අමුඅමුද්‍රව්‍යවල දැඩි හිඟයක්: මාස දෙක තුනකින් බිත්තර සහ කුකුළු මස් වල දැඩි හිඟයක්

අමුඅමුද්‍රව්‍යවල දැඩි හිඟයක්: මාස දෙක තුනකින් බිත්තර සහ කුකුළු මස් වල දැඩි හිඟයක්
Spread the love

කුකුල් කෑම නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුඅමුද්‍රව්‍යවල හිඟය හේතුවෙන් තව මාස දෙක තුනකින් බිත්තර සහ කුකුළු මස් වල දැඩි හිඟයක් මතුවීමට ඉඩ ඇතැයි සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පැවසී ය.

ගුණසේකර මහතා වැඩි දුරටත් කියා සිටියේ කුකුළු කෑම නිෂ්පාදනයට යොදා ගන්නා තිරිඟු ආනයනය කිරීමට මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට පමණක් අවස්ථාව හිමි වී ඇති හෙයින් කුකුළු කර්මාන්තයේ නියැලී සිටින සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් කබලෙන් ළිපට වැටී සිටින බවයි.

‘‘මේ වන විට බඩ ඉරිඟු ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙන්නේ. ඒ නිසා කුකුල් කෑම ලෙස අපට යොදා ගැනීමට සිදුව තිබෙන්නේ දේශීය බඩ ඉරිගු. නමුත් දේශීය බඩ ඉරිඟු කිලෝවක මිල රුපියල් 95ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ නිසා බිත්තර සහ කුකුළු මස්වල නිෂ්පාදන පිරිවැය ද අපට දරාගත නොහැකි ලෙස ඉහළ ගොස් තිබෙනවා. පසුගිය දා ඉහළ දැමූ ඉන්ධන මිල ද අපේ නිෂ්පාදනවලට කෙළින්ම බලපානවා. ඒ ගැනත් අපට අවධානය යොමු කිරීමට සිදුවෙනවා. අපි කියන්නේ කුකුළු මස් සහ බිත්තර කර්මන්තය කියන්නේ මේ රටේ විශාලතම කර්මාන්තයක්. ඒක පැහැදිලිවම වී වගාවට වඩා, එළවළු වගාවට වඩා වැඩි වටිනාකමක් දළ දේශීය නිෂ්පාදිතයට ලබා දෙනවා. ඒ නිසා වහාම මැදිහත් වෙලා මේ කර්මාන්තය ආරක්ෂා කර ගන්න‘‘