ඇස් සහ ඇස් කණ්නාඩි ගැන විශේෂඥයෙකුගෙන් සුපිරි හෙළිදරව්වක්

ඇස් සහ ඇස් කණ්නාඩි ගැන විශේෂඥයෙකුගෙන් සුපිරි හෙළිදරව්වක්
Spread the love

මිනිස් සිරුරේ අවයව අතරින් ප්‍රධාන සහ සුවිශේෂී අවයවක් තමයි ‘ඇස’ කියන්නෙ. පංච ඉන්ද්‍රියන්ගෙන් වැඩි අවධානයක් යොමු කල හැකි ඇස මගින් අපට පෙනීම ලබා දෙනවා. මේ පෙනීම නිසාම අනෙකුත් ඉන්ද්‍රියන්ගෙන් ඉටුවෙන කාර්යයන් අපට පහසු වෙන බව ඔබ දැනටමත් දන්නවා.

මොහොතකට හිතන්න ඔබට ඒ තරම් වටින ඇස ලෙඩ උනොත්? ඔබට තව කෙනෙකුගේ උදවු උපකාර නැතිව කිසිම දෙයක් කරගන්න නොහැකි වෙනවා. ඒ නිසාමයි ඔබේ ඇස් මේ තරම් ඔබට වටින්නේ. පළපුරුදු දෘෂ්ඨිවේදියෙකු විසින් කරන මේ දැනුවත් කිරීම ඔබ දැනටමත් ඇස් කණ්ණාඩි භාවිතා කරනවා නම් හෝ ඉදිරියේදී භාවිතා කරන්න බලාපොරොත්තු වෙනවානම්  වැදගත් වේවි.

වර්තමානයේදී බහුලව දක්නට ලැබෙන අක්ෂි රෝග මොනවාද?

බහුලවම අද වෙනකොට දකින්න තියෙන්නෙ වයසත් සමග ඇතිවෙන පෙනීමේ දුර්වලතා. වයස අවුරුදු 40 ට වැඩි අයට ළග පෙනීම අඩු වීමත්, වයස අවුරුදු 40 ට අඩු අයට දුර පෙනීම අඩු වීමත් සුලභවම දකින්න පුලුවන්. වයස අවුරුදු 40 ට වැඩි පුද්ගලයෙක්ට මේ පෙනීමේ දුර්වලතා ඇති වීම සාමාන්‍ය උනත් 40 ට අඩු පිරිස මේ තත්වයට පත් වෙන්නේ බොහෝ දුරට වැරදි ජීවන රටාව නිසයි.මීට අමතරව දියවැඩියා රෝගීන්ටත්, අක්ෂි පීඩනය ඇති අයටත් ග්ලූකොමා වැනි රෝගී තත්වයන් නිරන්තරයෙන් හමුවෙනවා.

ඇස් කණ්ණාඩියක් භාවිතා කල යුත්තේ කුමන අවස්ථාවේදී ද?

ඔබට වයස 40 ට වැඩි නම් සාමාන්‍යෙයන් පෙනීමේ දුර්වලතා ඇති වෙන්න පටන් ගන්නවා. ඒ අවස්ථාවේදී සුදුසුකමු ලත් වෛද්‍යවරයෙකු වෙත ගොස් ඇස් පරීක්ෂා කරගත යුතුයි. 40 ට අඩු කෙනෙක් නම් දුර පෙනීම අඩු බව හෝ ලග පෙනීමේ අඩුවක් දැනෙනවානම් කල් නොයවාම වෛද්‍යවරයෙකු වෙත යොමු විය යුතු යි.

ඇස් දුර්වලවීමට බලපාන හේතු?

වැඩිහිටි පිරිසෙන් බොහෝ දෙනෙක්ට දියවැඩියාව, අධි රුධිර පීඩනය නිසා ඇස් දුර්වල වෙනවා. ඒ වගේ අද වන විට මිනිසාගේ කාර්යබහුල ජීවන රටාවත් තවත් හේතුවක්. පර්ගණකයේ හෝ දුරකතනය වැනි ඩිජිටල් තිර දෙස බොහෝ වෙලා බලා සිටීම, විවිධ පෝෂණ ඌණතා, මානසික ආතතිය වගේම උපතින්ම ඇස් දුර්වලව පිහිටීමත්  පෙන්වා දෙන්න පුලුවන්.

2015-New-Fashion-Men-Titanium-Eyeglasses-Frames-Men-Brand-Business-Titanium-Eyeglasses-Half-frame-With-Glasses  | Optique of Denver

ඇස් කණ්ණාඩියක් පාවිච්චි කල යුත්තේ ඇයි?

ඔබට අක්ෂි දුර්වලතාවයක් තිබෙන බව හදුනාගත් වහාම ද්‍යෛවරයෙකු වෙත යොමු වීම අත්‍යවශ්‍යයි. ඇතැම් විට එහ්දී ඔබට අදාළ ඖෂධ නියම කරනවා වගේම ඇස් කණ්ණාඩියක් භාවිතා කරන්නත් නිර්දේශ කරනවා. ඒ අවස්තාවේදී ඔබ කල් නොයවාම එකී උපැස් යුවල සුදුසුකමු ලත් දෘෂ්ඨිවේදියෙකුගෙන් සාදා ගත යුතු යි. අක්ෂි ආබාධ සුව කිරීමට ඖෂධ පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ.ඇස් කණ්ණාඩි භාවිතයෙන් වැඩිහිටි ඔබගේ අක්ෂි දුර්වලතා සුව කල නොහැකි වුනත් 100% ක්ම ඔබට පැහැදිලි දැකීමක් ලබා දෙන්න පුලුවන්.නමුත් උපැස් යුවලකින් 80% ක් දරුවන්ගේ අක්ෂි රෝග සුව කල හැකි යි.

නිවැරදිව ඇස් කණ්ණාඩියක් තෝරාගන්නේ කොහොම ද?

පළමුවෙන්ම ඔබ සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකුගේන් ඇස් පරීක්ෂා කර ගැනීම කල යුතු යි. ඔහුගේ නිර්දේශය සමග දෘෂ්ඨිවේදියෙකු වෙත යා යුතු යි. එහිදී එම ආයතනය ඔවුන්ගේ සේවා පලපුරුද්ද සමග බැදී සිටිනවා ඔබට අවශ්‍ය වගේම සුදුසුම උපැස් යුවල ලබා දෙන්න

ඇස් කණ්ණාඩියක් භාවිතා කල යුත්තේ කොහොමද?

පළමුවෙන්ම ඇස් කණ්ණාඩි පිරිසිදුව තබා ගැනීම වැදගත්.නිතරම සෝදා තැබීම කල යුතුයි.ඔබට වෛද්‍යවරයා නිර්දේශ කරන කාලය තුළ අනිවාර්යෙන්ම පැළදසිටීම කරන්න.එහෙම නැතිනම් බලාපොරොත්තු වන ප්‍රතිපල ඔබට ලබා ගන්න බැහැ. කණ්ණාඩියේ කල් පැවැත්ම ගැන අවධානය යොමු කරන විට අත් දෙකෙන්ම කණ්ණාඩිය පැළදීම සහ ගැලවීම කල යුතු යි.එසේ නොකරන විට කණ්ණාඩි රාමුව ඇද වීම සිදු වෙනවා.එය ඔබේ පෙනීමට බලපානවා.

විශේෂම කාරණය ඔබ උපැස් යුවල නොපලදින අවස්ථාවේ එය කණ්ණාඩි ඇසුරුමේම රදවන්න.එසේ නොමැති විට කාච සීරීමට ලක් වෙනවා.එවැනි කාච වලින් ඔබේ පෙනීම නිසි ආකාරයෙන් ලබා දෙන්නේ නැහැ. ඒ වගේම ඔබ වැඩිහිටියෙක් නම් වසරක් පාසාත් ළමුන්ගේ මාස හයකට වරක්වත් නැවත නැවත ඇස් පරීක්ෂා කරවා ගන්නත් අමතක කරන්න එපා.

අක්ෂිදුර්වල වෙන්න කලින් ඇස් ආරක්ෂා කරගන්නේ කොහොමද?

ඔව්, ඇස් දුර්වල වෙන්න කලින් ඇස් ආරක්ෂා කරගැනීම තමයි වැදගත්. ඔබ නිතර ජංගම දුරකතන පරිගණක වැනි ඩිජිටල් තිර ඉදිරියේ වැඩියෙන් වැඩ කරනවා නම් දෘෂ්ඨිවේදියෙක් හමුවී UTMC ආවරණයක් සහිත ඇස් කණ්ණාඩියක් මිලදී ගන්න. දැඩි හිරු රශ්මියට නිරාවරණය වනවා නම් ඊට අදාල කාච (cooling lens) සහිත උපැස් යුවලක් තොරා ගන්න. මීට අමතරව ආහාර රටාවේ වෙනස්කම් වගේම මානසික ආතතිය අවම කරගන්නවා නම් ඔබේ දෑස් දුර්වල වීම අවම කරගන්න පුළුවන්.

සංවාද සටහන –  මධුභාෂිණී උරේෂා