Blog

  • පුංචි ආණ්ඩු ගණනාවක කාන්තා නියෝජනය 25% සම්පූර්ණ කිරීම ගැටළුවක්

    පුංචි ආණ්ඩු ගණනාවක කාන්තා නියෝජනය 25% සම්පූර්ණ කිරීම ගැටළුවක්

    පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප‍්‍රතිඵල අනුව කාන්තා සභිකයින් 535 ක් එම ආයතනවලට තේරී පත්විය යුතුව තිබෙනවා. එසේ සිදුවන්නේ සියළු පළාත් පාලන ආයතන සියයට 25 ක කාන්තා නියෝජනය සම්පූර්ණ කළහොත් පමණයි. 

    වැඩිම කාන්තා සභිකයින් සංඛ්‍යාවක් තේරීපත්ව සිටින්නේ කොළඹ දිස්ත‍්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 54 ක්. කුරුණෑගල දිස්ති‍්‍රක්කයට කාන්තා සභිකයින් 45 ක් ද කළුතරට 33 ක්ද ගාල්ල හා රත්නපුරට 32 ක් වශයෙන්ද ඡන්ද ප‍්‍රතිඵල අනුව කාන්තා සභිකයින් තේරීපත් වියයුතුයි. අනුරාධපුර දිස්ති‍්‍රක්කයට තේරීපත් වියයුතු කාන්තා සභික ධුර සංඛ්‍යාව 31 ක්. අවම කාන්තා සභික සංඛ්‍යාවක් තේරීපත්ව ඇත්තේ කිලිනොච්චි, වව්නියාව හා මුලතිව් යන දිස්ති‍්‍රක්කවලින්. 

    සියයට 25 ක කාන්තා නියෝජනය සම්පූර්ණ කිරීම සදහා අවශ්‍ය අවම කාන්තා නියෝජිතයින් ගණන එක් එක් පක්‍ෂ වෙත දැනුම් දෙන බවද මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය පවසනවා. කෙසේවෙතත් ඔහු කියාසිටියේ පළාත් පාලන ආයතන කිහිපයක සියයට 25 ක කාන්තා නියෝජනය සම්පූර්ණ කිරීම ගැටළු සහගත වී ඇති බවයි.

    සමානුපාතික මන්තී‍්‍ර ධුර සදහා කාන්තා සභිකයින් පත් කරන්නැයි දේශපාලන පක්‍ෂවලට බලකිරීමක් සිදුකළ නොහැකි බවද මෙහිදි ප‍්‍රකාශ කෙරුණා. 

    සමානුපාතික ක‍්‍රමය යටතේ පළාත් පාලන ආයතන සදහා නම් කරන නියෝජිතයින්ගේ නාමලේඛණ මාර්තු 2 වනදා හෝ ඊට පෙර ලබාදෙන ලෙසයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සියළු දේශපාලන පක්‍ෂවලින් ඉල්ලා සිටියේ.

  • “පැරකුම් මාළිගාවට මුත්‍රා කර , බිත්ති හූරලා ” පුරාවස්තු විනාශ කළ නරුමයන් මෙන්න .!

    “පැරකුම් මාළිගාවට මුත්‍රා කර , බිත්ති හූරලා ” පුරාවස්තු විනාශ කළ නරුමයන් මෙන්න .!

    පඬුවස්‌නුවර ඓතිහාසික පැරකුම් මාළිගාව නැරඹීමට ගොස් අතිශය වටිනා පුරා වස්තුවක් ලෙස සැලකෙන එම පැරකුම් මාළිගාවට හානි කළ පුද්ගලයන් පිරිසක් පිළිබදව වාර්තා වෙනවා.
    පසුගිය දින මෙම ඓතිහාසික මාළිගය නැරඹීමට බීමතින් ගොස් සිටි මෙම පිරිස , මාළිගයේ පැති බැමි වල ගඩොල් වලට හානිකරමින් සිට තිබුනා. මේ බව දුටු මෙම පුරාවිද්‍යාත්මක නටඹුන් ආරක්ෂා කිරීමට සිටි මුරකරුවන් මෙම පිරිස නැවතීමට උත්සාහ කර තිබෙනවා.

    ඉන්පසුව බීමතින් සිටි මෙම පිරිස එම ස්ථානයේ රැකවළුන්ටද අමානුෂික ලෙස පහර දී තිබෙනවා. මෙම පිරිස එම ස්ථානයේ පුරාවිද්‍යා නටබුන්වලට මුත්‍රා කර තිබෙන බවද සදහන්. කෙසේ වෙතත් සිදුවීම පිළිබදව දැනගත් විගසම සැකකරුවන් මෙල්ල කිරීමට සහ පුරාවිද්‍යා නටඹුන් ආරක්ෂා කර ගැනීමට එම ස්ථානයට ගිය පොලිස් නිළධාරින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    හෙට්‌ටිපොල පොලිසිය මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් පසුගිය 20 දා හෙට්‌ටිපොල මහෙස්‌ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එහි පලමු හා දෙවන සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරෙට්‌ටුවකට ඉදිරිපත් කිරීම සඳහා මේ මස 22 (අද) දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමටත් තෙවෙනි හා සිව්වෙනි සැකකරුවන් මාර්තු මස 05 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමටත් නියෝග කරනු ලැබීය.

  • විජයකලාගේ මැරයෝ කොළඹ රඟයි

    විජයකලාගේ මැරයෝ කොළඹ රඟයි

    කොල්ලුපිටිය ඇල්ෆ්‍රඩ් ඇවනිවු හි සුවිසල් මන්දාරයක වසර 28ක කාලයක් කුලී පදනම මත පදිංචිව සිටි කෝටිපති ව්‍යාපාරිකයකු සහ එහි සිටි නිවැසියන් එළියට ඇද දමා මැරයන් පිරිසක් විසින් එම නිවස අල්ලාගෙන ඇතැයිඑම ව්‍යාපාරිකයා කොල්ලුපිටිය පොලිසියට පැමිණිලි කර තිබේ.

    පෙරේදා (20) දා මෙම සිදුවීම සිදුව ඇති අතර මේ මැර පිරිස විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරියගේ ආධාරකරුවන් බවද ඉතා විශ්වාසකටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වී ඇත.

    මෙම මැර පිරිස් මීට පෙර මේ ව්‍යාපාරිකයාට මේ නිවසින් ඉවත්වන ලෙස කිහිප අවස්ථාවකදී තර්ජනය කර ඇති අතරව්‍යාපාරිකයා ඇතුළු පිරිස නිවසින් ඉවත් නොවූ නිසා මෙලෙස පැමිණ එහි නිවාසියන්ට පහරදී එම මන්දිරය අත්පත්කර ගෙන තිබේ.මැර පිරිසේ පහර කෑමට ලක්වූ කාන්තාවක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබාගන්නා බවද පැවසේ.

  • SARICC ශ්‍රී ලංකාවේ ස්ථාපනය කිරීමේ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරයි

    SARICC ශ්‍රී ලංකාවේ ස්ථාපනය කිරීමේ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරයි

    දකුණු ආසියානු කලාපයේ සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය උවදුර මැඬ පැවැත්වීමේ අරමුණින්, එම කලාපයේ රටවල් අතර බුද්ධි තොරතුරු හුවමාරු කිරීමේ හා සම්බන්ධීකරණය කිරීමේ කලාපීය මධ්‍යස්ථානය (South Asian Regional Intelligence and Coordination Centre – SARICC) ශ්‍රී ලංකාවේ ස්ථාපනය කිරීමට යෝජනා වීමත් සමඟ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩල පරිශ්‍රය තුළ එය තාවකාලික වශයෙන් ස්ථාපිත කිරීමටත් නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත. 

  • ජනපති හරි ට්‍රැක් එකට, සයිටම් අහෝසි කරන්න GMOA සමග එකඟ වෙයි – Exclusive

    ජනපති හරි ට්‍රැක් එකට, සයිටම් අහෝසි කරන්න GMOA සමග එකඟ වෙයි – Exclusive

    මාලඹේ සයිටම් පෞද්ගලික විශ්ව විද්‍යාලය අහෝසි කර එහිඉගනුම ලබන සිසුන් 1000 ක් පමණ සුදුසුකම් පරීක්ෂා කර බලා කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය වෙත ඇතුලත් කර ගැනීමට නියෝග කිරීමට ජනපතිවරයා තීන්දුවක් ගෙන ඇත.

    පසුගිය කාල වකවානුව පුරාම සයිටම් අර්බුදයට නිසි විසඳුමක් ලබා නොදීම සහ ලබාදීමට අපොහොසත්වීම නිසාම රජය දැඩි අසීරුතාවකට මුහුණ දෙන්නට විය. නිගමනයක් නොවූ තීන්දු කිහිපයක් නිසාම සයිටම් වලට එරෙහි සහ පක්ෂ බලවේග දෙකෙහිම උද්ඝෝෂණ රට පුරා ක්‍රියාත්මක වෙත්දී එම දෙපාර්ශවය නිසාම රජය බලවත් අපහසුතාවන්ට මුහුණ පා තිබුනි.

    එම කරුණු සලකා බලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඉදිරිපත් කර තිබූ යෝජනාවන්ට එකඟවන්නට සහ සයිටම් නිසා සිදු වූ අපහසුතාවන් මැඩපවත්වන්නටත්, වෛද්‍ය අධ්‍යාපන ක්‍රමවේදය නිසි මගට ගැනීමටත් ජනපතිවරයා ගත් තීන්දුව පැසසුමට ලක්කල යුතුය. ඒ අනුව ඉදිරියේදී සයිටම් අර්බුධය නිසි පරිදි පාලනය වනු ඇති බව ජනපති කාර්යාලය නිවේදනය කරයි.

    මේ ආකාරයටම විල්පත්තු වන විනාශය පිළිබඳ ගැටලුවට ජනපතිවරයාගේ මැදිහත්වීම බලාපොරොත්තු වන බව ස්වාධීන පරිසරවේදීන් අප කල විමසුමකදී පවසා සිටියේය. ඒ අනුව පරිසරවේදීන්ගේ සංගමය ඉදිරියේදී ජනපතිවරයා වෙත සංදේශයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද එහිදී සඳහන් කරන ලදී.

    සයිටම් අහෝසි කිරීම පිලිබඳව ජනපතිවරයාගේ තීන්දුව අගය කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඔවුන්ගේ ෆේස්බුක් පිටුව තුල පලකල ලිපිය පහත දැක්වේ

    https://www.facebook.com/gmoasl/posts/2053071974961606

  • ටැබ් වලට වෙන් කළ මුදලින් කොටසක් ගුරුවරුන්ගේ සංවර්ධනය වෙනුවෙන්

    ටැබ් වලට වෙන් කළ මුදලින් කොටසක් ගුරුවරුන්ගේ සංවර්ධනය වෙනුවෙන්

    උසස් පෙළ සිසුන් එක් ලක්‍ෂ හැත්තෑ දහසකට සහ ගුරුවරුන් තිස් දහසකට ටැබ් පරිගණක ලබදීමට 2017 අයවැයෙන් රුපියල් බිලියන 5 ක් වෙන් කෙරුණු අතර එම ව්‍යාපෘතිය පසුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් අත්හිටවනු ලබුවේ එම මුදල් පාසල් සංවර්ධනය සඳහා යෙදවීම යෝග්‍ය බව පවසමිනි.

    එබැවින් එම මුදලින් කොටසක් ගුරුවරුන්ගේ සංවර්ධනය වෙනුවෙන් යෙදවිය යුතු බව අධ්‍යාපනඥයින් පවසයි.

  • සයිටම් සිසුන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට

    සයිටම් සිසුන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට

    ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් නීතිපතිවරයා, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨාධිපතිවරයා සහ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුලු පිරිසක් ඊයේ (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවේදී  මාලඹේ සයිටම් ආයතනයේ වෛද්‍ය විද්‍යාව හදාරන සිසුන් කොතලාවල ආක්ෂක විෂ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් කිරීම තීරණය කර ඇත.

     සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ දැනට ඉගෙනුම ලබන දහසක් පමණ වූ සිසුන්ගේ මූලික සුදුසුකම් පරික්ෂා කර බලා ඒ අනුව මෙම ඇතුළත් කරගැනීම සිදු කිරීමට මේ සාකච්ඡාවේදී වැඩිදුරටත් තීරණය කර ඇති අතර ජනාධිපති මාධ්‍ය අංශය විසින් මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කර ඇත.

  • ඒකාබද්ධය ඇමති පට්ටම් 5 යි කථානායක පට්ටමයි එපා කියයි

    ඒකාබද්ධය ඇමති පට්ටම් 5 යි කථානායක පට්ටමයි එපා කියයි

    නව කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය එ්කාබද්ධ විපක්ෂයට ආරාධනයක් සිදුකර ඇති අතර එහිදී අග්‍රාමාත්‍ය ධුරය හැර අමාත්‍ය ධූර 5ක් සහ කථානායක ධුරය භාර ගන්නා ඒකබද්ධයට යෝජනා කර ඇත.

    නමුත් ඒකාබද්ධය කියා සිටින්නේ මෙම ධූරයන් භාර ගැනීමට ඔවුන් සූදානම් නැති බවය.

  • ලංකාවෙ පවුල් 52 ලක්ෂයකට වාහන 71 ලක්ෂයක්

    ලංකාවෙ පවුල් 52 ලක්ෂයකට වාහන 71 ලක්ෂයක්

    මෝටර් වාහන පනත යටතේ වන නියෝග පාර්ලිමේන්තුවේදී ඊයේ (21) විවාදයට ගැනුන අතර එහිදී අදහස් දැක්වූ ප‍්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ කියා සිටියේ රට තුළ ලියාපදිංචි මෝටර් වාහන හැත්තෑ එක් ලක්ෂයක් පමණ ඇති මුත්  දැනට මෙරට සිටින පවුල් ප‍්‍රමාණය පනස් දෙලක්ෂයක් පමණ වන බවයි .

  • මඩ ගහලා මිනිස්සු කුලප්පු කරලා මගේ දේශපාලන ගමන නතර කරන්න කාටවත් බෑ

    මඩ ගහලා මිනිස්සු කුලප්පු කරලා මගේ දේශපාලන ගමන නතර කරන්න කාටවත් බෑ

    තමාගේ දේශපාලන ගමන නතර කිරීමට කිසිවෙකුටත් නොහැකි බව ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසයි.
    ඔහු පෙන්වාදෙන්නේ ලබන වසරේ සැප්තැම්බර් මාසය වන තුරු ඌව පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස තමන් කටයුතු කරන බවයි.
    ඇල්ල ප්‍රාදේශීය සභාවේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා මෙම අදහස් පල කළේය.
  • භූමිතෙල් ගසා දුවන බස් වැඩි වෙලා – බස් හිමියන්ට සල්ලි.. මගීන්ට ලෙඩ

    භූමිතෙල් ගසා දුවන බස් වැඩි වෙලා – බස් හිමියන්ට සල්ලි.. මගීන්ට ලෙඩ

    දකුණු පළාතේ නගරාන්තර පෞද්ගලික බස් ඩීසල් වෙනුවට භූමිතෙල් යොදා ධාවනය කරන බවට තොරතුරු වාර්තා වනවා.

    ඩීසල් සඳහා අධික මුදලක් වැය වීම නිසා එම බස් රථ සේවකයින් භූමිතෙල් යොදා ගනිමින් බස් ධාවනය කරන බවයි අනාවරණ වී ඇත්තේ.

    කොළඹ සිට තංගල්ල දක්වා ධාවනය වන නගරාන්තර බස් රථයකට එක් ගමන්වාරයක ඩීසල් සඳහා වැය වන මුදල රුපියල් 11, 500 ක්. එම නගරාන්තර බස් රථයකට භූමිතෙල් සඳහා වැය වන්නේ රුපියල් 5,500 ක් පමණයි.

    මෙලෙස මුදල් ඉතිරි වීම හේතුවෙන් සියයට 90ක් පමණ දකුණු පළාතේ නගරාන්තර බස් රථ භූමිතෙල් යොදා ධාවනය කිරීමට හුරු වී තිබෙනවා.

    මෙම බස් රථ භූමිතෙල් යොදා ධාවනය කරන්නේ සයිලන්සර් සහ ඉන්ජෙක්ටර් වෙනස් කරමින් බවයි පැවසෙන්නේ. ඩීසල් වෙනුවට භූමිතෙල් යොදා ධාවනය කිරීමෙන් වසරකට රුපියල් ලක්ෂ 24ක ලාභයක් හිමිවන බවයි එම බස් රථ සේවකයන් පවසන්නේ. 

    කෙසේ වෙතත් භූමිතෙල් යොදා බස් රථ ධාවනය කිරීමෙන් එහි ගමන් ගන්නා මගීන්ගේ සෞඛ්‍යයට හානිදායක බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

  • කැබිනට් සංශෝධනයේදී ඒකාබද්ධ විපක්ෂයට අමාත්‍ය ධූර 5ක් සහ කථානායක ධුරය

    කැබිනට් සංශෝධනයේදී ඒකාබද්ධ විපක්ෂයට අමාත්‍ය ධූර 5ක් සහ කථානායක ධුරය

    නව කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය එ්කාබද්ධ විපක්ෂයට ආරාධනයක් සිදුකර තිබෙනවා. එ් අග‍්‍රාමාත්‍ය ධුරය හැර අමාත්‍ය ධූර 5ක් සහ කථානායක ධුරය භාර ගන්නා ලෙසයි.

     

    මේ අතර ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මන්තී‍්‍රවරුන් මාධ්‍ය වෙත අදහස් නොදැක්වීම සඳහා ස්වයං වාරණයක් පනවාගෙන ඇති බවයි දේශපාලන ආරංචි පෙන්වා දෙන්නේ.

  • මැතිවරණ පරාජයේ හේතු දක්වමින් ඡන්දෙන් පස්සේ නිහඬව සිටි දයාසිරි ජනපතිට දුන් වාර්තාව

    මැතිවරණ පරාජයේ හේතු දක්වමින් ඡන්දෙන් පස්සේ නිහඬව සිටි දයාසිරි ජනපතිට දුන් වාර්තාව

    වත්මන් ජනතාවගෙන් දැඩි ආණ්ඩු විරෝධයක් එල්ලවීමට බලපා ඇති කරුණු ඇතුළත් වාර්තාවක් ජනාධිපතිවරයා වෙත ලබාදීමට දයාසිරි ජයසේකර සහ ලසන්ත අලගියවන්න යන අමාත්‍යවරුන් කටයුතු කර තිබෙනවා.

    එක්සත් ජාතික පක්ෂය විසින් ගත් ඇතැම් තීන්දු තීරණ මෙම ජනතා විරෝධය එල්ල වීමට බලපෑ ප‍්‍රධාන හේතු ලෙසයි මෙම වාර්තාවේ දක්වා ඇත්තේ.

    සයිටම් අර්බුදය, පොහොර සහනාධාරය කප්පාදු කිරීම සහ අවිධිමත් සංවර්ධන ව්‍යාපෘති, ජනතාව තුළ ආණ්ඩු විරෝධයක් ඇතිවීමට ප‍්‍රධාන හේතු ලෙස මෙහි දක්වා තිබෙනවා. 

    අධ්‍යාපන අමාත්‍යංශය විසින් පාසල් නිල ඇඳුම් වවුචර් පත් ලබාදීමේ වැඩපිළිවෙළ එක් පාර්ශ්වයක් අතට පත් කිරීම ද ආණ්ඩු විරෝධයක් ඇති වීමට එක් හේතුවක්.

    මේ නිසා ග‍්‍රාමීය මට්ටමින් ඇඳුම් මැසීමේ වෙළෙඳ ව්‍යාපාරවලටද දැඩි බලපෑමක් එල්ල වූ අතර එම කර්මාන්තයේ නිරත පුද්ගලයින්ගේ දැඩි විරෝධයක් ආණ්ඩුවට එල්ල වී තිබෙනවා.

    මෙම තත්ත්වය හේතුවෙන් ඇතැම් ප‍්‍රදේශවල ඇඳුම් මැසීමේ වෙළෙඳසැල් වැසී ගොස් ඇති බවයි අදාළ වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ.

    මුදල් අමාත්‍යංශය විසින් ගනු ලැබූ ඇතැම් තීන්දු තිරණ හේතුවෙන් මෙරට ව්‍යාපාරිකයින්ද ආණ්ඩුව පිළිබඳ තැබූ විශ්වාසය පළුදු වී ඇති බව මෙම වාර්තාවේ දක්වා තිබෙනවා. 

    කොළඹ නුවර අධීවේගී මාර්ගය ඉදි කිරිම සඳහා සැලසුමක් නොමැතිව විශාල මුදලක් වැය කිරීමට තීරණය කිරීම පිළිබඳවද ආණ්ඩුවට විවේචන එල්ල වන බවයි මෙම වාර්තාවෙන් වැඩිදුරටත් දක්වා ඇත්තේ.

    අමාත්‍ය දයාසිරි ජයසේක පසුගිය කැබිනට් රැස්වීම්වලට පවා සහභාගී වී සිටියේ නැහැ. පසුගිය පළාත් පාලන ආයතන මැතිවරණයෙන් පසු ඔහු දැඩි නිහඬ පිළිවෙතක් අනුගමනය කරනු දක්නට ලැබුණා. 

  • එජාපයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරු තුන්දෙනෙකුගේ පට්ටම් ගැලවෙයි…? මුහුණු 03 මෙන්න..

    එජාපයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරු තුන්දෙනෙකුගේ පට්ටම් ගැලවෙයි…? මුහුණු 03 මෙන්න..

    නව කැබිනට් සංශෝධනය පිළිබඳව මේ දිනවල බොහෝ දෙනා කතාබහ කරනවා. කොහොම වුනත් ළඟදීම සිදුකිරීමට නියමිතව තිබෙන නව කැබිනට්‌ සංශෝධනයේදී එක්‌සත් ජාතික පක්‌ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් තිදෙනකු දැනට දරන කැබිනට්‌ අමාත්‍ය ධුර කාර්යක්‌ෂම තරුණ ඇමැතිවරුන් තිදෙනකුට ලබා දීමට තීරණය කර ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරනවා. ඒ අනුව අදාල  ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් විශේෂ කාර්ය භාර ඇමැතිවරු ලෙස පත් කෙරෙනු ඇති බවයි සඳහන් වන්නේ.

    මෙම අමාත්‍යවරුන් අතර සිටින එක්‌ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකුගේ ක්‍රියා කලාපය පිළිබඳව ජනාධිපතිවරයාගේ දැඩි විරෝධය පළ වී ඇති බවද සඳහන් වෙනවා. මෙවර කැබිනට්‌ සංශෝධනයේ  බලගතු කැබිනට්‌ වෙනසක්‌ සිදු කළ යුතු බව ජනාධිපතිවරයාගේ අදහස වී ඇති අතර තරුණ ඇමැතිවරුන්ට වගකීම් පැවරීමට ආණ්‌ඩුව තීරණය කර ඇති නිසා කැබිනට්‌ සංශෝධනය ඉතා දුෂ්කර වී ඇති බවද සඳහන් වෙනවා.

    එසේම ප්‍රධාන පක්‌ෂයක ඉහළ තනතුරක්‌ දරන ඇමැතිවරයකුගේ අමාත්‍යාංශය මහින්ද අමරවීර මහතා වෙත පැවරීමට යෝජනා වී තිබුණද එම ඇමැතිවරයා සිය අමාත්‍යාංශය අත්හැරීමට අකමැති වීම නිසා මහින්ද අමරවීර අමාත්‍යවරයා ධීවර ඇමැති ධුරයේම තවදුරටත් කටයුතු කරනු ඇති බවයි සඳහන් වන්නේ.  

    කෙසේ වෙතත් ජාතික රජය තවදුරටත් ගෙන යැමට අකමැති ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ ඇමැතිවරුන් දේශපාලන පිල් මාරුවක්‌ සඳහා තව දුරටත් රහස්‌ සාකච්ඡා පවත්වන බවට ද රාවයක්‌ පවතිනවා

  • ජනපති මෛත්‍රී ගොවියා මුහුණදෙන ගැටළු ගැන සොයයි

    ජනපති මෛත්‍රී ගොවියා මුහුණදෙන ගැටළු ගැන සොයයි

    පොහොර සහනාධාරය යළි ලබා දීම කෙරෙහි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ අවධානය යොමු වී තිබෙනවා.

    ඒ, ජාතික ආර්ථික සභාව ගත් තීරණයකට අනුවයි.

    පොහොර සහනාධාරය ලබා දීම සඳහා කෘෂිකර්ම අමාත්‍යංශය සහ ජාතික ආර්ථික සභාව සැළසුමක් ද ආරම්භ කර තිබෙනවා.

    පොහොර සහනාධාරය ලබා ගැනීම සඳහා ගොවීන්ට බැංකු ගිණුම් විවෘත කිරීමට ප‍්‍රමාද වන බවත් පොහොර කලට වේලාවට ලබා නොදීම යන මූලික කරුණු පිළිබඳව ද මෙහිදී අවධානය යොමුව තිබෙනවා.

    මේ අතර, ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීම පිළිබඳවද රජයේ අවධානය යොමුවී ඇති බව දේශපාලන ආරංචි පවසනවා.

  • රනිල් හොරෙක් බව ඔප්පු උනොත් බෙල්ල කපාගෙන මැරෙනවා – චිවරධාරියෙක් මාධ්‍යයට කියයි..

    රනිල් හොරෙක් බව ඔප්පු උනොත් බෙල්ල කපාගෙන මැරෙනවා – චිවරධාරියෙක් මාධ්‍යයට කියයි..

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හොරෙකු බවට  ඔප්පු කළහොත් තමන් වහන්සේ ගොල්ෆේස් එකට ගොස් බෙල්ල කපාගෙන මිය යෑමට සූදානම් බව පූජ්‍ය අඹන්වෙල ඥාණාලෝක හිමි ප්‍රකාශ කර තිබෙනවා. පසුගියදා ජාතික විද්වත් සංසදය මගින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී  උන්වහන්සේ මේ බව ප්‍රකාශ කලා. 

    රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා රැකගැනීම සඳහා මහා සංඝරත්නය ඇතුලු විද්වතුන් එක්වී සිටින බවත් එය මහාසංඝරත්නට ගෞරවයක් බවත් උන් වහන්සේ එහිදී ප්‍රකාශ කලා.

    එම වීඩියෝව පහතින්.