ඇමැති ‘මහින්ද අමරවීරත්‘ කුඩම්මාගේ සැලකිලි ගැන කියයි

ඇමැති ‘මහින්ද අමරවීරත්‘ කුඩම්මාගේ සැලකිලි ගැන කියයි
Spread the love

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල මන්ත්‍රීවරුන්ට ඇතැම් ඇමැතිවරුන්ගෙන්  හා  ප්‍රාදේශීය දේශපාලඥයන්ගෙන් කෙනෙහිලිකම්  සිදුවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය.

ඊයේ (02) පැවති මාධ්‍ය හමුවකදී අමරවීර මහතා මේ බව පැවසීය. මෙහිදී වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා, ‘‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආණ්ඩුවෙන් ද යම් යම් මදිපුංචිකම් සිදුවෙනවා. අපි පක්ෂයක් ලෙස මුහුණ දෙමින් සිටින මේ ගැටලුකාරී තත්වය සම්බන්ධයෙන්  පක්ෂයේ නායකයන් සමග  සාකච්ඡා කරමින් සිටිනවා. ඒ වගේම ඉදිරියේදී ජනාධිපති වරයා හා හා අගමැතිවරයා  මුණගැසී  රට ඉදිරියට ගෙන යා හැකි පක්ෂයේ  යෝජනාවලියෙ භාර දීමට සැලසුම්කර තිබෙනවා. කොහොම වුණත් මේ අවස්ථාවේදී  පක්ෂයක් හැටියට මිස කිසිවකු පෞද්ගලික තීරණ ගැනීමක් සිදු වන්නේ නැහැ‘‘

මේ අතර පසුගිය දා රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා ද කියා සිටියේ ආණ්ඩුවේ ඇතැම් ඇමැතිවරුන් ‘රබර් සීල්‘ බවට පත්ව ඇති බවයි.