ආණ්ඩුවේ ගජමිතුරන්ට හම්බකර ගන්න ‘ආණ්ඩුව කොරෝනා තුන්වැනි රැල්ල’ නිර්මාණය කළා – ටිල්වින් සිල්වා

ආණ්ඩුවේ ගජමිතුරන්ට හම්බකර ගන්න ‘ආණ්ඩුව කොරෝනා තුන්වැනි රැල්ල’ නිර්මාණය කළා – ටිල්වින් සිල්වා
Spread the love

“අපි වගකීමෙන් කියනවා, මේ කොරෝනා තුන්වැනි රැල්ල නිර්මාණය කළේ ආණ්ඩුවයි. ඔවුන් එය දැනුවත්ව හිතාමතාම හැදුවා. ආණ්ඩුවට ඒ පිළිබඳව තොරතුරු ලැබී තිබුණා. ඒත් පාලනය කිරීමට පියවර ගත්තේ නැහැ. තමන්ගේ ගජමිතුරන්ට ව්‍යාපාරිකයින්ට මුදල් හම්බකරගැනීමට අවස්ථාව සලසා දුන්නා‘‘ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මේ බව ප්‍රකාශ කළේ අද (21) බත්තරමුල්ල, පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී අද (21) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවේදීයි.

මෙහිදී වැඩි දුරටත් වත්මන් තත්ත්වය ගැන ජවිපෙ ස්ථාවරය පැහැදිලි කළ ටිල්වින් සිල්ව මහතා,

“අපි වගකීමෙන් කියනවා, මේ කොරෝනා තුන්වැනි රැල්ල නිර්මාණය කළේ ආණ්ඩුවයි. ඔවුන් එය දැනුවත්ව හිතාමතාම හැදුවා. ආණ්ඩුවට ඒ පිළිබඳව තොරතුරු ලැබී තිබුණා. ඒත් පාලනය කිරීමට පියවර ගත්තේ නැහැ. තමන්ගේ ගජමිතුරන්ට ව්‍යාපාරිකයින්ට මුදල් හම්බකරගැනීමට අවස්ථාව සලසා දුන්නා. අවුරුදු සමයේ විනෝද චාරිකාවලට ඉඩදුන්නා. ආණ්ඩුවේ නායකයින් ගිහින් විනෝද උත්සව සංවිධානය කළා. තවමත් ඔවුන් එය නිසි ලෙස පාලනය කරන්නේ නැහැ. වෛද්‍ය උපදෙස් ගණන් ගන්නේ නැහැ. අඩුම තරමින් එන්නත ලබාදීම සඳහා වුණු වැඩපිළිවෙළක් නැහැ. මිනිස්සුන්ට සහන ලබා දෙන්නෙත් නැහැ. දැන් කොරෝනා නිදහසේ පැතිරෙමින් යනවා. මේ රැල්ල පටන් ගනිද්දී දවසකට රෝගීන් හඳුනා ගත්තේ 1000ක් පමණයි. දැන් 3000 පැනලා රෝගීන් හමුවනවා. කොරෝනා භාර සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ රාජ්‍ය අමාත්‍යවරිය හඳුනාගන්නා රෝගීන් ප්‍රමාණය මෙන් තුන් ගුණයක් ආසාදිතයින් සමාජයේ සිටින බව කියනවා. ආරම්භයේදී දිනකට මිය යමින් තිබුණේ රෝගීන් 08-10 වගේ ප්‍රමාණයක්. නමුත් දැන් 38ක් 40ක් රෝගීන් වාර්තා වනවා. ලංකාවේ කොවිඩ් මරණ සංඛ්‍යාව 1000 ඉක්මවා තිබෙනවා. මේක ඇත්ත මරණ සංඛ්‍යාව නෙමෙයි කියලා අපි හැමෝම දන්නවා. ආණ්ඩුව කොරෝනා මර්දනය කිරීම සම්පූර්ණයෙන් අසාර්ථකයි. ආණ්ඩුව කොරෝනා පාලනය කිරීම වෙනුවට වෙන වැඩ කරමින් සිටිනවා. මෙවැනි තත්වයක් තිබියෙදී තමන් විරුද්ධ වන හඬවල් වැසීම සඳහා කොවිඩ් මර්දන නීති පාවිච්චි කරන්න හදනවා. මේකට ආණ්ඩුවට වගකියන්න සිද්ධ වෙන බවට අපි ආණ්ඩුවට අනතුරු අඟවනවා. මේ විරෝධයන් හැමදාම මෙහෙම තිබෙන්නේ නැහැ. මේවා පුපුරා යන වෙලාවල් එයි.”

“ආණ්ඩුව ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේදී වරාය නගර පනත සම්මත කරගත්තා. මෙය රටට අතිශය බලපෑම් සහගත පනතක්. ඒ පිළිබඳව සමාජය තුළ ප්‍රමාණවත් සාකච්ඡාවකට, විරෝධයකට ඉඩ නොතබා ආණ්ඩුව විසින් මේ කොරෝනා අස්සේම, කලබලයේ එය සම්මත කරගනු ලැබුවා. ආණ්ඩුවෙන් ගෙන එන ඕනෑම දෙයකට අත උස්සන් සූදානමින් සිග්නල් කණු වගේ සිටින මන්ත්‍රීවරුන් විසින් මෙය සම්මත කරනු ලැබුවා. දැන් ආණ්ඩුවේ සිටින ඇමතිවරුන්ට, මන්ත්‍රීවරුන්ට තවදුරටත් දේශප්‍රේමී කතා ගැන පම්පෝරි ගහන්න බැහැ. ඔවුන් කාලයක් පුරා දේශප්‍රේමී ලෙස පෙනී හිටියා. එම්සීසී එන එක වලක්වන්න දිවි පුදන්න කතා කළා. උපවාස කරපු අය හිටියා. නමුත් දැන් ඔවුන් කුඩා හෝ විරෝධයක් දැක්වීමකින් තොරව මේ රට පාවා දෙන පනත අත ඔසවා සම්මත කළා. මෙය පැහැදිලිවන රට පාවාදීමක්. මීට පසුව ඔවුන් කිසිදු අයෙකුට දේශප්‍රේමී කතා කියන්න බැහැ. ඒ කාලය අවසන්. ඔවුන් පාවා දුන් අය ලෙස ඉතිහාස ගත වෙනවා.

අත්තටම ආණ්ඩුව බලාපොරොත්තු වුණේ ගෙඩිය පිටින් චීනයට පාවා දෙන්නයි. අපේ රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කර හැදූ පනතේ අනතුරුදායක බව අඩු කරන්න පුළුවන් වුණේ අපි ඇතුළු තවත් පක්ෂ හා පුද්ගලයන් ගණනාවක් ඊට එරෙහිව අධිකරණයට ගිය නිසයි. ඒ සඳහා ඉතිරි වී තිබුණේ එක් දිනක් පමණයි. ඒ වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දක්වා මේ මහා පාවාදීමෙන් යම් ප්‍රමාණයක් අඩු කරගන්න අපිට හැකිවුණා. ඒ අධිකරණ තීන්දුව ආණ්ඩුවේ පරාජයක් හා ජනතාවගේ යම් ජයග්‍රහණයක් ලෙස අපි දකිනවා. කෙසේ වුවත් ආණ්ඩුව සංශෝධන කිහිපයක් ඉදිරිපත් කර මෙය සම්මත කර ගත්තා. ඒ නිසා මැයි 20වැනිදා පාවාදීමේ දිනයක් ලෙස ඉතිහාසයේ සටහන් වේවි.

පනත ගෙන ආ මොහොතේ සිටම එහි හානිය දුටු නිසා ජනතා විමුක්ති පෙරමුණේ අපි එය විවේචනය කළා. අපි සීමිත ඉඩකඩ තුළ අධිකරණයට ගිහින් කරුණු දක්වලා පනතේ තිබූ ව්‍යවස්ථා විරෝධී කොටස් ඉවත් කර ගන්න අපේ දායකත්වය දුන්නා. ඒ වගේම ඡන්ද විමසීමේදී විරෝධය පළ කළා. මේ පනත පිළිබඳව මෙයට වඩා විරෝධයක් රට තුළ ගොඩනැගිය යුතුව තිබුණා. අධිකරණ තීන්දුව ආවට පසු මෙය කලබලේ සම්මත කර ගැනීමෙන් තොරව එය සංවාද කරගැනීමට කල් ලබා දෙන ලෙස අපි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළා. ආණ්ඩුව එය නොතකා හැර කොරෝනා නිසා පැනවී තිබූ සීමාකම් මැදම එය අනුමත කර ගත්තා. වෙනත් කාලයක වුණානම් මීට එරෙහිව සම්මන්ත්‍රණ, රැස්වීම්, උද්ඝෝෂණ, පෙළපාලි තිබෙනවා. හරිනම් ඊයේ පාර්ලිමේනතුව වට කළ යුතු දවසක්.

එහෙත් එවැනි ක්‍රියාමාර්ග ගැනීමට හැකිවූයේ නැහැ. කොරෝනා ව්‍යාප්ත වෙමින් තිබූ නිසාත් නිරෝධායන නීති නිසාත් කිසිවෙකුට මේ පනතේ විනාශකාරී බවට සාපේක්ෂව දැවැන්ත විරෝධයක් පළ කිරීමට හැකි වූයේ නැහැ. කෙසේ වුවත් ජනතා විමුක්ති පෙරමුණේ අපි එවැනි තත්වයක් තිබියෙදීත් කිසියම් හෝ විරෝධයක් පළ කළ යුතු නිසා අපි පසුහිය 18වැනිදා මේ පනතට එරෙහිව සංකේතාත්මක විරෝධතාවක් සංවිධානය කළා. එය පැවැත්වූයේ නිරෝධායන නීතිවලට අනුකූළවයි. ඒත් අපි ප්‍රවෘත්තියක් දැක්කා, පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා කියනවා ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු වටරවුම ආසන්නයේ උද්ඝෝෂණයක් තබා කොරෝනා නීති කඩකර තිබෙන නිසා උසාවියට කරුණු ඉදිරිපත් කිරීමට යනවා කියලා.

දැන් සිදු කරන්නට යන්නේ මොකක්ද? ආණ්ඩුව රට පාවා දීමේ පනතක් ගෙනැවිත් එයට කිසිදු විරෝධයක් පෑමට අවස්ථාව නොදී සම්මත කර ගනිද්දී නිරෝධායන නීතිවලට ගරු කරමින් විරෝධයක් පළ කළත් එම නීති ඊට එරෙහිව යොදා ගැනීමයි. දැන් විරෝධය පෑමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්න හදනවා. මේ ආණ්ඩුව කරන්න හදන්නේ තක්කඩි වැඩක්. මේ හදනනේ විරුද්ධවාදීන් බියවැද්දීමටයි. නිරෝධායන නීති අවශ්‍ය වන්නේ කොරෝනා වසංගතය පාලනය කර ගැනීමටයි. නමුත් දැන් කාලයක් පුරා ආණ්ඩුව නිරෝධායන නීති පාවිච්චි කරමින් සිටින්නේ ආණ්ඩු විරෝධී මත යටපත් කිරීමටයි. ආණ්ඩු විරෝධීන් දඩයම් කර ගැනීමටයි. තමන්ගේ බැරිකම වසා ගැනීමටයි. ආණ්ඩුව කන්න ඕනැ වුණාම කබරගොයාත් තලගොයා කරගන්නවා. ආණ්ඩුව නිරෝධායන නීති පාවිච්චි කරමින් සිටින්නේ සත්‍ය ලෙසම කොරෝනා පාලනයට නෙමෙයි; ආණ්ඩුවට එරෙහි විරෝධයන් යටපත් කර මර්දනය කිරීම වෙනුවෙනුයි. මේ තත්වයට හොඳම උදාහරණයක් තමයි, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා පහුගියදා නිකුත් කර තිබූ චක්‍රලේඛය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ අයට මාධ්‍යවලට ප්‍රකාශ දෙන්න එපායැයි එයින් නියම කර තිබෙනවා. කොරෝනාවල ඇත්ත තත්වය ආණ්ඩුව සඟවමින් තිබෙනවා. ඇත්ත රෝගීන් ගණන, ඇත්ත මරණ ගණන, ඇත්ත අර්බුදය ආණ්ඩුව කියන්නේ නැහැ. ආණ්ඩුවේ අසමත්කම වසා ගනිමින් ඉන්නවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මේ පිළිබඳ අවබෝධයක් තිබෙන අය ප්‍රශ්නෙ බරපතළකම ජනමාධ්‍යවලට කිවුවා. රෝහල්වල ඇඳන් නැතිකම, පහසුකම් නැතිකම, එන්නත ලබාදීමේදී මතුවූ ගැටලු වෛද්‍යවරුන්, පීඑච්අයි මහත්වරුන් විසින් පෙන්වා දුන්නා. මේ ප්‍රහ්නයේ බරපතළකම සමාජය දැන ගත්තේ මේ තත්වය නිසයි. ආණ්ඩුව තමන්ගේ වගකීම පැහැර හරිමින් සිටින බව රට දැනගත්තා. ආණ්ඩුව කළ යුතුච තිබුණේ මේ විචේචන දැකලා තමන්ගේ අඩුපාඩු සම්පූර්ණ කරගැනීමයි. ඒ වෙනුවට ආණ්ඩුව කරමින් සිටින්නේ කතා කරන අයට මුඛවාඩම් දැමීමයි. කොරෝනා බෝවීමට අදාළව දමා ගත යුතු මුඛවාඩම ආණ්ඩුව විරුද්ධවාදීන්ගේ කටවල් වහන්න යොදා ගන්න හදනවා.

අපි වගකීමෙන් කියනවා, මේ කොරෝනා තුන්වැනි රැල්ල නිර්මාණය කළේ ආණ්ඩුවයි. ඔවුන් එය දැනුවත්ව හිතාමතාම හැදුවා. ආණ්ඩුවට ඒ පිළිබඳව තොරතුරු ලැබී තිබුණා. ඒත් පාලනය කිරීමට පියවර ගත්තේ නැහැ. තමන්ගේ ගජමිතුරන්ට ව්‍යාපාරිකයින්ට මුදල් හම්බකරගැනීමට අවස්ථාව සලසා දුන්නා. අවුරුදු සමයේ විනෝද චාරිකාවලට ඉඩදුන්නා. ආණ්ඩුවේ නායකයින් ගිහින් විනෝද උත්සව සංවිධානය කළා. තවමත් ඔවුන් එය නිසි ලෙස පාලනය කරන්නේ නැහැ. වෛද්‍ය උපදෙස් ගණන් ගන්නේ නැහැ. අඩුම තරමින් එන්නත ලබාදීම සඳහා වුණු වැඩපිළිවෙළක් නැහැ. මිනිස්සුන්ට සහන ලබා දෙන්නෙත් නැහැ. දැන් කොරෝනා නිදහසේ පැතිරෙමින් යනවා. මේ රැල්ල පටන් ගනිද්දී දවසකට රෝගීන් හඳුනා ගත්තේ 1000ක් පමණයි. දැන් 3000 පැනලා රෝගීන් හමුවනවා. කොරෝනා භාර සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ රාජ්‍ය අමාත්‍යවරිය හඳුනාගන්නා රෝගීන් ප්‍රමාණය මෙන් තුන් ගුණයක් ආසාදිතයින් සමාජයේ සිටින බව කියනවා. ආරම්භයේදී දිනකට මිය යමින් තිබුණේ රෝගීන් 08-10 වගේ ප්‍රමාණයක්. නමුත් දැන් 38ක් 40ක් රෝගීන් වාර්තා වනවා. ලංකාවේ කොවිඩ් මරණ සංඛ්‍යාව 1000 ඉක්මවා තිබෙනවා. මේක ඇත්ත මරණ සංඛ්‍යාව නෙමෙයි කියලා අපි හැමෝම දන්නවා. ආණ්ඩුව කොරෝනා මර්දනය කිරීම සම්පූර්ණයෙන් අසාර්ථකයි. ආණ්ඩුව කොරෝනා පාලනය කිරීම වෙනුවට වෙන වැඩ කරමින් සිටිනවා. මෙවැනි තත්වයක් තිබියෙදී තමන් විරුද්ධ වන හඬවල් වැසීම සඳහා කොවිඩ් මර්දන නීති පාවිච්චි කරන්න හදනවා. මේකට ආණ්ඩුවට වගකියන්න සිද්ධ වෙන බවට අපි ආණ්ඩුවට අනතුරු අඟවනවා. මේ විරෝධයන් හැමදාම මෙහෙම තිබෙන්නේ නැහැ. මේවා පුපුරා යන වෙලාවල් එයි.

දැන් ඇත්තටම කොරෝනා නීති උල්ලංඝනය කරන්නේ කවුද? ජනතා විමුක්ති පෙරමුණ වගකීමක් සහිත දේශපාලන ව්‍යාපාරයක් ලෙස කොරෝනා මර්දනය සඳහා උදව් කළා. පළමු රැල්ලේදී අපි උපරිම දායකත්වය ලබා දුන්නා. අදත් අපි අපිට හැකි උදව් කරමින් සිටිනවා. ජනතාවට මෙයින් ආරක්ෂා වන ලෙස කිවුවා. අපි අපේ වැඩකටයුතු බොහොමයක් සීමා කර ගත්තා. පහුගිය මැයි දිනය අපි තියන්න බලාපොරොත්තු වුණත් කොරෝනා බරපතළ වුණාම අපි එය ප්‍රසිද්ධියේ නොතියන්න තීරණයක් ගත්තා. අපේ සියලු උත්සව නතර කළා. අපි වගකීම් වරහිත ලෙස නීති කඩාගෙන වැඩකරන්න ගියේ නැහැ. ඇත්තටම මේ නිරෝධායන නීති කඩමින් සිටින්නේ ආණ්ඩුවමයි. පොලීසිය භාර ඇමතිවරයාට අපි කියන්නේ උසාවි අරගෙන යනවා නම් ආණ්ඩුවේ අයම අරගෙන යන්න කියලා.

පළමු රැල්ල තිබියෙදී තොන්ඩමන් මහතා අවමඟුල් උත්සවය ආණ්ඩුව ඉහලින්ම ගත්තා. විශාල අවමඟුලක් තිබ්බා. ආණ්ඩුව ඒකට ක්‍රියාමාර්ග ගත්තේ නැහැ. ආණ්ඩුව තමන්ට අවශ්‍ය වුණාම නීති කඩා වැඩ කරන්නත් දඩයම් කිරීමට අවශ්‍ය වූ විට නීති ක්‍රියාත්මක කරන්නත් යන්නේනම් අපි මෙම නීති දඩයම් නීති බවට පත් කරගන්න සූදානම් නොවන ලෙස ආණ්ඩුවට කියනවා. දැන් මැයි දිනය ආපු වෙලාවේ මැයි දින සැමරුම්වලට අවසර නොලැබුණාට ප්‍රේමදාස සමරුව වෙනුවෙන් උත්සවයක් තිබ්බා. ආණ්ඩුව ඒ වෙනුවෙන් අවසර දී තිබුණා. නීතියක් නම් එය සියලු දෙනාට එකක් විය යුතුයි. සජිත් ප්‍රේමදාස මහත්මයලා කොළඹ ආර්. ප්‍රේමදාස පිළිරුව ළඟ සෙනඟ ගෙනත් උත්සවයක් තිබ්බා. මේ ඡායාරූප ඊට සාක්ෂි දරනවා. ආණ්ඩුවේ එන්නත්කරණ වැඩපිළිවෙළ තුළ පිස්සුවක් තිබුණා. එන්නත් ඇති ප්‍රමාණයට ජනතාව කැඳවනවා වෙනුවට ආණ්ඩුව එය දේශපාලනීකරණය කළා. ලංකාව තුළ තවමත් ප්‍රමුඛතාවට අනුව එන්නත් ලබා දී නැහැ. සාත්තු සේවිකාවන්ට, ලංගම හා පෞද්ගලික බස් රියදුරන්ට කොන්දොස්තරවරුන්ට, ජනමාධ්‍යවේදීන්ට මෙය ලබා දී නැහැ. නමුත් දේශපාලන නායකයින්ට ටික ටික ගමේ බෙදීම සඳහා ලබා දී තිබෙනවා. ඔවුන් එයට ප්‍රචාරය දී සෙනඟ කැඳවනවා. විශාල පිරිසක් පෝලිමේ සිට එන්නත් නොමැතිව හැරී යනවා. මේ ඡායාරූප ඒවාට සාක්ෂි දරනවා. මෙවැනි අවදානමකට ජනතාව ඇද දැමීම ගැන ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ග මොනවාද? ඒත් අපි නිරෝධායන නීති ආරක්ෂා කර ගනිමින් අත්‍යාවශ්‍ය කටයුත්තක්ට, රට බේරා ගැනීමට, පවත්වන ලද විරෝධතාවයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න හදනවා.

ආණ්ඩුව මේ තුන්වැනි රැල්ලට දාපු නම අලුත් අවුරුදු පොකුරයි. මේ පොකුර හැදුවේ කවුද?. නුවරඑළියේ වසන්ත සැණකෙළියක් තිබ්බා. මේ වසන්ත සැණකෙළියේ සිටින්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මියයි. ඔවුන් මුව ආවරණවත් පැළඳ නැහැ. ඔවුන්ට එරෙහිව ක්‍රියාමාර්ගත් නැහැ. පොලීසිය භාර ඇමති සරත් වීරසේකර මහතා මැයි 10වැනිදා විශේෂ කාර්යබලකායේ උත්සවයක මුව ආවරණ නොමැතිව සිටිනවා. අපි පොලිස් මාධය ප්‍රකාශකතුමාට කියන්නේ ප්‍රසිද්ධියේ මුව ආවරණ නොමැතිවය සිටීමට මොහුව උසාවියට අරගෙන යන්න කියලා. දඹදෙනිය රෝහලට ඇඳන් දීලා නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසක් එය විවෘත කිරීමට උත්සව තබනවා. රාජගිරියේ හොස්ටල් එකක් පවරාගෙන රෝගීන් දාන්න සකස් කළා. ඒක විවෘත කිරීමට උත්සවයක් තියනවා. ඒකට නාමල් රාජපක්ෂ. බන්දුල ගුණවර්ධන ඇතුළු මැති ඇමති පිරිසක් එනවා. විපක්ෂයේ අයට පාරේ විරෝධතාවයක් පළ කරන්න බැරි වුණාට ආණ්ඩුව උත්සව තබමින් සිටිනවා. පහුගිය දවසක් ආණ්ඩුව ධාවනය වන දුම්රිය ප්‍රමාණය හදිසියේම අඩු කළා. ඒ නිසා ජනතාවට පැමිණි දුම්රියවල විශාල ලෙස තෙරපෙමින් ගමන් කිරීමට සිදුවුණා. කොරෝනා නීති උල්ලංඝනය වුණා.

මේවායින් පැහැදිලි වන්නේ ආණ්ඩුවේ තක්කඩි හැසිරීමයි. ආණ්ඩුව කොරන්ටයින් නීති තබාගෙන සිටින්නේ විපක්සයේ වැඩකටයුතු සීමා කරන්නයි. මේවා කොරෝනා මර්දනය කිරීමට පාවිච්චි කළනම් රෝගීන් ප්‍රමාණය ක්‍රමානුකූලව අඩුවිය හැකිව තිබුණා. ගෝඨාභය රාජපක්ෂ මහතා පහුගිය කාලේ කිවුවේ තමන් තමයි හොඳටම කර තිබෙන්නේ කියලා. ඒ බව අපිට හොඳින්ම පෙනෙන්නට තිබෙනවා. පළමුවැනි රැල්ලටම සිටියේ රෝගීන් 3000යි. දැන් දවසට 3000යි. හොඳටම කළ බව කියමින් රට විනාශ කර තිබෙනවා. දෙවැනි වර කොවිඩ් රටට ගෙන්නුවා. කොරෝනා පලනය වෙනුවෙන් හැමෝගෙම සහයෝගය ගන්නේ නැතුව විපක්ෂය පාලනයට කොරෝනා නීති පාවිච්චි කර ගන්න හදනවා. විරෝධතාවය පැවැත්වූ අවස්ථාවේ අප සියලු දෙනා මුව ආවරණ පැළඳ සිටියා, දුරස්ථභාවය රැක්කා. ඒ අවස්ථාවේ කිසිදු පොලිස් නිලධාරියෙක් මෙයින් නිරෝධායන නීති කඩවෙන බව කිවුවේ නැහැ. දැන් හදන්නේ මේ විරෝධය නිසා අපව බියවැද්දීමටයි.

අපි ආණ්ඩුවට අවධාරණය කරන්නේ නිරෝධායන නීති පාවිච්චි කරලා තමන්ගේ විරුද්ධවාදීන් හඬ යටපත් කිරීමට උත්සාහ දැරීම නතර කරන ලෙසයි. මෙවැනි ආකාරයේ කුඩා කෙනිත්තිලිවලින් අපව බියවැද්දීමට හිතනවානම් ඒ ගැන කණගාටුයි. අපිට එහෙම කරන්න බැහැ. මේ මව්බිම ආරක්ෂා කිරීම වෙනුවෙන් අපට කළ හැකි මැදිහත්වීම අපි අනිවාර්යයෙන් කරනවා. ඒ වෙනුවෙන් හිරේ යන්න වෙනවානම් අපි සතුටින් භාරගන්න ලෑස්තියි. අපි ජනතාවට කියන්නේ ඔබව රකින්න ආණ්ඩුවක් නැහැ. ආණ්ඩුව රටත් ජනතාවත් බිලි දෙනවා. ඒ නිසා ඔබ ආරක්ෂා වෙන්න. ආණ්ඩුවේ මේ තක්කඩිකමට ඔබට හැකි අයුරින් විරෝධය පළ කරන්න.”