Tag: featured

  • රංජන් අවුලෙන්-මාධ්‍යවේදීන් පන්නා දමයි!

     

    කිසිවක් නොකියා පිටව ගිය රන්ජන් මාධ්‍යවේදීන්ට පළ නොකියා පළා බෙදයි . . .

    රන්ජන් රාමනායක හා ඉන්දික අනුරුද්ධ මහත්වරුන් අතර ගැටුමක් නිසා පසුගිය මාසයේ රටපුරා මහත් ආන්දෝලනයකට පත්වූ දිවුලපිටිය සම්බන්ධිකරණ රැස්වීමට අද 20 සවස පැමිණි සමාජ සුභසාධන නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා විනාඩි 10 ක් පමණ එහි රැඳී සිට කිසිවක් ප්‍රකාශ නොකර පිටව ගියේය. පසුගිය මස පැවති රැස්වීමේදී නියෝජ්‍ය ඇමතිවරයා හා ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා අතර ගැටුමක් ඇතිවීමෙන් පසු මෙම රැස්වීම පැවත්වූයේ අද 20 පස්වරුවේය.
    පස්වරු 2.20 ට පමණ එම කමිටුවේ සම සභාපති පලාත් සභා මන්ත්‍රී චන්දන ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීඹ ආරම්භ කෙරුණු අතර පස්වරු 3.10 ට පමණ නියෝජ්‍ය ඇමතිවරයා එහි පැමිණියේය. විනාඩි 10 ක් පමණ රැදී සිටි එම කමිටුවේ සම සභාපතිවරයාද වන නියෝජ්‍ය ඇමතිවරයා මරඳගහමුල කාර්යාලයට යන බව කියා පිටව ගිය අතර ප්‍රකාශයක් ලබාදීමට එම කාර්යාලයට පැමිණෙන ලෙස මාධ්‍යවේදීන්ට දැනුම් දුන්නේය.
    සම්බන්ධිකරණ රැස්වීමෙන් අනතුරුව විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවේදීන් නියෝජ්‍ය ඇමතිවරයාගේ ප්‍රකාශය ලබා ගැනීම සදහා එම කාර්යාලයට ගොස් ඉදිරිපස වාඩීවී සිටියහ. මෙම අවස්ථාවේදී “කවුද ඕයි ඔනන ඉන්නේ යනවලකෝ“ කියා හඩක් කාර්යාලය ඇතුලෙන් ඇසුනු අතර මොහොතකින් මාධ්‍ය වේදීන් කරා පැමිණි ඇමතිවරයාගේ ඡායාරූප ශීල්පියා ඔයාල මෙතනින් එලියට යන්නැයි පැවසීය.

    ඒ අනුව මාධ්‍යවේදීන් පිරිස කාර්යාලය ඉදිරිපස මාර්ගයට පැමිණි පසුව කාාර්යාලීය සේවක පිරිසක් විවිධ කරුණු කියමින් මාධ්‍යවේදීන් අස්වස්සන්නට කටයුතු කරනු ලැබුවත් මාධ්‍යවේදීහු ඔවුන්ගේ අප්‍රසාදය ප්‍රකාශ කර පිටව ගියහ.

    දමිත් තිසර

    [rns_reactions]

  • කුණු ප්‍රශ්නයට බූරු කොලුවා විසදුම් දුන්නේ මෙහෙමයි….

    ඔන්න එක ගෙදරක ටොයිලට් එකක් බ්ලොක් වුනාලු..,,,, කොමඩ් එක පිරිලා බහින්නේ නැහැල්ලු… සිංහල අවුරුදු කාලේ නිසා ප්ලම්බර් කෙනෙක් බේතකට හොයන්න නැහැලු… (ස්වාභාවික විපතක් වෙලා සීයක් විතර හිරවෙලා ඉඳිද්දී උන් මැරෙද්දි අපි හෙට එන්නම් කිව්ව රටේනේ…) කෝල් කළත් එකෙක් එන්නේ නැහැල්ලු…

    දැන් ඔය ගෙදර වත්තෙ පරණ වල වැසිකිලියකුත් තියේලු…. එතකොට ඇනෙක්ස් එකේ [දැනට පාවිච්චි නොකරන] තව එකකුත් තියේලු… ටොයිලට් එක බ්ලොක් නිසා ගෙදර මිනිස්සු එව්වට යන්න හදද්දී… ඒ ගෙදර ඉන්න බූරු කොලුවා (ඔව් අර රතු ඇදං පාරවල් වහන මී හරකා තමයි..) එව්වා ලොක් කරල ලු… දොරේ සටහනක් දාල තියේලු…

    ” ප්‍රධාන වැසිකිලියට වෙච්ච් දේ දැක්කද…?? ඔබේ මේ වැසිකිලියටත් එසේ වෙන්න දෙන්න එපා… බොග දමන්නන්ට එරෙහිව උද්ඝෝෂනය කරන්න..” කියල

    දැන් මොකක් වුනා කියලද හිතන්නේ ?

    සාලේ කාමරවල වත්තෙ තැන තැන තියෙනවලු කේක් ප්‍රදර්ශනේ වගේ ගොඩ ගහල…

    ඔන්න ඔහොමයි බූරු කොලුවා ප්‍රශ්න විසඳුවේ…

    2020 ට ජයවේවා එහෙනං…

     

    පසු සටහන :
    කොළඹ කුණු එකතුකිරීම නවතී.. නගරයම කුණු ගදින් පිරේ.. ගෙවල්වලත් මහ පාරේත් කුණු කදු ගොඩගැසේ..

    [rns_reactions]

  • කුණු දැමීමට ඉඩ නොදුන්නාට අධි පීඩන ජල ප‍්‍රහාර හා කදුළු ගෑස් ප‍්‍රහාරයක්

    කොළඹ නගර සභාවේ කුණු තම ගම් ප‍්‍රදේශයට බැහැර කිරීමට විරෝදය පල කරමින් විරෝධතාවයේ යෙදුනු දොම්පෙ ප‍්‍රදේශවාසීන් එලවා දැමීම සදහා පොලිසිය විසින් අධි පීඩන ජල ප‍්‍රහාර හා කදුළු ගෑස් ප‍්‍රහාරයක් එල්ල කර තිබේ.

    කොළඹ නගරයේ කුණු ලොරි 10ක් මෙම ස්ථානයට ගෙන ඒමත් සමග එහි තත්වය උණුසුම්කාරී විය.

    උදෑසන කාලයේ සිටම මෙම පිරිස විරෝධයේ යෙදුනු අතර පොලිස් කැරලි මර්ධන ඒකකය ඇතුළු බල ඇණි කිහිපයක්ම එහි සිටියේ ජල බවුසර්ද සහිතවයි.

    [rns_reactions]

  • දරුවා උපන් විගසම ගේ පිටුපස වළලලා..(video)

    අනියම් සම්බන්දයක් නිසා ඇතිවූ දරුවා උපන් විගසම නිවාස පිටුපස වල දැමු පුවතක් හසලක මහ ඇස්වැද්දුම පතෝලකොටුව ගම්මානයෙන් වාර්තා වෙයි.

    37 හැවිරිදි කාන්තාව  හසලක  පොලිසිය විසින්  අත්අඩංගුවට ගෙන පරීක්ෂණ ආරම්භ කර ඇති අතර අදාළ සිරුර මහියංගනය මහේස්ත්‍රාත් ඉදිරියේ මෙලෙස ගොඩ ගත්තේය.

    [rns_reactions]

  • රහතුන් රඟපෑ ඉරාජ්ගේ අලුත්ම වීඩියෝව මෙන්න….

    කවුරු කවුරුත් බලාගෙන සිටි ඉරාජ්ගේ නවතම මියුසික් වීඩියෝව මේ වන විට මුදා හැර තිබෙනවා.

    ඉරාජ් බලාපොරොත්තුව නම්  මෙම මියුසික් වීඩියෝව පැය 24ක් යන්න කලින්  You Tube views මිලියනයක් වෙත ගෙන ඒමටයි.

    ඔබත් නරබන්න. රසවිදින්න…අදහස් comment කරන්න…..

     

    [rns_reactions]

  • කසළ කන්දේ ඝාතකයා මහින්දයි – තිලංග හෙලි කරයි….

    මීතොටමුල්ල කසළ කන්දේ ගැටළුවට වගකිව යුත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බව නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා පවසයි.

    අද (20) පෙරවරුවේ මල්වතු මහ නාහිමි අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නා හිමියන් බැහැ දැකීමට ගිය අවස්ථාවේ තිලංග සුමතිපාල මහතා මෙම අදහස් පළ කර තිබේ.

    මල්වතු මහ නාහිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මීතොටමුල්ල කසළ කන්ද සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමින්  නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා අදහස් පළ කර තිබේ.

    [rns_reactions]

  • මීතොටමුල්ල ඛේදවාචකයෙන් මැරුණ කෙනෙක්ට ‘ලක්ෂයක වන්දියක්’ දෙන බවට කියන කතා අමූලික බොරු..!

    මීතොටමුල්ල ඛේදවාචකයෙන් මියගිය පුද්ගලයෙක් සඳහා ලබා දෙන්නේ රුපියල් ලක්ෂයක මුදලක් බවට පළ වූ මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරනවා.
    එමෙන්ම සියලුම අමාත්‍යංශ සහ ආයතන වෙන වෙනම ප්‍රකාශ මාධ්‍ය වෙත නිකුත් නොකරන ලෙසත් මේ තත්වය සම්බන්ධව ගන්නා වූ සියලුම ක්‍රියාමාර්ග ගනු ලබන්නේ පක්ෂ විපක්ෂ බේදයකින් තොරව වගකිවයුතු බලධාරීන් සියලුම දෙනා එක්ව මීතොටමුල්ල හදිසි ආපදා තත්වය පිළිබද සාකච්ඡාවට බඳුන් කෙරෙන මෙම ප‍්‍රගති සමාලෝචන රැස්වීමේදී වන බවත්ය.
    ඒ පිළිබඳව ජනාධිපතිගේ අදහස් දැක්විම පහත වීඩියෝවෙන්, 

     

    [rns_reactions]

  • ජනපති මෛත්‍රි‍ නිය‍මයෙන් යුධ හමුදා සහයෙන් මිතොටමුල්ලට නිසි විසදුම්..

    යුද හමුදාවේ සහය ලබා ගෙන මීතොටමුල්ල කසළ කන්ද මාස 09ක් ඇතුළත ඉවත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද ප්‍රකාශ කළා.

    ඒ, කොටුව ජනාධිපති මන්දිරයේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවක් අමතමින්.

    මීතොටමුල්ල ඛේදවාචකයට මූලික හේතුව ආයතන අතර තිබූ කඹ ඇදිල්ල බවද ජනාධිපතිවරයා මෙහිදී සදහන් කළා.

    එම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට ලබන සතියේදී විශ්‍රාමික විනිසුරුවරයෙකු පත් කර විශේෂ වාර්තාවක් ලබා ගන්නා බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කළේ.

    එමෙන්ම ඉදිරි සති දෙක ඇතුළත රජයේ සේවයට නව මුහුණුවරක් ලබා දෙමින් රාජ්‍ය ආයතනයන්හි  තනතුරුවල වෙනසක් සිදු කරන බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මාධ්‍ය ප්‍රධානින් හමුවේ කියා සිටියා.

    එම වෙනස්කම් වෙසක් පොහොයට පෙර සිදුවනු ඇති බවයි වැඩි දුරටත් ප්‍රකාශ කෙරුණේ. වැරදි සිදු කරන රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව දැඩි තීන්දු ගන්නා බවද  ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළා.

    විදේශ වත්කම් සම්බන්ධයෙන් මතුව තිබූ ගැටලූ මේ වන විට විසදී ඇති බවත් අමෙරිකානු ඩොලර් බිලියන 05ක වත්කම් ශ්‍රී ලංකාව සතුව පවතින බවත් මෙහිදී ප්‍රකාශ කෙරුණා.

    [rns_reactions]

  • අපිව විකුණපු ඕකට හෙන ගහනවා – අගමැති පැමිණි ඊයේ ගම්වාසින් මරික්කාර්ට සාප කරලා….

    මීතොටමුල්ලේ කුණු කන්ද කඩා වැටුනු ප‍්‍රදේශය නිරීක්‍ෂණය කිරීම සදහා ඊයේ දිනයේ අගමැතිවරයා පැමිණි අවස්ථාවේ විපතට පත් පිරිසක් ඔහු හමුවිය. එහිදි ඔහු අසලට පැමිණි කාන්තාවක් හදිසියේම ඔබතුමන්ගේ ආසන සංවිධායකයා තමයි අපිව කෑවේ යනුවෙන් පැවසිය. එහිදි සිනාමුසුව ඇයි මොකද උනේ යනුවෙන් ඇසු රනිල්ට ලැබුනු පිළිතුර මෙසේය..

    ඔකා තමයි අපිව විකුණගෙන කෑවේ.. කාලකණ්නියා අපිව පඹයෝ කරවලා නැටෙවුවා… උෘ ලකුණු දාගත්තා… මාස 2කෙන් අයින් කරනවා කිවුවා.. අපි අයින් වෙන්න හදද්දි උෘ කිවුවා අයින්වෙන්න එපා මම කුනු කන්ද අයින් කරනවා කියලා.. අන්තිමට අපේ අය මලා. ඕකට හෙනගහනවා..

    ඒ අතරම තමනට අගමැති හමුවීමට අවස්ථාව ලබා නොදුන්නේ යයි පිරිසක් විරෝධතාවයේ නිරත විය.

    [rns_reactions]

  • අපේ මැතිව්ස් පරදමින් විලියම්ස් – ධවාන් හයිද්‍රාබාද් පිලට ජය ගෙනෙති..

    අයි. පී. එල්. ක්‍රිකට් තරගාවලියේ 10 වැනි අදියරේ 21 වැනි තරගය ලෙස සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම අතර හයිද්‍රාබාද්හිදී පැවැති තරගයෙන් ලකුණු 15 ක ජයක් අත්කර ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම  සමත් විය.

    ජයග්‍රහණය සඳහා ලකුණු 192 ක ඉලක්කයක් හඹාගිය දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායමට නියමිත ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 176 ක් පමණි.

    පන්දු 31 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 50 ක් රැස්කිරීමට ශ්‍රෙයාස් අයියර් සමත් වුවද, ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමට නොහැකි විය.

    ඇන්ජලෝ මැතිව්ස් (31) සමග එක්ව 5 වැනි වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 40 කදී ලකුණු 70 ක සම්බන්ධතාවක් ගොඩැගීමට ශ්‍රෙයාස් අයියර් සමත් වුවද, දිල්ලි කණ්ඩායම පරාජයෙන් ගලවාගැනීමට තරම් එම සම්බන්ධතාව ප්‍රමාණවත් නොවීය. පන්දු 23 කදී වාර්තා වූ මැතිව්ස්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 2 ක් අන්තර්ගත විය.

    මුලු ලකුණු සංඛ්‍යාව 14 ක් වන විට සෑම් බිලින්ස් ලකුණු 13 කට දැවී ගියද, එතැන් සිට දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 45 කදී ලකුණු 71 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සංජු සැම්සන් (42) සහ කරුන් නායර් (33) සමත් වූහ. පන්දු 33 කදී වාර්තා වූ සංජු සැම්සන්ගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් වූ අතර පන්දු 23 කදී වාර්තා වූ කරුන් නායර්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් විය.

    කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම නියමිත ඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 191 ක් රැස්කළ අතර සිය පළමු අයි. පී. එල්. තරගයට සහභාගි වූ කේන් විලියම්සන් පන්දු 51 කදී ලකුණු 89 ක් රැස්කළේ හයේ පහර 5 ක් සහ හතරේ පහර 6 ක්ද සමගිනි.

    ශිකර් ධවාන් (70) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 86 කදී ලකුණු 136 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගූ විලියම්සන් හයිද්‍රාබාද් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය. පන්දු 50 කදී වාර්තා වූ ධවාන්ගේ අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 7 කින් සමන්විත විය.

    දක්ෂ පන්දු යැවීමක නිතර වූ ක්‍රිස් මොරිස් කඩුලු 4 ක් දවාගැනීමට සමත් වූයේ සිය ඕවර 4 ලකුණු 26 කට සීමා කරමිනි.

    සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම – ඕවර 20 කදී කඩුලු 4 කට 191
    (ශිකර් ධවාන් 70, කේන් විලියම්සන් 89, ක්‍රිස් මොරිස් 26/4)

    දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම – ඕවර 20 කදී කඩුලු 5 කට 176
    (සංජු සැම්සන් 42, කරුන් නායර් 33, ශ්‍රෙයාස් අයියර් නොදැවී 50, ඇන්ජලෝ මැතිව්ස් 31, මොහොමඞ් සිරාජ් 39/2)

    [rns_reactions]

  • දුස්රාවෙන් ලොව විස්මිත කළ මුරලි ක්‍රිකට් ක්‍රිඩාවේ සදාකාලික විරයින් අතරට එක්වෙයි…

    ක්‍රිකට් ක්‍රීඩකයෙකු වෙත පිරිනමන ඉහළම සම්මානය වන (ICC Hall of Fame) සම්මානය ලබාදිම සඳහා මුත්තයියා මුරලිදරන් නම්කර තිබෙනවා.

    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසිනුයි මෙම සම්මානය පිරිනමනු ලබන්නේ.

    මෙම සම්මානය සඳහා නිර්දේශ වු පළමු ලාංකික ක්‍රීඩකයා ද මුත්තයියා මුරලිදරන් වීම විශේෂත්වයක්.

    ලොව මෙතෙක් බිහිවූ විශිෂ්ඨතම දඟ පන්දු යවන්නා ලෙස සැළකෙන මුත්තයියා මුරලිදරන් සදාතනික විශිෂ්ඨයන් අතරට එක් කිරීම ජූනි මාසයේදී සිදුවන බවයි අද වාර්තාවුණේ.

    ජූනි මාසයේ එංගලන්තයේ පැවැත්වෙන චැම්පියන්ස් කුසලාන තරඟාවලිය අතරතුර ඊට අදාළ නිල උත්සවය පැවැත්වීමට නියමිතයි.

    2011 වසරේ පැවති ක්‍රිකට් ලෝක කුසලානයෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් සමුගත් මුරලිදරන් එක්දින කඩුලු 534 කට හිමිකම් කියනවා

    එමෙන්ම ඔහු ලබාගත් ටෙස්ට් කඩුලු සංඛ්‍යාව 534 ක්.

    20 යි 20 තරගවලදී සුපිරි දග පන්දු යවන්නා කඩුලු 13 ක් ලබාගෙන තිබෙනවා.

    එමෙන්ම ටෙස්ට් ඉනිම 67 කදී කඩුලු 5 බැගින් ලබාගෙන තිබීම ද මුරලිගේ තවත් විශේෂත්වයක්.

    [rns_reactions]

  • පාර දිගට දුගද හමන කුණු – දාන්න තැන් නැති නිසා කො/මු/ප්‍රා/ සභාවේ සෙෘඛ්‍ය සේවකයින් නිවාඩු….

    කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ එකතුවන කසළ රැගෙන යෑමට ස්ථානයක් නොමැතිකමින් විසඳුමක් ලැබෙනතුරු ප්‍රාදේශිය සභාව බලා සිටින බව අපට වාර්තා වේ. කොටිකාවත්ත ආදාහනාගාරය අසල ඇති කසල අංගණය ආශ්‍රිත ප්‍රතිචක්‍රකරණ මධ්‍යස්ථානයට එජාපයට සහ ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ සංවිධානාත්මක පිරිසක් කසල බැහැර කිරිමට ඉඩ නොදි කසල රැගෙන ගිය සේවකයින් පිරිසකට පහර දි ඇති අතර ඊට විරෝධය පළකිරිමක් වශයෙන් ඔවුන් සේවයෙන් ඉවත්ව ඇති බව සදහන්..

    කසළ රැගෙන යෑමට ස්ථානයක් නොමැතිව කසළ එකතුකළ නොහැකි බවත්,එසේ වුවහොත් තවත් පරිසර ගැටලුවක් නිර්මාණය විය හැකි බවත්,නගරයේ අලංකරණයටද එය බලපානු ඇති බවත් ප්‍රාදේශිය සබාවේ ප්‍රකාශකයෙක් පැවසිය…

    මේ අතර එක්රැස්වන කසළ තොග රඳවාගැනීමට නොහැකි නිසා ප්‍රාදේශිය සභාවේ කුණු ලොරි රැසක් මේ වනවිට තම කාර්යාලවල නවතා තිබෙනවා.

    [rns_reactions]

  • ඉරාජ්ගේ හොද කියන්න සමන්ත බද්ධ මුහුණු පොතින් සජිවිව එයි..

    නුදුරේදිම  එනවැයි කියන ඉරාජ්ගේ අලුත්ම මියුසික් වීඩියෝ එක ගැන  මේ දිනවල හරි හරියට කතා වෙනවා.

    ආරංචියේ හැටියට මේ මියුසික් වීඩියෝව හෙට නිකුත් වෙනවලු.ඒ විතරක් නෙමෙයි පුරුදු විදියටම මේ මියුසික් වීඩියෝවත් අඩ නිරුව් දර්ශණ ඇතුළත් වෙලා තියනවලු.

    හැබැයි මේ ගැන හැමෝම කතා කරන්න පටන්ගෙන තියෙන්නේ ඒ නිසා නෙමෙයි.

    සිරි සඳහම් ආශ්‍රාමාධිපති සමන්තබද්‍ර හිමියන්ද මේ මියුසික් වීඩියෝවට රංගනයෙන් දායක වෙලා.

    ඉරාජ් කියන විදියට රහතන් වහන්සේ නමක් Music Video එකක ඉන්න පළවෙනි වතාව මේකලු.

    කොහොම වුණත් මේ ගැන බොහෝ දෙනාගෙන් ලැබුණේ යහපත් ප්‍රතිචාරයක් නම් නෙමෙයි.

    කොහොම හරි ඊයේ ෆේස්බුක් ලයිව් ආපු සමන්ත භද්‍ර හිමියෝ මේ චෝදනාවන්ට පිළිතුරු ලබාදී තිබුණා.

    එහිදී උන්වහන්සේ විමසුවේ චිත්‍රපටවලදී නලුවන් බුදුහාදුරුවන්ට මල් පූජා කරන අයුරු දැක නොමැතිද යන්නයි. එසේ නම් බුදු රජාණන් වහන්සේද රඟපාන්නේ දැයි උන් වහන්සේ විමසා සිටියා.

    ඉරාජ් කියන්නේ අප ලගින්ම කටයුතු කරන කෙනෙක් ඔහු සාම්පදායික නෑ මම එහෙම මිනිසුන්ට කැමැතිත් නෑ

    සාම්පදායික මිත්‍යා දුෂ්ඨික නොවන සමාජයට හොඳ පණිවිඩයක් ලබාදීමේ වීඩියොවක පෙනී සිටිමේ වරදක් නැති බවයි උන්වහන්සේ එහිදි සඳහන් කළේ.

    පළමුව එම වීඩියෝව නරඹන ලෙසත්, එය එය තමා තමා විසින් නිරුවත් කර ගැනිමක් බවත්, ගොන් කමට විවිධ අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළකෙන ලෙසත් උන් වහන්සේ එහදි වැඩිදුරටත් පවසා තිබුණා.

    වීඩියෝව පහතින් නරඹන්න..

    https://www.facebook.com/irajw/videos/10158518645495134/

    [rns_reactions]

  • සෝරත පොඩි හාමුදුරුවෝ උපන්දිනේට කේක් කැපුවේ මෙහෙමයි.(video)

    කව්රුත් දන්න සෝරත පොඩි හාමුදුරුවෝ කේක් එකකුත් කපල උපන්දිනය සමරපු හැටි මෙන්න.

    සිදු ටෙලිනාට්‍ය හරහා ලංකාවේම ප්‍රසිද්ධියට පත්වුණ සෝරත පොඩි හම්දුරුවෝ පසුගියදා සිය උපන්දිනය සමරුවා
    අපිත් සෝරත පොඩි හමුදුරුවොන්ට සුභ පතමු  නේද යාලුවනේ

    [rns_reactions]

  • මිනිමරපු එස්.එෆ් ලොක්කා කරන අලුත්ම විගඩම මෙන්න…..

    ලෝකශූර කරාතේ ක්‍රීඩක වසන්ත සොයිසා ඝාතනය කිරිම සම්බන්ධයෙන් චෝදනා ලැබ මහාධිකරණයේ ඇපමත සිටින එස්.එෆ් ලොක්කා නොහොත් ආර්.ඒ.ඉරෝන් රණසිංහ අළෙවි ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භකර තිබෙනවා.

    අනුරාධපුර හා පිටස්තර ප්‍රදේශවල සිට පැමිණෙන පාරිභෝගික ජනතාවට විශිෂ්ඨ සේවාවක් සපයන බව පවසමින් අනුරාධපුර නගරයේ පිහිටි මහා පරිමාණ ව්‍යාපාරික ආයතනයකට සහයෝගය දක්වමින් ඔහු අළෙවි ප්‍රවර්ධන කටයුතු සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

    එම ආයතයේ අඩු මිලට තත්ත්වයෙන් උසස් භාණ්ඩ තිබෙන බව පාරිභෝගිකයන්ට පවසමින් එස්.එෆ් ලොක්කා ප්‍රවර්ධන කටයුතු සිදුකර තිබෙනවා.

    අවු කණ්නාඩි පැලඳ රිදියෙන් තැනූ මුද මාල පෙන්ඩන් ශරිරය පුරා පළඳා ගෙන අනුරාධපුර නව නගරයට පැමිණ එස්.එෆ්.ලොක්කා පසුගිය මාස කිහිපයේම මෙම කටයුතු වල නිරතවූ බව වාර්තා වුණා.

    අනුරාධපුර ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ පිහිටි බෞද්ධ විහාරස්ථානයක හිමිනමක් සමගින් කිට්ටු ඇසුරක් පවත්වන ඔහු උන්වහන්සේ සමග විවිධ සමාජ සේවා කටයුතු වලටද සහභාගීවී ඇති අතර උන්වහන්සේ සමග ජයශ්‍රී මහ බෝධිය වැදපුදා ගැනීමට ගොස් තිබෙන  බවද පැවසෙනවා.

    එස්.එෆ්.ලොක්කා අධිකරණයේ ඇපමත බන්ධනාගාරයෙන් නිදහස්වී පැමිණි පසුව වෙළද ප්‍රවර්ධන කටයුතු සිදුකිරීම නිසා සිය වෙළදාම් කටයුතු වලට තර්ජනයක් එල්ලවී ඇති බව ව්‍යාපාරිකයන් පිරිසක් පැවසු අතර ඔහුගේ නඩු කටයුතු වලට මුදලින් සහයෝගය දක්වන්නන්ගේ වෙළද ආයතන ප්‍රවර්ධනයට ඔහු කටයුතු කරන බවද ඔවුන් සඳහන් කර තිබෙනවා.

    [rns_reactions]

  • මුහුණු පොතෙන් මට අම්බානක ගහනවා – වැරදි ඇති මගෙත් – මරික්කාර් කියයි..

    තමන්ට මුහුණුපොත ඔස්සේ එක්තරා පුද්ගල කණ්ඩායමක් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරමින් සිටින බව කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් පැවසීය..  කුණු කන්දේ **** ආදි නම් වලින් තමන්ට පරිභව කරන බවත් තමන් කිසිදිනෙක කුණු කන්දේ අයිති කර නොගත් බවද ඔහු පැවසිය. ප්‍රසිද්ධ නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ අදහස් ප්‍රකාශකර ඇත.

     රටක ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ඔයාට නිදහස තියනවා ඔයාගේ මතවාදය කියන්න. අර පුද්ගලයන් කරන්නේ එයාලගේ අදහස් වලින් මට පහරදෙන එක. අපිත් එක්ක එක සටනව හිටපු අය තමයි දැන් අපිට එලව එලව ගහන්නේ. මගෙත් වැරදි ඇති.. මිනිසුන්ට විරෝධතා කරන්න අවස්ථාව දෙන්න ඕන.ආණ්ඩුව දැනගන්න ඕනෑ ඒ පිළිබඳ තීන්දු තීරණ ගන්න…‘‘ යැයි ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

     

    [rns_reactions]