අන්තර් ජංජාල වීඩියෝවක් ගැන මිහින්තලේ හිමියන්ගෙන් සී.අයි.ඩියට පැමිණිල්ලක්..!

අන්තර් ජංජාල වීඩියෝවක් ගැන මිහින්තලේ හිමියන්ගෙන් සී.අයි.ඩියට පැමිණිල්ලක්..!
Spread the love

තමන් වහන්සේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝ පටයක් සම්බන්ධයෙන් මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුනවැවේ  ධම්මරතන නාහිමියෝ  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණිල්ලක් කළහ.

පොලිසිය මේ ගැන සොයා බැලිය යුතු බවද උන්වහන්සේ පැවසුහ.

අපරාධ අංශයට වගේම සයිබර් අපරාධ විමර්ශනාංශයටද මේ ගැන පැමිණිලි ඉදිරිපත් කළ බව පැවසූ ධම්මරතන හිමියෝ   මේ සම්බන්ධයෙන් මෙතෙක් ක්‍රියාත්මක වී නැතැයිද  චෝදනා කළහ.

මේ පිටුපස සිටින්නේ කවුදැයි සොයා බැලිය යුතු බවද උන්වහන්සේ සඳහන් කළහ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමෙන් පසු  මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ වලවා හැඟුන වැවේ ධම්මරතන හිමියෝ මෙසේ පැවසූහ.

මීට හය මාසයකට පෙර වට්ස්ඇප්  ඔස්සේ දුරකථන ඇමතුමක් ඇවිත් අපි වීඩියෝවක් එවලා තියෙනවා බලපන්. වීඩියෝ රැසක් තියෙනවා.ඒ නිසා අපිට කෝටියක් දීපන්.  නැත්නම් මරලා දානවා කියලා කිව්වා. මේක ආවේ ජුනි මාසයේ 1 වැනිදා. කප්පම් දෙන්නේ  නැහැ. ඝාතනය කරන්න මරා දාන්න කිසිම ගැටලුවක් නැහැ කියලා මම කිව්වා . මම සූදානම් කියලා කිව්වා.පස්සේ ඒ අය  ඒ වීඩියෝ ටික මකල දැම්මා.”