Tag: featured

  • පැන්ඩෝරා පත්‍රිකාව සම්බන්ධ විමර්ශනයේ ප්‍රගතිය ජනපතිට

    පැන්ඩෝරා පත්‍රිකාව සම්බන්ධ විමර්ශනයේ ප්‍රගතිය ජනපතිට

    පැන්ඩෝරා පත්‍රිකාව සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ආරම්භ කර ඇති විමර්ශනයේ ප්‍රගතිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දැනුම් දෙයි.

    පැන්ඩෝරා පත්‍රිකාවෙන් අනාවරණය වී ඇති ශ්‍රී ලාංකිකයන් සහ එම ගනුදෙනු පිළිබඳ වහාම විමර්ශනයක් කර මසක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා විසින් දැනුම් දෙනු ලැබිණ. අදාළ දැනුම් දීම ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර මහතා ඔක්තෝබර් මස 06 වන දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යොමු කළේය.

    එයට ප්‍රතිචාර වශයෙන් කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්.කේ.ඩී. විජේරත්න මහතා 2021.11.08 දාතමින් වාර්තාවක් යොමු කර තිබේ.

    තිරුකුමාර් නඩේෂන් මහතාගේ බැංකු ගිණුම් විස්තර ඇතුළත් වාර්තා විවිධ බැංකු හා මූල්‍ය ආයතන මගින් කැඳවා ඇති අතර, මේ වන විට එම වාර්තා ලැබෙමින් පවතින බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා දන්වා සිටී.

    විමර්ශන කටයුතු අවසාන වී නැති බැවින් ඊට අදාළව කැඳවන ලද වාර්තා සහ අනිකුත් වැඩිදුර විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව අවසන් වාර්තාව ලබාදීමට කටයුතු කරන බව එමගින් වැඩිදුරටත් දන්වා ඇත.

  • භාණ්ඩ වර්ග 433 ක් ආනයනයට සීමා

    භාණ්ඩ වර්ග 433 ක් ආනයනයට සීමා

    ටයිල්, ග්‍රැනයිට්, ලී බඩු, ප්ලාස්ටික්, මුහුණු ආවරණ ,බයිසිකල්, සබන්, ලුනු ඇතුළු භාණ්ඩ වර්ග 433 ක් ආනයනය කිරීම සීමා කර ඇතැයි  සමෘද්ධි සහ ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද  (10) පැවසුවේය.

    ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන යෑම සඳහා මෙම පියවර ගත් බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කළේ.

    මෙම භාණ්ඩ ආනයනය කිරීම සඳහා 2018 වර්ෂයේදී ඇමරිකානු ඩොලර් බිලියන 2.2ක්ද 2019 වර්ෂයේදී  ඇමරිකානු ඩොලර් බිලියන 1.2ක්ද වැය කර ඇති බව පැවසූ ශෙහාන් සේමසිංහ මහතා  මෙම භාණ්ඩ ආනයනය කිරීම තාවකාලිකව තහනම් කිරීම නිසා ඇමරිකානු ඩොලර් බිලියන 1.6ක් ඉතිරි කර ගැනීමට හැකිවී ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.

    එසේම වාහන ආනයනය  තහනම් කිරීම නිසා ඇතිවූ වෙළෙඳපොළ හිඟය  සපුරා ගැනීම සඳහා වාහන එකලස් කිරීමේ කර්මාන්තය දේශීයව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරගෙන යන බවත් මේ සඳහා ආයෝජකයන් එකොළොස් දෙනෙකු රජය සමග සාකච්ඡා කර ඇති බවත් රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

    රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා අගමැතිවරයාගෙන් ඇසූ ප්‍රශ්නයකට ඔහු වෙනුවෙන් පිළිතුරු දෙමිනි.

  • කුඩා දරුවන්ගේ කෙටි ආහාරවල සීනි ගැන සුපිරි කතාවක්

    කුඩා දරුවන්ගේ කෙටි ආහාරවල සීනි ගැන සුපිරි කතාවක්

    කිරි වැරීමේ හෝ ළදරු ආහාර ලෙස අලෙවි කරන සමහර කෙටි ආහාර වල භයානක සීනි ප්‍රමාණයක් අඩංගු වන අතර කුඩා දරුවන් එම ආහාරවල සීනිවලට ඇබ්බැහි විය හැකි බව නවතම පර්යේෂණ වාර්තාවක් හෙළිකර ඇත.

    මෙම පර්යේෂණය සිදුකළ Action on Sugar එක්සත් රාජධානියේ වෙළඳසැල්වල විකිණීමට ඇති ළදරු සහ කුඩා දරුවන්ගේ නිෂ්පාදන 73ක් විශ්ලේෂණය කළේය. උදාහරණයක් ලෙස, Heinz Farley’s Mini Rusks Original හි එක් වේලකට සෑහෙන ප්‍රමාණයක සීනි තේ හැඳි දෙකකට සමාන ප්‍රමාණයක් අඩංගු බව එහිදී සොයා ගෙන ඇත.

    ඇපල් යුෂ සාන්ද්‍රණයෙන් පැණිරස කරන ලද Organix Banana Soft Oaty Bar වලද එවැනිම සීනි ප්‍රමාණයක් අඩංගු වන අතර Kiddylicious Banana Crispy Tiddlers නිෂ්පාදනයේ සෑම ග්‍රෑම් 100 කටම 50%කට වඩා සීනි (59g) අඩංගු වේ.

    සමස්තයක් වශයෙන්, පරීක්‍ෂා කරන ලද නිෂ්පාදනවලින් 27ක් ලේබල් කිරීමේ පද්ධතිය මත “රතු” හෝ “ඉහළ” සීනි සඳහා සුදුසුකම් ලබයි.

    සීනි සඳහා “කොළ” හෝ “අඩු” ලේබලය සඳහා නිර්ණායක සපුරා ඇත්තේ හය දෙනෙකු පමණි.

    මෙම වයස් කාණ්ඩයේ දරුවන් සීනි මිශ්‍ර කළ ආහාර පානවලින් වැළකිය යුතු වුවද, නිෂ්පාදන 36ක් සිය පැකට්ටුවේ වයස අවුරුදු 12 ට අඩු ළදරුවන්ට ඔවුන්ගේ පැණිරස කෑම සුදුසු බව සදහන් කර ඇත.

    එකතු කරන ලද පළතුරු යුෂ වලින් සීනි පැමිණියද, එය ළදරුවන්ට සහ කුඩා දරුවන්ට හොඳ නැති බව Action on Sugar පවසයි.

    නිදහස් සීනි යනු මොනවාද?

    • මෙම කණ්ඩායමට ආහාර හෝ බීම සඳහා එකතු කරන ලද සීනි ඇතුළත් වේ. (නිවසේදී හෝ සූපවේදියෙකු හෝ වෙනත් ආහාර නිෂ්පාදකයෙකු විසින්)
    • මී පැණි, සිරප් (මේපල්, අග්ගිස්), පැණි (මල්) සහ පැණිරස නොකළ පලතුරු යුෂ, එළවළු යුෂ සහ ස්මූති වැනි ආහාරවල ස්වභාවිකව ඇති සීනි ද එයට ඇතුළත් ය.
    • කිරි, පලතුරු සහ එළවළු වල ස්වභාවිකව ඇති සීනි, නිදහස් සීනි ලෙස ගණන් නොගන්නා නමුත් ආහාර ලේබලවල “සම්පූර්ණ” සීනි අගයට ඇතුළත් වේ

    සීනි පිළිබඳ ක්‍රියාකාරී ව්‍යාපාරයේ ප්‍රධානී සහ ලන්ඩනයේ ක්වීන් මේරි විශ්ව විද්‍යාලයේ පර්යේෂක වෛද්‍ය කව්දර් හෂේම් පැවසුවේ ඉතා කුඩා දරුවන් සිටින දෙමාපියන්ට සීනි වැඩි පැණිරස කෑම ප්‍රවර්ධනය කිරීමට ඇතැම් ආහාර සමාගම්වලට අවසර දීම “හාස්‍යජනක” බවයි. ළදරුවන්ට සහ කුඩා දරුවන්ට නොමිලේ සීනි නොතිබිය යුතු බව දැන සිටීම.

    ඇය මෙසේ පැවසුවාය: “කිරි මිහිරි නිසා ළදරුවන්ට පැණිරස ආහාර සඳහා මනාප ලබා දිය හැකිය, නමුත් සීනි සහිත ආහාර වලට කැමති වීම ඔවුන් ඉගෙන ගන්නේ සීනි සහිත ආහාර අනුභව කිරීමෙන් පමණි.

    “සමහර සමාගම් කුඩා කාලයේ සිටම ඉතා මිහිරි නිෂ්පාදන රාශියක් ලබා දීමෙන් මෙම මනාපය තවදුරටත් දිරිමත් කිරීමට තෝරා ගනී. අපට අවශ්‍ය වන්නේ අවම සීනි ප්‍රමාණයකින් නිෂ්පාදන නිපදවීමට සමාගම් ය, එබැවින් කුඩා දරුවන්ට අඩු පැණිරස ආහාර භුක්ති විඳිය හැකිය.”

    ඕනෑම වයසකදී නිතිපතා අධික සීනි පරිභෝජනය දත් දිරායාම සහ බර වැඩිවීම ඇතුළු සෞඛ්‍ය ගැටලු ඇති කළ හැකිය.

    බ්‍රිතාන්‍ය පෝෂණ පදනමේ බ්‍රිජට් බෙනලම් පැවසුවේ කිරි වැරීමේ මුල් අවධියේදී බ්‍රොකොලි සහ නිවිති වැනි පැණිරස එළවළු අඩුවෙන් පිරිනැමීම දරුවන්ට මෙම රසයන් පිළිගැනීමට ඉගෙන ගැනීමට උපකාර වන බවයි.

    අධික සීනි කොපමණ වේද?

    • වැඩිහිටියන්ට දිනකට නොමිලේ සීනි ග්‍රෑම් 30 නොඉක්මවිය යුතුය (සීනි කැට හතක්)
    • වයස අවුරුදු හතේ සිට දහය දක්වා දරුවන්ට ග්‍රෑම් 24 ට නොවැඩි විය යුතුය (සීනි කැට හයක්)
    • වයස අවුරුදු හතරේ සිට හය දක්වා දරුවන්ට ග්‍රෑම් 19 ට නොවැඩි විය යුතුය (සීනි කැට පහක්)
    • වයස අවුරුදු හතරට අඩු ළමුන් සඳහා මාර්ගෝපදේශ සීමාවක් නොමැත, නමුත් ඔවුන් සීනි පැණිරස බීම සහ එයට සීනි එකතු කළ ආහාර වළක්වා ගැනීම නිර්දේශ කෙරේ.
  • නොවැම්බර් මස 13 වැනි දිනෙන් පසු අන්තර් මෝසම් කාලපරිච්ඡේදයක්

    නොවැම්බර් මස 13 වැනි දිනෙන් පසු අන්තර් මෝසම් කාලපරිච්ඡේදයක්

    පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වය මේ වන විට පීඩන අවපාතයක් බවට පරිවර්තනය වී ඇති බවත් ඉන් දිවයිනට වක්‍ර බලපෑමක් සිදුව තිබෙන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පවසයි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්ත්මේන්තුවේ අද (10) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

    මේ දිනවල පවතින වර්ෂාපතනයෙහි වැඩිවීම මුල සිට අධ්‍යයනය කරමින් සිටි බවත් පසුගිය දිනවල අන්දමන් දූපත් අසළ පැවති පහළ වායුගෝලයේ කැළඹිලි තත්වයක් නිරීක්ෂණය වූ බවත් ඒ හේතුවෙන් වර්ෂාවපතනයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව මාධ්‍ය තුළින් ජනතාවට දැනුම් දීමට කටයුතු කළ බවත් අතුල කරුණානායක මහතා පවසයි.

    අඩු පීඩන තත්වයක්ව පැවති මෙම පද්ධතිය මේ වන විට පීඩන අවපාතයක් බවට පරිවර්තනය වී ඇති බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.මෙම පීඩන අවපාත තත්වය මේ වන විට ස්ථානගතවී ඇත්තේ දිවයිනට ඊසාන දිශාවෙන් ගැඹුරු මුහුදේ වන බැවින් එමගින් දිවයිනට ඇති කෙරෙන්නේ වක්‍ර බලපෑමක් බව ඒ මහතා කියා සිටියේය.

    විශේෂයෙන්ම ධීවර හා නාවික ප්‍රජාවට බෙංගාල බොක්ක අවට ප්‍රදේශයේ ධීවර හා නාවික කටයුතුවන නිරත නොවන ලෙසට රතු නිවේදන ලබා දී ඇති බවත් ඒ මහතා පැවසීය.

    සිදු කරන ලද නිරීක්ෂණයන්ට අනුව හෙට සවස් කාලයේදී මෙම පද්ධතිය ඉන්දියාවේ තමිල්නාඩු වෙරළබඩ තීරයට ඇතුළ්වීමට නියමිත බව කරුණානායක මහතා පෙන්වා දුන්නේය.අද දවස තුළත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ඉහළ වර්ෂාපතනයක් ලැබිය හැකි බව පවසන ඒ මහතා වැඩි වර්ෂාපනයක් අපේක්ෂා කෙරෙනුයේ උතුරු , උතුරු මැද , වයඹ , බස්නාහිර පළාත්වලට බවත් එම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් සියය ඉක්මවන වැසි තත්වයක් ඇති විය හැකි බවත් දිවයිනේ සෙසු පළාත් විශේෂයෙන්ම සබරගමුව , මධ්‍යම ඌව පළාත්වලට මිලිමීටර් 75 ඉක්මවන වැසි තත්වයක් ඇති විය හැකි බවත්  අතුල කරුණානායක මහතා පවසයි.

    අනෙක් පළාත්වල සන්ධ්‍යා කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිිරුම් සහිත වැසි ඇතිවිය හැකියි.මෙම පද්ධතිය දැනට බෙංගාල බොක්ක අවට ප්‍රදේශයේ මුහුදු සීමාවේ පවතින බවත් ක්‍රමයෙන් වෙරළබඩ තීරයට ඇතුළුවන විට පහළ තිබෙන ස්ථරය ජලයේ සිට ගොඩබිමට ළඟා වන විට එක්වර වෙනස්වීමක් ඇති වන බැවින් මේ තත්වය යටතේ ඉදිරි දින කිහිපයේ දිවයින තුළ වුවද සුළං තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව ඒ මහතා පෙන්වා දේ.එම සුළඟේ වේගය පැයට කිලෝමීටර 40-50 දක්වා ඉහළ යා හැති බවත් මෙම තත්වය වැසි සමග ඇතිවන තාවකාලික සුළඟේ වේගය වැඩිවීම නොවන බව ඒ මහතා අවධාරණය කළේය.

    වර්ෂාව සමග ඇතිවන අකුණු අනතුරු අවම කිරීමට කටයුතු කරන ලෙස ඒ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කළ අතර අද සහ හෙට මෙම කාලගුණික තත්වය මෙලෙසම පවතිනු ඇති බවත් ඒ මහතා පැවසීය.නොවැම්බර් මස 13 වැනි දිනෙන් පසුව අන්තර් මෝසම් කාලපරිච්ඡේදය නිසා වර්ෂාපතනය ඇතිවිය හැති බවත් එවිට උදෑසන පැහැදිළි අහසක් දක්නට ලැබෙන අතර සවස් කාලයේ වැසි හෝ ගිගිරුම් සහිත වැසි තත්වයක් නිර්මාණය විය හැකි බවත් පැවසීය.

    විශේෂයෙන්ම මෙම කාලපරිච්ඡේදය සැළකීමේදී එය දිවයිනට බලපාන දෙවන අන්තර් මෝසම් තත්වය බවත් එය ඔක්තෝබර් සිට නොවැම්බර් දක්වා පවතින බවත් සාමාන්‍ය වර්ෂාපතනයක් පවතින බවත් මෙම තත්වය වෙනස් වන්නේ විශේෂයෙන්ම බෙංගාල බොක්ක අවට ප්‍රදේශයේ සහ අරාබි මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව සිදුවන කැළඹෙන ස්වභාවයන් , තරංගවල ස්වභාවයන් , පීඩන අවපාත , අඩු පීඩන කලාප සුළි කුණාටු තත්වයන් නිසා බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

  • නොබෙල් ත්‍යාගලාභී මලාලා යුග දිවියට එළැඹෙයි

    නොබෙල් ත්‍යාගලාභී මලාලා යුග දිවියට එළැඹෙයි

    මලාලා යුසුෆ්සායි ට්වීට් එකක් නිකුත් කරමින් කියා සිටියේ එය ඇගේ ජිවිතයේ ‘මාහැඟි දිනයක්’ බව යි

    නොබෙල් සාම ත්‍යාගලාභී මලාලා යූසුෆ්සායි එංගලන්තයේ බර්මින්හැම්හි දී පැවැත්වූ ඉස්ලාමීය විවාහ මංගල්‍යයක් මඟින් සිය සහකරු සමග “අතිනත ගෙන” ඇත.

    ඈ සහ ඇගේ සහකරු අසර් මලික් “නිකා” උත්සවයක් පවත්වා තිබේ. ඉස්ලාමීය සිරිත අනුව මනාලයා සහ මනාලිය විවාහයට කැමැත්ත පළකරන්නේ “නිකා” උත්සවයේ දී ය.

    විසි හතර හැවිරිදි ක්‍රියාකාරිනිය ප්‍රකාශ කළේ එය ඇගේ දිවියේ “මාහැඟි දිනයක්” බව යි.

    තාලිබාන් සංවිධානය 2012 වසරේ දී ඇගේ හිසට වෙඩි තැබීමෙන් අනතුරුව, පාකිස්තානු ජාතික කාන්තා අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකාරිනිය තම ජීවිතාරක්ෂාව පතා එංගලන්තයේ වෙස්ට් මිඩ්ලන්ඩ්ස් ප්‍රදේශය වෙත සංක්‍රමණය වූවා ය.

    “අසර් සහ මම දිවි ඇති තෙක් සහකරුවන් වශයෙන් ඉන්නට අතිනත ගත්තා,” අඟහරුවාදා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඇය පවසා තිබුණි. ඇය මෙසේ පැවසුවේ, “පවුලේ අයත් සමග පොඩියට නිකා උත්සවයකට” සහභාගී වූබව ද ලෝකය සමග බෙදාහදා ගන්නා අතරේ ය.

    “දෙදෙනා එක්ව යන ඉදිරි ගමනක් ගැන අපි හරිම උද්යෝගයෙන් ඉන්නේ,” ඇය සඳහන් කළා ය.

    Malala Yousafzai and Asser Malik
    ඇය උත්සවයේ පින්තූර කීපයක්ම පළකර තිබුණි

    විසි හතර හැවිරිදි මලාලා, ගැහැණු ළමුන්ට අධ්‍යාපනය ලැබීම සඳහා ඇති අයිතිය වෙනුවෙන් හඬ නැගීම හේතුවෙන් පාකිස්තානයේ තාලිබාන් ත්‍රස්තවාදීන්ගේ ඉලක්කයට ලක්වන විට පසුවූයේ 15 වැනි වියේ ය.

    පාකිස්ථානයේ වයඹදිග ස්වාත් නිම්නයේ දී ඇය ගමන් කළ පාසැල් බස්රියට ගොඩවූ තාලිබාන් සටන්කාමියෙකු රථය තුළ සිදුකළ වෙඩි තැබීමෙන් මලාලාත්, ඇගේ පාසැල් මිතුරියන් දෙදෙනෙකුත් තුවාල ලැබුවෝ ය. හිසට වෙඩි වැදුණු නමුත් මලාලා දිවි ගලවා ගැනීමට සමත් වූවා ය.

    මරණීය තුවාලවලින් සුවය ලැබූ පසු මලාලාත්, ඇගේ පවුලේ අයත් බර්මින්හැම් වෙත පදිංචියට ගිය අතර, පසුකලෙක ඇය එය හැඳින්වූයේ සිය “දෙවන නිවහන” වශයෙනි. නොබෙල් සාම ත්‍යාගය දිනූ ළාබාලතම තැනැත්තිය බවට පත්වීමට 17 හැවිරිදි වියෙහි සිටිය දී ඇයට හැකිවිය. අධ්‍යාපනය සඳහා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයයට ඇතුළු වූ ඇය මේ වන විට මානව අයිතිවාසිකම් පිළිබඳ ප්‍රසිද්ධ ක්‍රියාකාරිනියක බවට පත්ව ඇත.

    උපාධිය ලබාගැනීමෙන් අනතුරුව, ඇෆ්ගන් සරණාගතයින් සඳහා වැඩි සහයෝගයක් දෙන්නැ යි ඉල්ලා සිටීම, වාර්තා වැඩසටහන් නිර්මාණය කිරීම සඳහා Apple TV+ සමග ගිවිසුමක් අත්සන් කිරීම, සහ British Vogue (බ්‍රිටිෂ් වෝග්) සඟරාවේ කවරයේ පෙනී සිටීම යනාදියෙහි මලාලා නිරත වී ඇත. ඇය මේ සියල්ල සිදුකළේ ගැහැණු දරුවන්ට අධ්‍යාපනය ලැබීමට ඇති අවස්ථාව වැඩි දියුණු කිරීමේ ඇගේ සමාජ කාර්යය සිදුකරනා අතරතුරේ ය.

    Malala Yousafzai and Asser Malik
    දස දහසක් දෙනා සමාජ මාධ්‍යයන් හරහා විවාහ උත්සවය පිළිබඳ පුවතට ප්‍රතිචාර දක්වා තිබුණේ ය

    නීත්‍යානුකූල ගිවිසුමක් ලෙස ගණන් නොගැනුණත්, ඉස්ලාමීය විවාහයක පළමු පියවර වන්නේ නිකා උත්සවය යි.

    බොහෝවිට වෙනම උත්සවයක් පුද්ගලිකව ද පැවැත්වෙන අතර, මෙම යුවල එම ආකාරයේ වෙනම සිවිල් උත්සවයක් පැවැත්වූයේදැ යි ක්‍රියාකාරිනිය විසින් සඳහන් කර නොතිබිණි.Skip Twitter post, 1

    මෙහි අන්තර්ගතය නැතවැඩිදුරටත් Twitter බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.

    End of Twitter post, 1

    මලාලා විවාහය සම්බන්ධයෙන් ඇය තුළ පැවැති සැකයන් මින් පෙර අවස්ථාවක දී ප්‍රකාශකර තිබේ.

    ජුලි මාසයේ වෝග් සඟරාව සමග පැවැති සම්මුඛ සාකච්ඡාවක දී ඇය මෙසේ පැවසුවා ය: “මිනිස්සු විවාහ විය යුත්තේ ඇයි ද කියන එක මට තවමත් තේරෙන්නේ නෑ.”

    “ඔයාට ඔයාගේ ජීවිතේට කවුරුහරි කෙනෙක්ව හවුල්කර ගන්න ඕනේ නම්, ඇයි ඔයා කසාද සහතික අත්සන් කරන්නම ඕන? ඇයි අපට නිකන්ම සහකරුවෝ වගේ ජීවත් වෙන්න බැරි?” ඇය අසා සිටියා ය.

    “අම්මා මට කියනවා, ‘ඒ වගේ දෙයක් කියන්න හිතන්නවත් එපා! ඔයාට කසාද බඳින්න සිද්ධ වෙනවා, කසාදෙ හරිම සුන්දර යි’ කියලා.”

    විවාහ උත්සවය පිළිබඳ ප්‍රවෘත්තියට රසිකයින් දස දහස් වාරයක් ‘ලයික්කර’ ඇති අතර, දහස් ගණනක් දෙනා නව යුවලට සුබ පැතුම් එක්කළහ.

    Text by bbc

  • දිස්ත්‍රික්ක රැසකට ගංවතුර සහ නාය යාමේ පූර්ව අනතුරු ඇඟවීම්

    දිස්ත්‍රික්ක රැසකට ගංවතුර සහ නාය යාමේ පූර්ව අනතුරු ඇඟවීම්

    දිවයිනේ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය අද (09) තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

    උතුරු, වයඹ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් අනුරාධපුර, ත්‍රිකුණාමලය, නුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

    මාතලේ, පොලොන්නරුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 100 පමණ තද වැසි ඇතිවිය හැක.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

    ඉදිරි පැය 24 තුළදී ගිණීකොණදිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් ඇතිවීමේ හැකියාවක් පවතින බැවින් නැවත දැනුම්දෙන තුරු ධීවර සහ නාවික ප්‍රජාව මෙම මුහුදු ප්‍රදේශයේ සහ දිවයිනට දකුණු දෙසින්වන මුහුදු ප්‍රදේශයට ගමන් කිරීමෙන් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දේ.දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර සිට වයඹ දක්වා වන ප්‍රදේශවලින් හමා එන අතර එහි වේගය පැයට කිලෝමීටර 30ත් 40ත් පමණ වේ.පුත්තලම සිට කොළඹ , ගාල්ල , සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.

    අද පෙරවරු 8.30න් අවසන් වූ පැය විසිහතර තුළ වැඩිම වර්ෂාපතනයක් වාර්තා වී ඇත්තේ නොච්චියාගම ප්‍රදේශයට වන අතර එම ප්‍රමාණය මිලිමීටර් 300.4ක් වේ.රනෝරාව ප්‍රදේශයට මිලිමීටර් 260ක් රඹෑව ප්‍රදේශයට මිලිමීටර් 210.5ක් වේවැල්තලාව ප්‍රදේශයට මිලිමීටර් 200.2ක් ලෙස සෙසු ප්‍රදේශවලින් වර්ෂාපතනයන් වාර්තා වී තිිබේ.විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ සඳහා ද සැළකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති අතර ලක්ෂපාන ජලාශය ආශ්‍රිතව මිලිමීටර් 108ක් නෝටන් ජලාශය ආශ්‍රිතව මිලිමීටර් 104.5ක් කැනියන් ජලාශය ආශ්‍රිතව මිලිමීටර් 82.5ක වර්ෂාපතනයක් වාර්තා වී ඇත.

    ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගලු ඔය ද්‍රෝණියේ අත්තනගල්ල , ගම්පහ සහ ජා ඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පහත්බිම් ඉදිරි පැය කිහිපය තුළ සුළු ගංවතුර තත්වයක් ඇතිවීමේ අවදානමක් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.එසේම කළුතර දිස්ත්‍රික්කයේ කළු ගඟ උප ද්‍රෝණීයේ බුලත්සිංහල , බදුරලිය ,පාලින්දනුවර , මිල්ලනිය , හොරණ , දොඩංගොඩ , සහ කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පහත් බිම් ද කෑගල්ල ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවල කැලණිගඟ ද්‍රෝණීයේ දෙහිඕවිට , රුවන්වැල්ල , සීතාවක , දොම්පේ , කඩුවෙල ,බියගම , කොළොන්නාව , කොළඹ සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පහත්බිම්වලටද ඉදිරි කාලයේදී සුළු ගංවතුර අවදානමක් ඇති විය හැකි බවට ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත.

    කැලණි ගඟේ ග්ලේන්කෝස් , හංවැල්ල සහ නාගලගංවීදිය ස්ථානවල අවදානම් මට්ටම වැඩිවෙමින් පවතින අතර හොලොම්බුව ප්‍රදේශයේ මහ ගංවතුර මට්ටම අඩුවෙමින් පවතී.කළු ගඟ ආශ්‍රිතව පුටුපාවුල, ප්‍රදේශයේ ගංවතුර මට්ටම වැඩිවෙමින් පවතින අතර රත්නපුර , මගුර ප්‍රදේශවල ගංවතුර අවදානම අඩුවෙමින් පවති.කලවැල්ලාව මිල්ලකන්ද ප්‍රදේශයට සුළු ගංවතුර මට්ටම වැඩිවෙමින් පවතී.ගිං ගඟ ආශ්‍රිතව බද්දේගම ප්‍රදේශයේ සුළු ගංවතුර මට්ටම වැඩිවෙමින් පවතින අතර නිල්වලා ගඟ ආශ්‍රිතව තල්ගහගොඩ ප්‍රදේශයේද සුළු ගංවතුර මට්ටම වැඩිවෙමින් පවතින අතර පානදුගම ප්‍රදේශයේ අවදානම් මට්ටම අඩුවෙමින් පවතී.එමෙන්ම මහ ඔය ආශ්‍රිතව බඩල්ගම ප්‍රදේශයේ සුළු ගංවතුර මට්ටම වැඩිවෙමින් පවතින අතර ගිරිඋල්ල ප්‍රදේශය ආශ්‍රිතව මහ ගංවතුර මට්ටම වැඩි වෙමින් පවතී.අත්තනගලු ඔය ආශ්‍රිත දූනමලේ ප්‍රදේශයේ සුළු ගංවතුර මට්ටමකට පැමිණ ඇත.

    එසේම ගංවතුර තත්වය සඳහා සෙවීම් සහ මුදවා ගැනීමේ කණ්ඩායම් ද ප්‍රදේශ කිහිපයක ස්ථානගත කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දේ.ඒ අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ උඩුබද්දාව , ගිරිඋල්ල සහ බිංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය , පුත්තලම දිස්ත්‍රික්කයේ පාලවීය ප්‍රදේශය, රත්නපුර නව නගරය , බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සහ ගාල්ල දිස්ත්‍රික්කයේ උඩලමත්ත ප්‍රදේශය සඳහා මෙලෙස කණ්ඩායම් යොදවා තිබේ.

    ජාතික ගොඩනැගිලි පර්යෝෂණ සංවිධානය නාය යෑම් පිළීබඳ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක්ද නිකුත් කර තිබේ. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර සහ ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය , කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක සහ පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය , වලල්ලාවිට , දොඩංගොඩ , ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ ,නෙළුව , යක්කලමුල්ල, කඩවත්සතර , අක්මීමන , කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල යටියන්තොට ගලිගමුව දැරණියගල වරකාපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල , ඇලපාත, නිවිතිගල , කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට සහ උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මහනුවර දිස්ත්‍රික්කයේ ගඟවට කෝරළේ , උඩුනුවර , හාරිස්පත්තුව , යටිනුවර , දොලුව , උඩපළාත, පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ , අඹගමුව , හගුරන්කෙත , කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම , මාවතගම , මල්ලවපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල නායයෑම් පිළීබඳව විමසිලිමත්වන ලෙසට දැනුම් දී ඇත.තවද කළුතර දිස්ත්‍රික්කයේ මතුගම , බුලත්සිංහල , අගලවත්ත , පාලින්දනුවර , ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම , ඇල්පිටිය, කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල , අරණායක , බුලත්කොාහුපිටිය , දෙහිඕවිට , රඹූක්කන, රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම . රත්නපුර , ඇහැලියගොඩ , කලවාන , මහනුවර දිස්ත්‍රික්කයේ ගග ඉහළකෝරළේ , කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාරම්මල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස නාය යෑම් අවදානම් ප්‍රදේශ ලෙස නම් කර ඇත.

    මේ වනවිට ජලාශ කිහිපයකද වාන් දොරටු විවෘතකර ඇත.රාජාංගනය ජලාශයේ වාන් දොරටු 2ක් අඩි 4බැගින් සහ දොරටු දෙකක් අඩි 4 බැගින්ද , දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 4ක් අඩි 4 බැගින්ද ලක්ෂපාන ජලාශයේ එක් වාන් දොරටුවක් අඩියක් බැගින් ද කුකුළේගඟ ජලාශයේ වාන් දොරටු දෙකක්ද තබ්බෝව ජලාශයේ වාන් දොරටු දෙකක් අඩි දෙක බැගින් සහ දොරටු දෙදක් අඟල් 6 බැගින්ද පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු හතරක් අඩි තුන බැගින් ද කොත්මලේ ජලාශයේ වාන් දොරටු තුනක්ද වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු හතරක් අඩි දෙකක් බැගින්ද අංගමුව ජලාශයේ වාන් දොරටු දෙකක් අඩි දෙකක් බැගින්ද විවෘත කර ඇත.එසේම නෝර්ටන්බ්‍රිජ් ජලාශය සහ මහවිලච්චිය වැව පිටාර ගලන අතර තුරුවිල ජලාශය වාන් දමමින් පවතී.

    ඔක්තේබර් මස 29 වැනි දින සිට නොවැම්බර් මස 09 වැනි දින දක්වා කාලය තුළ අයහපත් කාලගුණික තත්වය බලපෑ දිස්ත්‍රික්කයන් 15ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 77ක පවුල් 1836කට අයත් පුද්ගලයන් 7167ක් බලපෑමට ලක් වී ඇති අතර පුද්ගලයන් 6දෙනෙකු මිය ගොස් තිබේ.සුරක්ෂිත මධ්‍යස්ථාන 7ක් මේ වන විට ස්ථාපිත කර ඇති අතර එම ස්ථානවල පවුල් 58කට අයත් පුද්ගලයන් 222ක් ආරක්ෂිතව සිටී.නිවාස 14ක් මේ වනවිට පූර්ණ ලෙස හානි වී ඇති අතර අර්ධ හානි නිවාස සංඛ්‍යාව 796කි.

  • ධාරාණිපාත වර්ෂාව තව දුරටත් – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදන

    ධාරාණිපාත වර්ෂාව තව දුරටත් – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදන

    ඉදිරි පැය 24 තුළ ගිණිකොණ දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත.

    මෙම අඩු පීඩන කලාපය තවදුරටත් වර්ධනය වෙමින් ශ්‍රී ලංකාවේ උතුරු දෙසට ගමන් කරනු ඇති බවත් එම නිවේදනයේ සඳහන් වේ.

    මෙම අඩුපීඩන කලාපය හේතුවෙන් ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සහ දිවයිනේ දකුණු දිග මුහුදු ප්‍රදේශවල තද වැසි සමග විටින් විට හමන සුළග පැයට කිලෝමීටර් හැටක් හැත්තෑවක් දක්වා ඉහළ හැකි බැවින් ගිණිකොණ දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ සහ දිවයිනේ දකුණු දිග මුහුදු ප්‍රදේශවල ධිවර සහ නාවුක කටයුතු වලින් වැළකී සිටින මෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් කරයි.

    එසේම ඉහත පද්ධතියේ බලපෑම හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ ද දිවයිනේ පවතින වැසි සහිත කාලගුණික තතත්වය තවදුරටත් පැවැතිය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, වයඹ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් අනුරාධපුර, ත්‍රිකුණාමලය, නුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බවත් මාතලේ, පොළොන්නරුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 100 පමණ තද වැසි ඇති විය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවධානය යොමු කිරීමේ අවශ්‍යතාව පෙන්වා දෙන අතර පවතින කාලගුණික තත්වය හේතුවෙන් ඔබ ජීවත් වන පරිසරයේ නිර්මාණය විය හැකි නායයාම පස් කණ්ඩි කඩවැටීම, අවදානම් ගස් කඩා වැටීම වැනි ආපදා අවදානම් තත්වයන් පිළිබදව සැලකිළිමත් වන ලෙසත් එවැනි ආපදා අවදානමක් ඇතිනම් ක්ෂණිකව එම ස්ථාන වලින් ඉවත් වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙයි.

    ආපදා අවදානම් තත්වයක දී අවශ්‍ය සහයෝගය ලබාගැනීමට හෝ ආපදා තත්වයක් පිළිබද දැනුවත් කිරීමට හෝ 117 හදිසි ඇමතුම් අංකයට දැනුම් දීමට කටයුතු කරන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන‍ය ජනතාවගෙන් ඉල්ලා සිටී.

    එසේම පවතින අයහපත් කාලගුණ තත්වය පිළිබදව මෙන්ම ඇතිවිය හැති ආපදා අවදානම් පිළිබදව තාක්ෂණික ආයතන විසින් නිකුත් කරනු ලබන නිවේදන පිළිබදව අවධානය යොමු කරන මෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට තවදුරටත් දැනුම් දෙයි.

  • විශ්‍රාම යාමේ වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කරන පනත් කෙටුම්පත අනිද්දා පාර්ලිමේන්තුවට

    විශ්‍රාම යාමේ වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කරන පනත් කෙටුම්පත අනිද්දා පාර්ලිමේන්තුවට

    සේවකයන්ගේ විශ්‍රාම යාමේ අවම වයසක් නියම කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමි විය.

    මෙම අනුමැතිය හිමි වූයේ කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ගරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය.

    එසේම කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පතට කාරක සභාවේ අනුමැතිය හිමි වීම මෙහිදී සිදුවිය.

    මෙම පනත් කෙටුම්පත් මගින් පෞද්ගලික අංශයේ සේවකයන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීම අරමුණු කොට තිබේ. විශේෂයෙන් මෙතෙක් පෞද්ගලික අංශයේ සේවය කරන බොහෝ සේවකයින්ගේ විශ්‍රාම ගැනීමේ අවම වයස් සීමාවක් නියමකොට නොතිබුණි. බොහෝ විට පෞද්ගලික අංශයේ සේවකයන් විශ්‍රාම ගැන්වීම සඳහා පාදක කර ගනු ලැබුවේ සේව්‍ය, සේවක දෙපාර්ශ්වය අතර ඇති කරගන්නා ගිවිසුමේ සඳහන් කොන්දේසීන්ය.

    මෙම පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් දෙවන වර කියවීමේ විවාදය 11 වන දින පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතව තිබේ.

  • ‘හොඳින් පොරවගෙන කාබනික හීනයේ නිදාගන්න’ – ආචාර්ය වර්ෂි මුහුණුපොතේ තැබූ විශේෂ සටහන

    ‘හොඳින් පොරවගෙන කාබනික හීනයේ නිදාගන්න’ – ආචාර්ය වර්ෂි මුහුණුපොතේ තැබූ විශේෂ සටහන

    අපි මේ ගැන කලින්ම අනතුරු ඇගෙවුවා!
    මේ පටන් ගැන්ම විතරයි…. තව ඔහොම යං….!

    ආහාර සුරක්ෂිතතාවයට කිසිම තර්ජනයක් වෙලා නෑ කියලා හීනෙන් කියවන නිලධාරීන් තව හොඳින් පොරවගෙන කාබනික හීනයේ නිදාගන්න….
    සුරංගනාවන් නෙවෙයි දෙවියො පවන් සලයි…දෙවියො…

    මේ වැදගත් වගේම අපි සියලු දෙනාගේ අවධානය යොමු විය යුතු සටහන පසුගිය 07 වැනිදා සිය මුහුණු පොතේ තැබුවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීටයේ ජ්‍යෙෂ්ඨ ආචාර්ය වර්ෂි දන්දෙනිය මහත්මියයි. ඇය ඒ සමග එළවළු මිල ගණන්වල සැසදීමකට ද ගොස් තිබෙනවා.

    ආචාර්ය වර්ෂි පසුගිය මාස කිහිපය තුළ අඛණ්ඩවත් නොබියවත් කියූ දෑ ගැන දන්න කියන බොහෝ දෙනෙක් මේ සටහන තමන්ගේ මුහුණුපොත හරහා හුවමාරු කරගෙන තිබුණා.

  • වාහන අමතර කොටස් ගෙන්වීමට සීමා පනවා නෑ- රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ

    වාහන අමතර කොටස් ගෙන්වීමට සීමා පනවා නෑ- රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ

    වාහන ආනයනය කිරීමට සීමා පනවා ඇතත්, වාහන අමතර කොටස් ගෙන්වීමට සීමා පනවා නැතැයි සමෘද්ධි සහ ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා අද (9) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේය.

    විවිධ කණ්ඩායම් මෙම අමතර කොටස් අසීමිත මිල ගණන් යටතේ අලෙවි කරන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. රුපියලේ වටිනාකම ස්ථාවර වූ වහාම වාහන ආනයනය සඳහා පනවා ඇති සීමා ලිහිල් කිරීමට හැකි වනු ඇතැයිදඅමාත්‍යවරයා කීය.

    වෙළෙඳපොළ වාහන අමතර කොටසක් හිගයක් පැවතීම සහ කුඩා වාහන වල පවා විශාල වශයෙන් මිල ඉහළ යාම සම්බන්ධයෙන් මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

    වාහන එකලස් කිරීමේ ව්‍යාපාර ශ්‍රී ලංකාවේ අරඹා ඇති බවත් ඒ සඳහා බදු සහන ලබාදෙමින් අවශ්‍ය දිරිගැන්වීම් කිරීමට රජය කටයුතු කර ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය.

  • කෝටි 11ක බාල ඖෂධ ආනයනය කර වැඩි ප්‍රමාණයක් රෝගීන්ටත් දීලා

    කෝටි 11ක බාල ඖෂධ ආනයනය කර වැඩි ප්‍රමාණයක් රෝගීන්ටත් දීලා

    • On arrival PCR නවත්තපු, ජංගම රසායනාගාර සහ නියැදි පරීක්ෂණ නවත්‍තපු අය ඉදිරි රැල්ලට වග කියන්න ඕනේ
    • කොයි එන්නත ගැහුවත් සදාකාලික නෑ, ෆයිසර් ගැන කරපු පර්යේෂණයකින්, චීන එක හොදයි කියන්න හදනවා
    • කෝටි 11ක බාල ඖෂධ. වැඩි ප්‍රමාණයක් රෝගීන්ටත් දීලා 
    •  “ලෝකල් පර්චර්ස්” නවත්තන්න කියලා වැඩිපුර ඖෂධ ගෙන්වන්න බල කරලා, මිලියන 2000ක් නාස්තිවන ලකුණුවැඩි ගානට, බාල වර්ගයේ PCR ප්‍රතික්‍රීයක මිලට ගන්න තාක්ෂණික කමිටු තීරණ නිසා පාඩුව මිලියන 125ක්

    රාජ්‍ය ඇමැති චන්න ජයසුනමන මහතා වැඩි මුදලට ගන්න චීන එන්නත බේරා ගන්න, පර්යේෂණ ප්‍රතිඵල විකෘති කරනවා යැයි ද වත්මන් තත්ත්වය තුළ තවත් කොවිඩ් රැල්ලක් ඇතිවීම අනිවාර්ය බව ද සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා කියයි.

    අද (08) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදී මේ බව අවධාරණය කළ කුමුදේශ් මහතා වැඩි දුරටත් කියා සිටියේ කෝටි 11ක බාල ඖෂධ ආනයනය කර ඉන් වැඩි ප්‍රමාණයක් රෝගීන්ටත් දී ඇති බවයි.

    මේ සම්බන්ධයෙන් රවී කුමුදේශ් මහතා වැඩි දුරටත් මෙසේ ද පැවසුවේය.

    ‘‘අපේ රටේ ඖෂධ සම්බන්ධයෙන් වෙනම රාජ්‍ය අමාත්‍යවරයෙක් පත් කරා, අමාත්‍යාංශයක් පිහිටෙව්වා අමාත්‍යංශයේ සම්බන්ධයෙන් වෙනම ප්‍රචාරාත්මක වැඩසටහනකුත් ගෙනිච්චා. නමුත් අද වෙනකොට දත්ත නැති වෙලා තිබෙනවා රට තුළ ඖෂධ නිෂ්පාදන ඇනහිටලා තිබෙනවා. ගෙන්නන උපකරණ සහ ඖෂධ ගෙන්වීමේදී විවිධ දූෂණ සිදුවෙලා තිබෙනවා. වෙනම අමාත්‍යාංශයක් නඩත්තු කරමින් රටට කිව්වේ ඖෂධ සම්බන්ධයෙන් සුභදායී දෙයක්. ඒ නිසා අපිත් ඒ පිළිබඳ සුභවාදිව බලාගෙන සිටියා

    2020 විගණකාධිපතිවරයාගේ වාර්තාවේ බැලූ බැල්මටම කෝටි 11ක බාල ඖෂධ ගෙනල්ල තියෙනවා කියලා වාර්තා වෙනවා. රාජ්‍ය ඇමතිවරයා සුපුරුදු සිංදුවම කියන්න හදනවා. මේක කලින් ආණ්ඩුවේ එකක් කියලා චන්න ජයසුමන කට ඇරියොත් කියන්නේ මේක කලින් ආණ්ඩුවේ වැරැද්දක් ඒ ආණ්ඩුව තමයි වගකියන්න ඕනි කියලා. හැබැයි අපි පැහැදිලිවම කියනවා රාජ්‍ය ඇමතිවරයෙක් ඒ සම්බන්ධයෙන් පත්කරලා තියෙන්නේ මේ රටේ වෙනම වරදාන වරප්‍රසාදය නඩත්තු කරන්නේ මහජන මුදලින් පහුගිය ඇමති පසුගිය ආණ්ඩුව කියලා ෂේප් වෙන්න හදන්න එපා.

    ඖෂධ ගෙනල්ලා විතරක් නෙමෙයි විගණකාධිපති වාර්තාවේ තියෙනවා පොළොන්නරුව රෝහලට විතරක් ලක්ෂ හයක ඖෂධ යවලා. ඒකෙන් ලක්ෂ 5ක් රෝගීන්ට නිකුත් කරලා. ක්ෂුද්‍රජීවීන් ඉන්න, වීදුරු කෑලි තියන, පෙති කුඩු වෙච්ච, පාට වෙනස් වෙච්ච බෙහෙත් අරගෙන ගිහිං බීපු මිනිස්සුන්ට මොනවා වෙලා ඇත්ද? කවුද ඒවා හොයලා බලන්නේ, බෙහෙත් හින්දම මැරෙන මිනිස්සුත් ඇති. කවුද ඒවාට වග කියන්නේ. සාමාන්‍ය පරිපාලනයවත් නොදන්නා සෞඛ්‍ය සේවාවේ ලේකම්වරයා මේ වගේ ඒවාට පිළියම් යොදයිද?

    තාක්ෂණික ඇගයිම් කමිටුවල වංචාසහගත තීරණ නිසා, කොවිඩ් PCR ප්‍රතික්‍රීයක වැඩිමුදලට ගැනීම හේතුවෙන්, මාස කිහිපයකදී මිලියන 125ක් රජයට අහිමි වෙලා

    කොවිඩ් මුල් අවස්ථාවේ PCR ජාවාරම ගැන අපි දිගින් දිගටම කියපුවාත් විගණාධිපති වාර්තාවේ තහවුරු වෙලා තියනවා. පළවෙනි කාර්තුවේදී පමණක් වංචා සහගත තාක්ෂණික කමිටු තීරණ නිසා PCR ප්‍රතික්‍රීයක මිලදී ගැනීමේදී මිලියන 125 ක පාඩුවක් ‍රජයට සිදු වෙලා තිබෙනවා. ටෙන්ඩර් වල දී අඩු මිලට වඩා හොද ප්‍රතික්‍රීයක කට්ටල මිලදී ගැනීමේ හැකියාව තිබියදී, තාක්ෂණික ඇගැයීම් කමිටුවල ඉන්න තැරැව්කාර විශේෂඥයින්ගේ ඒකාධිකාරයට යටවීම නිසා, ඔවුන්ගේ බොරු සෞඛ්‍ය ලේකම්වරයා හිස් මුදුනින් අනුමත කරලා තිබෙන නිසා, මෙම පාඩුව වෙලා තිබෙන බව විගණන වාර්තාවේ තහවුරු කර තිබෙනවා.

    වැඩි මුදලට අරගෙන තිබෙන එම පරීක්ෂණ කට්ටල අඩුම තරමින් මිනිස්සුන්ගේ පරීක්ෂණ සදහා අනුමැතිය පවා නැති (IVD සදහා තහවුරු නොකල), අධ්‍යන පර්යේෂණ සදහා පමණක් අනුමත කරපු (Research Use Only) සායනික පරීක්ෂණ සඳහා යොදා ගැනීමට නිර්දේශිත නොවන වර්ගයේ ඒවා. වැඩි මුදලට ඒවා ගැනීමට බලපෑම් කරලා තියෙන්නේ තාක්ෂණික ඇගයිම් කමිටු විශේෂඥයින්ගේ තාක්ෂණික නොවන තීරණ වලට සෞඛ්‍ය ලේකම්වරයා යටවීම නිසා. ඒවා තාක්ෂණිකව පැහැදිලි කර ගන්න සෞඛ්‍ය ලේකම් වරයාට දැනුමක් නැති නිසා.

    පරීක්ෂණ මට්ටමේ තිබෙන  PCR කට්ටල තමයි වැඩි මිලකට මිලදී අරගෙන තිබෙන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික ඇගැයීම් කමිටුව හරහා තාක්ෂණික හොරකමක් සිදු වෙනවා. ඇගයිම් කමිටු පත් කිරීමේදී PCR පරික්ෂණ සිදු කරන, වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ නිළධාරීන් ඒවාට අනිවාර්යයෙන් පත් කල යුතුයි. එහෙම නීතියක් පවා තිබෙනවා. මුලු ලෝකයේම තක්ෂණික කමිටුවලට, මිලදී ගන්නා ද්‍රව්‍යයේ අවසන් පාරිභෝගිකයා (End User) සහභාගී කර ගැනීම සම්මතයක්. සෞඛ්‍ය ලේකම් මේ කිසිවක් සලකන්නේ නෑ. දන්නත් නෑ. එයා විශේෂඥ වෛද්‍යවරයෙක් විදිහට අනිත් වෘත්තිකයින් නොසලකා හැරලා ගන්න තීරණ නිසා තමයි මෙවැනි ගැටලු සෞඛ්‍ය අමාත්‍යාංශය තුල වැඩිවෙලා තියෙන්නේ.

    PCR පරීක්ෂණ කට්ටල මිලදී ගැනීමේ ඒකාධිකාරිය රැක්කේ සෞඛ්‍ය අමාත්‍යාංශය. තාක්ෂණික කමිටු සදහා අදාළ විශේෂඥ වෛද්‍යවරුන් තෝරා ගන්නා ක්‍රමයත්, ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනියි. කමිටු සාමාජිකයින් අහඹු ලෙස තෝරා ගත යුතු වුවත්, බොහෝ කමිටු වල ඉන්නේ එකම කණ්ඩායම. අවශ්‍ය විශේෂඥ වෛද්‍යවරු තමන්ට හිතවත් ආකාරයෙන් තෝරාගැනීම නිසා තමයි මෙවැනි පාඩුවක්‌ වෙලා තිබෙන්නේ.

    අපි විශ්වාස කරන්නේ PCR මිලදී ගැනීම විගණකාධිපති වාර්ථාවේ සදහන් මුදලටත් වඩා පාඩුව දෙතුන් ගුණයකට වැඩියි කියලා. ජනාධිපතිවරයා අපි කියන දේවල් පිළිබඳ විශ්වාස කරලා ක්‍රියාමාර්ග ගත්තේ නෑ. කරුණාකර දැංවත් විගණකාධිපති වාර්තාව කියවලා බලන්න. මේ සියලු දේ සිදු වන්නේ ඖෂධ නියමාකාරයෙන් පාලනය කිරීම සඳහා වෙනම නිෂ්පාදනය කිරීම සඳහා  අමාත්‍යාංශයක් ඇති කර තිබියදී .

    “ලෝකල් පර්චස් පාඩුව” පෙන්නා ජනාධිපතිවරයාගේ කනෙං රිංගලා

    ඖෂධ සංස්ථාවේ සභාපතිවරයා පහුගිය දිනවල ප්‍රචාරයක් ලබා දුන්නා ඔහු හදිස්සි මිලදී ගැනීම් නැවැත්තුවා කියලා. හදිස්සි මිලදී ගැනීමෙන් නැවැත්වීමෙන් ඇතිවූ වාසිය පෙනවමින් ජනාධිපතවරයාව නොමග යවා, වෛද්‍ය සැපයීම් අංශය විරුද්ධ වෙදීදී, ඇස්තමේන්තුගත ඖෂධ වලට වඩා 25% මිලදී ගන්න ඖෂධ සංස්ථාව බලහත්කාරය යොදවලා. වැඩිපුර ඖෂධ මිලට ගන්නේ වැඩිපුර කොමිස් සදහා. ඒක “ලෝකල් පර්චර්ස්” වංචාවට වඩා ලොකු එකක්.

    මේ විදිහට වැඩිපුර ඖෂධ මිලදී ගැනීම නිසා මිලියන 2000ක පමණ ඖෂධ අතිරික්තයක් ඇති වෙලා. තිබෙන  අතිරික්තය පාලනය කරන්න බැරිවෙලා තිබෙනවා. මාස ගණනාවක් තිස්සේ අපි ඊට පිළියම් යොදන්න කියලා සෞඛ්‍ය ලේකම්ට කියනවා. සාක්ච්ඡාවක්වත් නැහැ.
    දරුවන් සදහා දෙන ප්‍රතිජීවක ඖෂධ සහ ප්‍රතිජීවක පරීක්ෂණ කට්ටලවල විශාල අතිරික්තයක් ඇති වෙලා තිබෙනවා. සමහර ප්‍රතිජීවක 75-80% ප්‍රමාණ වලින් ඉතුරු වෙලා. ඒවා කල් ඉකුත් වෙලා නාස්ති වෙනවා කියලා දැන දැනම, විකල්ප ක්‍රමයක්වත් ක්‍රියාත්මක කරන්න සෞඛ්‍ය ලේකම්ට බැරිවෙලා තියනවා.

    SPC එක, ඇස්තමේන්තු කළාටත් වඩා වැඩිපුර බලහත්කාරයෙන් ඖෂධ ගෙන්වීමේ යෝජනාව අනුමත කරගෙන තියෙන්නේ “ලෝකල් පර්චස්” නවත්තන සුදු පිරුවටයෙන් ඔතලා. මේකෙන් හානි වන මුදල කොපමණද කියලා තවම ගණනය කරලා නැහැ.
    මේක සාධාරණීකරණය කරන්නේ හදසි මිලදී ගැනීම් කතාව එළියට දාලා  අපි මාස හයක් තිස්සේ රාජ්‍ය අමාත්‍යාංශයට මේ ගැන කියලා තියෙනවා අද වෙනතුරු ඒ පිළිබඳ කිසිම සැලකිල්ලක් දක්වලා නැහැ.

    මේ අතිරික්තය අනූව රෝගීන්ගේ ප්‍රතිජීවක ඖෂධ භාවිතය සහ ඒවා නියම කිරීම වෛද්‍ය නිර්දේශ පිළිබද වැරදිසහගත තත්වයන් පිළිබදවත් සොයා බලන්න වෙනවා. ඖෂධ නියම කිරීම හා ඖෂධ ලබාදීම පිළිබඳව සලකා බැලිය යුතුයි.

    2020 වර්ෂයේ දී ඖෂධ මිලදී ගැනීම් හා ප්‍රසම්පාදන කටයුතු වල දී විශාල වශයෙන් වංචා සිදු වෙලා තිබෙනවා කියලා අපි කියනවා. මේ රටේ ඖෂධ සම්බන්ධයෙන් පාලනයක් තිබෙනවා නම් මේ පිළිබඳව වහාම පරීක්ෂණයක් කරන්නැයි අපි ඉල්ලා සිටිනවා. ඉතා අමාරුවෙන් ජීවත් වෙන මිනිස්සු ඉන්න රටක්, සල්ලි නැතුව දුක් විඳින මිනිස්සු ඉන්න රටක්, එහෙම කාලයක් ගෙවමින් අප සිටින්නේ. එහි දී ගසාකන්න ඉඩ තැබිය නොහැකියි, කියන කාරණාව අපි මතක් කළ යුතුයි .

    ජයසුමන ඇමති, වැඩි මුදලට ගන්න චීන එන්නත බේරා ගන්න, පර්යේෂණ ප්‍රතිඵල විකෘති කරනවා

    චන්න ජයසුමන ඇමති, ෆයිසර්, මොඩර්නා සහා ජොන්සන් අන්ඩ් ජොන්සන් එන්නත් පිළිබද පර්යේෂණයක ප්‍රතිඵල පෙන්නලා, චීන එන්නත හොදයි කියා ගන්න හදනවා.  මොන එන්නත ගැහුවත් ආරක්ෂාව දිනපතා අඩු වෙනවා, ඒ නිසා එන්නත් ආරක්ෂාව සදාකාලිකයි කියලා හිතාගෙන වැඩකරන අයට ඒක හොද පණිවිඩයක්. මරණ 20යි. ආසාධිතයින් 500යි කියන්නේ සාමාන්‍ය තත්වයක් නෙවේ. ආණ්ඩුවට නොම්මරයක් වුණාට, මැරෙන අයට තියෙන්නේ එක ජීවිතයයි.

    පසුගිය වසරේ ඖෂධ හා අනෙකුත් සෞඛ්‍ය සැපයුම් මිල දී ගැනීමේදී වංචාව දූෂණය හා වැරදි තීන්දු නිසා විශාල මුදලක් හානි වී ඇති බව 2020 විගණාධිපති වර්ථාවේ සදහන් වෙලා තිබෙනවා. ලොව පුරා වැඩිපුරම පිළිගත් එන්නත් අඩු මුදලට තිබියදී, චීන එන්නත ඉතා වැඩි මුදලකට ගෙන්වීම නිසා රටට අහිමිවී ඇති මුදල මෙතෙක් කිසිවෙකු විසින් ගණන් බලා නොමැති බැවින් ඒ පිළිබදව වහා විගණන පරීක්ෂණයක් ආරම්භ කිරීමට උපදෙස් දෙන ලෙස අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිමු.

    නව රැල්ලක් අනිවාර්යයයි

    මරණ 20යි. ආසාධිතයින් 500යි කියන්නේ සාමාන්‍ය තත්වයක් නෙවේ. ආණ්ඩුවට නොම්මරයක් වුණාට, මැරෙන අයට තියෙන්නේ එක ජීවිතයයි. මේ යන විදිහට නව රැල්ලක් අනිවාර්යයි. වැරදි තීරණ ගන්න අයයි, තීරණ නොගෙන ඉන්න අයයි අනාගතයේ මැරෙන හැම ජීවිතයකටම වග කියන්න ඕනේ.

  • සිසු සිසුවියන්ගේ සහ ගුරුවරුන්ගේ පැමිණීම ඉතා ඉහළයි

    සිසු සිසුවියන්ගේ සහ ගුරුවරුන්ගේ පැමිණීම ඉතා ඉහළයි

    දිවයින පුරා පාසල්වලවල 10, 11 ,12 සහ 13 වසර වල අධ්‍යාපනය ලබන පාසල් ළමුන් සඳහා පාසල් විවෘත කිරීම්ත් සමග ගලේවෙල  අධ්‍යාපන කලාපයේ දරුවන් මෙන්ම ගුරුවරුන්ගේ පැමිණීම ඉහළ ප්‍රවණතාවයක් ඇතැයි කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

    ඒ අනුව ගලේවෙල, දඹුල්ල, සීගිරිය ආදී  කොට්ඨාස වල  සෑම විද්‍යාලයකම  අධ්‍යාපන  කටයුතු සඳහා ආරම්භ කෙරුණු පාසල් දරුවන් විශාල වශයෙන් පැමිණ ඇතැයි එහි විදුහල්පති වරු පවසති.

    දඹුල්ල ජාතික පාසලේ දරුවන්ගේ පැමිණීම ද ඉහළ අගයක් ගෙන ඇතැයි එහි ගුරුවරුන් පවසති. උදෑසන හයයි තිහ වන විටත් දරුවන් රැසක් දඹුල්ල ජාතික පාසලට පැමිණ තිබීම විශේෂත්වයකි. ඇතැම්  පාසල්  වසා දමන කාලයේ මහා විද්‍යාලයක් බවට පත්ව තිබුණු බවත් එම පාසල් නැවත ආරම්භ කිරීමේදී ඒවා ජාතික පාසල් බවට සහ ඇතැම් පාසල් මධ්‍ය මහා  විද්‍යාල බවට පත්ව තිබීම නිසා දරුවෝ සතුටෙන් පාසල් පැමිණ ඇති බව ගුරුවරුන් සහ දෙමාපියෝ පවසති.

    ප්‍රදේශය පුරා වර්ෂාපතන තත්ත්වයක් පැවැතියද දරුවන්ගේ පැමිණීමට කාලගුණය බාධාවක් නොවුණු බවත්ත් පාසල් බස්රථ සියල්ල දරුවන් ප්‍රවාහනය කිරීම සඳහා උදෑසනම  ක්‍රියා කොට තිබිණි.

    පාසල් බස් රථ හිමියන් කියා සිටියේ වැඩි උනන්දුවකින් යුතුව දරුවන් පාසල් පැමිණි බවය. දඹුල්ල ජාතික පාසල තුළ සෑම  දරුවෙකුගේම ශරීර උෂ්ණත්වය පරීක්ෂාකර බැලීම මෙන්ම දෑත් සේදීම මීටරයක දුර පරතරය තබා  ගෙන අධ්‍යාපන කටයුතු සිදුකිරීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් සපයා තිබෙන අයුරු දැක ගැනීමට හැකිවිය.

    විද්‍යාලයේ විදුහල්පතිවරයා  උදෑසනම පාසැල ඉදිරිපිටට පැමිණ දරුවන් ගේ සෞඛ්‍ය ආරක්ෂාව ගුරුවරුන්ගේ සෞඛ්‍යය ආරක්ෂාව පිළිබඳව වැඩි අවධානයක් යොමු කොට අධික්ෂණයේ නිරතවී සිටීම ද  විශේෂත්වයකි.

    පින්තුර

    දඹුල්ල ජාතික පාසලට ගුරුවරුන් හා දරුවන් පැමිණෙන ආකාරය හා දෑත සේදීම සිදුකරන අයුරු

    සටහන – කාංචන කුමාර ආරියදාස – දඹුල්ල

  • කාලගුණ අනාවැකිය: ගිගුරුම් සහිත තද වැසි – අකුණු අනතුරු පිළිබද අනතුරු ඇඟයීම් !

    කාලගුණ අනාවැකිය: ගිගුරුම් සහිත තද වැසි – අකුණු අනතුරු පිළිබද අනතුරු ඇඟයීම් !

    2021 නොවැම්බර් මස08 දින සඳහා කාලගුණ අනාවැකිය – 2021 නොවැම්බර් මස 08 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතී. දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත්වලත් නුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකියි. ඌව සහ උතුරු පළාත්වලත් මාතලේ, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 පමණ තද වැසි ඇතිවිය හැක.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

    ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය – 2021 නොවැම්බර් මස 08 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.

    ඉදිරි දින කිහිපය තුළ ගිණිකොනදිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතවඅඩු පීඩන තත්ත්වයක් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.ධීවර සහ නාවික ප්‍රජාව ඉදිරි කාලගුණ නිවේදන කෙරෙහි අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.
    වැසි තත්ත්වය:
    කන්කසන්තුරේ සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විටවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයින වටා වනසෙසු මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
    සුළඟ:
    දිවයින වටාවන මුහුදු ප්‍රදේශවල සුළංබස්නාහිර සිට වයඹ දක්වා වන දිශා වලින් දෙසින් හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ.පුත්තලම   සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (55-65) පමණ දක්වා වැඩි විය හැක.
    මුහුදේ ස්වභාවය:
    පුත්තලම   සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන අතර සෙසු මුහුදු ප්‍රදේශ තරමක් රළු වේ.  ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.
  • චීන පොහොර සමාගම ඩොලර් මිලියන 08ක වන්දියක් ඉල්ලයි

    චීන පොහොර සමාගම ඩොලර් මිලියන 08ක වන්දියක් ඉල්ලයි

    චීන පොහොර නැවේ සිදුවීමට අදාළව නොසැලකිලිමත් ගනුදෙනුවක් ඔස්සේ තම ආයතනයට සිදු වූ පාඩුවට සහ කීර්ති නාමයට හානි කිරීමේ චෝදනාවට සිය සමාගමට අමෙරිකානු ඩොලර් මිලියන 8ක වන්දි මුදලක් ගෙවන ලෙස චීනයේ ක්වින්ඩාඕ සීවින් සමාගම විසින් මෙරට ජාතික ශාක නිරෝධායන සේවයට එන්තරවාසියක් මඟින් දැනුම් දී තිබේ.

    ක්වින්ඩාඕ සීවින් සමාගම වෙනුවෙන් පෙනී සිටින මෙරට නීතිඥ එම්.ජේ.එස්. ෆොන්සේකා මහතා විසින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ජාතික ශාක නිරෝධායන සේවයේ අතිරේක අධ්‍යක්ෂ ආචාර්ය ඩබ්.ඒ.ආර්.ටී. වික්‍රමාරච්චි මහතාට එන්තරවාසියක් යොමු කරමින් මේ දැනුම් දීම සිදු කර තිබේ.

    එමෙන්ම එන්තරවාසිය යොමු කරන නොවැම්බර් මස 05 දා සිට දින තුනක් ඇතුළත මේ වන්දි මුදල ගෙවීමට පියවර නොගත හොත් ඒ වෙනුවෙන් නීතිමය පියවර ගන්නා බව ද එම එන්තරවාසියේ සඳහන් වෙයි.

    දිනමිණ

  • මහාචාර්ය මෙත්තිකාට තවත් ජාත්‍යන්තර සම්මානයක්

    මහාචාර්ය මෙත්තිකාට තවත් ජාත්‍යන්තර සම්මානයක්

    ලෝකයේ හොඳම පර්යේෂකයන් 100 දෙනා අතරට තේරුණු ලංකාවේ 24 දෙනා අතර පළමු තැන සිටි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය ලෝක විද්‍යා ඇකඩමිය පිරිනමන ෆයාස් අල් කරාෆි සම්මානයද (2020) හිමි කරගෙන සිටින්නීය.

    කසල ජෛවස්කන්ධ ජෛව අගුරු බවට පරිවර්තනය කිරීම සහ එය පරිසර දූෂණය අවම කර ගැනීම සඳහා යොදාගැනීමේ වැඩපිළිවෙළට අදාළ පර්යේෂණය වෙනුවෙන් ඇයට මෙම සම්මානය හිමිවී ඇත.

    මෙම සම්මානය සෑම වර්ෂයකදීම පිරිනමනු ලබන්නේ ලෝකයෙන්ම එක් විද්‍යාඥවරියකට පමණි. විද්‍යා සහ තාක්ෂණය සඳහා අඩු පහසුකම් සහිත රටවල සිටින කාන්තා පර්යේෂිකාවන් අතුරින් අයෙක් මේ සම්මානය සඳහා තෝරා ගැනෙති.

    නාමයෝජනා ඉදිරිපත් කිරීමෙන් පසු අයදුම්පත් ඇගයීමට ලක් කිරීමෙන් අනතුරුව මෙම සම්මානය පිරිනමනු ලැබෙන අතර මේ සඳහා නාමයෝජනා ඉදිරිපත් කරනු ලබන්නේ අදාළ විද්‍යාඥවරියන් විසින් නොවීමද විශේෂත්වයකි.

    මෙම සම්මානය සඳහා සලකා බැලුණු ජෛව අඟුරු මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය විසින් නිෂ්පාදනය කරනු ලැබ තිබුණේ කොම්පෝස්ට් සෑදීමේදී ශේෂවන සියයට 50ක් වන අපද්‍රව්‍යවලින්ද කුණු කඳුවලට බහාලන කසළවලින්, ලී කුඩු , බලශක්තිය සදහා ඇල්බීසියා ආදාහනය කළ පසු ඉතිරිවන අඟුරු, වී පොතු (දහයියා) සහ ආක්‍රමණික පැළෑටි වැනි විවිධ ජෛව ස්කන්ධ යොදාගෙනය.

    පසෙහි සහ ජලයේ ඇති බැරලෝහ, ප්‍රතිජීවක වැනි ඖෂධ ද්‍රව්‍ය,ග්ලිෆොසේට්, කාබෝෆියුරාන් වැනි ද්‍රව්‍ය අහිතකර මට්ටමට අන්තර්ගතව ඇතිවිට මෙම ජෛව අඟුරු යොදා ගෙන ඒවා උරා උරාගැනීමට සැලැස්වීම මගින් අදාළ මාධ්‍යවලින් විෂ ද්‍රව්‍ය ඉවත් කිරීමට හැකියාව ලැබෙන බව පවසන විතානගේ මහත්මිය මෙයට අමතරව සක්‍රිය කළ කාබන් වෙනුවට ජෛව අඟුරු යෙදූ පිරිසුදු කිරිමේ ඒකක සකසා ඒ හරහා අපවිත්‍ර ජලය ගලා යෑමට යෑමට සැලැස්වීමෙන්ද විෂ ඉවත් කිරීමට හැකියාව ලැබෙන බව සඳහන් කළාය.

    ලංකාදීප ඇසුරිනි

  • වේදනාවකින් තොරව අඩි උස සපත්තු පැළඳීමට වැදගත්ම උපදෙස්

    වේදනාවකින් තොරව අඩි උස සපත්තු පැළඳීමට වැදගත්ම උපදෙස්

    කතාව: අඩි උස පාවහන් නියමයි. එමගින් ඔබට ක්ෂණිකව ආකර්ෂණීය බවක් හා සුන්දරත්වයක් වගේම සරාගී බවක් දැනෙනවා, නමුත් මේ සියල්ලේ තේරුමක් නැත. අඩි උස පාවහන් පැළදීම මගින් ඔබට චේදනාවක්, අපහසුවක් දැනෙනවා නම් ඔබ ඒවාට වෛර කරනවා.

    ඒත් මේ සුන්දර, සරාගි පාවහන් පැළදීම කෙසේ නම් අමතක කරන්න ද ? එසේ නම් මේ කතාව කියවන්න. ඊට පසු අඩි උස පාවහන් වලට වෛර කළ ඔබ ඒවාට ආදරය කරන බව නිසැකයි.

    ඔබේ පාද හොඳින් තෙතමනය කරන්න – ඔබ ගමන් කරන විට එමගින් අඩු ඝර්ෂණයක් ඇති වන අතර එවිට ඔබේ පාදවල බිබිලි සහ පිළිස්සුම් ඇති නොවේ.

    ඔබේ පාදයේ ප්‍රමාණය නිවැරදිව ලබා ගන්න – පාදයේ ප්‍රමාණයට නිවැරදිව ගැළපෙන පාවහන් යුවළක් තෝරා ගැනීම ඉතා වැදගත් වේ. අඩි උස පාවහන් මිලදී ගැනීමට පෙර පාදයේ නිවැරදි ප්‍රමාණය ගැන අලෙවිකරුට පවසන්න. එසේම, පාදයේ ප්‍රමාණය වෙනස් වන අතර, ඔබ වැඩෙන විට පමණක් නොව, ඔබ මහත් වන විටද එය වෙනස් වේ. අවම වශයෙන් වසරකට දෙවරක්වත් එය පරීක්ෂා කරන්න.

    ඔබේ පාදවල හැඩය ගැන අවධානය යොමු කරන්න – අපේ සමහරුන්ට පටු පාද ඇත, සමහරුන්ට පළල ඒවා ඇත. සමහරුන්ට කුඩා ඇඟිලි ඇති අතර සමහරුන්ට දිගු ඇඟිලි තිබිය හැකිය. බොහෝ වෙනස්කම් තිබේ. ඔබට පුළුල් පාද තිබේ නම්, සංවෘත ටේප් සපත්තු (closed tapered shoes) පැළඳ නොගන්නා ලෙස මම උපදෙස් දෙමි. wide front closed හෝ open toe පාවහන් පළඳින්න. කුඩා ඇඟිලි ඇති අය පවා වසා දැමූ පුළුල් ඉදිරිපස සපත්තු තෝරා ගත යුතුය. උල් වූ ඉදිරිපස සපත්තු ඔබේ ඇඟිලි තද කර එය ඉතා අපහසුතාවයට පත් කරයි. අවාසනාවකට, පැයකට පමණ පසු ඒවා ඉවත් කිරීම හැර, වෙනත් විසඳුමක් නොමැත.

    Block Heels Or Platforms

    Block Heels හෝ Platforms උල් හීල්ස් වලට වඩා පහසුය. නමුත් නිර්මාණ ක්ෂේත්‍රයේ සමස්ත නිර්මාණාත්මක උත්පාතය සමඟින්, ඔබේ මනස ආකර්ෂණය කර ගන්නා මෝස්තර සහ හැඩතල ඔබට හමුවනු ඇත.

    Thin Soles සඳහා අමතර කුෂන්

    සිහින් පතුලක් ඇති සපත්තු, ඔබේ පාදවල පතුලේ වේදනාව ඇති කරයි. කම්පන අවශෝෂකයක් ලෙස ක්‍රියා කරන බැවින් කුෂන් එකක් ලබා ගන්න.

    ඔබේ පාදවලට මද විවේකයක් දෙන්න

    අඩි උස පාවහන් පැළද සිටින විට ඉඳ හිට ටිකක් විවේක ගන්න. ඔබේ පාද ටිකක් දිගු කරන්න. එවිට ඔබේ දෙපාවලට අවශ්‍ය විවේකය ලැබේවි.

    වැඩි සහයෝගයක් සහිත සපත්තු

    ඉහළ ආවරණයක් හෝ වළලුකර පටියක් හෝ දෙකම සහිත අඩි උස පාවහන් පැළඳීම වඩාත් සුවපහසු වනු ඇත. එය පාදවලට අමතර ආධාරකයක් සපයයි.

    පූර්වාරක්ෂා

    • ඔබ සපත්තු ගැලවූ පසු සෑම විටම පාද දිගු කරන්න.
    • වළලුකර සහ පාදයේ පිටුපස සිසිල් ජලයෙන් (අයිස්) පිස දැමීම මගින් වේදනාව ඉවත් කරයි.
    • නිතර නිතර පාද සම්බාහනය කිරීම ඉතා හොඳ අදහසකි.

    මෙම ලිපිය ලියා ඇත්තේ ජීවන රටාව බ්ලොග්කරුවෙකු සහ මෝස්තර ශිල්පියෙකු වන Divya Singh Vishwanath විසිනි.

    සැකසුම – තනුජා හසිනි