ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි

ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි
Spread the love

ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව අද (07) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු කාමර  අංක 01 දී රැස්විය.

ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේ සභාපතිවරයා වශයෙන්, මෙම අවස්ථාවට සහභාගී වීම සඳහා පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපතිවරයා, සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් විසින් පිළිගනු ලැබිණ.

රටේ ජාතික ආරක්ෂාව, නීතිය හා සාමය, වර්තමානයේ ආරක්ෂක අංශවල අවධානය යොමු වී ඇති කරුණු හා  අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉදිරිපත් කළ ගැටලු සහ යෝජනා රැසක් මෙහිදී සාකච්ඡාවට ලක් විය.

පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක, ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න, ත්‍රිවිධ හමුදාපතිවරු සහ පොලිස්පති ඇතුළු ආරක්ෂක අමාත්‍යාංශය යටතට අයත් ආයතනවල නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.