අමාත්‍යධුර භාර ගන්නවාද ? නැද්ද ? රාජිත සුපිරි රහස හෙළි කරයි

අමාත්‍යධුර භාර ගන්නවාද ? නැද්ද ? රාජිත සුපිරි රහස හෙළි කරයි
Spread the love

මේ මොහොතේ ආණ්ඩුවේ අමාත්‍ය ධුරයක් ලබා ලබාගැනීමට සූදානම් නැති නමුත් ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළට අවශ්‍ය සහාය දක්වන බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

මෙහිදී ඔහු පැවසුවේ වර්තමාන ජනාධිපතිගේ වැඩපිළිවෙළ ගැන පැහැදීමකින් සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් 15-20ත් අතර ප්‍රමාණයක් සිටින බවයි.

‘මට වඩා ආණ්ඩුවට එක්වීමේ වුවමනාව තිබෙන්නේ මේ පිරිසට. ඔවුන්ව ආණ්ඩුවට සම්බන්ධ කරන්න තමයි මම ජනපතිවරයා එක්ක සාකච්ඡ කරන්නේ‘

මේ අතර ඩේලි මිරර් පුවත්පත පසුගිය දා පවසා සිටියේ රාජිත, චම්පික හා ෆොන්සේකා කැබිනට් අමාත්‍යධුර භාර ගැනීමේ සූදානමකින් පසුවන බවයි. ඒ අනුව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ වහාම රාජිත ඇතුළු සමගි ජන බලවේගයේ විශාල පළුවක් ජනපතිවරයා සමග එක්වනු ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේය.