තෙන් මේ වර්ජනය සූදානම් කර තිබුණේ මෙයට සතියකට පමණ පෙරය. ඒ වෙලාවේදී රේල් පාර දිගේ පයින් ගොස් (රේල් පාරේ පයින් යෑම තහනම්ය* දුම්රිය වෘත්තීය සමිති නායකයන් හමු වූ රාජිත සේනාරත්න සහ සරත් අමුණුගම පොරොන්දු ගෝනියක් බිමට හලා එන්ජින් ඩ‍්‍රයිවර්ලාගේ වැටුප් විෂමතා නැති කරන බවට සහතික කළහ. එකල්හි දුම්රිය වෘත්තීය සමිති තාවකාලිකව වර්ජනය රිවස් කරගත්හ. පසුව පැවති කැබිනට් මණ්ඩල රැුස්වීමේදී එන්ජින් ඩ‍්‍රයිවර්ලාගේ වැටුප් වැඩි කළ යුතු බව රාජිතලා යෝජනා කළහ. එහිදී බලවත් සේ කෝපයට පත් මුදල් ඇමැති මංගල සමරවීර ‘‘තොපිට දේශපාලනය කරන්න මම මොකටද ආණ්ඩුවේ සල්ලි දෙන්නෙ’’ යනාදී වශයෙන් කල්පනා කළ නිසා, දෝ වැටුප් වර්ධක යෝජනාව ගෙනා සියලූ දෙනාගේ ඇඟට ගොඩ වී එය ප‍්‍රතික්ෂේප කළේය.
රාජිත එම ඇඟට ගොඩවීම තඹ සල්ලියකට ගණන් ගත් බවක් පෙනුනේ නැත. වැටුප් වර්ධක නොලැබුණොත් එන්ජින් ඩ‍්‍රයිවර්ලා ස්ට‍්‍රයික් කරන බව ඔහු ස්ථිර වශයෙන්ම පහදා දුන්නේය. ඉන්පසු ඔහු නිහඬ වූයේ මංගලගේ හිතුවක්කාරකමට පාඩමක් උගැන්වීම සඳහා විය යුතුය. එය එසේම සිදුවිය.
ශ‍්‍රී ලංකාවේ ජනයාගෙන් වැඩි දෙනා දවසකට උපයන උපරිම ආදායම් සාමාන්‍යය රුපියල් 800 කි. මාසයකට රුපියල් 24,000 ක ආදායමක් ලබා පවුල් නඩත්තු කරන ජනයා ද මේ රටේ සිටින බව එමඟින් ඒත්තු ගැන්වෙයි. සමහර විට මේ පවුලක දරුවන් තුන්දෙනෙක් ඉන්නටත් පුළුවන. දරුවන් පස් දෙනෙක් ඉන්නටත් පුළුවන. පවුලේ දෛනික වියදම් කර අවසන් වන විට ගෙදර මහ මිනිහාට වැඩට යෑමට සල්ලි නැත. එතැනදී හැමදාමත් පිහිටට ආවේ අඩු මිල දුම්රිය සීසන් පතය. මාතරටත් එහා සිට, නුවරටත් එහා සිට කොළඹ කන්තෝරුවල වැඩට එන ජනයා ඕනෑ තරම් සිටිති. මහ පාන්දර බිරිඳ විසින් උයන ලද බත් පාර්සලය බැඳගෙන එය ලෙලි ගිය හම් බෑග් එකේ පතුලේ තැන්පත් කර පාන්දර හතරට ගෙදරින් නික්මී පැයක් පමණ පයින් ගොස් ස්ටේෂමට පැමිණ කොළඹ එන රජයේ සේවකයෝ ඕනෑ තරම් සිටිති. ඒ මිනිසුන්ගේ සන්තකයේ ඇති වටිනා දේවල් දෙකක් තිබේ. එකක් අර බත් පාර්සලයයි, අනෙක දුම්රිය සීසන් ටිකට් එකයි. ඔවුන්ගේ හම් බෑග් එක සුදුසු වන්නේ මදුරුවන් වැඩිපුර සිටින දවස්වල දුම් ගැසීම පිණිස ගිනි තැබීමට පමණි. මේ මිනිසුන්ගේ අතේ තුට්ටුවක් නැත. කලිසම් සාක්කු දෙකෙන් එකක ලේන්සුවක් තිබේ. අනෙක් සාක්කුවේ ලොකු හිලක් තිබේ. ෂර්ට් සාක්කුවේ ඇත්තේ ජාතික හැඳුනුම්පත සහ දුම්රිය සීසන් ටිකට් එක පමණි. මේ මිනිස්සු පික් පොකට්කාරයන්ගේ නිරන්තර ද්වේෂයට ලක් වෙති. ඔවුන්ගේ කලිසම් සාක්කුවලට බැස්සොත් පික්පොකට්කරුට ලබාගත හැක්කේ දැලක් බඳු පරණ ලේන්සු කබල පමණි.
පෙරේදා සවස නීච දුම්රිය එන්ජින් ඩ‍්‍රයිවර්ලා සිය හදිසි ත‍්‍රස්ත ප‍්‍රහාරය මඟින් විනාශයට පත් කළේ මේ අසරණ මිනිසුන්ය. මේ පුවත්පත වැඩවර්ජනවලට කවදත් විරුද්ධය. කම්කරු අරගලවලට හැමදාමත් පක්‍ෂය. එහෙත් ත‍්‍රස්ත ප‍්‍රහාර ලෙස එන කම්කරු අරගලවලට හැමදාමත් විරුද්ධය. පෙරේදා සවස 3.00 ට පටන් ගත් දුම්රිය වර්ජනයේදී ආණ්ඩුව කළ යුතුව තිබුණේ එන්ජින් ඩ‍්‍රයිවර්ලාගේ බෙල්ලෙන් අල්ලා එළියට දමා යුද හමුදාව ලවා දුම්රිය දිවවීමය. මෙය ප‍්‍රභාකරන් කොළඹට ගැහුවාක් වැනි වැඩකි.
කෝච්චියක එන්ජින් ඩ‍්‍රයිවර් කෙනකු ගන්නා පඩියත්, ගුවන් යානයක නියමුවකු ගන්නා පඩියත් අතර වැඩි වෙනසක් අපට නොපෙනේ. ගිය අවුරුද්දේ දෙසැම්බර් 12 වැනිදා එවකට නියෝජ්‍ය ප‍්‍රවාහන ඇමැතිව සිටි අශෝක අබේසිංහ පාර්ලිමේන්තුවට දැනුම් දුන් පරිදි එන්ජින් ඩ‍්‍රයිවර් කෙනකු රුපියල් දෙලක්‍ෂ විසි හය දහස දකවා වූ වැටුපක් උපයති. ඔවුන්ගේ මූලික වැටුප රුපියල් 54,000 කට කිට්ටු බවත් ඔවුන් ඕ. ටී. වලින් මාසයකට උපයන මුදල රුපියල් 180,000 ක් වන බවත් ඔවුන් පැය 8 ක් එක දිගට වැඩ කළ විට පැය 9 ක විවේකයක් ලබන බවත් අශෝක අබේසිංහ තවදුරටත් කීවේය. දුම්රිය දෙපාර්තමේන්තුව තුළ සදාකාලිකව ධගඔග ඇත. ඒවායේ වැඩියක් මිස අඩුවක් නැත. එබැවින් රුපියල් 800 ක දෛනික පඩියක් ගන්නා දුප්පත් මිනිසුන්ට පයින් ගැසූ එන්ජින් ඩ‍්‍රයිවර්ලාට පොල්පිතිවලින් ගැසිය යුතුය. ඊට අමතරව ගිගිරුම් සහිත වැසි දිනවල පාරේ ගමන් කරන්නේ නම් අකුණු සන්නායකයක් අතින් ගෙන ගමන් කිරීමය එන්ජින් ඩ‍්‍රයිවර්ලාට වඩාත් සුදුසු.– පුවත්පත් උපුටනයකි
-

දුමිරිය පඩි වැඩි නොකරන්න තීන්දු කලේ කැබිනට් මණ්ඩලයමයි
දුම්රිය සේවකයින්ගේ පඩි වැඩි නොකිරීමට ගත් තීන්දුව කැබිනට් මණ්ඩලය විසින්ම අනුමත කරන ලද්දක් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (09) පාර්ලිමේන්තුවේදී පැවසීය.
-

ජනබලසේනා කඩාකප්පල් කලේ බැසිල්
ඒකාබද්ද විපක්‍ෂය විසින් මෑතකදී කොළඹ සංවිධානය කර තිබූ විරෝධතාවය ඉතාම අසාර්ථක බව එක්සත් ජාතික පක්‍ෂ මහ ලේකම් ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
එම විරෝධතාවය ආසාර්ථක කරවීම සදහා බැසිල් රාජපක්‍ෂ මහතා විසින් පණිවුඩ යවා තිබූ බවද ඔහු සදහන් කරයි.
විමල් වීරවංශ මහතා සහ තවත් දේශපාලඥයෙකු විසින් කැදවන ලද පිරිසක් පමණක් එම විරෝධතාවයට පැමිණ සිටි බවත් එය සුළු පිරිසක් බවත් ඇමතිවරයා කීවේය.
කළුතර දිස්ත‍්‍රික් එක්සත් ජාතික පක්‍ෂ බල මණ්ඩල රැස්වමෙන් පසු මාධ්‍ය අමතමින් ඔහු මේ අදහස් පල කලේය.
-

ආවා කල්ලි නායකයෙක් අල්ලයි
යාපනයේදී පුද්ගලයින්ව කඩුවලින් කපා කොටා තුවාල සිදුකරමින් ව්‍යාපාරිකයින්ගෙන් කප්පම් ගන්නා කල්ලි දෙකකට අයත් සාමාජිකයින් දස දෙනෙකු යාපනයේ විවිධ ස්ථානවලදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.අත්අඩංගුවට ගත් අය ළග තිබී අපරාධ සඳහා භාවිත කළ යතුරු පැදියක්, කඩු, පිහි, යකඩ පොලු ආදිය සහ විවිධ මොට ආයුධ තිබී සොයා ගෙන ඇති අතර මෙම සාමාජිකයින් දස දෙනාගෙන් හය දෙනෙකු ”ආවා” කල්ලියේ සාමාජිකයින් බවටත් අනෙක් හතර දෙනා ”ධනු රොක්” කල්ලියේ සාමාජිකයින් බවටත් පොලීසියට තොරතුරු ලැබී ඇති අතර අත්අඩංගුවට පත් පිරිස අතර ”ආවා” කල්ලිය මෙහෙයවන ලද පුද්ගලයෙකුද සිටින බවයි වාර්තා වේ.”ආවා” කල්ලිය මෙහෙයවන ලද බව කියන තැනැත්තා පොලිස් අත්අඩංගුවට ගෙන ඔහුව පොලිස් වාහනයක් කරා රැගෙන යන අවස්ථාවේදී යාපනයේ වැසියන් පිරිසක් ඔහුට පහරදීමට සූදානම් වී ඇති අතර පොලීසිය ඔහුව ආරක්ෂා කරගෙන ඇත්තේ මහත් පරිශ්‍රමයක් දරමිනි.අත්අඩංගුවට පත් පිරිස වයස අවුරුදු 19 හා 23 අතර වයස් කාණඩවල පසුවන්නන් බවත් සඳහන් වේ. -

පොලීසියේ ලොකු පුටු හතර අතට මාරු කෙරේ
නියෝජ්‍ය පොලිස්පතිවරුන්, පොලිස් අධිකාරී සහ සහකාරා පොලිස් අධිකාරීවරුන්, පොලිස් ස්ථානාධිපතිවරුන් පිරිසක් සඳහා ස්ථාන මාරුවීම් ලබා දී ඇත.

-

පොලීසිය නිදි… ගාල්ල උසාවියේ නඩුභාණ්ඩ ගබඩාවටත් හොරු පනී….
අද (4) අලුයම දොළහයි තිහට පමණ උණවටුන පැරණි සලුසල භූමියේ පිහිටි ගාල්ල අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවට ඇතුලු වූ සොරුන් පොලීසිය පැමිණෙන විට පලා ගොස් ඇතැයි හබරාදුව පොලීසිය පවසයි.
මෙම නඩු භාණ්ඩ ගබඩාවට සොරුන් ඇතුලුවී ඇති බවට ලැබුණු තොරතුරක් මත අද අලුයම 12. 30 ට පමණ හබරාදුව පොලිසිය එම ස්ථානයට යන විට කඩමින් සිටි සේප්පුවක් අතහැර දමා සොරුන් පලා ගොස් ඇති බවද වාර්තා වේ.
මෙම නඩු භාණ්ඩ ගබඩාවට පැමිණි සොරුන්ගේ ජංගම දුරකතන දෙකක් කමිසයක් කුඩා ගෑස් සිලින්ඩරයක් ඔක්සිජන් පහනක් අඩු මිටි කිපයක් ඇතුලු උපකරන කීපයක්ද පොලිසිය විසින් සොයා ගෙන ඇත.
මෙම නඩු භාණ්ඩ භූමියේ ඉතා වටිනා වාහන විශාල ප්‍රමාණයක් ඇති අතර එම සමහර වාහනවල වටිනා ඇතැම් කොටස්ද අතුරුදහන්ව ඇති බවට තොරතුරු ලැබෙමින් පවතින වාර්තා වේ.මෙහි ඇති සමහර වාහන රුපියල් ලක්ෂ අසූව තරම් වටිනා ඒවාය. ලොරි වෑන් කාර් යතුරුපැදි ඇතුලු තවත් වාහන විශාල ප්‍රමාණයක් මෙහි ගබඩාකර ඇත.මෙම වාහනවල සමහර කොටස් කාලයක් තිස්සේ සොරුන් විසින් ගලවා
ගෙන යන්නට ඇති බවට පොලිසිය විශ්වාස කරයි. සොරුන් විසින් මෙම සේප්පුව කැඩීමට උත්සාහ කර ඇත්තේ ඇයිද යන්න පොලිසියට ගැටලුවක් වි ඇත.මේ අතර නඩු භාණ්ඩයක් ලෙස එහි තිබූ යතුරුපැදියක් මුරකරු විසින් පාවිච්චිකර ඇති බවටද තොරතුරු පොලිසියට ලැබී ඇති අතර එය සම්පූර්ණ නීති විරෝධි ක්‍රියාවක් බවද පැවසේ.
මේ වන විට මෙම නඩු භාණ්ඩ ගබඩාවේ මුරකරු ප්‍රශ්න කිරිම සඳහා අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තාවේ. හබරාදුව පොලිසිය මේ පිළිබද පරික්ෂණ පවත්වයි.
-

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට නඩු
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙත නඩු දැමීමට තමන් සූදානම් බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ලිපියක් යොමු කරමින් දන්වා තිබේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය වෙත යොමු කර ඇති එම ලිපියෙන් කියැවෙන්නේ කරුණු කිහිපයක් මුල් කරගෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය 2018/08/03 දින සංවිධානය කළ දීප ව්‍යාප්ත වැඩ වර්ජනය ඔස්සේ කළ ඉල්ලීම් පිළිබදව විරුද්ධත්වයක් නොමැති නමුත් උක්ත වර්ජනය මගින් වඩාත් පීඩාවට පත්වන්නේ මෙරට අහිංසක රෝගීන් වන බැවින් ද පහවසර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන අගෝස්තු 5 දිනට ආසන්නව මෙසේ රෝගීන් ප‍්‍රාණ ඇපයට ගැනීම පිළිබඳව නැවත සිතා බැලිය යුතු බවද එහි සඳහන් කර තිබුණි.1950 අංක 42 දරණ කාර්මික ආරවුල් පනතේ 32 /2* වගන්තිය අනුව අත්‍යවශ්‍ය කර්මාන්තයක හෝ සේවාවක වර්ජනයක් සිදුකරයි නම් ඊට දින 21කට පෙර සේවායෝජකයාට එ් පිළිබඳව ලිඛිතව දැනුම් දිය යුතුය.
එවැනි පසුබිමක හදිසි වැඩ වැරුමක් සිදු කිරීම සේවක විෂමාචාරයක් ලෙස සැලකිය හැකි බැවින් එම වෛද්‍ය සංගමය 2018. 08. 03 දින සංවිධානය කළ වර්ජනයට එරෙහිව මෙරට සමස්ත රෝගීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් අධිකරණ ක‍්‍රියාමාර්ග ගැනීමට පාරිභෝගික අයිතීන් සුරැුකීමේ ජාතික ව්‍යාපාරය කටයුතු කරන බව වැඩිදුරටත් එමගින් දන්වා තිබුණි.
-

උ/පෙළ හා ශිෂ්‍යත්වය සඳහා පෙනී සිටින සිසුන් වෙනුවෙන් විශේෂ ලංගම බස් සේවාවක්
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ හා 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සඳහා පෙනී සිටින සිසුන් වෙනුවෙන් අදාළ විභාග කාලසීමාව තුළ දී විශේෂ බස් රථ සේවා යොදවන බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය සදහන් කරයි.ඒ වෙනුවෙන් බස් රථ 770ක් යෙදවීමට නියමිත අතර අදාළ බස් සේවා සම්බන්ධයෙන් යම් ගැටළුවක් ඇත්නම් 011 – 7 555 555 දුරකථන අංකයට දැනුම් දෙන්නැයි ද ඉල්ලීමක් කෙරේ.මෙවර උසස් පෙළ විභාගය ලබන සදුදා (06) ආරම්භ වන අතර සැප්තැම්බර් 01 වනදා දක්වා පැවැත්වේ. එසේම මෙවර ශිෂ්‍යත්ව විභාගය ලබන ඉරිදා (05) පැවැත්වෙනු ඇත. -

සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම ගැන විද්වත් වාර්තාවක් ජනපතිගෙන් එස්බී ඉල්ලයි
කැබිනට් මණ්ඩලයේ අනුමැතියකින් තොරව අත්සන් කළ බව කියන ශ්‍රී ලංකා – සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් විශේෂඥ කමිටුවක් පත්කර වාර්තාවක් ලබා ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලීමක් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බි. දිසානායක ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා – සිංගප්පූරු වෙළෙඳ ගිවිසුමක් ඇතිකර ගැනීම රටට වාසිදායක බව සඳහන් කළ දිසානායක මන්ත්‍රීවරයා එය කළ යුත්තේ විනිවිද භාවයකින් යුතුව බව පුංචි බොරැල්‍ලේ පිහිටි නිදහසේ මාධ්‍ය කේන්ද්‍රයේදී සිකුරාදා (03) පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.
මෙම ගිවිසුමට අනුව ආනයනය හා අපනයනය සම්බන්ධයෙන් ගැටලුවක් මතුවී තිබෙන බැවින් ඒ පිළිබඳ විද්වත් වෘත්තිකයන් ඇතුළත් කමිටුවක් මගින් අදහස් ලබාගත යුතු බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.