Tag: breaking post

  • ශ්‍රියානි විජේවික්‍රම ගියා නෙමෙයි යැව්වා…(Video)

    ශ්‍රියානි විජේවික්‍රම ගියා නෙමෙයි යැව්වා… නාමයොජනා පිළිබඳ සාකච්චා වලදි ඇයට අපෙන් යන්න කිසිම හේතුවක් තිබුනේ නෑ…අම්පාර නාමයොජනා ප්‍රශ්න විසදගන්න එතුමියට 6 වතාවක් කමිටුවට එන්න වුනා… අන්තිම සෙනසුරාද තමයි ඇයට එපා වූනේ ඇය කිව්වා මේ ප්‍රශ්න විසඳගන්නෙ නැතිව මට ගමට යන්න වෙන්නෙ නෑ කියල…

    – උදය ගම්මන්පිල

  • ශ්‍රීලනිපය දෙකඩ කරන්න රනිල් එක්ක ඩීල් එක තියෙන්නේ එ්කාබද්දයටයි… (video)

    ශ්‍රීලනිපය දෙකඩ කරන්න රනිල් එක්ක ඩීල් එක තියෙන්නේ එ්කාබද්දයටයි…- වීරකුමාර දිසානායක

  • ලාංකීය පුරවැසිභාවය නැති ෆාතිමා මේසපන්දු සමස්තලංකා තරඟ වලට යනකල් සංගමය බුදි…

    අන්තර්ජාතික සහ ජාතික මට්ටමේ නීති රාමුව තුල රටක පුරවැසිභාවය නොමැති ක්‍රීඩකයකුට හෝ ක්‍රීඩිකාවකට එම රටේ ශ්‍රේණිගත කිරීම් සදහා ඇතුලත් වීමට නොහැකි බව අප කවුරුත් දන්නා කරුණකි එසේ වුවත් ෆාතිමා ඩිමා අලි නමැති මාලදිවයින් ජාතික මේස පන්දු (table tennis) ක්‍රීඩිකාවක් වසර තුනක පමණ කාලයක සිට සමස්ත ලංකා ශ්‍රේණිගත කිරීමේ තරගාවලි වලට හා කනිෂ්ට ජාතික තරගාවලි වලට සහභාගී කරවීමට පුහුණු කරුවන් කටයුතු කරමින් සිටි. ශ්‍රී ලංකා මේස පන්දු සංගමය මේ ගැන මේ වනතුරු කිසිම සොයාබැලීමක් කර නැති අතර ඒ මන්ද යන්න මේස පන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ පුහුණුකරුවන් අතර කතාබහට ලක්වන කරුණක් වී ඇත. ඇතැමුන් පවසන අන්දමට  මාලදිවයිනේ  ලොකු දේපලකට හිමිකම්මෙ කියන මෙම ක්‍රීඩිකාවගේ දෙමව්පියන්ගේ මුදලට යටවී මෙම සංගමය සහ ඇතැම් පුහුණු කරුවන් මෙම ක්‍රීඩිකාවට තරගකිරීමට අවස්ථාවක් ලබා දෙන බවය…

    මේස පන්දු පුහුණුකරුවන් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පවසන්නේ මෙම ක්‍රියාව ලංකාවේ අනෙකුත් ක්‍රීඩිකාවන්ට කරන මහත් අසාධාරණයක් බවත් ලංකාවේ ක්‍රීඩිකාවන් මේ හේතුවෙන් විශාල අසීරුතාවයකට පත්ව ඇති බවත්ය.

     

     

     

     

     

     

     

  • ප්‍රගීත් එක්නැළිගොඩ ඝාතනයට වෙබ් ගෝඩ්ෆාදර් රුවන් සම්බන්ධයි – ලංකා ඊ නිවුස් කතෘ හෙළිකරයි -Audio

    මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ ඝාතනය සම්බන්ධයෙන් වෙබ් ගෝඩ්ෆාදර් ලෙස කුප්‍රකට රුවන් ෆර්ඩිනෑන්ස්ද සම්බන්ධයැයි
    ලංකා ඊ නිවුස් කතෘ සදරුවන් සේනාධීර අනාවරණය කරයි.

    බ්‍රිතාන්‍යයේ ෂෙෆීල්ඩ් හි පවත්වාගෙන යන ගුවන් විදුලි නාලිකාවක සිංහල වැඩ සටහනක් මෙහෙයවන කල්ප පල්ලියගුරු මහතා විසින් ලංකා ඊ නිව්ස් කර්තෘ සඳරුවන් සේනාධීර මහතා සමග පැවැත්වූ සාකච්ඡාවකදී ඔහු මෙම චෝදනාව එල්ල කරන ලදි.

    ආරක්ෂක අමාත්‍යාංශයේ ඔත්තුකරුවන්ගේ නම් ලැයිස්තුවේද රුවන් ෆර්ඩිනෑන්ස්ගේ නම තිබූ බවද එහිදී ඔහු අනාවරණය කරයි. අදාල වැඩ සටහනේ හඩ පටය පහතින් අසන්න

    www.abrighterfuture.lk වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී…

    https://www.facebook.com/abrighter.lk/videos/392907081146945/

     

    www.abrighterfuture.lk වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී…

  • අවුරුදු 15 පොඩි ගෑනු ළමයෙකුටවත් ඉන්න දෙන්නැති වෙන්න ජනපති නාමල්….(Video)

    ඔන්න අපේ නාමල් බේබි අවුරුදු 15ක වයස බාලවයස්කාර දැරිවියක්ව අරං යන්න හදන වීඩියෝ එකක් ලීක් වෙලා..

    ශමිල්කා එදිරිසිංහ කියන්නෙ HYBRID HUB , EDIRISINGHE BROTHERS(PVT)LTD එකේ Managing Director වන ගාමිනී එදිරිසිංහ මහතාගේ මිණිපිරියයි.ශම්මිකාට අවුුරුදු 15යි.ඉතිං ඔන්න ශම්මිකා ඊයෙ(10)දවල් instagram එකේ ලයිව් ආව වෙලාවක තමයි මේ වැඩේ මාට්ටු වුනේ… නාමල් මුලින් කමෙන්ට් කර කර ඉදල පස්සෙ ඒ ලයිව් එකට join වුණා… ඒ වෙලාවෙ වුන දෙබස තමයි මේ පහලින් තියෙන්නේ… ඔන්න ඔහොමයි නාමල් අවුරුදු 15 පොඩි ගෑනු ලළමයින්ට ටෝක් කරන්නේ…  

    ශමිල්කා –“හලෝ, ඔයා මොනාද කරන්නේ? කොහෙද යන්නෙ?”

    නාමල් –  “මම වැඩ කරන ගමන් ඉන්නෙ…. අනිත් අයට මාව පේනවද දන්නෙ නෑ”

    ශමිල්කා –“ඒක ඔයා හොයගන්න. ඔයා මට මාස පහකටත් කලින් කිව්වා ලබන සතියේ කොහේ හරි යමු කියලා”

    නාමල් –“හරි අපි ලබන සිකුරාදා යමු. ඒක නෙවෙයි. මම හිතන්නේ මගේ followersලා ටත් ඔයාව පේනවා”

    ශමිල්කා –“ඔව් මමත් හිතන්නේ. ඒත් ඔයාට මට තරම් followersලා නෑ. හහහා විහිලුවට කිව්වේ”

    නාමල් – “හරි හරි මම පස්සේ ඔයාට කතා කරන්නම් මම හිතන්නේ හැමෝටම අපිව පේනවා වගේ”

    ශමිල්කා –“ඔව් ඉතින් හැමෝටම පේනවා හරි එහෙනම් ඔයා ආයෙත් වැඩ කරන්න යන්න. මම ඔයාට මැසේජ් එකක් දාන්නම්. බායි”

  • ඒකබද්දයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වලට මහින්ද රුව තහනම්…(Video)

    මෙවර මැතිවරණයට තරග කිරීම සදහා පොදුජන එක්සත් පෙරමුණේ නායකත්වය මහින්ද රාජපක්‍ෂ මහතාටත් ලේකම් ධුරය දිමු ජයරත්න මහතාට ලබා දීමටත් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා කැමති වූ බවත් එමගින් ඔහු දෙවන වතාවටත් පක්‍ෂය රැක ගැනීමට කැපවූ බවත් බස්නාහිර මහ ඇමති ඉසුර දේවප‍්‍රිය මහතා පවසයි.

    මහින්ද රාජපක්‍ෂ මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන නිසා වෙනත් පක්‍ෂයක අපේක්‍සකයන්ට ඔහුගේ පින්තූරය භාවිත කල නොහැකි බැවින් ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ඒකාබද්ද විපක්‍ෂයෙන් ඉදිරිපත් වන අපේක්‍ෂයන්ට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පින්තූරය භාවිත කිරීම තහනම් බවත් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියහ.

    කෙසේ වෙත්ත ඒකාබද්දයේ සිටින ඩීල් කාරයන් පිරිසකට පක්‍ෂය කඩන්නට උවමනා වු නිසා එම උත්සාහයද අපතේ ගිය බවත් ඔහු වැඩිදුරටත් සදහන් කරයි.

  • එක්සත් ජාතීන්ගේ සාම නියෝජිතයින් 14ක් කොංගෝවේදී මරුට… 53කට තුවාලයි

    කොංගෝ සමූහාණ්ඩුවේ උතුරුදිග කිවූ පළාතේ කැරළි කණ්ඩායම් සිදුකළ ප්‍රහාරයකදී එක්සත් ජාතින්ගේ සාම නියෝජිතයන් 14දෙනකු මියගොස් 53දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.ප්‍රහාරයෙන් කොංගෝ හමුදා සාමාජිකයන් පස් දෙනකුද මියගොස් ඇත. 

    මෑත ඉතිහාසයේ දී තම නියෝජිතයන්ට සිදුවූ බරපතලම ප්‍රහාරය මෙය බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පවසයි. ඔහු තවදුරටත් පවසන්නේ මෙය යුධ අපරාධයක් බවයි. 

  • රස්සාව තියාගන්න නම් වැඩට එන්න…

    තමන්ගේ නියමිත සේවා මුරය සඳහා වාර්තා නොකරන සියළුම දුම්රිය සේවකයන් සේවය අතහැර ගියා සේ සලකන බව අද දහවල් පැවැති පුවත් පත් සාකච්ඡාවකදී ප්‍රවාහන අමාත්‍යංශය නිවේදනය කරයි.  

  • මධ්‍යසාර නිශ්පාදනයට සහල් ගන්න අනුමැතිය දුන්නෙ මහින්ද… – මංගල බන්දුලගේ රෙදි ගලවයි(Video)

    මධ්‍යසාර නිශ්පාදනයට සහල් ගන්න අනුමැතිය දුන්නෙ මහින්ද ජනාධිපති වෙච්ච ගෝඨ ආරක්ෂක ලේකමු වෙච්ච බැසිලුත් ඔය මොකෙක්ද වෙච්ච ආණ්ඩුවයි… මංගල  බන්දුලගේ රෙදි ගලවයි…

     

  • “බලය බෙදීමේ අවශ්‍යතාවක් නෑ.. බලය බෙදීමක් ඉල්ලන්නේ බෙදුම්වාදීන්” – අරූන් තම්බිමුත්තු

    මෙරට බලය බෙදාදීමේ අවශ්‍යතාවයක්‌ නැති බවත්, සිංහල ජනතාවට ඇති බලය දෙමළ ජනතාවටද ඇති බවත් මඩකලපු ද්‍රවිඩ දේශපාලනඥයකු වූ අරුන් තම්බිමුත්තු මහතා විසින් ප්‍රකාශ කර ඇත.

    බලය බෙදාහරින ලෙස ඉල්ලීම් මුළුමනින්ම ප්‍රයෝගයක්‌ බව ද ඔහු කියා සිටියේය. එළිය සංවිධානයේ මාධ්‍ය හමුවක්‌ අමතමින් ඔහු මේ බව පළ කළේය. රජය නව ව්‍යවස්‌ථාව පස්‌ස දොරෙන් ගෙන ඒමට ක්‍රියාකරන බව පැවසූ තම්බිමුත්තු මහතා බෙදුම්වාදීන්ගෙන් ශ්‍රී ලංකාව මුදාහැරීම ද්‍රෝහිකමක්‌ නම් තමා ආඩම්බරයෙන් ද්‍රෝහියෙක්‌ වන බව කියා සිටියේය.

    වන්නි මෙහෙයුමෙන් මියගිය සංඛ්‍යාව 4000 ක්‌ බව බ්‍රිතාන්‍ය අගමැතිව සිටි ඩේවිඩ් කැමරන් දන්නා බව පැවසූ තම්බිමුත්තු මහතා එහෙත් කැමරන් එය වසන්කර මියගිය සංඛ්‍යාව 40,000 ක්‌ ලෙස කොටි ඩයස්‌පෝරා මතය ප්‍රකාශ කර ඇති බවද තම්බිමුත්තු මහතා පැවැසීය.

  • ආපදා අරමුදලට ඒකාබද්දයේ කිසිවෙක් වැටුප පරිත්‍යාග කරන්නෙ නැද්ද ?

    පසුගියදා ඇති වූ ආපදාවලින් විපතට පත් ජනතාවට සහන සැලසීම සදහා ආණ්ඩු පක‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මසක වැටුප පරිත්‍යාග කරන බවට ප්‍රකාශ වුවද මේ දක්වා සිය මාසික වැටුප පරිත්‍යාග කිරීමට එකගතාව පළ කර ඇත්තේ දහතුන්දෙනෙකු පමණක් බව වාර්තා වුණා.එමෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ කිසිවෙක් මේ වනතුරුත් තම මන්ත්‍රී වැටුප ලබා දීමට කැමැත්ත පලකර නෑ..

    ඒ අතරින් කතානායක කරූ ජයසූරිය මහතා සිය මැයි මස වැටුප රුපියල් දෙලක‍ෂ හැත්තෑ දෙදහස් හත්සිය අසූ දෙකයි ශත විස්සක්  සහ දීමනා ආපදා කළමණාකරණ අමාත්‍යාංශයේ අරමුදල වෙත බැරකර තිබෙනවා.

     

    මීට අමතරව එස් එම් මරික්කාර් සහ ලකි ජයවර්ධන යන මන්තී්‍රවරුන් දෙදෙනා රුපියල් පනස් හතර දහස් දෙසිය අසූ පහක් වන පාර්ලිමේන්තු මන්ත්‍රී දීමනාව පරිත්‍යාග කිරීමට එකග වී ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිනාල් ද මෙල් රුපියල් ලක‍ෂයක් වන කාර්යාල දීමනාව පරිත්‍යාග කිරීමට එකගතාව පළ කර තිබෙනවා.

    ලක‍ෂ්මන් සෙනෙවිරත්න, ලක‍ෂ්මන් වසන්ත පෙරේරා, ෆයිසර් මුස්තාෆා, රංජිත් සියඹලාපිටිය, ටි.බී. ඒකනායක, ඉන්දික බණ්ඩාරනායක, දුලිප් විෙජ්සේකර, ලසන්ත අලගියවන්න සහ නිමල් ලන්සා යන අමාත්‍ය, රාජ්‍ය අමාත්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් ද ලිපි මගින් දන්වා ඇත්තේ සිය පාර්ලිමේන්තු මන්ත්‍රී දිමනාව ජුනි මස වැටුපෙන් අඩුකර ගන්නා ලෙසයි.

     

    ඒකාබද්ද විපක්ෂයේ කිසිවකු මේ වන විට වැටුප් පරිත්‍යාග කරන බවට දන්වා නැති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

  • හමුදාවෙන් පඩි අරං මහින්දට කඩේ ගිය හම්පඩ කලාකාරයෝ…

    ආරක්ෂක ලේකම් ගෝඪභය රාජපක්ෂ මහතාගේ නියෝගය මත සේනක විජේසිංහ,අර්ජුන කමලනාත් සහ ක්‍රිෂාන් එරන්ද යන කලාකරුවන් තිදෙනා සිවිල් පදනම මත ශ්‍රී ලංකා යුද හමුදාවේ ස්වේච්ඡා බලකා මුලස්ථානය වෙත බදවා ගැනීමට කටයුතු කරන්නැයි මේජර් ජනරාල් ඩබ්ලියු ජී ජී ප්‍රනාන්දු මහතා එවකට රාජ්‍ය ආරක්ෂක,මහජන ආරක්ෂාව,නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍යංශයේ හමුදා සම්බන්ධතා නිලධාරියා ලෙස ආරක්ෂක ලේකම්වරයා වෙනුවට අත්සන් කරමින් යුද හමුදාපතිවරයාට දැනුම් දී තිබේ.( BOX අංක 572 සහ “එම්එල්ඩී/එම්ඕඩී/2/1 (බ/ගැ)” යන “මගේ අංකය”යටතේ මේජර් ජනරාල් ඩබ්ලියු ජී ජී ප්‍රනාන්දු මහතා 2008 නොවැම්බර් මාසයේදී යුද හමුදාපතිවරයාට යැවූලිපියේ පැහැදිලිව සඳහන් වේ.)

    සිද්ධිය සම්බන්ධයෙන් බරපතළ මුල්‍ය අපරාධ කොට්ඪශය විසින් සිදු කරනු ලබන විශේෂ පරීක්ෂණයකදී  හෙලිවූයේ මොවුන් තිදෙනා හරුණු කොට තවත්  ප්‍රවීණ කලාකරුවන්  පිරිසක් ආරක්ෂක අමාත්‍යංශයෙන් මාසික වැටුප් ඇතුළු වරප්‍රසාද රැසක් අයථා ලෙස ලබා ගෙන ඇති බවයි. ඒ අතර 2008 සිට 2015 දක්වාම යුද හමුදාවෙන් මේ මාසික වැටුප් ඇතුළු වරප්‍රසාද ලබා ගැනීම සම්බන්ධයෙන් ප්‍රවීණ කලාකරුවන් වන සේනානායක වේරලියද්ද,රොජර් සෙනෙවිරත්න,ඕෂදී හේවාමද්දුම,රජිත හිරාන්(පිං පොං),ප්‍රියංකර පෙරේරා සහ ගයේෂා පෙරේරා ඇතුළු කලාකරුවන් පිරිසකට ද චෝදනා එලල වී තිබේ.අර්ජුන කමලනාත් මහතා සිය බිරිය වන අමීෂා පෙරේරාගේ නමින් මීට සති කිහිපයකට පෙර කොළඹ රාජගිරිය ප්‍රදේශයෙන් රුපියල් කෝටි පහකට පමණ අති සුඛෝපභෝගී දෙමහල් නිවසක් මිලදී ගැනීම සහ රුපියල් කෝටි 20ක් පමණ වැය කර රජ ඝෝෂ,කුසල් සහ කිඩ්නැප් ඇතුළු චිත්‍රපට ගණනාවක් නිෂ්පාදනය කිරීම පිළිබඳවද FCIDයේ  උකුසු ඇස ඇරී ඇත.

    ශ්‍රී ලංකා යුධ හමුදාවේ කෝප්‍රල් ඇතුළු විවිධ නිලතලවලට අනුයුක්ත වෙමින් මේ කලාකරුවන් මසකට රුපියල් 60,000ක මූලික වැටුපක්,රියදුරු සමග වාහනයක් සහ ඉන්ධන ඇතුළු වරප්‍රසාද රැසක් ලබාගෙන තිබෙන්නේ මහින්ද රාජපක්ෂ පාලනය වෙනුවෙන් පෙනී සිටීමේ එකඟතාවය මතය.මේ සම්බන්ධයෙන් මේ කලාකරුවන් හෙට අනිද්දාම FCIDය වෙත කැඳවා ප්‍රශ්න කිරීමට නියමිත වන අතර මේ කලාකරුවන්ගේ බැංකු ගිණුම්වල තිබෙන මුදල් ඇතුළු දේපොළ සම්බන්ධයෙන් ද පරීක්ෂණ ආරම්භ කර තිබේ.

     

  • සිරකරුවෝද මනුෂ්‍යයෝය ඒත් බන්ධනාගාර නිලධාරීන් අමනුෂ්‍යයෝය….

    බන්ධනාගාර ඉතිහාසයේ සුවිශේෂී විවාහයක් මැගසින් බන්ධනාගාරයේ දී අද(7) සිදුවිය.

    30 අවුරුදු සිර දඬුවමක් විඳිමින් සිටින 39 හැවිරිදි පුද්ගලයකු සමඟ එහි දී විවාහ දිවියට පිවිසියේ බන්ධනාගාර රැඳවියන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ කි‍්‍රයාකාරී සාමාජිකාවකි.

    නමින් ස්වීටි ෂෙලින් චමිලා බක් නම් වූ ඇය 41 හැවිරිදිය. මැගසින් බන්ධනාගාරය  තුළ දී සිදුවූ ඇයගේ විවාහය අවස්ථාවේ මාධ්‍යයට එය ආවරණය කරන්නට අවස්ථාව හිමි නොවු අතර මනාලිය හමුවන්නට මාධ්‍යයට අවස්ථාව ලැබුණේ බන්ධනාගාරයෙන් පිටතදීය.

    මැගසින් බන්ධනාගාරයේ රැඳවියකු වන සෙනරත් බන්දුල ලියනාරච්චි වෙනුවෙන් පෙනී සිටි අවස්ථාවක බන්ධනාගාරයේ ඉහළ නිලධාරියකු ඇයට පවසා ඇත්තේ ඔහු වෙනුවෙන් පෙනී සිටින්නට ඇයට හේතුවක් නැති බවකි. ඇය ඔහුගේ බිරිඳ නම් ඔහු වෙනුවෙන් පෙනී සිටින්නට හැකි යැයි ඉහළ නිලධරයා පවසා ඇත්තේ චමිලා අපහසුතාවයට පත් කරන්නටය. 

    එම අභියෝගය භාර ගත් චමිලා අවිවාහකයකු වන බන්දුල සමඟ විවාහ වෙන්නට තීරණය කළාය. ඒ අනුව බන්ධනාගාර අධිකාරීගෙන් ද, තවත් නිලධාරින් බොහෝ දෙනකුගෙන්ද ඇය සෙනරත් හා විවාහ වන්නට අවසර ඉල්ලා සිටියාය. නමුත් එවැනි අවස්ථාවක් ලැබුණේ නැත. වසර තුනක් තිස්සේ මේ වෙනුවෙන් ඇවිද ගිය ඇය අවසානයේදී බන්ධනාගාර ඇමැති ඩී.එම් ස්වාමිනාදන් මහතා හමුවන්නට ගියාය.

    අමාත්‍යවරයා සහ ඔහුගේ නිලධාරින්ගෙන් ද සහාය මත මෙම විවාහයට අවශ්‍ය සියලූ පහසුකම් සලස්වන ලෙස නියෝග කරමින් අමාත්‍යංශයෙන්  ලිපියක් ද නිකුත් කෙරිණි. මංගල්‍යයට දින නියම වූයේ මේ අනුවය.

    බන්ධනාගාර බලධාරින් බන්ධනාගාරය තුළට මනාලිය ගෙන්වා ගත්තේ පවුලේ ඥාතින් මෙන්ම ඇයගේ ආබරණ ඇතුළු ආයිත්තම් රැගෙන ආ කාන්තාවට ද එහි ඇතුළු වීම තහනම් කරමිනි. තම මනාලයාට මේ විශේෂ අවස්ථාවේ පවා අඳින්නට ලබා දී තිබුණේ උසාවි ගෙන යන විට අඳින සරම හා බැනියම පමණක් බව විවාහයෙන් පසු බන්ධනාගාරයෙන් පිටත දී මාධ්‍ය ඇමතූ චමිලා පැවැසුවාය.

    විවාහයට අවසර ඉල්ලමින් වසර තුනක් තිස්සේ නිලධාරින් හමුවීමට ගිය බව ද ඇය පැවැසුවාය. 

    ‘‘මට මගේ විවාහය අවස්ථාවේ ඡායාරූපයක් ගන්න දුන්නේ නැහැ. මගේ විවාහ ඡායාරූපය මගේ අයිතියක්. විවාහය රෙජිස්ටර් කළ රෙජිස්ට‍්‍රාර් මහත්තයා එතුමාගෙ දුරකථනයෙන් ඡායාරූපයක් ගත්තා. බන්ධනාගාර නිලධාරින් ඒකත් මකන්න කිව්වා. කිසිම ඥාතියකුට ඇතුළට එන්න දුන්නෙත් නැහැ. මේ වැඬේ අවුල් කරන්න සෙනරත් ගේ විවාහය නොකෙරෙන තැනට ගෙනෙන්නට මේ අය කරන්න පුළුවන් හැම දෙයක් ම කළා. මාධ්‍යයට එන්න නොදුන්නා විතරක් නොවෙයි, හැම පැත්තෙන්ම අවුල් කරන්න හැදුවා.

    මේ බන්ධනාගාරය ඉස්සරහ බෝඩ් එකක් තියෙනවා සිරකරුවන් ද මනුෂ්‍යයෝය කියලා. ඒකට යටින් ගහන්න  ඕන නිලධාරින් අමනුෂ්‍යයෝය කියලා. 

    ‘‘මගේ ස්වාමි පුරුෂයා වැලිකඩ සිදුවූ මහා ඝාතනය පිළිබඳ ඇසින් දුටු සාක්කි සපයන සාක්කිකාරයෙක්. මේ නිසාම ඔහුට බැන වැදීම්, තර්ජන වගේම පහරදීම් ද සිදුවෙනවා. මේ විවාහය කඩාකප්පල් කරන්න හදන්නෙත් මේකෙන් ඔහුට ශක්තියක් එන නිසයි. මම ඔහු විවාහ කරගන්නවා විතරක් නොවෙයි ඔහු වෙනුවෙන් පෙනී හිටිනවා. මේ නඩුවේ සාක්කිකාරයෙක් වුණ දවසෙ ඉඳලා ඔහු අනුරාධපුරයට, කුරුවිටට මාරු කරනවා. අනුරාධපුර සිට මැගසින් බන්ධනාගාරයට ගේන්නේ බන්ධනාගාර බස් එකේ හිටගෙන. 

    ‘‘අද සිට ඔහු මගේ ස්වාමි පුරුෂයා. අදින් පසු ඔහුට ඇඟිල්ලක් හෝ උස්සල තිබුණොත් බලාගන්නම්. කොහොම වුණත් මම වාසනාවන්ත බිරිඳක්. මට හොඳ නිර්භීත සිංහලයකුගේ බිරිඳ වෙන්න වාසනාව ලැබුණා.’’ යැයි ද ඇය කීවාය.

    -වාර්ථා කලේ විනීතා එම්. ගමගේ

     

  • කොස් ගෙඩිය පැලුවොත් නැට්ට තියෙන්නෙ අපේ පැත්තේ… ඒ නිසා අපිට කිසිම ප්‍රශ්නයක් නෑ… අපි අනිවාර්යෙන්ම දිනනවා…(Video)

    කොස් ගෙඩිය පැලුවොත් නැට්ට තියෙන්නෙ අපේ පැත්තේ… ඒ නිසා අපිට කිසිම ප්‍රශ්නයක් නෑ… අපි අනිවාර්යෙන්ම දිනනවා…

  • ආසියානු පාසැල් රට හරහා දිවීමේ ජය ලංකාවට

    හොංකොංහි පසුගියදා නිමාවට පත්වූ රටවල් 9ක සහභාගීත්වයෙන් පැවැති 3 වැනි ආසියානු පාසල් රට හරහා දිවීමේ ශූරතාවලියේදී අවුරුදු 17න් පහළ බාලිකා හා බාලක ශූරතා දෙකම දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.

    ඒ අනුව අවුරුදු 17න් පහළ බාලිකා තරගාවලියේදී වලල රත්නායක මහ විදුහලේ ක්‍රීඩක-ක්‍රීඩිකාවන්ගේ විශිෂ්ට දස්කම් මතුව තිබූ අතර, ඒ අතුරින් චාමිනී හේරත්ට රන් පදක්කමත්, ජයන්ති කනකරත්නට රිදී පදක්කමත්, ප්‍රසන්ති රත්නායකට ලෝකඩ පදක්කමත් හිමිවීම කැපී පෙනුණි.

    අවුරුදු 17න් පහළ බාලක තරගාවලියේදී කෑගල්ල රන්දිවල විදුහලේ චමිඳු මධුසංක රත්නායකට ලෝකඩ පදක්කමත්, වලල රත්නායක විදුහලේ හර්ෂ කරුණාරත්නට සිවුවැනි තැනත්, එම විදුහලේම සිතුම් සංජය ඩෙන්සිල්ට හයවැනි තැනත් හිමිවිය.

    කෙසේ වුවත් මෙම තරගාවලියේ අවුරුදු 17න් පහළ කාන්තා අනු ශූරතාව හා තෙවැනි ස්ථාන පිළිවෙළින් තායිලන්තයට හා සත්කාරකයන්ට හිමිවෙද්දී බාලක අනු ශූරතාව හා තෙවැනි ස්ථාන පිළිවෙළින් චීනයට හා ඉන්දුනීසියාවට හිමිවිය.