ආබාධිත ප්‍රජාවට සතුටුදායක ආරංචියක්..!

ආබාධිත ප්‍රජාවට සතුටුදායක ආරංචියක්..!
Spread the love

ආබාධිත ජනතාවට   සාමාන්‍ය රියදුරු බලපත්‍රය මේ මාසයේ සිට නිකුත් කිරීමට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්  ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා  තීරණය කර ඇත.

මේ අනුව අස්ථි,මස්පිඩු සහ ස්නායු ආබාධ පවතින ඕනෑම ආබාධිතයකුට වාහනයක් පැදවිය හැකි  නම්  එම දෙපාර්තමේන්තුවේ නිර්දේශ මත  සාමාන්‍ය රියදුරු බලපත්‍රය නිකුත් කෙරෙනු ඇත.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මෙම තීරණය ගෙන ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම  මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ආබාධිත අයට රියදුරු බලපත්‍රය දීමට ඇති  බාධා ඉවත් කිරීමේ කමිටුව   දුන් නිර්දේශයක් අනුවය.

ආබාධිත අයට සාමාන්‍ය රියදුරු බලපත්‍රය නිකුත් කෙරෙන මෙරට පළමු අවස්ථාව මෙය බව  මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය.

ආබාධිතයන් සඳහා මීට පෙර රියදුරු බලපත්‍ර නිකුත් කෙරුණේ ඔවුන් වෙනුවෙන් විශේෂයෙන් සැකසුණු වාහන සඳහා පමණි. එම වාහනවල අංකය ඇතුළත් කර රියදුරු බලපත්‍රය නිකුත් කෙරිණ.