අයහපත් කාලගුණයෙන් පුද්ගලයන් 67591 පීඩාවට…!

අයහපත් කාලගුණයෙන් පුද්ගලයන් 67591 පීඩාවට…!
Spread the love

දිවයිනේ පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් 21 පස්වරු 06.00 වන විට දිස්ත්‍රික්ක 15 අයත් පුද්ගලයන් 67591 දෙනෙකු පීඩාවට පත්ව ඇතිබව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

පවුල් 17078 දෙනෙකුට අයත් පුද්ගලයන් එලෙස පීඩාවට පත්ව සිටියි.

රත්නපුර , කොළඹ ,කෑගල්ල ,අනුරාධපුර ,මහනුවර ,ගාල්ල ,කළුතර ,යාපනය ,පුත්තලම, ගම්පහ, හම්බන්තොට ,බදුල්ල මාතර ,කුරුණෑගල සහ පොලොන්නරුව දිස්ත්‍රික්ක වල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 114කින් එලෙස ආපදා වාර්තා වෙයි.

පවුල් 27 අයත් පුද්ගලයන් 122 දෙනෙකු ආරක්ෂිත කඳවුරු 03 රැදීසිටියී.

ඔවුන්ට අවශ්‍ය මූලික පහසුකම් ලබාදීමට පියවර ගෙන තිබේ.

ආපදා හේතුවෙන් අර්ධ නිවාස හානි 502ක් සහ පූර්ණ නිවාස හානි 02වාර්තා වී තිබේ.

ගල් පෙරලීම් ,ගස් කඩා වැටීම්,තද සුළං,ජල ගැලීම් හා අකුණු ගැසීම් හේතුවෙන් එම අනතුරු සිදුව ඇතිබව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසයි.