Tag: breaking post

  • අග්‍රගන්‍ය අධ්‍යක්ෂකවරයෙක් මෙන්ම තිර පිටපත් රචකයෙක්ද වූ ධර්මසේන පතිරාජ මහතා අපෙන් සමුගනී

    අග්‍රගන්‍ය අධ්‍යක්ෂකවරයෙක් මෙන්ම තිර පිටපත් රචකයෙක්ද වූ ධර්මසේන පතිරාජ මහතා අපෙන් සමුගනී

    විශිෂ්ඨ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් මෙන්ම තිර පිටපත් රචකයෙක් වෙන ධර්මසේන පතිරාජ මහතා අභාවප්‍රාපත් වී ඇත.කලක් අසනීප තත්ත්වයෙන් පෙළුණු ඒ මහතා මිය යන විට 74 වැනි වියේ පසුවිය.නුවර ධර්මරජ විද්‍යාලයේ ආදි සිසුවෙක් වන ධර්මසේන පතිරාජ මහතා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකි.අවසන් කටයුතු මහනුවරදී පැවැත්වීමට නියමිතය.

    ජනාධිපත සම්මාන පවා හිමිකරගෙන ඇති ඒ මහතාගේ චිත්‍රපට අතර බඹරු ඇවිත් චිත්‍රපටය සුවිශේෂී වන අතර මතු යම් දවස, සොල්දඩු උන්නැහේ, එයා දැන් ලොකු ළමයෙක්, අහස් ගව්ව වැනි චිත්‍රපට නිර්මාණය කළ ඒ මහතා මායා මන්දිර, දුර්ගාන්තය,සුබ අනාගතයක්, කඩුල්ල, පුර සක්මන 2, වන්නි හාමිගේ කතාව ඇතුළු ටෙලි නාට්‍ය කිහිපයක්ද අධ්‍යක්ෂණය කර තිබේ.

     

  • පෙබරවාරි 8 බැඳුම්කරය  විවාදයට ගන්න කියා අගමැති කථානායකට කියයි

    පෙබරවාරි 8 බැඳුම්කරය විවාදයට ගන්න කියා අගමැති කථානායකට කියයි

     

      බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාද කිහිපයක් පැවින් අලුත් දෙයක් නොවන නිසා බැඳුම්කර වාර්තාව හා බරපතල වංචා පිළිබඳ වාර්තාව සම්බන්ධයෙන් වන විවාදයක් සඳහා පාර්ලිමේන්තුව පෙබරවාරි 08දා කැඳවන ලෙසට තමන් කතානායක කරු ජයසූරිය මහතාට දැනුම් දුන් බව ඊයේ (27) දෙනියායේ පැවැති මැතිවරණ රැළියක් අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත.

  • ඔය කුණු කන්ද, අලුත් දේශපාලන කුණු කූඩේ, ඔය වසංගතේ, ජී.එල්.පීරිස්ගේ කුණු කාණුව,  ඕක දාලා එන්න. මං ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආණ්ඩුවක් හදන්න හෙට වුනත් ලෑස්තියි

    ඔය කුණු කන්ද, අලුත් දේශපාලන කුණු කූඩේ, ඔය වසංගතේ, ජී.එල්.පීරිස්ගේ කුණු කාණුව,  ඕක දාලා එන්න. මං ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආණ්ඩුවක් හදන්න හෙට වුනත් ලෑස්තියි

    ඊයේ (27) සවස එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රත්නපුර රැළිය අමතමින් ජනපති මෛත්‍රී මෙසේ පවසන ලදී ,

    “අපිට කියනවා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආණ්ඩුවක් හදනව නම් එකට එකතු වෙනවයි කියලා. මම ඒ ගොල්ලන්ට කියනවා 2015 අගොස්තු මැතිවරණයේදී ජයග‍්‍රහණය කරපු ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප‍්‍රමුඛ සන්ධානයේ මන්ත‍්‍රීවරු අනූහයදෙනා මාත් එක්ක හෙට එකට හිටගන්නව නම් මම ලැස්තියි ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආණ්ඩුවක් හදන්න.  

    ඔය කුණු කන්ද, අලුත් දේශපාලන කුණු කූඩේ, ඔය වසංගතේ, ජී.එල්.පීරිස්ගේ කුණු කාණුව,  ඕක දාලා එන්න. මං ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආණ්ඩුවක් හදන්න, හෙට ලෑස්තියි. හෙට උදේට එන්න අපේ ගෙදරට අනූහය මාත් එක්ක එකට හිටගන්න, මං ආණ්ඩුවක් හදලා පෙන්වන්නම්.

    මගේ ඇඟේ තියෙන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ලේ. මගේ ඇඟේ තියෙන්නේ දූෂණයට, නාස්තියට, පවුල්වාදයට, ඒකාධිපතිත්වයට විරුද්ධ ලේ”

  • චීන පෙට්ටි වල මෙච්චර කල් තිබ්බ බ්රේක් එකපාරට නෑ කියන්නෙ දේශපාලන හේතුවකටයි…

    චීන පෙට්ටි වල මෙච්චර කල් තිබ්බ බ්රේක් එකපාරට නෑ කියන්නෙ දේශපාලන හේතුවකටයි…

    චීන මැදිරි සහිත දුම්රිය වල තිරිංග ක්‍රියාකාරීත්වයේ ඇති අනතුරුදායක බව නිසා ඒවායේ සේවයෙන් ඉවත්වන බව දුම්රිය රියැදුරන් හා නියාමකවරුන් දැන් කියා සිටියද මීට වසර කිහිපයකට පෙර දකුණු දුම්රිය මාර්ගයේ ගමන් කළ රුහුණු කුමාරි සහ සාගරිකා දුම්රිය සඳහා එම මැදිරි යොදවා තිබූ සමයේ රියැදුරන් ඒවා පැයට කිලෝමීටර් 100 කටත් වැඩි වේගයකින් ධාවනය කළ අවස්ථා බොහෝ තිබූ බව එම දුම්රිය වලින් අගනුවර කාර්යාල සේවයට පැමිණෙන දකුණු පළාතේ දුම්රිය මගීන් පිරිසක් පුවත්පතකට අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත.

    ඔවුන් වැඩිදුරටත් පවසා සිටියේ ඉන්දියාවෙන් ගෙන්වූ එස් 11 බලවේග කට්ටල එම දුම්රිය සඳහා යොදවන තුරු එම දුම්රිය වලට යොදවා තිබුණේ තිරිංග ක්‍රියාකාරීත්වයේ දෝෂ පවතින බවට දුම්රිය රියැදුරන් සහ නියාමකවරුන් චෝදනා කරන චීන දුම්රිය මැදිරි බවය.

    එහෙත් එවකට මෙම මැදිරිවල සම්බන්ධ එවන් අවදානමක් තිබූ බව එම දුම්රිය වලින් නිතිපතා අගනුවර පැමිණෙන දුම්රිය දෙපාර්තමේන්තු සේවකයෙකු වත් නොකී බවත් එවන් දෝෂයක් මේ දිනවල ඉස්මතු කොට දක්වනුයේ කිසියම් දේශපාලනික අරමුණක් මුල් කොට මහජන පීඩාවක් ඇතිකිරීමට  බවටත් තමන් තුළ සාධාරණ සැකයක් පහල වී ඇතැයි ඔවුහු මේ පිළිබඳව වැඩිදුරටත් ප්‍රකාශ කර ඇති අතර කෙසේ හෝ දුම්රිය රියැදුරන් සහ නියාමකවරුන් හදිසියේ ඉස්මතු කළ මෙම තිරිංග දෝෂය පිළිබචඳව වැඩිදුරටත් විමසීම පිණිස පසුගිය දිනයක මෙම මැදිරි යෙදූ විශේෂ දුම්රියක් අනුරාධපුරය දක්වා නිරීක්ෂණ චාරිකාවක යෙදුණු බවත් රියැදුරන් සහ නියාමකවරුන්ගේ ප්‍රකාශ තුළ ඇති කරුනු වල සත්‍යතාව එම නිරීක්ෂණ වාර්තාවෙන් ඉදිරි දින කිහිපය තුළ හෙළි වන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් එම පුවත්පතටම පවසා ඇත.

    ඒ කෙසේ හෝ මෙහි කිසියම් සත්‍යතාවයක් තිබුණහොත් රුපියල් කෝටි ගණනක් වටිනා දුම්රිය මැදිරිවල කුමක් සිදුවේ දැයි ඔහුගෙන්  ඇසූ පැනයට එම ප්‍රකාශකයා කියා සිටියේ එසේ වුවහොත් චීන තාක්ෂණික උපදෙස් මත එම දෝෂ යථා තත්ත්වයට පත් කළ හැකි බවයි. ඒ කෙසේ හෝ එවැන්නක් අවශ්‍ය නොවනු ඇතැයි තමන් පෞද්ගලිකව විශ්වාස කරන බව ඔහු වැඩි දුරටත් පවසා ඇත.

  • මේ අවුරුදු තුනේ රජයේ කිසිඳු අනුමැතියක් නැතිව භාණ්ඩාගාරයට එන සල්ලි පුද්ගලික සමාගම් වලට හැරවිලා

    මේ අවුරුදු තුනේ රජයේ කිසිඳු අනුමැතියක් නැතිව භාණ්ඩාගාරයට එන සල්ලි පුද්ගලික සමාගම් වලට හැරවිලා

     

    “මේ අවුරුදු තුනේ රජයේ කිසිඳු අනුමැතියක් නැතිව භාණ්ඩාගාරයට එන සල්ලි පුද්ගලික සමාගම්වලට යන්න හැරවිලා තිබෙනවා. ඒකෙන් භාණ්ඩාගාරයට එන විශාල මුදලක් අහිමි වෙලා තිබෙනවා. රජයේ ආදායමෙන්.ඒ කාරණා සෙයා බලපුවාම රජයටත් සම්බන්ධ සිටි සිටින ඇතැම් අයගේ ව්‍යාපාරවලටත් වාසි දායක ලෙසට තමයි මේ රජයේ ආදායම් පුද්ගලික ආයතනවලට යන්න හදා තියෙන්නේ. මේක බොහොම සුක්ෂමව මේ අවුරුදු තුනක කාලයේදී කරලා තිබෙනවා.” යයි ඊයේ (26) පැවති මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවේදි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර ඇත.

  • බැඳුම්කර වාර්ථාව හදිසියේම හෙළි කල ඇත්තම හේතුව ජනපතිගේ හඬින් (audio)

    බැඳුම්කර වාර්ථාව හදිසියේම හෙළි කල ඇත්තම හේතුව ජනපතිගේ හඬින් (audio)

    බැඳුම් කර කොමිසමේ වාර්ථාව හදිසියේම හෙළිකරන්නට වූ ඇත්ත හේතුව ජනපති මෛත්‍රී හෙළිකරයි…

    එම හඬපටය පහතින්,

  • FBI ප්‍රශ්න කිරීම් වලට මං බය නෑ… – ට්‍රම්ප්

    FBI ප්‍රශ්න කිරීම් වලට මං බය නෑ… – ට්‍රම්ප්

    පසුගිය ජනාධිපතිවරණයේදී ට්‍රම්ප්ට වාසි ගෙනදෙන අයුරින් රුසියානු අතපෙවීමක් සිදුව ඇති බවට කෙරෙන චෝදනාව මැතිවරණය අවස්ථාවේදී පවා පැවතුණු අතර  ඩිමොක්‍රටික් පක්ෂයෙන් එම චෝදනාව දැඩිව නැගුණි.එම ඡෝදනා වලට පිළිතුරු වශයෙන් හා වත්මන් තත්වයන් හේතුවෙන් 2016 ඇමෙරිකානු ජනාධිපතිවරණය සමයේ සිදුවූයේ යැයි කියන රුසියානු අතපෙවීම සම්බන්ධයෙන් FBI ආයතනය සිදුකරන පරීක්ෂණයේදී තමන් ඔවුන්ගේ ප්‍රශ්න කිරීම්වලට මුහුණදීමට සූදානමින් සිටින බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

     

  • GMOA දොස්තරලා  දීප ව්‍යාප්ත වර්ජනයකට සැරසෙයි

    GMOA දොස්තරලා දීප ව්‍යාප්ත වර්ජනයකට සැරසෙයි

    සයිටම් ආයතනය අහෝසි නොකිරීම, වැඩි වූ මුලික වැටුපට අනුව දීමනා ඉහළ නොදැමීම ඇතුළු ගැටලු ගණනාවක් මුල්කර ගනිමින් ජනවාරි 30 වන දින උදේ 8.00 සිට දීපව්‍යාප්ත  වැඩවර්ජනයක් සිදුකිරීමට රජයේ වෛද්‍ය  නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව තීරණය කර තිබෙන බව එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කරයි.

    මෙම දිනට පෙර ගැටලු විසඳීමට නොහැකි වුවහොත් වැඩවර්ජනය සිදුකිරීම වළක්වා ගැනීමට නොහැකි වන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩි දුරටත් සඳහන් කරයි.

  • බැසිල්ගේ බට නඩුව ජූනි 5 දා සිට

    බැසිල්ගේ බට නඩුව ජූනි 5 දා සිට

    පසුගිය ජනාධිපතිවරණ සමයේදී ප්‍රාදේශීය සභා වලට ජී.අයි. යකඩ බට බෙදාහැර රජයට රුපියල් කෝටි 3 1/2 කට අධික පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාට සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධක්‍ෂක ජනරාල්වරයාට එරෙහි නඩුව ලබන ජුනි මස 04 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා අද (25දා)නියම කළේය.

    2014 ඔක්තෝබර් 31 වැනිදාත්, දෙසැම්බර් 31 වැනිදාත් අතර කාලයේ කොළඹදී ජනාධිපතිවරණය ආසන්න අවස්ථාවේදී ප්‍රාදේශීය සභා අතර රුපියල් 36,509,127.78ක් වටිනා ජී.අයි. යකඩ බට බෙදාහැර රජයට රුපියල් 36,509,127.78ක පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා තුනක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා ඇති අතර මෙලෙස චෝදනා ලබා සිටිනු‍යේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධක්‍ෂක ජනරාල් ආර්.ඒ.පී. රණවක මහතාය.

  • පවුල් 137කට බෙදා දීමට නියමිතව තිබූ නිල ඡන්ද පත්‍රිකා 288ක් එක ගෙදරක

    පවුල් 137කට බෙදා දීමට නියමිතව තිබූ නිල ඡන්ද පත්‍රිකා 288ක් එක ගෙදරක

    මුලතිව්, පුදුකුඩිඉරිප්පු, විශ්වමඩු උපතැපැල් කාර්යාලයෙන් පුදුකුඩිඉරිප්පු තේරාවිල්හි පවුල් 137කට බෙදා දීමට නියමිතව තිබූ නිල ඡන්ද පත්‍රිකා 288ක් පුද්ගලයෙකු හරහා ඡන්ද හිමියන්ට ලබාදීමට නියමිතව තිබුණද, එම ඡන්ද පත්‍රිකා මුලතිව් විශ්වමඩු තේරාවිල් ප්‍රදේශයේ නිවසක දමාගොස් තිබියදී පුදුකුඩිඉරිප්පු පොලීසියට ලැබුණු තොරතුරකට අනුව අද (25දා) සොයාගෙන ඇත.

    මේ සම්බන්ධයෙන් අදාළි නිවසේ හිමිකරුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට පොලීසිය කටයුතු කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ උතුරු පළාත් නිලධාරීන් හා පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

  • සල්ලි එකතු කරල දීලත් ගෙන්න ගන්න බැරිව හිටපු පෙට් ස්කෑනර් එක ගෙන එයි

    සල්ලි එකතු කරල දීලත් ගෙන්න ගන්න බැරිව හිටපු පෙට් ස්කෑනර් එක ගෙන එයි

    අපේ රටේ කාරුණික ජනතාවගේ ධන පරිත්‍යාගයෙන් මහරගම අපේක්ෂා රෝහල තුළ ස්ථාපිත කිරීමට නියමිත පෙට් ස්කෑනර් යන්ත්‍රය ගුවන් මගින් ශ්‍රී ලංකාවට රැගෙන ආ බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසන අතර මෙම යන්ත්‍රය අප්‍රේල් මාසයට ප්‍රථම මහරගම අපේක්ෂා රෝහලේ සවිකර ස්කෑන් පරීක්ෂණ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

    රුපියල් මිලියන 202ක් වැය කරමින් ජර්මනියේ ‘සීමන්ස්’ වෙළෙඳ සමාගමෙන් මෙම යන්ත්‍රය මිලදී ගෙන ඇති මෙම යන්ත්‍රයෙන් පිළිකා රෝගය සියුම්ව හඳුනාගත හැකි අතර, මසකට ස්කෑන් 100 කට වැඩි සංඛ්‍යාවක් සිදුකළ හැකිය.

     

  • සයිටම් ප්‍රශ්නය ගැන උද්ඝෝෂණ පැවැත්වීමට පෙර පුළුල් ලෙස සාකච්ඡා පැවැත්වීම වැදගත් බව රජයේ විශ්වාසයයි

    සයිටම් ප්‍රශ්නය ගැන උද්ඝෝෂණ පැවැත්වීමට පෙර පුළුල් ලෙස සාකච්ඡා පැවැත්වීම වැදගත් බව රජයේ විශ්වාසයයි

    දිගු කාලයක් පුරා ඇදි ඇදී යමින් තිබූ සයිටම් ගැටලුව සම්බන්ධයෙන් රජය විසඳුම් ඉදිරිපත් කර ඇති බවත් ඒ සඳහා සාකච්ඡා කිරීමට අවශ්‍ය නම් අමාත්‍යවරුන් සූදානමින් සිටින බවත් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතාගේ අත්සනින් යුත් නිවේදනයක් අද (24දා) නිකුත් විය.

    එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ සයිටම් සම්බන්ධයෙන් රජය ඉදිරිපත් කළ යෝජනා ජනවාරි 29 දා ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් මගින් ඉදිරිපත් කිරීමට රජය විසින් නීතිපතිවරයාට පවසා ඇති බවයි.එහෙයින් උද්ඝෝෂණ පැවැත්වීමට පෙර පුළුල් ලෙස සාකච්ඡා පැවැත්වීම වැදගත් බව රජය විශ්වාස කරන බවත් එම නිවේදනයේ දැක්වෙයි.

    1

    2

  • නාමයෝජනා ප්‍රතික්ෂේප වීමට එරෙහිව පොහොට්ටුව දැමූ පෙත්සම් 6ක් ඉල්ලා අස්කර ගනී

    නාමයෝජනා ප්‍රතික්ෂේප වීමට එරෙහිව පොහොට්ටුව දැමූ පෙත්සම් 6ක් ඉල්ලා අස්කර ගනී

    මෙවර පළාත් පාලන මැතිවරණයේදී මහරගම පානදුර, මහියංගනය,අගලවත්ත, තිරප්පනේ , වැලිගම , යන පළාත් පාලන ආයතනයන් සදහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නාම යෝජනා පත්‍ර  ප්‍රතික්ෂේප වීම හේතුවෙන්  ඊට එරෙහිව  අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබූ රිට් පෙත්සම් 6 ක් එම පක්ෂය විසින් අද (24) ඉල්ලා අස් කර ගන්නා ලදී.ඒ මෙම කරුණ සම්බන්ධයෙන් පොදුජන පෙරමුණ විසින් ⁣ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 6 ම  ,  පෙත්සම් විභාගයට නීතිමය පදනමක් නොමැති  බව කියමින් ශ්‍රේෂ්ඨාධිකරණ  විසින් විභාගයට නොගෙනම ඉවත දැමීම හේතුවෙනි. 

    අභියාචනාධිකරණය සභාපති විනසුරු  ප්‍රීති පද්මන් සූරසේන විනිසුරු මඩුල්ල හමුවේ  අද  මෙම පෙත්සම කැදවූ අතර එහිදී ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා විසින් පොදුජන පෙරමුණ වෙනුවෙන් මෙම පෙත්සම් ඉල්ලා අස් කර ගන්නා ලදී.

     

  • දුම්රිය වර්ජනය තව දුරටත්

    දුම්රිය වර්ජනය තව දුරටත්

    දුම්රිය සේවකයින් විසින් ඊයේ (23) මධ්‍යම රාත්‍රීයෙන්  ආරම්භ කරන ලද මෙම  තිරිංග දෝෂ සහිත චීන මැදිරි  වලින්  යුත් දුම්රිය ධාවනය කිරිමෙන්  වැළකී  සිටිමේ වෘත්තිය ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක කරන බව ලෙකොමොටිව් ඔපරේටින් ඉංජිනියර්ස් රියදුරු සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පවසයි. 

    සෙසු දුම්රියෙන් සාමාන්‍ය පරිදි ධාවනය වන අතර මේ හේතුවෙන් යාල්දේවි  දුම්රිය ඇතුළු දුම්රිය 8 ක් අද (21) උදේ වරුවේ අවලංගු කළ බවත් ගැටලුවට විසඳුමක් ලබාදීම සඳහා  දුම්රිය සාමාන්‍යාධිකාරි මහානාම අබේවික්‍රම මහතා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇති බවත් දුම්රියේ ආරංචි මාර්ග වල සඳහන් වේ.

  • තේ කුරුමිණියා ගැන පරීක්ෂණ කරන්න රුසියානු කණ්ඩායමක් ලංකාවට

    තේ කුරුමිණියා ගැන පරීක්ෂණ කරන්න රුසියානු කණ්ඩායමක් ලංකාවට

    පසුගිය මාසයේ  ශ්‍රී ලංකාවේ තේ තොගයක් සමග කෘමියෙක් සිටීමේ සිද්ධිය පිළිබඳ පරික්ෂණ සඳහා රුසියානු රජයේ නිරෝධායන නිලධාරින් සිව්දෙනෙකු ගෙන් යුත් කණ්ඩායමක් පෙබරවාරි 3 වැනි දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර මෙම කණ්ඩායම මෙරට නිරෝධායන නිලධාරින් සමඟ සාකච්ඡා කොට ඉදිරි පරික්ෂණ කටයුතු සැලසුම් කරනු ඇතැයි ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ අද (24) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා ප‍්‍රකාශ කළේය. 

    ශ්‍රී ලංකා තේ කන්ටේනරයෙන් අසුවූ කෘමියා මෙරටින් වාර්තා නොවූ බව තහවුරු වී ඇති අතර එම තේ තොගය ප‍්‍රවාහනය කළ කන්ටේනරය වෙනත් රටකින් පැමිණ ඇති එකක්  බවත් ඒ අනුව එම කෘමියා වෙනත් රටකින් කන්ටේනරයට එක්වන්නට ඇතැයි සිතිය හැකි බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේය.

  • පුංචි ඡන්දයෙන් පසු කැබිනට් සංශෝධනයක්

    පුංචි ඡන්දයෙන් පසු කැබිනට් සංශෝධනයක්

    රටට, ජනතාවට හිතකර ආකාරයට රට පාලනය කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එලැඹෙන පළාත් පාළන මැතිවරණයෙන් පසු කැබිනට් මණ්ඩල සංශෝධනයක් කිරීමට වැඩි ඉඩකඩක් ඇති බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (24දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ  ක‍ළේය.

    පක්ෂ දෙකක් එකතු වී යහපාලන ආණ්ඩුවක් ලෙස ක්‍රියාත්මක වන නිසා අදාළ සංශෝධනවලදී කිසිදු පක්ෂයකට ගැටලුවක් ඇති නොවන ආකාරයට මෙය සිදුවිය හැකි බවද එතුමන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.