ආසාදිතයින් යළි ඉහළට – ‘ඔක්සිජන් මත යැපෙන රෝගීන්ගේ‘ 120%ක වර්ධනයක්

ආසාදිතයින් යළි ඉහළට – ‘ඔක්සිජන් මත යැපෙන රෝගීන්ගේ‘ 120%ක වර්ධනයක්
Spread the love

අද (02) පස්වරු 08.00 වන කොවිඩ්-19 ආසාදිතයින් 3306 දෙනකු හඳුනා ගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒ සමග මෙරට සමස්ත ආසාදිතයින් ගණන 192,547ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර අද දිනය තුළ ආසාදිතව සිටි 1,504ක් සුවය ලැබීමත් සමඟ සුවය ලැබූ සමස්තය 160,714 ලෙස වාර්තා වුණා.

මේ අතර දැනට රෝහල්ගතව ඔක්සිජන් මත යැපෙන කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව පසුගිය දින 5 තුළ 120% කින් ඉහළ ගොස් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කොවිඩ් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය කියනවා.

එම මධ්‍යස්ථානය විසින් පවත්වා ගෙන යන වාර්තාවලට අනුව පසුගිය මැයි 27 වනදා වන විට රෝහල්වල සිටි ඔක්සිජන් මත යැපෙන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 149 දෙනකු වූ අතර මැයි 28 වනදා වනවිට එය 230 දක්වාත්, මැයි 29 වනදා වනවිට එම රෝගීන් ගණන 237 දක්වාත්, මැයි 30 වනදා වනවිට 310 දක්වාත් මැයි 31 වනදා වනවිට 330 දක්වාත් වර්ධනය වී තිබෙනවා.