Tag: featured

  • සිවුපා කොටියා මරා ජය සැමරු දෙපා තිරිසනුන්ව දුටු තැන අල්ලන්න අධිකරණයෙන් පොලීසියට නියෝගයක්…….!

    සිවුපා කොටියා මරා ජය සැමරු දෙපා තිරිසනුන්ව දුටු තැන අල්ලන්න අධිකරණයෙන් පොලීසියට නියෝගයක්…….!

    පොලු මුගුරුවලින් පහර දී කොටියකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල පළවූ වීඩියෝ දර්ශන නිරීක්ෂණය කර සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් පොලීසියට නියෝග කර තිබෙනවා.

    කිලිනොච්චිය, ආම්බල්කුලම ප‍්‍රදේශයේදී මෙලෙස පහරදී කොටියා ඝාතනය කර තිබුණා.

    මෙලෙස කොටියෙකු ඝාතනය කිරීම දඩුවම් ලැබිය හැකි වරදක් බව වනජීවි අධ්‍යක්‍ෂ ජනරාල්වරයාද සඳහන් කර තිබුණා.

    https://www.facebook.com/NewsfirstSL/videos/vl.704753026338536/1995536053839976/?type=1

  • ඒකාධිපතිවාදයට අර අදින Local හිට්ලර්ලට ලංකාවේ කිසිදු ඉඩක් නෑ.. ජනපති මෛත්‍රිගෙන් සැර ප්‍රකාශයක්…

    ඒකාධිපතිවාදයට අර අදින Local හිට්ලර්ලට ලංකාවේ කිසිදු ඉඩක් නෑ.. ජනපති මෛත්‍රිගෙන් සැර ප්‍රකාශයක්…

    2015 ජනවාරි 08 වනදා මේ රටේ ජනතාව රටේ පාලනයේ වෙනසකට දායකවූයේ එදා රට තුළ මතුවෙමින් තිබූ ඒකාධිපති පාලනයක ස්වරූපයට එරෙහිව බව ජනාධිපතිවරයා පවසයි.

    එම අත්දැකීම් අමතක වී ගිය උදවිය අද නැවතත් රටට ඒකාධිපති පාලනයක් ඉල්ලා සිටිය ද 2015 ජනවාරි 08 වනදා මේ රටේ ජනතාව තැබූ අපේක්ෂාවන් බිඳ වැටීමට ඉඩ නොතබන බව ජනාධිපතිවරයා අවධාරණය කරයි.

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ අද (21)පෙරවරුවේ නිකවැරටිය ප‍්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.

    ඒකාධිපති පාලනයක යුගය නිමා කරමින් ජනතාව ඉල්ලා සිටි නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සියයට සියයකින් නොව සියයට දෙසීයකින් අද රට තුළ තහවුරු කර ඇති බව පැවසූ ජනාධිපතිවරයා ඒ තුළ පන නැති පාලනයක් ලෙස වත්මන් පාලනය හඳුුන්වාදීමට ඇතැමුන් කටයුතු කළ ද එය නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවදය සමඟ යන ගමනක් බව ඔවුන් සියලූදෙනා අවබෝධ කරගතයුතු බව කියා සිටියේය.

    ලැබී ඇති නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වැරදි අන්දමින් භාවිතා කරමින් රජයට පහරදීමට ඇතැමුන් කටයුතු කළ ද රටේ උගතුන්, බුද්ධිමතුන් සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරන සියලූදෙනා එක්කර ගනිමින් රටට අවශ්‍ය නිවැරදි දේශපාලන සහ සංවර්ධන ගමන තවදුරටත් ශක්තිමත් කරමින් ඉදිරියට ගෙන යන බව ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

    පසුගිය වසර තුන හමාර තුළ රට තුළ තහවුරු කළ නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සමගින් දුරස්වී සිටි ජාත්‍යන්තරය යළි මාතෘභූමියට සමීප කරවීමට මෙන්ම රටට ජයග‍්‍රහණ රැුසක් අත්කරදීමට හැකි වූ බව මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා රට දිනාගත් ගමන ආපසු හැරවීමට කිසිවෙකු දායක නොවිය යුතු බව ද අවධාරණය කළේය.

    නව උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත්කෙරුණු 81 වැනි උදා ගම්මානය වන කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ නිකවැරටිය, කොටවෙහෙර ,වෙහෙරපුර, නිවාස ව්‍යාපෘතිය අද ජනාධිපතිතුමා අතින් ජනතා අයිතියට පැවරිණි.

    අක්කර 6.67 ක් භූමි භාගයක ඉදිකර තිබෙන මෙම නිවාස ව්‍යාපෘතිය නිවාස 32 කින් සමන්විත වන අතර විදුලිය හා පිරිසිදු පානීය ජල සැපයුමක් සහ විධිමත්ව සකස් කළ ප‍්‍රවේශ සහ අභ්‍යන්තර මාර්ග පද්ධතියකින් ද සමන්විත අංග සම්පූර්ණ ආදර්ශ ගම්මානයක් ලෙස එය ඉදිකර තිබේ.

    නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පවරාදුන් ජනාධිපතිවරයා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය.

    ආදර්ශ ගම්මානයේ ඔසු උයන ද ජනාධිපතිවරයාගේ නිරික්ෂණයට ලක්වූ අතර නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පවරාදීම සංකේතවත් කරමින් ජනාධිපතිවරයා අතින් නා පැළයක් ද රෝපණය කෙරිණි.

    නිවාසලාභීන් වෙත සංකේතාත්මකව යතුරු ප‍්‍රදානය කිරීම ජනාධිපතිවරයා අතින් සිදුවිය.

  • ඒකාධිපතිවාදය පතුරන මිනිමරු හිටලර් (ගොඨාභය)ට එරෙහිව කුමාර වෙල්ගම සටන් බිමට…

    ඒකාධිපතිවාදය පතුරන මිනිමරු හිටලර් (ගොඨාභය)ට එරෙහිව කුමාර වෙල්ගම සටන් බිමට…

    මිලිටරි ආණ්ඩුවක් පිළිබඳ අදහස සම්පූර්ණයෙන්ම හෙළා දකින බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

    මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ එවැනි තත්ත්වයක් ඇති වුවහොත් දිවි පරදුවට තමා සටන් කරන බවයි.

    අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමියන් පසුගියා දා ප්‍රකාශ කර තිබුණේ රට සංවර්ධනයට මිලිටරි පාලකයෙකු හෝ පත්විය යුතු බවයි.

  • සිරගත කල සැණින් ඥාණසාර හිමිට රාජයෝගයක් පහළ වෙලා….! රටම හිනස්සන කතාව මෙන්න…

    සිරගත කල සැණින් ඥාණසාර හිමිට රාජයෝගයක් පහළ වෙලා….! රටම හිනස්සන කතාව මෙන්න…

    අධිකරණය තුල සිදුකල වරදකට දඩුවම් වශයෙන් සිරගත වු පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් හට නක්ෂත්‍රයට අනුව රාජයෝගයක් පවතින බවත් ඒ අනුව අනාගතයේ දී මෙරට ප්‍රථම පුරවැසියා බවට පත්වීමේ හැකියාව ද පවතින නමුත් ඥාණසාර හිමියන් ඉදිරිපත් වන්නේ ඉදිරි ජනාධිපතිවරණයට නොවන බව සිංහල රාවය සංවිධානයේ මහලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් පවසනවා. 

     

  • මන්නාරම මුහුදෙන් ගණදෙවි පිළිමයක් මතුවෙයි

    මන්නාරම මුහුදෙන් ගණදෙවි පිළිමයක් මතුවෙයි

    මන්නාරම ධීවර වරාය ආසන්න සාගර කලාපයේ මසුන් ඇල්ලීමට එළන ලද දැලක පැටලී ගලින් නිම කරන ලද ගණදෙවි පිළිමයක් මතුවි ඇති බව මන්නාරම ධීවරයින් පවසති.

    මන්නාරම ධීවරයින් පැවසූවේ ඊයේ (21) උදැසන මසුන් ඇල්ලීම සඳහා ධීවරයින් පිරිසක් දැළක් එළා ඇති අතර,අදාළ දැල ගොඩ ගැනීමේදී දැළට පැටලි ගණදෙවි පිළිමයක් මතුව ඇති බවයි.

    අදාළ ගණදෙවි පිළිමය ගලින් නිමවා ඇති අතර, කලක් මුහුදු පතුලේ තිබි ඇති බවට ධීවර ජනතාව පවසති.මන්නාරම නගරයේ ධීවර වරාය ආසන්නයේ පැරණි මන්නාරම නගර පිහිටා තිබි ඇති අතර, අදාළ ප්‍රදේශයෙන් මීට පෙර අවස්ථා කිහිපයකදීද පුරාවිද්‍යා වටිනාකමින් යුතු භාණ්ඩ හමුවි ඇති බව ප්‍රදේශවාසීන් පැවසූහ.සොයාගත් ගණදෙවි පිළිමය මන්නාරම පුරාවිද්‍ය කාර්යාල නිළධාරීන්ට භාරදීමට නියමිත බව මන්නාරම ධිවරයින් පැවසීය. 

  • නොරොච්චෝලේ සුළං බාධකය ඉදිරිකිරීමේ කටයුතු අදින් අැරඹෙයි

    නොරොච්චෝලේ සුළං බාධකය ඉදිරිකිරීමේ කටයුතු අදින් අැරඹෙයි

    නොරොච්චෝලේ ලක්විජය තාප බලාගාරය සඳහා සුළං බාධකයක් ඉදිකිරිම අද (22) ආරම්භ කරන බව විදුලිබල හා පුනර්ජනනිය බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පවසයි.

    බලාගාරයෙන් අළු, දූලි සුළඟ සමඟ පරිසරයට එකතුවිම වැලැක්විම එම වැඩපිළිවෙලේ අරමුණ වී තිබේ.

  • නිදහස් අධ්‍යාපන අයිතිය තහවුරු කරන තෙක් අරගලය කරනවා

    නිදහස් අධ්‍යාපන අයිතිය තහවුරු කරන තෙක් අරගලය කරනවා

    කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල සංශෝධිත පනතේ සයිටම් ආයතනය අහෝසිවීම හැර සෙසු කරුණුවලට එකඟවිය නොහැකි බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.

    අධ්‍යාපනය සඳහා වැඩි මුදලක් වෙන් කරන රජයෙන් ඉල්ලා සිටින්නේ එහි පවතින අඩුපාඩු හේතුවෙන් බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කල අතර නිදහස් අධ්‍යාපන අයිතිය තහවුරු කරන තෙක් අරගලයේ නිරත වන බව එහි කැඳවුම්කරු ළහිරු වීරසේකර මහනුවර පැවැති මාධ්‍ය හමුදවකදි ප්‍රකාශ කළේය.

  • උදේ පාන්දර බියුටි සැලෝන් එකට ගිය නිලි උදාරි මේකප් පිටින්ම දොට්ට…. රටම හිනාවෙන හේතුව මෙන්න…

    උදේ පාන්දර බියුටි සැලෝන් එකට ගිය නිලි උදාරි මේකප් පිටින්ම දොට්ට…. රටම හිනාවෙන හේතුව මෙන්න…

    ජනප්‍රිය නිළි උදාරි පෙරේරා අද (21 දා) උදෑසන නාවල පිහිටි ගයාන් සැලෝන්හි nails Spa අංශය වෙත ගොස් තිබේ .
    එහි සිටි කාන්තාවක් උදාරි කලක සිට හඳුනන ඇයට බොහෝ උදව්කර තිබූ ඇගේ හිතවතියකි. එමෙන්ම මෙම කාන්තාව ව්‍යාපාරිකයෙකුගේ බිරිඳක්ද වේ. අද උදෑසන මෙම රූපලාවන්‍යාගාරයට ගිය උදාරි සහ එම කාන්තාව අතර බහින් බස් වීමක් සිදුව ඇත .
    මෙහිදී එම රූපලාවන්‍යාගාරයේ සේවකයින් මෙම ගැටුම මැඩපැවැත්වීමට බොහෝ උත්සහ දරා ඇති අතර අවසානයේදී මෙම ගැටුම කෙතරම් දුරදිග ගියේද යත් උදාරිව එම රූපලාන්‍යාගාරයෙන් එළියට ඇද දමා ඇත.
  • සාමකාමී ලොවක් උදෙසා අපි කොන්දේසි විරහිතව ආදරය කරමු..  කැරලිකාර සිතිවිල්ලක පළමු දිගහැරුම…

    සාමකාමී ලොවක් උදෙසා අපි කොන්දේසි විරහිතව ආදරය කරමු.. කැරලිකාර සිතිවිල්ලක පළමු දිගහැරුම…

    යුද්ධය සෑම අතින්ම මානව සමාජයට ගෙන එනුයේ පරාජයන් ය.

    කිසිවිටෙක යුද්ධයෙන් ජයග්‍රහණයක් කුමන හෝ පාර්ශවයකට අත්වීමක් සිදුවන්නේ නැත. යුද්ධයේ අවසානයක් දැකිය හැකි වුවද ජයග්‍රහණයක් දැකිය නොහැකි යයි කියන්නේ එනිසාය.

    කෙතරම් අශිෂ්ඨ වුවද යුද්ධය මානව ඉතිහාසය තුළම නොවැලැක්විය හැකි සංසිද්ධියක් නිසා ලෝක මානුෂවදීන් යම් තරමකට හෝ යුද්ධය ශිෂ්ඨ රාමුවකට අන්තර්ගත කිරීමේ අභිලාෂයෙන් ක්‍රීඩාවට මෙන්ම යුද්ධයටත් නීති පනවා ගෙන තිබේ. ජිනීවා සම්මුති යනු එකී නීති ය. එහෙත් අවියෙන් සහ ප්‍රග්ධනයෙන් බලවත් වූ කිසිවෙකුට එකී නීති අදාළ වන බවක් නොපෙනේ. මේ මොහොතේ මානව විමුක්තිය උදෙසා අරගල කරන මානුෂවදීන් මුහුණ දෙන ඛේදවාචකයන්ගෙන් එකක් වන්නේ එයයි. ඒ බැව් තහවුරු කරමින් ඊශ්‍රායල් – පලස්තීන යුධ ගැටුම් ඉතිහාසයට තවත් ඛේදනීය මතකයක් පසුගිය දා එක් කෙරින. ගාසා තීරයේ යුධ ගැටුම් මැද තුවාල කරුවන් සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙමින් සහන සේවා කටයුතු වල නිරත වූ රසාන් අල් නජාර් නම් පලස්තීන ජාතික තරුණිය ඊශ්‍රායල් හමුදාව විසින් වෙඩි තබා ඝාතනය කර තිබිණ. මේ බැව් ලෝක ජනමාධ්‍ය වාර්තා කිරීමත් සමඟ තාක්ෂණයේ දියුණුව සහ ශිෂ්ඨාචාරයේ දිශානතිය පිළිබඳව නැවත වටයකින් ලෝක ප්‍රජාවගේ අවධානය යොමු වී ඇති බවක් පෙනෙන්නට ඇත.

                              ගාසා තීරයේදී තුවාලකරුවන් වෙත ප්‍රතිකාර සේවා කටයුතු වල නිරතව සිටියදී ඊශ්‍රායල් ප්‍රහාරයෙන්  මියගිය රසාන් අල් නජාර් 

    එහෙත් මීට පෙර සෑම යුද්ධයකදී මෙන්ම අනාගතයේ ඇතිවන සෑම යුද්ධයකදීම මෙලස තව තවත් මානව අයිතීන් අමු අමුවේ උල්ලංඝනය වනු ඇත. ලෝක මානුෂවාදී ප්‍රජාව පෙර පරිදිම හඬ නගනු ඇත. එහෙත් ප්‍රතිඵලයෙහි වෙනසක් වනු ඇතැයි කිසිවෙකුට විශ්වාස කල හැකිද? අප ද යුද්ධය පිළිබඳව අඳුරු ඉතිහාසයක් ඇති රටකි. යුද්ධයේ ප්‍රතිපලයන් පිළිබඳව අප ජාතියක් ලෙස විග්‍රහ කරන්නේ පුදුම සහගත ආකාරයකටය. 71 භීෂණ සමයේ කතරගම රූමතිය නමින් ප්‍රචලිත වූ ප්‍රේමවතී මනම්පේරී ඝාතනය දකුණේ සිංහල සමාජය මහා ඛේදවාචකයක් ලෙස පිළිගන්නා අතරම උතුරේ ඊළාම් යුධ භීෂණයෙන් ඝාතනය වූ ඉසිප්‍රියා නම් තරුණ ගායිකාව සහ නිවේදිකාව පිළිබඳව කිසිඳු සංවේදීතාවයකින් තොරව එකී ඝාතනය සාධාරණීකරණය කිරීමට කරුණු ගෙනහැර දක්වයි. එකී ඝාතනය තුළ මානව ධර්මතා උල්ලංඝනය වී ඇති බවක් වත් නොපිළිගනී. එමෙන්ම 88/89 භීෂණ සමයේ ඇඹිලිපිටියේ සිදු වූ සිසු ඝාතනය සම්බන්ධව මහා සංවේදීතාවක් දක්වන දකුණේ සමාජය 2007 ත්‍රිකුණාමලය, කින්නියා ප්‍රදේශයේ සිදු වූ සිසු ඝාතනයන් පිළිබඳව පරීක්ෂණයක් සිදු කරනවාට පවා මහා පරිමාණ ප්‍රතිරෝධයක් දක්වයි. මේ පරස්පරතාවයන් ගෙන් ගම්‍යවන්නේ කුමක් ද? අප සමාජයක් ලෙස මානව ධර්මතා දේශපාලනික වුවමනා වෙනුවෙන් හිලව් කරන අවස්ථාවාදී අසංස්කෘතික සමාජයක් බැව් නොවේද?

        1983 දී ජාතිවාදී ගිනි අවුළුවන මැරයින් පිරිසක් 

    සිරියානු සරණාගත ප්‍රජාව රටින් පලා යද්දී මහ මුහුදට බිලිවූ කුඩා දරුවකු ගේ හැඩ සසල කරවන ඡායාරූපය මෙන්ම ඊළාම් යුද්ධයේ ගොදුරක් බවට පත්වූ දහස් ගණන් සිංහල මායිම් ගම්මාන දරුවන් ද උතුරේ යුධ ගම්මාන වල දරුවන් ද අවසානයේ වැඩිහිටියන්ගේ යුද්ධයේ ගොදුරක් වූ බාලචන්ද්‍රන් දරුවා ද ලෝකය වෙලාගෙන ඇති එකම අමානුෂික ඛේදවාචකයක ගොදුරුය. මේ ඝාතනයන් එකක්වත් කිසිවෙකුට කිසිඳු හේතුවක් නිසා සාධාරණීකරණය කල නොහැක. කිසිවෙකුට යුද්ධයක් මානුෂීය යුද්ධයක් ලෙස නාමකරණය කල නොහැක. එසේ කරනවා නම් එය බල දේශපාලනික තක්කඩිකමට සිදුකරන්නක්ම පමණි. බටහිර වුවද, පෙරදිග වුවද සංවර්ධිත වුවද එසේ නොවුන ද රටක දේශපාලන තක්කඩිකම් වල පවතින රුදුරු බව නිසා එකී සෑම සමාජයකම පීඩා විඳින්නෝ අහිංසක පුරවැසි ප්‍රජවෝය. බල දේශපාලනයේ ගොදුරු බවට පත්වන්නෝ සෑම විටම හඬක් නැති මිනිසුන්මය.  මානව ඉතිහාසය පුරාම එවැනි බහුතරයක් පුරවැසියෝ අසාධාරණ බල කාමයට සහ ප්‍රාග්ධන වුවමනාවන්ට ගොදුරක්ව හඬක් නොනගාම පොළොවට පස් වී ගියහ. මේ පවතින ලෝක දේශපාලනික යථාර්ථය තුළ ඉදිරියටත් එසේම වනු ඇත. ලොව බොහෝ සමාජයන් තමාට වෙන අසාධාරණ කෙරෙහි සංවේදී වුවද ශ්‍රි ලංකාවේ සමාජය මෙන්ම අනෙකා ගේ පීඩාව සාධාරණීකරණය කරමින් මෙකී චක්‍රාකාර ලෝක පැවැත්ම පවත්වාගෙන යනු ඇත.

                                                                                                                 ආදරය අයදින මැදපෙරදිග දරුවන්

    එකී බලදේශපාලනික තක්කඩිකම් මානව විමුක්තියේ නාමයෙන් පරාජය කිරීමට ඇති එකම විකල්පය ආදරයම පමණි. ඒ ආදරය කොන්දේසි විරහිත කැරලිකාර ආදරයක් විය යුතුය. ලංකාවේ සමාජයට ද පලස්තීන සමාජයට ද ඊශ්‍රායල් සමාජය ට ද ලොව අන් කොතැනක සමාජයකට ද එය පොදු සාධකයකි. යුද්ධය තුළ අත්දකින තාවකාලික වීරත්වය මිත්‍යාවක් බවත් සැබෑ වීරත්වය ඇත්තේ කොන්දේසි විරහිතව ජාතීන් අතර පතුරුවන ආදරයම තුළ පමණක් බවත් තේරුම් ගන්නා සංස්කෘතික සමාජයන් ලොව සෑම තැනකම බිහිවීමට අවශ්‍ය මුළු මහත් සමස්ත සමාජ දේහයම වසා ගන්නා උත්තුංග ආදරයක් වෙනුවෙන් ආදරණීය සමාජ අරගලකරුවන් එක පෙළට පෙළ ගැසී කැරලි ගැසිය යුත්තේ එබැවිනි. එය මානව ප්‍රේමයේ නාමයෙන් අවංකව කැපවූ  අනවරත අරගලයක් විය යුතුය.

  • නිකවැරටිය, කොටවෙහෙර, වෙහෙරපුර, නිවාස ව්‍යාපෘතිය ජනපති මෛත්‍රි අතින් අද ජනතා අයිතියට….

    නිකවැරටිය, කොටවෙහෙර, වෙහෙරපුර, නිවාස ව්‍යාපෘතිය ජනපති මෛත්‍රි අතින් අද ජනතා අයිතියට….

    නව උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත්කෙරුණු 81 වැනි උදා ගම්මානය වන කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය, කොටවෙහෙර, වෙහෙරපුර, නිවාස ව්‍යාපෘතිය අද (21) ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ජනතා අයිතියට පැවරිණි.
    අක්කර 6.67 ක් භූමි භාගයක ඉදිකර තිඛෙන මෙම නිවාස ව්‍යාපෘතිය නිවාස 32 කින් සමන්විත වන අතර විදුලිය හා පිරිසිදු පානීය ජල සැපයුමක් සහ විධිමත්ව සකස් කළ ප්‍රවේශ සහ අභ්‍යන්තර මාර්ග පද්ධතියකින් ද සමන්විත අංග සම්පූර්ණ ආදර්ශ ගම්මානයක් ලෙස ඉදිකර තිබේ.
    නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය. 
    ආදර්ශ ගම්මානයේ ඔසු උයන ද ජනාධිපතිතුමාගේ නිරික්ෂණයට ලක්වූ අතර නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පවරාදීම සංකේතවත් කරමින් ජනාධිපතිතුමා අතින් නා පැළයක් ද රෝපණය කෙරිණි.
    නිවාසලාභීන් වෙත සංකේතාත්මකව යතුරු ප්‍රදානය කිරීම ජනාධිපතිතුමා අතින් සිදුවිය. 
    අමාත්‍ය සජිත් ප්‍රේමදාස, ගාමිණි ජයවික්‍රම පෙරේරා, එස්.බී. නාවින්න, නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක, වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක යන මහත්වරුන් ඇතුථ පලාතේ දේශපාලන නියෝජිතයින් රැසක් ද නිවාස හා ඉදිකිරිම් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුථ නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
  • උපන් දිනයදාම ගෝඨාව මිනිමරුවෙක් ලෙස හැදින්වු වෙඩරුවේ උපාලි හිමියන්ගේ අමුතු කතාව මෙන්න…

    උපන් දිනයදාම ගෝඨාව මිනිමරුවෙක් ලෙස හැදින්වු වෙඩරුවේ උපාලි හිමියන්ගේ අමුතු කතාව මෙන්න…

    වාර්තාගත දැවැන්තම මනුෂ්‍ය ඝාතනය කළ ඇඩොල්ෆ් හිට්ලර්ගේ මඟ ගොස් මිලිටරි පාලනයක් ඔස්සේ හෝ රටේ පාලනය ලබා ගන්න ලෙස සංඝ නායකත්වය විසින් ගෝඨාභය රාජපක්ෂ හට අරාධනා කර තිබේ.

    “ඔබතුමා ගැන සඳහන් කරනකොට ඔබතුමාව හිට්ලර් හැටියටත් හඳුන්වලා දෙන්න පුළුවන්. ඉතින් අපි මතක් කරනවා  ඔබතුමාට මිලිටරි පාලනයක් විදියට තමයි ඇවිල්ලා මේක ජයගන්න වෙන්නේ කියලා නැවත මතක් කරනවා.” යි අස්ගිරි පාර්ශවයේ අනු නායක වෙඩරුවේ උපාලි හිමියෝ පැවසුහ.

    හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ 69 වන ජන්ම දිනය වෙනුවෙන් මිරිහානේ ඔහුගේ නිවසේදී පැවති දානමය පුන්‍ය කර්මයේදී අනුශාසනාවක් කරමින් උන්වහන්සේ මේ බව කියා සිටියහ.

    මෙම අවස්ථාවට ත්‍රෛනිකායන් නියෝජනය කරමින් සංඝයා වහන්සේලා පිරිසක්ද වැඩම කරවා තිබීම විශේෂත්වයකි.

    ඇඩොල්ෆ් හිට්ලර්

    ඇඩොල්ෆ් හිට්ලර් හා ඔහුගේ නාසි පාලනයේ දී යුද ඇස්තමේන්තුගත මිලියන 19.3 සිවිල් වැසියන් හා සිරකරුවන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු විය.

    මීට අමතරව, සොල්දාදුවන් හා සිවිල් වැසියන් මිලියන 29 ක් දෙවන ලෝක මහා යුද්ධය දී යුරෝපීය රඟහල හමුදා ක්‍රියා මාර්ගයක ප්‍රතිඵලයක් ලෙස මිය ගිය අතර දෙවන ලෝක යුද්ධ සමයේ මිය ගිය සිවිල් වැසියන්ගේ සංඛ්‍යාව මානව ඉතිහාසයේ දරුණුතම ඝාතනය ලෙස හැඳින්වේ.

     

  • බැසිල් සහ ගෝඨා බලය උදෙසා මරාගනිද්දී මහින්දානන්ද  සහ වාසු සමස්ත රාජපක්ෂවරුන්ටම එරෙහිව සටනට…

    බැසිල් සහ ගෝඨා බලය උදෙසා මරාගනිද්දී මහින්දානන්ද සහ වාසු සමස්ත රාජපක්ෂවරුන්ටම එරෙහිව සටනට…

    රාජපක්ෂ පවුලේ පටු ක්‍රියාමාර්ග හේතුවෙන් කඩාවැටෙමින් පවතින ආණ්ඩුවට වාසිදායක වටපිටාවක් නිර්මාණය වී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
    මේ වනවිට ඒකාබද්ධ විපක්ෂය තුළ කුඩා කුඩා කණ්ඩායම් කිහිපයක් නිර්මාණය වී ඇති අතර නමට පමණක් එය ඒකාබද්ධ වී තිබේ. විශේෂයෙන් මහින්ද, ගෝඨාභය, බැසිල් යන රාජපක්ෂ සහෝදරයන් තිදෙනා තමන්ට හිතවත් කණ්ඩායම් තුනක් වෙන වෙනම නඩත්තු කරමින් සිටින අතර ඔවුන් අතර රහසිගතව පැවති බල අරගලය මේ වනවිට විවෘත වේදිකාව දක්වාම පැමිණ තිබේ.
    මෙම කණ්ඩායම් තුන නියෝජනය කරන මන්ත්‍රීවරුන් විවිධ අවස්ථාවලදී ප්‍රතිවිරුද්ධ කණ්ඩායම්වලට එරෙහිව විවිධ ප්‍රකාශ නිකුත් කරමින් සිටින බවද මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. මහින්ද පිල නියෝජනය කරන ඇතැම් පුද්ගලයන් ආණ්ඩුවට වාසිදායක තත්වයක් නිර්මාණය කිරීම සඳහා උත්සාහ දරමින් සිටින බව එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ මහතා පවසයි.
    මේ අතර ඊයේ(20) පැවති මාධ්‍ය හමුවකදී මහින්ද පිලේ නායකයෙකු වන වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළේ කිසිසේත් ගෝඨාභය රාජපක්ෂ මහතා කිසිසේත් ඒකාබද්ධ විපක්ෂයේ හෝ පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා නොවන බවයි. ඔහුගේ ප්‍රතිපත්ති මෙන්ම වියත්මග සංවිධානයේ ප්‍රතිපත්ති ද ඇමරිකානු ගැති ප්‍රතිපත්ති වන බැවින් එවැනි පුද්ගලයෙකුට සහාය දැක්වීමට නොහැකි බවයි ඔහු පවසන්නේ.
    මහින්ද පිලට මෙතෙක් ස්ථිර වැඩපිළිවෙලක් නොමැති බව පැවසූ වාසුදේව නානායක්කාර මහතා එ් නිසා විවිධ පුද්ගලයන් ඉදිරිපත් කරන ප්‍රතිපත්ති මහින්ද පිලේ ප්‍රතිපත්ති ලෙස ඇතැම් පුද්ගලයන් සලකන බව පවසයි.
  • මහරගමදී (බැසිල්) කාන්තිගේ පරවුනු පොහොට්ටුව සහ අයාලේ ගිය බයිසිකලේ හැප්පෙයි….

    මහරගමදී (බැසිල්) කාන්තිගේ පරවුනු පොහොට්ටුව සහ අයාලේ ගිය බයිසිකලේ හැප්පෙයි….

    මහරගම මහ නගරසාභාවේ හිටපු නගරාධිපතිනි  කාන්ති කොඩිකාර මහත්මිය එහි  බයිසිකලය සලකුණ යටතේ පාලන බලය ලබාගෙන සිටින පිරිස විවේචනය කිරීම හේතුවෙන් අද(20) සභාවේ දැඩි නොසන්සුන්තාවක් ඇතිවූ බවත් ඒ හමුවේ සභාවේ කටයුතු තාවකාලිකව නවත්වා ඇති බවත් වාර්තා වෙයි.

    මෙම නොසන්සුන්තාව හටගෙන ඇත්තේ මහරගම මහ නගර සභාවට පිට ප්‍රදේශ වලින්  බයිසිකලය සලකුණ යටතේ තේරීපත්වූ මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන්, ඉකුත් මාස තුන තුළදී නගර සභාවෙන් ගෙවන දීමනාව ලබාගෙන ගෙදර යනවා මිස මහරගම ජනතාවට කිසිදු සේවයක් කර නැතැයි  හිටපු නගරාධිපතිනි  කාන්ති කොඩිකාර   පැවසීමෙන්  අනතුරුවය.

    සභාපති ටිරාජ් ලක්රුවන් මහතාගේ ප්‍රධානත්වයෙන් (20) මහරගම නගර සභාව පැවැත්වූ අවස්ථාවේ මෙය සිදුව ඇති අතර එසේම ඉකුත් 07 වැනිදා පැවැති සභාවාරය සඳහා  දැනුම්දිමකින් තොරව පාලක පක්ෂයෙන් පුරප්පාඩු වු නියෝජිතයින්  වෙනුවෙන් බාහිර කාන්තාවන් හය දෙනකු පත් කර එවීමෙන් ඇති වු තත්ත්වයට විරෝධය පළ කරමින්  විරෝධතා පුවරු රැගෙන මන්ත්‍රීවරුන් පිරිසක්  විරෝධතාවකද නිරතවූ බව දැනගන්නට ඇත.

    මේ අතර  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය ලබාදුන් ස්වාධීන කණ්ඩායම වන බයිසිකලයෙන් ඉදිරිපත්වූ පාර්ශව අතර මෙම ගැටුම ඇතිව තිබෙන බවත් මේ හේතුවෙන් ඉදිරියේද සභාවේ කටයුතු සාර්ථකව පවත්වාගෙන යාම සම්බන්ධව අවධානමක් ඇති බවද වාර්තාවේ.

  • ක්‍රීඩකයෝ ගෙනා ගෞරවය ජපාන පාපන්දු රසිකයෝ දෙගුණ කරයි – එකට සෙට්වෙලා ක්‍රීඩා පිටියම සුද්ද කරලා

    ක්‍රීඩකයෝ ගෙනා ගෞරවය ජපාන පාපන්දු රසිකයෝ දෙගුණ කරයි – එකට සෙට්වෙලා ක්‍රීඩා පිටියම සුද්ද කරලා

    ලෝක කුසලාන පාපන්දු තරගාවලියකදී  දකුණු ඇමෙරිකානු කණ්ඩායමක් පරාජයට පත් කළ පළමු ආසියානු රට බවට පත්වීමට ජපානය ඊයේ (19) සමත් වුණා.

    ඒ ප්‍රබල කොලොම්බියානු කණ්ඩායම සමග රුසියාවේ මොර්ඩෝවියා එරීනා ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් ගෝල 2-1ක් ලෙස ජයගැනීමත් සමගයි.

    තරඟයේ පළමු අර්ධය දෙපිලම ගෝල එක් ගෝලය බැගින් ලබාගෙන අවසන් වූ අතර, දෙවන අර්ධයේදී කණ්ඩායම් දෙකම දැඩි සටන්කාමීත්වයක් ප්‍රදර්ශණය කළ නමුත් ජපානයේ ප්‍රහාරකයා වන යුයා ඔසාකා ගෝලයක් වාර්තා කිරීමත් සමග තරගයේ ජයග්‍රහණය ජපානයට හිමිවිය.

    තරඟයෙන් අනතුරුව ක්‍රීඩාංගණයට රැස්ව සිටි ජපාන ප්‍රෙක්ෂකයන් ඔවුන් සිටි ස්ථාන පිරිසිදු කරන අයුරුද දැකගත හැකිවූ අතර එය බොහෝ දෙනාගේ ප්‍රශංසාවටද ලක්ව තිබේ.

     

  • පාපන්දු කිරුළ සොයමින් රොනාල්ඩෝගෙන් ඉතිහාසගත ගෝලයක් – උරුගුවේ කී‍්‍රඩකයෙකු අමුතු රංගනයක…

    පාපන්දු කිරුළ සොයමින් රොනාල්ඩෝගෙන් ඉතිහාසගත ගෝලයක් – උරුගුවේ කී‍්‍රඩකයෙකු අමුතු රංගනයක…

    රුසියාවේදී පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සිය පළමු ජයග‍්‍රහණය වාර්තා කිරීමට ස්පාඤ්ඤය අද (21) අලූයම සමත් වුණා. ඒ, ගෝල 1-0 ක් ලෙස ඉරානය පරාජයට පත් කරමින්. ස්පාඤ්ඤය වෙනුවෙන් ජයග‍්‍රාහී ගෝලය වාර්තා කළේ දියාගෝ කොස්තා. ඔහු මෙවර තරගාවලියේ වාර්තා කළ 3 වන ගෝලයද මෙය වනවා.

    මේ අතර පෘතුගාලය ද ඊයේ (20) සිය පළමු ජයග‍්‍රහණය වාර්තා කළා. ඒ, ගෝල 1-0 ක්  ලෙස මොරොක්කෝ කණ්ඩායම පරාජය කරමින්. පෘතුගාලය වෙනුවෙන් නායක ක‍්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ජයග‍්‍රාහී ගෝලය වාර්තා කළා. ඔහු මෙවර තරගාවලියේ වාර්තා කළ සිවුවන ගෝලයද මෙයයි. රොනාල්ඩෝ ඉතිහාස ගත වූයේ ලෝක කුසලාන පාපන්දු තරගාවලියකදී ගෝල 4ක් වාර්තා කළ දෙවන පෘතුගාල කී‍්‍රඩකයා ලෙයසි. 1996 වසරේදී එවුසෙබියෝ නෙටඩි ගෝල 4ක් වාර්තා කළා. මොස්කව් නුවර පැවති මෙම පෘතුගාල සහ මොරොක්කෝ කණ්ඩායම අතර තරගය නැරඹීමට පාපන්දු ලෝලීන් 78,000 ක් පැමණ සිටියා.

    මේ අතර මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පළමු වටයෙන්ම ඉවත්වීමට සෞදි අරාබියට ඊයේ සිදු වුණා. එ් උරුගුවේ කණ්ඩායම හමුවේ පරාජයට පත්වීමත් සමගයි. උරුගුවේ කණ්ඩායම තරගය ජය ගත්තේ ගෝල 1-0 ක් ලෙසයි. ලූයිස් සුවාරිස් ජයග‍්‍රාහී ගෝලය වාර්තා කළේ 23 වන මිනිත්තුවේදීයි. තරගයේ ජයග‍්‍රාහණයේ සතුට ලූයිස් සුවාරිස් සැමරූ ආකාරය පිළිබවද ඊයේ වැඩි අවධානයක් යොමු වුණා. ඔහු සිය බිරිද සිහිපත් කළේ පාපන්න්දුව සිය කමිසය යට සගව ගනිමින්.

     

  • ජනපති නියෝගයෙන් මිල අධික පිළිකා ඖෂධ වැනි ඖෂධ වර්ග රැසක මිල ලබන ජුලි මාසයේ සිට පහළට….!

    ජනපති නියෝගයෙන් මිල අධික පිළිකා ඖෂධ වැනි ඖෂධ වර්ග රැසක මිල ලබන ජුලි මාසයේ සිට පහළට….!

    අතිගරු ජනාධිපතිතුමාගේ නියෝගය පරිදි ඉතා මිල අධික පිළිකා ඖෂධ වැනි ඖෂධ වර්ග රැසක මිල ලබන ජුලි මාසයේ දී අඩු කිරිමට පියවර ගන්නා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසනවා. එහි ප්‍රථම අදියර යටතේ අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 මිල අඩු කිරිමට මීට පෙර පියවර ගනු ලැබු අතර දෙවන අදියර යටතේ මිල අධික ඖෂධ වල මිල අඩු කිරීමට ජනාධිපතිතුමාගේ නියෝගය අනුව තමන් කටයුතු කළ බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.

    ඖෂධ මිල අඩු කිරීමෙන් පසු පෞද්ගලික රෝහල් වල මිල ගණන් සංශෝධනය කිරිමට සෞඛ්‍ය අමාත්‍යවරයා තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය සේවා තුලින් වැට් බදු ඉවත් කිරිම නිසා ගැටලු රැසක් විසදුන බව පෙන්වා දෙන සෞඛ්‍ය අමාත්‍යවරයා එම නිසා රෝහල් මිල නියාමනය කිරීමට තමන් තීරණය කළ බව ප්‍රකාශ කළා.

     පිළිකා ඖෂධ සදහා තිබූ මාෆියාව නතර කිරිමට රජයට හැකි වූ බවත්, රුසියාවෙන් ආනයනය කළ පිළිකා එන්නතෙන් රෝගීන්ට සංකූලතා මෙතෙක් ඇති වූබවට වාර්තා වී නොමැති බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

    එම එන්නත හදුන්වා දුන් පසු මාධ්‍ය මගින් විශාල විරෝධයක් ඇති කරන ලදි. නමුත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය මත මෙම රුසියානු එන්නත ශ්‍රී ලංකාවට ආනයනය කළ බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරනවා.