අහස් වැස්සෙන් පොඩි වැව් 487ක අක්කර අඩි දස දහසක් පිරී ඉතිරී ගිහින්..! ඇමති මහින්දගෙන් ප්‍රකාශයක්..!

අහස් වැස්සෙන් පොඩි වැව් 487ක අක්කර අඩි දස දහසක් පිරී ඉතිරී ගිහින්..! ඇමති මහින්දගෙන් ප්‍රකාශයක්..!
Spread the love

අහස් වැස්සෙන් පෝෂණය වන කුඩා පරිමාණයේ  ග්‍රාමීය වැව් 487 ක ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට අවසන් කොට ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

ප්‍රතිසංස්කරණ කටයුතු වලින් පසු එම වැව් වල පිරුණු ජල ධාරිතාවට වඩා අක්කර අඩි දස දහසකින් ඉහළ ගොස් ඇතැයිද අමාත්‍යවරයා කීය.

දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතිය යටතේ මෙම වැව් පිළිසකර කර තිබේ.

මෙම කුඩා වැව් සියල්ලටම අලුතින් එකතු වූ ජල පරිමාණය යෝධකණ්ඩිය ජලාශයේ සම්පූර්ණ ජල ධාරිතාවට සමාන වන බව කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය. මෙම වැව් පිළිසකර කිරීම සඳහා රුපියල් කෝටි 45 ක් වැය කර තිබේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසූයේ ලබන කන්නයේ නියං තත්ත්වයක් ඇතිවිය හැකි බවට පුරෝකථනය කර ඇති හෙයින් කුඩා වැව්වල පිරුණු ජලයෙන් මුං ඇට, බඩ ඉරිඟු ආදී භෝග වගාව සඳහා ජලය ලබා දිය හැකි බවයි.