Tag: featured

  • ඛේමාගේ කොලුවත් ගිය වගයි !

    ඛේමාගේ කොලුවත් ගිය වගයි !

    මීට අවුරුදු දෙකහමාරකට කලින් “ඛේමාගේ කොලුවා” යැයි ඔහුගේ පාර්ලිමේන්තු ජීවිතයේ තිස් වන සැමරුම් උත්සවය පවත්වනු ලැබූයේ 2019 පෙබරවාරි මස 28 වන දින බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ය.

    ඔහු පළමු වරට පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් වූයේ 1989 පෙබරවාරි 15 වන දින පැවති මහ මැතිවරණයෙනි. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මාතර දිස්ත්‍රික්කය සඳහා මන්ත්‍රීවරයෙකු වශයෙනි. කලින් විදේශ කටයුතු ඇමතිවරයා වූ “ඛේමාගේ කොලුවා” වන මංගල සමරවීර ඒ වනවිට මුදල් ඇමති ලෙස යහපාලන ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකි. ඔහුගේ මෙම සැමරුම් උත්සවයට ආරාධිත දේශකයා ලෙස පැමිණියේ ඇමෙරිකානු යුධ වාර්තාකාරිනියක්වූ, ඇමෙරිකානු විශ්ව විද්‍යාල මහාචාර්යවරියකවූ, බරාක් ඔබාමාගේ ජ්‍යෙෂ්ඨ උපදේශිකාවක්වූ, ජනාධිපති ඔබාමාගේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරියකවූ, ජාතික ආරක්ෂක මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂවරියක්වූ සහ පසුව එක්සත් ජාතීන්ගේ ඇමෙරිකානු නිත්‍ය නියෝජිතවරියවූ යම් පමණක ආන්දෝලනාත්මක චරිතයක් වන සමන්තා පවර් ය.

    ඇය කතාව ආරම්භ කෙරුවේ මංගලගේ ආරාධනය මොනම ආකාරයකින්වත් ප්‍රතික්ෂේප කළ නොහැකි හෙයින් මේ හදිසි ගමන පැමිණීමට ඇයට සිදුවූ බව කීමෙනි. යහපාලන ආණ්ඩුවේ ආරම්භක විදේශ කටයුතු ඇමතිවරයා වශයෙන් මංගල වගා කරගත් ප්‍රතිරූපය සතු වූ ආකර්ශනය එවැනි විය. මේ රටේ විදේශ කටයුතු අමාත්‍යවරුන් අතුරෙන් ලක්ෂමන් කදිර්ගාමර් සහ මංගල සමරවීර විශේෂ යැයි බොහෝ දෙන කියති. ඔවුන් බහුතරය වැඩි බරක් තබන්නේත් කැමැත්තක් දක්වන්නේත් එනමුත් කදිර්ගාමර් ඇමතිවරයාට ය. ඒ දෙපළ සැසඳීමේදී දැකිය හැක්කේ විදේශ කටයුතු ඇමති ලෙස අසීරු කාර්යන්ට උර දෙන්නට සිදුවූයේ මංගලට බවය.

    චන්ද්‍රිකා කුමාරතුංග අගමැති වූ පසු 1994 අවසන් කාර්තුවේ සිට (2001 දෙසැම්බරයේ සිට 2004 අප්‍රේල් දක්වා කාලය හැර) කදිර්ගාමර් ඇමතිවරයා 2005 අගෝස්තුවේදී ඝාතනය කරනු ලබන විටද මෙරට සිවිල් යුද්ධය බටහිර බලවතුන්ට සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කණ්ඩායමට මානූෂීය අර්බූදයක් නොවුනි. එබැවින් කදිර්ගාමර් ඇමතිවරයාට තිබූයේ එල්.ටී.ටී.ඊය ලොව රටවල් වැඩි සංඛ්‍යාවක තහනම් කරවා ගැනීමේ වගකීම පමණය. ඒ වෙනුවෙන් මෙරට සිංහල-බෞද්ධ දේශපාලනයෙහි ඔහුව වීරයෙකු ලෙස වැළඳගනු ලැබූයේ ඔහු දෙමළ ජාතිකයෙකුද වූයෙනි. එහෙත් දෙමළ සමාජයෙහි ඔහුට දෙමළ ජාතිකයෙකු යැයි එතරම් පිළිගැනුමක් නොවුනි.සිංහල-බෞද්ධ සමාජයේ දෙමළ විරෝධී මුහුණතක් දෙනු ලැබූ එල්.ටී.ටී.ඊට එරෙහි යුද්ධය 2009 මැයි මාසයේ ජයග්‍රාහීව අවසන් කෙරුණු පසු එය අවසන් කෙරුණු ආකාරය ජාත්‍යන්තර මානව හිමිකම් හා ගැටුම් නිරාකරණය කිරීමේ ආයතන හා සංවිධාන විසින් දැඩි ලෙස ප්‍රශ්න කිරීමකට ලක් කෙරිණ.

    බටහිර බලවත් රටවල්ද එළෙසින්ම ලංකාණ්ඩුවට එරෙහිව යුධ අපරාධ, ජාත්‍යන්තර මානව හිමිකම් නීති උල්ලංඝණය, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ, වග නොවීම් වැනි චෝදනා එල්ල කළහ. එවැනි අපරාධ සඳහා ආණ්ඩුවේ නායකයින්ට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම මගින් උපරිම දඩුවම් ලබා දිය යුතු යැයි දෙමළ ඩයස්පෝරාව ලොකු ගෝසාවක් නැගූහ. ශ්‍රී ලංකාණ්ඩුවට එරෙහිව 2009 සිට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙහි හැම සැසි වාරයකම යෝජනා සම්මත කෙරෙන්නට විය. විදේශ කටයුතු ඇමති වශයෙන් මංගල මුහුණ දෙන්නේ මේ අභියෝගයන්ට ය.

    ඔහුගේ හැකියාව ගැන එකල කොළඹ ප්‍රභූ සම්බන්ධකම් පමණක් නොව, වෘත්තිකයකු ලෙසද ඉහළ පිළිගැනුමක් තිබූ අයෙකු මා සමග කියූවේ, “මංගලට පින් සිද්ධ වෙන්න දැන් ඕනැම එයාපෝට් එහෙක අපේ පාස්පෝට් එක දිගු කරන්න පුළුවන් ලැජ්ජා නැතුව” යැයි කියා ය. ඔහු කියුවේ ඊට පෙර කාලයේ පිටරටකදී ශ්‍රී ලාංකිකයෙකු යැයි කියූ විට අනෙකා බලන බැල්මෙහිද බාල්දු අපහාසාත්මක පෙනුමක් තිබුණු බවය. නිදහසින් පසු අපගේ දෙවන පරම්පරාවේ කසි කබල් දේශපාලනඥයින් අතරින් මංගල අනෙක් හැමට වඩා වෙනස් වන්නේ ඇත්තටම ප්‍රතිපත්ති ගරුක ලිබරල් දේශපාලනයක් නිසාම නොවේ.

    මහ බැංකුව දක්වාම යෝධ දූෂණ දිගු ඇදෙන ඉහ වහා ගිය අතිශය දූෂිත දේශපාලන සංස්කෘතියක “මිස්ට ක්ලීන්” පවා මහපරිමාන දූෂණ සඳහා වගකිව යුතු වූ රටක, මංගල සමරවීර ආණ්ඩු පාලන යුග දෙකක කිසිදු දූෂණ වංචා චෝදනාවක් නොමැති ඇමතිවරයෙකුව සිටීමම ඉතාම ගෞරවනීය පැවැත්මකි.එළෙසින් මා 1988 සිට ඉතා සමීපව හඳුනාගෙන සිටි, නිතර මා සමග ඉතාම සුහද නමුත් බරපතල වාද විවාද වල පටලැවූනු මංගලගේ ගති ලක්ෂණ අතර වූයේ දූෂණයෙන් තොර පෞද්ගලිකව අවංකයෙකු වීම පමණක්ම නොවේ.

    වර්තමානයේ ප්‍රධාන දේශපාලන ධාරාවේ අති බහුතරයක් දේශපාලනඥයින් නොකරන වැදගත් පොත පත කියවීම, ඉහළ සෞන්දර්යාත්මක අගයක් ඇති සිංහල හා ඉංග්‍රීසි සාහිත්‍ය කලාව ඇසුරු කිරීම ඔහුගේ ඉතාම වැදගත් ලක්ෂණයක් විය. ඒ දියුණු “සංස්කෘතික සත්වයා” කාටත් හඳුනාගත හැකිවන ලෙස එක් සිදුවීමක් මංගලට කෙරෙන ගෞරවයක් ලෙස මෙහි සටහන්කර තැබිය යුතු යැයි සිතමි.

    ඇමෙරිකාවේ ඩිමොක්‍රැටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා තේරීමේ ප්‍රාථමික තරග වටයේ අවසානය පැමිණ තිබුණි. එදින රාත්‍රියෙහි මංගලගේ නිවසෙහි අල්ලාප සල්ලාපයේ යෙදී සිටි අප අතර වාදය වූයේ ඩිමොක්‍රැටික් ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද යන්න ය. මගේ තේරීම බරාක් ඔබාමා වූ අතර මංගල තර්ක කෙරුවේ හිලරි ක්ලින්ටන් වෙනුවෙනි.

    ඉන් සති කිහිපයකට පසු මංගල ලන්ඩන් බලා පිටත්ව ගියේය. ඔහු පෙරළා පැමිණියේ (2008) මැයි මාසයේ 23 වන දිනය. ඒ වනවිට ජනාධිපති අපේක්ෂකයා ලෙස ඔබාමා තේරී සිටියේය. පුරුද්දක් ලෙස ගුවන් යානයේදී කුමක් හෝ පොතක් කියවන මංගල ඒ සඳහා පොතක් ගැනීමට හීත්රෝ ගුවන් තොටුපලේ පොත් සාප්පුවකට ගොඩ වන්නේය. එහිදී බරාක් ඔබාමා ලියූ සිය පියා සම්බන්ධ මතක සටහන් සහිත පොත (Dreams from My Father) දුටු විගස ඔහු එය තෝරා ගන්නේය. මෙහි පැමිණි වහා ඔහු එය මට තෑගි කළේය. එහි ඔහුගේ අත්සන සමග “හිතවත් කුසල්, විනාශවන අපේ රටට යහපත් අනාගතයක් ලබාදීමට නොබියව සිහින මවන ඔබට මෙය තිළිණයකි” යැයි ඉංග්‍රීසියෙන් සටහනක් තබා තිබිණ.

    පාර්ලිමේන්තුවේ 225 අතර මංගල හැර වෙනත් එවැනි කෙනෙකු තෝරා ගැනීමට සිටීදැයි මට වහා ප්‍රශ්නයක් ඇති විය. එවැනි පොත් කියවන? තවත් පොත් කියවන්නෙකුට පොතක් තෑගි කළ යුතු යැයි හිතන? ඔහු දියුණු “සංස්කෘතික සත්වයකු” යැයි කීවේ එනිසාවෙනි. එහෙත් මේ වැනි දියුණු සංස්කෘතියක් සමගින්වන මංගල හැම කාරණාවකදීම එසේ නොවන බවත් මෙහි සටහන් කළ යුත්තේ මෙය මිය ගිය හිතවතෙකු පිළිබඳව කෙරෙන සම්ප්‍රදායික ස්ත්‍රෝත්තයක් නොවන හෙයිනි.

    මංගල සමරවීර පැතිකඩ කිහිපයක් සහිත දේශපාලනඥයෙකි. එකක් ඔහුට බාර කෙරෙන ඕනෑම වැඩක් කැපවීමෙන් හා අවංක මහන්සියකින් කිරීමය. අනෙක ඔහු හැම විටම දේශපාලන බලය සඳහා දැක්වූ අධි තෘෂ්ණාවය. ඊළඟට ඔහුගේ වෘත්තීය සුදුසුකම් අනුවම ඔහු අලුත් නිර්මාණ සමගින් ඔහුගේ වටපිටාව සැරසීමට උනන්දු වීමය. ඔහු ගොඩවන හැම අමාත්‍යාංශයක්ම ලස්සණ සුවපහසු තැනක් ලෙස සකසා ගැනීමට ඔහු පසුබට නොවීය.

    ඔහු 2007 රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉවත්වී විපක්ෂයේ අසුන්ගත් පසු සිංහලවාදී පෞද්ගලික රූපවාහිනියක කෙරුණු සාකච්ඡාවකදී එය මෙහෙයවන්නිය ඔහු දූෂිත යැයි කීමට දිගින් දිගටම ප්‍රශ්න කරන්නට වූයේ ඔහු අමාත්‍යාංශය අලුත්වැඩියා කිරීමට දැරූ වියදම ගැන කීමෙනි. එයට පිළිතුරු දෙමින් මංගල කියුවේ, “මට වැඩ කරන තැන ලස්සණට පිළිවෙලට තියෙන්න ඕනේ. මට වෙන අය වගේ ගුබ්බෑයම්වල වැඩ කරන්න බැහැ. රජයේ කාර්යාල වලට යන්න. ඒවායේ කොහොමද වැඩ කරන්නේ? ඒවට උදේට ආවම වැඩක් කරන්න හිතෙනවද?” යනුවෙනි.

    ඔහු කියූ අයුරු ගුබ්බෑයම් ලෙස පැවති තැපැල් කාර්යාලද අලුත් කෙරුණේ මංගල විෂය භාර ඇමති වූ පසුවය. දේශපාලන බලය සඳහාවූ ඔහුගේ අධි තෘෂ්ණාව අන් සියල්ලට ඉහළින් තිබුණකි. එනිසා බලය තහවුරුකර ගැනීමේදී අද බොහෝ දෙනා ඔහුගේ ගුණ ගයන්නට කියන “ප්‍රතිපත්ති ගරුක ලිබරල් මංගල” හිටියේ නැත. ඔහු සාම සාකච්ඡා වෙනුවෙන් පෙනී සිටි වික්‍රමසිංහට විරුද්ධව දකුණේ සියලු ජාතිවාදී කණ්ඩායම් ගොනු කරනු ලැබූ 2005 ජනාධිපති මැතිවරණ ව්‍යාපාරයේ කලමනාකරුවකු වූයේ ලිබරල්වාදය වෙනුවෙන් නොව, මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණය සමග ආණ්ඩු බලය සඳහාය.

    එයට ඉතාම හොඳ නිදසුන ඔහු ලබා දුන්නේ 2001 දෙසැම්බර මැතිවරණ පරාජය සමගය. ඒ මැතිවරණයෙන් බලයට පැමිණි වික්‍රමසිංහගේ එ.ජා.ප ආණ්ඩුව කටයුතු කළ යුතුව තිබුණේ විපක්ෂය නියෝජනය කළ විධායක ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග සමගිනි. වික්‍රමසිංහ අගමැතිගේ ආණ්ඩුවේ බරපතලම හා දැවැන්තම දේශපාලන කටයුත්ත වූයේ නෝර්වේජියානු මැදිහත්කරුවන් සමග එල්.ටී.ටී.ඊය හා ආරම්භ කළ සාම සාකච්ඡාවන්ය. ඒ වෙනුවෙන් අන් කවරදාකවත් නොවුනු ආකාරයේ සටන් විරාමයක්ද පවත්වා ගත යුතුව තිබිණ. ජනාධිපති කුමාරතුංග ගේ 1995 ජනවාරියේ ආරම්භ කෙරුණු අළස සාම සාකච්ඡා බිඳ වැටුණු පසු ආරම්භ වූ “සාමය සඳහා යුද්ධය” යැයි නම් කෙරුණු යුද්ධය අතරතුර දකුණේ සමාජය බලය බෙදීමකට සූදානම් කිරීමේ මතවාදය වෙනුවෙන් චන්ද්‍රිකා ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකු ලෙස “සුදු නෙළුම්” සමගින් “තවලම්” ගිය මංගල,

    2002 පෙබරවාරියේ වික්‍රමසිංහ ආණ්ඩුව ආරම්භ කළ සටන් විරාමයට හා සාම සාකච්ඡා වලට විපක්ෂය් මන්ත්‍රීවරයෙකු ලෙස විරුද්ධ වන විට, ඔහුට ලිබරල්වාදයක් අවශ්‍ය නොවුනි. ආණ්ඩු බලය නැවත ලබා ගැනීම වෙනුවෙන් වික්‍රමසිංහ ආණ්ඩුව අස්ථාවර කිරීමට එදා අන්ත ජාතිවාදී කණ්ඩායම් මංගල හවුල් කර ගත්තේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බලය ඉතාම නිර්ලජ්ජි ලෙස යොදා ගෙන වික්‍රමසිංහ ආණ්ඩුවේ අමාත්‍ය ධූර පවරා ගනිමින් ඒ ආණ්ඩුව විසුරුවා හැරී චන්ද්‍රිකාගේ සැළසුමෙහි චන්ද්‍රිකාගේ විශ්වාසවන්තම සගයා වූයේද මංගල ය.

    එවගේම බලය වෙනුවෙන් ඔහු ප්‍රතිපත්ති පැත්තකින් තැබීමේ අනෙක් අවස්ථාව දැකිය හැක්කේ 2010 ජනාධිපතිවරණයට යුද සෙන්පතියකු ලෙස වර්ණ ගැන්වූ ජෙනරාල් සරත් ෆොන්සේකා විපක්ෂයේ පොදු අපේක්ෂක ලෙස තොරම්බල් කිරීමෙහිදීය. ජනාධිපති කරවීමට වඩාත්ම සුදුසු අපේක්ෂකයා ජෙනරාල් ෆොන්සේකා යැයි කියමින් රට පුරා යන විට, සමාජයම හමුදාකරණය කිරීමේ මතවාදයකට ඉන් යටත් කෙරෙන බව ඔහුට ඒ මොහොතේ අදාල නොවුනකි.

    මංගල නැවත සැබෑ ලිබරල්වාදියකු වන්නේ 2020 දී සම්මත පාර්ලිමේන්තුවාදී දේශපාලනයෙන් ඉවත් වන්නට සිදුවූ පසුවය. ඔහු හා වැඩි දේශපාලන එකඟත්වයක් තිබූ අගමැති වික්‍රමසිංහ වෙනුවට ජනාධිපති අපේක්ෂක ලෙස සජිත් ප්‍රේමදාස පෙරට ගැනීමට අවශ්‍ය එ.ජා.පයේ පිරිස් ගොනු කරන්නට මංගල අත ගසන්නේ වික්‍රමසිංහට වඩා සජිත් ආකර්ශනීය ජනාධිපති අපේක්ෂකයෙකු වන්නේ යැයි විශ්වාස කළ හෙයිනි.

    නැවත ආණ්ඩු බලය ගැන ගණන් හැදීමේදී ජයග්‍රහණය සඳහා ඔහුට ඔහුගේ ලිබරල්වාදයට වඩා එනිසා සජිත්ගේ සිංහල-බෞද්ධ ආටෝපය වැදගත් විය. එහෙත් 2019 නොවැම්බර ජනාධිපතිවරණයේදී ඡන්දදායකයාට රාජපක්ෂලාගේ සිංහල-බෞද්ධ දේශප්‍රේමය තරම් වෙන කිසිවක් වැදගත් නොවුනි.

    ජනාධිපතිවරණයේ සජිත්ගේ පරාජයෙන් පසු මංගලගේ උපාය වූයේ රාජපක්ෂ දේශපාලනයේ සිංහල – බෞද්ධ ජාතිවාදය අභියෝග කිරීමෙන් පාර්ලිමේන්තු මැතිවරණය දිනා ගැනීමය. ඔහුගේ ගණන් හැදීමට අනුව රට පුරා දෙමළ හා මුස්ලිම් ඡන්ද සාම්ප්‍රදායික එ.ජා.ප ඡන්ද වලට එකතු කිරීමෙන් බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීමට ඉඩ තිබිණ. ඔහුගේ දේශපාලන සූත්‍රය දිරවන පිරිසක් එනමුත් සජිත්ගේ සමගි ජන බලවේගයේ නොවූනි. නාමයෝජනා බාර දීමෙන් පසුව මංගලට සජිත්ගේ දේශපාලන හවුලෙන් ඉවත් වන්නට සිදු විය. ඔහු මැතිවරණ දේශපාලනයෙන් ඉවත් වන්නේ නැවත රාජපක්ෂලා සමග සම්මුති ගැසීමට සූදානම් නොවූයෙනි. දේශපාලන ස්වාධීනයෙකු ලෙස ඔහුට ඒ අනුව ඉතිරිවූයේ ඔහුගේ ලිබරල් දේශපාලනය විකල්පයක් ලෙස කතා කිරීම සඳහා වේදිකාවක් ගොනුකර ගැනීම පමණය.

    බලය වෙනුවෙන් දේශපාලන ප්‍රතිපත්ති නොතැකූ මංගල මට අනෙක් සියලු දෙනා හා ගත් කල සාපේක්ෂව වැදගත් වූයේ ඔහුගේ බල ව්‍යාපෘති නොතැකූ නිදහස් හා නොවෙනස්වන දේශපාලනයක්ද ඔහු සතුව තිබූයෙනි. බල දේශපාලනයේ සම්මතයන් නොතකා ඒ වෙනුවෙන් ඔහු පෙනී සිටි හෙයිනි. ඒවා එනමුත් පරිධියේ දේශපාලන ස්ථාවර විය. ඒවායේ වැදගත් කමක් තිබූයේ නාගරික මැදපංතික අලුත් පරම්පරාවන්ට පමණි.

    ඔහුගේ “රැඩිකල් මැද මාවත දේශප්‍රේමය” විසින් ආමන්ත්‍රණය කෙරුණේද ඒ සමාජ ස්ථරයන්ය. ඉන් එහා දේශපාලන ක්‍රියාකාරිත්වයක් ඔහු බලාපොරොත්තු වූයේ නැතැයි මට විටෙක සිතුනි. ඔහු ඔහුගේ සීමා තේරුම් ගැනීමේ අවදියකට ඒ වනවිට පැමිණ සිටියේය. ඔහු අපගෙන් සමුගෙන යන්නේ ඒ අවබෝධය ඇතිව ඔහුගේ අලුත් අත්හදා බැලීමට අවශ්‍ය කාලය ලබා නොගෙනය. ඔහු වෙනුවෙන් මා කණගාටු වන්නේ එනිසාවට වඩා, වාද විවාද කළ හැකි දියුණු සංස්කෘතික සත්වයෙකු අපට අහිමිවුනු නිසාවෙන් ය.එහෙත් මම මංගලට නිවන් සුව නොපතමි. මංගල ඒ ගැන උනන්දු නොවුනු නිසාම නොවේ. මට එවැනි විශ්වාසයක් නොමැති හෙයිනි. “ඛේමාගේ කොලුවත් ගියා” යැයි කියමින් එනිසා නවතිමි.

    කුසල් පෙරේරා

  • වැඩි මිලට සහල් අලෙවි කළොත් 100,000ක් දඩ

    වැඩි මිලට සහල් අලෙවි කළොත් 100,000ක් දඩ

    වැඩිමිලට සහල් අලෙවි කරන වෙළඳුන්ට දඬය පෙර පැවති රුපියල් 2500ක දඩය රුපියල් 100,000 දක්වා වැඩි කළ බවත්, ආරක්ෂිත සහල් තොග පවත්වාගෙන යෑම සඳහා ණයවර ලිපි නිකුත් කළ බවත්, වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    “සැඟවූ තොග එළියට – සහල් මිල ස්ථාවරව තබාගැනීමේ නවතම ක්‍රියාමාර්ග” යන මැයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද (25) පැවති මාධ්‍ය හමුවක දී  අමාත්‍යවරයා මේ බව පැවසීය.

    ඒ අනුව පාරිභෝගික අධිකාරිය විසින් වැඩිමිළට සහල් විකුණන පිරිස මෙන්ම අනවසර සහල් ගබඩා වැටලීමේ කටයුතු සිදු කරමින් සිටින බවත්, ඒ අනුව වී කිලෝ ලක්ෂ 40කට අධික වී සඟවා ගෙන සිටි ගබඩා 06ක් මුද්‍රා තැබූ බවත්, ඒ පිළිබඳ අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර ඇති බවත් අමාත්‍යවරයා කීය.

    අංක 1998 යටතේ සතොස වෙළඳපොලෙන් සාමාන්‍ය මිළට වඩා අඩු මිළට භාණ්ඩ වර්ග 20ක් ලබා දීමට කටයුතු යොදා ඇති බව ද ඒ අනුව සහල්, පිටි, සීනි, පරිප්පු, හාල්මැස්සන්, යනාදී අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග විස්සක් නිවසටම ගෙන්වා ගැනීමට හැකියාව ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.

    මෙහිදී ස්වයං නිරෝධායනය වන අයට මෙන්ම වෙළඳපොළට නොපැමිණෙන අයට මෙම සේවාව නොමිලේ ලබා දෙයි. සතොස වෙළඳසල් අත්‍යවශ්‍ය සේවා කරමින් ඉදිරිපත් කළ ගැසට් පත්‍රය සමඟ සතොස වෙළඳසල් විවෘතව තැබේ. මෙම අංකයට අමතරව සහල් වැඩි මිළට අලෙවි කරන ස්ථාන සම්බන්ධයෙන් වාර්තා කිරීමට පාරිභෝගික අධිකාරියේ 1977 අංකය යටතේ දැනුම් දීමට හැකියාව ඇති බව අමාත්‍යවරයා පැවසීය.

    මේ සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (25) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.

  • පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස්පතිගෙන් විශේෂ ප්‍රකාශයක්

    පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස්පතිගෙන් විශේෂ ප්‍රකාශයක්

    පාස්කු ඉරුදින ප්‍රහාරයේ විමර්ශන කටයුතු සහ එහි ප්‍රගතිය සම්බන්ධයෙන් පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා  අද (25) විශේෂ ප්‍රකාශයක් සිදු කළා.

    2019 වසරේ එල්ල වූ පාස්කු ප්‍රහාර මාලාව සහරාන් ඇතුළු කණ්ඩායමක් විසින් කෙටි කාලයක් තුළ සැලසුම් කළ හුදෙක් තනි අපරාධයක් නොවන බවයි පොලිස්පතිවරයා මෙහිදී සදහන් කළේ.

    පාස්කු ප්‍රහාරය සිදුවීමට පෙර සිදුවූ සිදුවීම් කිහිපයක් සැලකිල්ලට ගැනීමට සිදුවී ඇති බවත් ඒ අනුව දීර්ඝ කාලයක් තිස්සේ සැලසුම්සහගතව සිදුකළ ත්‍රස්තවාදී ක්‍රියාවක් බව පෙනීයන බවත් පොලිස්පතිවරයා සඳහන් කළා.

    මෙම අපරාධ විමර්ශනය ඉතා රහසිගතව සිදුකරන්නක් බවත්  ඒ හේතුවෙන් ඒ පිළිබඳව තොරතුරු මහජනතාව ට හෙළිකිරීම අධිකරණ කටයුතුවලට බාධාවක් විය හැකි බවද පොලිස්පතිවරයා පෙන්වා දුන්නා.

    ඔහු පෙන්වා දෙන්නේ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පොලීසිය සිදුකරන විමර්ශන සම්බන්ධව නිසි අවබෝධයක් නොමැතිවීම හේතුවෙන් එම විමර්ශන සම්බන්ධයෙන් සමාජය තුළ විවිධ මතවාද ගොඩනැගී ඇති බවයි.

    පොලිස්පතිවරයා විසින් සිදුකළ සම්පූර්ණ ප්‍රකාශය පහත පළ වෙනවා.

    පාස්කු ප්‍රහාරය සම්බන්ධ පොලිස්පතිගේ විශේෂ ප්‍රකාශය

    2019 වර්ෂයේ පාස්කු ඉරුදින සිදු වූ නින්දිත, කුරිරු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය මගින් සිදුකරන විමර්ශන පිළිබඳව නිසි අවබෝධයක් නොමැතිවීම හේතුවෙන්, පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශන සම්බන්ධව සහ එම විමර්ශන අවසන් කර නඩු පැවරීමට මෙතෙක් කටයුතු කර නොමැති බවට සමාජය තුළ විවිධ මතවාදයන් ගොඩ නැගී ඇති බව සහ විවිධ පාර්ශවයන් ඒ සම්බන්ධයෙන් පදනම් විරහිත ප්‍රකාශ නිකුත් කරන බව පසුගිය දිනවලදී දකින්නට ලැබුනා .

    මෙම විමර්ශන කටයුතු අධීක්‍ෂණය කරනු ලබන අවසානාත්මක නිලධාරියා වශයෙන් සහ වර්ථමාන පොලිස්පති වශයෙන් මේ පිළිබඳව ප්‍රකාශයක් කර මෙම ත්‍රස්තවාදී ප්‍රහාරය හේතුවෙන් මිය ගිය අයගේ ඥාතීන්, තුවාල ලැබූවන් සහ පීඩාවට පත් වූ සියලු දෙනා වෙත මෙන්ම මෙම සිදුවීම සම්බන්ධව උනන්දුවක් දක්වන සියලු පාර්ශවයන් වෙත සත්‍ය සහ සිදුවන විමර්ශනයට අගතියක් නොවන ලෙසට හෙලිදරව් කළ හැකි තොරතුරු ප්‍රකාශ කිරීම මාගේ යුතුකමක් හා වගකීමක් වශයෙන් සලකා මෙම ප්‍රකාශය කිරීමට තීරණය කලා.

    මෙම අපරාධ විමර්ශනය ඉතා රහසිගතව සිදු කරන්නක් බැවින් ඒ සම්බන්ධ තොරතුරු මහජනතාව වෙත එනයින්ම හෙළි කිරීම අධිකරණ කටයුතු වලට බාධාවක් විය හැකි බැවින් විමර්ශනයන්ට අදාළව සම්පූර්ණ තොරතුරු මහජනතාව වෙත අනාවරණය කිරීමට හැකියාවක් නොමැති බව විශේෂයෙන් සඳහන් කළ යුතු වෙනවා.

    2019 වර්ෂයේ පාස්කු ඉරිදා දිනයේ දී සහරාන් ඇතුළු කණ්ඩායමක් විසින් සිදු කරන ලද බෝම්බ ප්‍රහාර මාලාව කෙටි කාලයක් තුළ සැලසුම් කළ හුදු තනි අපරාධයක් නොවන බවත්, එය සිදුවීමට පෙර සිදු වූ සිදුවීම් කිහිපයක් සැලකිල්ලට ගැනීමේදී එය දීර්ඝ කාලයක සිට සැලසුම් සහගතව සිදුකළ ත්‍රස්තවාදී ක්‍රියාවක් බව පෙනී යයි. එනම්,

    1. 2017.03.10 දින හෝ ආසන්න දිනයක සහරාන් විසින් ඔවුන්ගේ මතයට විරුද්ධව ක්‍රියාකළ කාත්තන්කුඩි ප්‍රදේශයේ මුස්ලිම් පල්ලි වල යාඥා කරන තැනැත්තන්ට එරෙහිව පහරදීම් සිදු කිරීම
    2. 2018.02.06 දින හෝ ආසන්න දිනයක කාත්තන්කුඩි ප්‍රදේශයේ නිවසකට කාල බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම
    • 2018.02.12 දින හෝ ආසන්න දිනයක කාත්තන්කුඩි ප්‍රදේශයේ දේශපාලන කාර්යාලයකට කාල බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම
    • 2018.05.07 දින හෝ ආසන්න දිනයක නුවරඑළිය ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක පුහුණු කඳවුරක් පවත්වාගෙන යාම පිළිබඳව කරන ලද විමර්ශනය
    • 2018.08.26 දින හෝ ආසන්න දිනයක පුපුරණ ද්‍රව්‍ය මගින් සිදු වූ බවට සැක කළ හැකි තුවාල සහිතව රිල්වාන් නමැති අයෙකු ප්‍රතිකාර ගැනීම සඳහා පැමිණි බවට වූ වාර්තා පිළිබඳව සිදුකළ විමර්ශනය
    • 2018.11.30 දින හෝ ආසන්න දිනයක මඩකලපුව – වව්නතිව් පොලිස් මාර්ග බාධක රාජකාරි යෙදී සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු ඝාතනය කර ඔවුන්ගේ ගිනි අවි පැහැර ගැනීම
    • 2018.12.25 දින හෝ ආසන්න දිනයක මාවනැල්ල ප්‍රදේශයේ බුද්ධ ප්‍රතිමා කිහිපයකට හානි සිදු කිරීම
    • 2019.01.16 දින හෝ ආසන්න දිනයක පුත්තලම – වනාතවිල්ලුව ප්‍රදේශයේ දී අධිබලැති පුපුරණ ද්‍රව්‍ය සමග පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට පත්වීම
    • 2019.03.09 දින හෝ ආසන්න දිනයක මාවනැල්ල ප්‍රදේශයේ දී තස්ලිම් යන අයට වෙඩි තබා තුවාල කිරීම
    1. 2019.04.16 දින හෝ ආසන්න දිනයක කාත්තන්කුඩි – පාලමුණේ ප්‍රදේශයේ යතුරුපැදියක් පුපුරවා හැරීම

    මෙම සිද්ධි පිළිබඳව විමර්ශන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙන්ම විවිධ පොලිස් ස්ථාන මට්ටමින් සිදු කර තිබුනේ ඒවා එකිනෙකට හුදෙකලා සිද්ධීන් ලෙස සලකා මතු පිටින් පෙනෙන කරුණු වලට පමණක් සීමා වෙමින් ය. මෙම සියලු සිද්ධීන් ගැඹුරින් අධ්‍යයනය කර ඒ සඳහා නිපුණත්වය ඇති එක් ආයතනයක අධීක්‍ෂණය යටතේ සියුම් ලෙස විමර්ශන සිදු කර තිබුනේ ද නැහැ.

    එසේම මෙම සිද්ධිවලට අදාළ විමර්ශන සිදුකරන අංශ හෝ බුද්ධි තොරතුරු රැස්කරන අංශ විසින් වෙන් වෙන්ව හා හුදෙකලා ලෙස විමර්ශන කළ ද බුද්ධි අංශ වලට සහ ත්‍රස්ත මර්ධන හා අනෙකුත් විමර්ශන කොට්ඨාසයන් වෙත ලැබී තිබුණු තොරතුරු නිසියාකාරව විශ්ලේෂණය කර, හුවමාරු කර ගනිමින් නිසි සම්බන්ධීකරණයක් නොපැවැත්වීම නිසා මෙම සිදුවීම් අතර තිබූ සම්බන්ධතාවයන් අනාවරණය කර ගැනීමේ අවස්ථාව ගිලිහී තිබුනා.

    එම නිසා එම සිද්ධීන් රාජ්‍ය ආරක්‍ෂාවට තර්ජනයක් වන බරපතල ත්‍රස්තවාදී සංවිධානයක ක්‍රියාවන් බව අවබෝධ කර ගැනීමට විමර්ශන නිලධාරීන්ට නොහැකි වී තිබුණා.

    එසේම පාස්කු ඉරු දින සිදු වූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධව ද මුල් අවස්ථාවේදී විමර්ශනය සිදුකළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විවිධ අංශ අතර නිසි සම්බන්ධීකරණයක් සිදු නොවුනු අතර, එක් අංශයකින් සියලු සිද්ධීන් ගැඹුරින් විමර්ශනය සිදු කර නොතිබිනි.

    එසේම අදාළ සැකකරුවන් කෙටි කලක් තුලදී සොයා ගෙන විමර්ශනය කඩිනමින් අවසන් කිරීමේ අරමුණෙන් විමර්ශන සිදු කිරීම මත එවකට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධරයන් විසින් එම අපරාධ සම්බන්ධව ගැඹුරින් අධ්‍යයනය කර නිවැරදි කරුණු අනාවරණය කර ගැනීමට ද අපොහොසත් වී තිබුනා.

    ඒ අනුව ඔවුන් විසින් එම අපරාධ සිදුකළ තැනැත්තන් බොහොමයක් මිය ගොස් ඇති බව සහ ඊට ඍජුවම අනුබල දුන් තැනැත්තන් සියලු දෙනා අත්අඩංගුවට ගෙන ඇති බව සහ අපරාධයට සම්බන්ධ දේපළ සියල්ල භාරයට ගෙන ඇති බව තීරණය කර ඒ සම්බන්ධ විමර්ශන අවසන් කිරීම සඳහා උත්සුක වී තිබුනා.

    එමෙන්ම ISIS මතවාදය දරණ පිරිසක් ශ්‍රී ලංකාව තුළ සිටින බවට පෙන්වාදීම සඳහා ස්වේච්ඡාවෙන් සංවිධානය වූ කුඩා කණ්ඩායමක් විසින් මෙම ප්‍රහාරය සිදුකළ බවටත්, ඒ සඳහා විදේශීය සම්බන්ධතා හෝ මෙම පිරිස පිටුපස සංවිධානාත්මක ජාලයක් නොමැති බවටත් විමර්ශකයන් විසින් පූර්ව නිගමනය කර, විමර්ශන සිදු කිරීම හේතුවෙන් නිවැරදි කරුණු අනාවරණය කර ගැනීමට විමර්ශකයන්ගේ අවධානය යොමු නොවීය.

    විශේෂයෙන්ම සහරාන් මෙම අපරාධ කණ්ඩායමේ නායකයා බවත්, ඔහු මෙම අපරාධය සමගම ඔහුගේ ජාලය විනාශ වී හෝ ඉතිරි සාමාජිකයන් සියල්ල අත්අඩංගුවට ගෙන ඇති බවත් තහවුරු කිරීම සඳහා එම විමර්ශන යොමු වී තිබුනා.

    ස්වයංව අභිප්‍රේරණය වූ අන්තවාදී මත දරණ කුඩා කණ්ඩායමක් එක් වී ඔවුන්ගේ මතවාදය අනුගමනය කිරීමට අනෙක් අයවලුන්ට ආදර්ශයක් ලබාදීම සඳහා මෙම ත්‍රස්තවාදී ක්‍රියාව සිදුකර එම කණ්ඩායමේ නායකයා ද ඇතුළුව එම සියලු පිරිස් ස්වයං ඝාතනයකට ලක්වීමෙන් පසු ඔවුන් සමාජය වෙත ලබාදීමට තැත් කළ මතවාදය ඉදිරියට ගෙන යාමට වෙනත් පිරිස් ඉදිරිපත් නොවන්නේ නම් ඔවුන් පෙන්වීමට උත්සාහ කළ ක්‍රමවේදය ද ඒ සමගම අවසන් වන්නේ ද යන ප්‍රශ්නයට පැහැදිළි පිළිතුරක් ලබාදීමට විමර්ශකයන් අපොහොසත් වුනා.

    එලෙස විමර්ශන සිදුකරමින් පවතින අවධිය වන විට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරව වෙනමම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු සිටි අතර, මෙම විමර්ශන මෙහෙයවීම හා අධීක්‍ෂණය ඔහු විසින් සිදුකරනු ලැබුවා.

    වර්ථමාන අතිගරු ජනාධිපති තුමා, එම ධූරයට තේරී පත්වීමෙන් පසු පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශන කඩිනමින් අවසන් කර වගකිව යුතු කුමන තරාතිරමක පුද්ගලයකු වුව ද නීතිය ඉදිරියට ගෙන ඒම සඳහා මා හට අධිකාරී බලය සහ නිදහස ලබා දුන්නා.

    ඒ අනුව මාගේ මෙහෙය වීම හා අධීක්‍ෂණය යටතේ මෙම විමර්ශන සිදු කිරීම ආරම්භ කරමින්, මූලිකව එතෙක් සිදුකර ඇති විමර්ශන පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කිරීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය, ශ්‍රී ලංකා පොලිසියේ වෙනත් විමර්ශන ඒකක සහ පොලිස් බුද්ධි අංශ ප්‍රතිව්‍යූහගත කර නව නිලධරයන් අනුයුක්ත කිරීමට කටයුතු කරනු ලැබුවා.

    එසේම මෙම විමර්ශන වල හඳුනාගත් අඩුපාඩු සහ අවධානය යොමු නොකළ පැතිකඩ පිළිබඳව සහ විමර්ශන කළ යුතු ක්‍රමවේදයන් පිළිබඳව අවශ්‍ය උපදෙස් මා විසින් නියෝජ්‍ය පොලිස්පති / අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබාදීමට කටයුතු කළා.

    එසේම ප්‍රධාන අඩුපාඩුවක්ව පැවති දෛනිකව විමර්ශන කණ්ඩායම් වල ප්‍රගතිය සාකච්ඡා කරමින් විශ්ලේෂණය කර, තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා විමර්ශන කණ්ඩායම්, බුද්ධි අංශ නිලධරයන් සහ නීති අංශ නිලධරයන් සම්බන්ධීකරණය කිරීමේ ක්‍රමවේදයක් ද සකස් කරනු ලැබුවා.

    මුලින්ම මෙම විමර්ශන ආරම්භ කළ කණ්ඩායම් දුරකථන විශ්ලේෂණය සිදුකර තිබුනේ පාස්කු ප්‍රහාරයට පෙර මාස 04 ක පමණ කෙටි කාලයක් සඳහා පමණයි. නමුත් නව විමර්ශන කණ්ඩායම විසින් 2014.06.29 දින සිට පාස්කු ප්‍රහාරය දක්වා සහ එයට පසු කාලය සඳහා ද දුරකතන විශ්ලේෂණ සිදු කරනු ලබනවා.

    ඒ අනුව 2019 වර්ෂයේ සිදු වූ ප්‍රහාර මාලාව මෙන්ම මෙම සිද්ධියට සම්බන්ධ මතවාදය කවර දිනෙක, කවර කාලයක, කෙසේ ආරම්භ වූයේ ද යන්න සහ ඉන්පසු එය වර්ධනය වූ ආකාරය සම්බන්ධව සිදු වූ සිද්ධීන් සහ සැකකටයුතු තැනැත්තන්ගේ දුරකථන සම්බන්ධතා විශ්ලේෂණය කිරීම ඇතුළුව විමර්ශනයකදී අවධානය යොමුකළ යුතු සියලුම තාක්‍ෂණික කරුණු හා බුද්ධි තොරතුරු ආදිය ප්‍රයෝජනයට ගනිමින් සහ රහසිගතභාවය ද ආරක්‍ෂා කර ගනිමින් ගැඹුරු විමර්ශනයක් සිදු කිරීම ආරම්භ වුනා. එසේම විමර්ශන වලට උපදෙස් ලබා ගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ සහාය ද ලබා ගැනීමට කටයුතු කළා.

    එහි ප්‍රතිඵලයක් වශයෙන් පාස්කු ප්‍රහාරය සිදුවීමට පෙර වූ සිදුවීම් සියල්ල එකිනෙකට හුදෙකලා නොවන බව පෙනී ගිය අතර, මෙම ප්‍රහාර මාලාව සිදු කිරීම සඳහා අන්තවාදී මතවාදයන් පැතිර වූ දේශීය හා විදේශීය පුද්ගලයන්, මුදල් ආධාර සැපයූ පුද්ගලයන්, දේශීය හා විදේශීය පුහුණුවීම් සඳහා ස්ථාන හා පහසුකම් සැපයූ පුද්ගලයන්, දේශපාලන බලතල පාවිච්චි කර මෙම මතවාදය වර්ධනය කිරීම සඳහා ආධාර අනුබල දුන් පුද්ගලයන් සහ අනාගතයේ මෙම මතවාදය වර්ධනය කර ගැනීම සඳහා පිරිස්, මානසික වශයෙන් හැඩ ගැස්වීම් ක්‍රමවේදයන් සකස් කළ බුද්ධිමතුන් රැසක් හෙළිදරව් කර ගැනීමට හැකියාව ලැබුනා.

    එහිදී හෙළි වූ විශේෂ කරුණක් වූයේ මෙම ත්‍රස්තවාදී ජාලය විසින් ඔවුන්ගේ අනාගත ක්‍රියාකාරකම් සිදු කිරීම සඳහා ළමුන් ඇතුළු දෙවන පෙළ කණ්ඩායමක් මානසික ලෙස පුහුණු කිරීමට සැලසුම් කර ඔවුන්ට අන්තවාදී මතවාද ඉගැන්වීමට පවා කටයුතු කර තිබූ බවත්, ස්වයං ඝාතනයට ලක් වූ මෙම සහරාන් ඇතුළු පිරිස මෙම ත්‍රස්තවාදී ජාලයෙහි එක් කුඩා කණ්ඩායමක් පමණක් බවයි.

    ඒ අනුව මෙම පාස්කු ප්‍රහාරය සඳහා ඍජුව මෙන්ම වක්‍රව දායක වූ විශාල පිරිසක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ අතරම, මෙයට සම්බන්ධ විදේශගතව සිටින තැනැත්තන් අත්අඩංගුවට ගැනීම සඳහා ද ක්‍රියාමාර්ග ගනිමින් පවතිනවා.

    එසේම අනාගතයේ දී ඉහත ආකාරයේ ත්‍රස්තවාදී ප්‍රහාර සිදු වීමට තිබූ දැඩි අවදානම් තත්ත්වය පහ කිරීමට හැකියාව ලැබුනු නමුත්, ස්ථිර වශයෙන් එවැනි ප්‍රහාරයක් ඇති නොවීම සඳහා කටයුතු කිරීමට අඛණ්ඩව බුද්ධි හා අපරාධ විමර්ශන කටයුතු සිදු කළ යුතුව තිබෙනවා. මෙය ඉතාමත් සංකීර්ණ සහ සියුම් ලෙස සිදු කළ යුතු කර්තව්‍යයක්.

    එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් විමර්ශනය කිරීමේ දී එම ක්‍රියාකාරකම් වලට සම්බන්ධ තැනැත්තන් දේශීයව සිටිමින් එම අපරාධ සිදු කරන ලද බැවින් එම විමර්ශන සිදු කිරීමේ දී විදේශීය ආයතන හා සම්බන්ධ වීමට සිදු වූයේ ඉතා ස්වල්ප වශයෙනි.

    එසේ වුව ද පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධ විමර්ශන වලදී සැකකරුවන් පිරිසක් විදේශ රටවල සිට මෙම අපරාධය සඳහා ආධාර අනුබලදීම සහ අරමුදල් සපයාදීම සිදු කිරීම හේතුවෙන් මෙම අපරාධ විමර්ශනයේදී ජාත්‍යන්තර සහාය ලබා ගැනීමට ද සිදු වී තිබෙනවා. මෙහිදී අපරාධ සම්බන්ධ කාරණා වලදී රටවල් අතර අන්නෝන්‍ය සහයෝගය ලබා ගැනීම සඳහා තිබෙන නෛතික ප්‍රතිපාදන අනුව කටයුතු කිරීම හා ද්විපාර්ශවික ගිවිසුම් මත රටවල් සමග ගනුදෙනු කිරීමට සිදුවීම හේතුවෙන් මෙම විමර්ශන තවදුරටත් සංකීර්ණ බවට පත් වී තිබෙනවා.

    මෙම විමර්ශන වල සංකීර්ණ භාවය හේතුවෙන් නීතිපති තුමාට මා විසින් ලිපියක් යොමු කරමින්, සිදුකරනු ලබන විමර්ශන සඳහා නීතිමය උපදෙස් ලබාදීමට ජ්‍යෙෂ්ඨ නිලධරයකු පත්කරන ලෙස ඉල්ලා සිටියා. නීතිපති තුමා විසින් ඒ සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධරයන් කිහිප දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පත් කරනු ලැබුවා. එම නිලධාරීන් කණ්ඩායම පොලිස් විමර්ශන කණ්ඩායම් හා සම්බන්ධ වී නිරන්තරයෙන් නීතිමය උපදෙස් ලබාදීම මේ වන විටත් සිදුකරමින් පවතිනවා.

    නව නිලධරයන් යටතේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මෙම විමර්ශන සිදු කිරීම ආරම්භ කළාට පසුව, ඒ වන විට අවසන් කළ යුතු බවට නිගමනය කර තිබූ විමර්ශන නැවතත් පුළුල් ලෙස විමර්ශනය සිදුකළ අතර මෙම සමස්ථ විමර්ශනයේ දී,

    • පුද්ගලයින් විශාල පිරිසකගෙන් ප්‍රශ්න කිරීම් සිදුකළා.
    • සැකකරුවන් 723 ක් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කළ අතර, ඉන් 311 ක පිරිසක් තවදුරටත් රඳවා තබාගෙන හෝ රිමාන්ඩ් භාරයේ තබාගෙන විමර්ශන සිදුවෙමින් පවතිනවා.
    • විවිධ ලේඛන විශාල සංඛ්‍යාවක් භාරයට ගැනීමට හැකි වුනා.
    • ඒ වගේම දුරකථන අංක ලක්‍ෂයකට අධික ප්‍රමාණයක් විශ්ලේෂණයට ලක් කළා.
    • බැංකු ගිණුම් විශාල ප්‍රමාණයක් විමර්ශනයට ලක් කර ත්‍රස්තවාදී පුද්ගලයන්ගේ හා ඔවුන්ට ආධාර ලබාදුන් තැනැත්තන්ගේ වත්කම් රැසක් රාජසන්තක කිරීමට මේ වන විටත් පියවර ගෙන තිබෙනවා.

    ඒ අනුව රුපියල් මිලියන 365 ක් පමණ වටිනා මුදල්, චංචල හා නිශ්චල දේපළ මේවන විට රාජසන්තක කර ඇති අතර, රුපියල් මිලියන 168 ක් පමණ වටිනා මුදල් හා දේපළ තහනමටද ගෙන තිබෙනවා.

    මෙම ත්‍රස්තවාදී සිද්ධි ජාලයට අදාළව විමර්ශන අවසන් කර, පාස්කු දින සිදු වූ ප්‍රහාර සිද්ධීන් අටට අදාළව කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් පවරන ලද නඩුව ද ඇතුළුව මේවන විට මහාධිකරණය ඉදිරියේ අධි චෝදනාපත්‍ර 11ක් විත්තිකරුවන් 46කට එරෙහිව නීතිපති තුමා විසින් ගොනු කර තිබෙනවා.

    තවද පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශන ගොනු 100 කට අධික ප්‍රමාණයක් විමර්ශන අවසන් කිරීමෙන් අනතුරුව නීතිපති තුමා වෙත යොමු කළ අතර, එම විමර්ශන වලට අදාළව අධි චෝදනා ගොනු කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් එම ගොනු අධ්‍යයනය කිරීම් මේ වන විටත් සිදු කෙරෙමින් පවතිනවා.

    මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුව වෙත පාස්කු ප්‍රහාරයේ විමර්ශන වලට අදාළව වෙළුම්     104 ක් යොමු කර තිබෙන අතර, එම වෙලුම් පිටු 52,000 කින් සමන්විත වීමෙන්ම මෙම විමර්ශන වල සංකීර්ණ භාවය පෙන්නුම් කරනවා.

    මේ හැරුණු විට පාස්කු ප්‍රහාරයට ඍජුවම සම්බන්ධ නොවූවත්, ඒ සඳහා පසුබිම සකස් කළ යමෙකු සිටීද යන්න සම්බන්ධව තොරතුරු සොයා ගැනීම සඳහා තවත් විමර්ශන සිදුවෙමින් පවතින අතර, ඒවායේ විමර්ශන තවම අවසන් වී නැහැ.

    මෙම පාස්කු ප්‍රහාරයට ඉවහල් වූ මතවාදය රට තුළ ව්‍යාප්ත කිරීමට හා එයට සම්බන්ධිත සිද්ධි මාලාවට අදාළව අත්අඩංගුවට ගනු ලබන සැකකරුවන් අතර උගතුන්, බුද්ධිමතුන්, විවිධ වෘත්තිකයන් සහ සමාජයේ විවිධ තරාතිරමේ පුද්ගලයන් ද සිටිනවා.

    ඒ අනුව විමර්ශනයේ සුළු අඩුපාඩුවක් වුව ද ඔවුන්ගේ වාසියට හේතු විය හැකි බැවින් මෙම සියලු විමර්ශන ඉතාම රහසිගතව අවසන් අදියර තෙක් සිදු කිරීමට සිදුවන බව අවධාරණය කරනවා.

    තවත් වැදගත් කරුණක් වෙන්නේ මේ විමර්ශනය අප සිදු කරන්නේ හුදෙක්ම එම සිද්ධිවලට කුමන හෝ ආකාරයකින් සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට අරගෙන ඔවුන්ට නීතිමය ක්‍රියාමාර්ග ගෙන විමර්ශන කටයුතු අවසන් කිරීමේ පරමාර්ථයෙන් පමණක් නොවෙයි.

    අනාගතයේ මෙවැනි සිදුවීම් වැලැක්වීම සඳහා මෙම සිද්ධි දාමයට මූලිකව හේතු වූ මූල බීජයන් සොයා බැලීමත්, අනාගතයේ කුමන හෝ පුද්ගලයන් මෙවැනි ත්‍රස්ත ක්‍රියා හෝ එවැනි මතවාදය සඳහා යොමු වන්නේද යන්න අඛණ්ඩව සොයා බැලීමත් මෙම විමර්ශනයේ අරමුණක් වනවා.

    කිසියම් හේතු මත කිසියම් දිනෙකදී එම විමර්ශන අවසන් බවට තීරණය කළහොත් ඉන් සිදුවන්නේ පෙර සිදු වූ අඩුපාඩු නැවත ඇති විය හැකි තත්ත්වයක් උදා වී අන්තවාදී මත දරණ ත්‍රස්තවාදී කොටස් බිහි වීමට ඉඩ තිබීමයි. එබැවින් මෙයට අදාළ අපරාධ හා බුද්ධි විමර්ශන අඛණ්ඩවම ඉදිරියට පත්වාගෙන යා යුතු වෙනවා.

    වර්ථමාන සමාජයේ විවිධ පුද්ගලයන් නොයෙකුත් මාධ්‍ය මගින් පාස්කු ප්‍රහාරය සම්බන්ධ සිද්ධියට හා එයට අදාළව විමර්ශන සම්බන්ධව විවිධ මත ඉදිරිපත් කිරීමක් සිදු කරනවා.

    උදාහරණ වශයෙන් පෙන්වා දෙන්නේ නම්, යම් කාලසීමාවක් තුළ විමර්ශන අවසන් විය යුතු බවට සහ ඔවුන් නම් කරන තැනැත්තන් හෝ කණ්ඩායම් මෙම අපරාධ සැලසුම් කළ, මෙහෙය වූ හෝ සිදුකළ බවට විවිධ මත හා සමීක්‍ෂණ ප්‍රතිඵල මගින් ඉදිරිපත් කරනවා. එසේම ඔවුන් පෙන්වාදෙන කාලසීමාවන් වලදී මෙම ප්‍රහාරයන් සිදු කළ බවට ද විවිධ තර්ක ඉදිරිපත් කරනවා.

    විමර්ශන කණ්ඩායම් වල එක් ක්‍රමවේදයක් වූයේ තම අවධානයට ලක් නොවූ කරුණු බොහොමයක් ඇති බව උපකල්පනය කරමින් විවෘත මනසකින් යුක්තව විමර්ශන කටයුතු සිදු කිරීමයි. ඒ අනුව සමාජයේ විවිධ පාර්ශවයන් ඇති කළ මත හෝ තර්ක සත්‍ය බවට තහවුරු වනතෙක් හෝ ඒවා සත්‍යයෙන් තොර හෝ පදනමකින් තොර හුදු ප්‍රකාශ බවට ඔප්පු වනතෙක් එම කරුණු සම්බන්ධයෙන් ද විමර්ශනය කරනු ලැබූ බවත් ප්‍රකාශ කිරීමට කැමතියි.

    තව ද මේ දක්වා විවිධ පාර්ශව විසින් සිදුකර තිබෙන ප්‍රකාශ හා මත වල අඩංගු කරුණු ගැඹුරින් විමර්ශනයට ලක්කර ඇති නමුත් ඒ සියලු ප්‍රකාශ, මත හා තර්කයන් සත්‍යයෙන් තොර හා පදනමකින් තොර හුදු ප්‍රකාශ පමණක් බවට තහවුරු වුනා.

    ලංකාවේ පවත්නා නීතිය අනුව හුදු මතයක් අධිකරණය වෙත ගෙන ඒමට හැකියාවක් නැහැ. ඒ පිළිබඳව විමර්ශන සිදුකළ යුතු අතර, කරුණු සහිතව අධිකරණය ඉදිරියේ පිළිගත හැකි සාක්‍ෂි මගින් සාධාරණ සැකයෙන් ඔබ්බට එය ඔප්පු කිරීම අවශ්‍ය වෙනවා. එබැවින් මෙවැනි මත හෝ තර්ක ඉදිරිපත් කරන අයවලුන්ට මා කියා සිටින්නේ, අධිකරණයේ නීති කෘත්‍යයක් පවත්වාගෙන යාම සඳහා අදාළ කරගත හැකි කරුණු පමණක් ඉදිරිපත් කරන ලෙසත්, පුද්ගලික ප්‍රසිද්ධියක් හෝ තාවකාලික ජනප්‍රියත්වයක් ලබා ගැනීම සඳහා මෙවැනි හිස්, පදනම් විරහිත මත හා තර්ක ඉදිරිපත් නොකරන ලෙසයි.

    පොලිසිය විසින් සිදුකරන විමර්ශන පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රතිපාදන අනුව අදහස් ප්‍රකාශ කිරීමට මහජනයාට තිබෙන අයිතියට ගරු කරන අතර, එවැනි අදහස් විවේචනයට ලක් කිරීමට හෝ එම අදහස් හෑල්ලුවට ලක් කිරීමට අප කිසි විටෙකත් ක්‍රියා කරන්නේ නැහැ.

    එසේ වුවද විමර්ශන අවසන් කිරීමෙන් පසු නීතිපති තුමා විසින් අධිකරණයේ අධි චෝදනා ගොනු කිරීමෙන් පසු එම නඩුවලට අගතියක් විය හැකි ආකාරයෙන් පදනම් විරහිතව සිදුකරන මතයන් හෝ ප්‍රකාශ සම්බන්ධව නීතිමය පියවර ගැනීමට සිදුවීමේ අවදානමක් ඇති විය හැකි බව මෙවන් පිරිස් වල සැලකිල්ලට යොමු කිරීමට කැමතියි.

    එබැවින් මෙම පාස්කු ප්‍රහාරය හා එයට සම්බන්ධ සිද්ධි මාලාවට අදාළව යම් අදහසක් ප්‍රකාශ කරන පුද්ගලයෙක් සතුව එය තහවුරු කළ හැකි කරුණු තිබෙනවා නම්, එම සිද්ධිය සම්බන්ධයෙන් නඩු පැවරීමට ප්‍රථම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ එම තොරතුරු ඉදිරිපත් කරන ලෙසට හෝ එසේත් නැතිනම් එම කරුණු දන්නා තැනැත්තන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර හෝ එම කරුණු ඉදිරිපත් කරන ලෙසට පොලිස්පති වශයෙන් විවෘත ආරාධනයක් කිරීමට ද මා මෙය අවස්ථාවක් කර ගනු ලබනවා.

    මෙම සියලු විමර්ශන නීතිපති දෙපාර්තමේන්තුවේ පරීක්‍ෂාවට සහ උපදෙස්වලට යටත්ව සිදුවන බව මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන අතර, නිරන්තරයෙන් නීතිපති උපදෙස් ලබා ගැනීම මෙන්ම, සිදු කරන විමර්ශන පිළිබඳ ප්‍රගතිය වරින් වර අදාළ මහේස්ත්‍රාත් අධිකරණ වෙත වාර්තා කිරීම ද සිදු කරන බව ප්‍රකාශ කිරීමට කැමතියි.

    මුල් කාලීනව මෙම පාස්කු ප්‍රහාරයට අදාළව සිදුකළ විමර්ශන වල ඇතැම් පරිපාලන අඩුපාඩු සහ විමර්ශන දුර්වලතා තිබී ඇති බව පෙනී යනවා. විවිධ පරිපාලන ධූරයන්ට පත් වූ නිලධරයන් එම ධූරයෙන් බලාපොරොත්තු වූ කාර්යයන් අමතක කර, වගකීම් විරහිතව කටයුතු කිරීමත්, ඇතැම් නිලධරයන් විමර්ශන සම්බන්ධව පරිනත බවට තමා විසින් අධි තක්සේරු කර ගනිමින්, තමන් විසින් ආරූඨ කර ගත් ප්‍රතිරූපයන් ආරක්‍ෂා කර ගැනීමේ අරමුණෙන් විමර්ශන ගැඹුරින් සිදු නොකර කෙටි කාලයකදී විසඳා අවසන් කළ බවට ප්‍රසිද්ධියක් ලබා ගැනීමට උත්සුකවීම, මෙම පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු විමර්ශන වලට අගතිදායී ලෙස බලපා තිබුනා.

    පාස්කු ප්‍රහාරයට අදාළව වගකිව යුතු එවන් නිලධරයන් සම්බන්ධයෙන් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභා වාර්තාව ගරු නීතිපති තුමා වෙත යොමු කර තිබෙනවා.

    විවිධ පාර්ශවයන් මගින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ නගන දෝෂ දර්ශන, මතයන් හෝ සමාජ සමීක්‍ෂණ මගින් හෝ කාලසීමාවන් පැනවීම මගින් හෝ ඔවුන් බලාපොරොත්තු වන හෝ පෙන්වා දෙන කරුණු තහවුරු කර ගැනීමක් සඳහා වර්ථමානයේ මෙම විමර්ශන කණ්ඩායම් මෙහෙයවීම හෝ යොදා ගැනීමක් ද සිදු නොකරන බව අවධාරණය කරමි.

    මෙවැනි අන්දමේ කුමන පීඩාකාරී තත්ත්වයන් යටතේ වුවද විමර්ශන කණ්ඩායම් තම වෘත්තීමයභාවය ඉතා උසස් ලෙස පවත්වාගෙන යමින් ශක්තිමත් නීති කෘත්‍යයක් පවත්වාගෙන යාම සඳහා විමර්ශන කටයුතු අඛණ්ඩව සිදු කරන බව ද සඳහන් කරමි.

    දළඳා මාළිගාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධව විමර්ශන කටයුතු පවත්වා අවසන් කර නඩු පැවරීම සඳහා වසර 04 ක කාලයකුත්, අකුරැස්ස – ගොඩපිටිය ජුම්මා පල්ලියේ පැවති උත්සවයකට මරාගෙන මැරෙන ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධව විමර්ශන කටයුතු පවත්වා අවසන් කර නඩු පැවරීම සඳහා වසර 07 ක කාලයකුත් ගත වුනා.

    එම විමර්ශන සඳහා කිසිදු බාහිර පාර්ශවයක් කාලසීමාවන් පෙන්වා දෙමින් විමර්ශන කටයුතු සඳහා කිසිදු බලපෑමක් සිදු නොකළ අතර, විමර්ශන කණ්ඩායම් තම වෘත්තීමයභාවය මත එම විමර්ශන කටයුතු ඉතා සාර්ථකව සිදුකර අධිකරණය ඉදිරියේ සැකකරුවන් වරදකරුවන් බවට පත් කිරීමේ ක්‍රියාවලියට දායක වුනා.

    එසේ ම ලෝකයේ විවිධ රටවල් වලට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමට සහ නඩු පැවරීමට කොපමණ කාලයක් ගත වී තිබේ දැයි අන්තර්ජාලය පරිශීලනය කර ඕනෑම අයෙකුට අවබෝධ කර ගත හැකි බව ද ප්‍රකාශ කර සිටිමි.

    මෙම පාස්කු ප්‍රහාරයට අදාළව වසර දෙකක් වැනි කාලයක් තුළ අධිචෝදනා 11 ක් ගොනු කිරීමට හැකියාව ලැබීම තුලින් මෙම විමර්ශන කණ්ඩායම්වල වෘත්තීමයභාවයත්, විමර්ශන වල සාර්ථකත්වයත් පිළිබඳව ඔබට අදහසක් ලබා ගත හැකි යැයි මා විශ්වාස කරනවා.

    මා අසා තිබෙනවා, කතෝලික භක්තිකයන් අනුගමනය කරන ප්‍රධාන එක් ප්‍රතිපත්තියක් සම්බන්ධව. එනම්, “නුඹේ එක් කම්මුලකට ගසන්නාට අනිකත් හරවාපන්න ; නුඹේ උතුරුසළුව උදුරා ගන්නාගෙන් අඳනා රෙද්දත් වලක්වා නොගන්න”.

    එසේ නම් මෙවැනි ත්‍රස්ත ප්‍රහාරයකට හසු වී ඝාතනයට ලක් වූ තම ඥාති මිත්‍රාදීන් වෙත ඒ සම්බන්ධයෙන් කුමන ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු ද යන්න පිළිබඳව කතෝලික ජනතාව වෙත ප්‍රශ්නකාරී තත්ත්වයක් පැන නැගිය හැකි වුවත්, නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් වශයෙන් රටේ පවතින නීති පද්ධතියට අනුව අප ක්‍රියා කරන බවත්, මෙම මිලේච්ඡ අපරාධය සිදුකළ හා ආධාර අනුබල දුන් සියලු තැනැත්තන් අධිකරණයෙන් වැරදිකරු වී දඬුවම් ලැබීම අපගේ ද අපේක්‍ෂාව බවත් මේ අවස්ථාවේ දී පෙන්වාදීමට කැමතියි.

    පොලිස්පති වශයෙන් මා කියා සිටින්නේ මෙම මිලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ පවත්නා අපරාධ නීති පද්ධතියට අනුව එම වරද හෝ වැරදි සිදුකළ, සහාය දුන්, අනුබල දුන්, කුමන්ත්‍රණය කළ, පහසුකම් සැලසූ සියලු පුද්ගලයන්ගේ තරාතිරම නොබලා, ඔවුන් සියලු දෙනාට එරෙහිව නීතිය පසිඳලීම සඳහා ශක්තිමත් නීති කෘත්‍යයක් පවත්වාගෙන යාමට අවශ්‍ය අංග සම්පූර්ණ විමර්ශනයක් අවම කාලයක් තුළ ශ්‍රී ලංකා පොලිසිය විසින් ඉටු කළ යුතු අතර, එය අපගේ කාර්යයක් හා වගකීමක් වනවා.

    එය එසේ සිදු කිරීමෙන් පමණක් මිය ගිය අයවලුන්ට ශාන්තියත්, ජීවත්ව සිටින වින්දිත පාර්ශවයන්ට යුක්තියත් ඉටු වන බව මා විශ්වාස කරනවා.

    තව ද මෙම විමර්ශන සඳහා මා වෙත හෝ මාගේ විමර්ශන කණ්ඩායම් වෙත කිසිදු බාහිර බලපෑමක් සිදුවී නොමැති බවත්, එවැනි බලපෑමක් සිදු කිරීම සඳහා මා විසින් ඉඩ නොදෙන බවත්, කිසිදු බලපෑමකට මා හෝ විමර්ශන කණ්ඩායම් යටත් නොවන බවත්, විශ්වාසයෙන් යුතුව ප්‍රකාශ කිරීමට කැමතියි.

    එබැවින් මෙම විමර්ශන කටයුතු වල අවසානයේදී පාස්කු ප්‍රහාරය හා එයට සම්බන්ධ සිද්ධි මාලාවට ඍජුව හෝ වක්‍රව සම්බන්ධ වූ, එසේම ඒ සඳහා ආධාර අනුබල දුන්, සහාය දුන් හා පෙළඹවීම් සිදුකළ සෑම දෙනාටම එරෙහිව ගරු අධිකරණය හරහා නීතිය පසිඳලමින් සාධාරණත්වය අවම කාලයක් තුල ඉටු කිරීමට අවශ්‍ය සියලු විමර්ශන සහ එයට අදාළ අනෙකුත් කර්තව්‍යයන් ශ්‍රී ලංකා පොලිසිය විසින් සිදුකරන බව ප්‍රකාශ කර සිටිනවා.

  • දියවැඩියාව ගැන නව තොරතුරු: ප්‍රතිකාර වෙනස් වේද?

    දියවැඩියාව ගැන නව තොරතුරු: ප්‍රතිකාර වෙනස් වේද?

    දියවැඩියාව යනු රෝග පහක එකතුවක් බවත් එම එක් එක් රෝගය සඳහා වෙන වෙනම ප්‍රතිකාර සැකසිය හැකිවනු ඇති බවත් විද්‍යාඥයින් පිරිසක් පවසති.

    දියවැඩියාව නොඑසේ නම් රුධිරයේ පාලනය කළ නොහැකි සීනි ප්‍රමාණය ඉහළ යාම සාමාන්‍යයෙන් ටයිප් 1 (type 1) සහ ටයිප් 2 (type 2) යනුවෙන් කොටස් දෙකකින් යුක්තය.

    නමුත්, රෝගයේ වඩා සංකීර්ණ තත්ත්වය තමන් විසින් සොයාගන්නා ලද බැවින් පුද්ගලබද්ධව දියවැඩියාවට ප්‍රතිකාර කළ හැකි සමයක් උදාවනු ඇතැයි ස්වීඩනයේ හා ෆින්ලන්තයේ පර්යේෂකයින් කණ්ඩායම පවසති.

    විශේෂඥයින් පෙන්වාදෙන්නේ අනාගත දියවැඩියා ප්‍රතිකාර සම්බන්ධයෙන් මෙම අධ්‍යයනය වැදගත් පණිවිඩයක් දෙන නමුත් දැනට කෙරෙන ප්‍රතිකාරවලට ඉතා ඉක්මණින් වෙනස්කම් නොකෙරෙනු ඇති බවය.

    ලොව පුරා සෑම වැඩිහිටියන් එකොළොස් දෙනෙකුගෙන් එක් අයෙකු පමණ දියවැඩියාවේ බලපෑමට ලක්වී ඇති අතර, හෘදයාබාධ, ආඝාතය, අන්ධභාවය, වකුගඩු අක්‍රියවීම් මෙන්ම පාද ඉවත්කිරීමේ අවදානම ඉහළ යාමට එම රෝගය හේතු වේ.

    Type 1 දියවැඩියාව යනු ප්‍රතිශක්තිකරණ පද්ධතියේ රෝගයකි. එය ශරීරයේ ‘ඉන්සියුලින්’ නිෂ්පාදනාගාරවලට (බීටා සෛල) දරුණු ලෙස පහර දෙන අතර එමගින් රුධිරයේ සීනි මට්ටම පාලනය සඳහා ප්‍රමාණවත් හෝමෝන නොමැති වේ.

    2012 වසරේ දියවැඩියාව නිසා මරණයට පත් ජන සංඛ්‍යාව මිලියන 1.5 ක් විය
    2012 වසරේ දියවැඩියාව නිසා මරණයට පත් ජන සංඛ්‍යාව මිලියන 1.5 ක් විය

    Type 2 දියවැඩියාව බහුලවම දුර්වල ජීවන රටාව නිසා ඇතිවන රෝගයක් ලෙස දකින්නට ලැබෙන්නේ ‘ඉන්සියුලින්’ ක්‍රියාකාරීත්වය කෙරෙහි සිරුරේ මේදය බලපාන බැවිනි.

    මෙම පර්යේෂණයේ යෙදුන ස්වීඩනයේ ‘ලන්ඩ්’ සරසවියට අයත් දියවැඩියා මධ්‍යස්ථානයේ හා ෆින්ලන්තයේ අණුක වෛද්‍ය ආයතනයේ විද්‍යාඥයින් පිරිස රෝගීන් 14,775 කෙරෙහි අවධානය යොමු කළ අතර ඔවුන්ගේ රුධිරය සම්බන්ධයෙන් සවිස්තරාත්මක විශ්ලේෂණ ද ඊට ඇතුළත් කර ගත්හ.

    ‘ද ලැන්සෙට් ඩයබිටිස් ඇන්ඩ් එන්ඩෝක්‍රිනෝලොජි’ හි (The Lancet Diabetes and Endocrinology) පළකෙරුණු ප්‍රථිඵලවලින් පෙන්වන්නේ විශේෂ වූ සමූහ පහකට රෝගීන් වෙන්කළ හැකි බවය.

    • සමූහය – පුළුල්ව දකින්නට ඇති type 1වර්ගය හා සමාන බරපතල ස්වප්‍රතිශක්තිකරණ දියවැඩියාව – පුද්ගලයින් තරුණ, සෞඛ්‍යසම්පන්න බැවින් යුක්ත යැයි පෙනෙන කාලයේදී ඊට ගොදුරු වෙන අතර ප්‍රතිශක්තිකරණ පද්ධතියට බලපාන එම රෝගයෙන් ‘ඉන්සියුලින්’ නිපදවීමට නොහැකි වේ.
    • සමූහය – බරපතල ‘ඉන්සියුලින්’ ඌනතා දියවැඩියා රෝගීන් මුලිකවම 1 සමූහයේ අයට අතිශයින්ම සමාන බව පෙනිණි. – ඔවුන් තරුණ වගේම යහපත් බරකින් යුක්තවුවත් ‘ඉන්සියුලින්’ නිපදවීමේ අරගලයක යෙදී සිටිති. නමුත් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ වරදක් නොවේ.
    • සමූහය – බරපතල ඉන්සියුලින් ප්‍රතිරෝධක රෝගීන් සාමාන්‍යයෙන් බරින් වැඩි අය අතර ඉන්සියුලින් නිපදවුවත් ඔවුන්ගේ ශරීර තවදුරටත් ඊට ප්‍රතිචාර නොදක්වයි.
    • සමූහය – සුළු ස්ථුලතා ආශ්‍රිත දියවැඩියාව ප්‍රධාන වශයෙන්ම අධික බරින් යුතු පුද්ගලයින් වෙතින් දකින්නට ලැබෙන නමුත් පරිවෘත්තීය ක්‍රියාවලිය අතින් 3 සමූහයේ සිටින පුද්ගලයින්ට වඩා අතිශයින්ම සාමාන්‍ය තත්ත්වයට සමීපය.
    • සමූහය – සුළු වයස ආශ්‍රිත දියවැඩියා රෝගීන් අනෙකුත් සමූහයන්ට වඩා විශේෂයෙන්ම වයසින් වැඩිවනවිට ඔවුන් රෝග ලක්ෂණ පහළ කළද ඔවුන්ගේ රෝගය සුළු බව පෙනෙන්නට තිබේ.
    දියවැඩියා රෝගීන් මධ්‍යසාර පාවිච්චිය සීමාකළ යුතු බවට වෛද්‍යවරු උපදෙස් දෙති
    දියවැඩියා රෝගීන් මධ්‍යසාර පාවිච්චිය සීමාකළ යුතු බවට වෛද්‍යවරු උපදෙස් දෙති

    බීබීසී සමග අදහස් පළකළ එක් පර්යේෂකයකු වන මහාචාර්ය ලීෆ් ගෘප්. “මෙය අතිශයින්ම වැදගත්. නිවැරදිම ඖෂධ කරා යන ගමනේ සැබෑ පියවරක් අප තබනවා ” යැයි පැවසීය.

    “සැබෑ තත්ත්වය තුළදී, මෙය රෝග විනිශ්චයට යොදා ගැනෙන අතරම වඩා හොඳ ප්‍රතිකාර ඉලක්ක කෙරෙනවා” යැයි ද ඔහු සඳහන් කළේය.

    සුළු තත්ත්වයේ සමූහ දෙකට වඩා බරපතල ලෙස දැක්වූ සමුහ තුනට ප්‍රතිකාර කිරීම වඩා කඩිනමින් සිදු කළ යුතු බව ඔහු පෙන්වා දෙයි.

    2 වෙනි සමූහයේ දැක්වෙන රෝගීන්ට ස්වප්‍රතිශක්තිකරණ රෝගයක් නොවන බැවින් වර්තමානයේ ඔවුන්ව හැඳින්වෙන්නේ type 2 ලෙසිනි.

    කෙසේනමුත්, අධික ස්ථුලතාවකට වඩා ඔවුන්ගේ සිරුරේ බීටා සෛලවල ඇති දෝෂයක් ඔවුන්ට එම රෝගය වැළඳීමට හේතුවිය හැකියැයි අධ්‍යයනයෙන් පෙන්නුම් කෙරේ.

    එසේම ඇතැම්විට ඔවුන්ට කෙරෙන ප්‍රතිකාර වර්තමානයේ type 1 ලෙස හැඳින්වෙන රෝගීන්ට කෙරෙන ප්‍රතිකාරවලට වඩා සමීපය.

    2 වෙනි සමූහය අන්ධභාවය පිළිබඳ ඉහළ අවදානමක් පෙන්වූ අතර 3 වෙනි සමූහය වකුගඩු රෝග පිළිබඳ ඉතා ඉහළ අවදානමක් පෙන්වා තිබුණි. ඇතැම් සමූහවලට ඉතා ඉහළ පරීක්ෂාවල වාසිය ලබාගත හැකිය.

    වඩා හොඳ වර්ගීකරණයක්

    Type 1 සහ type 2 යනු “ඉතා නිවැරදි ම වර්ගීකරණයක් නොවන බව” බොහෝ විශේෂඥයන් දැන සිටි බව ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ්හි විශේෂඥ මෙන්ම සායනික විද්‍යාඥ ආචාර්ය වික්ටෝරියා සලෙම් පැවසුවාය.

    රසකාරක ආහාර සහ පැණිබීම දියවැඩියා රෝගීන්ට සුදුසු නැත
    රසකාරක ආහාර සහ පැණිබීම දියවැඩියා රෝගීන්ට සුදුසු නැත

    බීබීසී වෙත අදහස් දැක්වූ ඇය පෙන්වාදුන්නේ “නිසැකයෙන්ම මෙය, රෝගයක් ලෙස දියවැඩියාව ගැන අප හිතන්නේ කෙසේද යන්න පිළිබඳ අනාගතයයි” යනුවෙනි.

    නමුත් ඇය සඳහන් කරන්නේ මේ අධ්‍යයනය නිසා වර්තමාන භාවිතයේ වෙනසක් නොවන බවය.

    අදාළ පර්යේෂණය ස්කැන්ඩිනේවියානුවන් පමණක් ආශ්‍රයෙන් කෙරුනද, දකුණු ආසියාවේ වැඩි වී ඇති අවදානම වැනි ලොව වටා දියවැඩියා අවදානම වෙනස් තත්ත්වයෙන් යුතු වේ.

    “තවමත් විශාල වශයෙන් නොදන්නා ප්‍රමාණයක් ඉන්නවා. ජානමය හා අදාළ ප්‍රදේශවල පාරිසරික බලපෑම් අනුව ලොව පුරා උප කණ්ඩායම් 500ක් පමණ ඉන්නට පුළුවන්” යැයි ආචාර්ය සලෙම් කියා සිටියාය.

    “ඔවුන්ගේ විශ්ලේෂණයට සමූහ පහක් ඇතුළත්. නමුත් එය වැඩිවෙන්න පුළුවන්.”

    වොරික් වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්ය සුදේශ් කුමාර් පවසන්නේ “පැහැදිලිවම මේක පළමු පියවරයි” යනුවෙනි.

    “මේ කණ්ඩායම්වලට වෙනස් ආකාරයෙන් ප්‍රතිකාර කළොත් වඩා හොඳ ප්‍රතිඵල ගෙන ඒවිදැයි අපට දැනගන්නට අවශ්‍යයි”

    දියවැඩියාවෙන් බේරීමට ශාරීරික ව්‍යායාමයන්හි නිරතවීම වැදගත් වෙයි
    දියවැඩියාවෙන් බේරීමට ශාරීරික ව්‍යායාමයන්හි නිරතවීම වැදගත් වෙයි

    ඩයබිටිස් යූකේ (Diabetes UK) සංවිධානයේ වෛද්‍ය එමිලි බර්න්ස් පවසන්නේ රෝගය හොඳින් අවබෝධ කරගැනීම “පුද්ගලබද්ධ ප්‍රතිකාර සඳහා මෙන්ම අනාගතයේදී දියවැඩියාව ආශ්‍රිත සංකීර්ණතා පිළිබඳ අවදානම අඩුකර ගැනීමට” සහය විය හැකි බවය.

    “type 2 දියවැඩියාව තවත් සවිස්තරාත්මකව ඛන්ඩනය කිරීමේ සාර්ථක ඉදිරි පියවරක් මේ පර්යේෂණයෙන් අරගෙන තිබෙනවා. නමුත් මේ තත්ත්වයන් පුද්ගලයන්ගේ ජීවිතයට බලපාන්නේ කෙසේද යන්න ගැන අවබෝධ කරගැනීමට පෙර මේ උප වර්ගයන් ගැන වැඩිදුරටත් අප දැන ගැනීමට අවශ්‍යයි” යැයි ද ඇය පැවසුවාය.

    (බීබීසී නිව්ස්හි, ‘සෞඛ්‍ය සහ විද්‍යාව’ පිළිබඳ වාර්තාකරු ජේම්ස් ගැලගර් සකස් කළ වාර්තාවක් ඇසුරිනි)

  • ත්‍රස්තයින්ගේ සිරදඬුවම් ගැන නිර්දේශ ඉදිරිපත් කිරීමට උපදේශක මණ්ඩලයක්

    ත්‍රස්තයින්ගේ සිරදඬුවම් ගැන නිර්දේශ ඉදිරිපත් කිරීමට උපදේශක මණ්ඩලයක්

    1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළක්වීමේ පනතේ 13 වන වගන්තිය අනුවජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  විසින් උපදේශක මණ්ඩලයක් පත් කර ඇතැයි ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ හරිගුප්ත රෝහණධීර මහතා පවසයි.

    හිටපු අගවිනිසුරු අශෝක ද සිල්වා මහතාගේ සභාපතිත්ව‍යෙන් යුත්  මෙම උපදේශක මණ්ඩලයේ  සෙසු සාමාජිකයන් ලෙස විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ඒ. ඒ. ආර් හෙයියන්තුඩුව සහ විශ්‍රාමලත් සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් යන මහත්වරු පත් කර සිටිති.

    ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් සිරදඬුවම් විදින සහ රැඳවුම් නියෝග මත අත්අඩංගුවේ පසුවන පුද්ගලයන් පිළිබඳව සොයා බැලීම, නිදහස් කිරීම, ඇප ලබාදීම ඇතුළු ඉදිරි තීරණ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට නිර්දේශ සහ උපදෙස් ලබාදීම මෙම මණ්ඩලයෙන් අපේක්ෂා කෙරේ.

    දීර්ඝ කාලයක සිට උපදේශක මණ්ඩලයක් පත් කර නොතිබීම හේතුවෙන් මෙතෙක් සිරගතව සිටින පිරිසට තමන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරිමට අවස්ථාවක් නොතිබිණ. මෙම උපදේශක මණ්ඩලය පත් කිරීමත් සමග එම සිරකරුවන්ට ඔවුන්ට ඇති ගැටලු ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමිවන බව හරිගුප්ත රෝහනධීර මහතා පවසයි.

  • තෙතමනය ‘ඔබේ සමට බලපාන ආකාරය‘ සහ එය සමඟ කටයුතු කිරීමට උපදෙස්

    තෙතමනය ‘ඔබේ සමට බලපාන ආකාරය‘ සහ එය සමඟ කටයුතු කිරීමට උපදෙස්

    වෙනත් ස්ථානයකට ගිය පසු ඔබ ඔබේ සමේ වෙනසක් දැක තිබේද? නැත්නම්, සමහර විට, නව ඍතුවක් (ලංකාවේ ඍතු භේදයක් නැති නමුත් කැපී පෙනන ලෙස වර්ෂා සහ වියළි කාලයක් ඇත) ආරම්භයේදී ? මෙයට මූලික හේතුව ආර්ද්‍රතා මට්ටම් වල උච්චාවචනය වීමයි. 

    රූපලාවන්‍ය විශේෂඥයෙකු වන රාඛි අහුජා පවසන්නේ “ආර්ද්‍රතාවය ඔබේ කොණ්ඩයට මෙන්ම ඔබේ සමේ සෞඛ්‍යයට ද සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකි බවයි. අධික ආර්ද්‍රතාවය දහඩිය නාල වැසීමට හේතු වන අතර ඔබේ ග්‍රන්ථි නිසියාකාරව ක්‍රියා නොකරන විට ඔබට ගැටලුවක් ඇති වේ.

    ආර්ද්‍රතා මට්ටම යනු වාතයේ ඇති ජල බිඳිති ප්‍රමාණයයි. නිරෝගී සමක් සඳහා තෙතමනය සහිත සහ වියලි සමයේ නිසි සංයෝජනයක් අවශ්‍ය වේ. අධික හෝ අඩු ආර්ද්‍රතා මට්ටම සමේ සෞඛ්‍යයට බලපායි. ඔබ ජීවත් වන්නේ ආර්ද්‍රතාවය අඩු ප්‍රදේශයක නම් ඔබේ සම වියලි හා රළු වන අතර අධික ආර්ද්‍රතාවය සහිත ප්‍රදේශයක ඔබ ජීවත් වන්නේ නම් ඔබේ සම කුරුලෑ සහ කුෂ්ඨ රෝග වලට ගොදුරු වේ.

    ආර්ද්‍රතාවය ඉහළ මට්ටමක පවතින විට කුමක් සිදුවේ ද ?

    සම

    ග්‍රීෂ්ම කාලය දරාගත නොහැකි ලෙස උණුසුම් වන අතර, පරිසරය අධික ආර්ද්‍රතාවයකින් යුක්ත වන විට, මධ්‍යස්ථ උෂ්ණත්වයක් පවා දරුණු ලෙස දැනෙන බව ඔබ දැක ඇති. අහුජා පවසන්නේ, “උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය වැඩි වන විට ඔබට සැලකිය යුතු ලෙස දහඩිය දමයි. අධික තාපය හේතුවෙන් දහඩිය වාෂ්ප වී තෙතමනය ඔබේ සම මත රැඳී ඇති අතර එමඟින් ඔබේ තත්වය වඩාත් නරක අතට හැරේ. තාප ආඝාතය අධික ආර්ද්‍රතාවයේ සාමාන්‍ය ප්‍රතිඵලයක් වන අතර, එය සම රතු පැහැයට හැරීම, කැසීම සහ කුරුලෑ ඇතිවීම වැනි සමේ ගැටලු රාශියක් ගෙන එයි. දහඩිය දැමීම ඔබේ සමේ සිදුරු කුපිත කරන අතර එමඟින් ඔබේ සම මත අපහසු කුරුලෑ ඇති වේ. ”

    විසඳුම

    සම

    ඔබේ සමට වන විනාශය ඇති කරන ආර්ද්‍රතාවය වළක්වා ගන්නේ කෙසේද!

    ඔබේ මුහුණ සෝදන්න – ආර්ද්‍රතාවය දහඩිය දැමීමට හේතු වන අතර දහඩියෙහි අපිරිසිදු හා අපද්‍රව්‍ය අඩංගු වේ. ඊට අමතරව, ඔබේ සමට අනුගත වන දහඩිය තුළින් ඔබේ ශරීරය ලුණු පිට කරයි. මේ සියලු සාධක නිසා සමේ සිදුරු අවහිර වී පිපිරීම් ඇති විය හැක. එහි ප්‍රතිඵලයක් වශයෙන් නිතර මුහුණ පිරිසිදු කිරීම ඉතා වැදගත් වේ. අධික ලෙස පිරිසිදු කිරීමෙන් ඔබේ සම වියැළීමට හේතු විය හැකි බවට අහුජා අනතුරු අඟවයි. ඔබේ මුහුණ පිරිසිදු කිරීම සඳහා සීතල වතුර සහ සැහැල්ලු ෆේස් වොෂ් භාවිතා කිරීමට ඇය යෝජනා කරයි.

    සතිපතා මුහුණු ආවරණ – වර්ෂා කාලයේදී ඔබේ සමෙහි තෙල්, සුන්බුන් සහ දූෂක වැඩි ප්‍රමාණයක් එකතු වේ. මුහුණ සේදීම පමණක් ප්‍රමාණවත් නොවේ; සමේ ස්වාභාවික සෞඛ්‍යය හා තෙල් සමතුලිතතාවය යථා තත්ත්වයට පත් කිරීම සඳහා පහත දක්වා ඇති මූලික පියවරයන්ගෙන් සමන්විත සතිපතා මුහුණු ආවරණයක් ද ඔබ නිවසේදී කළ යුතුය.

    සම

    අහුජා යෝජනා කරන්නේ මෙම පියවරයන් අනුගමනය කිරීමෙන් ඔබේ සම පැහැපත් කර ගැනීමට සතියකට විනාඩි 30 ක් වෙන් කරන ලෙසයි:

    පිරිසිදු කිරීම –Cleansing: යහපත් මුහුණු පිරිසිදු කිරීමකින් ඔබේ මුහුණ හොඳින් පිරිසිදු කිරීමෙන් පටන් ගන්න.

    මැරුණු සම ඉවත් කිරීම – Exfoliation:  ඔබේ සම රැකබලා ගැනීම සදහා ඔබ සතුව හොඳ ස්ක්‍රබ් එකක් ද තිබිය යුතුය. ඔබ සතුව එවැනි දෙයක් නොමැති නම්, අඩක් කපා ගත් ලෙමන් සහ සීනි භාවිතා කර ඔබේ මුහුණ සෝදා හරින්න.

    මුහුණේ සම්බාහනය – Face Massage: රවුමට කරනු ලබන මෘදු සම්භාහනයක් සමග ඔලිව් තෙල් ඔබේ මුහුණේ ආලේප කරන්න. මෙය සමේ රුධිර සංසරණය වැඩි දියුණු කරන අතර ස්වාභාවික දීප්තියක් ලබා දෙයි.

    ෆේස් පැක් –Face Pack:  විශිෂ්ටතම ෆේස් පැක් නම් පලතුරු පල්ප් ය. කෙසෙල් මුහුණු ආවරණයක්, අලිගැට පේර ආවරණයක් හෝ පැපොල් මුහුණු ආවරණයක් හැකි නම් උත්සාහ කර බලන්න. පොඩි කළ පලතුරු මුහුණේ ආලේප කරන්න, පසුව විනාඩි 15-20 පසු සෝදා හරින්න

    මොයිස්චරයිස් Moisturise: අවසාන පියවර නම් ඔබේ මුහුණේ මොයිස්චරයිසර් යෙදීමයි. ජලය මත පදනම් වූ මොයිස්චරයිසර් සමට මෘදුයි.

    සම

    කුරුලෑ වැළැක්වීම – ඔබ කුරුලෑ හා පිපිරීම් වලට ගොදුරු වේ නම්, තෙත ගතිය ඔබේ තත්වය තවත් උග්‍ර කළ හැකිය. මෙය වළක්වා ගැනීම සඳහා ඔබේ මුහුණ පිරිසිදුව තබාගෙන තෙත් පිසදැමීම් භාවිතා කර ඔබේ මුහුණේ ස්පර්ශ වන හිසකෙස් වල ඇති කුණු ඉවත් කරන්න. අහුජා තවදුරටත් පවසන්නේ “කුරුලෑ පාලනය කිරීම සඳහා තෙල් මත පදනම් වූ දියර වර්ග භාවිතා කිරීමෙන් වළකින්න සහ බෙන්සොයිල් පෙරොක්සයිඩ් (benzoyl peroxide)  හෝ සැලිසිලික් අම්ලය (salicylic acid) අඩංගු සම ආරක්ෂණ නිෂ්පාදන සඳහා යන්න.”

    Femina.in ඇසුරිණි – සැකසුම – තුෂාධවි

  • සුපිරි තරු ‘තම ගර්භනී භාවය හෙළි කළ‘ සුපිරි ඡායාරූප

    සුපිරි තරු ‘තම ගර්භනී භාවය හෙළි කළ‘ සුපිරි ඡායාරූප

    ලොව පුරා සිටින කීර්තිමත් පුද්ගලයින් වසර ගණනාවක සිට මිනිසුන්ගේ පෞද්ගලික ජීවිත වලට සුන්දර ලෙස ඉඩ සලසා දී ඇති නමුත්, අවදානමට ලක්විය හැකි කාලයක් ලෙස සැලකෙන ගර්භණී සමයේදී කාන්තාවන් සාමාන්‍යයෙන් මාධ්‍ය ඉදිරියේ පෙනී සිටීමෙන් වැළකී සිටියහ. එය අනාරක්‍ෂිත භාවයට හැඩය සහ ශරීරයේ වෙනස්කම් වලට තුඩු දිය හැකිය. 

    සමාජ මාධ්‍ය විසින් එය හොඳින් අවබෝධ කරගෙන ඇති නමුත්, කීර්තිමත් කාන්තාවන් ඔවුන්ගේ අත්දැකීම් හා ගර්භනීභාවය ඉස්මතු කර පෙන්වමින් ඉදිරියට පැමිණ ඇත. ඇත්ත වශයෙන්ම, ගර්භණී රූගත කිරීම් ශරීරයේ ධනාත්මක බව ප්‍රවර්‍ධනය කිරීමට සහ මාතෘත්වය වැලඳ ගැනීමට ප්‍රවණතාවක් වී තිබේ. කාර්ඩි බී ගේ සිට කරීනා කපුර් ඛාන් දක්වා 2021 වසර පුරාම සිදු වූයේ ඉදිරියට නෙරා එමින් තිබෙන තම කුස ආඩම්බරයෙන් මාධ්‍ය හමුවේ ප්‍රදර්ශනය කිරීමයි.

    අනුෂ්කා ශර්මා

     ළදරු

    2021 ජනවාරි මාසයේදී අනුෂ්කා ෂර්මා සහ ඇයගේ කීර්තිමත් සැමියා විරාට් කෝලි තම කුළුදුල් දියණිය වමිකා තම ජීවිතයට පිළිගත්හ. ගැබ් ගැනීම හරහා ෂර්මා නිතරම සමාජ මාධ්‍ය ඔස්සේ ඇගේ අත්දැකීම් සහ ධනාත්මකභාවය ව්‍යාප්ත කිරීමට කටයුතු කළා.

    කාඩි බී Cardi B

     ළදරු

    කිසි විටෙකත් සාමාන්‍ය දෙයක් තබා ගැනීමට කැමති නොවන කාඩි බී, බීටී සම්මාන උළෙලේදී ඇගේ ගැබ් ගැනීම නිවේදනය කළාය. එදින සිට ඇගේ ඉන්ස්ටග්‍රෑම් ගිනුම ඇගේ මාතෘත්වය පිළිබද ඡායාරූපවලින් පිරී ගියේය.

    කරීනා කපූර් ඛාන්

     ළදරු

    බෙබෝ ගැබ්ගෙන සිටියදී පවා ඇගේ අලංකාරය සමඟ සෑම විලාසිතාවක්ම කදිම බව ඔප්පු වී ඇත. 2021 පෙබරවාරි මාසයේදී ඇය සහ සායිෆ් අලි ඛාන් ඔවුන්ගේ පවුලට තවත් එකතු කිරීමක් කළහ.

    ඈෂ්ලි ග්‍රෑම්

     ළදරු

    සුපිරි නිරූපිකාව සිය දෙවන ගැබ් ගැනීම නිවේදනය කළේ සිය කුස විදහා දැක්වෙන නාටකාකාර ඡායාරූපයක් සමඟිනි. ‘‘පසුගිය වසර කුඩා විස්මයන්, විශාල ශෝකය, හුරුපුරුදු ආරම්භයන් සහ නව කථා වලින් පිරී තිබුණි. මෙම ඊළඟ පරිච්ඡේදයෙන් අපට අදහස් කරන්නේ කුමක්දැයි මම සැකසීමට හා සැමරීමට පටන් ගනිමි, ”ඇය ලිවීය.

    මාර්තා හන්ට්

     ළදරු

    බිකිනි ඇඳගත් ගැබිනි කාන්තාවන් සම්භාව්‍ය නැඹුරුවක් බවට පත්වෙමින් සිටින අතර එය ශරීරයේ ධනාත්මක බව පිළිබඳ මෘදු මතක් කිරීමක් ද වේ. මාර්තා හන්ට් මෙම කළු බිකිනිය සමග ඉතා විශ්වාසයෙන් සිටින අතර මිලියන සංඛ්‍යාත පිරිසකට එය කිරීමට බලපෑම් කරන බව නිසැකය.

    ඩියා මිර්සා

     ළදරු

    මාලදිවයිනේ මධුසමය ගත කිරීමෙන් පසු ඔබේ ගැබ් ගැනීම නිවේදනය කිරීමට වඩා හොඳ කුමක්ද ? සෑම විටම තම වටපිටාව ගැන කෘතඥපූර්වකව සොයා ගන්නා මිර්සා මෙසේ ලිවීය, “ආශීර්වාද ලැබීමට … එක් කෙනෙක් පෘථිවිය සමඟ … එක් කෙනෙක් ජීව බලය සමඟ සියල්ලේම ආරම්භය … සෑම කතාවකම. ලාලිබස්. ගීත. නව පැළ වලින් සහ බලාපොරොත්තු වල මල් පිපීම. මගේ කුස ​​තුළ ඇති මෙම පිරිසිදු සිහින වල වැදීමට ආශීර්වාද කර ඇත. ”

    ශ්‍රේයා ඝෝෂාල්

     ළදරු


    මෙම ඡායාරූපය සමඟ තම ජීවිතයේ මෙම නව පරිච්ඡේදය ප්‍රකාශයට පත් කිරීම ගැන ශ්‍රේයා ඝෝෂාල් සහ සැමියා වන ශිලාදිත්‍ය මුඛෝපාධ්‍යය මහත් සතුටට පත් වූහ.

    ක්ලාරා බෙරී

     ළදරු

    රිවර්ඩේල් හි විශ්මය ජනක තරුව වන කේජේ අපා සහ ක්ලාරා බෙරී ඔවුන්ගේ පළමු දරුවා බලාපොරොත්තුවෙන් සිටින අතර ඇගේ මාතෘ ඡායාරූප නිසැකයෙන්ම අන්තර්ජාලය තුළ වෛරස් විය. නිරූපිකාව සිය ප්‍රවෘත්තිය සමාජ මාධ්‍ය හරහා හෙළි කළ විට නළු සැමියා අදහස් දැක්වූයේ ‘ඇය ගැබ්ගෙන ඇති බවයි.

    ලීසා හේඩන්

     ළදරු

    සුපිරි නිරූපිකාවක් ලීසා හේඩන් සහ සැමියා ඩිනෝ ලාල්වානි පසුගියදා තම තුන්වන දියණිය පිළිගත්තාය. 2021 මාර්තු මාසයේදී ඇයගේ තුන්වන ගැබ් ගැනීම නිවේදනය කළ ඇය අවස්ථා කිහිපයකදීම ඇගේ ගැස්ම හෙළි කළාය.

    ගීතා බස්රා

     ළදරු

    ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක හර්බජාන් සිං සහ ඔහුගේ බිරිඳ රංගන ශිල්පී ගීතා බස්රා පසුගියදා තම දෙවන දරුවා පිළිගත්හ.

    ෆෙමිනා ඇසුරිණි – සැකසුම – තුෂාධවි

  • ඇෆ්ගන් මානුෂික අර්බුදය ගැන ඉන්දිය අගමැති සහ රුසියන් ජනපති අතර හදිසි දුරකථන සාකච්ඡාවක්

    ඇෆ්ගන් මානුෂික අර්බුදය ගැන ඉන්දිය අගමැති සහ රුසියන් ජනපති අතර හදිසි දුරකථන සාකච්ඡාවක්

    තලේබාන් පාලනය යටතේ ඇෆ්ගනිස්ථානය දැඩි මානුෂීය අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවක දුරකථන සංවාදය සිදු විය.

    ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර ඇෆ්ගනිස්ථානයේ වර්ධනය වෙමින් පවතින තත්වය පිළිබඳව දීර්ඝ දුරකථන සාකච්ඡාවක් ඊයේ (24) සිදු වූ බව indianewsntwork.com වෙබ් අඩවිය වාර්තා කරයි.

    මෙම වර්ධනය පිළිබඳව දැනුවත් කරමින් අගමැති මෝදි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මෙසේ පැවසීය: “ඇෆ්ගනිස්ථානයේ මෑත කාලීන වර්ධනයන් පිළිබඳව මගේ මිත්‍ර ජනාධිපති පුටින් සමඟ සවිස්තරාත්මක හා ප්‍රයෝජනවත් අදහස් හුවමාරු කර ගත්තා. COVID-19 ට එරෙහිව ඉන්දියාව-රුසියාව අතර සහයෝගීතාව ඇතුළු ද්විපාර්ශ්වික න්‍යාය පත්‍රය පිළිබඳව ද අපි සාකච්ඡා කළෙමු. වැදගත් කරුණු පිළිබඳව සමීප සාකච්ඡා දිගටම කරගෙන යාමට අපි එකඟ වුණා. ”

    තලේබාන් කණ්ඩායමේ හිංසනයට බිය වී ඇෆ්ගනිස්ථානයෙන් දහස් ගණන් ජනතාව පලා යමින් සිටින අතර එරට තුළ දැඩි මානුෂීය අර්බුදයක් නිර්මාණය වී ඇත. මෝදි – පුටින් දුරකථන සංවාදය සිදු වූයේ ඒ අතරතුරය.

    යුද්ධයෙන් විනාශයට පත් වූ ඇෆ්ගනිස්ථානයේ දශක ගණනාවක් තුළ පැවති නරකම තත්වය වර්තමානයේ දැක ගත හැකි අතර ගත වූ සතියක පමණ කාලය තුළ ඉන්දියාව කාබුල් නගරයෙන් 800 කට වැඩි පිරිසක් ඉවත් කර තිබේ. ඊයේ (24) ඇෆ්ගනිස්ථානයෙන් පුද්ගලයින් 78 දෙනෙකුගෙන් යුත් තවත් කණ්ඩායමක් ආපසු ගෙන එන ලදී.

    පසුගිය සඳුදා අගමැති මෝදි ජර්මන් චාන්සලර් ආචාර්ය ඇන්ජෙලා මර්කල් සමඟ දුරකථනයෙන් කතා කළේය.

    නායකයින් දෙදෙනාම ඇෆ්ගනිස්ථානයේ දිග හැරෙන ආරක්‍ෂක තත්ත්වය සහ කලාපය සහ ලෝකය කෙරෙහි එහි බලපෑම් පිළිබඳව සාකච්ඡා කළහ.

    සාමය සහ ආරක්‍ෂාව පවත්වා ගැනීමේ වැදගත්කම ඔවුන් අවධාරණය කළ අතර, ඉතාමත්ම හදිසි ප්‍රමුඛතාව වූයේ අතරමංව සිටින මිනිසුන් ආපසු ගෙන්වා ගැනීමයි.

  • ඇෆ්ගනිස්ථානයේ චීන බළල් අත් – ඉන්දියාවට තර්ජනයක් වේවිද ?

    ඇෆ්ගනිස්ථානයේ චීන බළල් අත් – ඉන්දියාවට තර්ජනයක් වේවිද ?

    අන්තවාදී තලේබාන් පාලනය යටතේ දකුණු ආසියාව, විශේෂයෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව දැඩි සේ සැලකිලිමත් විය යුතු බවට ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයින් දැඩිව අවධාරණය කර ඇත. ඔවුන්ගේ අදහස වන්නේ ඇෆ්ගනිස්ථානය යළි අන්තවාදී තලේබාන් ග්‍රහණයට නතු වීම දකුණු ආසියාවේ ඉස්ලාම් අන්තවාදය යළි උත්තේජනයට පත්කරනු ඇතැයි. විශේෂයෙන් වත්මන් තලේබාන් පාලනය පිටුපස චීනය ප්‍රමුඛ භූමිකාවක් නිරූපණය කිරීම සමග ඉන්දියාවට එහි ආතතිය දැඩිව දැනෙන බවක් ද ඒ සමග ශ්‍රී ලංකාවට ද දැඩි සේ සැලකිලිමත්වීමට සිදුවනු ඇති බවට ද අදහස් පළ වේ.

    මෙම ලිපිය මගින් අවධාරණය යොමු කෙරෙන්නේ වත්මන් තලේබාන් පාලනය තුළ ඉන්දු – පාකිස්ථාන් සාම්ප්‍රදායික විරසකය කෙරෙහි කවරාකාර බලපෑමක් සිදුකරනු ඇති ද යන්න. ලිපිය සම්පාදිත ලේඛකයා ජ්‍යෙෂ්ඨ ඉන්දිය හමුදා නිලධාරියෙක් වේ.

    යුද්ධයෙන් පීඩාවට පත් වූ ඇෆ්ගනිස්ථානය තුළ බලපෑම්කරුවෙකු ලෙස චීනය මතුවීමත් සමඟ ඉන්දු – පාකිස්ථාන් එදිරිවාදිකම් නව අදියරකට පිවිසීමට සූදානම් වන බව පෙනෙන බව indianewsnetwork.com සමග අදහස් දැක්වූ විශ්‍රාමික ඉන්දියානු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙක් පැවසීය. ඔහු පවසා සිටියේ ඇෆ්ගනිස්ථානයට ඇතුළුවීමට හිතකර පරිසරයක් නිර්මාණය කරන ලෙස චීනය පාකිස්ථනයට බලකර සිටි බවයි. 

    විශ්‍රාමික ඉන්දීය ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියා මෙසේ ද සදහන් කළේය. ‘‘2008 දී අත්සන් කරන ලද ‘මෙස් අනාක් තඹ කැණීමේ ව්‍යාපෘතිය‘ (Mes Aynak copper mining project) නැවත ආරම්භ කිරීමට චීනය උනන්දු වන බව පෙනේ. 2008දී අත්සන් කරන ලද මෙම ව්‍යාපෘතිය තලේබාන් ප්‍රහාරයන් ගැන තිබූ බිය නිසා අත්සන් තැබීමේ අදියරෙන් ඔබ්බට ගියේ නැත. නමුත් වත්මන් තත්ත්වය තුළ චීනය සිය ‘එක මාවතක්‘ යන ව්‍යාපෘතිය ඇෆ්ගනිස්ථානය තුළට තල්ලු කර එහි ඛනිජ සම්පත් සූරා කෑමට උත්සාහ කරයි.

    තලේබාන් පාලනය යටතේ ඇෆ්ගනිස්ථානයේ සංවර්ධනයේ හවුල්කරුවෙකු විය හැකි බව චීනය දැනටමත් එම සංවිධානය වෙත ප්‍රකාශ කර තිබේ. නැගෙනහිර තුර්කෙස්තාන් ඉස්ලාමීය ව්‍යාපාරය (East Turkestan Islamic Movement) නැගිටීම තලේබාන් සංවිධානය විසින් වළක්වනු ඇතැයි චීනය බලාපොරොත්තු වේ. චීනයට ඇෆ්ගනිස්ථානය තුළ සිය අපිරිසිදු අරමුණු ඉටුකර ගැනීම ආරම්භයේ සිටම කළ නොහැක්කකි. මුලදී එය පකිස්ථානයට ඇතුළුවීමට හිතකර පරිසරයක් නිර්මාණය කිරීමට සැලසුම් කරනු ඇත.

    ඇෆ්ගනිස්ථානයේ ඉන්දු-පාකිස්ථාන එදිරිවාදිකම් පකිස්ථානයට වාසිදායක ලෙස අවසන් නොවන්නට ඇත. තලේබාන් ප්‍රවේශය මත පදනම්ව නව පරිච්ඡේදයක් ආරම්භ වීමට පෙර එය විරාම ආකාරයෙන් විය හැකිය. චීනයේ ප්‍රවේශය පාකිස්ථානයට වාසිදායකද යන්න ඊට පසුව දැක ගත හැකිය.

    ඓතිහාසිකව ඇෆ්ගනිස්ථානය ඉන්දු-පාකිස්ථාන් යුද පිටියක් විය. ජාතීන් දෙකම විවිධ හේතුන් මත වුවද රටේ බලපෑම සොයමින් සිටියහ.

    ඇෆ්ගනිස්ථාන ආණ්ඩුවට ඉන්දියාව සමීප වූ සෑම අවස්ථාවකදීම පාකිස්ථානය සැලකිලිමත් වනු ඇත. පාකිස්තානය ඇෆ්ගන් නායකත්වය සාක්කුවේ තබා ගත් සෑම විටම ඉන්දියාව ඒ ගැන සැලකිලිමත් විය. මෙය නව සංසිද්ධියක් නොවන නමුත් 1950 සිට ඉන්දියාව සහ ඇෆ්ගනිස්ථානය මිත්‍රත්ව ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසු පාකිස්ථානය නොසලකා හැර ප්‍රායෝගිකව ක්‍රියාත්මක විය.

    ඇෆ්ගනිස්ථානය එහි මූලෝපායික ගැඹුර ලෙස පකිස්ථානයේ සංකල්පය පැන නැඟෙන්නේ ඉන්දියාව ඇෆ්ගනිස්තානය දෙවන පෙරමුණක් විවෘත කිරීමට ඇති බිය මෙන්ම, ඉන්දියානු ප්‍රහාරයක් උකහා ගැනීමට පාකිස්ථානයට ඉඩ සැලසීමෙන් ය. පකිස්ථානය මෑත කාලයේදී චෝදනා කළේ ඉන්දියානු රෝ සහ ඇෆ්ගන්  NDS යන රහස් සේවා දෙකම ඇෆ්ගන් භූමියේ සිට පාකිස්ථානය ඉලක්ක කර ගත් බවයි.

    ඇෆ්ගනිස්ථානයේ පිහිටි ඉන්දීය කොන්සල් කාර්යාලය පකිස්තාන විරෝධී ත්‍රස්ත කණ්ඩායම්, වන ‘තෙහ්රික් ඊ තලේබාන් පාකිස්ථාන් Tehreek-e-Taliban Pakistan – TTP) පකිස්තානය සහ බලුච් නිදහස් සටන්කාමීන්ට (Baluch freedom fighters) අරමුදල් සැපයීමට සහ සන්නද්ධ කිරීමට ඇති මාර්ග බව පාකිස්තානය කියා සිටී. පකිස්ථානු විදේශ ඇමති ෂා මහමුද් කුරේෂි ඇෆ්ගනිස්ථානයේ ටොලෝ පුවත්පත සමඟ මෑතකදී කළ සාකච්ඡාවකදී මේ බව දැඩිව අවධාරණය කළේය. ඔහු එහිදී කියා සිටියේ ඉන්දියාව ඇෆ්ගන් දේශසීමාව අනවශ්‍ය ආකාරයට භාවිතා කරනු තම නිරීක්ෂණය වන බවයි.

    බටහිර ජාතීන්ට සාපේක්ෂව ඇෆ්ගනිස්ථාන භූමියේ ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින් අඩු සංඛ්‍යාවක් සිටියද එය ඉන්දියාවට ගැටලුවක් නොවේ. කුරේෂි සහ අනෙකුත් පාකිස්තාන නායකයින් ද ඇෆ්ගනිස්ථානයේ ඉන්දියානු මැදිහත්වීම සිය නිදහසට කරුණක් ලෙස භාවිතා කර ඇත.

    ඊට සමගාමීව පකිස්ථානු මිලිටරි නායකත්වය ඇෆ්ගන් තලේබාන් සංවිධානයේ මිත්‍රයෙකු ලෙස සිටී. තලේබාන් සංවිධානය සහ  TTP එක එකම කාසියක දෙපැත්තක් බව පාකිස්තාන හමුදා ප්‍රධානී ජෙනරාල් බජ්වා පාකිස්තාන සෙනෙට් සභාවේදී ප්‍රකාශ කර තිබේ. පාකිස්තාන හමුදාව සහ රජය තලේබාන් ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් කරන ලෙස බල කළ විට ඔහු මේ ප්‍රකාශය සිදු කළේය.

    කාබුල් අත්පත් කර ගැනීමෙන් පසු තලේබාන් සංවිධානය පාකිස්තානය තමන්ට ලබා දෙන ලෙස ඉල්ලමින් සිටි ටී ටී පී සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් ඇතුළු බග්රාම් සහ කාබුල් බන්ධනාගාරයෙන් සිරකරුවන් නිදහස් කළ බව වාර්තා වේ.

    ඇෆ්ගනිස්ථානයේ ඉන්දියානු මෘදු බලය වැඩීම ගැන ද පකිස්ථානය බිය වේ. රට පුරා ව්‍යාප්ත වූ ඉන්දියානු සංවර්ධන ව්‍යාපෘති, වෛද්‍ය ආධාර, බොලිවුඩ් චිත්‍රපට, අධ්‍යාපන ශිෂ්‍යත්ව සහ ඇෆ්ගන් හමුදාව පුහුණු කිරීම ඉන්දියාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීය.

    ඇෆ්ගනිස්ථානුවන් ඉන්දියාවට ගරු කරති. පාකිස්ථාන – ඇෆ්ගන් ඩුරන්ඩ් දේශසීමා ආරවුලට අමතරව තලේබාන් සංවිධානයට සහය දීම සහ ඇෆ්ගනිස්ථානයට විසඳුමක් ලෙස ප්‍රචණ්ඩත්වය සඳහා පාකිස්ථානය සැම විටම අවිශ්වාසයෙන් සිටියහ.

    අනිත් අතට, තලේබාන් සංවිධානය බිහි වූ සහ පුහුණු කළ බිම ලෙස පාකිස්ථානය විවේචනයට හා චෝදනාවට ලක්වේ. මෙය සිදු වූයේ 1990 දශකයේ බව විශ්වාස කෙරේ. පකිස්ථානයේ ත්‍රස්තවාදී කණ්ඩායම් වන JeM සහ LeT ඇෆ්ගනිස්ථානයේ දී තලේබාන් සංවිධානය සමඟ සටන් කර ඇති අතර අනාගතයේ දී අන්‍යෝන්‍ය සහයෝගය ලබා දෙනු ඇතැයි ඉන්දියාව අපේක්ෂා කරයි.

    තලේබාන් සංවිධානය සිය භූමියේ සිට ක්‍රියාත්මක වන කිසිදු ත්‍රස්ත කණ්ඩායමකට ඉඩ නොදෙන බවට පොරොන්දු වුවද මෙය සිදු විය. අතීතයේදී පාකිස්තානය තලේබාන් සංවිධානය හෝ එහි ආධාරකරුවන් යොදවා කාබුල්හි පිහිටි ඉන්දීය කොන්සල් කාර්යාල සහ එහි තානාපති කාර්යාලය වෙත ප්‍රහාර එල්ල කළේය.

    ඇෆ්ගනිස්ථානය කිසි දිනෙක ඩුරන්ඩ් රේඛාව (Durand Line) පිළිගෙන නැති අතර පේෂාවර් එහි කොටසක් ලෙස සලකයි. එබැවින් කාබුල් සහ ඉස්ලාමාබාද්හි රජයන් අතර සබඳතා බොහෝ දුරට දුර්වල ය. එක්සත් ජාතීන් විසින් 1947 දී නිර්මාණය කළ ඩුරන්ඩ් රේඛාව හරහා ඇතුළු වීමට පාකිස්ථානය උත්සාහ කළ විට ඊට විරුද්ධ වූයේ ඇෆ්ගනිස්ථානය පමණි.

    කාබුල්හි ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී රජයක් සඳහා ඉන්දියාව ස්වාභාවික සහායකයෙක් විය. ඇෆ්ගනිස්ථානයේ බලයට පත් වූ සෑම රජයක් සමග ගිවිසුම් හරහා තම දේශසීමා මායිම නිරවුල් කර ගැනීමට පකිස්ථානය උත්සාහ කළ නමුත් එය අසාර්ථක විය.

    පසුගිය දශක කිහිපය තුළ පාකිස්තානය විශ්වාස කිරීමට පටන් ගත්තේ 1995-2001 දී ක්‍රියාත්මක වූ පළමු තලේබාන් රජය සමඟ එය අසාර්ථක වූවත් වත්මන් තලේබාන් රජය මෙම වෙනස්කම් විසඳීමට උපකාරී වනු ඇති බවයි.

    තලේබාන් සංවිධානය පාකිස්ථානයේ මතයට බලපෑම් කරන බවට සැකයක් නැත. තලේබාන් සංවිධානයේ ප්‍රකාශක සුහයිල් ෂහීන් Pak’s Hum News සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේ, ‘ඉන්දියාව ඇෆ්ගනිස්ථානය තුළ විවිධ ව්‍යාපෘති, ප්‍රතිසංස්කරණ හා යටිතල පහසුකම් ව්‍යාපෘති ගණනාවක් කර ඇති අතර, ඔවුන්ට අවශ්‍ය නම් ඒ අසම්පූර්ණ ව්‍යාපෘති සම්පූර්ණ කළ හැකිය. ඒ ඒවා ඇෆ්ගන් ජනතාව සඳහා වන බැවිනි. නමුත් යමෙකුට ඇෆ්ගන් භූමිය තම අරමුණු සඳහා හෝ ඔවුන්ගේ හමුදා අරමුණු සඳහා හෝ ඔවුන්ගේ එදිරිවාදිකම් සඳහා භාවිතා කිරීමට අවශ්‍ය නම්‍ අපගේ ප්‍රතිපත්තිය කිසිවෙකුට එය කිරීමට ඉඩ නොදීමයි‘‘

    සමහර විට පකිස්ථානයට එරෙහිව ඇෆ්ගන් භූමිය යොදා ගැනීමට ඉන්දියාව ක්‍රියාකාරනු ඇතැයි පාකිස්තානය දක්වන බිය ඔහු සිහිපත් කළේය.

    පකිස්ථානය සහ චීනය සිය ඇෆ්ගන් තානාපති කාර්යාල තව දුරටත් නඩත්තු කරන අතරම ඉන්දියානු තානාපති කාර්යාල සේවකයින් ඉවත් කර ගැනීම පකිස්ථානයට ධනාත්මක දෙයක් ලෙස සැලකේ. කාබුල් හි සිය රාජ්‍ය තාන්ත්‍රික කටයුතු අඛණ්ඩව සිදු කරන ලෙස තලේබාන් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායක ෂෙර් මොහොමඩ් අබ්බාස් ස්ටැනෙක්සායි (Sher Mohammed Abbas Stanekzai) ඉල්ලා සිටියද ඉන්දියාව සිය කාර්ය මණ්ඩලය ඉවත් කර ගැනීමට තීරණය කළේය.

    පකිස්ථානු ත්‍රස්ත කණ්ඩායම් කාබුල් නගරයට ඇතුළු වී ඇති බව ඉන්දියාව දැන සිටි අතර ඉන්දීය තානාපති කාර්යාලයට සහ එහි කොන්සල් කාර්යාලවලට හානි කිරීමට ඔවුන් යොමු කරන බව ද ඉන්දියාව දැන සිටියේය. පාකිස්තාන ත්‍රස්ත කණ්ඩායම් ඉන්දියාවට සහාය දුන් ඇෆ්ගනි ජාතිකයින් සම්බන්ධව ලිපි ලේඛන සොයමින් ඉන්දීය කොන්සල් කාර්යාලය හරහා රිංගා යන බවට වාර්තා ලැබී තිබේ. තානාපති කාර් හොරකම් කළ බවට ද වාර්තා වේ.

    වත්මන් වාතාවරණය තුළ කාබුල් හි ඉන්දිය රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සිදු වුණේ නම් එහි කාර්ය මණ්ඩලයට අත්අඩංගුවට පත්වීමට හෝ මරණයට මුහුණ දීමට සිදු විය හැකි අතර එමඟින් ඉන්දු-ඇෆ්ගන් සබඳතා දිගු කලක් පළුදු වී පකිස්ථානයට වාසිදායක විය හැකිය.

    මෙම ලේඛකයා විශ්‍රාමික ඉන්දියානු හමුදා නිලධාරියෙකි; ප්‍රකාශිත අදහස් ඔහුගේම ය

    indianewsnetwork.com ඇසුරිණි – සැකසුම – භාතිය බරුකන්ද

  • IMF වෙතින් ‘ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 780ක්‘

    IMF වෙතින් ‘ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 780ක්‘

    විදේශ සංචිත ශක්තිමත් කිරීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට විශේෂ ගැනුම් හිමිකම් (SDR) මිලියන 554.8ක් හෙවත් ඇමරිකානු ඩොලර් මිලියන 780කට සමාන මුදලක් ලැබී ඇති බව  මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්ආර් ආටිගල මහතා තහවුරු කළේය.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව SDR 456,485.3ක් හෙවත් ඇමරිකානු ඩොලර් බිලියන 650ක් 2021 වසරේ එස්.ඩී.ආර්. පහසුකම් සදහා වෙන්කර ඇත. එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ දක්වා වෙන්කර වැඩිම එස්ඩී.ආර්. හිමිකම බවයි වාර්තා වන්නේ.

    ඉතිහාසයේ විශාලතම විශේෂ ගැනුම් හිමිකම් (SDR) වෙන් කිරීම 2021 අගෝස්තු 23 දින සිට බලාත්මක වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජීවා (Kristalina Georgieva) මහත්මිය ඊයේ (23) සඳහන් කළාය.

    ‘‘මෙම වෙන් කිරීම ලෝකය සඳහා කැපී පෙනෙන දායකත්වයක් ලබා දෙන අතර, ඥානාන්විතව භාවිතා කරන්නේ නම්, මෙම පෙර නොවූ විරූ අර්බුදයට එරෙහිව සටන් කිරීමට සුවිශේෂී අවස්ථාවක් උදා කරනු ඇත. SDR ප්‍රතිපාදනය ගෝලීය ආර්ථික ක්‍රමයට අතිරේක ද්‍රවශීලතාවයක් ලබා දෙනු ඇත. ඒය රටවල විදේශ විනිමය සංචිතවලට අතිරේකව සහ මිල අධික දේශීය හෝ විදේශීය ණය මත යැපීම අඩු කරයි. SDR ප්‍රතිපාදන මඟින් ලබා දී ඇති ඉඩ ප්‍රමාණය තම ආර්ථිකයන්ට ආධාර කිරීමට සහ අර්බුදයට එරෙහි සටන වේගවත් කිරීමට රටවලට හැකිය.” ක්‍රිස්ටලිනා ජෝර්ජීවා මහත්මිය වැඩි දුරටත් සදහන් කළාය.

    මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළ මූල්‍ය විශේෂඥයෙක් එස්.ඩී.ආර් පහසුකම් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකත්වය හිමි රටවලට එයින් ප්‍රතිපාදන ලැබෙන ආකාරය මෙසේ පැහැදිලි කළේය.

    ‘‘එස්ඩීආර් යනු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජික රටවල නිල සංචිත අවශ්‍යතා සපුරාලීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සාදන ලද ජාත්‍යන්තර සංචිත වත්කම්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොටස්වලට සමානුපාතිකව SDR රටවලට බෙදා හරිනු ලබනවා. මෙහි තේරුම නම් ඇමරිකානු ඩොලර් බිලියන 275 ක් පමණ නැගී එන සහ සංවර්ධනය වෙමින් පවතින රටවලට හිමිවන අතර එයින් අඩු ආදායම් ලබන රටවලට ඇමරිකානු ඩොලර් බිලියන 21 ක් පමණ ලැබෙනු ඇති බවයි. මෙහිදී සමහර රටවලට එය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 6 කට සමානයි. කෙසේ වෙතත් අදාළ ප්‍රතිපාදන සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිසංස්කරණවලට එකඟවිය යුතු බව ද වාර්තා වෙනවා.

    එස්.ඩී.ආර් පහසුකම් යටතේ වැඩිම මුදලක් හිමිවන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩිම කොටස් දායකත්වයකට හිමිකම් කියන රටවලටය. ඒ අනුව එක්සත් ජනපදයට එස්.ඩී.ආර් මිලියන 79,546.2ක්, ජපානයට එස්.ඩී.ආර් මිලියන 29,540.1ක්, චීනයට එස්.ඩී.ආර්. මිලියන 29,216.5ක්, ආදි වශයෙන් ලැබෙනු ඇත.

  • කොවිඩ් ආසාදිත දරුවන්ට වැළදෙන මාරාන්තික රෝගයක් ගැන හෙළිදරව්වක් !

    කොවිඩ් ආසාදිත දරුවන්ට වැළදෙන මාරාන්තික රෝගයක් ගැන හෙළිදරව්වක් !

    කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ දරුවන් අතර Silent hypoxia නමැති ඉතා බරපතළ තත්ත්වයක් මතුවී තිබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය භාර විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා පැවසුවේය.

    විශේෂඥ වෛද්‍ය නලීන් කිතුල්වත්ත මහතා මේ බව හෙළි කළේ අද (24) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය.

    මෙම රෝගී තත්ත්වය ‘නිහඬ මාරයෙකු‘ හැදින්වූ කිතුල්වත්ත මහතා කොරෝනා වෛරසය ආසදනය වූ දරුවෙකුට මෙම රෝගී තත්ත්වය මතුවිය හැකි බව ද පැවසුවේය.

    මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ විශේෂඥ වෛද්‍ය නලීන් කිතුල්වත්ත මහතා, ‘‘ කොවිඩ්-19 ආසාදනය වීමෙන් පසු සුව වූ දරුවෙකු සාමාන්‍ය පරිදි කටයුතු කිරීමේදී හෝ සෙල්ලම් කිරීමේදී නොදැනුවත්වම රුධිරයේ ඔක්සිජන් මට්ටම අඩුවීම තමයි Silent hypoxia රෝගී තත්ත්වයේ විශේෂත්වය වන්නේ. සාමාන්‍යයෙන් රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය අඩුවීමේදී හුස්ම ගැනීමේ අපහසුව, කතා කිරීමේ අපහසුව ආදිය පෙන්නුම් කළ ද මෙම රෝගී තත්ත්වයේදී එලෙස පූර්ව ලක්ෂණ මතු නොවීමට විශේෂත්වයක්. ඒ හේතුවෙන් කොරෝනා ආසාදනය වී තිබෙන දරුවන්ගේ දවසකට වරක් හෝ ඔක්සිජන් ප්‍රතිශතය මැන බැලිය යුතුයි. ඒ අතර සෙල්ලම් කිරීමෙන් පසු ඔක්සිජන් ප්‍රතිශතය 94%ට වඩා අඩුනම් සහ සාමාන්‍ය පරිදි සිටින විට 96%ට වඩා අඩුනම් වහාම එම දරුවා රෝහල් ගත කළ යුතුයි.

    ‘‘ ඇල්ෆා ප්‍රභේදයේදී දරුවන්ට කොරෝනා ආසාදනය වුවද රෝග ලක්ෂණ එතරම් පෙන්නුම් නොකළ ද ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්තියත් සමග රෝග ලක්ෂණ මතුවීම වැඩිවී තිබෙනවා. රිජ්වේ ආර්ය ළමා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිත වූ දරුවන් ප්‍රමාණය අඩුවුවද දැඩි සත්කාර අවශ්‍ය දරුවන් ප්‍රමාණය ඉහළ ගොස් තිබෙනවා. මේ ආකාරයෙන් රෝහල්ගත වන රෝගී දරුවන්ගේ ප්‍රමාණය අඩුවී තිබෙන්නේ නිවෙස් තුළ ප්‍රතිකාර කිරීමට තීරණය කිරීමත් සමග බවයි අපි හිතන්නේ‘‘

    ‘‘මම මෙහිදී විශේෂයෙන් යමක් සිහිපත් කළ යුතුයි. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් හදුන්වා දුන් කොරෝනා අසාදනය වූ දරුවන් නිවෙස් තුළ රැකබලාගැනීමේ වැඩසටහනද ඉතා සාර්ථක වී තිබෙනවා. ඒ වගේම තමයි වයස 12ත් 18ත් අතර දරුවන්ට දැනට ලබාදීමට හැකි බවට පිළිගෙන තිබෙන මොඩර්නා සහ ෆයිසර් එන්නත් ලැබෙන ආකාරය අනුව එම දරුවන්ට ලබාදීමට තීරණය කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් දැනටමත් ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සාකච්ජා පවත්වමින් සිටිනවා. ඒ අනුව එම වයස් කාණ්ඩයේ විවිධ සංකූලතා සහ නිධන්ගත රෝග තිබෙන දරුවන්ට එන්නත්කරණයේදී ප්‍රමුඛතාව ලබාදීමට තීරණය කර තිබෙනවා‘

  • GMOA වෙතින් බරපතළ අනාවැකියක්

    GMOA වෙතින් බරපතළ අනාවැකියක්

    කොවිඩ් වසංගතයේ අවදානම නිවැරදිව තේරුම් නොගෙන පස්වන රැල්ලට ද, ඊළග කොවිඩ් ප්‍රභේදයට ද මුහුණ දීමට සූදානම් නොවුවහොත් නැවත නැවතත් රට වසා දමමින් ආර්ථිකය මීටත් වඩා අසීරු තැනකට යන යුගයක් ඇතිවීම නොහැකි වනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (24) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.

    කොවිඩ් වසංගතයේ දෛනික රෝගීන් වර්ධනය වන ආකාරය, කොවිඩ්-19 ප්‍රභේදය හා වෙනත් වසංගත රෝග එක් පුද්ගලයෙකුගෙන් රෝගය බෝවිය හැකි පුද්ගලයින් ගණන ද සදහන් කරමින් මෙම නිවේදනය නිකුත් කර ඇත.

    අදාළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

  • World Economics සම්මාන ද්විත්වයකින් සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් පිදුම් ලබයි

    World Economics සම්මාන ද්විත්වයකින් සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් පිදුම් ලබයි

    ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ක්ෂුද්‍ර රක්ෂණ සමාගමක් වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම කොරෝනා කාලයේදී ක‍්‍රියාත්මක කළ සුවිශේෂ ව්‍යාපෘති සැළකිල්ලට ගනිමින් “Life Insurance Covid 19 Response Initiative Sri Lanka 2021” සහ ශ‍්‍රී ලංකාවේ වඩාත් තිරසාර ක්ෂුද්‍ර මූල්‍ය සමාගම ලෙස “Most Sustainable Micro Insurance Company”යන සම්මානවලින් පිදුම් ලැබීය.

    රටවල් රැුසක අවධානයට ලක්වන ලොව ඉහළ කීර්ති නාමයක් දිනූ World Economics සඟරාව වාර්ෂිකව ස්වාධීන අධ්‍යයනයක් ඔස්සේ මෙම සම්මාන පිරිනමයි. කොරෝනා නිසා වාරික ගෙවීමට නොහැකිව රක්ෂණ අක‍්‍රිය වූ ජීවිත රක්ෂණ හිමියන් 21000කට වැඩි පිරිසකගේ වාරික ගෙවා එම රක්ෂණ ඔප්පු යලි බලාත්මක කිරීමට සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම කටයුතු කළේය. බොහෝ සමාගම් ඉතා අසීරුවෙන් ව්‍යාපාර කරද්දී සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම ක‍්‍රියාත්මක කළ මෙම සත්කාර්යය සමාජ සහ ආර්ථික විශ්ලේෂකයන්ගේ ඇගයීමට ලක් විය.

    මීට අමතරව කොරෝනා කාලයේදී නිවෙස්වලට ගොස් අත්‍යවශ්‍ය ආහාර පාන හා මුව ආවරණ සැපයීම, ජාතික කොවිඞ් 19 අරමුදලට මූල්‍ය දායකත්වය සැපයීම ඇතුළු සමාජ සත්කාර රැුසක නිරත විය. සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම තිරසාර ක්ෂුද්‍ර රක්ෂණ සමාගම ලෙස අවිවාදයෙන්ම පත් වීමට ප‍්‍රමුඛ හේතුව වන්නේ රක්ෂණයේ ප‍්‍රතිලාභ ශ‍්‍රී ලංකාවේ දසත විසිරුණු ග‍්‍රාමිය ජනතාවට රැුගෙන යාමට විශාල මෙහෙයක් සිදු කිරීමයි.

    එනිසා සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ව්‍යාපාරයකට එහා ගිය සමාජ සත්කාර ආයතනයක් ලෙස ජන මනස තුළ ස්ථානගත වී ඇත. ”ග‍්‍රාමිය ජනතාවගේ සුබ සාධනය වෙනුවෙන් වැඩ කරන සමාගමක් ලෙස කොරෝනා කාලයේදී අසිරූතා මධ්‍යයෙ වුවද ව්‍යාපාරයට සම්බන්ධ සියලූ පාර්ශ්වවල යහපත වෙනුවෙන් කටයුතු කළා. ඉදිරියටත් විවිධ මූල්‍ය අවශ්‍යතා සහිත ජනතාව අතරට අපේ ව්‍යාපාරය ගෙන ගොස් ඔවුන්ගේ රැුකවරණය වෙනුවෙන් අපේ වගකීම ඉටු කරනවා.” සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ප‍්‍රධාන විධායක නිලධාරි ඉන්දික කිරිවන්දෙණිය මහතා පැවසීය.

  • ‘මංගල සමරවීර දැයෙන් සමුගනී‘

    ‘මංගල සමරවීර දැයෙන් සමුගනී‘

    හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා ‘කොවිඩ්’ ආසාදනය වීමෙන් අද (24) පෙරවරුවේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වුණා.

    මියයන විට 65 වැනි වියේ පසු වූ මංගල සමරවීර මහතා මෙරට කෘතහස්ත දේශපාලනඥයෙකු වශයෙන් සැලකෙනවා. 1994 මහ මැතිවරණයේ දී පොදුජන එක්සත් පෙරමුණේ මාතර දිස්ත්‍රික්කය අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත්ව ජයග්‍රහණය කළ සමරවීර මහතා චන්ද්‍රිකා බණ්ඩාර නායක රජයේ, නාගරික සංවර්ධ, ජනමාධ්‍ය ඇතුළු ප්‍රබල අමාත්‍යාංශ කිහිපයක් හෙබවූවා.

    2005දී මහින් ද රාජපක්ෂ මහතා බලයට පත් කිරීමට සුවිශේෂ කාර්යභාරයක් ඉටුකළ මංගල සමරවීර මහතා පසුව ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ අසුන් ගත්තා.

    2015 දී එක්සත් ජාතික පක්ෂය නායකත්වය දුන් මැතිවරණ ක්‍රියාවලිය තුළ කැපී පෙනෙන භූමිකාවක් ඉටුකළ මංගල සමරවීර මහතා යහපාලන ආණ්ඩු සමයේ විදේශ සහ මුදල් අමාත්‍යධුර හොබවනු ලැබුවා.

    එක්සත් ජාතික පක්ෂය බෙදී යාම සමග සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය දුන් සමග ජන බලවේගයට එක් වූ මංගල සමරවීර මහතා 2019 මහ මැතිවරණයට නාම යෝජනා ලබා දුන් නමුත් පසුව එයින් ඉල්ලා අස්වී තාවකාලිකව දේශපාලනයෙන් සමුගත්තා.

    මංගල සමරවීර මහතා දේශපාලනයේ සුවිශේෂ චරිතයක් වන්නේ ඒ මහතා සතු සංවිධාන ශක්තිය සහ සන්නිවේදන භූමිකාව නිසයි. ජනමාධ්‍ය සමග සමීපව කටයුතු කළ සමරවීර මහතා ‘දේශපාලනයේ මහත්මයෙකු වශයෙන් සැලකෙනවා.

  • ඩුබාහි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවකට රු. කෝටි 5.4ක හදිසි අනතුරු වන්දියක්

    ඩුබාහි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවකට රු. කෝටි 5.4ක හදිසි අනතුරු වන්දියක්

    පසුගිය වසරේ සිදු වූ රිය අනතුරකින් ඩුබායි හි සිටින ලාංකික ගෘහ සේවිකාවක් සඳහා ඩුබායි අධිකරණය විසින් ඩිරාම් මිලියනයක හෙවත් ලංකා මුදලින් රුපියල් මිලියන 54ක පමණ වන්දි මුදලක් පිරිනමන ලදී.

    අනතුර හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත්ව සිටින 45 හැවිරිදි තරංග දිල්රුක්ෂි පැවසුවේ වසරක කාලයක් පැවති නඩු විභාගයකින් පසු ශ්‍රී ලංකා රුපියල් මිලියන 54 ක් පමණ වන වන්දි මුදලක් තමාට ගෙවන ලෙස නියෝග කරමන් අධිකරණ තීන්දුව ලැබුණු බවයි.

    අනතුර ගැන සිහිපත් කරමින් දිල්රුක්ෂි පැවසුවේ පසුගිය වසරේ මැයි 24 දා බර් ඩුබායි පොලිස් ස්ථානය අසල සීබ්රා හරස් මාර්ගයකදී මෙම අනතුර සිදු වූ බවයි. “මම පාර හරහා ගමන් කරමින් සිටියදී ඉන්දියානු ජාතිකයෙකු පැදවූ කාරයක මා අනතුරට ලක් කළා. රථවාහන අධිකරණය රියැදුරාට එරෙහිව තීන්දුවක් ලබා දුන් අතර ඔහුට ඩිරාම් 5000 ක දඩයක් නියම කළා‘‘

    වෑන් රථයේ රියදුරුට එරෙහිව නඩු පැවරීමට ඇයට උදව් කළේ  YAB Legal Group නීති නියෝජිත සලාම් පපිනිස්සේරි ය. ඔහු පැවසුවේ, “අනතුරේදී දිල්රුක්ෂි බරපතල තුවාල ලබා ආබාධිත තත්ත්වයට පත් වුණා. ඇය දැන් රෝද පුටුවකට සීමා වී සිටිනවා. අන් අයගේ සහයෝගය නොමැතිව ඇයට කිසිවක් කළ නොහැකියි. ඇයගේ අසනීප තත්ත්වය හේතුවෙන් ඇයට රැකියාවකට ගොස් සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට නොහැකි වුණා. අනතුරු නඩුව සඳහා වන්දි ලබා ගැනීම සඳහා ඇය මා වෙත පැමිණියා. තත්වයේ බරපතලකම තේරුම් ගැනීමෙන් පසු මම ඇයගේ තත්වයට උදව් කිරීමට තීරණය කළා ”

    දිල්රුක්ෂි පැමිණෙන්නේ ලංකාවේ අඩු ආදායම්ලාභී පවුලකිනි. ඩුබායි හි ප්‍රතිකාර ලැබූ රෝහලේ වෛද්‍ය වාර්තා වලට අනුව ඇයට ජීවිත කාලය පුරාම ආධාර සහ ඖෂධ අවශ්‍ය වේ. “ඇයට හැම විටම සහයට කෙනෙක් අවශ්‍යයි. ඇයට වෛද්‍ය ආධාර අවශ්‍යයි. ඇගේ මනස එතරම් පැහැදිලි නැහැ. සිතුවිලි වල පැහැදිලි බවක් නැහැ. එවැනි තත්වයන් යටතේ ඇයට ජීවිත කාලය පුරාම සහයෝගය අවශ්‍ය වනු ඇති,”පපිනිස්සේරි පැවසීය.

    පපිනිස්සේරිගේ උපදෙස් පරිදි දිල්රුක්ෂි ඩුබායි උසාවියේ සිවිල් නඩුවක් ගොනු කළාය. “රථවාහන අනතුරු වන්දි නඩුව රක්‍ෂණ සමාගමට සහ අනතුර සිදු කළ රියදුරුට එරෙහිව ය. නීතීඥ යූනුස් මොහොමඩ් අල් බ්ලූෂි, අධිනීතිඥ මොහොමඩ් ඉබ්රාහිම් අල් සුවෙයිදි සහ අධිනීතිඥ රුකියා අල් හෂිමි යන අය වෛද්‍ය වාර්තාව, අධිකරණ වෛද්‍ය වාර්තාව සහ අනෙකුත් අදාළ ලියකියවිලි ඇතුළු ප්‍රබල සාක්ෂි සහිතව උසාවියේ නඩුව ගොනු කළහ.

    ඩුබායි උසාවිය මෙම නඩුව පිළිගත් අතර වින්දිතයාගේ නීතිඥයින් විසින් ගොනු කරන ලද ලිපි ලේඛන තහවුරු කර ගත් අතර අවසානයේ දිල්රුක්ෂිට පක්ෂව තීන්දුව ලබා දීමට පෙර දෙපාර්ශවයේම තර්ක විතර්ක ඇසූ බව පපිනිස්සේරි පැවසීය. දිල්රුක්ෂිගේ නීතීඥයින් විසින් ඉදිරිපත් කරන ලද වෛද්‍ය වාර්තාව සහ තුවාල තක්සේරු කිරීම මත පදනම්ව අධිකරණය විසින් වන්දි වශයෙන් ඩිරාම් මිලියනය බැගින් ප්‍රදානය කරන ලදී.

    1995 වර්ෂය සඳහා වූ රථවාහන හා හදිසි නීතිය පිළිබඳ 26 වන වගන්තිය අනුව වින්දිතයාට වන්දි ගෙවිය යුතු බවත් නීතිඥ ගාස්තු රක්ෂණ සමාගම විසින් ගෙවිය යුතු බවත් පපිනිස්සේරි පැවසීය.

    දිල්රුක්ෂි දැන් ශ්‍රී ලංකාවට පැමිණ ඇත. මෙම යුවළට වයස අවුරුදු 15 සහ 14 යන පාසල් යන දරුවන් දෙදෙනෙක් සිටිති.

    ඩේලි මිරර් වෙබ් අඩවියේ වාර්තාවක් ඇසුරිනි

  • ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව ‘චීන එන්නත් වල ඵලදායීතාවය ගැන‘ 100%ත සහතිකයක්

    ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව ‘චීන එන්නත් වල ඵලදායීතාවය ගැන‘ 100%ත සහතිකයක්

    කොවිඩ් -19 ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව චීන එන්නත් සම්පූර්ණයෙන්ම ඵලදායි බව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය පවසයි.

    චීන වසංගත රෝග විද්‍යාඥ ෂොං නන්ෂාන්ගේ නායකත්වයෙන් යුත් පර්යේෂණ කණ්ඩායමක් විසින් මේ බව තහවුරු කර ඇති බවයි චීන තානාපති කාර්යාලය වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

    ලංකාව ද ඇතුළු රටවල් රැසක ව්‍යාප්තව පවතින ඩෙල්ටා ප්‍රභේදය වඩාත් සම්ප්‍රේෂණය කළ හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හඳුනාගෙන ඇති අතර එය සැලකිලිමත් වීමේ ප්‍රභේදයක් ලෙස වර්ගීකරණය කර ඇත. එය දැන් රෝහල් ගත කිරීම් සහ මරණ වැඩි සංඛ්‍යාවකට මඟ පාදන ලෝකයේ ප්‍රමුඛතම ප්‍රභේදය බවට පත්ව ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩි දුරටත් සදහන් කරයි.

    දකුණු චීනයේ ගුවාංෂෝ හි පුපුරා යාමෙන් පසු චීනයේ සිදු කරන ලද අධ්‍යයනයකට අනුව, අක්‍රිය කරන ලද චීනයේ නිෂ්පාදිත එන්නත් දෙක රෝග ලක්‍ෂණ වැළැක්වීමේදී සියයට 59.0 ක් ද මධ්‍යස්ථ රෝග ලක්‍ෂණ වලින් සියයට 70.2 ක් ද දරුණු රෝග ලක්‍ෂණ වැළැක්වීමේ දී 100%ක්ද ඵලදායී බව සොයාගෙන ඇත.

    මෙම අධ්‍යයනයේ ප්‍රතිඵල 2021 අගෝස්තු 14 දින ‘‘Emerging Microbes & Infections ‘ සඟරාවේ ප්‍රකාශයට පත් කර ඇත.

    COVID19 ට එරෙහිව මාත්‍රා දෙකකින් යුත් එන්නත ලබා දීමේ එන්නත් ඵලදායීතාවය වයස අවුරුදු 40-59 අතර සහභාගිවන්නන් අතර 72.5% ක් වූ අතර, COVID-19 සහ මධ්‍යස්ථ රෝග වලට එරෙහිව පිරිමින්ට වඩා කාන්තාවන් තුළ එය ඉහළ ය.

    තනි මාත්‍රා එන්නත ප්‍රමාණවත් ලෙස ආරක්‍ෂිත නොවන අතර, අක්‍රිය කරන ලද එන්නතෙහි මාත්‍රා දෙකක මාත්‍රා ක්‍රමය සැබෑ ලෝක සැකසුම් වලදී ඩෙල්ටා ප්‍රභේද ආසාදනයට එරෙහිව ක්‍රියාත්මක වූ අතර ඇස්තමේන්තු ගත කාර්යතාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවම සීමාව වන 50% ඉක්මවන බව සඟරාව පවසයි.