ස්වර්ණාභරණ සහිත බ්‍රා සහ හා සුපිරි මාදිලියේ ක්‍රීඩා කරන දේවදූත පියාපත් ඇගළුම් සඳහා ප්‍රසිද්ධ වික්ටෝරියාස් සීක්රට් විලාසිතා දැක්ම The annual Victoria’s Secret fashion show, මෙම නිවාඩු සමයේ නොපැවැත්වෙන බව මව් එල් බ්‍රෑන්ඩ්ස් ඉන්ක් parent L Brands Inc බ්‍රහස්පතින්දා (27) නිවේදනය කළේය.








රුපවාහිනි ප්‍රෙක්ෂකයින් මෙම විලාසිතා දැක්ම නැරඹීමට එතරම් උනන්දු නොවීම මෙම තීරණය ගැනීමට හේතු වී තිබේ.
ප්‍රදර්ශනය නැරඹීම සඳහා රූපවාහිනී ප්‍රේක්ෂකයින් දක්වන උනන්දුව පසුගිය වසර කිහිපය තුළ පසුබෑමට ලක්ව ඇත. වෝල්ට් ඩිස්නි කෝ හි ඒබීසී ජාලය Walt Disney Co’s ABC network ඔස්සේ විකාශය වූ 2018 දෙසැම්බර් ප්‍රදර්ශනය ඇමරිකානුවන් මිලියන 3.3 ක් නරඹා ඇති අතර එය 2001 දී ප්‍රථම වරට විකාශය වූ විට මිලියන 12 ක පිරිසක් එය නැරඹූහ.
මෙම නිවාඩු සමයේ විලාසිතා දැක්ම පවත්වන්නේ දැයි විමසූ විට, ප්‍රධාන මූල්‍ය නිලධාරි ස්ටුවර්ට් බර්ග්ඩෝෆර් Chief Financial Officer Stuart Burgdoerfer පැවසුවේ ‘නැත, අපි ගනුදෙනුකරුවන් සමඟ සන්නිවේදනය කරන්නෙමු. නමුත් මා පවසන කිසිවක් විලාසිතා ප්‍රදර්ශනයට සමාන නොවේ’ යනුවෙනි.
‘වික්ටෝරියා සීක්රට් Victoria’s Secret අලෙවිකරණය විකාශනය කිරීම වැදගත් යැයි අපි සිතමු’ ඔහු ඊයේ (27) පැවසීය.
උද්යෝගිමත් නිවාඩු සමයක් ගැන පුරෝකථනය කළ සමාගම මේ අවස්ථාවේ වැඩිදුර අදහස් නොදක්වන බව ද ඔහු පැවසීය.
මෙම සන්නාමය වරෙක යට ඇඳුම් සඳහා ඉහළම තෝරා ගැනීමක් වූ අතර ඇමරිකානු ඊගල් අවුට්ෆිටර්ස් ඒරී සහ පොප් ගායක රිහානාගේ යට ඇඳුම් විලාසිතා වන සැවේජ් එක්ස් ෆෙන්ටි American Eagle Outfitter’s Aerie and pop singer Rihanna’s lingerie line, Savage X Fenty. වැනි සමාගම්වලින් වැඩි කාන්තාවන් ලාභදායී බ්රේලට් සහ ක්‍රීඩා බ්‍රා වෙත මාරු වීම නිසා ගනුදෙනුකරුවන් අහිමි වී තිබේ.

