තෙතමනය ‘ඔබේ සමට බලපාන ආකාරය‘ සහ එය සමඟ කටයුතු කිරීමට උපදෙස්

තෙතමනය ‘ඔබේ සමට බලපාන ආකාරය‘ සහ එය සමඟ කටයුතු කිරීමට උපදෙස්
Spread the love

වෙනත් ස්ථානයකට ගිය පසු ඔබ ඔබේ සමේ වෙනසක් දැක තිබේද? නැත්නම්, සමහර විට, නව ඍතුවක් (ලංකාවේ ඍතු භේදයක් නැති නමුත් කැපී පෙනන ලෙස වර්ෂා සහ වියළි කාලයක් ඇත) ආරම්භයේදී ? මෙයට මූලික හේතුව ආර්ද්‍රතා මට්ටම් වල උච්චාවචනය වීමයි. 

රූපලාවන්‍ය විශේෂඥයෙකු වන රාඛි අහුජා පවසන්නේ “ආර්ද්‍රතාවය ඔබේ කොණ්ඩයට මෙන්ම ඔබේ සමේ සෞඛ්‍යයට ද සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකි බවයි. අධික ආර්ද්‍රතාවය දහඩිය නාල වැසීමට හේතු වන අතර ඔබේ ග්‍රන්ථි නිසියාකාරව ක්‍රියා නොකරන විට ඔබට ගැටලුවක් ඇති වේ.

ආර්ද්‍රතා මට්ටම යනු වාතයේ ඇති ජල බිඳිති ප්‍රමාණයයි. නිරෝගී සමක් සඳහා තෙතමනය සහිත සහ වියලි සමයේ නිසි සංයෝජනයක් අවශ්‍ය වේ. අධික හෝ අඩු ආර්ද්‍රතා මට්ටම සමේ සෞඛ්‍යයට බලපායි. ඔබ ජීවත් වන්නේ ආර්ද්‍රතාවය අඩු ප්‍රදේශයක නම් ඔබේ සම වියලි හා රළු වන අතර අධික ආර්ද්‍රතාවය සහිත ප්‍රදේශයක ඔබ ජීවත් වන්නේ නම් ඔබේ සම කුරුලෑ සහ කුෂ්ඨ රෝග වලට ගොදුරු වේ.

ආර්ද්‍රතාවය ඉහළ මට්ටමක පවතින විට කුමක් සිදුවේ ද ?

සම

ග්‍රීෂ්ම කාලය දරාගත නොහැකි ලෙස උණුසුම් වන අතර, පරිසරය අධික ආර්ද්‍රතාවයකින් යුක්ත වන විට, මධ්‍යස්ථ උෂ්ණත්වයක් පවා දරුණු ලෙස දැනෙන බව ඔබ දැක ඇති. අහුජා පවසන්නේ, “උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය වැඩි වන විට ඔබට සැලකිය යුතු ලෙස දහඩිය දමයි. අධික තාපය හේතුවෙන් දහඩිය වාෂ්ප වී තෙතමනය ඔබේ සම මත රැඳී ඇති අතර එමඟින් ඔබේ තත්වය වඩාත් නරක අතට හැරේ. තාප ආඝාතය අධික ආර්ද්‍රතාවයේ සාමාන්‍ය ප්‍රතිඵලයක් වන අතර, එය සම රතු පැහැයට හැරීම, කැසීම සහ කුරුලෑ ඇතිවීම වැනි සමේ ගැටලු රාශියක් ගෙන එයි. දහඩිය දැමීම ඔබේ සමේ සිදුරු කුපිත කරන අතර එමඟින් ඔබේ සම මත අපහසු කුරුලෑ ඇති වේ. ”

විසඳුම

සම

ඔබේ සමට වන විනාශය ඇති කරන ආර්ද්‍රතාවය වළක්වා ගන්නේ කෙසේද!

ඔබේ මුහුණ සෝදන්න – ආර්ද්‍රතාවය දහඩිය දැමීමට හේතු වන අතර දහඩියෙහි අපිරිසිදු හා අපද්‍රව්‍ය අඩංගු වේ. ඊට අමතරව, ඔබේ සමට අනුගත වන දහඩිය තුළින් ඔබේ ශරීරය ලුණු පිට කරයි. මේ සියලු සාධක නිසා සමේ සිදුරු අවහිර වී පිපිරීම් ඇති විය හැක. එහි ප්‍රතිඵලයක් වශයෙන් නිතර මුහුණ පිරිසිදු කිරීම ඉතා වැදගත් වේ. අධික ලෙස පිරිසිදු කිරීමෙන් ඔබේ සම වියැළීමට හේතු විය හැකි බවට අහුජා අනතුරු අඟවයි. ඔබේ මුහුණ පිරිසිදු කිරීම සඳහා සීතල වතුර සහ සැහැල්ලු ෆේස් වොෂ් භාවිතා කිරීමට ඇය යෝජනා කරයි.

සතිපතා මුහුණු ආවරණ – වර්ෂා කාලයේදී ඔබේ සමෙහි තෙල්, සුන්බුන් සහ දූෂක වැඩි ප්‍රමාණයක් එකතු වේ. මුහුණ සේදීම පමණක් ප්‍රමාණවත් නොවේ; සමේ ස්වාභාවික සෞඛ්‍යය හා තෙල් සමතුලිතතාවය යථා තත්ත්වයට පත් කිරීම සඳහා පහත දක්වා ඇති මූලික පියවරයන්ගෙන් සමන්විත සතිපතා මුහුණු ආවරණයක් ද ඔබ නිවසේදී කළ යුතුය.

සම

අහුජා යෝජනා කරන්නේ මෙම පියවරයන් අනුගමනය කිරීමෙන් ඔබේ සම පැහැපත් කර ගැනීමට සතියකට විනාඩි 30 ක් වෙන් කරන ලෙසයි:

පිරිසිදු කිරීම –Cleansing: යහපත් මුහුණු පිරිසිදු කිරීමකින් ඔබේ මුහුණ හොඳින් පිරිසිදු කිරීමෙන් පටන් ගන්න.

මැරුණු සම ඉවත් කිරීම – Exfoliation:  ඔබේ සම රැකබලා ගැනීම සදහා ඔබ සතුව හොඳ ස්ක්‍රබ් එකක් ද තිබිය යුතුය. ඔබ සතුව එවැනි දෙයක් නොමැති නම්, අඩක් කපා ගත් ලෙමන් සහ සීනි භාවිතා කර ඔබේ මුහුණ සෝදා හරින්න.

මුහුණේ සම්බාහනය – Face Massage: රවුමට කරනු ලබන මෘදු සම්භාහනයක් සමග ඔලිව් තෙල් ඔබේ මුහුණේ ආලේප කරන්න. මෙය සමේ රුධිර සංසරණය වැඩි දියුණු කරන අතර ස්වාභාවික දීප්තියක් ලබා දෙයි.

ෆේස් පැක් –Face Pack:  විශිෂ්ටතම ෆේස් පැක් නම් පලතුරු පල්ප් ය. කෙසෙල් මුහුණු ආවරණයක්, අලිගැට පේර ආවරණයක් හෝ පැපොල් මුහුණු ආවරණයක් හැකි නම් උත්සාහ කර බලන්න. පොඩි කළ පලතුරු මුහුණේ ආලේප කරන්න, පසුව විනාඩි 15-20 පසු සෝදා හරින්න

මොයිස්චරයිස් Moisturise: අවසාන පියවර නම් ඔබේ මුහුණේ මොයිස්චරයිසර් යෙදීමයි. ජලය මත පදනම් වූ මොයිස්චරයිසර් සමට මෘදුයි.

සම

කුරුලෑ වැළැක්වීම – ඔබ කුරුලෑ හා පිපිරීම් වලට ගොදුරු වේ නම්, තෙත ගතිය ඔබේ තත්වය තවත් උග්‍ර කළ හැකිය. මෙය වළක්වා ගැනීම සඳහා ඔබේ මුහුණ පිරිසිදුව තබාගෙන තෙත් පිසදැමීම් භාවිතා කර ඔබේ මුහුණේ ස්පර්ශ වන හිසකෙස් වල ඇති කුණු ඉවත් කරන්න. අහුජා තවදුරටත් පවසන්නේ “කුරුලෑ පාලනය කිරීම සඳහා තෙල් මත පදනම් වූ දියර වර්ග භාවිතා කිරීමෙන් වළකින්න සහ බෙන්සොයිල් පෙරොක්සයිඩ් (benzoyl peroxide)  හෝ සැලිසිලික් අම්ලය (salicylic acid) අඩංගු සම ආරක්ෂණ නිෂ්පාදන සඳහා යන්න.”

Femina.in ඇසුරිණි – සැකසුම – තුෂාධවි