අමාත්‍ය මණ්ඩලයටම එපා වෙලා – PBට යන්නම වෙන හැඩ

අමාත්‍ය මණ්ඩලයටම එපා වෙලා – PBට යන්නම වෙන හැඩ
Spread the love

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා වහාම තනතුරෙන් ඉල්ලා අස්විය යුතු බවට හෝ පහ කළ යුතු බවට ප්‍රබල මතයක් අමාත්‍ය මණ්ඩලය තුළ පවතින බවත් පසුගිය කැබිනට් මණ්ඩල සාකච්ඡාවේදී ඒ ගැන සාකච්ඡා වූ බවත් ඩේලි මිරර් පුවත්පත වාර්තා කර තිබේ.

පසුගිය සඳුදා පැවති කැබිනට් රැස්වීමේදී අමාත්‍යවරුන් විසින් මෙම කරුණ මතු කර තිබූ අතර පැමිණ සිටි සියලුම අමාත්‍යවරුන් පාහේ ජයසුන්දර මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් දැඩි කනස්සල්ල පළ කර ඇත. ආචාර්ය පී.බී.ජයසුන්දර මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී නව ජනපති ලේකම්වරයෙකු පත් කළ යුතු බව ඔවුන්ගේ අදහස වී තිබුණි.

ජ්‍යෙෂ්ඨ දේශපාලන මූලාශ්‍රයක් ඩේලි මිරර් වෙත පැවසුවේ මෙම රැස්වීමේදී මතු වූ ප්‍රධාන චෝදනාවක් වූයේ අමාත්‍යවරුන් ඔහු හා සම්බන්ධ වීමට උත්සාහ කරන සෑම අවස්ථාවකදීම රජයේ කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමට ඔහු නොපැමිණීම සහ තවමත් හෙළිදරව් නොවන වෙනත් කරුණු බවයි.

එමෙන්ම ආචාර්ය පී.බී ජයසුන්දර මහතාගෙන් පසු ජනාධිපති ලේකම් ධූරය භාර ගැනීමට යෝජනා වී ඇත්තේ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු ලේකම් අනුර දිසානායකගේ නමයි. කෙසේ වෙතත්, මෙය තවමත් ජනාධිපතිවරයාගේ අනුමැතියට ලක්ව නැත.