ඉදිරි මාස 4 තුළ මරණ 18,000ක් වළක්වා ගන්න වහාම රට වසා දමන්න – WHO

ඉදිරි මාස 4 තුළ මරණ 18,000ක් වළක්වා ගන්න වහාම රට වසා දමන්න – WHO
Spread the love

ශී‍්‍ර ලංකාව තුළ වර්ධනය වෙමින් පවතින කොවිඩ් වසංගත තත්ත්වය කඩිනමින් පාලනය කර ගැනීමට අපොහොසත් වුවහොත් 2022 ජනවාරි මාසය වන විට මරණ 18,000 ක් පමණ වාර්තා විය හැකි ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයින් පිරිසක් අද (13) වාර්තා කර තිබෙනවා.

එම විශේෂඥයින් ප්‍රකාශ කළේ ශී‍්‍ර ලංකාව තුළ දිනපතා වාර්තා වන ආසාදිතයින් හා මරණ සංඛ්‍යාවේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බවත් එම නැඹුරුවලින් පෙන්නුම් කරන්නේ ශී‍්‍ර ලංකාව පෙර නොවූ විරූ තරම් සෞඛ්‍ය අර්බුදයකට ගමන් කරමින් සිටින බවයි.

වත්මන් රෝහල් පද්ධතියේ ධාරිතාවය සම්බන්ධයෙන් සිය බලවත් කණස්සල්ල පළ කළ විශේෂඥයින් කියා සිටියේ වඩාත් හදිසි ප්‍රමුඛතාව ලබාදිය යුත්තේ ජනතාවගේ දිවි රැක ගැනීමට බවයි.

2022 මැයි මාසයේදී සිදු වූ ආකාරයට ඉදිරි සති හතරක කාලය තුළ තත්ත්වය පාලනයකින් තොරව පැවතියහොත් 2022 ජනවාරි මාසය වන විට මරණ 18,000ක් පමණ වාර්තා විය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

එන්නත්කරණය වේගවත් කිරීමට සහ දෙවන මාත්‍රාව ලබා ගැනීමෙන් පසුව ආරක්‍ෂක මට්ටම ලබා ගැනීමට කාලය අවශ්‍ය බවත් එමෙන්ම අධික බර පැටවීමෙන් සෞඛ්‍ය පද්ධතිය යථා තත්ත්වයට පත් වීම සඳහා ද කාලය අවශ්‍ය බවත් එම වාර්තාව මගින් පෙන්වා දී ඇත.

වර්තමාන කොවිඩ් -19 තත්ත්වය සහ ඉදිරි පියවර පිළිබඳව 5 වන ස්වාධීන විශේෂඥ කණ්ඩායම් රැස්වීමේදී ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ, ශ්‍රී ලංකාවේ සියලු මට්ටම් වල සත්කාර පහසුකම් (85%ට වැඩි) සහ දැඩි සත්කාර ඒකකයේ (90%ට වැඩි) ඇඳන් අනුපාතය ක්‍රමයෙන් ඉහළ ගොස් ඇති බවයි.

ඔක්සිජන් මත යැපෙන රෝගීන් පසුගිය සතියේ 528 සිට ඊයේ රෝගීන් 646 දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ. මෙම ප්‍රවණතාවය අඛණ්ඩව පැවතුනහොත්, ඔක්සිජන් සැපයුමේ බරපතල හිඟයක් සහ රැකබලා ගැනීමේ බාධා ඇතිවීමේ නොවැළැක්විය හැකි බවයි එම වාර්තාව පෙන්වා දී තිබෙන්නේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශ වල ඉහළ PCR පරීක්ෂණ ධනාත්මකතා අනුපාතය 20%ට වඩා ඉහළ අගයක් පෙන්නුම් කරන බවත් සැලකිය යුතු සෞඛ්‍ය සේවකයින් සංඛ්‍යාවක් පීඩනයට පත් වෙමින් සිටින බවත් වාර්තාවේ සදහන් වේ.

‘බරපතළ තත්ත්වය නම් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වෙහෙසට පත ඇති බවයි‘

සති 4 ක් සඳහා දැඩි මට්ටමක ක්‍රියාමාර්ග වෙත ගමන් කිරීම මගින් (2021 මැයි-ජූනි මාස වලට සමානව) රට තුළ දිනකට ආසාදිතයින් 1,000ක් පමණ සහ දිනකට 25 කට අඩු මරණ සංඛ්‍යාවක් වෙත ප්‍රවේශ විය හැකි බවයි එම වාර්තාව පෙන්වා දී තිබෙන්නේ. එමෙන්ම දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 25 දක්වා අඩු වනු ඇති බවත් (2021 ඔක්තෝබර් වන විට) 2022 ජනවාරි වන විට මරණ 18,000 ක් වළක්වා ගත හැකි වනු ඇති බවත් එම වාර්තාව වැඩි දුරටත් පෙන්වා දී තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයින් විසින් ශ්‍රී ලංකාවේ කොවිඩ් අවදානමේ අනාගත පුරෝකථන සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති වඩාත් සවිස්තරාත්මක නිර්දේශ අතර,

  1. අත්‍යාවශ්‍ය සේවා හැර අන්තර් දිස්ත්‍රික් ගමන් ඇතුළුව සංචලන සීමා දැඩි ලෙස ක්‍රියාත්මක කළ යුතුය.
  2. මෙම පියවරයන් සාර්‍ථකව ක්‍රියාත්මක කිරීම සඳහා කෙටි කාලයක් තුළ පළාත් මට්ටමින් හෝ ජාතික වශයෙන් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම අවශ්‍ය විය හැකිය.
  3. සියලුම පොදු උත්සව හා ජන ඒකරාශීවීම් සති 3 කට සීමා කරන්න /අවලංගු කරන්න.
  4. අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවාවන්හි බාධා අවම කිරීම සඳහා සෞඛ්‍ය සේවකයින්ගේ රැකවරණය සහ ආරක්‍ෂාව සැපයීම සහ රෝහල්වල කාර්ය මණ්ඩලය වැඩි කිරීම.
  5. මහජනතාව සම්බන්ධ කර ගැනීම සහ පාලන පියවරයන් පිළිබඳව යාවත්කාලීන කිරීම සඳහා ඵලදායි සන්නිවේදන සැලැස්මක් සකස් කර ක්‍රියාත්මක කරන්න.
  6. වසංගතයේ තත්ත්වය පිළිබඳ මනා චිත්‍රයක් ලබා ගැනීම සඳහා ආසාදිතයින් සහ මරණ යන දෙකම නිවැරදිව වාර්තා කිරීම. (නිරීක්ෂණය කරන ලද පරීක්‍ෂණ ධනාත්මකතා අනුපාතය (ටීපීආර්), සතිපතා චලනය වන සාමාන්‍යයන් සහ කාල ශ්‍රේණි විශ්ලේෂණයන්, සංචලතා දත්ත යනාදියෙන් මනිනු ලබන ප්‍රවනතා වැනි ප්‍රොක්සි දර්ශක ද භාවිතා කළ හැකිය)
  7. දෙවන එන්නත ලබා දෙන තුරු මෙම එන්නත් වල එක් මාත්‍රාවක් වුවද යම් තරමක ආරක්‍ෂාවක් ලබා දෙන බැවින් වයස අවුරුදු 60 ට වැඩි සහ නිදන්ගත රෝගීන් සඳහා වඩාත් සුදුසු වන්නේ ෆයිසර්, මොඩර්නා හෝ ඇස්ට්‍රා සෙන්කා යන එන්නත් ලබා ගැනීමට ප්‍රමුඛතාවය දීමයි.