Blog

  • ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් ‍පොලිසියේ ලොකු පුටුවක හිටපු සැකකරුවෙක් අල්ලයි…

    ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් ‍පොලිසියේ ලොකු පුටුවක හිටපු සැකකරුවෙක් අල්ලයි…

    ආන්දෝලනාත්මක ඝාතනයක් බවට පත්ව ඇති මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අදාළව ඊයේ (13) රාත්‍රියේ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමත් වුණා.

    ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මේ වන විට විමර්ශන කටයුතු සිදු කරමින් පවතින එම ඝාතනය සම්බන්ධයෙන් මෙම සැකකරුගෙන් ප්‍රශ්න කරනු ඇති.

    එවකට ගල්කිස්ස ප්‍රදේශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති (බස්නාහිර පළාත් දකුණ) විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ මෙම සිද්ධියට අදාළව කරුණු වසන් කිරීම යටතේයි.

    ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගැනුනු ඔහුව අද (14) දිනයේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. 

  • ඊයේ රෑ පැවැත්වු ශ්‍රීලනිප ප්‍රබලයන්ගේ රහස් සාකච්ඡාවේ තීරණ මෙන්න…

    ඊයේ රෑ පැවැත්වු ශ්‍රීලනිප ප්‍රබලයන්ගේ රහස් සාකච්ඡාවේ තීරණ මෙන්න…

    ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන් පිරිසක් ඊයේ (13) රාති‍්‍රයේ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

    ඒ, අමාත්‍ය දයාසිරි ජයසේකරගේ නිවසේදීයි.

    නිමල් සිරිපාල ද සිල්වා, දුමින්ද දිසානායක, මහින්ද සමරසිංහ, චන්දිම වීරක්කොඩි යන අමාත්‍යවරුන් ඊට එක්ව තිබෙනවා.

    පියසේන ගමගේ, මනූෂ නානායක්කාර, ඉන්දික බණ්ඩාරනායක යන  රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ද, සාකච්ඡාවට එක්ව ඇති බවයි වැඩිදුරටත් අනාවරණ වුණේ.

    පවතින දේශපාලන වාතාවරණය යටතේ ගත යුතු ඉදිරි කි‍්‍රයාමාර්ග පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

  • වික්ටර්ගේ තරුණ බිරිඳට දැඩි කොන්දේසි මත ඇප

    වික්ටර්ගේ තරුණ බිරිඳට දැඩි කොන්දේසි මත ඇප

    ප්‍රවීන ගායක වික්ටර් රත්නායකගේ නව බිරිඳ වූ හශිනි අමේන්ද්‍රා විසින්  ඇය කලින් සේවය කළ බැංකු ආයතනයේ උකස්‌ කොට තිබූ රන් ආභරණ තොගයක්‌ සම්බන්ධයෙන් විශ්වාසය කඩකිරීමේ චෝදනාව යටතේ රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටි අතර ඇයගේ නීතිඥයින් කල කරුණු දැක්වීම මත දැඩි ඇප කොන්දේසි පනවා ඇයව ඇපමත මුදාහැරීමට තංගල්ල මහෙස්‌ත්‍රාත් මහිල් විඡේවීර මහතා පෙරේදා (12 ) පස්‌වරුවේ නියෝග කළේය.
     
     තංගල්ල මහාධිකරණය විසින් කරන ලද නියෝගයක්‌ අනුව රුපියල් ලක්‍ෂ 10 බැගින් වූ ශරීර ඇපකරුවන් දෙදෙනකුගේ ඇප බැඳුම්කර මත මුදාහළ සැකකාරියට විදේශ ගමන් වළක්‌වන නියෝගයක්‌ ද මහෙස්‌ත්‍රාත්වරයා එහිදී පනවනු ලැබීය. එම ඇපකරුවන් දෙදෙනා සැකකාරියගේ පවුලේ සමීප ඥාතීන් වියයුතු බවටද එහිදී කොන්දේසියක්‌ පැනවූ මහෙස්‌ත්‍රාත්වරයා ලබන 16 වනදා යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද සැකකාරියට නියෝග කළේය.
     
     එම සැකකාරිය වෙනුවෙන් ප්‍රතිශෝධන අයෑදුම්පතක්‌ ඉදිරිපත් කරමින් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරාල මහතා කළ කරුණු දැක්‌වීම් සලකා බැලූ තංගල්ල මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය සැකකාරියව ඇපමත මුදාහරින ලෙසට තංගල්ල මහෙස්‌ත්‍රාත්වරයාට නියෝග කොට තිබුණි. නීතිඥ නිරංජන් ඊරිගොල්ල මහතා සමඟ ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරාළ මහතා සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි අතර රජයේ අධිනීතිඥ ඔස්‌වල්ඩ් ගෝමස්‌ පෙරේරා මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.

  • ආණ්ඩුවට මොකද වෙන්නේ? තවත් නොබෝ වේලාවකින් තීරණාත්මක සාකච්ඡාවක්

    ආණ්ඩුවට මොකද වෙන්නේ? තවත් නොබෝ වේලාවකින් තීරණාත්මක සාකච්ඡාවක්

    කැබිනට් මණ්ඩලයේ තීරණාත්මක රැස්වීමක් තවත් නොබෝ වේලාවකින් ආරම්භ වනවා.

    පෙරවරු 09.30ට කැබිනට් මණ්ඩලය රැස්වීමට නියමිතව ඇත්තේ ජනාධිපති කාර්යාලයේදීයි.

    පළාත් පාලන ආයතන ඡන්ද විමසීමෙන් පසු කැබිනට් මණ්ඩලය රැස්වන පළමු අවස්ථාව මෙය වන අතර යහපාලන ආණ්ඩුව ඉදිරිය මෙහිදී තීරණය වීමට නියමිත බව සදහන්..

    ජනාධිපතිවරයා, අග‍්‍රාමාත්‍යවරයා සහ එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන් අතර ඊයේ (13) රාති‍්‍රයේ පැවැති සාකච්ඡා වල තීරණද මෙහිදි ප්‍රකාශයට පත්වනු ඇති.

  • නායකයින් එකතුවෙයි.. සාකච්ඡාවෙන් මාවනැල්ලේ බලය තහවුරු කර ගනී

    නායකයින් එකතුවෙයි.. සාකච්ඡාවෙන් මාවනැල්ලේ බලය තහවුරු කර ගනී

    මාවනැල්ල ප‍්‍රාදේශිය සභාවේ අනාගත සභාපති සහ උපසභාපති කවුරුන්ද යන්නපක්ෂ නායකයන්ගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (13)පැවැති රැස්වීමේදි තීරණයක් ගත් බව හිටපු පළාත් සභා මන්ත‍්‍රීඉදුනිල් ශාන්ත ගුණසේන අද (14)මාධ්‍ය වෙත සඳහන් කළා.

    ඒ අනුව මාවනැල්ල ප‍්‍රාදේශිය සභාවට මෙවර පොදුජන පෙරමුණින් තරග කරන ලද කේ.ජි පියතිස්ස සභාපති ලෙසත් උප සභාපති තනතුර වෙනුවෙන් එ.ජ.නි.ස හිගුල්ඔය කොට්ඨාශයෙන් තරග කරන ලද එම්.එස්.එම් කාමිල්තෝරා ගත් බවත් සඳහන් කළා.

    හිටපු පළාත් සභා මන්ත‍්‍රී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාවනැල්ල ප‍්‍රධාන සංවිධායක ඉදුනිල් ශාන්ත ගුණසේන සහ එ.ජ.නි.ස. හිටපු ජ්‍යෙෂ්ඨඅමාත්‍ය අතාවුද සෙනෙවිරත්න අතර පැවැතිදිර්ඝ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයන්ට එළඹ තිබෙනවා.

    ඒ අනුව මෙවර ශ්‍රී ලංකාපොදුජන පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය මන්ත‍්‍රීධූර 16 බැගින් ලබා ගෙන තිබුණා. ඒ අනුව සභාවේ බලය පිහිට විමට එ.ජ.නි.ස. සමග මෙමපක්ෂ දෙකෙන් එක් පක්ෂයකට සන්ධාන ගත වීමට සිදුවන බැවින් ඒ අනුව මෙම සන්ධාන ගත වීමේදී එ.ජ.නි.ස. විසින් පොදුජන පෙරමුණට සන්ධාන ගත විමට කැමැත්ත පළ කර තිබුණා.

    ඒ අනුව ශ්‍රී ලංකාපොදුජන පෙරමුණ සහ එ.ජ.නි.ස. සන්ධාන ගතව අනාගත මාවනැල්ල ප‍්‍රාදේශිය සභාවේ බලය තහවුරු කර ගනිමින් පාලන කටයුතු මෙහෙය වීමටයි සුදානම් වන්නේ.

    කෑගල්ල දිස්ත‍්‍රික්කයේ සියලූ පළාත් පාලන ආයතන පොදුජන පෙරමුණ ජය ලබද්දි මාවනැල්ල පමණක් ජන්ද 830 කින් පොදුජන පෙරමුණ පරාජය වුයේ එක්සත් ජාතික පක්ෂය විසින් සිදු කරන ලද යම් යම් වංචනික ජන්ද නිතී කැඩිම් යනාදිය නිසා බවයි මෙහිදී පෙන්වා දුන්නේ.

  • ටොංගා පාර්ලිමේන්තුව කුඩු පට්ටම් කල ගීටා

    ටොංගා පාර්ලිමේන්තුව කුඩු පට්ටම් කල ගීටා

    දූපත් 170ක එකතුවක් ලෙස සැකසුණු ටොංගා රාජ්‍යය පැසිෆික් මුහුදේ ෆීජි දූපත්වලට නැගෙනහිරින් සහ නවසීලන්තයට උතුරු දෙසින් පිහිටා ඇත.

    සිවුවැනි ප්‍රභේදයේ ප්‍රබල සුළි කුණාටුවක් ලෙස ටොංගා රාජ්‍යට ඇතුළු වූ ගීටා නම් සුළි කුණාටුව පෙරේදා රාත්‍රිය පුරා දූපත් රාජ්‍ය වෙත දැඩි බලපෑමක් සිදුකර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.දශක 06කට පසුව පැසිෆික් කලාපයේ ටොංගා රාජ්‍ය වෙත බලපෑ මෙම ප්‍රබල සුළි කුණාටුව එරට පාර්ලිමේන්තු ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම විනාශ කර තිබේ.වසර 100කට වඩා පැරණි ටොංගා පාර්ලිමේන්තු ගොඩනැගිල්ල මෙසේ විනාශ වීම හේතුවෙන්, එය පිළිසකර කරන තුරු එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රැස්වීම සඳහා ස්ථානයක් මෙතෙක් ප්‍රකාශ කර නොමැති බව කියැවේ.

    දැඩි සුළං තත්ත්වය හේතුවෙන් බොහෝ පළාත්වල විදුලි රැහැන් මතට ගස් කඩා වැටීම් වර්තා වී ඇති අතර, ඒ හේතුවෙන් විදුලිය ඇණහිට තිබුණි. එමෙන්ම, නිවාස රැසක වහළ සුළඟේ ගසාගෙන ගොස් ඇති බවද සඳහන් වේ.කෙසේ වෙතත්, මෙම සුළි කුණාටුව රට තුළට ඇතුළු වීමට පෙර ටොංගා රජය විසින් රට පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරමින් දහස් ගණන් ජනතාවට රාත්‍රිය ගත කිරීම සඳහා රැඳවුම් මධ්‍යස්ථාන ඇති කර තිබූ බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.

     

     

  • මෙවර අයවැයෙන් පළාත් පාලන සභිකයින්ට වැටුප් සහ දීමනා ගෙවීමට මුදල් වෙන් වී නෑ

    මෙවර අයවැයෙන් පළාත් පාලන සභිකයින්ට වැටුප් සහ දීමනා ගෙවීමට මුදල් වෙන් වී නෑ

    පළාත් පාලන ආයතන සඳහා පත් වූ සභිකයන්ට වැටුප් හා දීමනා ගෙවීමට මෙතෙක් මුදලක් වෙන් වීනැතැයිවාර්තා වේ.අයවැය තුළින් අදාළ මුදල් වෙන්කිරීම සිදුකළ යුතු වුවද, පසුගිය අයවැය තුළින් මේ සඳහා මුදල් වෙන්කර නැතැයිද දේශපාලන පක්ෂ හා නිරීක්ෂණ සංවිධාන පෙන්වා දෙයි.මෙම මුදල්සහ පළාත් පාලන ආයතන සඳහා පහසුකම් ඇති කිරීමට අවශ්‍ය මුදල් මධ්‍යම රජය විසින් වෙන් කළ යුතු වන අතර පළාත් පාලන ආයතනවලට පැවරී තිබෙන බලතල අනුව සභිකයන්ට ලබාදෙන දීමනා ප්‍රමාණය පිළිබඳ සභාවට තීරණයක් ගැනීමට හැකියාව තිබේ.

    වතිමන් ක්‍රමවේදයට අනුව ප්‍රාදේශිය සභාවක සභාපතිවරයෙකුට මාසිකව රුපියල් 25,000කට අධික මුදලක් සහ නගරාධිපතිවරයෙකුට මාසිකව රුපියල් 25000 – 30,000අතර වැටුපක් ගෙවිය යුතුය.උප සභාපතිවරයෙකු හෝ උප නගරාධිපතිවරයෙකුට මාසිකව රුපියල් 20,000ක් වැටුප ලෙස ලබාදීමට සිදුවේ.මීට අමතරව මන්ත්‍රීවරයෙකුට රුපියල් 15,000ක මුදලක් ලබාදීමට සිදුවන අතර, මෙම සියලුම දෙනාට දුරකථන හා පැමිණීම හෝ වෙනත් දීමනා වශයෙන් එක් අයෙකුට රුපියල් 3000කට වැඩි මුදලක් ගෙවිය යුතුය.

    පොදුවේ ජනතාවගේ ජන්දයෙන් හා ලැයිස්තුවෙන් තේරී පත් වී සිටින මන්ත්‍රීවරුන් 8325ක ප්‍රමාණයට හා ප්‍රසාද ආසන ලෙස අලුතින් එකතු වීමට නියමිත මන්ත්‍රී ධුර 200 සඳහා වැටුප් හා දීමනා ලබාදීමට මාසිකව රුපියල් මිලියන 182.8ක මුදලක් අවශ්‍ය වන බවට ගණන් බලා තිබේ.

     

  • සියලු උත්සහයන් අසාර්ථක වූ පසු පරාජිත රනිල් පස්ස දොරෙන් බැස යයි

    සියලු උත්සහයන් අසාර්ථක වූ පසු පරාජිත රනිල් පස්ස දොරෙන් බැස යයි

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ වත්මන් අගමැති මෙන්ම වත්මන් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර අද(13) රාත්‍රීයේ පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාවට තනිව මුහුණ දීමට නොහැකිව එක්සත් ජාතික පක්ෂයේ රනිල්ගේ මන්ත්‍රී හෙන්චයියන් රාශියක් ජනාධිපතිවරයාගේ සාකච්ඡාවට රිංගවීමට උත්සහ ගෙන ඇති අතර ඔවුන් ජනාධිපතිවරයා විසින් දොට්ට දමා ඇත. ඒ අනුව අවසානයේ රනිල් සමඟ එජාපයේ කැබිනට් අමාත්‍යවරුන්ට පමණක් සාකච්ඡාවට එක්වීමට ඉඩ ලබාදී ඇත.

    ශ්‍රී ලංකාවේ වැඩිම මැතිවරණ ගණනක් පරාජිත කුජීතම පක්ෂ නායකයා ලෙස වාර්තා පොත් අතරට එක්ව ඇති රනිල් වික්‍රමසිංහ අද (13) තම අගමැතිකම ආරක්ෂා කරගැනීම වෙනුවෙන් එජාපයේ මන්ත්‍රීවරුන් කණ්ඩායම් ලෙස ගෙන්වමින් දිගින් දිගටම ඔවුන්ට බලපෑම් කරමින් ඔවුන්ගේ සහය ඉල්ලා ඇති අතර එසේ නොලැබෙන තැන විවිධ අල්ලස් ලබාදීමටද එකඟ වී ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

    අවසානයේ රාත්‍රී 8.30 ට පමණ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඇරඹි සාකච්ඡාවේදී රනිල් තම සහකරුවන් ඉදිරියට දමා කට්ටි පැනීමට උත්සහා දරා ඇති අතර කරකියා ගන්නට දෙයක් නොමැති තැන රනිල් අගමැතිකමින් ගෙදර යෑම සඳහා සිත හදාගැනීමට දින කිහිපයක් ලබාගැනීම වෙනුවෙන් කොමිසමක් අටවාගැනීමට අවසර පතා ඇත.

    රනිල්ගේ කට්ටි පැනීම අවබෝධ කරගත් ජනාධිපතිවරයා එයට කල්දිය නොහැකි බවත් එසේම නම් එය හෙටම ක්‍රියාත්මක වියයුතු බවත්, තමාගේ ස්ථාවරයේ වෙනසක් නොමැතිබවත් සඳහන් කර රනිල්ව ගෙදර යවා ඇත.

    මේ අනුව ශ්‍රී ලංකාවේ වැඩිම මැතිවරණ ගණනක් පරාජිත පක්ෂ නායකයා ලෙස ඓතිහාසික වාර්තාවකට හිමිකම් කියන රනිල් වික්‍රමසිංහ මැරෙන තුරා එක්සත් ජාතික පක්ෂය විනාශ කිරීමට දැරූ වෑයම අහෝසි වී පස්ස දොරින් බැස යන්නට නියමිතව ඇත.

    රනිල් වික්‍රමසිංහ ගෞරවාන්විත අරලිය ගහ මන්දිරයෙන් පිටව නොගියහොත් ඔහුව ඉන් නෙරපා දමා එළියට ඇඳ දැමීමට එජාපයට ලැදි පාක්ෂිකයින් වුවද පසුබට නොවනු ඇත.

     

  • ආයතන 167කට අපි නැතුව බලය පිහිටුවන්න බැහැ! සන්ධාන මහ ලේකම් කියයි

    ආයතන 167කට අපි නැතුව බලය පිහිටුවන්න බැහැ! සන්ධාන මහ ලේකම් කියයි

    මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසිමේ ප‍්‍රතිඵල අනුව, ආයතන 167කට ආසන්න ප‍්‍රමාණයකට පාලන බලය පිහිටුවීම සඳහා සිය සන්ධානයේ හෝ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය අවශ්‍යවන බවයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද අමරවීරගේ අත්සනින් නිකුත් කෙරුණු නිවේදනයක් නිකුත්කරමින් පවසනවා.

    මැතිවරණ ප‍්‍රතිඵල අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ලේඛනයෙන් පත්වන නියෝජිතයින් පත් කිරීම, සන්ධානයේ සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ලබා දෙන නිර්නායක මත සිදු කෙරෙන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

    ආසන සංවිධායකවරුන් හා දිස්ත‍්‍රික් නායකවරුන්ගෙන් විමසා එම පත්වීම් සිදු කරන බවද, ඒ සඳහා දින කිහිපයක් ගතවිය හැකි බවද එම නිවේදනයේ දැක්වෙනවා. එක් පක්ෂයකට තනිව පාලන බලය පිහිටුවිය නොහැකි පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් ක‍්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ සිය නියෝජිතයන්ට උපදෙස් මග පෙන්වීමක් සිදු කරන බවයි සන්ධාන මහ ලේකම්වරයා පවසන්නේ.

    එලෙස පාලනබලය පිහිටුවිම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවද එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම්වරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

  • රනිල් නැතුව හෙට දිවුරුම් දෙන අළුත් ආණ්ඩුවේ වෙනස්කම් මෙන්න…

    රනිල් නැතුව හෙට දිවුරුම් දෙන අළුත් ආණ්ඩුවේ වෙනස්කම් මෙන්න…

    එක්සත් ජාතික පක්ෂය තනිව පිහිටුවන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය හෙට (14) දිවුරුම් දීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

    නව කැබිනට් අමාත්‍යධුරරාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ධුර ලබා දෙන ආකාරය මේ වනවිටත් සැකසෙමින් අති බවයි වැඩිදුරටත් අනාවරණ වුණේ. ඒ අනුවඑක්සත් ජාතික පක්ෂයේ ඇතැම් අමාත්‍යවරුන් දැනට දරන අමාත්‍ය ධුර වෙනස් වීමට ද නියමිතයි.

    ඇතැම් අමාත්‍යවරුන්ට දැනට දරන අමාත්‍ය ධුරයේ විෂය පථයන්ට අමතරව නව විෂයන් එක්වීමටද නියමිත බවයි වාර්තා වුණේ.

    ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එක්වන පිරිසකටද නව අමාත්‍ය ධුර ලබා දිමට නියමිත බව ද වැඩිදුරටත් වාර්තා වුණා.

  • රනිල්ට එරෙහි කැරැල්ලෙන් එජාපයේ ලොකු වෙනසක්… අගමැතිකම කරූට..පක්ෂය සජිත්ට

    රනිල්ට එරෙහි කැරැල්ලෙන් එජාපයේ ලොකු වෙනසක්… අගමැතිකම කරූට..පක්ෂය සජිත්ට

    අද (13) පස්වරු 03.00ට එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ති‍්‍රවරුන් අග‍්‍රාමාත්‍යවරයා හමුවීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි පවසනවා. 

    දැනුම් දෙන ඕනෑම අවස්ථාවක එම සාකච්ඡා සඳහා පැමිණීමට සූදානමින් සිටින්නැයි එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ති‍්‍රවරුන්ට කල්තියා දැනුම් දීමක්ද කර ඇති බවයි දේශපාලන ආරංචි පැවසුවේ.

    අග‍්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වන්නැයි ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා රනිල් වික‍්‍රමසිංහ මහතාට දැනුම් දී ඇතැයි ද වාර්තා පළ වනවා. නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයන් කිහිපදෙනෙකුගෙන්ද විමසීමක් කළා. ඊට ප‍්‍රතිචාර දැක්වූ අමාත්‍ය ඩිලාන් පෙරේරා සඳහන් කළේ ජනාධිපතිවරයා එවැන්නක් ප්‍රකාශ කර ඇත්නම් එය නිවරැදි බවයි.

    මේ අතර අග‍්‍රාමාත්‍ය ධුරය භාර ගන්නැයි ජනාධිපතිරවයා කථානායක කරු ජයසූරිය මහතාට ආරාධනාවක් කර ඇතැයිද දේශපාලන ආරංචි පවසනවා. කෙසේ වෙතත් අදාළ සියලු පාර්ශ්වයන්ගෙන් විමසීමක් නොකර එවැන්නක් කළ නොහැකි බවයි කථානායකවරයා ප‍්‍රකාශ කර ඇත්තේ.

    අග‍්‍රාමාත්‍ය ධූරයෙන් රනිල් වික‍්‍රමසිංහ මහතා ඉවත් විය යුතු නැතැයිද එහෙත් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය තමන්ට ලබා දෙන ලෙසද අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස තවත් යෝජනාවක් කර ඇතැයිද දේශපාලන ආරංචි කියා සිටියා.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවශ්‍ය පරිදි සිය පක්ෂයේ සංශෝධන සිදු කිරිමට නොහැකි බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ස්ථාවරය වී ඇති බවද මේ පිළිබඳ අදහස් දක්වන ඇතැම් මාධ්‍ය වාර්තා දක්වා තිබෙනවා. එවැනි සංශෝධනයක් සිදු විය යුතු නම් එය සිදුවිය යුත්තේ පක්ෂයේ අභ්‍යන්තර තීන්දුවකට අනුව බවද අග‍්‍රාමාත්‍යවරයාගේ ස්ථාවරය වී ඇතැයි එම වාර්තාවල දැක්වෙනවා. 

  • එජනිසය රනිල්ට එරෙහිව දැඩි මතයක… ආණ්ඩු පෙරලියක් නුදුරේදීම….

    එජනිසය රනිල්ට එරෙහිව දැඩි මතයක… ආණ්ඩු පෙරලියක් නුදුරේදීම….

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසංහ මහතා එම ධූරය දරන කිසිදු ආණ්ඩුවකට එක්සත් ජනතා නිදහස් සන්ධාන සහාය නොදක්වන බව එම පක්ෂය පවසනවා.

    එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ඩිලාන් පෙරේරා මේ බව සඳහන් කළා.

  • ඇලෝෂියස්ගෙන් සහ පලිසේනගෙන් CIDය දිර්ඝ ප්‍රශ්න කිරීම් අරඹයි

    ඇලෝෂියස්ගෙන් සහ පලිසේනගෙන් CIDය දිර්ඝ ප්‍රශ්න කිරීම් අරඹයි

    මහ බැංකු බැඳුම්කර කොල්ලය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පර්පෙචුවල් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් මහතා සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහතාගෙන් බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් වැලිකඩ බන්ධනාගාරයේ දී ප්‍රකාශ ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දෙන ලෙස කළ ඉල්ලීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ(12) අවසර ලබා දුන්නාය.

    ඒ අනුව හෙට 13, 14 සහ 15 යන දිනවල දී ප්‍රකාශ ලබා ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සලසන ලෙස වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයාට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

    මේ නියෝගය වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයාට ලිඛිතව යවන ලෙස අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

    බැඳුම්කර සිදුවීම සම්බන්ධයේ සිදු කරනු ලබන පරීක්ෂණවලට අවශ්‍ය වැඩිදුර ප්‍රකාශ ලබා ගැනීම සඳහා මෝසමක් ගොනු කරමින් රහස් පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බැලූ කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය මෙම නියෝගය සිදු කළාය.

  • ඉන්දියානු මහ කොමසාරිස්වරයා සහ කරු ජයසුරිය අතර විශේෂ සාකච්ඡාවක්!

    ඉන්දියානු මහ කොමසාරිස්වරයා සහ කරු ජයසුරිය අතර විශේෂ සාකච්ඡාවක්!

    ඉන්දියානු මහ කොමසාරිස් ටෙරන්ජිත් සින් සන්දු මහතා හදිසියේම ඊයේ(12) පස්වරු 6.30 ට පමණ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායකයෙකු වන කරු ජයසුරිය මහතා හමු වී ඇති බව විශ්වාසන්ත කටයුතු දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තාවේ.

    වත්මන් දේශපාලන තත්වයත් සමඟම ආණ්ඩුවේ සිදු වීමට යන විශාල වෙනස සැලවීමත් සමඟම මෙම විශේෂ හමු වීම සිදුව ඇතැයි වාර්තාවේ. ඉන්දියානු මහ කොමසාරිස්වරයා මෙහිදී කරු ජයසුරිය මහතාගේ ඉදිරි දේශපාලන ගමන සහ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කොට ඇතිබව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

    පැය එක හමාරකට ආසන්න කාලයත් පැවති මෙම සාකච්ඡා අවසානයේ ඉන්දීය කොමසාරිස්වරයා විසින් කරු ජයසුරිය මහතා “නව අගමැතිතුමාට ප්‍රථමයෙන්ම අපගේ සුභ පැතුම්!” ලෙසට සුභ පැතුම් එක්කර ඇතිබවට වැඩිදුරටත් තොරතුරු වාර්තාවේ.

    මීට අමතරව අද(13) සන්ධ්‍යාවේදී ඇමරිකානු තානාපතිවරයාද කරු ජයසුරිය මහතා හමුවීමට නියමිත බව ඒ මහතාගේ සමීපතම ආරංචි මාර්ගවලින් අප වෙත වාර්තාවේ.

  • රනිල්ට අගමැතිකමින් ඉල්ලා අස්වන ලෙසට ජනපති දැනුම් දෙයි!

    රනිල්ට අගමැතිකමින් ඉල්ලා අස්වන ලෙසට ජනපති දැනුම් දෙයි!

    ඊයේ(12) රාත්‍රීයේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර පැවති සාකච්ඡාවේදී වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සිය අගමැති ධුරයෙන් ඉල්ලා අස් වන ලෙසට සෘජුව එතුමාට දැනුම් දී ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ.

    මෙම මැතිවරණ ප්‍රතිඵලයත් සමඟ උද්ගත ව ඇති දේශපාලන තත්වයත්, ආණ්ඩුවේ ඉදිරි පැවැත්මත් වෙනුවෙන් මෙම තීරණය තමා ගත් බව පවසා ඇති ජනාධිපතිවරයා, “ඔබතුමා මේ මොහොතේ step down වන ලෙසට”ම පවසා ඇත. එයට අවශ්‍ය ක්‍රියාමාර්ග ඉතා ඉක්මනින් ගැනීමට කටයුතු කරන ලෙසත් දැනුම් රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරයා විසින් දැනුම් දී ඇත.

    මෙය සැල වීමත් සමඟම රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇඟේ වසා සිටින මැක්කන් වැනි වූ සාගල සහ මංගල යන ඇමතිවරුන්ට දරා ගත නොහැකි වී ඇති අතර ඔවුන් වැඳ වැටෙමින් අනේ, ඔබතුමා මේ අගමැතිකම නම් දමා යන්න එපා යැයි ඇවටිලි කරමින් සිටින බව එජාපයට සම්බන්ධ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි. මංගල මේ වන විට කරගියා ගත දෙයක් නොමැතිව දසත පුවත් පැලකලකරමින් සිටින බවත් පෙනී යයි.

    එහෙත් එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ තහවුරු කරගත් ආරංචි මාර්ග අප වෙත සඳහන් කළේ, එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් ඇතුළු අති බහුතරයක් රනිල් වික්‍රමසිංහ මහතාට අගමැතිකමින් සහ පක්ෂ නායක කමින් ඉල්ලා අස්වන ලෙසට දැනුම් දී ඇති බවයි. පවතින දේශපාලන තත්වය හමුවේ එය පාක්ෂිකයින්ගේ මතය බවද ඔවුන් රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී ඇති අතර යළි ගොඩ ඒම සඳහා වෙනත් විකල්පයක් මේ මොහොතේ නොමැති බවද ඔවුන් වික්‍රමසිංහ මහතා හමුවේ පවසා ඇති බව සිරිකොත ආරංචි මාර්ග සඳහන් කරයි.

  • 2020 දී කරූ නමට ජනපති වී මහින්ද විධායක අගමැති කිරීමේ මහා කුමන්ත්‍රනණය එළිවෙයි

    2020 දී කරූ නමට ජනපති වී මහින්ද විධායක අගමැති කිරීමේ මහා කුමන්ත්‍රනණය එළිවෙයි

    එක්සත් ජාතික පක්ෂය තුල රනිල් වික්‍රමසිංහ යන නාමය දිය කර කරූ ජයසූරියව නායකත්වයට ගෙන අගමැති ධූරය ලබාදීමත් , 2020 ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් කරූ නම් කිරීමත් යන කරුණු ඉතා සූක්ෂමව සලකා බැලූ විට, 2020 දී කරූ ජයසූරියට ජයග්‍රහණය කිරීමට පොදුජන පෙරමුණ සහයෝගය ලබාදී අගමැති ධූරය මහින්ද රාජපක්ෂ වෙත ලබාගැනීමේ මෙහෙයුමක් ආරම්භ වී ඇති බව දේශපාලනය ගැන යම් තරමක හෝ අදහසක් ඇති ඕනෑම අත දරුවකුට සක්සුදක් සේ පැහිදිළි වනු නොඅනුමානය.

    ඒ අනුව ජනාධිපති පුටුවේ නමට පමණක් කරූ ජයසූරිය හිඳුවා විධායක අගමැති නම් අලුත් තණතුරේ මහින්ද රාජපක්ෂට ඔටුනු පැළඳා නැවතත් පෙර පරිදිම රාජපක්ෂ  බඹරය වැල්ලේ කැරකැවීමට බැසිල් රාජපක්ෂ මේ වන විට සිය කූට මොලය වෙහසවමින් සැලසුම් අඳින බවට නෙළුම් මාවතේ අප විශේෂ ඔත්තු කරු සඳහන් කරයි.