අමීර් ඛාන් දික්කසාදය නිවේදනය කරයි

අමීර් ඛාන් දික්කසාදය නිවේදනය කරයි
Spread the love

සුපිරි බොලිවුඩ් නළු අමීර් ඛාන් සහ කිරාන් රාඕ සිය දික්කසාදය නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. වසර 15ක යුග දිවියකින් පසු යුවළ දික්කසාද වන විට ඔවුන්ගේ එකම දරුවා, අසාද් ‘හවුලේ හදා වඩා ගන්නා බවයි‘ ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ.

අද (03) උදෑසන අමීර් සහ කිරාන් නිවේදනයක් නිකුත් කරමින් මෙසේ ද කියා සිටියා.

“මේ සුන්දර අවුරුදු 15 තුළ අපි ජීවිත කාලය පුරාම අත්දැකීම්, ප්‍රීතිය හා සිනහව බෙදාගෙන ඇති අතර අපගේ සම්බන්ධතාවය වර්ධනය වී ඇත්තේ විශ්වාසය, ගෞරවය සහ ආදරය මත පමණි. දැන් අපි අපේ ජීවිතයේ නව පරිච්ඡේදයක් ආරම්භ කිරීමට කැමතියි. ඒ තවදුරටත් ස්වාමිපුරුෂයා සහ භාර්යාව ලෙස නොව, එකිනෙකා සඳහා සම-දෙමාපියන් සහ පවුලේ අය ලෙසයි. අපි කලකට පෙර සැලසුම් සහගත වෙන්වීමක් ආරම්භ කළ අතර, දැන් මෙම විධිවිධානය විධිමත් කිරීම සිදුවේ. වෙනම ජීවත්වීම මගින් අපට අපගේ ජීවිත බෙදා ගැනීම පහසුය. අපි අපේ පුතා අසාද් වෙනුවෙන් කැපවූ දෙමාපියන් ලෙස කටයුතු කරමු‘‘

ඔවුන්ගේ ව්‍යාපාරවල ඉරණම ගැන කතා කරමින් ඔවුන් අනාවරණය කරන්නේ, “අපි චිත්‍රපට, පානි පදනම සහ අප උනන්දුවක් දක්වන වෙනත් ව්‍යාපෘති සඳහා සහයෝගිතාකරුවන් ලෙස දිගටම කටයුතු කරන්නෙමු. අපගේ සම්බන්ධතාවයේ මෙම වෙනස පිළිබඳව නිරන්තරයෙන් සහයෝගය දැක්වීම සහ අවබෝධ කර ගැනීම පිළිබඳව අපගේ පවුල්වලට සහ මිතුරන්ට බෙහෙවින් ස්තුතිවන්ත වෙමු.  අපි ඔබගේ සුබ පැතුම් ඉල්ලා සිටින අතර, අප මෙන්ම, මෙම දික්කසාදය අවසානයක් ලෙස නොව නව ගමනක ආරම්භයක් ලෙස ඔබ දකිනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. ස්තූතියි, ආදරය, කිරාන් සහ අමීර්. ” 

අමීර් ඛාන් සහ කිරාන් රාඕ 2005 දී විවාහ විය.

ෆිල්ම් ෆෙයාර් ඇසුරිණි – සැකසුම – තුෂාධවි