Tag: news

  • බිංගිරිය අපනයන සැකසුම් කලාපයේ දෙවන සහ තෙවන අදියරේ සංවර්ධන කටයුතු ඇරඹේ

    බිංගිරිය අපනයන සැකසුම් කලාපයේ දෙවන සහ තෙවන අදියරේ සංවර්ධන කටයුතු ඇරඹේ

    • ක්ෂේත්‍ර 05ක් ඔස්සේ බිංගිරිය ප්‍රධාන ආර්ථික කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම්.
    • ආයෝජන කලාපය සම්පූර්ණයෙන් නිම වීමෙන් පසු ඇමරිකන් ඩොලර් මිලියන 2600ක අපනයන ආදායමක්.
    • රැකියා අවස්ථාවන් 75,000ක්.
    • රටේ අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් නව ආයෝජන කලාප ඇති කිරීමට කටයුතු කරනවා.
    • ජනතාවගේ නොවිසඳුන ප්‍රශ්න විසඳීමට නම් එක් ආර්ථික ක්‍රමයක් අනුව රට ඉදිරියට ගෙන යා යුතුයි – ජනපති.
    • ජනපතිගේ නිවැරදි ආර්ථික වැඩපිළිවෙළ නිසා මෙම වසරේ නව ආයෝජන ගිවිසුම් 35කට එළැඹීමට හැකි වුණා.
    • ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයට ලබා දී තිබෙන රුපියල් බිලියනයක ආයෝජන ලබා ගැනීමේ ඉලක්කය මේ වන විට සපුරා අවසන් – ආයෝජන ප්‍රවර්ධනය රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම.

    අපනයන ආර්ථිකය, නිෂ්පාදන, සංචාරක හා තාක්ෂණ අංශ මෙන්ම නවීන කෘෂිකර්මාන්තය දියුණු කිරීම තුළින් රට තුළ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟිය හැකි බවත්, ඒ සඳහා මූලික පදනම මේ වන විට ආණ්ඩුව විසින් තබා තිබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන සැකසුම් කලාපය ලෙස අක්කර 1000ක පමණ වපසරියක් සහිත බිංගිරිය අපනයන සැකසුම් කලාපයේ දෙවන සහ තුන් වන අදියරේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් අද(12) පැවති උත්සවයට එක්වෙමිනි.

    රටේ අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් නව ආයෝජන කලාප ඇති කිරීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

    බිංගිරිය ආයෝජන කලාපය සම්පූර්ණයෙන් අවසන් වීමෙන් පසුව ඇමරිකන් ඩොලර් මිලියන 2600ක අපනයන ආදායමක් ලබාගත හැකි බවට ඇස්මේන්තු කර ඇති අතර රැකියා අවස්ථාවන් 75000 බිහිකිරීමට ද නියමිතය.

    බිංගිරිය අපනයන සැකසුම් කලාපයේ දැනට ඉදිකර තිබෙන ඩොංශියා ඉන්ඩස්ට්‍රියල් ලංකා ආයතනය (Dongxia Industrial & Commerce Co.Ltd.) විවෘත කිරීම මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු වූ අතර එම ආයතන පරිශ්‍රයේ නිරීක්ෂණය චාරිකාවකට ද එක්වූ ජනාධිපතිවරයා එහි සේවක මණ්ඩලය සමඟ සුහද කථා බහක නිරත විය.

    අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා ආයෝජන මණ්ඩලයේ නිලධාරීන්, නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන්, ආයෝජකයින් සහ ව්‍යවසායකයින් අතර සාකච්ඡාවක් ද පැවැත්වුණු අතර මෙම අපනයන සැකසුම් කලාපයේ යටිතල පහසුකම් දියුණු කිරීමත් සමඟ බිංගිරිය, දුම්මලසූරිය, මාදම්පේ ප්‍රදේශ මහනගර මට්ටමට සංවර්ධනය කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා එහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය .

    කෘෂිකර්මය, නිෂ්පාදන කර්මාන්තය, තොරතුරු තාක්ෂණය සහ සංචාරක මෙන්ම ධීවර කර්මාන්තය යන ක්ෂේත්‍ර 05 දියුණු කිරීම තුළින් බිංගිරිය මෙරට ප්‍රධාන ආර්ථික කලාපයක් ලෙස සංවර්ධනය කිරිමේ සැලසුම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.

  • ජනාධිපති ශිෂ්‍යත්ව පිරිනැමීම දිස්ත්‍රික් මට්ටමින් හෙට ඇරඹේ

    ජනාධිපති ශිෂ්‍යත්ව පිරිනැමීම දිස්ත්‍රික් මට්ටමින් හෙට ඇරඹේ

    අ.පො.ස. උසස් පෙළ සහ පළමු ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් වෙනුවෙන් පිරිනැමෙන ජනාධිපති ශිෂ්‍යත්ව ප්‍රදානය හෙට (12) සිට දිස්ත්‍රික් මට්ටමින් ආරම්භ කෙරේ.

    කොළඹ දිස්ත්‍රික්කයට අදාළ ශිෂ්‍යත්ව ලබාදීම පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (ජුනි 19) අරලියගහ මන්දිරයේ දී සිදු කෙරුණු අතර අනෙකුත් දිස්ත්‍රික්ක 24ට අදාළ ශිෂ්‍යත්ව පිරිනැමීමට මෙලෙස හෙට සිට දීප ව්‍යාප්තව සිදු කෙරෙනු ඇත.

    ඒ අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ තෝරාගත් සිසුන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය හෙට (12) සහ ජූලි 15 වනදා සිදු කෙරෙන අතර, බදුල්ල, මාතලේ සහ යාපනය දිස්ත්‍රික්කවල ජුලි 13 වන දිනද, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ජූලි 14 වන දිනද, ගම්පහ දිස්ත්‍රික්කයේ ජූලි 16 සහ 17 යන දිනයන්හිදි ද, ගාල්ල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල ජූලි 15 දිනද, වවුනියාව, මඩකලපුව, රත්නපුර, කෑගල්ල, නුවරඑළිය දිස්ත්‍රික්කවල ජුලි 16 දිනද, කලුතර, මන්නාරම, අම්පාර, කුරුණෑගල, මහනුවර, දිස්ත්‍රික්කවල ජුලි 17 වන දිනද, මුලතිව්, ත්‍රිකුණාමලය, පොළොන්නරුව දිස්ත්‍රික්කවල ජුලි 18 වන දින ද, මොණරාගල, මාතර දිස්ත්‍රික්කවල ජූලි 19 දිනද, පුත්තලම දිස්ත්‍රික්කයේ ජූලි 22 දින ද ශිෂ්‍යත්ව පිරිනැමීම සිදු කෙරේ.

    දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන්, සියලු කලාප අධ්‍යාපන කාර්යාල සහ විදුහල්පතිවරුන්ගේ සම්බන්ධීකරණයෙන් මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය සිදු කෙරෙන අතර පළමු අදියරේදී මෙම ශිෂ්‍යත්ව ලාභීන්ගෙන් කොටසක් පමණක් ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සව සඳහා කැඳවීමට කටයුතු කෙරේ.

    දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක සඳහා අධ්‍යාපන කලාප මට්ටමින් එක් එක් පාසලින් පළමු අදියරේදී තෝරා ගන්නා ලද ශිෂ්‍යත්වලාභීන්ගේ නාම ලේඛනය ජනාධිපති අරමුදලේ නිල Facebook පිටුවේ පළ කිරීමට කටයුතු කර ඇත.

    අ.පො.ස. උසස් පෙළ සිසුන් සඳහා මසකට ‍රු.6000/- බැගින් මාස 24ක් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය සිදු වන අතර කලාප කාර්යාල 100ක් අතුරින්, එක් කලාපයකින් සිසුන් 60 බැගින් ශිෂ්‍යත්වලාභීන් 6000ක් දැනටමත් තෝරාගෙන තිබේ. ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයේ දී එම සිසුන් සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමට කටයුතු කෙරෙන අතර හිඟ වාරික මුදල් ද සමඟින්‍ රු 30,000/- ක ශිෂ්‍යත්ව ප්‍රදානයක් ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයේදී පිරිනැමීමටත්, ඊළඟ මාසයේ සිට අ.පො.ස. උසස් පෙළ ‍විභාගය සඳහා පෙනී සිටින තෙක් මසකට ‍රු.6000/- බැගින් ශිෂ්‍යත්ව ලබාදීමටත් කටයුතු කරනු ලැබේ.

    කෙසේ වුවද පළමු ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා දිවයිනේ පාසල් 10,126 ම ආවරණය වන පරිදි තෝරාගන්නා ලද ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා මසකට ‍රු.3000/- බැගින් මාස 12ක කාලයක් සඳහා ලබාදෙන ශිෂ්‍යත්ව වැඩසටහනට අදාළව තවමත් ඇතැම් පාසල් මඟින් අයදුම්පත් ඉදිරිපත් කර නොමැති අවස්ථා නිරීක්ෂණය වී තිබේ.

    එසේ අයදුම්පත් ඉදිරිපත් නොකළ පාසල්වල විදුහල්පතිවරුන්හට අයදුම්පත් ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස දන්වා තිබෙන අතර ශිෂ්‍යත්ව සඳහා අයදුම් නොකරන ලද පාසල් පිළිබද ලැයිස්තුවක් සියළුම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත ලබා දී ඇත.

    ඒ අනුව යම් පාසලකින් ශිෂ්‍යත්ව සඳහා අයදුම්කර නොමැති නම් ඒ පිළිබඳව සොයා බලා අයදුම්පත් ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපති අරමුදල දෙමාපි‍යන්ගෙන් සහ දූ දරුවන්ගෙන් ඉල්ලා සිටියි.

    මෙම අසීරු අවස්ථාවේදී කිසිවෙකු අත් නොහැරිය යුතුය යන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහාතගේ සංකල්පයයි. දරුවන්ට වැඩි අධ්‍යාපන අවස්ථා ප්‍රමාණයක් ලබාදීම සඳහාත්, යම් දරුවෙකු ආර්ථික අපහසුතා මත පාසල හැරයාම සිදුවන්නේ නම් එවැනි අවස්ථා වැළැක්වීම සඳහා කටයුතු කරන ලෙසත් ජනාධිපතිවරයා ලබා දී ඇති උපදෙස් අනුව ශිෂ්‍යත්ව සඳහා අයදුම් නොකල පාසල් සඳහා නැවත අයදුම්පත් යොමු කිරීමට අවස්ථාව ලබාදෙන අතර එම අවස්ථාව ප්‍රයෝජනයට ගන්නා ලෙස ද ජනාධිපති අරමුදල ඉල්ලා සිටියි.

    දිස්ත්‍රික් මට්ටමින් සිදුකරන මෙම ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සව පිළිබඳව යාවත්කාලීන කරන ලද තොරතුරු දැන ගැනීම සඳහා ජනාධිපති අරමුදලේ facebook.com/president.fund යන නිල facebook පිටුව වෙත යොමු වන ලෙස ද ජනාධිපති අරමුදල වැඩිදුරටත් දැනුම් දෙයි.

    මෙම ශිෂ්‍යත්ව ප්‍රදානයන් පිළිබඳව වැඩිදුර තෙරතුරු අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාල මඟින් ලබාගත හැකි අතර එහිදී යම් ගැටළුවක් මතුවුවහොත් පමණක් 0112354354 – දිගු අංක 4835 ඔස්සේ සහ 0740854527 (Whatsapp පණිවිඩ පමණි) මඟින් ජනාධිපති අරමුදලේ නිලධාරින් සම්බන්ධ කර ගත හැකිය.

  • ෂාරුක් – සුභානාගේ NYC වීඩියෝව ලීක් වෙයි

    ෂාරුක් – සුභානාගේ NYC වීඩියෝව ලීක් වෙයි

    බොලිවුඩයේ රජු වන ශාරුක් ඛාන් සහ ඔහුගේ දියණිය සුහානා ඛාන් පසුගිය දා නිව්යෝර්ක් නගරයේ පාවහන් අලෙවිසැලකදී දැකගත හැකි වූ අතර එම වීඩියෝව සමාජමාධ්‍ය තුළ වෛරස් වූ බව ඉන්දීය මාධ්‍ය පවසයි.

    2023 වර්ෂයේදී ෂාරුක් ඔහුගේ Pathaan, Jawan සහ Dunki වැනි චිත්‍රපට වලින් ප්‍රේක්ෂකයින් විනෝදාස්වාදයට පත් කළේය. දැන්, ඔහු ඔහුගේ මීළඟ ඉදිරියට එන ක්‍රියාදාම-ත්‍රාසජනක චිත්‍රපටය වන ‘ ‘King” සඳහා සූදානම් වෙමින් සිටින අතර එහි ඔහුගේ දියණිය වන සුහානා ඛාන් ද රංගනයෙන් දායක වේ.

    පසුගිය වසරේ සෝයා අක්තාර්ගේ ‘Zoya Akhtar’s’ චිත්‍රපටය සමඟින් සුහානා බොලිවුඩයට පිවිසියාය. මේ වන විට ඇය තම පියා සමඟ ඔවුන්ගේ ඉදිරි තිරගත වන ‘කිං’ චිත්‍රපටයේ පූර්ව නිෂ්පාදන කටයුතු වෙනුවෙන් කාර්යබහුලව සිටී.

    පසුගිය දා ඔවුන් දෙදෙනාම නිව් බැලන්ස් හි සපත්තු සාප්පුවක සිටි අතර සමාජ මාධ්‍යවල අන්තර්ගත නිර්මාපකයෙකු වන Bunty Bhaiya නම් ඉන්දියානු ජාතිකයා පියා සහ දියණිය දුටුවේය.

    ෂාරුක් සහ සුභානා දුටු වහාම බන්ටි සිය ජංගම දුරකථනයේ වීඩියෝව ක්‍රියාත්මක කර අපූරු වීඩියොවක් පටිගත කළේය. ඔහු එය නම් කර තිබුණේ “මේ ඉන්නේ ෂාරුක් සර් සහ සුහානා. ඔවුන් ඉන්නේ New York වල New Balance Store එකේ” යනුවෙනි.

    වීඩියෝවේ ඔවුන් දෙදෙනාම සපත්තු පැළඳීමට උත්සාහ කරන අයුරු දැකගත හැකි විය. පැය 24කට අඩු කාලයකදී, වීඩියෝව වයිරස් බවට පත් වූ අතර ලයික් 27,000කට වඩා වැඩි සංඛ්‍යාවක් සමඟින් මිලියනයක් දෙනා එය නැරඹූහ.

    රසික ප්‍රතිචාර

    ෂාරුක් ඛාන්ගේ සැබෑ පැත්ත ගැන දැනගැනීමට අවශ්‍ය නිසා 300කට අධික පිරිසක් එම වීඩියෝවට අදහස් දක්වා තිබුණේය. ‘beingdeepa05’ යන නම ඇති පරිශීලකයෙකු අදහස් දක්වමින්, “ඔහු ඉතා රළුයි. ඔබ ඔහු හමුවී කතා කළාද?” කියා විමසා තිබුණේය.

    අන්තර්ගත නිර්මාපකයා එයට මෙසේ පිළිතුරු දුන්නේය, “ඔහු එසේ නොවෙයි… ඔහු ඔවුන් වෙත පැමිණෙන සෑම කෙනෙකුටම කතා කරමින් සිටියා.”

    තවත් SRK රසිකයෙක් අදහස් දැක්වූ අතර ඔවුන් දෙදෙනා සමඟ වෙනත් කවුරුන් හෝ සිටීදැයි දැන ගැනීමට ඔහුට අවශ්‍ය විය.

    එම ප්‍රශ්නයට පිළිතුරු දෙමින් බන්ටි බයියා මෙසේ කීවේය, “ඒ දෙන්නා ඇරෙන්න වෙන කවුරුත් හිටියේ නෑ‘

    පියා සහ දියණියකගේ බැඳීම

    සුහානා ඛාන් ඇගේ පියා ෂාරුක් ඛාන් සමඟ සමීප බැඳීමක් බෙදා ගන්නා බව දන්නා කරුණකි. කොල්කටා නයිට් රයිඩර්ස් (කේකේආර්) සහ සන්රයිසස් හයිද්‍රාබාද් (එස්ආර්එච්) අතර අයිපීඑල් 2024 අවසන් මහා තරගයේදී සුහානා සහ ෂාරුක් ප්‍රීතිමත් කාලයක් ගත කරන අයුරු දැකගත හැකි විය.

    මූලාශ්‍රය – ඉන්දියානු මාධ්‍ය ඇසුරිණි

    සැකසුම – මධූ වික්‍රමසිංහ

  • CID ය තාඹුගලගෙන් කෝටි 2ක කප්පම් ඉල්ලලා – සම්පූර්ණ කතාව මෙන්න !

    CID ය තාඹුගලගෙන් කෝටි 2ක කප්පම් ඉල්ලලා – සම්පූර්ණ කතාව මෙන්න !

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන අංශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ අධ්‍යක්ෂවරයා විසින් ව්‍යාපාරික විරංජිත් තාඹුගලගෙන් රුපියල් කෝටි දෙකක කප්පමක් ලබාගත් බව කියන සිද්ධිය සත්‍යයක් නම් එය බරපතළ කරුණක් බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනය කොට අදාළ නිලධාරීන්ට එරෙහිව බරපතල නීතිමය පියවර ගත යුතු බවත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අද (ජුලි 10) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

    තමාට එල්ල වී ඇති මරණීය තර්ජන සම්බන්ධයෙන් වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනතේ ප්‍රතිපාදන යටතේ නිසි ආරක්‍ෂාව ලබාදෙන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා  විරංජිත් තාඹුගල විසින් ඉදිරිපත් කළ ඉල්ලීම සලකා බැලූ අවස්ථාවේදී දිලීප පීරිස් මේ බව ප්‍රකාශ කර සිටියේය.

    මේ අතරතුර සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ දින තුනක් රහසිගත ආකාරයෙන් ප්‍රකාශ ලබාදී තිබූ බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සිහිපත් කළේය.

    මෙම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පුද්ගලයෙකුගෙන් රුපියල් මිලියන 70 ක මුදලක් ලබාගෙන වංචා කිරීම සම්බන්ධයෙන් සැකකාර විරංජිත් තාඹුගලට එරෙහිව මෙම නඩුකරය ගොනු කර තිබෙන බව සඳහන් කළේය.

    මෙම සැකකරුගේ බැංකු ගිණුම් වලට 2018 වසරේ සිට 2022 වසර දක්වා ඇමෙරිකාවේ සිට ඩොලර් 26,429,490ක මුදලක් ලැබී තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකය මගින් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැවසීය.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන අංශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ එහි අධ්‍යක්ෂවරයා තමන්ගෙන් රුපියල් කෝටි 30 ක කප්පමක් ඉල්ලා එය කෝටි 5 කට අඩු කොට ඉන් කෝටි 2 ක් ලබාගෙන තිබෙන බවට මෙම සැකකරු විසින් ප්‍රකාශ කර තිබෙන බවට වාර්තා වී ඇතැයි සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා රජයේ නිලධාරින් මේ ආකාරයෙන් කප්පම් ලබාගෙන තිබේ නම් එය බරපතල තත්ත්වයක් බවත් සඳහන් කර සිටියේය. එවැනි නිලධාරීන් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතු යැයි සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙවැනි නීති විරෝධී කටයුත්තක් සිදුවී තිබුණේ නම් ඒ සම්බන්ධයෙන් සැකකරු විසින් අල්ලස් කොමිසමට හෝ සුදුසු ආයතනයකට පැමිණිලි කිරීමට හැකියාවක් තිබෙන බවත් ප්‍රකාශ කළේය.

    සැකකරු එසේ ක්‍රියා නොකොට තමන්ට එරෙහිව සිදුකරන වත්කම් පිළිබඳ පරීක්ෂණය මගහැර යාම සඳහා විවිධ ප්‍රකාශ සිදුකිරීමට මෙම නඩුව හරහා අධිකරණය වේදිකාවක් කර ගැනීමට ඉඩදිය නොහැකි බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අවධාරණය කළේය.

    මෙම සැකකරු විමර්ශනවලට නිසියාකාරව සහයෝගය ලබාදී නොමැති බවත් ඔහු විසින් චෝදනා කරනු ලැබීය.

    විරංජිත් තාඹුගල වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපාලි ජයමාන්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයා විමර්ශන කටයුතුවලට සහාය නොදක්වන බවට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එල්ල කළ චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව සඳහන් කළේය.

    නීති විරෝධී වත්කම් විමර්ශන අංශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ අධ්‍යක්ෂවරයා තම සේවා දායකයාගෙන් මුදල් ලබා ගැනීමේ සිද්ධියට අදාල සියලු හඬපට සහ වීඩියෝ පට සිය සේවා දායකයා සතුව තිබෙන බවත් නීතිඥවරයා විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේය.

    මුල් අවස්ථාවේදී තම සේවා දායකයා නීති විරෝධී වක්කම් විමර්ශන අංශයට ගොස් ප්‍රකාශ ලබාදීමට සූදානම් වුවත් ඔහුගෙන් නිසියාකාරව ප්‍රකාශ ලබා නොගත් බවත් ඔහු පැවසීය.

    දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ ප්‍රකාශ කළේ සැකකාර විරංජිත් තාඹුගල මෙම නඩුවේ වින්දිතයකු වශයෙන් හඳුනාගත නොහැකි බව ය.

    ඒ අනුව සැකකරු විසින් කරනු ලැබූ ඉල්ලීමට අදාළව නියෝගයක් නිකුත් කළ නොහැකි බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරිය සැකකරුට තිබෙන තර්ජන සම්බන්ධයෙන් සුදුසු ආයතන වෙත පැමිණිලි කිරීමට ඔහුට හැකියාවක් තිබෙන බවත් සඳහන් කළාය.

    මූලාශ්‍රය – බී.බී.සී සන්දේශය

     

  • ‘කුරුඳු වගාව‘ දෙපාර්තමේන්තුවක් යටතට පත් කළේ ඇයි ?

    ‘කුරුඳු වගාව‘ දෙපාර්තමේන්තුවක් යටතට පත් කළේ ඇයි ?

    ප්‍රධාන කාර්යාලය ගාල්ල, කරන්දෙණියේ දී ජනපති අතින් විවෘත කෙරේ.

    • රට නිවැරදි ආර්ථික ක්‍රමයක් ඔස්සේ ඉදිරියට ගෙන නොගියහොත් ලැබු ජයග්‍රහණ ගිලිහී යනවා.
    • රට තුළ කුරුඳු වගාව යළි දියුණු කර අපනයන ආර්ථිකය ශක්තිමත් කරනවා – ජනපති.

    රට නිවැරදි ආර්ථික ක්‍රමයක් ඔස්සේ ඉදිරියට ගෙන නොගියහොත් ලැබු ජයග්‍රහණ යළි ගිලිහී යන බවත්, රටේ ගොඩනැඟෙන ආර්ථිකය බිඳ දැමීමට ඇතැම් පිරිස් විවිධ ප්‍රකාශ සිදු කරන බවත් සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම අසත්‍ය ප්‍රචාරවලට හසු වුවහොත් ස්ථිර ලෙසම නැවත රටේ ආර්ථිකය කඩා වැටෙන බවද අවධාරණය කළේය.

    ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ගාල්ල කරන්දෙණිය ප්‍රදේශයේ ඉදිකළ කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට අද (10) පස්වරුවේ එක් වෙමිනි.

    මෙරට පළමු වතාවට කුරුඳු වගාව සම්බන්ධයෙන් කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව නමින් නව දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කිරීමට 2023 අයවැයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව යථාර්ථයක් කරමින් එහි ප්‍රධාන කර්යාලය මෙලස විවෘත කෙරිණි.

    කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය දියත් කිරීම ද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරිණි.

    කුරුඳු කර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා සකස් කළ දස අවුරුදු මාර්ග සිතියම හා කුරුඳු වගාව සම්බන්ධව සකස් කළ “කුරුඳු අත් පොත” තාක්ෂණික ප්‍රකාශනය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීම ද සිදු විය.

    තෝරා ගත් කුරුඳු ව්‍යවසායකයන් වෙත GAP සහ GI සහතික පත් ප්‍රදානය කිරීමද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරිණි.

  • අඩු ආදායම්ලාභී පවුල් 50,000ක් වෙනුවෙන් නිවාස අයිතිය

    අඩු ආදායම්ලාභී පවුල් 50,000ක් වෙනුවෙන් නිවාස අයිතිය

    කොළඹ දිස්ත්‍රික්කයේ මහල් නිවාස සංකීර්ණ 31ක පිහිටි නිවාස 130ක හිමිකාරීත්වය ප්‍රදානය කිරීම ජනපති ප්‍රධානත්වයෙන්.

    • මීට වසර දෙකකට පෙර මගේ නිවස ගිනිබත් කළ අවස්ථාවේ නිවසක වටිනාකම තදින් දැනුණා.
    • ලක්ෂ විස්සක ජනතාවට සින්නක්කර ඉඩම් අයිතියත්, ලක්ෂ දෙක හමාරක ජනතාවට නිවාසවල පූර්ණ අයිතියත් හිමි කර දීමට හැකිවීම පිළිබඳ සතුටු වෙනවා – ජනපති.

    මීට වසර දෙකකට පෙර තම නිවස ගිනිතබා විනාශ කළ අවස්ථාවේ නිවසක වටිනාකම තමාට තදින් දැණුන බවත්, එම වටිනාකම හඳුනා ගනිමින් කොළඹ නගරයේ මහල් නිවාසවල ජීවත්වන ලක්ෂ දෙක හමාරක ජනතාවට එම නිවාසවල පූර්ණ අයිතිය හිමිකර දීමේ ‍වැඩසටහන ක්‍රියාවට නැංවූ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ කොළඹ නගරයේ මහල් නිවාසවල ජීවත්වන අඩු ආදායම්ලාභි පවුල් ලක්ෂ දෙක හමාරක ජනතාවට එම නිවාසවල පූර්ණ අයිතිය ලබාදීමේ “රන්දොර උරුමය” වැඩසටහනේ පළමු අදියර යටතේ නිවාස 50,000ක අයිතිය ප්‍රදානය කිරීමේ සමාරම්භක අවස්ථාවට ඊයේ (09) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී එක් වෙමිනි.

    කොළඹ දිස්ත්‍රික්කයේ මහල් නිවාස සංකීර්ණ 31ක පිහිටි නිවාස 130ක හිමිකාරීත්වය ප්‍රදානය කිරීම මෙහිදී සිදු කෙරුණු අතර ජනාධිපතිවරයා සංකේතාත්මකව එම අවස්ථාවට එක් විය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව 2024 අයවැය යෝජනා මඟින් ලක්ෂ 20ක ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීමේ උරුමය වැඩසටහන සහ කොළඹ නගරයේ මහල් නිවාසවල ජීවත්වන අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ දෙක හමාරකට එම නිවාසවල පූර්ණ අයිතිය ලබාදීමේ වැඩසටහන ක්‍රියාවට නැංවිණි.

    ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් මාසිකව රුපියල් 3000 ක හෝ ඊට අඩු අගයක කුලී පදනම මත අනාගතයේ අයිතිය ලැබෙන සේ අඩු ආදායම්ලාභීන් වෙත ලබා දී ඇති මහල් නිවාස ඇතුළු සියලු නිවාස සඳහා රුපියල් 150,000ක මුදලක් ගෙවා ඇති සහ මෙතෙක් එම මුදල ගෙවා නොමැති නමුත් එම මුදල මාසයක කාලයක් තුළ ගෙවා අවසන් කරන ප්‍රතිලාභී පවුල් 50,000ක් වෙනුවෙන් පළමු අදියර යටතේ පූර්ණ නිවාස හිමිකම ප්‍රදානය කිරීම සිදු කෙරේ. මෙම වසර අවසන් වන විට ප්‍රතිලාභීන් 1070කට හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීමට ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සැලසුම් කර තිබේ.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ “උරුමය” වැඩසටහන හරහා ලක්ෂ 20ක ජනතාවට සින්නක්කර ඉඩම් අයිතියත්, ලක්ෂ දෙක හමාරක ජනතාවට නිවාසවල පූර්ණ අයිතියත් හිමි වන බවයි. ඉඩමක සහ නිවසක අයිතිය හිමිවීම මේ රටේ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීමක් බව පැවසූ ජනාධිපතිවරයා ජනතාවට හැකි තරම් සහන ලබාදීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවද සඳහන් කළේය.

  • ජනපති ලේකම්ගෙන් නීතිඥ සංගමයට ‘පිළිතුරු ‘ලිපියක්

    ජනපති ලේකම්ගෙන් නීතිඥ සංගමයට ‘පිළිතුරු ‘ලිපියක්

    හිටපු නීතිපති ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම් මහතා විශ්‍රාම ගැනීමෙන් පසුව නව නීතිපතිවරයෙකු පත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කරන ලද ලිපියට ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පිළිතුරු ලිපියක් මඟින් ප්‍රතිචාර දක්වා තිබේ. මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් අද (09) දින නිකුත් කළ නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වේ.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය සහිතව නීතිපතිවරයා පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ඇ. ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාට ව්‍යවස්ථානුකූලව බලය පවතින බවත්, ජ්‍යෙෂ්ඨත්වය මත පදනම්ව නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා මෙම තනතුර සඳහා පත්කිරීමට ව්‍යවස්ථාපිත අවශ්‍යතාවක් නොමැති බවත් එම ලිපිය මඟින් ජනාධිපති ලේකම්වරයා අවධාරණය කර තිබේ.

    එසේම නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වෙත නීතිපති ධූරය ලබාදීමේ ක්‍රමයක් ශ්‍රී ලංකාවේ ඉතිහාසය තුළ අනුගමනය කර නොමැති බවත්, ජනාධිපති නීතිඥ සරත් එන්. සිල්වා මහතා සහ ජනාධිපති නීතිඥ මොහාන් පීරිස් මහතා වැනි පසුගිය කාලය තුළ නීතිපති ධූරය සඳහා සිදුකර ඇති පත්වීම් නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් පරිබාහිරව සිදු කර ඇති බවද එම ලිපියේ සඳහන් කර තිබේ.

    එමෙන්ම, 2016 වසරේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නීතිපති ධූරය සඳහා කිහිප දෙනෙකුගේ නම් නිර්දේශ කළ බවත්, එහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතා නීතිපතිවරයා ලෙස පත්කිරීම අනුමත කිරීම ද උදාහරණයක් ලෙස මෙහිදී ජනාධිපති ලේකම්වරයා පෙන්වා දී තිබේ.

    ජනාධිපතිවරයාගේ සහ අමාත්‍ය මණ්ඩලයේ විශ්වාසය තහවුරු කර ගැනීමට හැකි සියලු සුදුසුකම්ලාභීන් පිළිබඳ පුළුල් ලෙස සලකා බැලීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කර ඇති ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා, නීතිපති ධූරය සඳහා වෙනත් සුදුසුකම්ලාභීන් සිටියදී එක් පුද්ගලයෙකු වෙනුවෙන් පමණක් ශ්‍රී ලංකා නීතීඥ සංගමය පෙනී නොසිටිය යුතු බව ද මෙම ලිපිය මගින් වැඩිදුරටත් සඳහන් කර ඇත.

    හිටපු නීතිපති සංජේ රාජරත්නම් මහතා විශ්‍රාම යාමෙන් පුරප්පාඩු වූ නීතිපති ධූරය සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා පත් කරන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය මීට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකරමින් ඉල්ලීමක් සිදුකර තිබූ අතර, එම ක්‍රියාවලිය මඟින් ජ්‍යෙෂ්ඨත්වයට ගරු කරමින් නීතිපති ධූරයේ අඛණ්ඩතාව සහ ස්ථාවරත්වය සහතික කෙරෙන බවත්, එය නීතිපති දෙපාර්තමේන්තුව තුළ ස්ථාපිත ධුරාවලියට අනුකූල වන බවත් ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් අවධාරණය කර තිබිණ.

    ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ලේකම් චතුර ඒ. ගල්හේන මහතාගේ අත්සනින් යොමු කර ඇති මෙම ලිපිය මඟින් නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සහ යුක්තියේ සාධාරණත්වය සහතික කිරීම සඳහා නීතිපතිවරයා සතු තීරණාත්මක කාර්යභාරය අවධාරණය කර ඇති අතර, ඔවුන්ගේ මෙම ඉල්ලීම සාධනීය අයුරින් සලකා බලන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබිණ.

  • විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

    විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

    රාජ්‍ය අංශයේ ඇතැම් පිරිසක් වැඩ වර්ජනයක නිරතව සිටියද, ලියාපදිංචි විශ්‍රාමිකයින් හත්ලක්ෂ අටදහස් දෙසීය තිස් එකකට (708,231) ජුලි මාසයේ 10 වන දිනට ගෙවීමට නියමිත විශ්‍රාම වැටුප් දීමනාව අද (09) දින බැංකු වෙත නිදහස් කිරීමට කටයුතු කළ බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජගත් ඩී. ඩයස් මහතා පැවසීය.

    ඒ අනුව රුපියල් බිලියන 28.5ක මුදල් රාජ්‍ය හා පෞද්ගලික බැංකු 24කට සහ තැපැල් දෙපාර්තමේන්තුව වෙත නිදහස් කළ බව අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

    මේ සමඟ 99.5% ක පමණ පිරිසකට කිසිඳු ප්‍රමාදයකින් තොරව අදාළ දිනය වන ජූලි 10වන දින විශ්‍රාම වැටුප් දීමනාව හිමිවනු ඇති අතර, ප්‍රාදේශීය ලේකම් කාර්යාල ජූලි 08 සහ 09 දිනයන්හි සිය සේවා රාජකාරී සිදු නොකළ හෙයින් 13,000ක පමණ ඉතා සුළු පිරිසකට විශ්‍රාම වැටුප් දීමනාව ජුලි 11 වන දින හිමිවනු ඇති බව ද විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

  • වර්ජනයට එක් නොවූ රාජ්‍ය සේවකයින්ට ජනපතිගෙන් ‘සුබ පණිවිඩයක්‘

    වර්ජනයට එක් නොවූ රාජ්‍ය සේවකයින්ට ජනපතිගෙන් ‘සුබ පණිවිඩයක්‘

    • ඔවුන් වෙනුවෙන් විශේෂ වැටුප් වර්ධකයක් සහ ඉදිරි උසස්වීම් සඳහා යොදාගත හැකි වන පරිදි විශේෂ ප්‍රශංසා සහතිකයක්.

    රටේ පවතින ආර්ථික තත්ත්වය නිසියාකාරව අවබෝධ කරගෙන ජනතාව අපහසුතාවට පත් නොවන ආකාරයට කටයුතු කරමින් 2024 ජූලි 08, 09 දෙදිනම සේවයට වාර්තා කළ විධායක සේවා ගණයට අයත් නොවන සියලු රාජ්‍ය නිලධාරීන්ට විශේෂ වැටුප් වර්ධකයක් ලබා දීමටත්, ඔවුන් සියලුම දෙනා වෙත ඉදිරි උසස්වීම් සඳහා යොදාගත හැකි වන පරිදි විශේෂ ප්‍රශංසා සහතිකයක් නිකුත් කිරීමටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    මේ සම්බන්ධව සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් හා පළාත් ප්‍රධාන ලේකම්වරුන් දැනුවත් කිරීමටත්, ඊට අදාළ චක්‍රලේඛ නිකුත් කිරීමටත් කටයුතු කරන ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් වෙත උපදෙස් දී ඇත.
    රාජ්‍ය සේවයේ විධායක සේවා ගණයට අයත් නොවන ඇතැම් සේවාවන්වල වෘත්තීය සමිති කිහිපයක් විසින් 2024 ජූලි මස 08 හා 09 දෙදින අසනීප නිවාඩු දැමීමේ හා වැඩ වර්ජනය කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ග ප්‍රකාශයට පත් කරන ලදී.

    දැඩි අස්ථාවරත්වයකට මුහුණ පා තිබූ රට පසුගිය දෙවසර තුළ රජය ක්‍රියාත්මක කරන ලද පුළුල් අර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ මඟින් යම් ස්ථාවරත්වයකට පත් කිරීමට හැකියාව ලැබුණු අතර, ජනතාවට ලබා දුන් සහනවලට අමතරව සියලුම රාජ්‍ය සේවකයන්ට රුපියල් දස දහසක මාසික දීමනාවක් ලබා දීමට ද රජය කටයුතු කළේය.

    පවතින මූල්‍ය තත්ත්වය යටතේ, ජනතාව පිට අමතර බදු බරක් පැටවීමෙන් තොරව මේ අවස්ථාවේදී අමතර වැටුප් හෝ දීමනා වැඩිවීමක් සමස්ත රාජ්‍ය සේවය වෙත ලබා දීමට කිසිදු හැකියාවක් නොමැති බව මහා භාණ්ඩාගාර ලේකම්වරයා ද දන්වා තිබිණි.

    පසුගිය වකවානුව තුළ දැඩි ආර්ථික පීඩනයකින් සිටි ජනතාවට තවදුරටත් පීඩනයක් ඇති වන අයුරින් තීරණ ගැනීමට රජයට කිසිඳු හැකියාවක් නොමැත. අනෙක් අතට ඇතැම් රාජ්‍ය සේවකයින් විසින් අමතර වැටුප් හා දීමනා ඉල්ලීම් ඉදිරිපත් කරමින් සමස්ත මහජනතාව තවදුරටත් අපහසුතාවට පත් කිරීම ද කිසිසේත් අනුමත කළ නොහැක.

    කෙසේ වුවද, මෙලෙස අසාධාරණ වෘත්තීය ක්‍රියාමාර්ගවලට සම්බන්ධ නොවී 2024 ජූලි මස 08 හා 09 දෙදිනම සේවයට වාර්තා කරන ලද විධායක සේවා ගණයට අයත් නොවන රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ ඇගයීමක් සිදු කිරීම රජයේ වගකීමක් ලෙස හඳුනාගෙන තිබේ.

  • ක්ලබ් වසන්ත ඝාතනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් තවත් හෙළිදරව්වක්

    ක්ලබ් වසන්ත ඝාතනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් තවත් හෙළිදරව්වක්

    ක්ලබ් වසන්ත ඇතුළු පුද්ගලයින් දෙදෙනකුට මරු කැඳවමින් අතුරුගිරිය, ඔරුවල ප්‍රදේශයේ දී ඊයේ (08) සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිසිය පුද්ගලයින් 5 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව පවසයි.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ මේ වන විට ටැටූ ෂොප් හි හිමිකරු ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන බවයි.එම ප්‍රකාශ අනුවත් විමර්ශන නිලධාරින් ඉදිරි විමර්ශන කරමින් සිටින බව කී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා. කිසිදු පුද්ගලයෙකු මේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන නැතැයි ද කීවේය.

    ඊයේ (ජුලි 08) බුලත්සිංහල ප්‍රදේශයේ දී මෙම වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් පලා ගිය වෑන් රථය සොයා ගෙන තිබෙන බවත් මේ වෙඩි තැබීම විදෙස් රටක සිට සැලසුම් කර ඇති බව මේ වන විට අනාවරණය වී ඇති බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

  • රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිකළොත් ‘වැට් බද්දට‘ මොකද වෙන්නේ ?

    රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිකළොත් ‘වැට් බද්දට‘ මොකද වෙන්නේ ?

    • මහජනතාව පීඩාවට පත් කරමින් එවැනි ඉල්ලීමක් සපුරාලීමට රජයට හැකියාවක් නැහැ.
    • රාජ්‍ය සේවකයන්ට රුපියල් 10,000ක වැටුප් වැඩිවිමක් ලබාදීමට නම් වාර්ෂිකව තවත් රුපියල් බිලියන 140ක් පමණ අවශ්‍යයි.
    • රුපියල් 20,000ක වැටුප් වැඩිවීමක් ලබාදීමට නම් වාර්ෂිකව තවත් රුපියල් බිලියන 280ක් පමණ අවශ්‍යයි.
    • IMF එකඟතා අනුව මහබැංකුවට මුදල් මුද්‍රණය කිරීමට ද අවස්ථාවක් නැහැ.
    • විශේෂඥ කමිටු නිර්දේශ සැලකිල්ලට ගෙන 2025 අයවැය මඟින් රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධනය සිදු කරනවා
      මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා.

    වර්ජනයේ නිරත රාජ්‍ය සේවකයන් ඉල්ලා සිටින වැටුප් වැඩිකිරීම ලබාදීමට කටයුතු කළහොත්, දැනට පනවා තිබෙන 18%ක වැට් බද්ද 20% – 21%ත් අතර අගයකට ඉහළ නැංවීමට සිදුවනු ඇති බවත්, මහජනතාව පීඩාවට පත් කරමින් එවැනි ඉල්ලීමක් සපුරාලීමට රජයට හැකියාවක් නොමැති බවත් මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පැවසීය.

    මහා භාණ්ඩාගාර ලේකම්වරයා මේ බව සඳහන් කර සිටියේ රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලීම් සම්බන්ධව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද (08) පැවති සාකච්ඡාවට එක් වෙමිනි.

    මේ වන විට රාජ්‍ය සේවයට අදාළ වෘත්තීය සමිති කිහිපයක් විසින් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ක්‍රියාත්මක කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු වූ අතර වෘත්තීය සමිති විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලීම් සඳහා ලබාදිය හැකි සාධනීය විසඳුම් සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක් කෙරිණ.

    මෙම වසරේදී වැටුප් වැඩිකිරීමක් ලබාදීමේ හැකියාවක් නොමැති නමුත්, රාජ්‍ය සේවයේ පවතින වැටුප් විෂමතාවන් පිළිබඳව සොයාබැලීම සඳහා පත් කළ විශේෂඥ කමිටුව මගින් ඉදිරිපත් කරනු ලබන නිර්දේශ සැලකිල්ලට ගනිමින් 2025 අයවැය මඟින් රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධනයක් සිදුකිරීමට බලාපොරොත්තු වන බවද මෙහිදී සඳහන් කෙරිණි.

    රාජ්‍ය සේවකයන්ට රුපියල් දස දහසක වැටුප් වැඩි වීමක් ලබා දුනහොත් දැනට පවතින වියදමට අමතරව වාර්ෂිකව තවත් රුපියල් බිලියන 140ක් පමණ අවශ්‍ය වන බවත්, රුපියල් විසි දහසකින් වැටුප් වැඩි කළහොත් ඒ සඳහා තවත් රුපියල් බිලියන 280ක් අවශ්‍ය වන බවත් මහා භාණ්ඩාගාර ලේකම්වරයා පෙන්වා දුන්නේය.

    මෙම ආදායම සොයාගැනීමට නම් දැනට තිබෙන ආදායම උපරිම ලෙස කළමනාකරණය කර ගත්තද, බදු වැඩිකිරීමට ද සිදු වන බව පෙන්වා දුන් ඒ මහතා රුපියල් දස දහසකින් වැටුප් වැඩි කිරීමට නම් 2% ක පමණ වැට් බදු වැඩි කිරීමක් සිදු කළ යුතු බවද සඳහන් කළේය.

    එසේම වෘත්තිය සමිති ඉල්ලා සිටින වැටුප් වැඩි කිරීම සිදු කිරීමට නම් 3%කට වඩා වැට් බදු වැඩි කිරීමට සිදුවන බව පෙන්වා දුන් ඒ මහතා එය මෙම අවස්ථාවේ සිදු කළ නොහැක්කක් බවත් දැනටමත් වැට් බද්ද 18% ක් වැනි උපරිම මට්ටමක පවතින බවත් සඳහන් කළේය.

    රටේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා රජය ගෙන ඇති පියවර සමඟ මීට පෙර මෙන් මහ බැංකුවට මුදල් මුද්‍රණය කිරීමේ අවස්ථාවක් ද නොමැති බව පෙන්වා දුන් මහා භාණ්ඩාගාර ලේකම්වරයා එසේ සිදු කළහොත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන සාර්ථක කර ගැනීමට අවස්ථාව නොලැබෙන බවද කියා සිටියේය.

    ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා ද මෙහිදී අදහස් දැක්වු අතර මෙම වසරේදී රාජ්‍ය සේවකයන්ට නැවත වැටුප් වැඩි කිරීමක් සිදු කිරීම අසීරු කාර්යයක් වුවත් ලබන වසරේ අයවැයෙන් ඒ සඳහා ප්‍රතිපාදන වෙන් කරන බව ජනාධිපතිවරයා පැහැදිළිව ප්‍රකාශ කර තිබෙන බව ඒ මහතා සඳහන් කළේය.

    වැටුප් සම්බන්ධයෙන් පවතින විෂමතා අධ්‍යයනය කර වාර්තා කිරීම සඳහා වෙනම විශේෂඥ කමිටුවක් පත්කර ඇති බව ද ඒ මහතා පැවසීය.

    ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

  • ලෙනවගේ පෙත්සම:  අහන්නවත් ගත්තේ නෑ – 100,000ක නඩු ගාස්තු රජයට ගෙවීමට නියෝග

    ලෙනවගේ පෙත්සම: අහන්නවත් ගත්තේ නෑ – 100,000ක නඩු ගාස්තු රජයට ගෙවීමට නියෝග

    ජනාධිපතිවරයාගේ නිල කාලය සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් ලබා දෙන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම විභාගයට නොගෙන රුපියල් ලක්ෂයක නඩු ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජුලි 8 වැනිදා) තීන්දු කළේය.

    එම නඩු ගාස්තුව මසක් ඇතුළත අධිකරණයේ තැන්පත් කළ යුතු බවත් පෙත්සම්කරුට නියම කෙරුණි.

    අග විනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

    අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු , ප්‍රීති පද්මන් සූරසේන සහ එස්. තුරෙයි රාජා යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අද මෙම පෙත්සම කැඳවනු ලැබුණි.

  • ‘සීඅයිඩීය මට සාමකාමීව ජීවත් වෙන්න දෙන්නේ නැහැ’

    ‘සීඅයිඩීය මට සාමකාමීව ජීවත් වෙන්න දෙන්නේ නැහැ’

    මීට වසරකට පෙර තම වාහනය විකුණා ඇති බැවින් තමාට මෙය නොතේරෙන බව නිරූපිකාවක් වන පියුමි හංසමාලි සිය නිල ෆේස්බුක් පිටුවට පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියා.

    “වාහනය ගත්ත අය මට දුන්නේ සම්පූර්ණ මුදලින් බාගයක් විතරයි. තවම වාහනය මගේ නමට ලියාපදිංචි කරලා තියෙනවා. මම මගේ වාහනය පාවිච්චි කරලා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරලා නැහැ. මත්ද්‍රව්‍ය වැටලීම්වලට සම්බන්ධ වුණේ නැහැ. ඒක මට විශ්වාසයෙන් කියන්න පුළුවන්. මම සියයට 1000ක් නිවැරදියි.

    “අනේ දෙවියනේ, විශේෂයෙන්ම ගැණුම්කරුගේ පසුබිම් සියල්ල දැනගෙන වාහනය විකුණපු එක ලොකු සහනයක් වුණා. එහෙම වුණාට මම තාමත් අමාරුවේ වැටෙන්නේ ඒ වාහනය කලින් පාවිච්චි කළේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිසා. සීඅයිඩීය මට සාමකාමීව ජීවත් වෙන්න දෙන්නේ නැහැ, මේක මගේ නරකම කරුමයක්, මට මගේ මානසික නිදහස නැති වුණා.

    “වාහන ගත්තෙ මගේ පරණ යාලුවෙක් වෙච්ච අත් අඩංගුවට ගත්ත කෙනාගෙ වයිෆ්ගෙ නමට.ඉතින් මම එයාලව විශ්වාස කළා ඉතුරු ටික පස්සෙ ගෙවන්න.ඒක තමයි මගේ හැටි.මේක දන්න අයට තේරෙනවා.එයාල මට රු. .දෙපාරක් ලක්ෂ 50යි ඒක තමයි ඇත්ත. මේක මම හිතුවෙවත් නැති මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධයකට මාව කොටු කර ගැනීමේ උපක්‍රමයක්. මාව මේකට ඇදලා දාන්න හදන අයට මේක ශාපයක් වෙයි. මම ඔයාලා හැමෝටම ශාප කරනවා” ඇය වැඩිදුරටත් පැවසුවාය.

  • අතුරුගිරියේ වෙඩි තැබීමකින් ‘ක්ලබ් වසන්ත’ මරුට: කේ. සුජීවාට තුවාල

    අතුරුගිරියේ වෙඩි තැබීමකින් ‘ක්ලබ් වසන්ත’ මරුට: කේ. සුජීවාට තුවාල

    අද (08) පෙරවරුවේ අතුරුගිරිය ඔරුවල හන්දියේදී සිදු වූ වෙඩි තැබීමකින් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ‘ක්ලබ් වසන්ත‘ නැමැත්තා මිය ගොස් ගායන ශිල්පී කේ.සුජීවා ඇතුළු කිහිප දෙනෙකු රෝහල් ගත කර ඇති බව පොලිසිය පවසයි.

    තුවාල ලැබූවන් අතුරුගිරිය සහ හෝමාගම රෝහල්වලට ඇතුළත් කර ඇති බවයි ඔවුන් පැවසුවේ. කේ.සුජීව ඇතුළු පිරිසක් ටැටූ මැදිරියක් විවෘත කිරීමට පැමිණෙමින් සිටියදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලිසිය පවසයි. කේ. සුජීවා සහ තවත් අයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

  • වෘත්තීය සමිතිවලට මුදල් රාජ්‍ය ඇමැති කළ ආරාධනය

    වෘත්තීය සමිතිවලට මුදල් රාජ්‍ය ඇමැති කළ ආරාධනය

    මූලික වියදම, මූලික ආදායමට වඩා වැඩි වීමකින් තොරව එනම් ප්‍රාථමික ගිණුම සෘණ වීමකින් තොරව මේ අවස්ථාවේ වැටුප් වැඩි කළ හැකි ක්‍රමවේදයක් ඇත්නම් පෙන්වා දෙන ලෙස විවිධ වෘත්තීය සමිති නියෝජනය කරන දේශපාලන පක්ෂ වලට තමන් ආරාධනා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

    මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ තෘප්තිමත් ඵලදායී රාජ්‍ය සේවයක් ඇති කර ගැනීම වැදගත් බවයි.

    මීට වසර දෙකකට පමණ පෙර 13,72, 000ක් වූ රාජ්‍ය සේවකයාගේ වැටුප ගෙවීම පවා ගැටලුවක්ව පැවති බව සඳහන් කළ අමාත්‍යවරයා 2024 වසරේදී ජනාධිපතිවරයා මුදල් අමාත්‍යවරයා ලෙස රාජ්‍ය සේවක වැටුප රුපියල් 10,000 කින් වැඩි කිරිමට කටයුතු කළ බව සඳහන් කළේය.

    හැකියාවක් පවතී නම් එය තවත් වැඩි කළ යුතු බව තම අදහස බව සඳහන් කළ අමාත්‍යවරයා රාජ්‍ය සේවයේ එක් එක්, විවිධ කොටස් වලට සීමා වූ ප්‍රශ්න රාශියක් ඇති බව පිලිගන්නා බවද ඔහු මෙහිදී සඳහන් කළේය.

    මෙම ගැටලුවලට විසඳුම් සෙවීමේදී සිදුවන්නේ තවත් වියදම් කිරීමක් බැවින් එමඟින් ඇතිවන්නේ භාණ්ඩාගාරයට වැය බරක් ඇති වීම බව සඳහන් කළ අමාත්‍යවරයා දෙකෝටි විසි ලක්ෂයක් වූ ජනතාව වෙනුවෙන් ගත් දැඩිව බැඳුනු තීන්දු ක්‍රියාත්මක කිරීමට දැඩිව රජය බැඳී සිටින බවද සඳහන් කළේය.

    ඒ අනුව එක් එක් කණ්ඩායම් වල ප්‍රශ්න වලට පැලැස්තර විසඳුම් සෙවීමේදී තවත් ප්‍රශ්න රාශියක් උද්ගත වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා , මෙම සියළු ප්‍රශ්න වලට ස්ථිරසාර විසඳුම් ලබාදීම සඳහා හිටපු ජනාධිපති ලේකම්වරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර 2025 අයවැය මගින් එම විසඳුම් ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා අවශ්‍ය පියවර ගෙන ඇතැයි ද මෙහිදී පැවසීය.

    රට වැටී තිබුණු තත්ත්වයේ සිට නැගිටිමින් සිටින මොහොතක, තම තමන්ගේ වගකීම, රට තිබෙන තත්ත්වය, ගමන් කරන ධනාත්මක තත්ත්වය සියලු දෙනා තේරුම්ගෙන ක්‍රියා කළ යුතු බවද එහිදී ඔහු පැවසීය.

     

  • විධායක නිලධාරීන්ට දුන් රු. 25,000ක දීමනාව රාජ්‍ය අංශයටම ඉල්ලයි

    විධායක නිලධාරීන්ට දුන් රු. 25,000ක දීමනාව රාජ්‍ය අංශයටම ඉල්ලයි

    ග්‍රාම නිලධාරීන් සහ මිනින්දෝරුවරුන් ඇතුළු රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති 200කට අධික සංඛ්‍යාවක් හෙට සහ අනිද්දා (ජූලි 8 සඳුදා සහ ජූලි 9 අඟහරුවාදා) ලෙඩනිවාඩු දමා සේවයට වාර්තා නොකරමින් දෙදින වැඩ වර්ජනයක නිරත වීමට සැලසුම් කර ඇත.

    මේ අතර ජුලි 9 අඟහරුවාදා ‘ලෙඩ නිවාඩු දමා’ සේවයට වාර්තා නොකරමින් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් වර්ජනයට එක්වනු ඇති  බව වාර්තා වේ.

    සේවා ශ්‍රේණිය නොතකා රුපියල් 25,000ක දීමනාවක් ලබා ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ගැනීමට නියමිතය.

    ජීවන වියදම සහ බදු බර වැඩිවීම නිසා ඇති වූ ආර්ථික පීඩනය හේතුවෙන් එම දීමනාව රුපියල් 25,000 දක්වා වැඩි කර ඇති නමුත් දැනට රාජ්‍ය අංශයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට පමණක් එම දීමනාව සීමාකර ඇති බවට වෘත්තීය සමිති චෝදනා කරයි.