Blog

  • ජයග්‍රහණයෙන් පසුව හේරත් කට‍අරියි….

    කඩුලු 362ක් ලබා නවසීලන්තයේ ඩැනියෙල් විටෝරිගේ සතුව පැවති වැඩිම ටෙස්ට් කඩුලු දවා ගැනිමේ වාර්තාව බිඳ දැමීමට බංගලාදේශයට එරෙහිව පැවැති ගාල්ලේ පැවති පළමු ටෙස්ට් තරගයේදි කඩුළු 366 ක් දවා ගනිමීන් ශ්‍රී ලංකා කණ්ඩායමේ වමත් දඟපන්දු යවන ක්‍රීඩක රංගන හේරත් සමත් විය.
    බංගලාදේශය සමග තරගය ජයග්‍රහණයෙන් අනතුරුව මාධ්‍ය හමුවකදී හෙතෙම සඳහන් කර සිටියේ ටෙස්ට් කඩුලු 400ක් සම්පූර්ණ කිරීමද තම ප්‍රාර්ථනයක් බවයි.
    “මම ඉදිරියටත් රට වෙනුවෙන් ක්‍රීඩා කරල ඒ ඉලක්කයට යන්න බලාපොරොත්තු වෙනවා. එහෙත් ඒක රදා පවතින්නෙ එතෙක් මගේ ක්‍රීඩා දිවියේ පෙන්වන දක්‍ෂතාවන් අනුවයි. නායකයා ලෙසත් මම සියයට සීයක් සාර්ථක බව ඇත්ත. නමුත් තවත් ටෙස්ට් තරග කීයකට නායකත්වය දෙනවාද කියන කාරණය තීරණය වෙන්නෙ ඇන්ජලෝගෙ ආබාධිත තත්ත්වය මතයි.”
    ටෙස්ට් තරගයක දෙවනුව පන්දුවට පහරදී ලකුණු 460ක ඉලක්කයක් හඹා යෑම ඕනෑම කණ්ඩායමකට ඉතා අපහසු කරුණක් බවත් ගාල්ල තණතීරුව පළමු දිනයේ සිටම දඟපන්දු යවන්නන්ට එතරම් ලොකු සහයෝගයක් ලබා නොදුන් බවත් පැවැසූ හේරත් පවසා සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායම නිත්‍ය දඟපන්දු යවන්නන් තිදෙනකුගෙන් තරගයට පිවිසෙන විට බංගලාදේශ පිල නිත්‍ය වේග පන්දු යවන්නන් තිදෙනකු තරගයට යොදා ගැනීමේ වරදක් නොදකින බවයි.

  • ජනපති සමගින් රට වෙනුවෙන් – පුලතිසි යෞවනය පිබිදෙයි!

    ”අපි සූදානම්, ඔබ සූදානම් ද” තේමාව යටතේ තෙදිනක් පුරා පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ පැවති ,රට වෙනුවෙන් පිබිදෙන පුලතිසි යෞවනය වුන් කදවුරේ, සමාප්ති උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) පස්වරුවේ පැවැත්විණි.

    දේශයේ ඉදිරි සංවර්ධන ක්‍රියාවලියට කාර්යක්ෂම ලෙස දායක විය හැකි නායකත්ව ගුණාංග වලින් සහ පෞරුෂත්වයෙන් සපිරි තරුණ පරපුරක් බිහි කිරීම උදෙසා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් මත දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන තරුණ කදවුරු මාලාවේ පළමුවැන්න ලෙස පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් තුන්දහසකගේ පමණ සහභාගිත්වයෙන් මෙම තරුණ කදවුර පැවැත්විණි.

    තරුණ කදවුරට සමගාමීව එහි සිට ජනාධිපති මාධ්‍ය අංශය මගින් විසුරුවා හරින ලද ”සරු” ගුවන් විදුලියේ ද ජනාධිපතිතුමා නිරික්ෂණ චාරිකාවක නිරත විය.

    දින තුනක් පුරාවට ජනාධිපතිතුමන් පැමිණ සිටි තරුණ තරුණියන් සමඟ එක්ව සිටි අයුරු දැක්වෙන විශේෂ ජායාරූප කිහිපයක් පහතින් දැක්වේ.

  • රට කැලඹු අගමැතිගේ කොණ්ඩම් කතාව මෙන්න – (VIDEO)

    කොළඹ රාජකීය විදුහල හා ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල අතර පැවති ‘නිල් මහා සටන’ ක‍්‍රිකට් තරගය අතරතුර පැවති සාදයකදී අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් විමසූ ප‍්‍රශ්න කිහිපයකට පිලිතුරු දුන් ආකාරය සිරස රූපවාහිනිය මෙසේ විකාශණය කලේය.

  • මේක සංසා­ර­ගත බැඳී­මක් – වික්ටර්ගේ ආදරය දිනූ හෂිනි රත්නායක

    වික්ටර් රත්නායකයන් නැවත විවාහ වූ පුවත කනින් කොනින් ආරංචි වූ නිසා මා ඔහුගේ දුරකථන අංකය කැරකවූවා. දුරකථනයට පිළිතුරු දුන්නේ වික්ටර් රත්නායකයන්ගේ යොවුන් ප්‍රිය බිරිය හෂිනි අමේන්ද්‍රා රත්නායක මහත්මියයි.

    මා මීට ටික දිනකට පෙරාතුව ‘දෛව රේඛාව’ විශේෂාංගයෙන් ඔහු ගැන ලියන්නට ඔරුවල අතුරුගිරිය වික්ටර් රත්නායකයන්ගේ නිවසට යනවිට ඇයද නිවසේ සිටියා. අපහට තේ පිළියෙල කර දුන්නේ ද ඇයයි. ඒ සිදුවීම සිහිපත් කරමින් “ඔයා එදා අපි එද්දි හිටිය හෂිනි ද?“ මම දුරකථනයෙන් විමසා සිටියා.

    “ඔව්. ඔව්. ඒ මම තමයි.”

    “එදා මේ ගැන මුකුත් ම කීවෙ නැහැනේ.” මම විමසුවා. එතකොට ඇය මෙහෙම කීවා.

    “අපි අතර ආදර සම්බන්ධය හුඟාක් කාලෙක පටන් තිබුණු දෙයක්. ළඟදි විවාහ වූ කතාව ඇත්තයි. විවාහය ඉක්මන් වුණේ වික්ටර් රත්නායකයන්ගේ දරුවන්ගේ බලපෑම් නිසයි.

    මගේ ගම ගාල්ල කන්දෙවත්ත. මහජන බැංකුවේ නිලධාරිනියක් ලෙසට ඒ කාලේ කටයුතු කළේ. මම කලින් විවාහ වෙලා හිටියා. ටික කලකින් ඒ විවාහයෙන් දික්කසාද වෙන්න සිදුවුණා. රසිකාවියක් විදිහට තමයි මම මුලින් ම වික්ටර් රත්නායක සර්ව හඳුනාගත්තේ. කාලයක් තිස්සේ ක්‍රම ක්‍රමයෙන් අපේ හිත් ආදරයෙන් බැඳුණා.

    මගේ මවුපියන් පවා මේ සම්බන්ධයට තදින්ම විරුද්ධ වෙලා හිටියා. ඒත් අ‍පේ සිත් නොසැලී තිබුණා. මම ඔහුට ආදරෙයි. ඔහුත් මට ආදරෙයි. අපි අතර ලොකු වයස් පරතරයක් තිබුණත් ඒක ආදරයට, විවාහයට බාධාවක් නැහැ. අපි අවබෝධයෙන්, ආදරයෙන් ඉන්නවා.

    මුල් යුගයේ අපි පවුල් වශයෙන් එකතුයි. මට අක්කලා දෙන්නෙක් ඉන්නේ. වික්ටර්ගෙයි, මගෙයි සම්බන්ධය ඉව වැටුණාම, ගෙදර අය තදින්ම විරුද්ධ වුණා. අවුරුදු 6ක් විතර වෙනවා අපේ සම්බන්ධයට. මගේ අම්මා කියලා තියනවා මම පුංචි කාලේ ඉඳලා ම වික්ටර්ගේ ගීතවලට ආසයි කියලා. මට අවුරුදු 31ක්. වික්ටර්ට අවු: 75 යි. ඒත් වයස් පරතරයක් ගැන මට දැනෙන්නේවත් නැහැ. ඒ තරමට අපි බැඳීමෙන් ඉන්නේ.

    මුලින් මගේ හිතේ ඇති වුණේ ඔහු ගැන භක්තියක්, ගෞරවයක්, මම අපරදිග සංගීතය හැදෑරුවා. දේශීය සංගීතයටත් ගොඩක් ප්‍රියයි. මම වික්ටර්ට ළංවුණේ නොදැනුවත්වම. ඒ ඇසුර ආදරයකට පෙරළුණා. කවුරුන් විරුද්ධ වුණත් අපි නොසැලී හිටියා. දැන් අපි විවාහවෙලා, අපේ සම්බන්ධයට විරුද්ධ අය වගේ ම මිතුරු සිතින් අවංකව ම සුබ පතලා ආශිර්වාද කරන අයත් ඉන්නවා.

    මම කාලයක් තිස්සේ වික්ටර්ව ඇසුරු කළ නිසා ඔහු මොනතරම් සංවේදී හිතක් තියන කෙනෙක් ද කියා හොඳින් ම දන්නවා. සංසාරෙ යම් බැඳීමක් තියෙන්න ඇති ඒකනේ මේ වගේ බැඳුණේ.

    වයස්…. පරතරය… ගැන ගැටලුවක් නැද්ද…?

    ලංකාවෙ විතරක් නෙමෙයි පිටරටවලත් කලාකරුවෝ විතරක් නෙමෙයි හුඟාක් වයස් පරතරය වැඩි අය ආදරයෙන් බැඳිලා ඉන්නවා. අපි ජීවිතය හරි සතුටින් ගෙවන්නේ. එයා වගේ කෙනෙක් ලැබීම මගේ ජීවිතයේ භාග්‍යයක් සේ සලකනවා.

    අනික වික්ටර්ගේ බිරිය නැතිවෙලා අවුරුදු 13කටත් වැඩියි. දරුවන්ගේ යුතුකම් ඉටුකරලානේ තියෙන්නේ. ඉතිං මම හිතන විදියට කාටවත් කිසිම ගැටලුවක් නැහැ.

    හෂිනිට… වික්ටර් ගැන තියෙන්නේ ආදරයක් ද? ගෞරවයක් ද? භක්තියක් ද? නැත්නම් මේ හැම දේකම සම්මිශ්‍රනයක් ද?

    ඔව් හැමදෙයකම සම්මිශ්‍රනයක් කීවොත් නිවැරැදියි. මම එයාට හොඳින් සලකනවා.

    ඔයාගේ අනාගතය ගැන බලද්දි වික්ටර් සමඟ විවාහවීමේ තීන්දුව නිවැරැදියි කියා හිතනවද?

    මගේ අනාගතයටත් වඩා මම හිතන්නේ එයාගේ සුව පහසුවයි. එයාට සලකන එක මට ලොකු සතුටක්. මම කැපවීමෙන්මයි ඒ දේවල් කරන්නේ. වික්ටර්, හැම තිස්සෙ ම පන්සල් ගියේ නැතිවුණාට ආගමික කටයුතුවලට ගොඩක් කැම­ැතියි. හදවතේ බෞද්ධ දර්ශනය පිහිටලා තියනවා එයාගේ. කවුරු මොනවා කීවත් අපි අවබෝධයෙන් සෙනෙහසින් ඉන්නේ.

    මේ තරමට බාධා – ගැටුම් එන්නේ අසම්මත ප්‍රේමයක් වූ නිසාද?

    ආදරයට, ගැටුම්, බාධා එමටයි. අපි දෙන්නට එක්වෙන්න නීතිමය බාධාවක් නැහැනේ. සිතුම් පැතුම්, අදහස් සමාන නම් දෙදෙනා අතර ගැටුමක් නැත්නම් ආදරය ජයගන්න පුළුවනි.

    වික්ටර් නැවත විවාහ වෙන බවක් එදා ‘දෛව රේඛාව’ ලිපියෙදි කියවුණේ නැහැ. අඩුගාණේ මේ ගැන හඳහනේවත් සඳහන් වෙලා තිබුණද?

    මට මතකයි මීට ටික කලකට පෙර ඉන්දියාවෙන් ආපු ජ්‍යොතිෂඥයෙක් හමුවන්න අපි බම්බලපිටියට ගියා. ඒ ගියෙත් මගේ ඉල්ලීමටමයි. ඔහු අපිට සියලු විස්තර සී.ඩී. පටියකින් කියලා දුන්නා.

    ඒකේ කියවෙනවා වික්ටර්ගේ ජීවිතයේ හොඳම සුවබර, සැපවත් කාලය උදා වෙන්නේ ඔහුට අවුරුදු 70න් පසු කියලා. වික්ටර්ගේ හස්ත රේඛා පරීක්ෂා කළ දෛවඥයෙක් තමයි මේ අනාවැකිය පළකළේ. ඒක අද වන විට ඇත්ත වෙලා.

    අපි කිසිම මාධ්‍යයකට කිසිම දෙයක් ප්‍රකාශ කළේ නැහැ. මේ දේවල් කතා කරන්න වික්ටර් කැම­ැතිත් නැහැ. මේක අපේ මනාපය. සමහර මාධ්‍ය මඩ ගැසීමේ අරමුණින් විවිධ දේ පළකරනවා. විවිධ දේ කියනවා.

    ඒත් අපි සිළුමිණ – රසඳුන ගැන විශ්වාස කරන නිසයි මේ දේවල් වුණත් බය නැතිව කීවේ. නැත්නම් විවාහය කියන්නේ දෙන්නෙක් අවබෝධය තුළින් ගැනෙන පෞද්ගලික තීන්දුවක්.

    -සිළුමිණ – රසඳුන-

  • සමයං මරා පැන ගිය රියේ අංගොඩ ලොක්‌කාගේ ඇඟිලි සටහන්!

    ‘රණාලේ සමයං’ ඇතුළු පුද්ගලයන් හත් දෙනකු සාහසික අන්දමින් වෙඩිතබා ඝාතනය කිරීමේ සැලසුම මෙහෙය වූ බව කියන අංගොඩ ලොක්‌කා නමැති පාතාල නායකයාගේ ඇඟිලි සලකුණු ප්‍රහාරයෙන් පසු සන්නද්ධ පිරිස පලා ගිය වෑන් රථයේ සටහන්ව තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇත. ඒ අනුව අංගොඩ ලොක්‌කා පෞද්ගලිකවම මෙම ප්‍රහාරයට පැමිණ එය මෙහෙයවා ඇති බවට සාක්‍ෂි ලැබී ඇතැයි පොලිසිය පවසයි.

    උතුරු කළුතරදී බන්ධනාගාර බස්‌ රථයට ප්‍රහාර එල්ල කළ පාතාල පිරිස පලා ගිය වෑන් රථය ඉංගිරිය ප්‍රදේශයේ අතහැර දමා ගොස්‌ තිබියදී පොලිසිය පසුව සොයා ගත්තේය. එම වෑන් රථයේ තිබී සැකකටයුතු ඇඟිලි සලකුණු 27 ක්‌ තිබිණි.

    අංගොඩ ලොක්‌කාගේ ඇඟිලි සටහන් පොලිස්‌ අපරාධ වාර්තා කොට්‌ඨාසය සතුව තිබූ අතර වෑන් රථයෙන් සොයාගත් ඇඟිලි සටහන් අංගොඩ ලොක්‌කාගේ බවට තහවුරු විය.

    මෙම ප්‍රහාරය එල්ල කළ අංගොඩ ලොක්‌කා ඇතුළු පාතාල කල්ලිය මේ වනතුරුත් අත්අඩංගුවට ගැනීමට පොලිසියට නොහැකි වී ඇත.

    මොවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස්‌ කණ්‌ඩායම් 07 ක්‌ යොදවා ඇති අතර ප්‍රදේශ ගණනාවක්‌ පීරමින් මොවුන් සෙවීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කෙරේ.

  • "ඇගේ වෛරය" මාව නැති කළා

    පසුගිය සතියේ ‘රිද්ම’ සමග සංවාදයකට එක්වූ චිත්‍රපට අධ්‍යක්ෂ ලුවී වැන්ඩස්ට්‍රාටන් සිංහල සිනමාවේ එක්තරා යුගයක සැඟවුණු තොරතුරු රැසක් හෙළිදරව් කළා. ඇගේ වෛරය චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන්න හිටියේ විජය කුමාරණතුංගයි. බොරු නම් එහි ප්‍රධාන නිළිය වූ චන්දි රසිකාගෙන් අහලා බලන්න ඔහු එහෙමත් කිව්වා. මේ ගැන චන්දි රසිකාගේ ප්‍රතිචාරය මොනවාගේදැයි දැනගන්නත් එක්ක ඇය සමග සංවාදයට එක්වූ විට ඇයටත් තමන් ගැන කියන්න වෙනස්ම විදිහේ කතාවක් තිබුණා.

    චන්දි රසිකා ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්වුණේ ‘ඇගේ වෛරය’ චිත්‍රපටයේ රගපෑමෙන් පසුවයි කියලා කීවොත් හරිද?

    ඒක ඇත්ත වෙන්න පුළුවන්. හැබැයි ඒ චිත්‍රපටය නිසා මගේ ප්‍රතිරූපයට විශාල හානියක් සිද්ධ වුණා.

    නමුත් කැමැත්තෙන් නේද ඔබ ඒ චිත්‍රපටයේ රඟපෑවේ?

    ඔව්. මොකද, ඒක සමාජයට පණිවුඩයක් ලබාදෙන විදිහේ චිත්‍රපටයක්. නමුත් නිෂ්පාදකවරයා මටත් හොරෙන් චිත්‍රපටයට නිරුවත් දර්ශන එකතුකරලා තිබුණු නිසා හැමෝම හිතුවා මමයි ඒ දර්ශනවලටත් පෙනී සිටියේ කියලා.

    ‘ඇගේ වෛරය’ අධ්‍යක්ෂ ලුවී වැන්ඩස්ට්‍රාටන් පසුගිය සතියේ ‘රිද්ම’ට හෙළි කළා, එම චිත්‍රපටයේ ප්‍රධාන නළුවා විදිහට රඟපාන්න හිටියේ විජය කුමාරණතුංගයි කියලා. ඇත්තද ඒ කතාව?

    ඒක ඇත්ත. මගේ ජීවිතයේ හැමදෙයක්ම කඩාවැටෙන්න පටන්ගත්තෙත් විජයගේ අභාවයෙන් පස්සේ තමයි.

    ‘ඇගේ වෛරය’ ලබපු ජනප්‍රියත්වයෙන් ඔබට සෙතක් වුණේ නැහැ කියලද ඔබ ඔය කියන්නේ?

    ඔව්. මට කරපු රැවටීම නිසා අතේ තිබුණු හැම සතයක්ම වියදම් කරලා චිත්‍රපටයේ නිෂ්පාදකවරයාට එරෙහිව මට නඩු මගට යන්න සිද්ධ වුණා. ඒ සිදුවීම නිසා කාලයක් මම කලාවෙන් ඈත්වෙලා හිටියා. මානසිකවත් ඇදවැටිලා මම අසනීප වුණා. විජය ජීවත්ව සිටියා නම් මේ ගැටලුවේදී මා වෙනුුවෙන් පෙනී ඉන්නවා. ඇගේ වෛරය’ නිසා මට පාඩුවක් මිස ලාභයක් නම් වුණේ නැහැ.

    චිත්‍රපටය සාර්ථකවෙද්දි ඔබට විතරක් පාඩුවුණේ කොහොමද?

    ‘ඇගේ වෛරය’ මුලින්ම නිෂ්පාදනය කරන්න හිටියේ මමයි. වැඩේ කරගෙන යද්දි මුදල් ටිකක් මදිවුණු නිසා තමයි මටයි ලුවිටයි වෙනත් නිෂ්පාදකවරයෙක් සොයාගන්න සිදුවුණේ. 1980 ගණන්වල වැඩ ආරම්භ කරපු ‘ඇගේ වෛරය’ අනූපහ වසරෙදියි ප්‍රදර්ශනය කළේ.
    නිෂ්පාදනය සඳහා එතෙක් මට වැයවුණු මුදල්වලින් සතයක්වත් මට දුන්නේ නැහැ. චිත්‍රපට දෙකේ රඟපෑම වෙනුවෙන් දෙන්න ‍පොරොන්දු වූ රුපියල් ලක්ෂ දෙක විතරයි ලැබුණේ.

    මේ ගැටලුවේදී කලාකරුවන්ගෙන් ඔබට හයියක් ලැබුණේ නැද්ද?

    නැහැ. ජීවන් කුමාරණතුංගත් එක්ක මම රඟපාලත් තියෙනවා. එදා ඇමැතිවරයෙක් විදිහට හිටපු ඔහුවත් මගේ උදවුවට ආවේ නැහැ. චිත්‍රපටයේ නිෂ්පාදකවරයා අද චිත්‍රපට හෝල් 17ක පමණ හිමිකරුවෙක්. නමුත් මම මේ වෙනකොට ආර්ථික වශයෙන් පහළටම ඇදවැටිලා.

    කලාවට අමතරව වෙනත් ආදායම් මාර්ගයක් ඔබට තිබුණේ නැද්ද?

    බයිට් පැකට් හදන ව්‍යාපාරයක් මම සුළුවෙන් ආරම්භ කළා. ඒකත් කරගෙන යන්න බැරි තත්ත්වයකයි මම දැන් ඉන්නේ.

    කලාකාරිනියක් විදිහට රජයෙන්වත් පිහිටක් ඉල්ලුවේ නැද්ද?

    දේශපාලනය කරන්න ගිහින් 1998 වසරෙදි මට ගුටිකන්නත් සිද්ධ වුණා. කලාකාරිනියක් විදිහට අවුරුදු විසි ගණනක් තිස්සේ බලයට ගේන්න දරදිය ඇදලත් වත්මන් ආණ්ඩුවෙන් මට ලැබුණු දෙයක් නැහැ. 2002 ආණ්ඩුව කා‍ලේ මත්තෙගොඩ ප්‍රදේශයෙන් මුදලට දීපු ඉඩමේ අයිතියවත් භුක්තිවිඳින්න රජයෙන් ඉඩ දෙන්නේ නැහැ. ඒ ඉඩමේ අයිතියවත් නිරවුල් කරලා දෙන්න කියලයි මම අද ඉල්ලන්නේ.

    ඔබ අවසන්වරට රඟපෑ චිත්‍රපටය වුණේ?

    අන්තිමට රඟපෑවේ ‘ආත්ම වරුෂා’ කියන චිත්‍රපටයේ. මම එහි රඟපෑවේ ප්‍රධාන චරිතයක්. නමුත් මගේ චරිතයත්, චිත්‍රපටයත් යන දෙකම අවසානයේ අසාධාරණයට ලක්වුණා.

    ඒ කොහොමද?

    අනෙක් නළු නිළියන්ට මතුවීමට තිබෙන ඕනෑකමට අන්තිමේදී මුළු චිත්‍රපටයේම මගේ චරිතය දර්ශන හතර පහකට සීමාකරලා තිබුණා. මාත් එක්ක වෛරයෙන් සිටින නිෂ්පාදකවරයා චිත්‍රපටයට සිනමාහල් ලබාදෙන බවට බොරු ‍පොරොන්දු දීලා චිත්‍රපටය වැට්ටුවා.

    අතීතය ගැන කනගාටුවෙන්ද ඔබ කතාකරන්නේ?

    ඔව්. මම චිත්‍රපට 40ක පමණත් ටෙලිනාට්‍ය 25ක පමණත් රඟපාලා තියෙනවා. කලාවටයි, දේශපාලනයටයි කඹුරලයි මගේ ජීවිත කාලය ගෙවිලා ගියේ. නමුත් අන්තිමේදී ඒ කිසිමදේකින් පිහිටක් නැතිව මම අද අසරණවෙලා ඉන්නවා.

    අවසාන වශයෙන් කියන්න, ඔය කියන හැලහැප්පිලි නිසා ඔබ දැන් කලාවෙන් සමු අරගෙනද ඉන්නේ?

    කොහෙත්ම නෑ. ඉදිරි කාලයේදිත් මම රඟපානවා. නමුත් ඒ සමාජයට පණිවුඩයක් දෙන්න පුළුවන් විදිහේ ප්‍රබල චරිතයක් රඟපාන්න ආරාධනා ලැබුණොත් විතරයි.

    -කිෂාන් කනංකෙ-
    -රිද්ම-

  • නැන්දා බලාසිටියදී මාමා රිසිසේ දාහත් වියැති ලේලිය දූෂණය කරලා

    දාහත් වියැති යුවතියක වන ඇය මීට මඳ කලකට ඉහත ඇගේ මව විසින් මිත්තනිය භාරයට පමුණුවන ලදී. ඒ එම දැරියගේ පියා අකාලයේ මිය ගොස් ඇගේ මවට ඇය රැකබලා ගැනීමට නොහැකි වූ ‍බැවිනි. දැරියගේ නැන්දා මාමා සහ ඔවුන්ගේ දරු දෙදෙනා ජීවත් වූයේ ද එම මිත්තනිය සමඟය.

    මේ අතර පසුගිය දිනයෙක අධික රුධිර වහනයක් මුල් කොට එම යුවතිය රෝහල් ගත කරන ලදී. එහිදී එම තත්වය පිළිබඳව විමසා සිටි වෛද්‍යවරුන්ට ඇය කීවේ මෙබඳු කතාවකි.

    “මම ඒ ගෙදර නතර වෙන්න ආවට පස්සේ මාමාට මාව ඕනේ වුණා. මාමා හොරෙන් ම‍ගේ ළඟට එන්න උත්සාහ කළත් මම ඒකට කැමති නොවී ඒ බව නැන්දාට කිව්වා; මම හිතුවා එතැනින් ඒ කරදරය ඉවර වෙලා මට ඒ ගෙදර නිදහසේ ඉන්න ලැබේවි කියලා; ඒත් මාමා තාමත් මට එහෙම කරදරයක් කරන බව නැන්දා ඉස්සරහ පිළි අරගෙන නැන්දාගේ දැනුවත් කම උඩම මාව බලහත්කාරයෙන් එයාගේ කාමරේට ගත්තා; ඒකට විරුද්ධ වුණාම නැන්දාට ගහන්න පටන් ගත්තා; පස්සේ නැන්දාත් මාමාට ඉඩදීලා බයටම නිකම් හිටියා. ඊට පස්සේ මාමා මට දිගින් දිගටම හිතේ හැටියට අතවර කළා.

    දැරියගේ ප්‍රකාශයට අනුව තම මාමා විසින් වරින් වර දූෂණය කරනු ලැබීම නිසා ඇය ගැබ් ගෙන ඇත. එවිට එම මාමා නැන්දාගේ ද දැනුවත්කම යටතේම ප්‍රදේශයේ ත්‍රීරෝද රථ රියැදුරකුගේ මඟ පෙන්වීම මත පානදුර ප්‍රදේශයේ ගබ්සා මධ්‍යස්ථානයක දී ඇයට ගබ්සාවක් සිදු කර තිබේ. යුවතිය මෙලෙස අධික රුධිර වහනයකට ලක්ව ඇත්තේ ඉන්පසුවය.

    කෙසේ හෝ රෝහල මගින් මෙම පුවත පොලිසියට සැලකිරීමත් සමඟ එම මාමා – නැන්දා දරු දෙදෙනාද සමඟ තමන් පදිංචි නිවසින් අතුරුදන්ව සිටිති. එහෙත් එම දැරියගේ මිත්තනිය, එම ගබ්සාව සිදුකල පුද්ගලයා සහ ඔවුන් ගබ්සාවට යොමු කළ ත්‍රිරෝද රථ රියදුරා අත්අඩංගුවට ගෙන ඒ සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ දියත් කිරීමට උතුරු කළුතර පොලිසිය කටයුතු කරමින් සිටියි.

    දමයන්ති ගම‍ගේ

  • පිරිමින්ට වඩා ගැහැණුගේ මොළේ වැඩිලු; පර්යේෂණයකින් හෙළිවෙයි

    කාන්තාවන් සහ පිරිමින් අතරින් බුද්ධිමත් බවින් ඉහළින් සිටින්නේ කාන්තාවන් බව ඔහායෝ විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යා පර්යේෂණ අංශයේ පර්යේෂකයෝ පවසති. ඔවුන් එසේ පවසන්නේ වයස අවුරුදු හයේ සිට 56 දක්වා වයස් කාණ්ඩවල කාන්තා සහ පිරිමි තිස් දහසක් යොදා ගෙන වසර තුනක් තුළ සිදු කරන ලද පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස ය.

    මතක තබා ගැනීමේ හැකියාව, කටපාඩම් කිරීමේ හැකියාව, ධාරණ හැකියාව, නිර්මාණ ශීලී හැකියාව, තර්කන හැකියාව අතින් කාන්තාවන් පිරිමින්ට වඩා පියවර කීපයක් ඉදිරියෙන් සිටින බව මෙම පරියේෂණයේ දී තහවුරු වී තිබේ.

    ඊට අමතරව නැතිවූ යමක් පහසුවෙන් සොයා ගැනීමේ හැකියාව, සංවේදී බව, පිරිසිදුකම, ඕනෑම කාර්යයක් පිළිවෙලට කිරීමේ හැකියාව, ආතතිය පීඩනය වැනි තත්වයන් දරා ගැනීමේ හැකියාව, පරිගණකය පහසුවෙන් හැසිරවීමේ හැකියාව, විශාල පිරිසක් පහසුවෙන් පාලනය කිරීමේ හැකියාව ආදිය අතින් ද කාන්තාවන් පිරිමින්ට වඩා ඉදිරියෙන් සිටින බව මෙම පර්යේෂණයේ දී හෙලි වී තිබේ. මෙම සියළු අංශ ඔස්සේ සළකා බැලූ විට කාන්තාවන් පිරිමියන්ට වඩා සියයට 18 කින් පමණ ඉදිරියෙන් සිටින බව ද වාර්තා වේ.

    නමුත් කාලය වැය කරමින් සිදු කළ යුතු කාර්යයන්, උදාහරණ ලෙස පරිපථ සහ මෝටර් රථ ශිල්පය වැනි විෂයන්වලදී මෙන්ම ගණිතය, ඉංජිනේරු ශිල්පය වැනි විෂයන්වලදී ද පිරිමින් කාන්තාවන් අභිබවා ගොස් තිබේ. නමුත් එය සියයට තුනක් පමණ වන මට්ටමකිනි. ඒ අනුව කාන්තා සහ පිරිමි බුද්ධි මට්ටම් සසදා බැලීමේ දී සමස්ත වශයෙන් කාන්තාවන්ගේ බුද්ධිමත් බව පිරිමින්ගේ බුද්ධිමත් බව මෙන් සියයට 28 කින් පමණ ඉහළ අගයක් ගන්නා බව ද මෙම පර්යේෂණලින් හෙලි වී තිබේ.

  • හිරේ ගිය විමල් එළියෙ ඉදන් උපන් දිනය සැමරූ හැටි

    ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ 47 වැනි උපන් දිනය අද (07)ට යෙදී ඇත.පසුගිය රජයේ අමාත්‍යවරයෙකුව සිටියදී රජයේ වාහන අවභාවිතාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඒ මහතා රක්ෂිත බන්ධනාගාරගත කර අදට දින 55කි. ඒ මහතාගේ උපන්දිනය වෙනුවෙන් ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා පක්ෂ සාමාජිකයින් බෝධි පූජා පින්කම් ඇතුළු ආගමික වැඩසටහන් රැසක් රට පුරා සංවිධානය කර ඇත.









    උපුටා ගැනීම – ලක්බිම