Tag: breaking post
-

චීන ජනපති ෂී ජින්පින් මහතාගෙන් ජනපති මෛත්‍රීට ලිපියක්
චීන ජනාධිපති ෂී ජින්පින් විසින් මෙරට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කරමින් ශ්‍රී ලංකාවේ 70 වැනි නිදහස් දිනය පිළිබඳ චීන ජනාධිපතිවරයාගේ සුබපැතුම් පළ කර ඇති බව චීන මාධ්‍ය වාර්ථා කර ඇත.ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට පූර්ණ සහය ලබාදීමට චීන රජය ගෙන ඇති තීන්දුව පිළිබඳව සඳහන් තීරණයන් ඉදිරියේදී කිසිදු වෙහෙසකින් තොරව ක්‍රියාත්මක වනු ඇති බවද ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉහළට ඔසවා තැබිමට චීන රජය පූර්ණ දායකත්වය ඉදිරියටද ලබාදෙන බවත් චීනය හා ශ්‍රී ලංකාව අතර සබඳතාවන් මේ වනවිට වඩාත් ශක්තිමත් මට්ටමක පවතින නිසා දෙරටෙහිම ජනතාවට මෙම සබඳතා හරහා ප්‍රතිලාභ ලබාදීම චීන රජයේ අපේක්ෂාව වන බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමු කරන ලද ලිපියේ වැඩි දුරටත් දැක්වෙන බව එම මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත. -

ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවලියේදී රන් පදක්කම් 1ක් හා ලෝකඩ පදක්කම් 3ක් ලංකාවට
ඉරානයේ ටෙහෙරාන්හිදී පසුගියදා (3දා) අවසන් වූ ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර් 1500 කාන්තා ඉසව්වට සහභාගි වූ ගයන්තිකා අබේරත්න විනාඩි 4යි තත්පර 26.83ක කාලයක් සටහන් කරමින් නව ගෘහස්ථ වාර්තාවක්ද සහිතව රන් පදක්කම දිනා ගත්තාය.
ගයන්තිකා අබේරත්න ලැබූ රන් පදක්කම මෙන්ම නිමාලි, උපමාලිකා සහ ජනක හිමිකර ගත් ලෝකඩ පදක්කම් තුන හේතුවෙන් පදක්කම් 4ක් දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.එහිදී මීටර් 400 කාන්තා ඉසව්වට සහභාගි වූ උපමාලිකා රත්නකුමාරි තත්පර 54.90ක කාලයක් සටහන් කරමින් ලෝකඩ පදක්කමක් දිනා ගත්තාය.
තවද ශූරතාවලියේ අවසන් දිනයේදී දුර පැනීමේ ඉසව්වෙන් මීටර් 7.61ක් වාර්තා කළ ජනක ප්‍රසාද් විමලසිරි ලෝකඩ පදක්කමක් දිනාගත් අතර තරගාවලියේ ආරම්භක දිනයේදීම මීටර් 800 කාන්තා ඉසව්වට සහභාගි වූ නිමාලි ලියනආරච්චි විනාඩි 2යි තත්පර 10.83ක කාලයක් සටහන් කරමින් ලෝකඩ පදක්කමක් දිනාගත්තද ඇයගේ හොඳම කාලය අසලටවත් ඒමට නොහැකි වී තිබීමද විශේෂත්වයකි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාවෙන් මෙම සිවුදෙනාට අමතරව හෂිනි ප්‍රබෝධා (තුන්පිම්ම) සහභාගි වුවද ඇයට පදක්කමක් කරා යෑමට නොහැකි වී තිබිණි. මෙම තරගාවලිය සඳහා පිටත්ව යෑමේදී දිනක ප්‍රමාදයකින් පසුව යෑමට සිදුවූ අතර එයට හේතුව වූයේ මෙරට ක්‍රීඩා බලධාරීන්ගේ වරදින් මතුවූ ගුවන් ප්‍රවේශ පත්‍ර ප්‍රශ්නයක් නිසා පෙර දිනයේ කටුනායක ගුවන් තොටුපොළට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට නැවත හැරී ඒමට සිදු වීමයි.
-

විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් හෙට(7) වැඩවරයි
මෙරට රජයේ විකිරණ තාක්ෂණවේදී සේවාව තුළ 1200කට ආසන්න පිරිසක් සේවය කළ යුතු වුවත් මේ වනවිට සේවය කරන්නේ නිලධාරීන් 550ක් වැනි ප්‍රමාණයක් බැවින් සේවාව පවත්වාගෙන යෑමේදී බරපතළ ගැටලු ප්‍රමාණයක් ඇතිවී තිබෙන බවත් මෙම පුරප්පාඩු සම්පූර්ණ කිරීමට කිසිදු වැඩපිළිවෙළක් මෙතෙක් සකස් කර නොමැති බවත් මීට අමතරව ස්ථාන මාරු ක්‍රමවේදයේ හා අමතර දීමනා ගෙවීමේදීත් ගැටලු ගණනාවක් නිර්මාණයවී තිබෙන බවත්, එම ගැටලු විසඳීමටවත් බලධාරීන් වැඩපිළිවෙළක් සකස් කර නොමැති බැවින්ද ඊට එරෙහිව හෙට (07දා) උදෑසන 8.00 සිට පැය 24 එක්දින වර්ජනයක් සිදුකරන බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය අවධාරණය කරයි.
වැඩවර්ජනය සිදුකරන කාලය තුළදී Xකිරණ පරීක්ෂා කිරීම්,CT ස්කෑන් පරීක්ෂණ හා MRI පරීක්ෂණ ඇතුළු විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් සිදුකරන කිසිදු විකිරණ පරීක්ෂාවක් සිදුනොකරන බවත් නමුත් මානුෂීය හේතූන් මත පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කටයුතු සිදුකරන බවද එම සංගමයේ ප්‍රධාන ලේකම් ධර්මකීර්ති ඈපා මහතා සඳහන් කළේය.
මෙම ක්‍රියාමාර්ගයටත් නිසිලෙස විසඳුම් නොලැබුණහොත් ඉදිරියේදී අඛණ්ඩ වැඩවර්ජනයක් සිදුකරන බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.
-

පුංචි ඡන්දය නිරීක්ෂණයට විදෙස් නියෝජිතයින් 10 ක්
පළාත් පාලන ආයතන මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා විදේශීය නිරීක්ෂකයින් දස දෙනෙකු ගෙන්වීමට තීරණය කළ බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
ඒ අනුව ඉන්දියාවෙන් නිරීක්ෂකයන් හතර දෙනෙක්, කොරියාවෙන්, මාලදිවයිනෙන් හා ඉන්දුනීසියාවෙන් නිරීක්ෂකයන් දෙදෙනා බැගින් කැඳවීමට නියමිතය. මෙම පිරිස් ඡන්ද විමසීම් සිදුවන ලබන 10 වැනිදා නිරීක්ෂණ කටයුතුවල යෙදවීමට සැලසුම් කර තිබේ.
-

අප්‍රෙල් සිට පාසල් වලට නොමිලේ WiFi
පසුගිය වසරේ සිට ක්‍රියාත්මක කිරීහට තිබූ පාසල් වෙත වයිෆයි පහසුකම නොමිලේ ලබාදීම ලබන අප්‍රේල් මාසයේ දී ආරම්භ කිරීමට කටයුතු සලසා ඇති බවත් එසේ පසුගිය වසරේ එම ක්‍රියාවලිය ඉටු කිරීමට නොහැකි උනේ ස්වභාවික ආපදා තත්ත්වයන් හේතුවෙන් නිසා බවත් ග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීගමුව ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ප්‍රකාශ කර ඇත. -

ඇලෝසියස් හා පලිසේන ලබන 16 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ
ඊයේ (4) අත්අඩංගුවට ගත් ප්‍රිපැචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් හා ඒහි විධායක නිළධාරී කසුන් පලිසේන යන අයවලුන් මෙම මස 16 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොලඹ කොටුව මහේස්ත්‍රාත් වරයා විසින් නියෝග කර ඇත.
-

70 වන නිදහස් උත්සවය වෙනුවෙන් අතිගරු ජනාධිපති තුමන්ගේ පණිවුඩය
අප රටට නිදහස ලැබී වසර 70ක් සපිරෙන අද දිනට ඒ උදෙසා වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රට වැසියන් වුදෙසා පණිවිඩයක් නිකුත් කරඇත.

-

අපේක්ෂිකාවට අතවර කල ආධාරකරුවා පලායයි
එළැබෙන 10 වෙනි දිනට යෙදී ඇති මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂිකාවකට ලිංගික අතවර කළ වැලිකන්ද පොලිස් වසමේ දී ඡන්ද ආධාරකරුවෙකු ප්‍රදේශයෙන් පළා ගොස් අති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.
මේ සම්බන්ධයෙන් වූ පැමිණිල්ලක් ඉකුත් 02 වැනිදා පොලිසියට ඉදිරිපත් වී ඇති අතර පැමිණිළිකාරිය රෝහල් ගත කර ඇති බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ.
-

බෙල්ලන්විල විමලරතන හිමිගේ ආදාහන පූජෝත්සවය 08 වන බ්‍රහස්පතින්දා
අපවත්වී වදාළ මහාචාර්ය, බෙල්ලන්විල විමලරතන නාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල ක්‍රීඩා පිටියේදී එළැඹෙන 08දා පස්වරු 3.00ට ආරම්භවීමට නියමිතය.
-

අර්ජුන් ඇලෝසියස් හා කසුන් පලිහේන අත්අඩංගුවට
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පර්පෙචුවල් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් හා එහි ප්‍රධාන විධායක නිලධාරි කසුන් පළිසේන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.
බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් අර්ජුන් ඇලෝසියස්, කසුන් පළිසේන හා හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සැකකරුවන් ලෙස නම්කර තිබූ අද උදෑසන අර්ජුන් අලෝසියස් මහතා කොළඹ පිහිටි නිවසේ සිටියදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අර්ජුන් මහේන්ද්‍රන් මහතා සිංගප්පූරුවට ගොස් ඇත බැවින් ලබන 15 දාට පෙර රහස් පොලීසියේ පෙනී සිටින ලෙස නියෝග කර ඇත.
-

70 වන නිදහස වෙනුවෙන් ගූගල් මුල් පිටුවට සිංහ කොඩිය
ශ්‍රී ලංකාවේ 70 වැනි නිදහස වෙනුවෙන් ගූගල් සේවය සිය මුල් පිටුවට ශ්‍රී ලංකා ජාතික කොඩිය එක්කර ශ්‍රී ලංකිකයින් සමග නිසදහසේ ප්‍රීතිය විදීමට කටයුතු කර ඇත.

-

බෙල්ලන්විල විමලරතන හිමියෝ අපවත් වෙයි
බෙල්ලන්විල විහාරස්ථානයේ ‘මියන් කුමර්‘ ඇතාගේ පහරදීමෙන් බරපතළ තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියෝ අද (03) අපවත් වූහ.
ඇතාට ආහාර දීමට යාමේදී මෙම අනතුර සිදුවී තිබුණු අතර විමලරතන හිමිගේ ඉලඇටවලට හානි සිදු වී තිබූ බවට වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබිණි.
-

මහබැංකුවේ විශ්වාසනීයත්වය බරපතල අන්දමින් බිඳ වැටිලා
ශ්‍රී ලංකා මහ බැංකුවේ විශ්වාසනීයත්වය ඉතා බරපතල අන්දමින් බිඳවැටී ඇති බවත් අද ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර කළු බැඳුම්කර ලෙස ජාත්‍යන්තරය හඳුන්වන බවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඊයේ (02) පැවැත්වූ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කලේය.ලබන 06 වනදා පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන බැඳුම්කර විවාදයේදී තමන්ට වැඩි කාල වේලාවක් ලබාදිය යුතු බවත් ඒ සම්බන්ධයෙන් ලබන සඳුදා කථානායකවරයාගෙන් ඉල්ලීමක් කරන බවත් ඒ මහතා වැඩි දුරටත් කියා සිටියේය. -

ප්‍රජා අයිතිය නැති කරල මදි ජීවිතාන්තය දක්වා හිරේ දාන්න ඕන
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති වරයා සිදු කර ඇති මහා පරිමාන වංඡා හා අපරාධ හේතුවෙන් ඔහුගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම කිසිසේත්ම ප්‍රමානවත් නොමැති අතර මහින්ද මහතාව , ඔහුගේ සහෝදර සමාගම හා පුත්‍රරත්නයන්ව එම වංචා හා අපරාධ සඳහා නීතිය ඉදිරියට පමුණුවා දිවි ඇති තෙක් හිර ගෙදර උරුම කරවිය යුතු යැයි අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා මාධ්‍යට ප්‍රකාශ කර ඇත.
-

කිරිඇල්ලට හා ෆයිසර්ට එරෙහිව පරීක්ෂණ
පළාත් පාලන මැතිවරණ කාලයේ හෝ පසුව පළාත් පාලන ආයතන වලට මුල්‍ය ප්‍රතිපාදන වෙන්කිරීමේ දී එජාප පාලනයක් තිබෙන ආයතනවලට පමණක් මුදල් ලබාදෙන බවට ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතාත් පාළාත් පාලන විෂයභාර ඇමතිවරයා ලෙස මුදල් ප්‍රතිපාදන වෙන් කිරීමේදී සිය පක්ෂයට සැලකිල්ලක් ලබා දෙන බවට ෆයිසර් මුස්තාෆා ඇමතිවරයාත් ප්‍රකාශ කර ඇති බවට ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් ඊට අදාල පරීක්ෂණ ආරම්භ කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභහපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කරයි.

