Tag: breaking post

  • වෙනස්ම විදිහේ මැතිවරණ අල්ලසක් මාට්ටු වෙයි… ඡන්දෙ වෙනුවට ලයිට් බිලයි වතුර බිලයි ගෙවනවළු

    වෙනස්ම විදිහේ මැතිවරණ අල්ලසක් මාට්ටු වෙයි… ඡන්දෙ වෙනුවට ලයිට් බිලයි වතුර බිලයි ගෙවනවළු

    එළැබෙන 10 වෙනිදාට යෙදී ඇති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට ඉදිරිපත්ව සිටින ඡන්ද අපේක්ෂකයින් ඡන්දදායකයින්ට අල්ලස් ලබාදීමේ සිදුවීම් ඉහළ ගොස් ඇති බව පැෆරල් සංවිධානය පවසයි.

    මැතිවරණ අල්ලස් ලෙස ඇතැම් අපේක්ෂකයින් ඡන්දදායකයින්ගේ ජල සහ විදුලි බිල්පත් ගාස්තු ද ගෙවා දමා ඇති බව තමන්ට වාර්ථා වී ඇති බව එහි විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසයි.

  • පක්‍ෂය පාට කුමක්‌ වුවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙක්‌ හෝ එහි නියෝජිතයෙක්‌ නොවන අපේක්‍ෂකයකුට ඡන්දය ප්‍රකාශ කරන්න

    පක්‍ෂය පාට කුමක්‌ වුවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙක්‌ හෝ එහි නියෝජිතයෙක්‌ නොවන අපේක්‍ෂකයකුට ඡන්දය ප්‍රකාශ කරන්න

    මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්‌ථානය ශ්‍රී ලංකාව තුළ මධ්‍යසාර, දුම්වැටි ඇතුළු මත්ද්‍රව්‍ය භාවිතය අවම කිරීම සඳහා විද්‍යාත්මක පදනමකින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටින ආයතනයකි. ඒ අතර පසුගිය වසර කිහිපය තුළම පළාත් පාලන ආයතන පළාත් සභා, පාර්ලිමේන්තු සහ ජනාධිපති මැතිවරණය ඉලක්‌ක කරමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත.

    මධ්‍යසාර, දුම්වැටි ඇතුළු මත්ද්‍රව්‍ය භාවිතයෙන් ජනතාව නිදහස්‌ කර ගැනීමේ වැඩසටහන සඳහා රටට අවශ්‍ය ඵලදායී ප්‍රතිපත්තිමය තීරණ හා ක්‍රියාකාරකම් පළාත් පාලන ආයතන හරහා සිදුකර ගැනීමට නම් එම පළාත් පාලන ආයතනවලට සුදුසු මහජන නියෝජිතයන් පත්විය යුතු බව ද එම ආයතනය කියා සිටින අතර ඒ සඳහා පක්‍ෂය පාට කුමක්‌ වුවත් අරක්‌කු, බියර්, සිගරට්‌, කසිප්පු, කුඩු ගංජා ජාවාරම්කාරයෙක්‌ හෝ එහි නියෝජිතයෙක්‌ නොවන කෙනෙකුට ඡන්දය ලබාදෙන ලෙසට ආයතනය මගින් දීප ව්‍යාප්ත ප්‍රවර්ධන වැඩසටහනක්‌ මේ දිනවල ආරම්භ කර ඇත.

  • තැපැල් ඡන්ද අයදුම් කර ඡන්දය පාවිච්චි නොකළ සියලු දෙනාට වැඩ වරදී

    තැපැල් ඡන්ද අයදුම් කර ඡන්දය පාවිච්චි නොකළ සියලු දෙනාට වැඩ වරදී

    මෙවර පළාත් පාලන මැතිවරණයේ එක්‌ තැපැල් ඡන්දයක්‌ වෙනුවෙන් රුපියල් 750 ක්‌ පමණ වියදමක්‌ දරන බැවින් තැපැල් ඡන්ද භාවිත නොකිරීමෙන් රජය අයකරන එම මුදල අපතේ යන නිසා තැපැල් ඡන්ද පහසුකම අයදුම් කර එම ඡන්දය පාවිච්චි නොකළ සියලු දෙනාගෙන් නිදහසට කරුණු විමසීමට තීරණය කළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊයේ (01) මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කරන ලදී.

    තැපැල් ඡන්ද ප්‍රකාශ නොකළ අයගෙන් නිදහසට කරුණු විමසා සාධාරණ හේතුවක්‌ නොමැතිනම් එම වැයවන මුදල අදාළ ඡන්ද දායකයාගෙන්ම ආපසු අයකර ගත හැකි දැයි සොයා බලන බවද සභාපතිවරයා කියා සිටි අතර ආරක්‌ෂක හමුදාවල සියල්ලන්ම පාහේ තැපැල් ඡන්ද සලකුණු කර ඇතැයිද අනෙකුත් තැපැල් ඡන්ද පාවිච්චි නොකළ පිරිසට අද දිනය පමණක්‌ ඒ සඳහා ඉඩ සලසාදී ඇති බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කලේය.

  • සිවශක්ති ආනන්දන්ට එරෙහිව දෙමළ ජාතික සංධානය උසාවි යයි

    සිවශක්ති ආනන්දන්ට එරෙහිව දෙමළ ජාතික සංධානය උසාවි යයි

    දෙමළ ජාතික සන්ධානය සම්බන්ධයෙන් චෝදනා සහගත අසත්‍ය ප්‍රකාශයන් සිදුකරන පාර්ලිමේන්තු මන්ත්‍රී සිවශක්ති ආනන්දන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානමින් සිටින බව එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පැවසීය.
     
    ඉදිරි දින කිහිපය තුළදී සිය නීතිඥයින් මාර්ගයෙන් සිවශක්ති ආනන්දට එරෙහිව නඩු මගට බසින අතර අයවැයට සහාය විම සඳහා තමන් හැර දෙමළ ජාතික සන්ධානයේ සෙසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රුපියල් දෙකෝටිය බැගින් රජයෙන් අල්ලස් ගෙන ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී සිවශක්ති ආනන්දන් කරන ලද චෝදනාවන් මත මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවද හෙතෙම කීය.
     

  • එජනිස ආධාරකරුවාට පහර දුන් පොහොට්ටු අපේක්ෂකයා පොලීසියට භාර වෙයි

    එජනිස ආධාරකරුවාට පහර දුන් පොහොට්ටු අපේක්ෂකයා පොලීසියට භාර වෙයි

    පසුගිය 28 වනදා රාත්‍රීයේ ගාල්ල චීන කොරටුව ප්‍රදේශයේ දී ඇතිවූ බහින් බස් වීමකදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ  ආධාරකරුවකුට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  අපේක්ෂකයකු පහරදීමක් ගැන වාර්සථා විය.

     එම සිදුවීමට අදාල සැකකරු පොලීසියෙන් සැගවී සිටි අතර ඔහු පෙරේදා(30)  පොලිසියට භාර වී ඇත.  පොලිසිය විසින් එම සැකකරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

  • බීමත්ව රිය පැදවූ පොහොට්ටු අපේක්ෂකයාට වැඩ වරදී

    බීමත්ව රිය පැදවූ පොහොට්ටු අපේක්ෂකයාට වැඩ වරදී

    දන්කොටුව පොලිස් රථවාහන අංශයේ නිලධාරින් දන්කොටුව පන්නල මාර්ගයේ වාහන පරික්ෂාවක යෙදි සිටියදි අද(1) අලුයම 1.00 ට පමණ අපරික්ෂාකාරී අන්දමින් පැමිණි මෝටර් රථයක් නවත්වා පරික්ෂා කිරිමේදි මෝටර් රථයේ රියදුරා බීමතින් සිටින බව නිරික්ෂණය වී ඇත..ඉන්පසු කළ පරික්ෂාවේදී ඒ බව තහවුරු වීම නිසා අත්අඩංගුවට ගත් බව  දන්කොටුව පොලීසිය පවසයි.     

    එසේ අත්අඩංගුවට ගත් සැකකරු වෙන්නප්පුව ප‍්‍රාදේශීය සභාවට පොදු ජන පෙරමුණෙන් තරඟ කරන අපේක්ෂකයකු බවත් මැතිවරණ ප‍්‍රාචාරක කුඩා රැස්වීම් කිහිපයකට සහභාගි වි නිවසට යමින් සිට ඇති බවත් පොලීසිය වැඩිදුරටත් සඳහන් කරන අතර සැකකරු හෙට (02) අධිකරණයට ඉදිරිපත් කරන තුරු පොලිස් ඇප මත මුදා හැරිය බව පොලිසිය වැඩිදුරටත් පවසයි.   

  • දෙවන ලෝක යුද්දෙ කාල දැමූ කිලෝ 450ක බෝම්බයක් හොංකොන් වලින් හමුවෙයි

    දෙවන ලෝක යුද්දෙ කාල දැමූ කිලෝ 450ක බෝම්බයක් හොංකොන් වලින් හමුවෙයි

    චීනයේ හොංකොං නගර මධ්‍යයේ තිබී හමුවූ දෙවන ලෝක යුධ සමයට අයත් යැයි සැලකෙන බෝම්බය සාර්ථකව නිෂ්ක්‍රීය කළ බව හොංකොං පොලිසිය පවසයි. 

    ඉදිකිරීම් වැඩබිමක තිබී හමුවූ මෙම බෝම්බය කිලෝග්‍රෑම් 450ක් පමණ බරින් යුක්ත බව වාර්තා වී ඇත. බෝම්බය නිශ්ක්‍රීය කිරීමට පෙර ඒ ආසන්නයේ නවාතැන්පොලවල් හා හෝටල් වල සිටි 1500ක පමණ පිරිසක් ඉවත් කර ඇති අතර පාරවල් කිහිපයක් වසා දැමීමට පොලිසියට සිදුවී ඇත.
     
    මෙය ඇමරිකාවේ නිශ්පාදිත බෝම්බයක් බවත් 1941 – 1945 අතර කාලයේ හෙළනලද බෝම්බයක් බවත් හොංකොං පොලිසිය පවසයි. පසුගිය ඉරිදා ද මෙවැනිම බෝම්බයක් ආසන්න ස්ථානයක තිබී හමුවී නිශ්ක්‍රීය කල බව මාධ්‍ය වාර්තා කර ඇත.

  • ශ්‍රේණිගත කිරීම් වලදී ලංකාව තවමත් ‍පහලින්

    ශ්‍රේණිගත කිරීම් වලදී ලංකාව තවමත් ‍පහලින්

    බංග්ලදේශයේ පැවැති තුන්කොන් එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම අවස්ථා දෙකකදී බංග්ලාදේශය පරදමින් එහි ශූරතාව ලබාගත්තද නවතම එක්දින ශ්‍රේණිගත කිරීම්ලට අනුව ශ්‍රී ලංකාව තවදුරටත් අංක අට ස්ථානයේම රැඳී සිටියි. බංග්ලදේශය අංක 7 ස්ථානයේ පසුවෙයි.බංග්ලාදේශය ප්‍රසාද ලකුණු 90ක් හිමිකරගෙන ඇති අතර, ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 84ක් හිමිකරගෙන තිබේ. එම ශ්‍රේණිගත කිරීම් අනුව අංක එකේ ස්ථානයට දකුණු අප්‍රිකාවට පත්ව ඇති අතර, දෙවැනි ස්ථානය ඉන්දියාවට ලැබී තිබේ.

    කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම

    01 දකුණු අප්‍රිකාව

    02 ඉන්දියාව

    03 එංගලන්තය

    04 නවසීලන්තය

    05 ඔස්ට්‍රේලියාව

    06 පාකිස්තාන

    07 බංග්ලාදේශය

    08 ශ්‍රී ලංකාව

    09 කොදෙව්

    10 සිම්බාබ්වේ

    ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්හි පිතිකරුවන් අතර අංක එක ස්ථානය විරාත් කෝලිට හිමිව ඇති අතර  මුල් ස්ථාන 10 තුළ කිසිදු ශ්‍රී ලාංකික පිතිකරුවෙකු නොමැත.

    පන්දු යවන්නන් අතර මුල් ස්ථානය ඉම්රාන් තාහීර් හිමි කරගෙන ඇති අතර, එහිද මුල් ස්ථාන 10 අතර කිසිදු ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක් නොමැත.

    තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර 4 වන ස්ථානය හිමිකර ගැනීමට ඇන්ජලෝ මැතිව්ස් සමත්ව තිබේ.

  • ගෝඨාභය රට පැන්නෙ හිරේ යන්න වෙන නිසයි

    ගෝඨාභය රට පැන්නෙ හිරේ යන්න වෙන නිසයි

    පොහොට්ටුවේ ආනාගත ජනාධිපති අපේක්ෂකයා රටෙන් පැනල ගිහිල්ල තියෙන්නෙ‍ මිග් යානා ගනුදෙනුවේදී සිදු කළ දූෂණ වංචාවෙලට අත්අඩංගුවට ගනී කියල ඇති බය වෙලා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ඊයේ(31) කඩවත කිරිල්ලවල ප්‍රදේශයේ පැවති රැලියකදී කියා සිටියේය.

     

    “රටේ ප්‍රධාන පෙලේ පුවත්පත් කතුවරයෙකු ප්‍රථම වරට ඝාතනය කළේ රාජපක්ෂ යුගයේදීයි. ඒ ලසන්ත වික්‍රමතුංග මහතායි. හිටපු ආරක්ෂක ලේකම්වරයා විසින් සිදු කළ මිග් යානා ගනුදෙනුව පිළිබඳ මාධ්‍යයේ ලිපි පළකිරීම එම ඝාතනයට හේතු වී තිබෙනවා.එය රණවිරු ගැහිල්ලක්. අද මෙම රණවිරුවා රටෙත් නැහැ. ඇමෙරිකාවට පැනලා ඉන්නේ. පොහොට්ටුවේ අනාගත ජනාධිපති අපේක්ෂකයා ඔහුයි. රටේ නැති අනාගත ජනාධිපති අපේක්ෂකයා ලංකාවට එන්නේ දොළොස්වනදායි. ඒ  මැතිවරණය අවසන් වූ පසුවයි. අත්අඩංගුවට ගනියි කියලා තමයි රටෙන් පැනලා ඉන්නේ. නමුත් එම රණවිරු ගෝඨාභය අත්අඩගුවට ගැනීමට මේ වනවිට සියල්ල සූදානම්. චෝදනා ඔප්පු වී තිබෙනවා. ඉදිරිකාලයේදී ඔහු හිරේ විලංගුවේ වැටෙනවා. මිග් යානා ගනුදෙනුවෙන් හොරකම් කළ මුදල හොංකොං බැංකුවල තැන්පත් කර තිබෙනවා. එම මුදල් ඉන්දීය ජාතිකයන් පස්දෙනෙකු විසින් තැන්පත් කර තිබෙනවා” යැයි ඒ මහතා  වැඩිදුරටත් කියා සිටියේය.

  • නේවි සම්පත් සෙවීමට මහජන සහය පතයි

    නේවි සම්පත් සෙවීමට මහජන සහය පතයි

    පුද්ගලයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් නීති විරෝධී ලෙස රඳවාගෙන ඝාතනය කළ බවට චෝදනා එල්ල වී ඇති නේවි සම්පත් නොහොත් හෙට්ටිආරච්චිලාගේ චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි පිළිබඳ තොරතුරු දන්නේ නම් ළඟම පොලීසියට දන්වන ලෙස පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

    එසේ නොමැති නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් මැදිරියේ 0112422176 හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ 0112320141 සිට 145 දක්වා අංකවලට හෝ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ 0112393621යන දුරකථන අංකවලට දැනුම්දෙන ලෙසද පොලිස් මූලස්ථානය ඉල්ලා සිටියි.

    පුද්ගලයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් නීතිවිරෝධී ලෙස රඳවා තබාගෙන ඝාතනය කිරීමේ චෝදනාව මත නාවික හමුදා නිලධාරීන් කිහිප දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම සැකකරු සම්බන්ධයෙන්ද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තුවක් නිකුත් වී තිබෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

    scan0001

  • රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන් වර්ජනයකට ලෑස්ති වෙයි

    රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන් වර්ජනයකට ලෑස්ති වෙයි

    රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන් අතර ඇති වැටුප් විෂමතාවයන් හා තවත් ගැටළු කිහිපයක් විසඳීමට කටයුතු නොකරන නිසා පෙබරවාරි 05 වැනිදායින් පසු ඕනෑම මොහොතක ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ වැඩවර්ජනයක් ආරම්භ විය හැකි බව රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.  සමස්ත ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ටම දැඩි අසාධාරණයක් සිදුවී තිබෙන බවද එම සංගමයේ සභාපති වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා පවසා සිටියේය.

    මූලික වැටුපට අනුව දීමනා ලබාදීම නවතා දමා තිබෙන බවත්, බදුසහන යටතේ ලබාදුන් වාහන බලපත්‍රය කප්පාදු කිරීම, පොදුවේ රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප අහිමි කිරීම යන කාරණා මූලික කරගනිමින් මෙම වැඩවර්ජනය සිදුකරන බවත් ඒ මහතා සඳහන් කළ අතර වර්ජනය දියත් කිරීම සඳහා පළාත් මට්ටමින් දැනුවත් කිරීම් ආරම්භ කර තිබෙන බවත්, දින 05ක් තුළ මෙම ගැටලු විසඳීමට කටයුතු නොකළහොත් වැඩවර්ජනය සිදුකරන බවත් ඔහු අවධාරණය කළේය.ඇතිවී තිබෙන ගැටලු විසඳාගැනීම සඳහා බලධාරීන් සමග අවස්ථා ගණනාවකදීම සාකච්ඡා කළද මෙතෙක් ඒ සඳහා විසඳුම් ලැබී නොමැති බවද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

  • මැතිවරණ නීති උල්ලංඝනය කල 352ක් අත්අඩංගුවට…   අපේක්ෂකයින් 40ක් ඒ අතර

    මැතිවරණ නීති උල්ලංඝනය කල 352ක් අත්අඩංගුවට… අපේක්ෂකයින් 40ක් ඒ අතර

    එළැබෙන පෙබරවරෙි 10 දිනට යෙදී ඇති පළාත් පාළන මැතිවරණයේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ චෝදනාව යටතේ ඊයේ (31දා) දිනය වන විට පුද්ගලයන් 352ක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ අතුරින්,193 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ඡන්ද පෝස්ටර් ඇලවීම හා ළඟ තබා ගැනීමේ චෝදනාව මතය. පෝස්ටර්, බැනර්, ධජ ප්‍රදර්ශනය කරමින් වාහන ධාවනය කිරීම හා ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීමේ චෝදනාව මත 42ක් අත්අඩංගුවට ගෙන ඇත.

    බැන තර්ජනය කිරීම පිළිබඳ පැමිණිලි 103ක් ඊයේ (31දා) දිනය වන විට ලැබී තිබෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරන අතර  පහරදීමේ සිදුවීම් 48ක්, පෝස්ටර් හා කටවුට්වලට හානි කිරීමේ සිදුවීම් 40ක්, රජයේ වාහන හා රාජ්‍ය නිලධාරීන් මැතිවරණ කටයුතු වලට යොදා ගැනීමේ සිදුවීම් 04ක්ද වාර්තා වී තිබෙන බව පොලීසිය සඳහන් කරයි.

    දෙසැම්බර් 09 වන දින සිට ඊයේ (31දා) දිනය දක්වා කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිදුවීම් 126ක් හා මැතිවරණයට සම්බන්ධ සිදුවීම් පිළිබඳ පැමිණිලි 392ක් ලැබී තිබෙන බවත්, ඒ අනුව මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර තිබෙන බවත් අත්අඩංගුවට ගත් සැකකරුවන් 352න් 40ක් මෙවර මැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් බවත් පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.

     

  • මෙහෙයුම පැය 4 යි රථවාහන නඩු 3715 යි

    මෙහෙයුම පැය 4 යි රථවාහන නඩු 3715 යි

    30 වැනිදා රාත්‍රී 11.00 සිට 31 අලුයම 3.00 දක්වා දිවයිනේ සියලුම පොලිස් ස්ථාන ආවරණය වන ආකාරයට සිදුකළ මෙම මෙහෙයුමේදී මාර්ග බාධක 1308ක්  යොදා වාහන 20,913ක් සෝදිසි කිරීම්වලට ලක්කර තිබේ.එහිදී රථවාහන නඩු 3715ක් ලබාගෙන ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

    ඊට අමතරව පුද්ගලයන් 42,673ක් සෝදිසි කිරීම්වලට ලක්කර තිබෙන අතර, මෙම මෙහෙයුමේදී නීතිවිරෝධී මද්‍යසාර ලීටර් 3860ක්, හෙරොයින් ග්‍රෑම් 13යි මිලිග්‍රෑම් 94ක්, කංසා කිලෝග්‍රෑම් 11යි ග්‍රෑම් 293ක් සහ වෙනත් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 176ක් අත්අඩංගුවට ගෙන ඇත.

    බීමත්ව රිය පැදවූ රියදුරන් 719ක් අත්අඩංගුවට ගෙන තිබෙන අතර, වරෙන්තුකරුවන් 397ක්, විවිධ අපරාධවලට සැකපිට පුද්ගලයන් 554ක් සහ නීති විරෝධී ගිනිඅවි 05ක් අත්අඩංගුවට ගෙන ඇත. මත්පැන් පානය කර බීමත්ව අශෝභන ලෙස හැසිරීම හා දැව වැටලීම් නඩු 46ක්ද ලබාගෙන ඇතැයිද පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

  • එජාප උපනායක ධූරයෙන් රවීව ඉවත් කරනවා කියන පුවත බොරුවක්… මාරපන වාර්ථාවෙ රවීගෙ නම සඳහන් වෙලා නෑ

    එජාප උපනායක ධූරයෙන් රවීව ඉවත් කරනවා කියන පුවත බොරුවක්… මාරපන වාර්ථාවෙ රවීගෙ නම සඳහන් වෙලා නෑ

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් බැඳුම්කර ගණුදෙණු ගැන සෙවීමට පත්කල බැදුම්කර කොමිසම මගින් ඉදිරපත් කල වාර්ථාව  ගැන විමර්ෂණය සදහා පත්කල අමාත්‍ය තිලක් මාරපන මහතා විසින් අග්‍රාමාත්‍යවරයාට භාරදෙනු ලැබූ වාර්තාවේ රවී කරුණානායක මහතාගේ නම සදහන් නොවන බවත් රවී කරුණනායක මහතා මෙම බැඳුම්කර සිද්ධියට කිසිසේත්ම වග කිවයුතු නොවන බවත් අග්‍රාමාත්‍ය කාර්යාලයේ ආරංචි මාර්ග වල සඳහන් වේ. ‍

    මේ දිනවල විපක්ෂයේ අයවලුන් හා බැඳුම්කර සිද්ධියට සම්බන්ධ පක්ෂයේම කහිප දෙනෙක් රවී කරුණානායක මහතා මත වැරැද්ද පටවා ඔවුන්ගේ ගැලවිජිජාව සඳහා ඒ මහතා  පක්ෂයේ  දරන උපනායකධූරයෙන් ඉවත් කලයුතු යැයි පවසමින් ගෙන යන මාධ්‍ය ප්‍රචාරයන් වල කිසිඳු සත්‍යතාවයක් නොමැති බවත් රවී කරුණනායක මහතා ඒ වකවානුවේ සිටි මුදල් ඇමති වශයෙන් පැවති ඡෝදනා හමුවේ සිය ඇමති කමෙන් ඉල්ලා අස්වී ලාංකීය දේශපාලන ප්‍රවාහයට මනා ආදර්ශයක් දුන් බවත් අග්‍රාමාත්‍ය කාර්යාලයේ ජේෂ්ඨ ප්‍රකාශකයෙකු  ප්‍රකාශ ඇත.

  • ඇල්පිටිය ඡන්දය අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි

    ඇල්පිටිය ඡන්දය අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි

    එළැබෙන පෙබරවාරි 10ට යෙදී ඇති පළාත් පාළන මැතිවරණයේ ෙඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය පැවැත්වීම  අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (30) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. 
    එම අතුරු තහනම් නියෝගය වහාම මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත හා ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරියා වෙත යැවීමටද බුවනෙක අලුවිහාරේ, ප්‍රසන්න ජයවර්ධන, හා කේ.ටී. චිත්‍රසිරි යන ත්‍රිපුද්ගල විනිසුරු  මඬුල්ල එහිදී වැඩිදුරටත් නියෝග කළේය. 
    ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ විතානගේ ආරියරත්න, ඩී.කේ.ඕපාත, හා ඒ. දිසානායක යන තිදෙනා විසින් මෙම  මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම විභාගය ගෙන අවසන් වන තුරු බලපැවැත්වෙන පරිදි එම අතුරු තහනම නිකුත් කළේය. එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කොට තිබූ මැතිවරණ  කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඇතුළු සාමාජිකයන්ට හා ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරියා ඇතුළු වගඋත්තරකරුවන්ට ලබන 15 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි යැවීමටද විනිසුරු මඬුල්ල එහිදී නියෝග කළේය. ‍ෙ
  • චිචී බබා චිකේ බබා වෙයි … විවෘත වේදිකාවක ගීත වෙනස් කරමින් ජනපති මෛත්‍රීට මඩ ගසයි

    චිචී බබා චිකේ බබා වෙයි … විවෘත වේදිකාවක ගීත වෙනස් කරමින් ජනපති මෛත්‍රීට මඩ ගසයි

    පසුගිය දිනක පොහොට්ටුවේ අපේක්ෂකයින් දිනවීමේ පුංචි මීටිමක මහින්දගේ හිච්චි කොළුවා වන රෝහිත රාජපක්ෂ විසින් පිං මාළුවලේ ගීතය වෙනස් කරමින් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මඩ ප්‍රහිරයක් එල්ල කරන ලදී.එම ගීතය පොහොට්ටු පාක්ෂිකයන් විසින් හෙන ලොකු වැඩක් යැයි උලුප්වා දක්වමින් තමන්ගේ මුහුණු පොත් ගිණුම් වලට එක් කරමින් සිටින අතර එයින්ම පොහොට්ටු පාක්ෂිකයින්ගේ මානසිකත්වය මනාවට පැහිදිලි වේ.චිචී බබා වැනි සූකිරි බඩිල්ලන් දේශපාලන වේදිකාවට ගෙන ඒමෙන්ම පොහොට්ටුවේ තත්වය හිතාගත හැකිය.

    ශ්‍රීලනිපය නැවත එක්වුවහොත් නාමල්ගේ ජනාධිපති සිහිනය දවල් දැකපු එකක් වන නිසාත් දැන් දැන් චිචීවත් දේශපාලන වේදිකාවට නැංවීමෙනුත්  මහින්ද රාජපක්ෂට අවශ්‍ය රාජපක්ෂ සනුහරය උස්සා තැබීම මිස රටේ ජනතාව උස්සා තැබීම නොවන බව සක්සුදක් සේ පැහැදිලි වෙමින් පවති.

    අහෝ පොහොට්ටු පාක්ෂිකයිනි ඔබලාට අබ සරණයි!!

    https://www.facebook.com/supirigossip1/videos/1574382285930705/