ඉදිරි මහ මැතිවරණයේදී ආණ්ඩුවක් පිහිටු වීමට ආසන 90ක් ලබාගැනීමත් ප්‍රමාණවත් බවත්, එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ සන්ධානයට මැතිවරණය ජයග්‍රහණය කළ හැකි බවත් එක්සත් ජාතික පක්ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවා.
සිරිකොත, එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද (24) පැවති මාධ්‍ය හමුවක් අමතමිනුයි එජාප මහ ලේකම්වරයා මෙම අදහස් පළ කළේ. එහිදි වැඩි දුරටත් අදහස් දැක්වූ එජාප මහ ලේකම්වරයා,
“මේ ආණ්ඩුව හරි දක්ෂයි අපි හදපුවා විවෘත කරන්න. ඒකට හොඳම උදාහරණය අපේ ආණ්ඩුව වැඩ කටයුතු කරගෙන ගිය අධිවේගී මාර්ගයේ හම්බන්තොට දක්වා කොටස මේ ආණ්ඩුවෙන් ඊයේ විවෘත කළා. ඒ වගේම මං වැඩකටයුතු ආරම්භ කරපු ආනන්ද විදුහලේ සත් මහල් ගොඩනැගිල්ල ඒ අය හැදුවා වගේ ගිහින් විවෘත කළා. 2015 අපේ කිරිඇල්ල මන්ත්‍රීතුමා විවෘත කිරීමකට ගියාම ඒ කාලේ ඒ අය ඇවිත් ඒකට බාධා කළා. නමුත් අපි එහෙම කරන්නේ නෑ.
මේ තියෙන්නේ වැඩි කාලයක් යන ආණ්ඩුවක් නෙමෙයි. මේ රජය පිරිහිලා අවසන්. ජාත්‍යන්තරයේ වුණත් ප්‍රසාදයක් නැති බව පේනවා මේ ආණ්ඩුව ගැන. මේ පාර්ලිමේන්තු මැතිවරණයේදී අපි මේ ආණ්ඩුව ගෙදර යවනවා. ඒකට වැඩි ආසන ගාණක් ගන්න ඕන නෑ.
අපි ආසන 90ක් ගත්තත් අපට ආණ්ඩුවක් හදන්න පුළුවන්කම තියෙනවා. අපි එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ, අනෙකුත් සුළු පක්ෂ සමග එකතු වෙලා ආණ්ඩුවක් හදනවා. ඒ ගැන බලාපොරොත්තුවෙන් ඉන්න. ඔබ බුද්ධිමත්ව, තර්කානුකූලව හිතලා තීරණයක් ගන්න කියන ඉල්ලීම කරනවා”
මේ අතර එක්සත් ජාතික පක්ෂය ප්‍රමුක නව සන්ධානය සමග එක්වන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනිවී සිටින කණ්ඩායම් සඳහා තමා ආරාධනය කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවා.
පාර්ලිමේන්තු සංකීර්ණයේ අද (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි විපක්ෂනායකවරයා මේ බව සදහන් කළේ.
ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අතරමන් වූ හව්හරණක් නොමැතිව අනාතවී සිටින බිම් මට්ටමේ ක්‍රියාකාරීන්ට සහ නායකයින්ට ජයග්‍රාහී එකමුතුවකට ආරාධනා කරන බව විපක්ෂනායකවරයා එහිදී වැඩිදුරටත් පැවසුවා.