Tag: breaking post

  • ලංකා ක්‍රිකට් ඉතිහාසයේ දරුණුම පලිගැනීම

    ඉදිරි එක්දින තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (15) දින නම් කරනු ලැබුවත් ලසිත් මාලිංග සංචිතයේ හිටියේ නැහැ. මේ කියන්න යන්නේ ඒ ගැන, අපි හැමෝටම දුක හිතෙන කතාවක්. 

    මාලිංග ඉදිරි තරඟාවලියේ ක්‍රීඩා කරන්නේ නැහැ වගේම ඉදිරියත් කවදාවත්ම ලසිත් මාලිංග නොහොත් yoker king ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරනවා දකින්න වෙන්නේ නැහැ.

    මේකට මුලිකම හේතුව වෙලා තියෙන්නේ මාලිංග ක්‍රිකට් පරිපාලනය ගැන මධ්‍යයේ දෙහි කපපු එක. මාලිංග වෙනුවෙන් පරිපාලනය ඇටවූ උගුලේ ගැඹුර කිවහොත් අවුරුද්දේ හොඳම 20/20 පන්දු යවන්නා සම්මානය ලැබී මාස 3ක් යාමට මත්තෙන් කණ්ඩායමෙනුත් ඉවත් කරලා. මේ පළිගැනීමේ සැලසුම ගැන තවත් තහවුරු වෙයි මේ  ටිකත් කියවුවහම

    “අපි ලසිත් මාලිංගගේ ක්‍රිකට් ඉවර කරා” මේ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ ප්‍රභල සාමාජිකයන් දෙදෙනෙක් තමන්ගේ හිත මිතුරන්ට කියලා තිබුණ කතාවක්. ඉතිං තව කතා මොකටද. ආයිත් අපිට මාලි ලංකාව වෙනුවෙන් එක්දින හෝ විස්සයි විස්ස තරගාවලියකට සෙල්ලම් කරනවා දකින්න ලැබෙන්නේ නෑ. හැබැයි සමහර විට තව එකම එක දවසක් මාලිංග රට වෙනුවෙන් සෙල්ලම් කරනවා අපිට දකින්න ලැබෙයි. ඒ අනිවාර්යයෙන් මාලිංගගේ සමුගැනීමේ තරගය වෙයි. අපි බොහොම විශ්වාසයෙන් ඒ ගැන කියන්නේ අපිට ලැබුනු අතිශයින්ම විශ්වාසවන්ත තොරතුරු වලට අනූවයි.

    මොකද ක්‍රිකට් පරිපාලකයෝ තීරණය කරලා තියෙනවා ලසිත් මාලිංග ක්‍රිකට් වලින් සමුගන්න තීරණය කරොත් විතරක් ඒ වෙනුවෙන් එකම එක තරගයක් ලබා දෙන්න. ඒ හැරෙන්න ලංකාව වෙනුවෙන් කිසිම තරගාවලියකට මාලිව ගන්නේ නෑ කියලයි පරිපාලකයෝ තීරණය කරලා තියෙන්නේ.

    ඉතිං මේ ගැන ලසිත් මාලිංගගේ පාර්ශවයෙන් අපි විමසීමක් කරා. එතකොට අපිට දැන ගන්න ලැබුනේ මාලිංග මේ සම්බන්ධව කිසිම දෙයක් කියන්න කැමති නැති බවයි.

    “මම කර බා ගෙන ඉන්නවා, එච්චරයි කියන්න තියෙන්නේ” මේ තමයි මාලිංග අපිට එවූ ප්‍රතිචාරය.

  • ජී.එල් ගේ නිදිමත නිසා එකතු වීමේ අවසන් පියවරත් සුං

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන එක්සත් පෙරමුණ එකතු කිරීමේ අවසන් වෑයම වශයෙන් අතුරලියේ රතන හිමියන් පසුගිය දිනක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූ අතර එහිදී පොදුජන එක්සත් පෙරමුණේ නායකත්වය මහින්දට දීමටත් අවශ්‍යනම් තව ඉහල තනතුරක් බැසිල්ට දීමටත් ජනපති එකඟ වී ඇත.ඒ අනුව දෙපාර්ශවයම පුටුව ලකුණින් තරඟ කිරීමට එකඟ කර ගැනීමට රතන හිමියන් මහින්ද රාජපක්ෂ මහතාව හමුව ඇති අතර එහිදී මහින්ද මහතා කියා ඇත්තේ “මගෙ ප්‍රශ්නයක් නෑ.. එකතු වෙන්න ඕනනම් බැසිල් එක්ක කතාකරන්න” කියලායි.

    ඒ අනුව පදනම් ආයතනයේදී රතන හිමි විසින් බැසිල් ,ජීඑල්,නිමල් සිරිපාල හා ඩිලාන් යන මහත්වරු හමුවූ අතර ජනාධිපති තුමා දෙගොල්ලො එකතු කරන්න පුළුවං ඕනම දේකට එකඟයි… අපි එකතු වෙලා ඡන්දෙ ඉල්ලමු කියල නිමල් සිරිපාල ද සිල්වා කියද්දී එයට හරස් ීඋන ජී.එල් අපි පොදුජන පෙරමුණ විදිහට තනි තීරණයක් ගන්න බෑ… ඒකබද්දයෙන් අහන්න ඕන කියල කියා සිටියා.ඒකාබද්දය මෙතන ගන්න තීරණයට එකඟයි අවශ්‍ය නම් සීබී මහින්දානන්ද පවිත්‍රා අපි මෙතෙන්ට ගෙන්නන්නම් යයි ඩිලාන් පෙරේරා කියා සිටියා.ඩිලාන් එහෙම කියද්දි එකතු වුනොත් තමන්ට සියල්ලම නැති වෙන බව දන්නා ජීඑල් දැන් මට නිදිමතයි පස්සෙ කතා කරමු කියල නැගිටල යන්න හැදුවා.මේ වෙලාවෙ නිමල් සිරිපාල ද සිල්වට කේන්ති ගිහින් අපිටත් කියල ආත්ම ගෟරවයක් තියෙනවා අන්තිම මොහොතෙත්  මෙහම එකතු වෙන්න කතාකරන්නෙ මහින්ද මහත්තයයි සිරිසේන ජනාධිපති තුමයි කියන නිසා කියල කිව්වා…කෙසේ වුවත් සාකච්ඡා අතරමග දමා නිදිමත ජීඑල් නැගිට යද්දී බැසිලුත් ඒ පස්සේම යන්න ගියා කියලයි දේශපාලන ආරංචි මාර්ග වල සඳහන් වෙන්නේ…

  • අලියාගේ වලිගය වෙනවට වඩා මැස්සාගේ ඔළුව වෙන එක හොඳයි කියන තියරියේ තමයි නාමල් ඉන්නේ…(Video)

    බැසිල් හිතන් ඉන්නෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැරදුනොත් තමයි එයාගෙ අකටයුතු කම් වලින් එයාට ආරක්ෂා වෙන්න පුළුවං කියල… මහින්ද හිතන් ඉන්නෙ ශ්‍රී ලංකා එක පැරදුනොත් තමයි 2025 නාමල්ට තැනක් හදාගන්න පුළුවං කියලා… නාමල් හා නවක මන්ත්‍රී වරුන්ට ශ්‍රීලංකා එක නැවත එකතු උනොත් කිසි තැනක් ලැබෙන්නෙ නැති නිසා අලියාගේ නැට්ට වෙනවට වඩා මැස්සගේ ඔළුව වෙන එක හොඳයි කියල හිනෙවා … අන්න ඒ නිසයි මේ ගොල්ලො එකතු වෙන්න කැමති නැත්තෙ…

  • ජේ.ආර් ප්‍රේමදාසගේ කකුලෙන් ඇද්දෙ නෑ… චන්ද්‍රිකා මහින්දගෙ කකුලෙන් ඇද්දෙ නෑ… ඒත් මහින්ද ? (Video)

    ජේ.ආර් ප්‍රේමදාසගේ කකුලෙන් ඇද්දෙ නෑ… චන්ද්‍රිකා මහින්දගෙ කකුලෙන් ඇද්දෙ නෑ… ඒත් මහින්ද ?

  • ශ්‍රී ලංකා එකේ ඡන්ද වලින් දිනල ශ්‍රී ලංකා එකටම වලකපන පොහොට්ටුවන්ට මෙදා පොටේ බඩු බනිස්…(Video)

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ කරල පාර්ලිමේන්තු ගිහින් අද කවදාවත් නොපිපෙන පොහොට්ටුවක් පුප්පන්න වලි කන ඒකබද්ධ විපක්ෂයේ මන්ත්‍රී වරු මෙවර පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රීලනිපයේ පක්ෂ විය්‍යවස්ථාවට අනුකූල නොවන අයුරින් වෙනත් කිසියම් පක්ෂයක ජයග්‍රහනය වෙනුවෙන් කටයුතු කලහොත් ඔවුන් පිළිබඳව නීතිප්‍රකාරව කටයුතු කරන බව ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ලේකම් දුමින්ද දිසානායක මහතා අනුරාධපුර පුදේශයේ පරවති රැස්වීමකදී කිය සිටියේය.

  • රොෂාන් පිලපිටිය කියන්නේ ද්විත්ව ලිංගිකයෙක් / වංචාකාරයෙක්

    කාලයක් ටෙලි නාට්‍ය නිලි චතුරිකා පීරිස් සමග විවාහ වී සිටි, හඟුරන්කෙතින් පැමිණි ජනප්‍රිය නළු රොෂාන් පිලපිටිය, චතුරිකා සමග අවුරුදු 7ක් පවුල් කා, ඇගෙන් දික් කසාද වුණා.

    ඒ දවස්වල ඒ සම්බන්ධයෙන් බොහෝ චෝදනා එල්ල වූයේ චතුරිකාටයි.

    එසේ වූයේ රොෂාන්, ඔහුට සුපුරුදු අහිංසක පෙම්වතාගේ බොරු ප්‍රතිරූපය මාධ්‍ය ඉදිරියේ දිග හරිමින් අහිංසක පාට් එක රඟපෑම නිසා බව දැනටමත් සනාථ වී හමාරයි.

    වැරදි කරමින්, ගෑණුන්ට පහර දෙමින්, හැමදාම ඔහු දිනුවේ මාධ්‍ය ඉදිරියේ බබා පාර්ට් රඟපාමිනි.

    ලංකාවේ බොහෝ පොලිසි වල සහ වෙනත් ආයතන වල රොෂාන් ට විරුද්ධව ගොනුවූ පැමිණිලි බොහෝ තිබෙන බවට දැන් ආරංචි ලැබෙමින් පවතී. මේවා බොහොමයක් ඔහු අමාරුවේ දැමූ කාන්තාවන්ගෙන් එල්ල වූ ඒවා බවයි පැවසෙන්නේ.

    • දිය යටින් ගින්දර ගෙනයාමේ හපනෙක් වන රොෂාන්, ඉන් අනතුරුව ඔහුගේ ඥාති සහෝදරියක් වන ඇමරිකාවේ පදිංචිව සිටි, සන්ඩේ ලීඩර් හිටපු ජනමාධ්‍යවෙදිනී සුනාලී රත්නායක සමග වසර පහක ප්‍රේම සම්බන්දතාවයක් පවත්වාගෙන ගියේ, ඇයව විවාහ කරගන්න පොරොන්දු දීය.

    රොෂාන් ගේ සහ සුනාලී ගේ පවුල් වලින්ද මෙම සම්බන්ධයට ආශීර්වාද ලැබී තිබුණ නමුදු, රොෂාන් දවසින් දවස විවාහය කල් යවමින්, සුනාලී ගෙන් යැපෙමින්, ආර්ථික වාසි ලබමින්, සුනාලී ගේ වියදමින් විදෙස් සංචාර ගණනාවකට සහභාගී වෙමින්, ඇමරිකාවේ ලාස් වෙගාස් නුවර සුපිරි සංගීත සංදර්ශන පවා සුනාලී ගේ වියදමින් නරඹමින්, මැලේසියාව, තායිලන්තය වැනි රටවල පවා ඇය ගානේ විනෝද සංචාර යමින්, ඇගේ පෙම්වතා ලෙස වසර පහක් පුරාවටම ඇගෙන් දැඩි ලාභ ප්‍රයෝජන ලබමින් ඇයව රවටමින් ජොලියේ ජීවත් වුණා.

    • සුනාලී රත්නායකගෙන් රුපියල් ලක්ෂ පනහකට අධික මුදලක් ද රොෂාන් ලබාගෙන තිබෙන බවට හෙළි වී ඇත. ඒ, විටින් විට ඔහුගේ ආර්ථික අපහසුතා ඇයට පවසමිනි. ඇයද ඔහු සමග අනාගතයක් පතමින්, ඔහුට ප්‍රිය බිරිඳක් වීමේ අපේක්ෂාවෙන්, ඔහුව විශ්වාස කරමින්, ඔහුට අවංකව ආදරේ කළ බැවින්, රොෂාන් ට අත දිගහැර වියදම් කිරීමට සුනාලී කිසිවිටෙකවත් පැකිලුනේ නැත. නමුත් රොෂාන් අයටද දිගින් දිගටම කළේ වංචාවකි. සුනාලී මේ දිනවල මේ දුක් ගැනවිල්ල ඇගේ facebook පිටුව හරහා කෙලින් සහ ව්‍යංගාර්ථයෙන් පවසමින් සිටිනු පෙනේ.

    • රොෂාන් ව සුනාලි විසින් මේ වසර මැදදී අතහැර දැමුවේ, දිගින් දිගටම ඔහු ඇයට බොරු කරමින්, බොරු කියමින්, ඇගෙන් ලාභ ලබමින්, වෙනත් ගෑණුන් සමග හොර රහසේ සම්බන්ධතා පැවැත්වීම නිසා බව ව්ශ්වාසවන්ත ආරංචි මාර්ග හෙළි කරයි. ඒත් සමගම, රොෂාන් පිරිමින් සමගද සම්බන්ධතා පවත්වන ද්විත්ව ලිංගිකයෙක් (bisexual) බව වරින් වර කලා ක්ෂේත්‍රය හරහාම ආරංචි පැතිරුණි.

    මේ බව රොෂාන් ගේ කලින් බිරිඳ වූ චතුරිකා ද මාධ්‍ය වෙත පවසා තිබුණා. ඒ බව, රොෂාන් ගේ ලිංගික අභිරුචියන් මැනවින් දන්නා, ඔහු ඇසුරු කළ බොහෝ කාන්තාවෝ ද පවසති.

    • මේ සියල්ල මෙසේ සිදුවෙද්දී, රොෂාන් පිලපිටිය මීට දින කීපයකට පෙර අළුත්ම පිම්මක් පැන්නේය. ඒ, රඟපෑමේ අවස්ථාව ලබා දෙන බව පවසා, පොළොන්නරුවේ යුවතියක් වන රිද්මා දිසානායක නමැත්තියක් කොළඹට කැදවාගෙන, ඇයගේ ද පවුල කඩාකප්පල් කර, ඇයව විවාහ කරගනිමිනි.

    රොෂාන් රිද්මා සමග සම්බන්ධතාවය ආරම්භ කර ඇත්තේ facebook හරහාය. රඟපෑමේ සහ ඕනෑම දෙයක් කර ප්‍රසිද්ධ වීමේ දැඩි උණෙන් පෙළුණු රිද්මා, ඇය වසර තුනක් පුරාවට ආදර සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය තිලිණ චතුරංග සුභසිංහ නමැති ව්‍යාපාරික ක්ෂේත්‍රයේ සිටින ඇගේ පෙම්වතාටද, කිසිඳු හේතුවක් නැතුව බූට් එක දී, රොෂාන් ගේ කරේ එල්ලුනේ ඇසුරු සැනින්ය.

    චතුරංග සමග රිද්මා විවාහ වීමට සිටියේ ලබන වසරේය. ඇයව කොළඹට එක්කගෙන නවාතැනක් ද සොයා දී, ඇගේ සියලු අවශ්‍යතා ද මැනවින් ඉටු කර දී, නිළියක් වීමේ ඇගේ ආශාව ඉටුකරදීමට ඉදිරිපත්වෙමින්, චතුරංග ඉල්ලගෙන කෑවේ පරිප්පුවකි. ඒ, ඔහු රිද්මාට සැබවින්ම ආදරය කළ නිසා විය යුතුයි.

    • ඒ වනවිටත් රිද්මා, චතුරංගව වසර තුනක් පුරාවට හොඳින් සුද්ද කර තිබුණි. මාස පහක් වැනි කෙටි කාලයක් ඇතුළත රොෂාන් ව විවාහය සඳහා ඇය පොළඹවා ගත් අතරම, රොෂාන්ට ද අවශ්‍ය වූයේ, දිනෙන් දින හෙළි වෙමින් තිබූ, සුනාලී ට ඔහු කළ අසික්කිත වැඩේ මෙන්ම, ඔහු ද්විත්ව ලිංගිකයෙකු බවට පැනනැගී තිබුණු චෝදනා වලින් පැන යාමටය. ඊට හොඳම මාර්ගය, ඔහුට පැනල දුන් රිද්මාව විවාහ කරගැනීම බව ඔහු සිතන්නට ඇත.

    • රිද්මා ද නැති දේ පෙන්නන්නට කැමති, පුහු ආකල්ප වලින් පෙලෙන්නියක බව ඇයව දන්නා කියන උදවිය පවසයි. ඇගේ facebook ගිණුම් වල ඈ පවසන්නේ ඇය ඉතාලියේ වාසය කරන, නුවර ප්‍රදේශයේ තැනැත්තියක බවයි. නමුත්, ගුවන් බලපත්‍රයක්වත් නොමැති, ඉතාලිය දැකලාවත් නැති රිද්මා, තෝපාවැව ප්‍රදේශයේ පාසල් ගිය, පොළොන්නරුවේ ගැමි කාන්තාවක් බව දැනගන්නට ලැබී ඇත.

    හම සුදු වුවද, ඇගේ පෙනුම පොෂ් වී ඇත්තේ මෑතකදීය. ඇය කොතරම් පොෂ් වීද යත්, අම්මා සහ තාත්තාට, මමී පප්පා කීමට ඈ පටන් ගෙන තිබේ. ඇගේ දෙමාපියන් වෙන්වී ජීවත් වෙති. රිද්මා ඇගේ අම්මා ඉන්දියානු බව පැවසුවද, සැබවින්ම ඇය දමිල උරුමයක් හොබවන, පිටරටක සේවය කරන ශ්‍රී ලාංකික කාන්තාවකි.

    • රොෂාන් සහ රිද්මා දෙදෙනාම බොරුවෙන් ජීවත් වන දෙදෙනෙක් නිසා ඔවුන්ගේ වයසද අසත්‍ය අවුරුදු ගණන් පවසා මාධ්‍ය වෙත ලබා දී ඇත. රිද්මා 1993 ඉපදුනු අවුරුදු 24ක යුවතියක් වන අතර, රොෂාන් 1972 හඟුරන්කෙත ඉපදී 46 වන වියේ පසුවෙයි. එනම්, ඔවුන්ගේ වයස් පරතරය අවුරුදු 22කි.

    තවද රිද්මා, ඇගේ පෙම්වතා වන චතුරංග සමග වසර තුනක් පෙම්වතුන් ලෙස එක්ව සිටීමට ප්‍රථම, කොරියාවේ සේවය කළ වෙනින් ශ්‍රී ලාංකික පුද්ගලයෙකු සමග ඇය වසර දෙකක් විවාහ වී සිට දික්කසාද වූ තැනැත්තියකි. මේ අතීත තොරතුරු සියල්ල රොෂාන් ගෙන් වසන් කොට, ඈ රොෂාන් සමග විවාහ වී ඇත්තේ මීට දින කීපයකට ප්‍රථමය.

    • මේ අනුව රිද්මා සහ රොෂාන් යන දෙදෙනාම එකිනෙකාගෙන් හා ලෝකයාගෙන් සත්‍ය වසන් කොට, මාධ්‍ය ඔස්සේ බොරු ප්‍රතිරූප මවා, ප්‍රේක්ෂකයින් ද රවටමින්, තමන්ට තමාවද රවටාගනිමින් අපූරු රංගනයක යෙදෙන්නට සමත් තොත්ත බබාලා දෙදෙනෙක් බව නම් පෙනී යයි.

     

    රිද්මා දිසානායකගේ පළමු විවාහයේ සැමියා

    උපුටාගැනීම – අද දෙරණ වෙබ් අඩවියෙන්

  • කාසියේ වාසිය ලංකාවට

    ශ්‍රී ලංකා නායක තිසර පෙරේරා  කාසියේ වාසිය දිනා ගත් අතර IS Bindra-PCA ක්‍රීඩාංගනයේ පැවැත්වෙන දෙවන එක්දින තරගයේ සංචාරක පළමුව පන්දු යැවීමට ශ්‍රී ලංකා පිල තීරණය කළා.

    Dharmashala හි ඉන්දියාවට අත්වූ අන්ත පරාජයත් සමග ඉන්දියානු පිල තරඟාවලිය ජය ගැනීමට ඉතා තියුණු තරඟයක් දෙනු නොඅනුමානය.

    නායක තිසර පෙරේරා තම කණ්ඩායමෙන් ඉල්ලා සිටින්නේ එවැනිම තරඟයක් මෙවරත් ලබා දීමටයි.

     

  • සී බී රත්නායක ආණ්ඩුව එක්ක දාපු ඩීල් එක එලිවෙයි… (Video)

    සී.බී රත්නායකගේ එකම අරමුණ මෙවර පළාත් පාලන ආයතන ටික පැරදවීම බව දිදුල නගර සභාවේ හිටපු නගරාධිපති අශෝක සේපාල මහතා ප්‍රකාශ කර සිටී.සී බී ගේ මෙම ක්‍රියාවන් හේතුවෙන් එතුමන් ස්වාධීනව තරඟ කිරීමට ඉදිරිපත් වන බවත් සීබී මෙසේ වැඩ කරන්නේ ආණ්ඩුව එක්ක කැබිනට් ඇමති කමකට ඩීල් එකක් දාල නිසා බවත් එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.සීබී මන්ත්‍රීවරයා ප්‍රකෝපකාරී ලෙස බැන වදින හැටි ජංගම දුරකතනයකින් ලබාගත් දර්ශනයක් මාධ්‍ය වෙත නිකුත් වී ඇත. 

  • පොලිස් මුරපොල ලඟම SB කොකේන් වවයි… පොලීසිය මර නින්දේ… (Video)

    තම නිවසේ පොලිස් මුර පොල අසලම ලොකයේම තහනම් ගසක් වු විශාල කොකෙන් ගසක් ඇති බව ඇමති එස්. බී. දිසානායක මහතා පවසයි.

    ‘ගස් හදුනගන්න ඔ්න. ඒක ඉතාම වැදගත්.

    කොකේන් ගහක් බලන්න ඕන නම් අර අපේ ගෙදරට ගියාම කොකෙන් ගසුත් තියෙනව, මලූත් තියෙනව, ගෙඩිත් තියෙනව සේරම තියෙනව.කොකේන් කියන්නෙ ලෝකෙ තහනම් ගහක් හැබැයි පොලීසියෙ මහත්තුරු දන්නෙ නෑ කොකෙන් ගහ මොන වගේද කියල.පොලිස් මුරපල ලගම කොකෙන් ගහක් තියෙනව. තාම කවුරුවත් ඒක අදුනන්නෙ නෑ. ලොකු කොකෙන් ගහක්’

    පවතින නීතිය අනුව මේ ආකාරයේ නඩු භාණ්ඩයක් හමු වූ පසු සැකකරු ඇප නොමැතිව තුන් මාසයක් පමණ රක්‍ෂිත බන්ධනාගාර ගත කරන අතර ඉන් පසු නඩුවෙන් නිදහස් වීමේ හැකියාවක් නැතිම තරම්ය.

  • “රජයත් අපේ; පොලිසියත් අපේ; අපිට ඕන කෙනෙක්ව අපි එලවලා දානවා” ජෝන් අමරතුංග ලයිෂන් චන්ඩියෙක් වෙයි..

    “රජයත් අපේ, පොලිසියත් අපේ; අපිට ඕන කෙන්ක්ව අපි එළවලා දානවා” ඊයේ දින රැස්වීමක් අමතමින්, සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ප්‍රකාශ කළේය. “අපිට අවශ්‍ය ඔබේ චන්දය පමණයි” ඔහු තම ආධාර කරුවන් අමතමින් පැවසිය.

    ඔහු තවදුරටත් ප්‍රකාශ කලේ වෙළඳපල මිලේ තරඟකාරීත්වය තබා ගැනීමට සහල් සහ පොල් ගෙන්වීමට රජය විසින් පාලනයක් ගෙන එන බවයි. “ජිවන වියදම ඉහල යාම පිලිබඳ රජයට බැනලා වැඩක් නැහැ, මිල පහල දැමීමට අපි කඩිනම් පියවර ගන්නවා”

    එළෙඹෙන චන්දයට සහභාගී වීමට හැකි පරිදි ඕනෑම කෙනෙකුට ජාතික හැඳුනුම්පත් ලබාගැනීම උපකාර කිරීමටත් තමා සුදානම් බවත් අමාත්‍යවරයා පැවසුවේය

     

  • ගුවන්විදුලියේ නව සභාපති ලෙස සිද්ධි මොහොමඩ් ෆාරුක් මහතා වැඩ භාරගනී…

    දිවංගත පළාත් සභා මන්ත්‍රීවරයෙකු වන එස්.එම්. ෆාරුක් මහතාගේ පුත්‍රයෙක්,කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙක්,හොංකොං විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ උපාධිධරයෙක්,ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක්,ජංගම විදුලි සංදේශ ක්ෂේත්‍රයේ ප්‍ර‍වීණයෙක්,සහජීවනය වෙනුවෙන් කැපවී ක්‍රියා කරන සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙක් ද වූ සිද්දි මොහොමඩ් ෆාරුක් මහතා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා වශයෙන් මහතා පත් කර ඇත.

     

     

  • මුෂ්ෆිකර් රහිම්ට තැන නැති වෙයි

    බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් නායකයා ලෙස මුෂ්ෆිකර් රහීම් වෙනුවට ශකිබ් අල් හසන් පත්කර ඇත.

    පිතිකරණ අංශයට වැඩි අවධානයක් යොමු කිරීම සඳහා මෙම වෙනස්කම සිදුකර ඇති බව වාර්තා වේ.

    බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පවසන්නේ ශ්‍රී ලංකාව සමග ලබන මාසයේ පැවැත්වීමට ටෙස්ට් තරගාවලියේ සිට ශකීබ් නායකයා ලෙස කටයුතු කරනු ඇති බවය. ඔහුගේ උප නායකයා ලෙස නම්කර ඇත්තේ මහමුදුල්ලා ය.

    ඉදිරියේදී එරට ක්‍රිකට් පුහුණුකරු කවුරුන් දැයි ප්‍රකාශ කරන බවත් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පවසා ඇත. බංග්ලාදේශ ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ලෙස මෙතෙක් කටයුතු කළ චන්දික හතුරුසිංහ මහතා ලබන 20 වනදා සිට ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතය.

  • අල්ලසට හා දුෂණයට එරෙහිව 2015 ජනවාරි 08 ඡන්දය දුන් සියලු දෙනාට වූ පොරොන්දු ඉටු කරනවා …

     

    අල්ලස් සහ දුෂණ වලට එරෙහි සටන කඩිනම් කිරීමට ශක්තිමත් ක්‍රියාවලියක් අවශ්‍ය බව නීතිය සහ සාමය පිලිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතා ලෝක දුෂණ පිටුදැකීමේ දිනයේදී ප්‍රකාශ කරන ලදී. , බාධක නොතකා අපගේ නීතිමය අංශ ද මේ වෙනුවෙන් දිව රෑකැප වී වැඩ කරන බවත් සාගල මහතා එහිදි වැඩි දුරටත් කියා සිටින ලදී.

     

  • මාස 11ක් ඇතුලත මඩකලපුවෙන් ඒඩ්ස් රෝගීන් 31ක්

    ගතවූ මාස 11ක කාලය තුළ  මඩකලපුව දිස්ත්‍රික්කයෙන් එච්.අයි.වී වෛරසය ආසාදනය වූ ඒඩ්ස් රෝගීන් 31 දෙනෙකු හදුනාගෙන ඇතැයි මඩකලපුව සමාජ ,ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන ඒකකයේ ආරංචිමාර්ග සඳහන් කරයි.
     
    මෙම 31 දෙනා දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල 14ට අයත් ප්‍රදේශවල පුද්ගලයින් 24000ක් අතර සිදුකල පරීක්ෂණ වලින් හදුනාගෙන තිබේ‍ෙඒඩ්ස් රෝගීන් යැයි හදුනාගෙන ඇති මෙම ආසාධිතයින් 31දෙනා අතරින් 26 දෙනෙකු කොලඹ සමාජ ,ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස් මර්ධන ඒකකයේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන අතර කාන්තාවන් තිදෙනෙකු ඇතුළු පස් දෙනෙකු මඩකලපුව සමාජ ,ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස් මර්ධන ඒකකයේ ප්‍රතිකාර ලබති.
     
    මෙම රෝගී තත්වයෙන් සමාජය  ආරක්ෂා කර ගැනීම සදහා මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල 14 තුළ ප්‍රාදේශීය මට්ටමින්  ඒඩ්ස්  මර්ධන  වැඩපිළිවෙලක් ආරම්බ කර තිබෙන බව මඩකලපුව සමාජ ,ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස් මර්ධන ඒකකය පවසයි.මෙම වැඩසටහනට අනුව මෙම සීමාවන්ට අයත් ප්‍රදේශවල පුද්ගලයින් එච්.අයි.වී වෛරසය ආසාදනය වී ඇතිදැයි හදුනාගැනීම සඳහා වෛද්‍ය හා රුධිර  පරීක්ෂාවන්ට ලක් කරන බවත් මෙම ඒකකය කියා සිටීයි.
     
    ගතවූ මාස 11ක කාලයේ  මඩකලපුව දිස්ත්‍රික්කයේ ගැබිනි මව්වරුන් 12000කුත් , මඩකලපුව බන්ධනාගාරයේ රැදවියන් 2400කුත්, මඩකලපුව රෝහලට පැමිණ  3600කුත්, ග්‍රාමීය මට්ටමෙන් පුද්ගලයින් 6000කුත්  එච්.අයි.වී පරීක්ෂාවන්ට ලක්කල බවත් රෝගය වැළදුනු 31දෙනෙකු මේ අනුව හදුනාගත් බවත් එම ඒකකය පවසයි.එච්.අයි.වී ආසාධිතයෙකුට ප්‍රතිකාර ලබාදීම තුළින් තවත් අයෙකුට මෙම රෝගය වැළදීමෙන් බේරාගත හැකි බවද පවසයි.

  • හැටන් – කොළඹ පාරේ ඝණ මීදුමක්… රිය ධාවනයේදී ඉදිරි ප්‍රධාන ලාම්පු දල්වන්න

     

    අද(12) මධ්‍යම කදුකරයේ බටහිර බෑවුමට ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ ජන ජිවිතයට බාධා පැමිණ ඇති අතර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටින සිසු සිසුවියන්ද  වැසි නොතකා විභාග මධ්‍යස්ථාන වලට පිවිසෙන්නට විය.
    අධික වර්ෂාවත් සමගම හැටන් -කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල සිට කිතුල්ගල දක්වා අධික මීදුමි තත්ත්වයක්  පැවතිම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයටද බාධා පැමිණ ඇති අතර  ඉදිරියට ධාවනය වන වාහන නොපෙනෙ තරමට ඝණ මිදුමි තත්ත්වය පැවතිම නිසා වාහන වල ඉදිරිපස ප්‍රධාන ලාම්පු දල්වාගෙන වාහන ධාවනය කරවන ලෙස රථ වාහන පොලිසිය රියදුරන්ගෙන්ඉල්ලා සිටී.

  • උපන්ගෙයි මියැදෙන පොහොට්ටුව..

     

    මේ දින වල දේශපාලන කරළියේ වැඩිපුරම අහන්නට දකින්ට ලැබෙන්නේ එළැබෙන පළාත් පාළන මැතිවරණය ගැනයි.ඒ සම්බන්ධව පොහොට්ටු පක්ෂයේ නොයෙක් ගැටුම් නිතරම අහන්න දකින්න ලැපෙනවා..මන්ත්‍රීවරු වරියො පොහොට්ටුව හැරදමා ජනපති මෛත්‍රීත් එක්ක ශ්‍රීලනිපය වෙත වේගයෙන් එමින් පවතින අවධියක පොහොට්ටුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් කියවෙන්නේ බැසිල් රාජපක්ෂගේ අකටයුතුකම් දරාගැනීමට නොහැකිව මෙසේ සිදුවන බවයි… 

    2015 ඡන්දය පරාද වීමත් සමගම පැදුරටත් හොර රහසේ රටින් පිටව ගිය බැසිල්ට ලංකාවට නැවත එන්න පුළුවං කමක් ලැබුනේ විමල් දිනේෂ් ගම්මන්පිල ප්‍රමුක ඒකාබද්දේ මන්ත්‍රී වරු නිසා බව අමුතුවෙන් කිව යුතු නැත.එම සුළු පක්ෂ ටිකේ උදව්වෙන් පොහොට්ටුව අටවාගත් පසු බැසිල් මුලින්ම කැරන්නේ කන්න දුන්න අත හපා කෑමයි..ඒ විමල් දිනේෂ් ගම්මන්පිල යන අයට පල නොකියා පලා බෙදීමෙනි.මෙසේ කරන්නේ 2020 වන විට බැසිල් අගමැති වෙන්න හීන මවමින් ඉන්න නිසා යන්න ඒකාබද්දය ඇතුලතින් මේ වන විට මතුව ඇත. මෙවන් වාතාවරණයකදී මහින්ද රාජපක්ෂ වටා ආදරෙන් එකතු වූ දේශපාලන ක්‍රියාකරුවන් තවත් ඉවසා සිටීද?පොහොට්ටුව පිපෙන්නටම පෙර පරවෙයිද?