මුහුණු පොතෙන් මට අම්බානක ගහනවා – වැරදි ඇති මගෙත් – මරික්කාර් කියයි..

Spread the love

තමන්ට මුහුණුපොත ඔස්සේ එක්තරා පුද්ගල කණ්ඩායමක් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරමින් සිටින බව කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් පැවසීය..  කුණු කන්දේ **** ආදි නම් වලින් තමන්ට පරිභව කරන බවත් තමන් කිසිදිනෙක කුණු කන්දේ අයිති කර නොගත් බවද ඔහු පැවසිය. ප්‍රසිද්ධ නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ අදහස් ප්‍රකාශකර ඇත.

 රටක ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ඔයාට නිදහස තියනවා ඔයාගේ මතවාදය කියන්න. අර පුද්ගලයන් කරන්නේ එයාලගේ අදහස් වලින් මට පහරදෙන එක. අපිත් එක්ක එක සටනව හිටපු අය තමයි දැන් අපිට එලව එලව ගහන්නේ. මගෙත් වැරදි ඇති.. මිනිසුන්ට විරෝධතා කරන්න අවස්ථාව දෙන්න ඕන.ආණ්ඩුව දැනගන්න ඕනෑ ඒ පිළිබඳ තීන්දු තීරණ ගන්න…‘‘ යැයි ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

 

[rns_reactions]