‘ඇමතිකම් ඉල්ලුවෙත් නෑ – දුන්නත් භාර ගන්නෙත් නෑ‘ – හිටපු ජනපති අවධාරණය කරයි

‘ඇමතිකම් ඉල්ලුවෙත් නෑ – දුන්නත් භාර ගන්නෙත් නෑ‘ – හිටපු ජනපති අවධාරණය කරයි
Spread the love

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අමාත්‍යධුරයක දිවුරුම් දීමට නියමිත බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකය විසින් අද (28) දින නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා. එම නිවේදනයේ සදහන් වන්නේ හිටපු ජනපතිවරයා අමාත්‍යධුරයක් හෝ වෙනත් කිසිම තනතුරක් තමා වෙත ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලීමක් නොකළ බවත් එවැනි තනතුරක් ලබා ගැනීම හිටපු ජනපතිවරයා බලාපොරොත්තු නොවන බවත්ය.