Tag: breaking post

  • 2025 වන විට සම්පූර්ණයෙන් ණය ගෙවා දානවා … – අගමැති රනිල්

    රට තුළට විශාල වශයෙන් ආයෝජන ගෙන එමින් 2020 වසර වන විට ණය පියවීමට ශක්තියක් ඇති ආර්ථිකයක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බවත් 2025 වන විට කිසිඳු ගැටලුකින් තොරව ණය සම්පූර්ණයෙන් පියවීමට හැකි ආර්ථිකයක් ඇති වන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මහතා පැවසීය.

    බිඳවැටී තිබූ මෙරට අපනයන ආර්ථිකය පසුගිය වසර දෙකක කාලය තුළ දී අපනයන දෙගුණයක් දක්වා වර්ධනය වූ අතර දළ ජාතික නිෂ්පාදනය පස් ගුණයකින් වැඩි වූ බව අගමැතිවරයා පෙන්වා දුන්නේය.අම්පාර බස් නැවතුම්පොළ විවෘත කිරීම වෙනුවෙන් එම පරිශ්‍රයේ සංවිධානය කොට තිබූ උත්සවයේ දී අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසිය.

    අගමැතිවරයා සිදු කළ කතාව පහත සඳහන් වේ.

    “අද මම අම්පාර ප්‍රදේශයට පැමිණ ප්‍රාදේශීය සභා කාර්යාලයේ ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබුවා. ඒ වගේම අම්පාර නව ආර්ථික මධ්‍යස්ථානය, නව බස්නැවතුම්පොළ සහ වෙළෙඳ සංකීර්ණය විවෘත කිරීමට කටයුතු කළා. 
    මා ප්‍රථම වතාවට 1953 අම්පාර ප්‍රදේශයට පැමිණෙන විට මෙහි බස්නැවතුම්පොළක් හෝ වෙනත් කිසිඳු පහසුකමක් තිබුණේ නැහැ. එකල දැකගත හැකි වූයේ පොළව හාරමින් තිබූ බුල් ඩෝසර් කිහිපයක් සහ පැරණි කාර් හා ජීප් රථ කිහිපයක් පමණයි. ඔබේ ප්‍රදේශයේ අමාත්‍ය දයා ගමගේ මහතාගේ උත්සාහය මත මෙම ප්‍රදේශය අද සංවර්ධනය වී තිබෙනවා. 
    මෙම විවෘත කිරීම් සඳහා මා සමග ෆයිසර් මුස්තාෆා අමාත්‍යවරයා ද සහභාගි වීමට නියමිතව සිටියත් ජනාධිපතිතුමා සමඟ හදිසි සාකච්ඡාවකට සහභාගි වීමට සිදුවීම හේතුවෙන් එතුමාට මේ අවස්ථාවට සහභාගි වීමට නොහැකි වුණා. එම නිසා මෙම ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් එතුමාගේ සුභපැතුම් පිරිනමන්නැයි අමාත්‍යතුමා මගෙන් ඉල්ලා සිටියා. 
    අම්පාර ආසනය, අම්පාර දිස්ත්‍රික්කය වගේම, නැගෙනහිර පළාත දියුණු කිරීම සඳහා දයා ගමගේ අමාත්‍යතුමා විශාල උත්සාහයක් දරමින් සිටිනවා. දයා ගමගේ අමාත්‍යතුමා එම වැඩ කටයුතු  සිදු කරන අතරතුර මෙම ප්‍රදේශයේ සිට ඒ සියලූ කටයුතු මෙහෙය වන්නේ අනෝමා ගමගේ නියෝජ්‍ය අමාත්‍යවරියයි. 
    ඒ අනුව මේ ප්‍රදේශයේ සීඝ්‍ර දියුණුවක් ඇති වී තිබෙනවා. මීට පෙර විපක්‍ෂයේ කටයුතු කරන කාලයේ මා මෙම ප්‍රදේශයට කිහිප වරක් පැමිණියා. එදා තිබුණාට වඩා වැඩි දියුණුවක් අද මම මේ ප්‍රදේශයේ දකිනවා. ඒ සියලූ සංවර්ධන කටයුතු වෙනුවෙන් සහ මේ ප්‍රදේශයේ ආර්ථිකය සංවර්ධනය කිරීම වෙනුවෙන් දයා ගමගේ අමාත්‍යතුමාටත්, අනෝමා ගමගේ නියෝජ්‍ය අමාත්‍යතුමියටත් මම ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම ඔවුන්ගේ ඉදිරි වැඩ කටයුතු ද සාර්ථක  වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. අම්පාර ප්‍රදේශයේ දියුණුව වෙනුවෙන් දයා ගමගේ අමාත්‍යතුමා සිදු කරන වැඩ කටයුතු සඳහා අපගේ සහයෝගයත් ලබාදෙනවා. 
    මහවැලි ව්‍යාපාරයෙන් පසුව අම්පාර ප්‍රදේශයට ගෙන එන විශාලම සංවර්ධනය ඇති කරන්නේ අපගේ ජාතික ආණ්ඩුව යටතේ බව මම කියන්න කැමතියි. අප රටට නිදහස ලබා ගැනීමට පෙර අම්පාර ප්‍රදේශය පැවතුණේ වනාන්තරයක් ලෙසයි. නමුත් මේ ප්‍රදේශය සංවර්ධනය කළ හැකි ප්‍රදේශයක් බව ඩී.එස්. සේනානායක මැතිතුමා අවබෝධ කර ගත්තා. ඒ අනුව ගල්ඔය ව්‍යාපාරය ආරම්භ කිරීමට එතුමා කටයුතු කළා. 
    ගල්ඔය ව්‍යාපාරය සඳහා අප යෙදවූයේ අප රටේම මුදල් බව කිව යුතුයි. එම ව්‍යාපාරයට යෙදවූ මුදල්වලින් ඉතිරි වූ ප්‍රමාණය ණය මුදලක් වශයෙන් එංගලන්තයට ලබා දුන්නා. යුද්ධයෙන් පසුව එංගලන්තයට මුදල් අවශ්‍යතාවයක් ඇති වී තිබූ අතර ගල්ඔය ව්‍යාපාරයෙන් ඉතිරි වූ මුදල් ලබා දුන්නේ ඒ අනුවයි. ඒ වගේම ගල්ඔය ව්‍යාපාරය සාර්ථකව නිම කිරීමටත් අපට හැකි වුණා. එකල ශ්‍රී ලංකාව පැවැතියේ එවැනි දියුණු මට්ටමකයි. 
    එකල මා කුඩා අවදියේ පසු වූ අතර මගේ දෙමව්පියන් සමගින් මේ ප්‍රදේශයේ සංචාරයක් සඳහා මා මෙහි පැමිණියා. ගල්ඔය ව්‍යාපාරය හරහා අම්පාර ප්‍රදේශය දියුණුවට පත්වූ අතර මහවැලි ව්‍යාපාරයෙන් අම්පාරට ගල්ඔය ව්‍යාපාරයට නොදෙවැනි සංවර්ධනයක් ඇති වුණා. එකල අම්පාර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරයා ලෙස කටයුතු කළේ පී. දයාරත්න මැතිතුමායි. එදා අම්පාර නගරය මීට වඩා කුඩා නගරයක්… දෙහිඅත්තකණ්ඩිය දක්වා තිබුණේ වනාන්තරයයි. ජීප් රථයකින් හැර වෙනත් වාහනයකින් ඒ ප්‍රදේශයට යාමට හැකියාවක් තිබුණේ නැහැ. දෙහිඅත්තකණ්ඩිය, ගිරාඳුරුකෝට්ටේ පැවතියේ නමට පමණයි. නමුත් ඒ සියලූ ප්‍රදේශ දියුණු කිරීමට අපට හැකි වුණා.

    මහවැලි ව්‍යාපාරය යටතේ ගාමිණී දිසානායක මැතිතුමා මේ ප්‍රදේශයට විශාල සංවර්ධනයක් ගෙන ආවා. අපේ ප්‍රදේශවලින් ද ජනතාව පැමිණ මෙහි පදිංචි වුණා. මේ ප්‍රදේශයට එම දියුණුව ගෙන ඒමට පී. දයාරත්න මහතා එකල විශාල උත්සාහයක් දැරුවා. ඒ වගේම නෙල්සන් ඇමැතිතුමාත්, මහියංගනය ප්‍රදේශයෙන් සී.පී.ජේ. සෙනෙවිරත්න ඇමැතිතුමාත් එම දියුණුව ලබා ගැනීම සඳහා විශාල වැඩ කොටසක් ඉටු කළා. අද අම්පාර – කල්මුණේ ආදී ප්‍රදේශවලට ලැබී තිබෙන්නේ එදා ඔවුන් ගොඩනැගූ ආර්ථිකයේ වාසියයි. 
    මේ ප්‍රදේශයේ තවමත් පවතින්නේ කෘෂි ආර්ථිකයක් බව කිව යුතුයි. වර්තමානයේ අප ගෙන එන සංවර්ධනය හරහා අම්පාර ප්‍රදේශයේ මිශ්‍ර ආර්ථිකයක් ඇති කිරීමට කටයුතු කරනවා. සේවා අංශයෙන්, වෙනත් කෘෂි භෝග, පශු සම්පත් අංශවලින් එම සංවර්ධනය ඇති කරමින් අම්පාර ප්‍රදේශය දියුණු කිරීමට යහපාලන ආණ්ඩුව යටතේ දයා ගමගේ ඇමැතිතුමා කටයුතු කරමින් සිටිනවා.
     
    මෙම සංවර්ධන කටයුතු මීට වසර දෙකකට පෙර ආරම්භ නොකළේ ඇයිදැයි සුළු පිරිසක් අපෙන් ප්‍රශ්න කරනවා. නමුත් එදා අප බාරගත්තේ කුමන ආකාරයේ රටක් ද? අප මේ රට බාර ගන්නා විට රට විශාල ණය බරක සිරවී තිබුණා. පසුගිය බ්‍රහස්පතින්දා දින මා පාර්ලිමේන්තුවේ දී සඳහන් කළ ආකාරයට කිසිඳු අනුමැතියකින් තොරව, පැවැති පාලනය විසින් රුපියල් බිලියන 4000 ක ණය මුදලක් ලබාගෙන තිබෙනවා. අඩුම වශයෙන් එම ණය ලබා ගැනීම සඳහා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ අනුමැතිය හෝ ලබා ගෙන නැහැ. ලබාගත් රුපියල් බිලියන 4000 ක ණය මුදල සඳහා පොලී මුදල් වශයෙන් පමණක් රුපියල් බිලියන 3000 ක් ගෙවීමට සිදුවෙනවා. ඒ අනුව සම්පූර්ණයෙන් ගෙවීමට තිබෙන මුදල රුපියල් බිලියන 7000 ක් වනවා.

    පැවැති පාලනයට මුදල් නොමැති වීම නිසා මෙසේ විශාල වශයෙන් ණය මුදල් ලබා ගත් අතර එම ණය පියවීමටත්, ඔවුන්ට නැවත ණය ලබා ගැනීමට සිදු වුණා. එය බංකොළොත් වූ මූල්‍ය ආයතනවල පිරමීඩ ක්‍රමයට සමාන ක්‍රමයක් වුණා. මේ සියලු ණය මුදල් ගෙවා අවසන් කිරීමට නම් අඩුම වශයෙන් රුපියල් බිලියන 10,000 ත් 12,000 ත් අතර ප්‍රමාණයක් අවශ්‍ය වනවා. ඒ වගේම මීට අමතරව පැවැති පාලනය විසින් ලබාගත් විදේශ ණය ගෙවීමටත් අපට සිදුව තිබෙනවා. මෙවැනි ණය කන්දක සිර වූ රටක් බාරගත් විට ජාතික ආණ්ඩුවක් ඇති කර නොගෙන ඉදිරියට යන්නේ කෙසේදැයි මා ප්‍රශ්න කරනවා.

    මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කර ගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ තවත් පක්‍ෂ කිහිපයක් ඒකරාශී කර ගෙන ජාතික ආණ්ඩුවක් ඇති කිරීමට අප කටයුතු කළා. එම ජාතික ආණ්ඩුව යටතේ වසර දෙකක් රට ඉදිරියට ගෙන යාමට අපට හැකි වුණා. අපි ජාතික ආණ්ඩුවක් ඇති කර නොගත්තා නම් 2016 වසර වන විට ණය ගෙවා ගත නොහැකි තත්ත්වයක් උද්ගත වෙනවා.

    එම ණය මුදල් ගෙවීම සිදු කරන අතරම 2015 වසරේ දී ජනතාවට සහන ලබා දෙමින් ඉන්ධන මිල පහත දැමීමටත්, රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමටත්, සෑම ගමකටම සංවර්ධනය වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 10 බැගින් වෙන් කිරීමටත් අප කටයුතු කළා. විශාල ණය මුදලක් ගෙවන අතරතුර මෙවැනි සහන රාශියක් අප ජනතාවට ලබා දුන්නා නම් ආණ්ඩුවකින් මීටත් වඩා බලාපොරොත්තු විය හැක්කේ කුමක්ද ? 
    ඒ අනුව 2016 වසර වන විට ආර්ථිකයේ ස්ථාවර භාවයක් ඇති කිරීමට අපට හැකි වුණා. රටේ ආර්ථිකය ස්ථාවර මට්මටකට පත් කර නොගෙන ඉදිරියට යා නොහැකියි. පක්‍ෂයක් ලෙස පාර්ලිමේන්තුව තුළ තනිව කටයුතු කිරීමට හැකියාවක් නැහැ. ඒ වගේම ඒ සඳහා අවශ්‍ය මන්ත්‍රී ආසන සංඛ්‍යාව ද අපට තිබුණේ නැහැ. ඒ අනුව ජාතික ආණ්ඩුවක් ඇති කර ගනිමින් අප එම වැඩ කටයුතු ඉදිරියට ගෙන ගියා. 
    අප රට බාර ගන්නා විට ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකය සීඝ්‍ර ලෙස බිඳ වැටී තිබුණා. නමුත් වසර දෙකක අපගේ පාලන කාලය තුළ දී අපගේ අපනයන දෙගුණයක් දක්වා වර්ධනය වූ අතර දළ ජාතික නිෂ්පාදනය පස් ගුණයකින් වැඩි වුණා. නමුත් පසුගිය පාලන කාලය තුළ ශ්‍රී ලංකාවේ අපනයනය වර්ධනය වී තිබුණේ දෙගුණයකින් පමණක් වන අතර එම කාලයේ බංග්ලාදේශයේ අපනයනය පස් ගුණයකින් වැඩි වී තිබුණා. වැඩි කල් යාමට පෙර ශ්‍රී ලංකාවට බංග්ලාදේශයෙන් ද මුදල් ණයට ලබා ගැනීමට සිදුවන තත්ත්වයක් එකල උද්ගත වී තිබුණා. පසුගිය පාලන කාලය තුළ අපේ රට පත්ව සිටියේ එවැනි තත්වයකටයි.

    නමුත් අප රට බාර ගැනීමෙන් පසු රටේ ආර්ථික ස්ථාවර භාවය ඇති කළ නිසා 2017 වන විට රටේ ජනතාවට නිදහසේ හුස්ම ගැනීමට හැකි වාතාවරණයක් ඇති වුණා. අපේ සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන ගියේ ඉන් පසුවයි. යුරෝපය ජී.එස්.පී. ප්ලස් බදු සහනය නැවත ශ්‍රී ලංකාවට ලබා දුන්නා. චීනය, ඉන්දියාව, ජපානය සමඟ අවබෝධයෙන් යුතුව කටයුතු කිරීම ආරම්භ කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට මුදල් ලබාදීමට එකඟ වුණා. ඒ අනුව දැන් ඉතිරි වී තිබෙන්නේ ඉදිරි වසර කිහිපය තුළ රටේ සංවර්ධන කටයුතු වේගවත් කිරීමයි. 
    රටක් ලෙස අප ලබාගත් ණය ගෙවීමට අපට සිදුවෙනවා. ඒ වගේම රටේ ජනතාව වෙනුවෙන් වැඩි ආදායම් සහිත රැකියා අවස්ථා ඇති කිරීමත් අප සිදු කළ යුතු කාර්යයක්. ඒ සඳහා රටේ වේගවත් ආර්ථික දියුණුවක් ඇති කළ යුතුයි. රටේ දළ දේශීය නිෂ්පාදනය වැඩි වන විට ක්‍රමානුකූලව ණය බර ද අඩු වෙනවා. අප ඒ ආකාරයට කටයුතු කළොත් මේ ණය පියවීමට තවත් වසර 40 ක් පමණ බලාසිටීමට අවශ්‍ය වන්නේ නැහැ. 
    රට තුළට විශාල වශයෙන් ආයෝජන ගෙන එමින් 2020 වසර වන විට ණය පියවීමට ශක්තියක් ඇති ආර්ථිකයක් නිර්මාණය කිරීම අපේ අරමුණයි. එවිට 2025 වන විට කිසිඳු ගැටලූකින් තොරව ණය සම්පූර්ණයෙන් පියවීමට හැකි ආර්ථිකයක් ඇති වෙනවා. අපි රටේ සංවර්ධනය ආරම්භ කළේ පළමුවෙන් රටේ පැවැති තුවාලවලට අවධානය යොමු කරමිනුයි. 
    හම්බන්තොට නැව් නැති වරායක් ඉදිකර තිබුණා. එම වරායේ නඩත්තු කිරීම් සිදු වුණේ කොළඹවරායේ ආදායම් මතයි. ඒ වගේම මත්තල ප්‍රදේශයේ ගුවන් යානා නොමැති ගුවන් තොටුපොළක් ඉදිකර තිබුණා. කටුනායක ගුවන් තොටුපොළේ ආදායම් මත මත්තල ගුවන් තොටුපොළ නඩත්තු කළා. ගුවන් යානා පැමිණියේ නැතත් ඒ ප්‍රදේශයේ මොණරුන් නම් මත්තල ගුවන් තොටුපොළ භාවිතා කළා. අඩුම වශයෙන් එවැනි ප්‍රයෝජනයක් හෝ මත්තල ගුවන් තොටුපොළෙන් ලැබීම පිළිබඳව මා සතුටු වෙනවා. 
    අප පිහිටුවා ගත් ජාතික ආණ්ඩුව යටතේ චයිනා මර්චන්ට් සමාගම සමග සාකච්ඡා කර ශ්‍රී ලංකාවේ වරාය අධිකාරියත් සමග හවුල් ව්‍යාපාරක් ආරම්භ කිරීමට අපට හැකි වුණා. ඒ වගේම හම්බන්තොට වරාය වෙනුවෙන් ගෙවීමට ඇති ණය මුදලත් මෙම හවුල් ව්‍යාපාරය හරහා එකවර ලබා ගැනීමට අපට හැකිව තිබෙනවා. හවුල් ව්‍යාපාරය වෙනුවෙන් චීනය විසින් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 1.1 ක මුදලක් ලබා දීමට නියමිතයි. මෙම හවුල් ව්‍යාපාරයේ කටයුතු මෙම මාසයේ දී ආරම්භ වෙනවා. 
    එම ලැබෙන මුදල අප මහ බැංකුවේ තැන්පත් අරමුදලකට බැර කරනවා. ඒ අනුව වසර 10 කට පසු ශ්‍රී ලංකාවේ පළමු වතාවට මහබැංකුව තුළ විදේශ විනිමය සංචිතයක් ඇති වෙනවා. එය වෙනත් රටකින් ණයට මුදල් ලබාගෙන සංචිතගත කිරීමක් නොවෙයි. එම මුදල මහ බැංකුවේ තැන්පත් කරන්නේ ශ්‍රී ලංකාවට අයිති විදේශ විනිමය සංචිතයක් ලෙසයි. 
    ඒ වගේම ඉන්දියානු සමාගමක් සහ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය එක්ව මත්තල ගුවන් තොටුපොළ වෙනුවෙන් තවත් හවුල් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට කටයුතු කරනවා. එම හවුල් ව්‍යාපාරය හරහා ඩොලර් මිලියන 200 – 300 ක මුදලක් අපට ලැබෙනවා. එමෙන්ම දැනට අඩක් නිම කර, අත්හැර දමා ඇති විශාල හෝටල් ව්‍යාපාර ආදිය විදේශීය ආයෝජකයන්ට ව්‍යාපාර වෙනුවෙන් ලබාදීම හරහා ද අපට මුදල් ලබාගත හැකියි. ඒ අනුව වඩාත්ම වැදගත් කාරණය වන්නේ අපේම නමට මහබැංකුව තුළ ඩොලර් බිලියන 1.1 ක් සංචිතගත වීමයි. එය වෙනත් රටකින් ණයට ලබාගත් මුදලක් නොවෙයි. මෙම ව්‍යාපෘති දෙකේම වැඩ කටයුතු ඉදිරියේ දී ආරම්භ කිරීමට නියමිතයි. 
    අපේ ආණ්ඩුවේ එක් සංවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක වන්නේ නුවර සිට කොළඹ හරහා හම්බන්තොට දක්වායි. කොළඹ නගරය ශ්‍රී ලංකාවේ වාණිජ මධ්‍යස්ථානයයි. ජපාන රජයේ ආධාර යටතේ මහනුවර නගරය සංවර්ධනය කිරීමේ වැඩ කටයුතු අප දැන් ආරම්භ කර තිබෙනවා. ඒ වගේ මධ්‍යම අධිවේගී මාර්ගය හරහා කුරුණෑල ප්‍රදේශයේ විශාල දියුණුවක් ඇති වෙනවා.
    ඉදිරියේ දී මහ නගර සංකල්පය හරහා කොළඹ– කලූතර – ගම්පහ විශාල නගරයක් බවට පත් කරනවා. ඉදිවෙමින් පවතින මූල්‍ය නගරය ශ්‍රී ලංකාවේ මූල්‍ය මධ්‍යස්ථානය බවට පත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරනවා. කොළඹවරාය තවත් සංවර්ධනය කිරීමට, නව ව්‍යාපාර ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරනවා. මේ වන විට කලූතර දිස්ත්‍රික්යේ, බණ්ඩාරගම ප්‍රදේශයේ වෙළෙඳ කලාපයක් ඇති කිරීම සඳහා අක්කර 800 ක භඣමි ප්‍රමාණයක් තායිලන්ත සමාගමකට බදු ක්‍රමයට යටතේ ලබා දී තිබෙනවා. වෙළෙඳ කලාපයට අවශ්‍ය ව්‍යාපාර ඒ ප්‍රදේශයට ගෙන එනවා. 
    නව සංචාරක කලාපයක් ඇති කිරීම සඳහා ගාල්ල ප්‍රදේශයේ අක්කර 3000 ක පමණ භඣමි ප්‍රමාණයක් වෙන් කර තිබෙනවා. මාතර ප්‍රදේශයේත් සංචාරක කර්මාන්තය හරහා විශාල දියුණුවක් ඇති කරනවා. හම්බන්තොට වරාය ආශ්‍රිතව තවත් විශාල දියුණුවක් ඇති වෙනවා. වෙළෙඳ කලාප හරහා එම ප්‍රදේශයට විදේශ ආයෝජන රැගෙන එනවා. 
    මේ සියලූ කටයුතු වෙනුවෙන් ආයෝජකයන්ට දිරිගැන්වීම් ලබාදීමට අප සැලසුම් කර තිබෙනවා. ඒ වගේම දේශීය ආයෝජකයන් වෙනුවෙන් නව සංවර්ධන බැංකුවක් ඇති කරනවා. වර්තමානයේ රැකියා බිහි කළ යුත්තේ පුද්ගලික අංශය මූලික කර ගෙනයි. වැඩි ආදායම් සහිත රැකියා විශාල ප්‍රමාණයක් බිහි වන්නේ පුද්ගලික අංශය තුළයි. 
    මේ වැඩ කටයුතු සිදු කරන අතරම ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශ අමතක නොකිරීමට අප වගබලා ගන්නවා. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සංවර්ධන සැලැස්ම නිර්මාණය කිරීම සිංගප්පූරුවේ සුබානාජුරොං ආයතනයට බාර දී තිබෙනවා. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි භාවිතා කරමින් ශ්‍රී ලංකාවටත්, ඉන්දියාවටත් අවශ්‍ය ඉන්ධන ගබඩා කිරීමටත්, අවශ්‍ය නම් තෙල් පිරිපහදු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමටත් කටයුතු කරනවා. ඒ හරහා එම ප්‍රදේශයටත් විශාල දියුණුවක් ගෙන එනවා. 
    සංචාරක කර්මාන්තය වෙනුවෙන් හිඟුරක්ගොඩ ගුවන් තොටුපොළ තවත් විශාල කිරීමට පියවර ගන්නවා. ත්‍රිකුණාමලයේ සිට ආරුගම්බේ දක්වා සංචාරක කලාප ඇති කිරීමට අවශ්‍ය ඉඩම් වෙන් කර දෙනවා. මේ සෑම ව්‍යාපෘතියක් හරහාම අම්පාර දිස්ත්‍රික්කයේ විශාල දියුණුවක් ඇති වෙනවා. ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පමණක් නොව, හම්බන්තොට ප්‍රදේශයේ දියුණුව හරහා ද අම්පාර සංවර්ධනය වේගවත් වනවා. අපේ සංවර්ධන කටයුතු අවසන් වන විට මත්තල  සිට අම්පාරට පැය 2 ක පමණ කාලයකින් පැමිණීමට හැකි වනු ඇති බව අපේ විශ්වාසයයි. ඒ වගේම හම්බන්තොට වරායේ සිට ඉතා පහසුවෙන් අම්පාර පැමිණීමේ හැකියාව ඉදිරියේ දී ඇති වනු ඇති.  
    මේ වන විට නැගෙනහිර සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට අවශ්‍ය වැඩ කටයුතු පිළිබඳව අප සාකච්ඡා කරමින් සිටිනවා. මේ ප්‍රදේශයේ පශු සම්පත් දියුණු කිරීම පිළිබඳව පී. හැරිසන් අමාත්‍යතුමා එතුමාගේ කතාවේ දී සඳහන් කළා. සත්ව පාලනය, නව භෝග වගාව ආදිය අම්පාර ප්‍රදේශය ගෙන ඒමේ විශාල වැඩසටහනක් සිදු කිරීමට නියමිතයි. මේ ප්‍රදේශයට අවශ්‍ය රැකියා හා ආදායම් මාර්ග ඒ හරහා නිර්මාණය වෙනවා. 
    ඒ වගේම මේ ප්‍රදේශයේ ධීවර කර්මාන්තය දියුණු කිරීම සඳහා අවශ්‍ය වැඩ කටයුතු ආරම්භ කර තිබෙනවා. රැකියා අවස්ථා ලබා දෙන්නේ කෙසේදැයි තරුණ තරුණියන් අපෙන් විමසනවා. රටක් දියුණු වන්නේ රාජ්‍ය අංශයේ රැකියාවලින් පමණක් නොවෙයි. පෞද්ගලික අංශයේ හොඳ රැකියා තිබෙනවා නම් ඕනෑම රටක් දියුණු වනවා. ඒ ආකාරයට හොඳ රැකියා ලබා ගැනීමට නම් මේ ප්‍රදේශයේ තරුණ තරුණියන්ට හොඳ ශිල්පීය දැනුම ලබාදිය යුතුයි. ඒ සඳහා යොවුන් සේනාංකය ප්‍රතිසංවිධානය කර තරුණ තරුණියන්ට හොඳ ශිල්පීය දැනුම ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. එය අපේ ආණ්ඩුවේ ප්‍රධාන බලාපොරොත්තුවක්. අනාගතයට අවශ්‍ය ශිල්පීය දැනුමෙන් පිරිපුන් සමාජයක් අපි ඇති කළ යුතුයි.  
    ඒ වගේම විවිධ ස්වභාවික ගැටලූවලට ද රටක් ලෙස අපට මුහුණදීමට සිදු වෙනවා. මේ වසරේ ජල ගැලීම් ඇති වුණා. නියගයකට මුහුණ දුන්නා. ඩෙංගු උවදුරට, කුණු කන්ද නායයාමේ ඛේදවාචකයට රටක් ලෙස අප මුහුණ දුන්නා. මෙවැනි අර්බුද හේතුවෙන් රටක ආර්ථිකය කඩා වැටීමට හැකියාව තිබෙනවා. නමුත් අපේ ආණ්ඩුව යටතේ ගනුලැබූ පියවර හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමකට ලක් වුණේ නැහැ. නමුත් ආර්ථික වර්ධන වේගයේ යම් අඩුවක් ඇති වුවත් අපට ඉදිරියට යාමට හැකි වුණා. 
    නියඟය හේතුවෙන් රටේ සහල් නිෂ්පාදනය අඩු වුණා. වෙනත් රටවල් ද නියගයට මුහුණපෑම හේතුවෙන් ඔවුන්ගේ ද සහල් නිෂ්පාදනවල අඩුවක් දක්නට තිබුණා. එම නිසා මේ වන විට සහල් මිල මෙන්ම පොල් මිල ද ඉහළ ගොස් තිබෙනවා. අප ඒ සඳහා අවශ්‍ය විසඳුම් ගනිමින් සිටිනවා. දේශගුණික හේතඣන් මත වැඩි වී තිබෙන ජීවන වියදම පාලනය කිරීමට අප පියවර ගන්නවා. 
    ඒ වගේම ළෙඟම පාසල හොඳම පාසලෙ යන වැඩසටහන යටතේ අධ්‍යාපන ක්ෂේත්‍රයට මුදල් වෙන් කිරීමටත්, ගම්මාන දියුණු කිරීම සඳහා මුදල් ලබාදීමටත් අප කටයුතු කරනවා. ස්වශක්ති වැඩසටහන යටතේ කුඩා ව්‍යාපාරිකයන්ට ණය ලබාදීමට කටයුතු කරනවා. ඒ ආකාරයට රටේ සංවර්ධනය වෙනුවෙන් අපි කටයුතු කරමින් සිටිනවා. 
    මෙය අපේ ආණ්ඩුවේ සංවර්ධනයේ ආරම්භය පමණයි. එලැඹෙන වසරේ මම මේ ප්‍රදේශයට පැමිණ ඔබ අමතා කතා කරන විට මීටත් වඩා වැඩි ප්‍රතිඵල පිළිබඳව ඔබව දැනුවත් කිරීමට මට හැකියාව ලැබේවි. 
    ශ්‍රී ලංකාවේ දියුණුව මහනුවරට, කොළඹහෝ ගාල්ලට පමණක් සීමා කළ නොහැකියි. එම දියුණුව මෙම ප්‍රදේශ දක්වා ද අප රැගෙන එනවා. හම්බන්තොට සහ ත්‍රිකුණාමලය ප්‍රදේශයන්වල දියුණුව අම්පාර ප්‍රදේශයේ දියුණුවට ප්‍රධාන හේතුවක් වෙනවා. මේ ප්‍රදේශවල දරු දැරියන්ට තොරතුරු තාක්‍ෂණ දැනුම ලබා දී මේ ප්‍රදේශවලම රැකියා කිරීමට අවශ්‍ය පසුබිම සකසා දෙනවා. 
    අපට අවශ්‍ය වී තිබෙන්නේ අම්පාර සංවර්ධනය කිරීමේ තුන් වන යුගය ආරම්භ කිරීමටයි. දයා ගමගේ අමාත්‍යවරයා දේශප්‍රේමියෙක්. නමුත් එතුමා හොරකම් සහ වංචා කිරීමට දේශප්‍රේමය ගැන කතා කරන්නෙක් නොවෙයි. අපි සියලූ දෙනාම මේ රටට ආදරෙයි. අප සියලූ දෙනා හොරකම් නොකරන නිසා දේශප්‍රේමීන් ලෙස ලේබල් ගසා ගෙන නැහැ. අප තුළ යම් යම් අඩුපාඩු තිබෙනවා. ඒවා නිවැරදි කර ගනිමින් ඉදිරියට යා යුතුයි. 
    එදා අම්පාරේ පැවැති තත්වය කුමක්දැයි දයා ගමගේ මහතා හොදින් දන්නවා. මෙවැනි විශාල දියුණුවක් මේ ප්‍රදේශයට ඇති කරනවා යැයි සිතා ගැනීමටත් අපහසුයි. නමුත් අපි එය කෙසේ හෝ සිදු කරනවා. මේ ප්‍රදේශය දියුණු කිරීමේ වගකීමෙන් අප බැහැර වන්නේ නැහැ. ඒ සඳහා අවශ්‍ය ශක්තිය අපට ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා. මහවැලි ව්‍යාපාරයෙන් පසුව අම්පාර ප්‍රදේශයට උදාවන දැවැන්තම දියුණුව අපේ රජය යටතේ ආරම්භ කර තිබෙන බව මම ඔබට අවසාන වශයෙන් පවසන්න කැමතියි.”

  • ශ්‍රීලනිපය දෙකඩ කරන්න එජාපයයි ඒකාබද්දයයි ඩීල් කියල දැන් පැහැදිලියි…(Video)

    ඉදිරි පළාත් පාලන මැතිවණයට එක්ව තරග කිරීම සදහා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ඒකාබද්ද විපක්‍ෂය අතර පැවති සාකච්ඡා  ඒකාබද්ද විපක්‍ෂය හරියටම බඩ මැදින් මස් රාත්තලම ඉල්ලා සිටි බැවින් බිඳ වැටුනු බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

    ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය දෙකඩ බෙදීම සදහා වන එක්සත් ජාතික පක්‍ෂ බලාපොරොත්තුව මේ මොහොතේ ඉටු කරනු ලබන්නේ ඒකාබද්ද විපක්‍ෂය බවත් ඔවුන් අතර ඩීල් එකක් ඇති බව ඉන් ඉතා පැහැදිලි වන බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියේය.ඒ අනුව ඉදිරි මැතිවණය අත ලකුණින් හෝ බුදල් කොලයෙන් තරග වදින බවත් ස්ථිර වශයෙන්ම ජයග‍්‍රහණය කල හැති බවත් ඇමති අමරවීර විශ්වාසය පල කරයි.

     

  • ගඩාෆි නැති ලිබියාව මිහිපිට අපායක් වෙයි…(Video)

    ලිබියාවේ ඇති සංක්‍රමණිකයින්ගේ අර්බුදය ඉලක්ක කර යුරෝපා සංගමය ලිබියාවේ ඇති කරන බලපෑම් සමග සිවිල් හමුදාව (militias) මෙය අවස්ථාවක් ලෙස දැකීමට ගෙන ඇත.නීතිය උදෙසා කල්ලි අතර සටන් ඇති වී ඇත. තරඟකාරීත්වය ද උද්වේගකාරියි.ට්‍රිපොලී හි ධනවත් නාගරික ප්‍රදේශයක ප්‍රතිවාදී කල්ලියක් මේ වන විටත් ලිබියාවේ මධ්‍යම ආරක්ෂාවට එකතු වී ඇත.ඔවුන් රැඳවුම් මධ්‍යස්ථානයකට යැවීම සඳහා සංක්‍රමණිකයින් කණ්ඩායමක් එකතු කර ඇත.ඒකකයේ නායක මරාද් අබ්දෙල් කති අප සමග කතා කිරීමට එකඟ වුනා.

    “මෙම බලකාය පිහිටුවේ විමුක්ති අරගලයටත් කලින්අපි අපේ cellsලාට(සමාජය අතර සිවිල් වැසියන් සේ ඉදිමින් නියෝග ආ විට පමණක් ක්‍රියාත්මක වන මරාගෙන මැරෙන ත්‍රස්තයින්) දැනුවත් කළා මුඅම්මර් ගඩාෆි ගේ බලකාය එක්ක සටන් කරන්න
    ඊට පස්සේ අපිව නවාසි බලකාය ලෙසින් හැඳින්වුනාඉතින් අපි ආරක්ෂක කමිටුවත් සමග එකතු වුනා.අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයෙන් අපට ලැබුණු පුහුණුවෙන් පස්සේ දැන් අපි උතුරු ට්‍රිපොලි මධ්‍යම ආරක්ෂක ශාඛාවේ කොටසක් වෙලා ඉවරයි අපිට ගර්ගරේශ් නගරය පිලිබඳ තොරතුරු ලැබුනා, එහි මුහුද දෙසට යන්න උත්සහ කරන අප්‍රිකානුවන් ඉන්නවා කියලා අපි අත්අඩංගුවට ගත් පුද්ගල සංඛ්‍යාව 441″ – මරාද් අබ්දෙල් කති

    අප හා කතාකල තවත් සංක්‍රමණිකයෙක්

    “මට කියන්න පුළුවන් මෙතන ඉන්න 95% විතර යුරෝපයට යාමට පිටත් වීමට උවමනා අය නෙවෙයි මේ අය රස්සාවක් හොයාගෙන, මෙහෙ ජිවත් වෙන්න ආපු අය මම දැන් ලිබියාවේ ඉන්නවා අවුරුදු දෙකක් විතර, කාර්මික ශිල්පියෙක් විදිහට සේවය කරනවාඑදා රෑ පොලිසියෙන් ඇවිල්ලා මිනිස්සුන්ට පහරදෙන්න ගත්තා. අත්අඩංගුවට ගත්තා. ඒ අපි අවුරුදු ගානක් ජිවත් වෙලා හිටපු නවාතැනක දී එයාලා දෙන්නෙක්ට කකුලට වෙඩි තිබ්බා. ලියකිවිලි ගැනවත් මොනවත් ඇහුවේ නෑ. එයාලා අපිව නිකන්ම අරගෙන ආවා.හැමෝම දන්නවා දැන් ලිබියාව කියන්නේ සාමයේ දේශයක් නෙවෙයි කියලාමේක ආරක්‍ෂිත රටක්, කිසිම ආරක්ෂාවක් නැති” – සංක්‍රමණිකයෙක්

    අපිට එම සංක්‍රමණිකයාගේ කතාව තහවුරු කරගැනීමට නොහැකි වූවත්, අත්අඩංගුවට ගැනීම් සහ ප්‍රමාණය වැඩි කරගැනීම සිවිල් හමුදාවේ(militia) පිළිගැනීම(legacy) වර්ධනය කරගැනීම උදෙසා භාවිත කරන්නේ නම් එය දැනටමත් ලිබියාවේ පදිංචිව සිටින සහ රැකියා කරන දහස් සංඛ්‍යාත සංක්‍රමණිකයින්ට රැඳවුම් මධ්‍යස්ථාන වල සිර ගත වීමේ තර්ජනයක් වනු ඇත
    ටශිරෝ වල ඇති කඳවුරේ සිවිල් හමුදාව(militia) විසින් සංක්‍රමණිකයින්ව මද්‍යස්ථානය වැඩිදියුණු කිරීම වැනි වැඩ වල යෙදවීමට පටන්ගෙන ඇත. අපගේ අවසන් සංචාරයේදී ඔවුන් විදුලි සම්බන්ධතාවය ලබාගනිමින් සිටි අතර මෙවර නල ජලය සහ පිරිමින් සඳහා නාන කාමර පහසුකම් ගොඩනගමින් සිටිය හ.

    “අද අපිට ඔවුන්ට නෑමට පහසුකම් ලබාදෙන්න ජාත්‍යන්තර සංක්‍රමණ සංවිධානය (IOM) නාන කාමර වලට සැපයුම් ගෙනත් දුන්නා.සැප පහසුකම් පසෙකින් තබා, සති ගණනකින් පසුව නා ගැනීම හැකි වීම ඔවුන්ට ඉතාමත් සහනයක් වුවා.නලජලය සම්බන්ධ කිරීම කාන්තා ශාලා වලටද සිදු කෙරෙමින් පැවතුනා. මේ මිනිස්සු වෙනුවෙන් මුළු ලෝකයම වගකිව යුතුයි.ඊට වඩා දෙයක් මට කියන්න නෑ” –ටශිරෝ ආරක්ෂක නිලධාරියෙක්

    “ඔයාලා මෙහෙන් පිටත් වුනාට පස්සේ, කෙනෙක් ඇවිත් ඇහුවා ඔයාලා මොනවද අපිට කිව්වේ කියලා එයාලා අපෙන් ඇහුවා හැමෝම මොනවත් නොකියා ඉඳිද්දී අපි ඇයි ඔයාලාට ඇත්ත කියන්නේ කියලා එයාලා මට විතරක් කතා කරනවා කියලා කිව්වේ නැහැ. එයාලා අපි හැමෝටමයි කිව්වේ මොනවත් කියන්න එපා කියලාමෙයාලට මොනවත් කියන්න බැහැ එයාල ඉන්නේ බය වෙලා නිසා, එත් වෙනසක් වෙනුවෙන් මම මගේ ජීවිතය පූජා කරනවා.මොකද මට ඕනේ වෙනසක්. මගේ ගෙදර අය බලන් ඉන්නවා වෙනසක් වෙනකන්. මෙහේ ඉන්න හැමෝටම ඕනේ වෙනසක්.අපි මෙහෙට කන්න, වැඩ කරන්න ආවේ නෑ. අපිට එයාලගේ විදුලිය, වතුර, කෑම ඕනේ නෑ. අපිට ඕනේ මෙහෙන් යන්න.අපිට කාගෙන්වත් ඒකට උදව් ලැබෙන්නේ නැත්නම්, අපිට මුහුද හරහා හරි යන්නයි ඕනේ.මේක අපිට මරණය වගේ. අපි මරණයට බය නැහැ. අපි එරිට්‍රියනුවෝ. අපේ මුලික ඉලක්කය යුරෝපයට යන්නයි.අපිට ඒක බැරි උනත්, අපිට ඒක ප්‍රශ්නයක් නැහැ. මොකද අපි මැරෙනවා හොඳයි මෙතන ඉන්නවට වඩා. අපි මැරුණු මිනිස්සු වගේ මෙහෙ ඉන්නේ.මම අහලා තියෙනවා ලිබියාවේ එක්සත් ජාතීන්ගේ (UN) සංවිධානයක් තියෙනවා කියලා. එත් ලිබියාවේ එහෙම එක්සත් ජාතීන්ගේ සංවිධානයක්(UN) නැහැ අපිට එක්සත් ජාතීන්ගේ සංවිධානය අවශ්‍යයි” – ටශිරෝ කඳවුරේ සිටින සංක්‍රමණික තරුණියක්.

    වැඩිදියුණු කිරීම් සිදු වුනත් තවමත් මෙම කඳවුරේ තත්වය ප්‍රාථමික සහ දුෂ්කර තත්වයකයි තිබෙන්නේ. පටිගත කිරීම් සිදු කරන අතරේදීත් ඇතැම් සොල්දාදුවන් මත්ද්‍රව්‍ය බාවිත කර සිටින බවක් අපට පෙනෙන්නට තිබුනේ. සිවිල් හමුදාව (militia) රජයේ කොටසක් බවට පත් වන්නේ නම් තව තවත් විශාල සංක්‍රමණික සංඛ්‍යාවකගේ අනාගත ඔවුන්ගේ අතට පත්වනු ඇත. සිවිල් හමුදා(militia) නායක මර්ජික් ශරුඩර් ගෙන් විමසීමක් කළා, මෙයින් ඔබ බලාපොරොත්තු වන්නේ කුමක්ද කියා.

    “මම අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා මොහොමඩ් ශඉටර් මහතා මුණගැසුනා.ඔහුට කිව්වා මොවුන් සිටින්නේ මගේ පාලනය යටතේ කියලා.මෙම ගැටලුවේ සම්පූර්ණ පාලනය මගේ යටතට අවශ්‍ය බවත් පැවසුවා.අපට ගුවන් තොටුපළවල්, දේශ සීමා සහ ලිබියාව පුරා සේවය කිරීමට ඉඩ ලබා දිය යුතුයි.අපට උවමනා තැන් වලට අපට යාමට ඉඩ දිය යුතුයි, ලිබියාවේ මිනිස්සුන්ට සේවය කිරීමට ඉඩ දිය යුතුයි. අපේ රටට සහ රටේ ජනතාවට සේවය කිරීමට අපට කාගෙවත් අවසරයක් අවශ්‍ය නෑ” –සිවිල් හමුදා(militia) නායක මර්ජික් ශරුඩර්

    කඳවුරෙන් පිටව යාමට මත්තෙන් අපට එයින් එලියට යා ගැනීමට සමත් වූ රැඳිවියක් සමග සම්බන්ධ වීමට හැකි වුවා‍ෙඔහු පැවසු ආකාරයට සිවිල් හමුදාව(militia) ඔහුව සහ තවත් දුසිම් දෙකක් පමණ ජාවාරම් කරුවෙකුට ඩොලර් 26,000කට විකුණා තිබෙනවා. ඉන් පසුව ජාවාරම් කරුවන් ඔහුගේ නිදහස වෙනුවෙන් ඔහුගේ පවුල අදාළ මුදල ගෙවන තෙක් ඔහුව සිරගත කර තබාගෙන තිබෙනවා. සරණාගතයින් සහ සංක්‍රමණිකයින් කොතරම් විශාල ලෙසට වෙළඳ භාණ්ඩයක් බවට පත් වී ඇත්ද යන්න එයින් අවධාරණය වේ.අපි පිට වීමට පෙර, සිවිල් හමුදාව(militia) විසින් සංක්‍රමණිකයින්ව කම්කරු සේවයට යෙදවීමට පුහුණු කරන බවත් ඔහු අපට පැවසිය. කඳවුරෙන් පැනයාමට උත්සාහ කල පිරිමි අයට දුටු තැනදීම මරණය වූ අතර ගැහැණු අයට වධ දීම සිදු කෙරේ.ලිබියාවේ ස්ථාවරත්වය සඳහා අභ්‍යන්තර සටන් සිදු වන අතර සිවිල් හමුදාව(milita) විසින් දේශපාලනික සහ ව්‍යාපාරික අවස්ථා අහුරමින් සිටියි. පෙනී යන්නේ සිවිල් හමුදාව(militia) විසින් සරණාගතයින්ගේ අයිතිය යටත් කරගෙන මෙම මිනිසුන්ව ඔවුන්ගේ බලය ලබා ගැනීමේ ද්වේශ සහගත උත්සාහයන් වෙනුවෙන් යොදා ගන්නා බවයි.

     

  • සුඟගෙන් හා වැස්සෙන් උතුරට පීඩා…

    පසුගිය 26 දා දහවල් සිට උතුරු ප්‍රදේශයට ඇද හැළෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් කිළිනොච්චිය, මුලතිව් මාර්ගයේ ස්‌ථාන දෙකකටද වවුනියාව කල්මඩු මාර්ගයේ ස්‌ථාන තුනකටද  වර්ෂාව සමඟ හමා ගිය සුළඟ හේතුවෙන් ගස්‌ කඩා වැටීමෙන් අවහිර වී ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී තිබේ.මුලතිව් හා වවුනියාව ප්‍රදේශයට වැඩිම වර්ෂාවක්‌ ලැබී ඇති අතර එම ප්‍රදේශවල කුඩා වැව් මේ වන විට වාන් දමමින් පවතී.මුලතිව් හා වවුනියාව ප්‍රදේශයට වැඩිම වර්ෂාවක්‌ ලැබී ඇති අතර එම ප්‍රදේශවල කුඩා වැව් මේ වන විට වාන් දමමින් පවතී. මුලතිව් ප්‍රදේශයේ තාවකාලික හා ස්‌ථිර නිවාස කීපයක්‌ම ජලයෙන් යටවී ඇති අතර එම නිවාසවල සිටි පවුල්  ආරක්‌ෂිත ස්‌ථානවලට ගොස්‌ තිබේ. 

     

     

  • ඒ කාලෙයි මේ කාලෙයි කියල වෙනසක් නෑ වගේ පාවා දීම ඉතාම දරුණුයි… මහින්දගෙන් ප්‍රකාශයක් (Video)

    සංහාරයේ දෝංකාය නැමැති චිත්‍ර ප්‍රදර්ශනයට පැමිණි මහින්ද රාපක්ෂ හිටපු ජනාධිපති තුමන් එහි තිබූ චිත්‍ර බලා ප්‍රකාශ කර සිටියේ යුධ අපරාද කියන්නේ මෙන්න මේවයි.. මේවට කොමිසමක් පත්කරල ඉතිහාසයේ ඉදන් හොයන්න කියල එක්සත් ජාතීන්ට කියන්න ඕන . ඒ කාලෙ මේ කාලෙ කියල වෙනසක් නෑ පාවාදීම ඉතා දරුණුයි යනුවෙනි…

  • දික්කසාදය දරාගත නොහැකි වූ තරුණයා නාගයෙක්ට කියා දෂ්ඨ කරගෙන මරුට…

    ළගදි විවාහ වූ තම තරුණ බිරිඳගේ දික්කසාද වීම දරාගත නොහැකි වූ රුසියානු ජාතික Arslan Valeev නැමැති තරුණයා තමා සුරතලයට ඇතිකල නාගයාට කියා දෂ්ඨ කරවාගෙන සියදිවි හානි කරගත් පුවතක් විදෙස් මාධ්‍ය වාර්ථා කොට තිබුණා.

    ඔහු මෙසේ නාගයාට කියා දෂ්ඨ කරවාගෙන ඔහුගේ අවසන් මොහොත දක්වා සජීව වීඩියෝවකින් අන්තර්ජාලය සමග එක්වී ඇත.

  • ත්‍රස්තවාදයට නැවත පණ දෙමින් යාපන සරසවියේ ප්‍රභාකරන් වෙනුවෙන් කේක් කපයි…. සිංහල-මුස්ලිම් සිසුන්ගෙන් දැඩි විරෝධතා…

    යාපනය සරසවියේ වව්නියාව මණ්ඩපයේ දමිළ සිසුන් පිරිසක් පම්පමඩුව නේවාසිකාගාරයන්හි සිට ඊයේ (26) රාත්‍රියේ කොටි නායකයාගේ උපන්දිනය සැමරීමකදී උණුසුම් තත්වයක් හට ගෙන තිබුණි.

    ප‍්‍රභාකරන්ගේ උපන් දිනය වෙනුවෙන් කපන ලද කේක් සිංහල හා මුස්ලිම් සිසුනට බලෙන් කැවීමට යාමේදී මෙම තත්වය ඇතිව තිබේ.

    සිසුන් සිදුවීම පාලනාධිකාරියට දැනුම් දී ඇති අතර පාලනාධිකරිය විසින් සිසුන්ට දැනුම් දී ඇත්ත් අදාල සිදුවීම සම්බන්ධයෙන් පරික්ෂණයක් සිදු කොට විනය ක්‍රියාමාර්ගයක් ගන්නා බවටයි.

    අදාල අවස්ථාවේ බලෙන් කේක් කැවීමේ දර්ශණ අන්තර්ජාල දමිල මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය කර ඇතැයිද වාර්තා වෙයි.

    ඇති වූ උණුසුම් වාතාවරණය හේතුවෙන් එය පාලනය කිරීම සඳහා දෙපාර්ශවය සමගම සාකච්ඡා කිරීමටද වව්නියාව මණ්ඩප පාලනාධිකරිය විසින් පියවර ගෙන ඇත.

    – සේන රඹෑව

  • තහනම් ගස් දෙකක එකවර ගෙඩි කෑ 45හැවිරිදි දෙදරු මව , 55 හැවිරිදි අනියම් සැමියා සමඟම 28හැවිරිදි අනියම් සැමියා අතින් මරුට…

    දැරණියගල පොළිස්බල ප්‍රදේශයට අයත් මාලිබොඩ , රංවල පුදේශයේ නිවසක ඊයෙ රාත්‍රී 9ට පමණ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු ඝාතනයට ලක් වී තිබිණි.මෙසේ ඝාතනය වී ඇත්තේ 45 හැවිරිදි කාන්තාවක් වන අතර ඇය දෙදරු මවකි.පිරිමි පුද්ගලයා 55 හැවිරිදි වන අතර ඔහු ඇගේ අනියම් සැමියාය.

    මෙම දෙපල එකට ගෙතුල සිටියදී එහි පැමිණි එම කාන්තාවගේම තවත් අනියම් සැමියකු විසින් තියණු ආයුධ භාවිත කරමින් මෙම ඝාතනය කොට ඇති බව පොලීසිය සඳහන් කරයි.සිද්ධියෙන් තුවාල ලැබූ එම කාන්තාවගේ 7 හැවිරිදි හා 4 හැවිරිදි දියණියන් දෙදෙනා මේ වන විට කොළඹ ජාතික රෝහලේ හා අවිස්සාවේල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි.ඝාතනය සිදුකල 28 හැවිරිදි සැකකරු මේ වන විට ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔහු සොයා පොළිස් පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් පවතී.

     

     

  • කොටි සොහොන හදන්න වෙන්කල මන්ත්‍රී විමධ්‍යගත මුදල් අත්හිටුවයි…

    රජය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන විමධ්‍යගත ප්‍රතිපාදන භාවිත කරමින් කිලිනොච්චිය – කනකපුරම් ප්‍රදේශයේ විනාශ වී ගිය එල්.ටී.ටී.ඊ. සොහොන් බිමක් පිලිබඳ වාර්තා වී ඇත.කිලිනොච්චි දිස්ත්‍රික් සංවර්ධන වය ශීර්ෂය යටතේ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී ඒ සඳහා අනුමැතිය ලබාගෙන ඇති බවටද තොරතුරු ලැබී ඇත.අදාළ වර්තාවල සඳහන් වන්නේ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් විමධ්‍යගත අරමුදලින් රුපියල් ලක්ෂ 40 ක මුදලක් මේ සඳහා වෙන්කර ගෙන ඇති බවයි.කිලිනොච්චිය – කනකපුරම් ප්‍රදේශයේ මෙම සුසාන භූමිය ඉදිකිරීම සඳහා කරච්චි ප්‍රාදේශීය සභාව සහ කිලිනොච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්ද අවසර ලබාගෙන ඇති බව සඳහන්.

    රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා පවසන්නේ පුවත්පත් විසින් වාර්තා කර තිබූ මෙම කරුණ පිළිබඳව ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද දැනුවත් කල අතර එතුමාගේ උපදෙස් පරිදි මෙහිදී විමධ්‍යගත අරමුදල් අවභාවිතාවක් සිදුවීදැයි සොයා බලන ලෙස අදාළ අංශ දැනුවත් කල බවයි.සාමාන්‍යයෙන් විමධ්‍යගත අරමුදල් භාවිත කිරීමේදී ඒ සඳහා නිශ්චිත රාමුවක් පවතින අතර, එය ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ නිර්ණායකයන්ට යටත් විය යුතුයි.විමධ්‍යගත අරමුදල් භාවිත කරමින් සිදුකිරීමට යෝජිත ඉහත ව්‍යාපෘතිය පිළිබඳව කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම්වරයාගෙන් වාර්තාවක් කැඳවා ඇති අතර, එතෙක් යම් ඉදිකිරීමක් සිදු කෙරෙන්නේ නම් එය තාවකාලිකව නතර කරන ලෙස උපදෙස් ලබාදී ඇති බව රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා වැඩිදුරටත් සඳහන් කළේය.

    ජාතික සංහිදියාවට බාධාවන කටයුත්තක් සඳහා විමධ්‍යගත අරමුදල් භාවිතා කිරීමට කිසිසේත් ඉඩ ලබා නොදෙන බව රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.පසුගියදා යාපනයේ පැවති උත්සවයකදී උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය පී සර්වේශ්වරන් ජාතික කොඩිය එසවීම ප්‍රතික්ෂේප කිරීමේ සිද්ධියක් ද වාර්තා වුණා.සංහිඳියාව වෙනුවෙන් රජය දැඩි කැපවීමකින් කටයුතු කරන අවස්ථාවක මෙම දේශපාලනඥයන් සිදු කරන්නේ සංහිඳියාවේ සළුවෙන් හෙළුව වසා ගැනීමක් බව රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා වැඩි දුරටත් අවධාරණය කළේය.

    මාධ්‍ය ඒකකය
    ජාතික ප්‍රතිත්තති හා ආර්ථිකක කටයුතු අමාත්‍යංශය