ආණ්ඩුවේ කෙණහිලිකම් ගැන කියනන් ‘ශ්‍රීලනිප – ජනපති හමුවකට‘ කොළ එළියක්

ආණ්ඩුවේ කෙණහිලිකම් ගැන කියනන් ‘ශ්‍රීලනිප – ජනපති හමුවකට‘ කොළ එළියක්
Spread the love

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් සහ රාජ්‍ය ඇමැතිවරුන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ලබන 21 වැනිදා පැමිණෙන ලෙස ජනාධිපතිවරයා ගේ පාර්ශ්වයෙන් ඉල්ලීමක් ඉදිරිපත්ව ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් අප සමග සදහන් කළා.

ඔහු කියා සිටියේ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සහ මහින්ද අමරවීර මහතා විසින් පසුගිය කාලයේ මතු කරන ලද ගැටලු ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ බරපතළ සංවාදයක් පවතින බවයි.

‘අපි පක්ෂයක් ලෙස මුහුණ දෙන ගැටලු වගේම අපේ ඇමැතිවරු සහ රාජ්‍ය ඇමැතිවරු මුහුණ දෙන ගැටලුත් රැසක් තිබෙනවා. ඇත්තටම තත්ත්වය සංකීර්ණයි. හිත් රිදවීම් වගෙම විවේචනත් බරපතළ ලෙස තිබෙනවා. ඒත් ආණ්ඩුවෙන් ඉවත්වීමක් ගැන කිසිම සාකච්ඡාවක් ඇති වී නැහැ. අපි බලාපොරොත්තු වන්නේ ජනපතිවරයා හමුවී මේ ගැටලු ගැන කතා කිරීමටයි. ඒ අනුව මේ ගැටලුවලට සහනයක් ලැබෙයි කියලා අපි හිතනවා‘ යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨයා කියා සිටියේය.